IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


පාසල දේශපාලන පොරපිටියක්ද?

සහල් හිඟය  හා උතුරේ මහවිරු සැමරුම් උත්සවත් දකුණේ ඒ සම්බන්ධව වර්තාවූ තැන් පසුගිය සතියේ කරළිය මත දිස්වුණු කාරණාය. නව රජය මැතිවරණ පොරොන්දුවලින් පාලනයේ යථාර්ථයට සංක්‍රාන්ත වෙමින් පවතින මෙතුළ නව රජය කෙරේ වූ ප්‍රායෝගික මතවාද ඒවායින් හැඩ ගැන්වේ.

සහල් හිඟය ගත් විට, කැබිනට් මණ්ඩලය එක්වී වෙළෙඳපොළ කාරණාවලට රජය මැදිහත් විය හැකි සීමාව උගෙන ඒ අනුව අදාළ ප්‍රතිචාරයත් දැක්වීමට කාලය පැමිණ ඇති බව කිව හැකිය. දෙවැනි කාරණයේ දී අපගේ ජනවර්ග සම්බන්ධව අලුත් ආඛ්‍යානයක් ගොඩනැගීමට එම තත්වය භාවිත කිරීමට ආණ්ඩුවට හැකියාව පවතී.

ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් මෙකී අතිවිශාල කාරණා කරළිය මැදට එද්දී, රජයක් (කුඩා) සිල්ලර ගැටලු සම්බන්ධව කොර ගසන්නට ඉඩ තිබේ. පසුගිය සතියේ කරළිය මැදට පැමිණි එවැනි ගැටලු වන්නේ විභාග ප්‍රශ්න පත්‍ර රහසේ පිටවීම, පාසල් සැපයුම් හා රැකියා විරහිත උපාධිධාරීන් යන අධ්‍යාපනය හා බැඳුණු කාරණය.

මෙම ගැටලු විමධ්‍යගත කළ යුතු හෝ නියෝජිතයන්ට පැවරිය යුතු ඒවා බවට මම තර්ක කරනු කැමැත්තෙමි. එවිට අධ්‍යාපන අමාත්‍යවරයාට ඊළඟ අවුරුදු පහ තුළ අධ්‍යාපනය  දෙසට යොමු වූ විශාල ගැටලු විසැඳීමට යොමුවිය හැකිය. සුළුතර ගැටලු කිහිපයක් දෙස අපි වඩා විස්තරාත්මකව බලමු.

 

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් රහසේ පිටවීම

සැප්. 15 වැනිදා පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නිමා වූ විගස විභාගයේ ප්‍රශ්න තුනක් රහසේම (කාන්දු වී) පිටවී ඇති බව අනාවරණය වූයේය. මෙම කාරණය  පිළිබඳ විමර්ශනය කිරීමට අමාත්‍යවරයා නිවැරදි ලෙසම කමිටුවක් පත් කළ අතර රහසේ පිටවී ඇති ප්‍රශ්න නොමැතිව (ඒවා මගහැර) උත්තර පත්‍ර පරීක්ෂාව අඛණ්ඩව කරගෙන යා යුතු බවට එම කමිටුව නිර්දේශ කළේය. ඉන් අනතුරුව දෙමව්පියන් ජනාධිපතිවරයාට මේ ගැන පැමිණිලි කළ පසු උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත් හිටවිය යුතු බවට ඔහු නියෝග කළේය. මවුපියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගිය අතර අධිකරණය නොවැම්බර් 18 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමෙන් බලධාරින් වැළැක් වූයේය. දින කිහිපයකට පෙර රජය, නිර්දේශ සමග රැඳෙමින්, විෂය ගත ප්‍රශ්න තුනටම පූර්ණ ලකුණු අපේක්ෂකයන්ට පිරිනමමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ක්‍රියාදාමය අඛණ්ඩ ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය පිළිබඳව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු දෙසැම්බර් 11 ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට ගැනීමට නියමිතය.

අප ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බලාපොරොත්තුව සිටියදී මෙම සිද්ධි දාමය පිළිබඳව කල්පනා කර බැලීමට කාලය පැමිණ තිබේ.

ප්‍රශ්න රහසේ පිටතට කාන්දු වූ පුවත නිකුත් වූ සැණින්, මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න තුනක් පිටතට රහසේ කාන්දු වූ ගැටලුව පරීක්ෂා කිරීම පිරිස දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව අමාත්‍යාංශය වාර්තා කළේය. සැප්තැම්බර් 30 වැනිදා කමිටුව සිය නිර්දේශ නිකුත් කළ ද  එම තීරණයෙන් තුන් මසක් ගෙවී යාමෙන් පසුවත් ඔවුන්ගේ නිර්දේශ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපේක්ෂාවෙන් අපි තවමත් පසුවෙමු.

මා විශ්වාස කරන පරිදි මෙම ප්‍රමාදය සිදුවූයේ කමිටු පත් කිරීමේ අවිධිමත් ස්වභාවය හා ඒවා ගැන මහජනතාවගේ පවතින විශ්වාසය මදකම නිසාය.

2022-24 දී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දැන් බලයේ සිටිනා පක්ෂ  විසින් දරුණු ලෙස විවේචනයට ලක් කරනු ලැබුවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සැලැස්ම කෙටුම්පත් කිරීමට පත් කළ විශේෂඥ කමිටුවේ විස්තරාත්මක තොරතුරු නිවැරැදිව හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙනි. රජය උපදෙස් ගන්නා මෙම විශේෂඥයන් ගැන විවෘතව කිව යුතුය. එසේ නැතහොත් අමාත්‍යාංශයට විශේෂඥයන්ගෙන් සමන්විත ස්ථිර උපදේශක සභාවක් පර් යේෂණ ඒකකයේ සහයෝගයෙන් පවත්වාගෙන යාම වඩා උචිත වේ.

අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙරෙහි වගකීම දරන්නාවූ වර්තමාන ජාතික අධ්‍යාපන කොමිසම වනාහි අසාර්ථක වූ ආයතනයකි. එයින් 1992 දී නිකුත් වූ ප්‍රථම වාර්තාව හැරුණු කොට ඔවුන්ගේ ප්‍රතිපත්ති ලියැවිලි බලධාරීන් විසින් නොසලකා හරිනු ලැබීය. ප්‍රතිපත්ති වාර්තා කෙටුම්පත් කරණ සඳහා වැය කළ මුදල් පිළිබඳව විගණකාධිපතිවරයා ප්‍රශ්න කළ බව වාර්තා ජාතික අධ්‍යාපන කොමිසම වැදගත් නොවන බවට පත්වීමට හේතුව එහි ව්‍යසනයෙන් සහ මෙහෙවරෙන් පෙනී යයි. එය පිහිටුවන ලද්දේ ජනාධිපතිවරයාට උපදෙස් දීම පිණිස වූ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකම ආයතනය ලෙසයි.

2020-2030 සඳහා එහි නවතම ප්‍රතිපත්ති සැලසුම්වලට දායකවූවන්ගෙන් ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රතිපත්ති නියමයන් බැරෑරුම් ලෙස නොසලකන්නේ ඇයිද යන්න පෙනී යයි. එයට දායක වූවන්ගෙන් සියයට 90 ක්ම රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවල විද්වතුන්ය. අධ්‍යාපන සම්පාදකයන් ලෙස ඔවුන්ගේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කරනු ලැබූ එකම සාධකය ස්වකීයන් කෙරෙහි වූ පක්ෂපාතීකමයි.

සේවා යෝජකයන්ට හා අනෙකුත් රාජ්‍ය නොවන කාරකවලට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිදානය ගුණාත්මක මට්ටමක නොතිබීම බල පා තිබේ. ජාතික අධ්‍යාපන කොමිසම තුළ නියෝජනය වැඩි වුවද ඊට ප්‍රතිපත්ති දිශානතියක් සමග රජයකට ඉදිරිපත් කළ හැකි මතය දෝෂ සහගත අදහසකි. බලයට පත් නව රජයට එහි ප්‍රතිපත්ති සැලසුම් කර ගැනීමට නම්‍යතාව තිබිය යුතුය. පවතින රජයක ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන්ට විශේෂඥයන් සංවේදී විය යුතුය.

අමාත්‍යාංශය සමග සමීපව වැඩ කරමින් සාක්ෂි පදනම් කරගත් උපදෙස් අමාත්‍යාංශයට සපයන සමාජ දේශපාලනයට සංවේදීව ප්‍රතිචාර දක්වන උපදේශක ආයතනයක් අමාත්‍යාංශය විසින් කඩිනමින් පත්කර ගත යුතුවේ.

 

පාසල් යන තම දරුවන්ට පොත්පත් මිලදී ගැනීමට නොහැකි පවුල්

ආර්ථික අර්බුදය ඇතිකළ අහිතකර බලපෑම පාසල් දරුවන්ගෙන් සියයට 55 කට එල්ල වී ඇති බවත්  එසේ බලපෑ පාසල් දරුවන්ගෙන් සියයට 29යේ පාසල් පොත්පත් මිලදී ගැනීම මුළුමනින් නැවතී හෝ අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැත්වූ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව 2024/12/02 ගනු ලැබූ කැබිනට් තීරණයේදී සැලකිලිමත් වී තිබේ. එම තොරතුරු අනාවරණය වීමෙන් පසුව අස්වැසුම සහනාධාර ලබන පවුල්වල දරුවන්ට, එක් දරුවකුට රුපියල් 6000 බැගින්  හිමිවන දීමනාවක් සැපයීම කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. සුබසාධන උපකරණ මණ්ඩල හරහා මෙම දීමනා ලබාදෙන අතර මෙම දීමනා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන මාපියන් අහිමි දරුවන් යන  වර්ගීකරණයට දක්වා ව්‍යාප්ත කෙරේ. එසේම මව හෝ  පියා ආබාධිත වූ දරුවන්ටත් අනාථාගාරවල සිටින සියලු පාසල් දරුවන්ටත් ලබාදීමට තීරණය වී තිබේ.

මෙම තීරණය බැලූ බැල්මට ඉතා හොඳ තීරණයක් සේ පෙනී යන මුත් එය ගෙන ඇත්තේ 2023 අගෝස්තුවේදී කළ සමීක්ෂණයකින් ඒකරාශි කරගත් දත්ත මත පිහිටාය. මෙම තත්වය එදා පටන් තවත් වැඩි වී හෝ දරුණු අතට පත් වූවා විය හැකිය. සැබෑ අවශ්‍යතාව පිළිබඳ දැනුම ඇත්තේ දරුවන්ට වඩාත් සමීප වූ අයටයි. ඇත්ත වශයෙන්ම දරුවන්ගේ පාසල් පැමිණීම පිළිබඳ සොයා බලා ඔවුන් නොපැමිණීමට යම් හේතු ඇත්නම් පවතින ගැටලු නිරාකරණය කිරීම උදෙසා කමිටු පත් කළ යුතු බවට නියාමන නීති පවතී. 2016 අප්‍රේල් 20 දාතමින් නිකුත් කළ අංක 1963/30 දරන පාසල්වලට පැමිණීමට අදාළ ගැසට් පත්‍රයේ මෙසේ සඳහන් වේ.

යම් දරුවකුගේ මවුපියන් දරුවන්ගේ පාසල් කටයුතුවලට අදාළ මූලික අවශ්‍යතා සපුරා දීමට අසමත් වන අවස්ථාවක (පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක) ඒ බවට තෘප්තිමත් වේනම්, එවැනි දරුවකුගේ පාසල් අවශ්‍යතා නැති සෑම අවස්ථාවකම සපුරා දීමට කටයුතු පිළියෙල කළ යුතු වේ.

කලින් පැවති රෙගුලාසිවලට අනුව (1997 නොවැ. 25 පාසල්වලට පැමිණීම පිළිබඳ කමිටු ගැසට් පත්‍ර අංක 1003/5 අනුව) එම වගකීම පවරා තිබුණේ අදාළ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය පරිපාලන අධිකාරියටයි. එහෙත් අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යාපන බලධාරීන් වඩා හොඳ ප්‍රතිඵල ලබාදෙන ස්ථානයක පසුවෙතැයි අවබෝධ විය.

අවසාන වශයෙන් ගොඩනැගුණ ව්‍යුහය කුමක් හෝ වේවා ආර්ථික හෝ වෙනත් අසීරුතා හේතු කොටගෙන දරුවන්ගේ පාසල් පැමිණීම දුර්වල වේදැයි සොයා බැලීමට හා ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීමට පැහැදිලි යාන්ත්‍රණයක් පාසල් හෝ ප්‍රාදේශීය මට්ටමේ අපට ඇත. ඒ සඳහා අවිධිමත් ලෙස ජාතික මට්ටමෙන් සමීක්ෂණ පවත්වා බොහෝ ප්‍රමාද වී ජාතික රජයෙන්  එම සංඛ්‍යාලේඛන සාමාන්‍යකරණයට භාජනය කොට ඔවුන් තෝරාගන්නා තුරු බලා සිටිය යුතු නොවේ.

එම නිසා කැබිනට් මණ්ඩලයේ ඊළඟ කාර්ය විය යුත්තේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල සුබසාධන ප්‍රතිපාදන ඉහළ නංවා පාසල් පැමිණීමේ කමිටු කාර්යක්ෂම කොට පාසල් දරුවන්ගේ අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමේදීම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඒවා ජාතික මට්ටමේ ප්‍රමුඛ කාර්යයක් වීමට ප්‍රථම සපුරා දීමය.

 

පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් 15800 දෙනා ගුරු පත්වීම් ඉල්ලා සිටීම

සංවර්ධන නිලධාරීන් විසින් ඉල්ලීම් ඉල්ලමින් ගෙන ගිය විරෝධතාව ප්‍රචණ්ඩ අතට  හැරීම නිසා අවිධිමත් ලෙස රාජ්‍ය අංශයට දී ඇති පත්වීම් පිළිබඳ පොදු ගැටලුවට අදාළව විමර්ශනයක් පැවැත්වීමට දෙසැම්බර් 2 වැනිදා කැබිනට් තීරණයක් ගැනීමට සිදුවිය. දෙසැ.  2 වැනිදා ගත් එකී කැබිනට් තීරණයේදී 1994 පටන් 2020 දක්වා අවස්ථා 7කදී විවිධ යෝජනා ක්‍රමවලින් රාජ්‍ය සේවාවට, සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 150,000 ක් බඳවාගෙන ඇති බව අවධාරණයට ගැනිණි. එම පත් වීම් දී ඇත්තේ එසේ බඳවා ගත් අයගේ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා නිසි ඇගයීමකට ලක් කිරීමකින් තොරවය. ඒ අයගෙන් සංවර්ධන නිලධාරීන් 15800 කට වඩා ජාතික පළාත් පාසල්වල ඉගැන්වීමේ කටයුතුවල නිරත වී තිබිණි. ඔවුන් ගුරු පත්වීම් ඉල්ලා සිටිනුයේ ඒ සඳහා නියමිත වූ විභාගයකට පෙනී සිටීමකින් තොරවය.

වඩාත් විශාලතම ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ගුරුවරුන් උදෙසා සහතික කිරීමක් අවශ්‍ය නොවීමයි. එක්සත් රාජධානියේ නම් සුදුසුකම්ලත් ගුරුවරයකුගේ තත්වය ලබාගෙන ඉගැන්වීමට Teaching Regulation Agency (TRA) සේ සහතිකය අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු ලෙස වෘත්තියේ නිරතවීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහතිකය වෛද්‍යවරුන්ට අවශ්‍යය’ ශ්‍රී ලංකාවේ හෙද සේවයේ නිරත වන්නන්ට ශ්‍රී ලංකා හෙද සභාවේ අනුමැතිය අවශ්‍යය. රූපලාවන්‍ය ශිල්පීන්ට පවා, අදාළ ප්‍රාලේ කොට්ඨාසයේ සිය ව්‍යාපෘතිය ලියාපදිංචි කොට NVQ සුදුසුකම් ලබා ගත යුතුය. ගුරු සේවය සහතික කිරීම උදෙසා ජාතික සභාවක් වෘත්තීය මට්ටම පවත්වා ගැනීම ඔස්සේ එම කාරණය සම්බන්ධයෙන් රජයට උපදෙස් දීමට නොතිබීම බොහෝ කල් පටන් පැවති අඩුපාඩුවකි. එවැනි අධිකාරියක් අපට තිබේනම් ගුරුවරුන් ලෙස පිරිස් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව පවතීනම් එය ජාතික ගුරු සභාවෙන් සහතික කළ යුත්තකි. එසේ කරනු විනා ශිෂ්‍යයන්ගේ සුබසාධනය අවදානමට තබා දේශපාලනයත් දේශපාලන වාසි ගන්නා ස්ථානයක් බවට පාසල් පත් නොකළ යුතුය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයේ දී ඵලදායි වීමට නම් එය, එහි කටයුතු විමධ්‍යගත කිරීම හා වගකීම් පැවරීම කළ යුතුය. එම කාර්ය.

1දැනට තාක්ෂණික කාරණ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික අධ්‍යාපන කොමිසම ඉවත් කොට ඒ වෙනුවට විශ්වාසවන්ත උපදෙස් දීමේ ආයතනයක් පිහිටවිය යුතුය.

2. පාසල් හා ප්‍රාදේශීය මට්ටමේ අනිවාර්ය පාසල් පැමිණීමට අදාළ කමිටු නැවත ක්‍රියාකාරීකොට දරුවන්ගේ සුබසාධන කටයුතු එම මට්ටමින්ම විසඳාලීමට පියවර ගත යුතුය

3. ගුරුවරුන්ට අදාළ කාරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාතික ගුරු සභාව පිහිටවිය යුතුය.

යන කටයුතුවලින් පටන් ගත යුතුය.

 

(***)
2024 දෙසැ. 10 Daily FT හි පළ වූ
To not Sweat the Small Stuff in Education Decentralise and Delegate Responsibilities
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (0)

පාසල දේශපාලන පොරපිටියක්ද?

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 54 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1092 9

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 606 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 507 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 158 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 741 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 139 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 399 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site