IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පිලිපීන ජනපති මත් විරෝධී සටන තද කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේදී දිගින් දිගටම අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම මැඬීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේ තිබියදී ජනාධිපතිවරයා පසුගිය සමයේදී සිංගප්පූරුවේ සහ පිලිපීනයේ සංචාරයක නිරත විය. සිංගප්පූරුව සහ පිලිපීනය යනු මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි පියවර ගන්නා රටවල් ලෙස ප්‍රකටය. පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් සෝලි සමඟ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ජාවාරම මැඬීම සඳහා එකඟතාවක් ඇති කරගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

පසුගිය වසර තුන හතරක කාලයේදී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් ආසියාව සහ අප්‍රිකාව කොකේන් භාවිතය ඉහළ ගොස් ඇති කලාප ලෙසත් හුවමාරු මධ්‍යස්ථාන ලෙස නැගී එමින් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා වූ කාර්යාලය පසුගිය වසරේ නිකුත් කළ වාර්තාවක දැක්විණි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී සහ අවධානය යොමු කිරීමේදී ඉකුත් වසර දෙක තුනේදී වැඩි අවධානයක් යොමුවූයේ පිලිපීනයටය. පිලිපීන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම ඉන් මූලිකත්වය ගත්තේය. රොද්‍රිගෝ ඩුටාර්ටේ පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වූයේ 2016 වසරේ ජූනි 22 වැනිදාය. ඊට පෙර ඔහු ඩාවෝ නුවර නගරාධිපති ධුරය හෙබවීය. ඔහු අවස්ථා හතකදී ඩාවෝ නුවර නගරාධිපති ධුරය හෙබ වූ අතර නගරාධිපති ධුරය හෙබ වූ වසර ගණන 22ක් විය.

ඩුටාර්ටේ ජනාධිපති ධූරයට පත්වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම පිලිපීනයෙන් තුරන් කරන බවට හා අපරාධකරුවන් ඝාතනය කරන බවට පොරොන්දු දෙමිනි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මරාදමන්නැයි ඔහු මැතිවරණ වේදිකාවල පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පිලිපීන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කළේය.

රොද්‍රිගු ඩුටාර්ටේ බලයට පත්වූයේ වසර හයක් සඳහාය. ඔහුගේ නිල ධුර කාලය අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2022 වසරේදීය. මේ වනවිට ඔහුගේ ධුර කාලයෙන් වසර තුනකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති අතර එම කාලයේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සැකකරන පුද්ගලයන් 6000කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. වසර තුනකට ආසන්න කාලයේදී ඩුටාර්ටේගේ පාලනය යටතේ 12,000කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇතැයි නිව්යෝක් නුවර පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය උපුටා දක්වමින් නිව්යොක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

පසුගිය වසර දෙකේදී ඝාතනය වූ පිරිස4,500කට ආසන්න බවත් ඔවුන් සියලු දෙනා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හෝ මත්ද්‍රව්‍ය

ජාවාරම්කරුවන් යැයි ද මෙහෙයුම්වලදී නීත්‍යනුකූල ලෙස බලය භාවිත කළේ යැයි ද පිලිපීන පොලිසිය සඳහන් කළේය. කෙසේ නමුත් පිලිපීන ජනාධිපතිවරයාට බටහිර රටවල් රැසකින් මෙන්ම මානව හිමිකම් සංවිධාන රැසකින් චෝදනා එල්ල වී තිබේ. හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පිලිපීන ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් වී තිබේ.

“මම හමුදාවට කිව්වා. මොකක්ද මගේ වරද ? මම එක පෙසෝවක්වත් හොරකම් කරලා නැහැ. මගේ එකම පව අනීතික ඝාතන (නෛිතික ක්‍රියාවලියක් හෝ අනුමැතියක් නොමැතිව රජයේ හෝ ආණ්ඩුවේ ආයතන හෝ පුද්ගලයන් හෝ කරන ඝාතන) පමණයි” යනුවෙන් පිලිපීන ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ප්‍රකාශ කළේය.

රට පාලනය කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් ජනාධිපති ධුරයෙන් ඉවත් කරන්නැයි තමන් රටේ හමුදාවට සහ පොලිසියට අභියෝග කරන බව ද පිලිපීන ජනාධිපතිවරයා පැවැසීය. පිලිපීන ජනාධිපතිවරයා තම පාලනය යටතේ ඝාතන සිදු වූ බව ප්‍රකාශ කළ හෝ පිළිගත් පළමු අවස්ථාව එය විය. කෙසේ නමුත් තමන්ගේ නියමිත ධූර කාලය අවසන්වන තෙක් මත්ද්‍රව්‍යයට එරෙහි යුද්ධය

ක්‍රියාත්මක කරන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඝාතනය කරන බවත් පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇත. නගරාධිපති ධුරය සමයේදී තමන් විසින්ම අපරාධකරුන් ඝාතනය කළ බව පිලිපීන ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන් පිරිසක් හමු වේ පැවැසූ බව ‘ටයිම්’ සඟරාව 2017 දෙසැම්බර් මාසයේදී වාර්තා කර තිබිණි. පිලිපීන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුබවත් ඊට ප්‍රතිචාර දක්වමින් එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඉකුත් දෙසැම්බර් 20 වැනිදා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් මත්ද්‍රව්‍ය විරෝධී පොලිස් මෙහෙයුමකදී වයස අවුරුදු 20ට අඩු තරුණයන් තිදෙනකු ඝාතනය වීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට පිලිපීන ජනාධිපති ඩුටාර්ටේ පියවර ගත්තේය. එහෙත් එම මෙහෙයුම් නැවත වරක් ක්‍රියාත්මක විය.

මත්ද්‍රව්‍යයට එරෙහිව යුද්ධයක් දියත් කරන බව පවසමින් පිලිපීන ජනාධිපතිවරයා හිතුමතේ ඝාතන කිරීමට ඉඩ දී ඇති බවත් විපක්ෂ ක්‍රියාකාරීන්, වීදි දරුවන්, තරුණයන්, සුළු අපරාධකරුවන් ඇතුළු පිරිස් ඝාතනය කරන බවටත් රොද්‍රිගෝ ඩුටාර්ටේ චෝදනා එල්ල වී තිබේ. විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් මෙන්ම පිලිපීන සෙනට් සභාවේ විපක්ෂයෙන්ද ඔහුට දැඩි චෝදනා එල්ල වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාමට එරෙහි මෙහෙයුම්වලට මුවා වී පොලිසිය තම හිතු මනාපයට ඝාතන කරන බවත් බොරු වැටලීම් කරමින් ජනතාවගෙන් අල්ලස් ගන්නා බවටත් චෝදනා එල්ල වී තිබේ. පිලිපීන පොලිසිය එක් අවස්ථාවකදී සේවා ස්ථානයක් වටලා එහි සිටි පිරිස කාමරයක කොටු කර තැන තැන මත්ද්‍රව්‍ය සඟවා එහි සේවය කළ පිරිසට චෝදනා කළ පුවතක් හොංකොං පදනම් කරගනිමින් ප්‍රකාශයට පත්වන ‘සවුත් චයිනා මෝනිං පොස්ට්’ පුවත්පත වාර්තා කර තිබිණි. එම සිදුවීමේ වීඩියෝ පටද ප්‍රසිද්ධියට පත්වූ අතර පිලිපීන සෙනට් සභාව ඒ සම්බන්ධයෙන් පොලිසියේ ප්‍රධානියෙගන් කරුණු විමසීක් ද කළේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන බව ද වැරැදිකරුවන් පොලිසියෙන් ඉවත් කරන බව ද එවකට පිලිපීන ජාතික පොලිසියේ ප්‍රධාන අධ්‍යක්ෂ රොනල්ඞ් ඩෙලා රෝස් පැවැසීය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි බොරු චෝදනා කරමින් පොලිසිය අහිංසක මිනිසුන් අත්අඩංගුවට නොගැනීමට නම් අල්ලස් ගන්නා බවටත් පිලිපීන පොලිසියට චෝදනා එල්ල වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි බොරු චෝදනා කරමින් සහ ඒවාට සම්බන්ධ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමට පොලිසිය පෙසෝ 200,000ක් ඉල්ලා ඉන් අනතුරුව පෙසෝ 30,000කට නිදහස් කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පිලිපීන පොලිසියට චෝදනා එල්ලවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කර තිබෙන මෙහෙයුම්වලට වසං වී වැරැදි කරන ලද පොලිස් නිලධාරීන් 1,600කට ආසන්න පිරිසකට එරෙහිව පියවර ගෙන ඇතැයි ද ඇතැම් අය සේවයෙන් ඉවත් කර ඇතැයි ද පිලිපීන ජාතික පොලිසියේ අධ්‍යක්ෂ ජෙනරාල් ඔස්කාර් අල්බයාල්දේ පැවැසීය. මානව හිමිකම් කඩ කරන ලද තවත් 674 දෙනකුට එරෙහිව පියවර ගෙන ඇතැයි ද හෙතෙම කියා තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරමට මුවා වී පිලිපීන පොලිසිය සහ ආරක්ෂක අංශ බොහෝ අපරාධ සිදු කරන බවට චෝදනා එල්ල වී තිබේ. පැහැර ගැනීම්, ඝාතන, දූෂණ හා වංචා, ලිංගික අපහරණය ආදී චෝදනා රැසක් පොලිසියට එල්ල වී තිබේ. පිලිපීන ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයේ දැඩි පීඩනයක් මෙන්ම චෝදනා රැසක් ද එල්ල වී තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඔහුට එරෙහිව චෝදනා දෙකක් එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන බව ද වාර්තාවේ. එවැනි තත්ත්වයක් මත ‘ද හේග්’ නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණ ස්ථාපිත කිරීමේදී අත්සන් කරන ලද ජාත්‍යන්තර ප්‍රඥප්තියකින් පිලිපීනය ඉවත් කරගැනීමට ජනාධිපති ඩුටාර්ටේ පියවර ගත්තේය. 

මේ කුමන චෝදනා එල්ල වුවත් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කරන මෙහෙයුම නොනවත්වා ක්‍රියාත්මක කරන බව පිලිපීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. “මම මෙය නවත්වන්නේ නැහැ. මම මේක කියලා තියෙනවා. මම මගේ ජීවිතය පරදුවට තියලා තියෙන්නේ. ඒ වගේම ජනාධිපති ධුරයත්. ඕනෑම වේලාවක මට එය නැතිවෙන්න පුළුවන්. ඒ මට ගෞරවයක්. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන දිගටම ගෙනි යනවා” පිලිපීන ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති මන්දිරයේදී රජයේ ප්‍රධානීන් හමුවෙමින් ප්‍රකාශ කර තිබුණි.

හර්ෂණ තුෂාර සිල්වා

විදෙස් වාර්තා ඇසුරිනි

ඡායාරූපය රොයිටර්



අදහස් (5)

පිලිපීන ජනපති මත් විරෝධී සටන තද කරයි

උපුල Friday, 22 February 2019 06:42 AM

අපේ උන්දැට එක දැන් අමතකයි

:       38       53

abaran Friday, 22 February 2019 08:49 AM

මත්කුඩු සටනට නිර්භීතව අවතීර්ණ වී වාචාල බස් නොදොඩා ජනතාව නොරැවටූ ප්‍රායෝගිකව එය දියත් කළ පිලිපීන ජනපතිතුමාට අපගේ උත්තමාචාරය....

:       12       96

athula Friday, 22 February 2019 05:49 PM

මෙන්න නියම මිනිස්සු

:       0       87

de silva Friday, 22 February 2019 09:25 PM

පිලිපිනේ එක්කෙනා තද කරකර ඉන්නවා. අපේ එක්කෙනා ඇස්බැස්ටෝස්, ග්ල්ය්ෆොසෙට් තහනම් කරලා, සිගප්පුරුවට ගිහින් එහෙ හැංගිලා හිටපු මහබැංකු හොරු අල්ලන් ඇවිත් හිරේ දමලා, කුඩු කාරයෝ එල්ලලා, කොටින්ම කියනවා නම් අර ඉතුරුවෙලා හිටිය එකම කුඩුකාරය වන එම්රේට් රටේ හැංගිලා හිටපු මදුශ්වත් එහෙ පොලිසිය මාර්ගයෙන් අල්ලා හිරේ දමලයි තිබෙන්නේ? දැන් මේ නියෝජ්‍ය ඇමති කෙනෙක් කියනවා කුඩුකාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා, ඔහුට පිස්සුද කොහෙද? කුඩු කාරයන් කොහෙද ලංකාවේ... ඒ ඔක්කොම අපේ ලොකු මහත්මයට බයේ පැනලා ගිහින්.. එහෙම නැත්නම් පොලිසියට භාරවෙලා, කුඩු කාරයන් ලංකාවෙන් තුරන්කළ සහ මැතිවරණ පොරොන්දු සියල්ල ඉටුකළ නිසා ප්‍රීති වුණු ජනතාව අපේ ලොකුමහත්මයට ලබනපාර ඡන්දෙ ඉල්ලන්න කියල බලකරනවා. අපේ මහත්මය එකට වැඩි කැමැත්තක් නැති නිසා, ජනතාව පාරවල් වසාගෙන උද්ඝෝෂණ කරනවා, සමහරු සිය දිවි නසාගන්න හදනවා, ඒක තමා දැන් අපිට තිබෙන ලොකුම ප්‍රශ්නේ..

:       0       83

ලුම්බිණි Tuesday, 26 February 2019 03:40 AM

පිලිපීන ජනපතිගේ මත් විරෝධී සටන නිසා අහිංසක මිනිසුන් මැරුන ගණන ගැන හැමෝටම අමතකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 148 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 147 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1066 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 471 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1120 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site