IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පැවිදි දිවියේ 75 වන සංවත්සරය සමරණ යතිවරයාණෝ

සිය වසකින් කාල තුනක් තම පැවිදි දිවියේ සාඩම්බර මහිමය නිහතමානිව ලොවට ප්‍රකට කරමින් සියලු අංශ වලින් පරිපුර්ණ, කෝණයකින් ගණනය කළ නොහැකි අපමණ ශාසන සේවාවකට තම ජීවිතයම කැපකළ, ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති, ත්‍රිපිටකවාගිශ්වරාචාර්ය පුජ්‍යපාද දිවියාගහ යසස්සි නාහිමියෝ මෙම නොවැම්බර 10 වෙනිදා සිය පැවිදි දිවියේ 75 වන සංවත්සරය සමරති.

බෞද්ධායතන සංවර්ධන සමිතිය, දහම්පාසල හා ආයතනයට සම්බන්ධ සියලු සමිති සමාගම් හා ආදී ආනන්දීය බෞද්ධ සංගමය එකතුව උන්වහන්සේට ආශිර්වාද පළ කරවනු පිණිස ආගමික සංස්කෘතික හා සමාජ සත්කාර වැඩ සටහන් රාශියක්ම මේ නිමිත්තෙන් සංවිධානයවේ.

දකුණු පළාතේ දිවියාගහ සම්භාවනීය රත්නායක පවුලට මිණි පහනක්ව ජන්ම ලාභය ලද අප නා හිමියෝ පළාතේ බෙහෙවින් ගෞරවාදරයට පත් උතුම් ගුරු උතුමන් දෙපලගේ ආශ්‍රය හා ආශිර්වාද ලබමින් ශාසනික පැවිද්ද ශ්‍රද්ධාවෙන්ම ලබා, තම ගුරු ඇසුරින් හා මාලිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙණින් උගතමනා බණ දහම් ද පාලි සංස්කෘත සිංහල හා බුදුදහම මැනවින් හදාරා එකල සිටි කීර්තිමත් ගුරුමණ්ඩලයේ ප්‍රසංසාවට ලක්වෙමින් විවිධ උසස් ත්‍යාග හා සම්මාන ලැබුහ. නිසි කළ මහනුවර මල්වතු විහාරයීය උපෝසථාගාරයේදී අධිශීල උපසම්පදාව ලද, එතුමන් අනතුරුව විදුදය සරසවියට ඇතුළත්ව උසස් අධ්‍යාපන සේවාවකට අවශ්‍ය උපාධි සම්පාදනය කර ගත්හ.

අනතුරුව දිවයින පළාත් කීපයක රජයේ උප ගුරුවරයෙකු ලෙස තම අධ්‍යාපන හා ශාස්ත්‍රීය සේවා සිදු කළ උන්වහන්සේ තම ගුරු ජිවිතයේ ස්වර්ණමය යුගය කොළඹ ආනන්ද මහා විදුහලෙන් ඓතිහාසිකවම සටහන් කළහ.

රජයේ ගුරු සේවයෙන් නිදහස්ව රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයාණන් ලෙස වසර කීපයක්ම වටිනා සේවාවක් සිදුකළහ.

ලංකාව හා ආසන්න රාජ්‍යයෝ එකල අපී සාමාන්‍ය පෙළ පන්තිවල කුඩා සාමණේර සිසුන් ලෙස බොහෝ ආශාවෙන් කියවුවෙමු. ශ්‍රීලාංකික ඉතිහාසයත් ජාතික සංස්කෘතියත්, දේශප්‍රේමය හා ජාතික වාත්සල්‍යායත් අප උගත්තේ අප සිත් වලට කාවැදුණේ එම මහනිය ග්‍රන්ථ ආශ්‍රයෙනි.දිවියාගහ යසස්සි හිමි යන නම අපේ හදවත් තුළ මුල්වරට සදා ජීවමානව නතරවුණේ එම පොත නිසාමය.

උන්වහන්සේ හා අතිපුජ්‍ය හබරකඩ ඉන්ද්‍රරතන නාහිමිපාණන්වහන්සේ විද්‍යෝදය මහා පිරිවෙන්හි ධර්ම ශාස්ත්‍රය හදාරණ කළ සිටම ඉතාම සමීප කළණ මිතුරෝ වුහ.ඒ නිසාම ගාල්ලේ හබරකඩ ශ්‍රී විජයානන්ද රාජ මහා විහාර පිරිවෙණ හා සමග ද ඇතිවුයේ අතිශයින් විශදවූ අවියෝජනීය සම්බන්ධයකි.

අපගේ මුල් ගුරුදේවයාණන් වහන්සේලා වන අතිපුජනිය මාවනානේ සෝනුත්තර මාහිමි, කිර්ති ශ්‍රී මාවනානේ පේමානන්ද නාහිමි ද උනවහ්නසේට දැක්වුයේ අපරිමිත සෙනහසකි. මෙම සම්බන්ධතා මතින් බොහෝ වැදගත් ආගමික ජාතික උත්සව අවස්ථාවනට අපේ පිරිවෙණට වැඩම කරණා, පුරාකෘත පිං මහිමයෙන් ලද, දුටුවන් දෙවරක් නිරන්තරයෙන් දකින්නට කැමති, මනා පිරිපුන් සිත් අදනා දේහ විලාසයෙන් හෙබි අපේ යසස්සි නාහිමි රුව කුඩා සාමණේර දරුවන් ලෙස එකළඅපේ සිත් බැදගත්තේ අපුරුවටය. ඒ නිසාම උන්වහන්සේගේ ධර්ම දේශනා කුඩා කළ සිටම අසන්නට අප බෙහෙවින් කැමතිවිය.

උසස් අධ්‍යාපනය සඳහා අගනුවරට පැමිණි අපට විවිධ අවස්ථාවල ආගමික කටයුතුවලදී උන්වහන්සේ නිතර මුණගැසෙන්නන්ට අවස්ථාව ලැබිණ.මෙම හමුවීම් හැමවිටකම අපට අමතක නොවන මතක සටහනක්, ආදර්ශයන් අපේ ජිවිතවලට එකතු කළ බව කිව යුතුමය.

අපේ යසස්සි නායක හාමුදුරුවෝ අපට ළගින්ම ඇසුරට වැටුනේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්ය වරයෙකු ලෙස පත්වූ පසුවය. ලියුම් කවරයක්. මුද්දරයක් මනාව ඇලවීම සිට අර්ථවත් ජිවිතයකට අවශ්‍ය බොහෝ දෙ ක්‍රමවත්ව කිරීමට එම ඇසුර බෙහෙවින් අපේ ජිවිතවලට බලපෑබව කිව මනාය. ආනන්ද බෞද්ධ සංගමයේ සැමදා කෙරුණු විවිධ සංවිධාන වැඩ වලදී මෙන්ම අපට භාරව තිබුණු අනද නුවණ සමාජයේ ක්‍රියාත්මක වැඩ වලදී උන්වහන්සේගේ මග පෙන්වීම බෙහෙවින්ම පලදායීවිය.

6000ක් සිසු දරුවන් එකළඋගත් ආනන්දය වැනි ආයතනයක ධර්මාචාර්යවරයෙක්විමේදී ලද අභියෝග පහසුවෙන් ජයගන්නට උන්වහන්සේගෙන් ලද පන්නරය සැබෑම ශක්තියක් විය. ආනන්ද ශත සංවත්සරය විවිධ උත්සවයන්ගෙන් සමන්විතව, සර්වරාත්‍රික පිරිත් දේශනා, සියක් මහා සගරුවනට පුජා කළ මහා දානය, අනුරාධපුර සංවත්සර චාරිකාව හා සංවත්සර ප්‍රදර්ශන ආදිය සංවිධානය කිරීමේදී උන්වහන්සේ සමග එක්වීමට ලැබීමෙන් උකහාගත් සිහිවටන , තවමත් ජිනීවා වලදීත් අපට මග පෙන්වන ආකාරය ආශ්ලාද ජනකය. වෙලාවට වැඩ කිරීමට , අකුරටම තම වගකීම් නිවැරදිවම කිරීමට ස්විට්සර්ලන්තයට පැමිණීමට පෙරම අප මැනවින් පුහුණුවුයේ අප නාහිමිය න්ගේ සත්පුරුෂ ඇසුරිණි.

හිස් මුඩු බිමක් පිං බිමක් වෙමින් වේගයෙන් ජන හද දිනාගත්, ගල්කිස්සේ වටරප්පොල බෞද්ධායතනයේ ආරම්භක සමයේ පටන්, එම ආයතනයේ විශ්ව කර්ම සංවර්ධන කාල පරිච්ජේදයන් තුළ බෙහෙවින් සමීපව කටයුතු කරමින් අප උගත්දෑ බොහෝය. ආයතනයේ අභිමුඛ් දර්ශණිය බුදුරජාණන් වහන්සේ පුජ්‍යපාද මාපලගම විපුලසාර මාහිමි උපදෙසින්, රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණේ සිට පැමිණි දර්ශනීය රථ පෙළහරෙහි විස්තර කථනය කරමින් වැඩමකරවූ ආකාරය කිසිදාක අපට අමතක නෙවේ.

ආනන්දයේ ගත කළ කාලයටත් වඩා ඉතාම ළගින් ගුවන් යානාවල ලගම ආසනයේ එකට අසුන් ගනිමින්, උන්වහන්සේ සමග කළ දීර්ඝ විදේශ සංචාර සැබවින්ම අතිශයින් ආශ්ලදා ජනකය. උන්වහන්සේගේ සමග ඇමෙරිකාවට නෙදර්ලන්තයට හා ප්‍රංශයට අපි සංචාරය කළෙමු. ඒ සැම සංචාරයකම පරිවාරක ඇමති කාර්ය භාරය එතුමන් වෙනුවෙන් කරන්නට ලැබීම මහත් භාග්‍යයක් ලෙස දැනේ. එම සංචාරවලදී විශේෂයෙන් නෙදර්ලන්ත ගම්නේදී අපට හමුවූ බොහෝ නෙදර්ලන්ත ජාතිකයන් උන්වහන්සේගේ හමුවීම බෙහෙවින් අගය කළහ.ප්‍රිය උපශාන්ත භික්ෂුවරයෙකු ගේ දැක්මෙන් එතුමන්ට සවන්දීමෙන්, එක්ව භාවනා කරමින් අපමණ සතුටුවුහ.

ඇමෙරිකානු සංචාරයේදී වොෂින්ටන් , නිව්යෝක් ලොස් ඇන්ජලිස් ශ්‍රී ලංකා බෞද්ධ විහාර වලට හා වෙස්ට් වර්ජිනියා භාවනා ආයතනයට වැඩම කළ අතර අතිපුජනිය මහා සඟ මාහිමි වරුන් වූ හෙන්පොල ගුණරතන නා හිමි , කුරුණෑගල පියතිස්ස නාහිමි වල්පොල් පියනන්ද නාහිමි,මහරගම ධම්මසිරි නාහිමි හා කටුගස්තොට උපරතන නාහිමි වරුන් ඉතාම සුහදව හමුවෙමින් ගත කළ කාලය බෙහෙවින් අරථවත්වූ ආධ්‍යාත්මක සංගමයන්ම විය.

මේ බොහෝ තැන්වල උන්වහන්සේ ධර්මදේශනා කළහ. මෙම ශ්‍රාවකයන් අතර සිටි ආනන්ද ආදී ශිෂ්‍යයන් ඒ ඒ ප්‍රදේශ වලදී මෙම දේශනා වලට සහභාගී වෙමින් උන්වහන්සේට සෙනෙහසින් ගුරු පුජා කළ ආකාරය කෘතවේදීත්වය පිළිබඳ හොඳ අත්දැකීමක් විය.

අප දකින යසස්සි නායක හාමුදුරුවෝ අතිශයින් නිහතමානිය.ලොකු කුඩා ගිහි පැවිදි සැමටම ප්‍රියශිලිය . කාරුණිකය. හැදෙන වැඩෙන, එකළ අපවැනි බොහෝ තරුණ භික්ෂුන්ට සෙනෙහසින් කළ මග පෙන්වීම් මිළ කළ නොහැකිමය. මොන තරම් රාජකාරි තනතුරු, ආගමික පදවි ගරු සම්මාන මහා ඉහළින් නිරායාසයෙන් තමා කරා පැමිණියද ඒ කිසිවකින් උන්වහන්සේගේ නිර්ව්‍යාජ විශද සබැ ගුණාංග අභිභවනය කළ නොහැකිවිය. උන්වහන්සේ භික්ෂුවක් ලෙස සැමටම ආදර්ශසම්පන්න වුහ. නුවණ ඇත්තන් ගරහන විවේචනයට ලක් කරණ අංශු මාත්‍ර කුඩා ඇවතක් වත් උන්වහන්සේ අතින් සිදු නොවිය.

ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් වරයාණන් ලෙස දසක ගණනාවක් ආගම, සංස්කෘතිය,අධ්‍යාපනය මුල් කර ගනිමින් රට ජාතිය හා දහම වෙනුවෙන් කළ උදාර සේවය අපරිමිතය.දහස් ගණනක් තරුණ උපාධිධාරී භික්ෂුන්ට ධර්මාචාර්ය වරුන් ලෙස රජයේ පාසල් වලට පත් කිරීමට කටයුතු කිරීම් එකල්හි එක්තරා විදියක නිහඩ විප්ලවයක්ම විය.අවශ්‍ය තැන සාධාරණත්වය වෙනුවෙන් නිර්භීතව නැගී සිටීම, සටන් වැදිමට කිසි විටෙකත් උන් වහන්සේ පසු බට නොවුහ. භික්ෂුනට නීති උපාධිය ලබා ගත නොහැකියයි අදාළ බලවතුන් බරපතළ ලෙස විරුද්ධ වෙද්දී, උන්වහන්සේ ඒ හැම වෙනුවෙන් අභිතව පෙනීසිටියහ. ජයවර්ධන් ජනපති තුමන් සමයේ පිහිටවූ උත්තර සංඝ සභාවේදී උන්වහන්සේ රටේ දෑවෙන ප්‍රශ්නයක් හමුවේ ඉටු කළ කාරය භාරය එකළ අපට මහත් ජවයක්ම විය.

පළාතේ ශාසනාරක්ෂක මණ්ඩලය,විහාරාධිපති සංගමය හා විවිධ ජාතික ආගමික සංස්කෘතික අධ්‍යාපනික හා සමාජ සංවිධාන රාශියක විවිධ වගකිවයුතු තනතුරු දරමින් කරණසේවාව බෙහෙවින් අගය කළ යුතුය.

මෙම උතුම් ගුණ පිරි අප නාහිමිපාණන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් පිණිස නිරෝගී බවද චිර ජීවනයද අපි ප්‍රාර්ථනා කරමු.

ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රි විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය තවලම ධම්මික නාහිමි .

 



අදහස් (2)

පැවිදි දිවියේ 75 වන සංවත්සරය සමරණ යතිවරයාණෝ

Prof. Dr. Edward M Perera Thursday, 10 November 2022 05:38 AM

දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේ මා හදුනන්නේ 1977 වසරේ සිටයි. දිවුල්පිටියේ බෝධිරුක්ඛාරාමාධිපති හොර වින්නේ බෝධිසීහ ස්වාමීන් වහන්සේ ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ හැටියට මා ළඟින් ඇසුරු කළා. දිවියාගහ යසස්සි ස්වාමීන් වහන්සේ නිතර වාගේ බෝධිසිහ නායක ස්වාමීන් වහන්සේ හමුවීමට පැමිණෙන නිසා ඒ හිමියන්ට සමීපව හඳුනා ගන්න අවස්ථාවක් ලැබුණා. බුදුදහම සම්බන්ධයෙන් වේවා, සමාජ කටයුතු වේවා දේසපාලනය වේවා මේ හැම කටයුත්තකදීම අප දෙදෙනාම දැරුවේ එකම මතයයි. උන්වහන්සේ ළඟ තිබුණු සියුම් මානුෂික හැඟීම් ඕනෑම විෂයක් පිළිබඳ තිබුණු පෘථුල දැනුම, දේශපාලනයේදී නිතරම සමාජවාදී ගමන්මග අනුමත කරමින් කළ සංවාද තදින් මා සිත් ගත්තා. 75 වසරක් පිරෙන උන්වහන්සේගේ පැවිදි ජිවිතයට සුබ පතන්න අවස්ථාවක් ලැබීම වාසනාවක් ලෙස මා සලකනවා. උන්වහන්සේගේ ධර්ම දැනුමෙන් ශ්‍රී ලංකාවට තව චිරාත් කාලයක් සේවයක් ලැබීමට දීර්ඝායුෂ සහිත නිරෝගී ජීවිතය ප්‍රාර්ථනා කරමි.

:       0       130

Lakshman Thursday, 10 November 2022 03:43 PM

මගේ හෘදයාංගම සුබපැතුම්...!

:       0       66

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1370 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 8098 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 465 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 854 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 877 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 459 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site