IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පරිත්‍යාගය, සාමය,සහජීවනය ලොවට බෙදන හජ් උත්සවය

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව අද (29) හජ් උත්සවය සමරනු ලැබේ. පහත ලිපිය ඒ නිමිත්තෙනි.

ඉස්ලාම් ධර්මය අනුගමනය කරන බැතිමතුන් අනිවාර්යයෙන් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් පහ අතුරින් අවසන් වගකීම වනුයේ හජ් වන්දනය ඉටු කිරීමය. එය අනිවාර්ය කර ඇත. එසේ වුවද හජ් වන්දනය ඉටු කිරීම අනිවාර්ය වෙන්නේ ඒ සඳහා අවශ්‍ය සම්පත් ඇති සහ ශරීර සෞඛ්‍යයෙන් පිරිපුන් අයටය.

හජ් වන්දනය යනු ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් මුහම්මද් නබි තුමාණන් මෙන්ම ඉස්ලාමයේ අනෙකුත් නබි වරුන් ඉපදී ආගමික ප්‍රචාර සිදු කළ දේශය වන සෞදි අරාබියට ගොස් එම ‌ඓතිහාසික ස්ථාන දැක බලා ගැනීමයි. මේ භූමියේදී විශේෂ යාඥාවන් කිරීම මගින් තමන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වන බවද ඉස්ලාමය කියයි.

හජ් වන්දනය ඉටු කිරීම සඳහා මක්කා සහ මදීනා නගර ඇතුළු ‌ඓතිහාසික ප්‍රදේශවලට යන බැතිමතුන් මේ හජ් වන්දනය ගැන යම් කිසි දැනුමක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ. ඉස්ලාමීය බැතිමතකු පිළිපැදිය යුතු නැත්නම් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වගකීම් පහකි. ඒ අතර පළමුවැන්න වනුනේ විශ්වාසයයි. අල්ලාහ් දෙවියන් වහන්සේ සහ මුහම්මද් නබි තුමාණන් විශ්වාස කිරීම වන අතර දෙවැන්න පස් වේල් සලාතය ඉටු කිරීමත් තුන්වැන්න රාමලාන් මාසයේ උපවාසය සුරැකීමත් හතර වැන්න සකාත් නම් වන දුගී බද්ද ගෙවීමත් වන අතර පස්වැනි සහ අවසන් වගකීම ලෙස හජ් වන්දනය ඉටු කිරීමත් සඳහන් වෙයි.

හජ් උත්සවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල්හජ් මස දස වැනි දිනයේදී පවත්වනු ලබන උත්සවයයි. මෙය හජ් වන්දනය හෙවත් ලෝකයේ නන් දෙස සිට සෞදි අරාබියේ මක්කම නගරයට යන ලක්ෂ සංඛ්‍යාත බැතුමතුන් හජ් වන්දනය අවසන් කළ දිනයේදී පවත්වනු ලබන උත්සවයයි.

එය හජ් වන්දනය සඳහා ගිය නොගිය සියලු‍ දෙනාම එක්ව සමරනු ලබයි. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල්හජ් මස 10 වැනි දින හජ් උත්සවය පැවැත්වෙයි.

මෙය සෞදි අරාබියට ගොස් හජ් වන්දනය ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ඇති ශරීර සෞඛ්‍යයෙන් හෙබි සියලු‍ දෙනාට අනිවාර්ය වගකීමකි.

ඉස්ලාම් ධර්මය මුහම්මද් නබිතුමාණන් පරිපූර්ණ කළ නමුත් එය ලොව පළමු මිනිසා වන ආදම් නබිතුමන්ගෙන් ආරම්භ වූ බව ඉස්ලාමය කියයි. මෙම දීර්ඝ ගමනේදී වසර 5000 කට පමණ පෙර සමාජයට යහ මාර්ගය පෙන්වීම සඳහා බිහි වූ නබි ඉබ්‍රාහිම් තුමන්ගේ සහ එතුමන්ගේ පුත් නබි ඉස්මයිල් තුමන්ගේ ද ජීවිත කාලයේදී සිදු වූ සිදුවීම් සිහි කිරීමද මෙම හජ් වන්දනයේ ප්‍රධාන අරමුණකි.

හජ් උත්සවය පරිත්‍යාගයේ උත්සවය ලෙස සැලකෙයි. නබි ඉබ්‍රාහිම් තුමන්ගේ කාලයේ සිදු කළ පරිත්‍යාග මෙම සැමරුමට මූලික වෙයි. නබි ඉබ්‍රාහිම් තුමන් යනු ශුද්ධ වූ කහ්බා දේවස්ථානය මිහි මත නැවත ස්ථාපිත කළ නබිවරයාණෝය. එතුමන්ගේ ජීවිත කතාව සහ හජ් උත්සවය අතර ඍජු සම්බන්ධතාවක් ඇත. නබි ඉබ්‍රාහිම් තුමන් විවාහව සිටියේ හාජරා මවු තුමිය සමඟයි. මෙම දෙපළට දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් නොසිටි අතර එතුමන්ට වයස අසූවේදී පුත් කුමරකු ලැබිණ. එම කුමරාට ඉස්මයිල් ලෙස නම් තැබිණි.

කාලයක් ගත වී කුඩා පුත් කුමරා ඇවිද දිව යන කාලය එළඹෙද්දී ඉබ්‍රාහිම් නබි තුමන්ට දේව පරීක්ෂාවන් රැසකට මුහුණ දීමට සිදු විය. ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් එතුමන් කළ කැපකිරීම් සිහි කිරීම වෙනුවෙන්ම මෙම හජ් උත්සවය වෙන් කර ඇති බව ශුද්ධ වූ කුරාණයේද සඳහන් වෙයි.

ඉස්මයිල් කුමරා කුඩා බිළිඳකුව සිටියදී දෙවියන් වහන්සේගෙන් නියෝගයක් ඉබ්‍රාහිම් නබි තුමන්ට ලැබිණ. එයින් කියවුණේ තම කුඩා බිළිඳා සහ මවු හාජරා තුමියද සමඟ කාන්තාරයට රැගෙන ගොස් තනි කර එන ලෙසයි. එම දේව අණ අනුව නබි ඉබ්‍රාහිම්තුමාණෝ සිය බිළිඳා රැගෙන එන ලෙස හාජරා තුමියට පැවසූහ. ඒ අනුව ගහක් කොළක් ජල බිඳක් නැති කාන්තාරයේ බිළිඳා සහ මව තනි කර ඉබ්‍රාහිම් නබි තුමාණෝ පෙරළා පැමිණියහ.

හාජරා මවු තුමිය බිළිඳා වඩාගෙන ඔබ මොබ ඇවිදිමින් සිටියදී කුඩා බිළිඳා ජලය ඉල්ලා කෑගසන්නට විය. ජල බිඳක් නැති කාන්තාරයේ මවු හාජරා තුමිය කෙසේ නම් ජලය හොයන්නද ඇය සිය බිළිදා කාන්තාරයේ තනි කර දෙපැත්තෙන් දිස් වන සෆා මර්වා යනුවෙන් හඳුන්වනු ලබන කඳු ගැට දෙක අතර එහා මෙහා දිව යමින් බිළිඳාට ජල බිඳක් සෙයා ගියාය.

ඒ ක්ෂණයෙන් බිළිඳාගේ දෙපා මුලින් මහ විශාල උල්පතක් මතු වී ජලය ගලා යන්නට විය. එම ජල කඳ දැක මවු හාජරා තුමිය සම් සම් යැයි පවසුවාය. එහි තේරුම නවතින්න නවතින්න යනුවෙනි. එම ජලයෙන් කුඩා බිළිඳාගේ පිපාසය නිවා ගැනීමට හැකි විය. ඕනෑම රෝගයක් සුව කිරීමට සමත් ඔසුවක් ලෙස මුස්ලිම් ජනතාව අතර අදත් ප්‍රසිද්ධ මෙම සම් සම් ළිං ජලය අද ද ලෝකය පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාව සිය නිවෙස්වලට රැගෙන යමින් සිටිති.

කුඩා ඉස්මයිල් කුමරු ළමා වියට එ‌ළැඹීමත් සමඟ නබි ඉබ්‍රාහිම් තුමන්ට තවත් දේව අණකට කීකරු වන්නට සිදුවිය. එවිට එතුමන්ට ලැබුණේ තම කුඩා ඉස්මයිල් කුමරා කැලයට රැගෙන ගොස් දෙවියන් වෙනුවෙන් බිලි දෙන ලෙසයි. එයටද අවනත වූ ඉබ්‍රාහිම් නබි තුමා දෙව් අණට කීකරුව පුත් කුමරාද කැටුව කැලයට ගොස් කුමරුන්ව බිලි දෙන්නට සූදානම් විය. ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේගේ දැනුම් දීම අනුව එම ස්ථානයට දෙව් ලොව සිට එවනු ලැබූ එළුවකු කුර්බාන් කිරීම මගින් එම වගකීම ඉටුකෙරිණි.

මුස්ලිම් ජනතාව අදත් හජ් උත්සව සමයේ කුර්බාන් නමින් හඳුන්වනු ලබන සත්ව මාංශ දානය ලබා දෙනු ලබන්නේ මෙම සිදුවීම සිහි කිරීම පිණිසය. ඉස්ලාමය සත්ව ඝාතනය ආගමිකව පවරා ඇති එකම අවස්ථාව මෙයයි.

මුස්ලිම්වරුන්ට සීමා සහිත සතුන්ගේ මාංශ අනුභවයට අවසර හිමිව තිබේ. එසේ වුවද ආගම විසින් සතුන් ඝාතනය කර දෙවියන් වහන්සේ වෙනුවෙන් කුර්බාන් කරන ලෙස අවසර දී ඇත්තේ වසරකට දින තුනක් පමණි. මෙම දින තුන වනුයේ හජ් උත්සවය පවත්වනු ලබන දිනය සහ ඉන් පසුව එන දින දෙකය. වෙනත් කිසිදු දිනෙක සිදු කරනු ලබන සත්ව ඝාතන ආගමික නියමවලට පටහැණිය.

හජ් උත්සවය පවත්වනු ලබන්නේ සෞදි අරාබියේ මක්කම සහ ඉස්ලාමයේ නබිවරුන් ජීවත් වූ ප්‍රදේශ මුල්කර ගෙනය. ලෝකයේ නන් දෙස සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවරද හජ් වන්දනය ඉටු කරමින් සිටිති.

හජ් වන්දනය යනු ලෝකයට පරිත්‍යාගය, සාමය සහ සහජීවනයට මනා ආදර්ශයක් ලබා දෙන උත්සවයකි. මෙහි ප්‍රධාන උත්සවය සෞදි අරාබිය මුල් කරගෙන සිදු වුවද, ලෝකයේ වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව දුල් හජ් මස දහ වැනි දින යෙදෙන ඊදුල් අල්හා නම් වන හජ් උත්සවය සමරති‍. පරිත්‍යාගය, සාමය සහ සහජීවනය මුල් කරගෙන පවත්වනු ලබන මෙම හජ් උත්සවය වෙනුවෙන් සියලු‍ දෙනාට සුබ පතමු. සියලු‍ දෙනාට ඊද් මුබාරක්!


සටහන - මොහොමඩ් ආසික්



අදහස් (4)

පරිත්‍යාගය, සාමය,සහජීවනය ලොවට බෙදන හජ් උත්සවය

hira Thursday, 29 June 2023 01:18 PM

සාමය?

:       4       3

sam Thursday, 29 June 2023 01:26 PM

පරිත්‍යාගය, සාමය, සහජීවනය ලොවට බෙදන හජ් උත්සවය සෑම වන්දනාකරුවන් 100 කටම සතුන් 50 ක් පමණ චාරිත්‍රානුකූලව ඝාතනය කරනු ලැබේ. ආගමක් වෙනුවෙන් සතුන්ගේ ජීවිත /ප්‍රාණය පරිත්‍යාග කළ යුතුද? දෙවියන් වහන්සේ පරිත්‍යාගය, සාමය, සහජීවනය වෙනුවෙන් සතුන් මැරීම / ප්‍රාණය නැසීම අනුමත කර තිබේද? මේ පිළිබඳව හොඳින් දන්නා අවබෝධයක් තිබෙනා කෙනෙකු පැහැදිලි කරදීමක් කරන්න...

:       5       4

Hira Sunday, 02 July 2023 07:48 PM

දෙවියන් වහන්සේ යනු මිනිස්සුන්ගේ නිර්මාණයකි... මිනිසාට පැතූ දේවල් ඉෂ්ඨ වෙනකොට දෙවියන්ට ස්තූති කිරීමටත්, කෙළවෙනකොට පවතින ආණ්ඩුවටත් අසල්වාසීන්ටත් දෙහි කැපීමට පුරුදු වී ඇත. ආගම නිර්මාණය කරපු එක දෙවියන් නම් අති අද්භූත වස්තුව පෙන්වමින් එයාගේ මතය සමාජගත කොට ඇත. තිත්ත ඇත්ත ඕකයි.

:       0       8

බද්රානි Friday, 07 July 2023 01:28 PM

අනේ ඒ ගැන මොකට කියනවාද..? දෙවියන්ගේ ශාපයෙන් ඒ රටවල් හා එරට සමාජයන් එතරම්ම දුර්භාග්‍යයකට පත්වී ඇති බව දැනදැනම, බුද්ධ ධර්මයට පින්සිදු වන්නට අප රට හා සමාජය මෙතරම් ධර්මිෂ්ඨ හා ආර්ථික සමුර්ධියක් ඇති බවත් දැන දැනම ඒ අන්‍යාගමික රටවලට හිඟමනේ යන පාලකයින් හා ජනතාව ගැන මොනවා කියන්නද මන්දා? අනෙකාව පීඩාවට පත්කිරීම අනෙකාට පරිභව කිරීම ජීවිතයේ සතුට කරගත් සමාජයක පවතින ධර්මය ගැන ආයේ අමුතුවෙන් මොන වර්ණනාද? දලෙයි ලාමා විසින් උතුම් වූ සැබෑ බෞද්ධ දර්ශනය වත්මන් ලොවට හඳුන්වා දීමෙන්, උද්දාමයට පත්ව ඇති ගව පරපුරේ දෝංකාරය ලංකාව තුළ නිතර රැව් පිළිරැව් දීම කොතරම් ආඩම්බරයක්ද? "ත්‍රිවිධ රත්නය" වෙනුවට "සඟ සරණ" පමණක් හඹාගොස් කටේ හයියෙන් ධර්ම ප්‍රචාරය හා ඇඟේ (අඟේ) හයියෙන් අනෙකාව මෙල්ල කිරීම ධර්මය ලෙස පිළිපදින සමාජයක පැවැත්ම ගැන ආයේ කවර කතාද? බල්ලෝ බළල්ලු මෙන් ජාතක වී, බඩගෝස්තරයට, ධර්මය කරගහගෙන සිටින අමනයින්ගෙන් ධර්මය පමණක් නොවෙයි, මේ රට හා ජාතියත් ආරක්ෂා කර ගත යුතු සමයකයි අපි දැන් ජීවත් වෙන්නේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 203 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 832 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1355 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 193 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 422 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 592 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site