IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ප‍්‍රභාකරන් ගැන කරුණා කී දේ: කේ.පී ගැන නීතිපති කී දේ: ෆීල්ඞ් මාර්ෂල් උත්තර දෙයි

05pg-12d--main-pgs

 

 

button ප‍්‍රභාකරන් හිටියේ පුදුකුඩුඉරිප්පු. කරුණා ඒක දැනගෙන හිටියත් අපිට කීවේ නෑ.


buttonඅපිට අවශ්‍ය තොරතුරු බුද්ධි අංශයෙන් ලැබුණා. කරුණා අම්මාන් දුන්න දෙයක් නෑ.


buttonකේ.පී. කරපු දේවල් ත‍්‍රස්ත ක‍්‍රියා නොවෙයි කියල නීතිපති කියනවා නම් නීතිපතිත් ත‍්‍රස්තවාදියෙක් කියල හඳුන්වන්න වෙනවා.


button ෆීල්ඞ් මාර්ෂල් තනතුරේ හිමිකම් මට තවම ලැබෙන්නේ නෑ.

 

 

යුද්ධය ජයග‍්‍රහණය කර ගැනීමට කරුණා අම්මාන්ගෙන් කිසිදු සහායක් ලබා නොගත් අතර එවැනි අවශ්‍යතාවක් නොවූ බවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කීය.


මීට අමතරව කේ.පී.ට ත‍්‍රස්ත චෝදනා නොමැති බවට නීතිපතිවරයා කරන ප‍්‍රකාශය පිළිබඳව නීතිපතිවරයා වහාම තනතුරෙන් ඉවත් කර ඔහු මානසික රෝහලකට යැවිය යුතු බවද ඉරිදා ලංකාදීපය සමග පැවැති සාකච්ඡා  වේ දී සරත් ෆොන්සේකා මහතා කීය.
සරත් ෆොන්සේකා මහතා ඉරිදා ලංකාදීප පත‍්‍රය සමග පැවැත් වූ සාකච්ඡුාව මෙසේය.

 


ප‍්‍රශ්නය:- කරුණා අම්මාන් කියල තියෙනවා ප‍්‍රභාකරන් සියදිවි නසා ගන්න ඇති කියලා.
පිළිතුර:-
ඒක සම්පූර්ණ අසත්‍යයක්. එයා හිතෙන් මවා ගත්ත දෙයක්. කරුණා අම්මාන්ට ඒ යුද්ධයෙ සිදුවූ දේවල් ගැන කිසිම දැනුමක් නැහැ. ඒකාලෙ එයාගෙ ජීවිතය බේරගන්න බැරුව හිටියේ. මම හමුදාපති වෙනකොටත් එයා ජීවිතය බේරගන්න සැඟවී සැඟවී සිටියේ. එයාගෙ කට්ටිය ඒ වනවිට තැන් තැන්වල මැරුම් කෑවා.


කොළඹදීත් මැරුම් කෑවා. රජය ගත්ත තීරණයක් මත අපි එයාට ආරක්ෂාව සැපයුවා. කොළඹ ස්ථානයක රඳවා තියල හමුදාවෙ ආරක්ෂාව දුන්නා. ඔහුටත්, පිල්ලෙයාන්ටත් බුද්ධි අංශයෙ ආරක්ෂාව දුන්නේ. එහෙම කළේ එල්ටීටීඊයෙන් අනතුරක් තිබුණ නිසයි. කරුණා අම්මාන්ට ආරක්ෂාව දෙද්දී ආරක්ෂාවෙ කොටසක් හැටියට එයාට පිටලෝකයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න දුන්නේ නැහැ. ආරක්ෂක හේතු මත එහෙම දෙන්න බැහැ. අඩු වශයෙන් දුරකතනයක් පාවිච්චි කරන්නවත් දුන්නේ නැහැ. නිදහසේ හිටියා. යුද්ධයට එයා එක්ක සම්බන්ධාතවක් පැවැත්වූයේ නැහැ. එයා දන්නෙත් නැහැ.

 

1

 


ප‍්‍රශ්නය:- සටන් බිම ගැන තොරතුරු දුන්නාද?
පිළිතුර:-
නැහැ. අඩුගානෙ නැගෙනහිර එල්ටීටීඊ මූලස්ථානය තිබුණු තැන ගැනවත් කිව්වේ නැහැ. තොප්පිගල  තොප්පිගල කීවාට ඒක පර්වතයක්. බටහිර මඩකළපුව ප‍්‍රදේශයෙ නාරකමුල්ල කියල කඳුවැටියක් තිබුණා. එල්ටීටීඊ මූලස්ථාන ඔක්කොම තිබුණේ නාරකමුල්ලෙ. කරුණා අඩුගානේ අපට ඒවාවත් කිව්වේ නැහැ. ප‍්‍රභාකරන් හිටියෙ පුදුකුඩුඉරිප්පුවල. කරුණා ඒක දැනගෙනත් හිටියා. එයා පුදුකුඩුඉරිප්පුවල දී ප‍්‍රභාකරන් හමුවෙලත් තියෙනවා. ප‍්‍රභාකරන් අවුරුදු 15ක් විතර එතැනි ඉඳල තියෙනවා. කරුණා අම්මාන් අපට ඒකවත් කියල තිබුණේ නැහැ.


එතැන මරාගෙන මැරෙන කොටි පුහුණු කඳවුරක් තිබුණා. පිහිණුම් තටාකයක් තිබුණා. ක‍්‍රීඩාගාර පහසුකම් තිබුණා. කරුණා අම්මාන් ඒව ගැනවත් කියල තිබුණේ නැහැ.

 


ප‍්‍රශ්නය:- කරුණාගෙන් තොරතුරු ඇහුව ද?
පිළිතුර:-
අපි අහන්න ගියේ නැහැ. අපිට තොරතුරු ලබා ගැනීමේ ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. අපේ බොහොමයක් බංකර්වලින් ඔළුව උස්සපු හැටියේ එහා පැත්තෙන් ඉන්නේ එල්ටීටීඊය. අපි යුද පෙරමුණේ සටන් කළා. වෙනත් දේවල් අපට අවශ්‍ය නැහැ.

 


ප‍්‍රශ්නය:- යුද්ධය පැවැත්වෙන කාලෙ දී ඔබ කරුණා අම්මාන් හමුවී කතා කරල තියෙනවද?.
පිළිතුර:-
ඔව්. කතාකරල තියෙනවා. ඒ යුද්ධය ගැන කතා කරන්න නොවෙයි. එයාගේ පෞද්ගලික දේවල් ඉටු කර ගන්න. ප‍්‍රභාකරන් දිවි නසා ගත්ත කියලා කියන්න එයාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ. ප‍්‍රභාකරන්ගෙ හිස්කබලේ කොටසක් ගැලවිලා ගිහිල්ල තිබුණේ. පිස්තෝලයක් වගේ දෙයකින් වෙඩි තියාගත්ත නම් ඔය වගේ හිස් කබලෙන් කෑල්ලක් ගැලවිල යන්නේ නැහැ. තමන් පිස්තෝලයකින් වෙඩි තියා ගත්ත නම් වෙඩි වැදුන තැන පොඩි සිදුරක් තියේවි. උණ්ඩය එළියට ගිය පැත්තේ ඊට වඩා ලොකු සිදුරක් තියේවි. ප‍්‍රභාකරන්ට මෝටාර් හෝ කාලතුවක්කු ප‍්‍රහාරයක් වැදිල තියෙනවා.


අවසන් සටන පැවැති වෙලාවෙ මඩවගුරෙ දී අපි බර අවි පාවිච්චි කළා. ඒ ප‍්‍රදේශය පළාතෙවත් සිවිල් ජනතාව හිටියේ නැහැ. හිටියේ එල්ටීටීඊයයි අපියි විතරයි. අපි ගහපු බර අවියකින් අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන් එයාගෙ ඔළුව කැඩිල යන්න ඇති. ඇස්දෙක ඇරිල මැරිල තිබුණේ. එයා දන්නෙත් නැතුව. අඩුගානෙ තමන් වෙඩි තියා ගත්ත නම් ඇස් දෙක හරි වැහෙනවා නේ. මුහුණේ භීතිය හරි ඇතිවෙනවනේ. එහෙම දෙයක් තිබුණේ නැහැනේ.

 


ප‍්‍රශ්නය:- ප‍්‍රභාකරන්ගෙ සිරුර හඳුනා ගැනීමට කරුණා අම්මාන් යැව්වේ කවුද?
පිළිතුර:-
මම. එයත් එක්ක තවත් ත‍්‍රස්තවාදියෙක් හිටියා. ඒ දෙන්න යැව්වේ මම. අපි වෛද්‍යවරුත් යැව්වා. ඞීඑන්ඒ පරීක්ෂණයකට අවශ්‍ය තොරතුරු ගන්න. පොලිසියේ උසස් නිලධාරින් යවල මරණයට අදාළ කටයුතු ඉන් එහාට කරගෙන ගියා. නීතිමය කටයුතු කළා. මරණයට අදාළ ලියකියවිලි සූදානම් කළා.

 


ප‍්‍රශ්නය:- කරුණා අම්මාන්ගෙ ප‍්‍රකාශය වැරදියි කියලද ඔබ කියන්නේ.
පිළිතුර:-
එයා ඒ සාකච්ඡාවේ දී කියල තිබුණා එයා පාවා දුන්නේ නැහැ. ඔත්තු දුන්නේ නැහැ කියල. ඒවා ඇත්ත. එයා පැනල ගියා. අපට සටන මෙහෙයවන්න කළ උදව්වක් නැහැ.

 


ප‍්‍රශ්නය:- ඔහු එල්ටීටීඊයේ ඉවත් වෙලා එනවිට එල්ටීටීඊ කඳවුරු තිබෙන ස්ථානවල සිතියම් ගෙනාව කියලා සඳහන් වෙනවා.
පිළිතුර:-
අපි සිතියම් බල බලා සටන් මෙහෙය වූයේ නැහැ. භූමිය දිහා බැලූවා. අපිට හොඳ බුද්ධි අංශයක් තිබුණා. තමිල්චෙල්වම් ඉන්න තැන කිව්වේ බුද්ධි අංශයෙන්. අපි ඒ තොරතුරු ගුවන් හමුදාවට දුන්නා. මාස 6ක් තිස්සේ හය පාරක් ඒ තොරතුරු ගුවන් හමුදාව සනාථ කළා. ඊට පස්සේ ගුවන් හමුදාව ඉලක්කය ගත්තා. අපට අවශ්‍යම තොරතුරු බුද්ධි අංශවලින් ලැබුණා. කරුණා අම්මාන්ගෙන් ලැබුණ දෙයක් නැහැ. සිතියම් එයා ගෙනැල්ල තිබුණෙත් නැහැ. ත‍්‍රස්තවාදීන්ගේ සිතියම් බල බලා අපි සටන මෙහෙයුවේ නැහැ.

 


ප‍්‍රශ්නය:- කේ.පී. ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල යෙදුන බවට තොරතුරු නැහැ කියල නීතිපති කියලා තිබෙනවා.
පිළිතුර:-
කේ.පී. කරපු දේවල් ත‍්‍රස්තවාදී ක‍්‍රියා නොවෙයි කියලා නීතිපති කියනවා නම් නීතිපතිත් ත‍්‍රස්තවාදියෙක් කියල හඳුන්වන්න වෙනවා. කේ.පී. කරපු දේවල් නීත්‍යානුකුලයි කියල නීතිපති හිතනවා නම් ඒක පුදුමයක්. මම හමුදාපති වශයෙන් ඒකාලේ බුද්ධි වාර්තා මට ලැබුණා. ආරක්ෂක අංශයේ කිසිම කෙනෙකුට කේ.පී. ගැන රහසක් නැහැ. ඔහු ගැන ආරක්ෂක කවුන්සලයෙදී අනන්තවත් කතා කරල තියෙනවා. ඔහු ගැන බුද්ධි වාර්තා තියෙනවා.

එල්ටීටීඊයට විදේශ මුදල් එකතු කිරීමේ බාරව හිටියේ ඔහු. අවි ආයුධ මිලදී අරගෙන සටනට එව්වේ එයා. ඒ ආයුධවලින් තමයි මේ රටේ සෙබළුන්ට, ජනතාවට පහර දුන්නේ. බෝම්බ හදන්න පුපුරණ ද්‍රව්‍ය එව්වේ එයා. ඉන්දියාව පවා කේ.පී. ගෙන් සාක්ෂි සටහන් කරන්න ඉල්ලා තිබුණා. ඉන්දියාව තවමත් ඒ මතයෙ ඉන්නවා. එයා ත‍්‍රස්තවාදීයෙක්. එයා හිටපු රටෙන් මෙහාට බාර දුන්නේ ඒ නිසයි. ඒ මිනිහා අහිංසකයෙක් නම් හිටපු රටේ දී අල්ලලා බාර දුන්නේ ඇයි? අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එන්න කියල කේ.පී. බාර දුන්නා. ගුවන් යානයටත් නැග්ගුවා. මම ඒ රට කියන්න කැමැති නැහැ. කේ.පී. ගෙනැල්ල කටුනායකින් බැස්සට පස්සේ තමයි ගෝඨාභයත් දැන ගත්තේ. ගෝඨාභය එයින් පස්සේ රාත‍්‍රී 2.00ට මට කතා කරල සරත් කේ.පී. ගෙනැල්ල කියල කිව්වා. කේ.පී. ත‍්‍රස්තවාදියෙක් නිසා තමයි ඒ ආකාරයට ගෙනාවෙ. ඉතින් නීතිපති කියනවා නම් කේ.පී. ත‍්‍රස්තවාදියෙක් නොවෙයි කියලා නීතිපතිගෙ ඔළුව හොඳ නැහැ. අනිවාර්යයෙන්ම නීතිපති මානසික වෛද්‍යවරයෙක් ළඟට යවන්න  ඕනෑ. ඔළුව හොඳ නැති මිනිහෙක් නීතිපති වෙලා ඉන්නවා නම් ඒක රටේ ආරක්ෂාවට බරපතළ ප‍්‍රශ්නයක්. රටේ නීතියට ප‍්‍රශ්නයක්. නීතියෙ හව්හරණ ජනතාවට ලැබෙන්නේ නැහැ. නීතිපති වහාම ඉවත් කළ යුතුයි. ත‍්‍රස්තවාදීයෙක් ආරක්ෂා කරන්න හදන නිසා එයාට විරුද්ධව රටේ නීතිය ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. රටේ ත‍්‍රස්තවාදී මර්දන පනත එයාට විරුද්ධව ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේ පුද්ගලයෙක් ගැන ජනතාව විශ්වාසය තියන්නේ කොහොමද? එයාට වැටුප් ගෙවන්නේ රටේ ජනතාවගෙ මුදලින්.

වෙන වෙන හේතු නිසා ඔය වගේ ප‍්‍රකාශ කරනවා නම් ඒක රාජපක්ෂල කරන බලපෑම් විය යුතුයි. අද ජනාධිපතිතුමා, අගමැතිතුමා නිලධාරීන්ට බලපෑම් කරන්නේ නැහැ. රාජපක්ෂලගෙ බලපෑම අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්න ඇති. නීතිපති වහාම එම ධුරයෙන් ඉවත් කරල මානසික රෝහලට යවන්න  ඕනෑ. රටේ නීතිය එයාට කවුරුන් හෝ තෝරා දෙනවා නම් හොඳයි. අපේ හමුදාවෙ කවුරු හරි කෝප‍්‍රල් කෙනෙකුට කිව්වත්, එයාට දේශනයක් දේවි. එයාට උගන්වාවි. එච්චරවත් දැනුමක් නැති මිනිහෙක් ජනතාව වෙනුවෙන් යුතුකම් කරන්නේ කොහොමද? ඉතාම ලජ්ජාසහගතයි.

 


ප‍්‍රශ්නය:- කේ.පී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එකතු වූ නිසා ඔහුව බේරා ගැනීමේ අවශ්‍යතාවක් කියල හිතනවද?
පිළිතුර:-
නීතිය හසුරුවන්න අපරාධකරුවෝ බේරන්න එහෙම ලයිසන් එකක් නීතිපතිට කවුරුවත් දීල නැහැ. අනිවාර්යයෙන්ම නීතිපතිගෙ කුමක් හෝ විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. රටේ ජනතාව මේ වගේ අයට විරුද්ධව නැගී සිටිය යුතුයි. රටට හානිකර චරිත, රටේ ආරක්ෂාවට හානි කරයි. වෙන රටක ඔහොම දෙයක් කිව්ව නම් මෙලහකට කූඩුවෙ.

 


ප‍්‍රශ්නය:- ඔබේ ඉදිරි දේශපාලන කටයුතු කොහොම ද?
පිළිතුර:-
ඉදිරියටත් අපේ පක්ෂය ප‍්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරනවා. පක්ෂය ගොඩ නැගුවෙත් ප‍්‍රතිපත්ති මත කටයුතු කිරීමටයි. අනිත් පක්ෂවලට වඩා වෙනස් ආකල්පවල, ප‍්‍රතිපත්තිවල අපේ පක්ෂය ක‍්‍රියා කරනවා.

m



අදහස් (0)

ප‍්‍රභාකරන් ගැන කරුණා කී දේ: කේ.පී ගැන නීතිපති කී දේ: ෆීල්ඞ් මාර්ෂල් උත්තර දෙයි

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 04:49 AM

මම දැනට ලියාගෙන යන "රාජපක්ෂවරු ගැන පොතේ" මේ ගැනත් තියෙනවා.අරගෙන කියවල බලන්න. (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 15 September 2015 07:00 AM

කියන්න ඕනෑ දේ කට කෑවත් කියනවා.මෙවැනි නිර්භීත මිනිස්සු රටේ තව ඇති අපි නොදන්නවා වුණාට. දේශපාලනයක් නිසා මේ මිනිස්සු පහළට වැටුනට රටේ ආරක්ෂාවට කළ මෙහෙය සදා අමරණීයයි. (නි)

:       0       0

ලංකා Wednesday, 09 September 2015 12:32 PM

ඩුබායි තිලක්ගේ මොළය කවදා පෑදෙයිද මන්දා? (නි)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 09 September 2015 12:39 PM

ඩුබායි තිලක්, ඔහොමම කරගෙන යන්න. මොකද රාජපක්ෂලා ආයේ නැගිට්ටොත් , එල්ටීටී එකට ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම ඔයාලා වගේ අයට යැපෙන්න ක්‍රමයක් නැතිවෙනවා. අතාරින්න එපා. (නි)

:       0       0

හෙසාන් Thursday, 10 September 2015 01:00 PM

පක්ෂ බේදයක් ඕනෑ නැහැ කියමුකෝ. දේශපාලන ක්‍රමය ගැන දැනගෙන කතා කරනවිට, සම්බපන්දන්ට විරුද්ධ පක්ෂ නායකකම ලැබුනේ කොහොමද? දෙවැනි තැනට තේරුණ පක්ෂය විරුද්ධ පක්ෂය වෙනවා. අනික් ප්‍රධාන පක්ෂ 2 ම එකතුව ආණ්ඩුව පිහිටුවන‍විට ඊළඟ පක්ෂය විරුද්ධ පක්ෂය වෙනවා නිතැතින්ම (නි)

:       0       0

ධම්ම Tuesday, 15 September 2015 08:12 AM

ලංකා දේශපාලනයේදී අවශ්‍යය බාහිර සාධක පරිපුර්ණ නොවී තිබියදී රටේ නායකත්වය පිළිබඳ ඔහු තුළ බලාපොරොත්තු තැබූ අය කරඇත්තේ මෙතුමාට විශාල හතුරුකමක් යැයි දැන් සිතේ. (නි)

:       0       0

ගමගේ Wednesday, 09 September 2015 08:01 AM

මේ පිළිතුරු වලට මම එකඟ වෙනවා (නි)

:       0       0

ඉශාර Thursday, 10 September 2015 06:58 AM

බොහොම හොඳ ලිපියක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 03:04 PM

මම නිකන්ද කියන්නේ කියන දේ කරන,කරන දේ කියන නියම පිට කොන්දක් තිබෙන ශ්‍රේෂ්ඨ නායකයෙක් කියල. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 03:06 PM

විජයබාහු පිස්සු කියවන්න එපා.රාජපක්ෂවරුන්ගේ හොරකම්,මිනීමැරුම්,තක්කඩිකම්,කප්පන් ගැනීම් හෙළි කරන එක කොහොමද බුද්ධි අංශය පවා දීමක් වෙන්නේ? (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 03:08 PM

"ඉතින් නීතිපති කියනවා නම් කේ.පී. ත‍්‍රස්තවාදියෙක් නොවෙයි කියලා නීතිපතිගෙ ඔළුව හොඳ නැහැ. අනිවාර්යයෙන්ම නීතිපති මානසික වෛද්‍යවරයෙක් ළඟට යවන්න ඕනෑ. ඔළුව හොඳ නැති මිනිහෙක් නීතිපති වෙලා ඉන්නවා නම් ඒක රටේ ආරක්ෂාවට බරපතළ ප‍්‍රශ්නයක්. රටේ නීතියට ප‍්‍රශ්නයක්. නීතියෙ හව්හරණ ජනතාවට ලැබෙන්නේ නැහැ. නීතිපති වහාම ඉවත් කළ යුතුයි. ත‍්‍රස්තවාදීයෙක් ආරක්ෂා කරන්න හදන නිසා එයාට විරුද්ධව රටේ නීතිය ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. රටේ ත‍්‍රස්තවාදී මර්දන පනත එයාට විරුද්ධව ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේ පුද්ගලයෙක් ගැන ජනතාව විශ්වාසය තියන්නේ කොහොමද? එයාට වැටුප් ගෙවන්නේ රටේ ජනතාවගෙ මුදලින්."කෙලින්ම හරි උත්තරය දීල තිබෙනවා (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 03:09 PM

රාජපක්ෂවරුන්ට ඕනේ කේපී ත්‍රස්තවදියෙක් නෙමේ අසරණයෙක් කියල පෙන්වන්නයි. ඒ නිකම් නෙමෙයි ලෝකයේ තිබෙන රුපියල් කෝටි ප්‍රකෝටි මුදල් ඉදිරියේ වහලෙක් වෙලයි . (බ)

:       0       0

සමන්තිකා පෙරේරා Friday, 11 September 2015 07:51 AM

ඉතාම හොඳ ලිපියක්.ප්‍රශ්න වලට කෙලින්ම, භය නැතිව උත්තර ලබා දී ඇත.ඔබට ජය වේවා (ම)

:       0       0

උපුල් Tuesday, 08 September 2015 05:23 PM

බොහොම හොඳ කතාවක් මහත්තයෝ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 05:27 PM

ජීවිතය තෙවරක් පුජාකරන්න ගිහින්,රටම නිදහස් කරගත් ජාතික වීරයා සිරබත් කනකොට, කේපීලා සැප වින්ඳා. අපිට ඒවා මතකයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 05:29 PM

මම නම් කියන්නේ සියලු පරීක්ෂණ ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න කියායි. (නි)

:       0       0

සිල්වි Tuesday, 08 September 2015 05:38 PM

ඩුබායි තිලක්,ඔයාට පිස්සුද? දැන් රාජපක්ෂලා නැහැ.පරණ දේවල් කියවලා නිකන් කාලය කනවා (නි)

:       0       0

යසන්ත Tuesday, 08 September 2015 05:40 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

අමා Tuesday, 08 September 2015 06:42 PM

තිලක් ගැන දුකත් හිතෙනවා (නි)

:       0       0

රෝසාන Thursday, 10 September 2015 09:36 AM

අනේ මන්දා . ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද කියල. කෑවත් රාජපක්ෂලා, මැරුවත් රාජපක්ෂලා, මේක නම් මාර මේනියාවක්. දැන් කට්ටියටම වුණ හොද ඇති නේද. ඔය තියෙන්නේ යහපාලනය ඇත දිග ඇරලම. අන්න අල සීනි වලත් මිල නග්ගලු. සම්බන්දනුත් දැන් හොද හින්ද අනේ වාසනාවන් යහපාලකයන්ට. එළිවෙන ජාමෙට තව තව බැලුවකි. පොඩ්ඩක් ඉන්නලකෝ. (අ)

:       0       0

රෝහණ Wednesday, 09 September 2015 02:33 AM

කරුණ අම්මාන් එල්ටීටී සංවිධානයෙන් යාම යුද්ධය ජයග්‍රණය කිරීමට බලපෑවා. (නි)

:       0       0

මනෝරි Friday, 11 September 2015 11:15 AM

ජයවේවා, ජයවේවා! ජාතියේ වීරයා මම දැකපු එකම පිට කොන්දක් ඇතිව කතා කල කෙනා. ඔබට දීර්ග අායුෂ (නදී)

:       0       0

නුවන් Tuesday, 08 September 2015 09:41 AM

කියන්න ඕන දේ නියමේටම කියලා තියෙනවා! ජය වේවා! (ම)

:       0       0

විජයබාහු Tuesday, 08 September 2015 10:00 AM

ඔය හොඳට හිටිය බුද්ධි අංශය දැන් විනාශ වෙනවා කියල මෙයට කිසිම දුකක් නැ. හැබැයි තනතුරේ වරප්‍රසාද නැ කියලනම් හරි කණගාටුවෙන් ඉන්නේ. එකෙන්ම පෙනෙනවා මෙයාගේ කෙරුවාව (බ)

:       0       0

අචිනි Tuesday, 08 September 2015 10:08 AM

ඔබ ශේෂ්ඨයි විරුවාණනි. හිස නමා ආචාර කරමි ..(අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 04:31 AM

කොහොමත් සතුරාව අඩු තක්සේරුවෙන් මනින්නේ නැතිව පැය 24 පුරාවට සෝදිසියෙන් ඉන්න ඕනේ. (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 04:32 AM

රාජපක්ෂවරු බලයෙන් පහවෙලා ගිහිල්ලත් ඉල්ලන්නේ කේ.පී ගැන කෙරෙන පරීක්ෂණ නතර කරන්න කියලයි.(අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 04:38 AM

රටම නිදහස් කර දුන්නු ජාතික විරය බල්ලෙක් වගේ කුදලාගෙන ගිහින් ජම්පරයක් අන්දවල බෙලෙක් පිගානේ බත් කනකොට ,අපේ තරුණයන් ලක්ෂ ගානක් විනාස කරපු කේ.පි ට හෙලිකොප්ටර් දීල බුදු සැප දුන්නේ එහෙනම් මොන එහෙකටද?(අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 04:45 AM

රාජපක්ෂවරු යුද්ද කරපු හැටි ලස්සනට පාඨලී චම්පික කියල දෙනවා. අහන්න. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 04:47 AM

බෝම්බ ගහල බෞද්ධයන්ගේ මුදුම් මල්කඩ වැනි දළදා මාලිගාව කුඩු පට්ටන් කරපු ත්‍රස්තවාදියාට ,අරන්තලාවේ හාමුදුරුවරු 32 කපල කොටලා ඝාතනය කරපු ත්‍රස්තවාදියාට සැප දුන්නු නිකම්ම නෙමෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 278 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 905 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1406 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 214 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 436 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 603 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 525 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site