IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


පාවෙලුබා ඔරලෝසුව අතේ බැඳගෙන ගම්මානේ රජකම් කළ පුංචි මහත්තයාගේ කර්ම විපාකය

19-pg16d--taks--pgs   

 

අන්ධං ච ඒක චක්ඛුංච ආරකා පරිවජ්ජයේ
ද්විචක්ඛුං පන සේවේථ සෙට්ඨං පුරිස පුග්ගලං
- -------අන්ධ සූත්‍රය------ -


අන්ධයා සහ එකැස් මිනිසා දුරින් දුරු කළ යුතුම වෙයි.


ඇසුරු කළ යුතු උතුම් කෙනෙකිය දෙඇස් ඇති මිනිසා.


බුදු දහමේ උගන්වා ඇති මේ ධර්මය ආර්ය මාර්ගයේ පිළිවෙත් පුරමින් පෙරට යන කෙනෙකුටත් දෛනික ජීවිතයේ භෞතික අවශ්‍යතාවලින් පිරිමසා ගනිමින් අර්ථවත් පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවන කෙනෙකුටත් අත්‍යවශ්‍ය වේ. බොහෝ උගත්තු මේ ගාථාවේ ඇතුළත් අර්ථය විවිධ රාමුවල ඇතුළත් කොට කථා කරති. බෞද්ධ ආර්ථිකය පිළිබඳ කරනු ලබන සාකච්ඡාවලදී අර්ථය දක්වන්නේ මෙසේය.

SLTK - 16.qxd
අන්ධයා - සමාජ අසහනය පිණිස පවතින දේවල් අලවි කොට මුදල් උපයන්නා කුඩු ගංජා ආදි මත්ද්‍රව්‍ය නොකළ යුතු වෙළඳාම් පහම ද මේ ගනයට වැටෙයි.


ඒක චක්ඛු - එක් ඇසක් පමණක් පෙනෙන පුද්ගලයා තමන්ගේ වාසිය සහ ලාභයම පමණක් සිතා වෙළඳාම් කරන්නා. දින ඉකුත් වූ බඩු විකිණීම, අසාධාරණ ලෙස වෙළඳාම් කිරීම, පාරිභෝජනයට නුසුදුසු දේ අලවි කිරීම ආදිය ද තලාකූට, මානකූට, කංසකූට, උක්කෝටහ නිකති ආදිය ද මේ ගණයටම වැටෙයි.


ද්වී චක්ඛු - බුදු දහමේ උගන්වා ඇති වෙළඳාම් ක්‍රමය මේ ගණයට වැටෙයි.


අත්තහිත - (තමාගේ යහපත) පරහිත (සමාජයේ යහපත) අසාහභෝග (සාහසික නොවී මුදල් රැස් කිරීම)


ඇතැම්විද්වතුන් මේ ගාථා ධර්මය සාර්ථක ජීවිතයක් ගතකරනු ලබන පුද්ගලයකුගේ පැවැත්ම ලෙස අර්ථකථනය කරති. ඔවුන් මෙහි අර්ථය දෙන්නේ.
අන්ධයා - තමාගේ දියුණුව පිණිසත් සමාජයේ දියණුව පිණිසත් කිසිවක් නොකරන ඔහේ කාලය ගත කරන්නා හිතින්ම සියලු වැඩ කටයුතු සිදුකර නිම කරන්නා කටින් ජීවිතයේ සියළුම වැඩ කටයුතු සිදු කර නිම කරන්නා වැනි අයයි. එබඳු පුද්ගලයන් හැඳින්වීම සඳහා සමාජයේ භාවිත වන වචනය වන්නේ “නිකමා” යන්නයි. ගැහැනු කෙනෙක් නම් “නිකමී”යයි කියයි. එබඳු අයගේ ජීවිත දියුණුවක් නැත.


උපන්නට මෙලොව වැනෙනවා විනා ලෝ සිරිතට අඹුදරු රකිනවා විනා රූපේ අරන් පාපේ ගෙවනවා විනා කරනා දෙයක් නැත මේ පව් ගෙවනවා විනා යනුවෙන් ද ඒ වගේ අය ගැන සමාජයේ බොහෝ අය කියති.

dfh
ඒක චක්ඛු - තමාගේ දියණුව පිළිබඳව තමාගේ යහපත පිළිබඳවම පමණක් වැඩ කටයුතු කරන්නා ඇතැම් විට තම පවුලේ දියණුවම පමණක් හිතන තමන්ගෙන් අන් අයට කිසිදු උදව්වක් නැති හැම දෙයම තමාගේ ගෙදරටම ඇදගන්නා. පොදු මහජනතාවට අයිති පාර පවා තමන්ගේ ප්‍රයෝජනයට ගන්නා, පාරේ ආරක්ෂාවට තාප්පයක් ගසා තාප්පයේ ආරක්ෂාවට මහපාරේ මල් සිටුවන්නා සෑම කතාබහකදීම තමන් නිවැරදි යැයි සිතන්නා කියන්නාහ. තම දරුවන් නිවැරදියි කියාම සිතයි. කියයි. තම දරුවන්ගේ යහපත සඳහා පමණක් වැඩ කළ යුතුයැයි සිතයි.


ද්වි චක්ඛු - තමාගේ දියණුව ද සළසා ගනිමින් අනුන්ට ද හැකි පමණ උදව් කරයි. අනුන් වෙනුවෙන් කළ උදව්වලට වෙනත් ලාභ ප්‍රයෝජනයක් තමන්ට ලැබිය යුතු යැයි නොසිතන්නාහ. මිනිස් ධර්මතා වෙනුවෙන් උදව් උපකාර අනුන් වෙනුවෙන් ඉටු කරයි. සමාජයේ අන් අයට උදව් කිරීම අපහසු දෙයක් වුවත් තමහට කළ හැකි දෙයක් කරන කෙනෙකි. කෙනෙක් දොස් නැගුවාට තමා තුළ ඇති යහපත් ගති නැතිකර නොගනී. ඒ වෙනුවට අයහපත් ගති තම චරිතයට එකතු කර නොගන්නා මේ ගණයට වැටෙයි.


ඇතැම්හු මේ ගාථා ධර්මය තුළින් උගන්වනු ලබන්නේ මිනිස් සංසාර ගමන යැයි අර්ථකථනය කරනු ලබයි. ඒ අනුව ඔවුහු,


අන්ධයා - යන පුද්ගලයා අර්ථකතනය කරනු ලබන්නේ ආගමක් දහමක් නැති අය ලෙසයි. සෑම මිනිසකුටම තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ආගමන ආලෝකය අත්‍යවශ්‍යමය. ඒ ආගමේ උගන්වන ධර්මයට අනුව ජීවිතය සකස් කර ගත යුතුය. ආගම දහම නොමැති පුද්ගලයා අන්ධයෙක් වගේය. අපේ සමාජයේත් බොහෝවිට මේ වගේ අය දක්නට ලැබේ. මලක් පහනක් පූජා කරන්නේ නැත. ඒවා දන්නේ නැතිය. දනක් පිනක් කර ගන්නේ නැත. ඒවා නොදන්නවා වගේය. පන්සලකට පල්ලියකට යන්නේ නැත. තමන් වැරදි කරන්නේ නැත්නම් අළුතින් හොඳ වැඩ කිරීම අවශ්‍ය නැතියයි එබදු අන්ධයෝ කියති. ඒ ඔවුන්ගේ අපේක්ෂාව බව නිසැකය. ඇතැම්හු මස් මාළු තම්බ තම්බ කකා ගේ ඇතුළට වී සිටිති. පිනක් දහමක් නැත. එබඳු අන්ධයෝ පරලොවක් නැතැයිද කියති. නැවත ඉපදීමක් නැතැයිද කියති. මෙලොව ගැනවත් විශ්වාසයක් නැත. පරලොව ගැනත් විශ්වාසයක් නැත. ඒ නිසා අන්ධයා යයි කියති.


ඒක චක්ඛු -මෙලොව ගැන පමණක් සිතා කටයුතු කරන්නා තම සිතද, කයද, වචනය ද මෙලොව ජීවිතයේ සාර්ථකත්වය සඳහාත් පමණක් යොදවන්නා පරලොවක් නැතැයි කියා කියන්නා, තමන් නිවැරදිව නොදැන තමන් පවතින දැනුම පමණක් භාවිතා කරගෙන පරලොවක් නැතැයි කියා කියන්නා, කර්මය පිළිබඳව මිථ්‍යා අදහස් පළ කරනු ලබන්නා, දුන් දෙයෙහි විපාක නැතැය කියන්නා, යමෙක් දීමට උත්සාහ ගන්නා විට එය වළක්වන්නා, එක්කෝ එය වළක්වා තමාටත් කිසියම් දෙයක් ඉන් බලාපොරොත්තු වන්නා දැනුම හෝ අවබෝධය නැතිව එසේ තමාට දැනුම හෝ අවබෝධය නැතැයි කියාදෙන්නේවත් නැතිව පූජාවෙහි විපාක නැතැයි කියා කියන්නා, අනෙක් කෙනෙක් කිසියම් පූජාවක් කරනවිට එය වළක්වා ඉන් කොටසක් බලාපොරොත්තුවන්නාට මෙලොව පමණක් තිබේ. මරණින් පසු කිසිවක් නැත, යනුවෙන් ප්‍රකාශ කරන්නා, තමාට ප්‍රත්‍යක්ෂ නැති තම අඩු දැනුම නිසා අවබෝධය නැති නමුදු විශාරදව පරලොව නැතැයි අදහස් පළ කරන්නා මෙලොව යහපත පිණිස පමණක් වැඩ කටයුතු කරන්නා. 


ද්වි චක්ඛු -පරලොව ගැන සිතා මෙලොවද යහපත්ව ගත කරන පුද්ගලයා මෙලොව ජීවිතය සාර්ථක වූ විට පරලොව ජීවිතයද සාර්ථක වන බව සිතන්නා මෙලොව ඇත, පරලොව ඇත යනුවෙන් සිතා කටයුතු කරන්නා කර්මය ඇත, කර්ම ඵල ඇත, යනුවෙන් සිතා විමසා බලන්නා බෞද්ධයන් හැටියට නම් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක ප්‍රාර්ථනා කරගෙන ගෘහ ජීවිතයද යහපත් ලෙස හා අර්ථවත් ලෙස ගත කරන්නා ධර්මයේ ආලෝකය ජීවිතයට ලබා ගන්නා ජිවිතය අර්ථවත් කර ගැනීම සඳහා බණ දහම අසන්නා ධර්මානූකූලව තම හිත සුව පිණිස හා පොදු සිතසුව පිණිස තම කට, කය, මනස යොදවන්නා ධර්මාවබෝධය හා ජීවිතාවබෝධය ඇති කටයුතු කරන්නා ඥාතිීන් හා අසල්වාසින් මැනවින් දැන අඳුනාගෙන තමාම ඔවුන් වෙනුවෙන් කළ හැකි වැඩ කරන්නාහ. තමා කළ උපකාරයට ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවන්නාහ. වෙනත් කෙනෙකුගේ උදව්වක් උපකාරයක් ලැබුණු විට එය ප්‍රතික්ෂේප නොකරන්නාහ. 


මේ විදිහට මේ ගාථාව ආර්ථික විද්‍යාවේත් සමාජ ගත ජීවිතයත්, සංසාරගත පුද්ගල ජීවිතයත් අර්ථකථනය කොට දක්වන විවිධ විද්වත්හු සිටිති.
එක්තරා පුද්ගලයෙක් සිටියේය. අධ්‍යාපන සහතික වැඩි වශයෙන් නොතිබුණත් ඔහු තෝරාගත්තේ වෙළඳාමයි. දැන වෙළඳාම් - නොදැන ගොවිතැන් යනුවෙන් කියමනක් තිබේ. වෙළඳාම සඳහා ද සියුම් බුද්ධියක් අවශ්‍ය ය. එය කපටි බුද්ධියක් යැයි ඇතැම්හු කියති. කෙසේ වෙතත් වෙළඳාම ඔහු දිගට ම කරගෙන ගියේ ය. පුංචි මහත්තයා යනුවෙන් ඔහු ප්‍රදේශය පුරා ප්‍රසිද්ධව ගියේය. පුංචි මහත්තයා රැකියාව කරනු ලැබුවේ තලවකැලේය. ඔහු කළේ පොඩි සිල්ලර කඩයක් දමාගෙන වෙළඳාම් කිරීමය. කඩෙන් බඩු ගන්නට නිතර නිතර පැමිණෙන්නේ වතුවල වැඩ කරන දෙමළ ජනතාවය. පුංචි මහත්තයාගේ සියුම් බුද්ධිය වැඩ කරන්නේ දුප්පත්ම මිනිසුන්ටය. පොතට බඩු ගන්නා ඒ මිනිස්සුන්ට සුහදව කතා කරමින් පොතේ වැඩියෙන් ගණන් ලියයි. ඇතැම් ගණන් එකතු කරන විට දිනය ද සමග එකතු කරයි. මේ කාරණාව ඉතා රහසිගතව කරගෙන ගිය පුංචි මහත්තයා තලවකැලේ වෙළඳාමෙන් ලොකු ආදායමක් ලබා ගත්තේය. ගමට පැමිණි පසු ඔහු ගමේ ඇවිදින්නේ රජ්ජුරුවෝ වගේය. අත බඳින ඔරලෝසුවද සුදුම සුදුපාට සරම හා බැනියමද වරදින්නේ නැත. පුංචි මහත්තයා තමාගේ හිතසුව පමණක් සිතා වෙළඳාම කළ අයෙකි. ඔහු ඒ වෙළඳාමෙන් අසීමිත ලෙස පොහොසත් විය. ඒත් මහ කාලයක් ගත වුණේ නැත.

ඔහුටම ඒ කළ වෙළඳාම එපා විය. කඩය වසා දැම්මේය. ගමට පැමිණියේය. ගමේ තැන්තැන්වල කඩ පිලට වී එදිනෙදා පත්තරය කියවන්නට පටන් ගත්තේය. ටික දවසක් ගත වන විට හේ තනියමින් කතා කරන්නට විය. එදා කිරිම සුදු පාට ඇඳුම් කට්ටලයකින් සැරසී ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදිත පාවෙලුබා ඔරලෝසුව අතේ බැඳගෙන මහ උජරුවෙන් ගිය පාරෙම, කාලයක් නොසේදීම නිසා මඩපාට ගැහුණු සරම ඇඳගෙන තනියම දොඩව දොඩව ඇවිද ගියේය. එක දවසක් පාරේ ගමන් කළ මගියෙක් ඇනිකට් එක ළඟ පුංචි මහත්මයා මැරී සිටිනු දුටුවේය. ඒ වන විටත් පෙරදා රාත්‍රීයේ කෑමට ගත් පාන් වහල්ලක් මළමිණිය අසල වැටී තිබුණි.


අච්චර යස අපූරුවට වෙළඳාම් කරමින් ජීවත් වූ පුංචි මහත්තයට වුණේ මොකක්දැයි ගමේ කොයි කවුරුත් විමසිලිමත් වුහ. “අසාධාරනේට වෙළඳාම් කිරීමේ පල විපාක ඕවා” යයි ගම්මු කියන්නට වූහ. වෙළඳාම ජීවනෝපාය හැටියට යහපත් එකක් වශයෙන් දක්වා ඇතත් ඇතැම්හු අයහපත් විදිහටද එය කරති. පුංචි මහත්මයාට වූයේ එබඳු වැඩකි. වෙළඳාමේදී තමාගේ දියුණුවම ගැන පමණක් සිතා අන්‍යයන්ට ගිනි දීම සුදුසු නොවේ. තම කළ ඒ වරදට නීතියෙන් ද දඬුවම් ලැබේ. නීතියෙන් ද ගැලවී අසාධාරණ වෙළඳාම් කරන්නෝ සිටිති. ඒ මේ රටේ ක්‍රමයයි. නීතියෙන් දඬුවම් නොලැබුණත් කර්ම විපාකයෙන් නම් ගැලවිය හැකි නොවේ. ඇතැම්හු වෙළඳාමෙන් අසීමිත ලාභ ලැබීමේ බලාපොරොත්තුවෙන් සේවකයන්ට ලැබිය යුතු වේතනය හරිහැටි නොගෙවති. රජයට ලැබියයුතු ආදායම් බදු නොගෙවති. එසේ කරන්නෝ නීතියෙන් ඇතැම් විට ගැලවෙති. නමුත් ධර්මයෙන් නම් ඔවුනට ගැලවීමක් ඇත්තේම නැත. එයට හේතුව තමා දුන් දේ පෙරළා තමාට ආපසු ලැබෙන නිසාය.

m19121



අදහස් (0)

පාවෙලුබා ඔරලෝසුව අතේ බැඳගෙන ගම්මානේ රජකම් කළ පුංචි මහත්තයාගේ කර්ම විපාකය

අභය Friday, 25 March 2016 04:08 PM

මම බෞද්ධයෙක් නොවෙමි. නමුත් බුදුදහමට ගරුකරමි (නි)

:       0       0

බණ්ඩාර Sunday, 17 April 2016 08:41 AM

ඇත්තටම ඉතාම හොඳ ලිපියක් (නි)

:       0       0

සෑම් Thursday, 24 March 2016 03:12 AM

මෙය සත්තයි. මම බෞද්ධයෙක් නොවේ. නමුත් බුදුදහමට ගරුකරමි. (නි)

:       0       0

ටෙෂාන් Friday, 06 May 2016 11:03 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අභීත Saturday, 16 April 2016 11:25 AM

මම බෞද්ධයෙක් නොවෙයි. නමුත් මම බෞද්ධාගමට ගරුකරනවා (නි)

:       0       0

ටිකිරි Friday, 25 March 2016 03:12 PM

කෙනෙක්ගේ ගුණවත්කම මෝඩකමක් සේ සළකා, ඔහුගෙන් මුදල්, බඩු බාහිරාදිය, අාහාර පවා වංචාවෙන් ගත් අය අප්‍රමාණ දුක්විඳ, අකාලයේ මරණයට පත්වෙනවා මම අනන්තවත් දැක තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 581 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 81 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 97 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 324 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 218 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 111 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 674 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site