විදේශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගැන විවිධ කාලයන්හිදී විවිධ කතා අසන්නට ලැබේ. අදටත් වටින් ගොඩින් එවැනි කතා ඇසේ. ඛේදවාචක, අඳෝනා, දූෂණ, ගසා කෑම, ඥාති සංග‍්‍රහය , ආයුධ වෙළඳාම, අකාර්යක්ෂමතාවය ඉහත කතා වලට මාතෘකා අතර වෙයි. මෙම මාතෘකා යටතේ බොහෝ විස්මිත කතා ඇසීමට දැකීමට පසුගිය වකවානුවේ බොහෝ අවස්ථාවන් ලැබුණේය.
ඒ අතරින් මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඉදිරි පෙළ ස්ථාන හිමිකර ගන්නා විට යුරෝපයේ හා වෙනත් මහද්වීපයන්හී පිහිටි එම කාර්යාල පසු පෙළ හිමිකරුවන් වෙමින් මහජනයාට විහිළු සපයන ස්ථානයක් බවට පත්වීම අභාග්‍යයකියි ඒ රටවල ලාංකිකයෝ කියති.
ඒ ඒ රටවල ශ්‍රී ලාංකිකයෝ සංවිධාන ගත වෙමින් තම අයිතිය දිනා ගැනීම සඳහා සටන් වදිති. විවිධ සටන් පාඨ ඇතුළත් උද්ඝෝෂණ, සංදේශ, පෙත්සම්, සාකච්ඡා ආදි ලෙස විවිධ ක‍්‍රියා මාර්ග භාවිතා කරමින් එම ඉල්ලීම් දිනා ගැනීමට වෙහෙසෙති.
ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන සංවිධානද ඒ අතරට එක්වේ. ජනයා කුල්මත් කරවන නොයෙක් සටන් පාඨ පෙරමුණේ තබමින් ඉල්ලීම් දිනා ගැනීමට ඔවුහූ වෙහෙසෙති. එවැනි අවස්ථා බොහෝ විට දකින්නට ලැබෙන්නේය.
මෙවැනි පරිසරයක පසුගිය ජනාධිපතිවරණයේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදි යහපත් සාධාරණ සමාජයක් ගොඩ නැගීම අරමුණු කොට විවිධ දේශපාලන පක්ෂ ශාඛා, නිදහස් මතධාරීන්, සමාජ ක‍්‍රියාකාරීන්ගේ එකතුවෙන් පැරීසියේ බිහිවූ පැරිස් එකමුතුව විසින් ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රීලාංකිකයන්ට සෘජුව බලපාන පොදු ප‍්‍රශ්න රැසක් ඇතුළත් සංදේශයක් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිට භාර දුන්නේය. අනතුරුව ජනාධිපති, අගමැති, අදාල ඇමැතිවරු, යනුවෙන් ද සංදේශයේ අනු පිටපත් භාර දුන්නේය. එම සංදේශයට ඇතුළත් කරුණු අතර ශ්‍රී ලාංකිකයන්ට හිමි ගුවන් ගමන් බලපත‍්‍ර හෙවත් පාස් ෆෝට් ලබා ගැනීම, විදේශයේ උපත ලබන දරුවන් ලියා පදිංචි කිරීම විශේෂ වූයේය. පාස්ෆෝට් හා උප්පැන්න ලියා පදිංචිය සිදුවන ක‍්‍රියාවලියේ බොහෝ ගැටලූ ඇත්තේය. මේ හේතු කොට අෙ\ානාව, වෛරය, ඉවසීම, රැවීම, බැනීම අල්ලස් ගැන මැසිවිලි නගයි.
කෙසේ නමුදු ඉහත කරුණු බොහෝ කලක සිට කරන ඉල්ලීම් වුවද, විසදුමක් නොලැබී ”කොකා විල හිදෙන තුරු බලා සිටිය වගේ ” කල් ගතවු හෙයින් පැරිස් එකමුතුව මෙවරද එම ඉල්ලීම් සඳහා උනන්දු වුයේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා පැරිස් එකමුතුවට පසුගියදා ලිපියක් එවීය.
එය වේගවත් කිරීමට අවශ්‍යය නීතිමය පියවරයන් හා උපදෙස් බලාපොරොත්තුවෙන් ජනාධිපති ලේකම්, විදේශ ඇමති, ආගමන විගමන පාලක වෙතද එම විසඳුම් ඉදිරිපත් කොට ඇත්තේය. කෙසේ නමුදු එය යහපත් පියවරකි. නීත්‍යනුකූලව බුද්ධිමත් මානුෂික තීන්දු තීරණ ලබා ගැනීම එහි අරමුණවේ. ප‍්‍රතිපල සතුටු දායක නම් ඊට අනුකූලව අවශ්‍යය මූලික සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකිකයනට එම සේවා නිසි පරිදි ඉටුකර දීමට හැකි වන බවත් එය එලෙස සිදු කිරීමට පොරොන්දු වන බවත් තානාපති පැරිස් එකමුතුවේ නිලධාරීන්ට පැවසීය.
පැරීසියේ බොහෝ එකමුතු කම්මුතු වූ අයුරු පසුගිය අතීතය ආවර්ජනයෙන් සොයා ගත හැක. පැරිස් එකමුතුවේද විවිධ ඉරි තැලීම් නැතුවාද නොවේ.
”සියලූ මුතු ගජමුතු පරයයි එකමුතුවට”එසේ වුවොත් ප‍්‍රතිඵලයන්ද සුබ දායකවේ. එම අභියෝගය පැරිස් එකමුතුවට ඇත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගලි ෆොන්සේකා,ඔයා අරාබි කාරයන්ගේ බැල වැඩ කළාට, අපේ ගැහැණු එහෙම නොවයි. ඒ අය ඉතාලියේ වැදගත් වැඩ කරන්නේ හරිද. නිකම් කට ගහන්නේ නැතිව එකත් හිතට ගන්න.රෑට හරි ඉස්කෝලෙකට යන්න.(බ)
හේරත් .බෝඩර් ..පන්නල ඉතාලි හිරේ අවුරුදු 5ක් හිටපු අයත් ඔය සංගමයේ සිටිති නම් ඕනෙද ? (බ)
පිරිස් ...ඔය අවුරුදු 25 කට කලින් කියන සංගමේ අය අපි හොදින් සනි කටින් බතල කොළ තමයි ...(බ)
අජිත්, ඔය අලුත් සංගමයට බුදු සරණයි! දෙවි පිහිටයි! සාදු...සාදු ...සාදු ...! (නි)
අජිත්, ඔය පැරිස් කණ්ඩායම අපි නම් අවුරුදු 25ක ට කලින් ඉඳලයි දන්නේ (නි)
ඔය පැරිස් වල ඉන්න සිංහල අය ලෝකේ දේවල් විසදන්න කලින් තම තමන් ගේ දේවල් විසදගන්න .ලෝකෙට පරගාතේ .ගෙදරට මරගාතේ (බ)
රණසිංහ ...අජිත් ..ඔය පැරිස් මහෞෂධ පඩිවරු ගේ නම් අපිට දැනගන්න පුළුවන්ද .? (බ)
පිටිගල ... පැරිස් වලට අලුත් පිරිසක් සිංහලයාගේ ප්‍රශ්න විසඳන්න මහෞෂධ පන්ඩිතයේ නැවත ඉපදිලද මන්ද ..? (බ)
පිටිගල දන්නවද ?පැරිස් වල අලුත් සංවිධානයක් පිහිටුවල සිංහල සියලු දෙනාගේ සියලු ප්‍රශ්න විසදන්න (බ)
පිටිගල කියනා කතාවේ සත්‍ය වාගේම අසත්‍ය තිබෙනවා , ප්‍රංසයේ ජිවත් වන බහුතර සිංහලයන් කාලයක් ගියාම ලංකාවට යමක් නොකළත් , තාම පරණ කම සහ හැකියාවන් පෙන්වීමට තම වාසියට සංවිධාන සාදා ගන්නවා , ඒ මගින් තම පින්තුර නම ගම පුවත් පත් වලත් පලකරගැනිමට කැමත්තක් දක්වන කොටසක් වාගේම අකමැති අයත් ඉන්නවා , මා දන්නා පරිදි ප්‍රංසයේ පැරිසියේ පමණක් සිංහල විවිධ කොටස් සඳහා ලියා පදිංචිවූ සංවිධාන 30 කට වඩා තිබෙනවා (බ)
මාගලි ෆොන්සේකා,ඔයාගේ කට ටිකක් පරිස්සම් කරගන්න.නිකම් පනින්න එපා. (බ)
යුරෝපීය රටවල සිටින ශ්‍රීලාංකිකයන් රටට විදේශ විනිමය එවන්නේද නැත, ලද නිදහස් අධ්‍යාපනයෙන් රටට සේවයක් වන්නේද නැත. ළමයින්ගේ උප්පැන්න ලංකාවේද කඩිනමින් ලියාපදිංචි කර ගන්න දැඟලුවාට ඔවුන් ලංකාවට පැමිණෙන්නේද නැත. ප්‍රංශයේ නම් ඔක්කොම වගේ ඉන්නේ ලංකාවේ ජීවත් වීම භයංකාර දෙයක් ලෙස පෙන්වා එරටේ ජීවත් වීමට අවසර ගත් අයයි. මොවුන්ගෙන් මා දන්නා මට්ටමින් නම් ලංකාවට සේවයක් වන්නේ නැති නිසා කළ යුත්තේ පිලිපීනය කරනවා මෙන් අධික අදායම් ලබන මොවුන්ගෙන් රටට ඇතුල් වන විට යම් බද්දක් අයකිරීමයි. තානාපති කාර්යාල මගින් පහසුකම් සැලසිය යුත්තේ රට දාලා ගිය මොවුන්ට නොව රටට විදේශ විනිමය සම්පාදනය කරන මැද පෙරදිග සේවකයන්ටයි. මේ අයට කළ යුත්තේ සේවාවන් ගාස්තුවකට යටත්ව සැපයීමයි.(බ)
පිටිගල මිලානෝටම ගැළපෙන කට්ටියක් මෙතන ඉන්නේ. පිටරට ගියා කියලා සේරම ලංකාවට එවන්න බැහැ. ඉන්න රටේ ගෙවල් කුලිය, කන බොන දේවල් වලට දීලා හැමෝම තමන්ගේ මාපියන්ට නෑදෑයින්ට සල්ලි එවනවා. (නි)
පිටිගල කියන්නෙ සැබෑම ලාංකිකයෙක්. තමන්ට අවාසි කොන්දේසි ඉදිරිපත් කරන්නේ මව්බිමට තිබෙන ආදරේට. ඒක දිරවන්නේ නැත්තේ මොනවගේ අයටද කියල අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
හැමදාම ඇත්ත කතාකරන කෙනා නිකන් මෝඩයෝ විදියට තමයි අපේ ලංකාවේයි අය දකින්නේ අපේ අය ට ඇත්ත තිත්තයි. (ර)
පිටිගල මහත්තයෝ, තමන්ගේ මිම්මෙන් අනිත් අයව මනින්න එපා. ඔබතුම හිතන ලාංකිකයෝ නොවේ ප්‍රංසයේ ඉන්නේ. මෙතන ඉදිරිපත් වෙලා ඉන්නේ රටටත් ඒ වගේම පිටරටවල ජීවත්වන ඔබලා වැනි ලාංකිකයින්ටත් යම්කිසි සේවයක් කරන්න. මිලානෝ සිට පැරිස් සොයා එන්නේ මොකද කියා ඔබතුමාම හිතලා බලන්න. (ර)
අනේ පිටිගල දන්න පැරිසිය! (නි)
පිටිගල මිලානෝ ඔබ හරියට හරි. ඔබේ පිළිතුරට යුරෝපේ සහ ඇමරිකාවේ සිටින සියල්ලෝම තරහ ගනීවි මොකද එක ඇත්ත තත්වය නිසා. මම ඉන්නේ ඇමෙරිකාවේ. අපිට වඩා මැද පෙරදිග ඉන්න අය ලංකාවට ලොකු සේවයක් කරනවා.(කෞ)
ලොකු ලොකු අය එයාලගේ දේවල් කරගනීවි. මැදපෙරදිග ඉන්න අපි හැමදාම දුකින්. මොනවද අපිට තියෙන්නේ. අව්වේ වැඩ කරලා කරලා රස්නේ කාලෙට රස්නේ ඉවසගෙන ඉඳලා ලේබර් කෑම්ප් වල ඉඳලා හම්බකරන දේ රටට යවනවා. තව කුඩම්මාගේ සැළකිලිත් ලබනවා. (නි)
සමහර අය පිටරට ඉන්න අය ගැන පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ. පිටරට වල ඉන්න මිනිස්සු දන්නවා ලංකාවෙ අගය ගැන (නි)
පිටිගල මිලානෝ කියන්නේ පැත්තකට වැනෙන්නේ නැතුව පැත්ත ගියත් ඇත්ත කතාකරන කෙනෙක්. ඔහුගේ යෝජනා ඔහුටම පුද්ගලිකව අවාසිදායක යෝජනායි. නමුත් ඔහු නිවටයෙක් නොවී රටට ප්‍රයෝජන විදියටයි අදහස් ගෙනෙන්නේ. ප්‍රංශයේ ඉන්න ලාංකිකයින් ගැන මටම ලැජ්ජයි. (නි)