අද රටේ තත්ත්වය, පක්‍ෂ සම්මේලනය, නව විදුලිබල පනතට විරුද්ධ ද, පොහොට්ටුවට එල්ල වන චෝදනා ආදී දේශපාලන කරුණු සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.
ප්‍රශ්නය:- පක්‍ෂයක් හැටියට අද රටේ පවතින තත්ත්වය ගැන ඇති ස්ථාවරය කුමක් ද?
පිළිතුර:- රටේ ආර්ථික තත්ත්වය නම් අපට සෑහීමකට පත්විය හැකි මට්ටමක තිබෙනවා කියා අපි සිතන්නේ නැහැ. ආර්ථිකය මීට වඩා ලොකු වෙනස්කම් රැසකට භාජන විය යුතුයි. පසුගිය කාලයේදී එවැනි ශීඝ්‍ර වෙනස්කම් සිදු වෙයි කියා අපි බලාපොරොත්තු වුණා. ඒත් බලාපොරොත්තු වූ ආකාරයටම ඒ වෙනස්කම් වුණේ නැහැ. පක්‍ෂයක් හැටියට අපි ඒ ගැන තෘප්තිමත් නැහැ. ආර්ථිකමය වශයෙන් මීට වඩා ඉහළ තැනක සිටිය යුතු බව අපි සිතනවා. පසුගිය කාලයේ ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳවැටී, ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් වෙන තැනකට ගමන් කළා. ඒ කාරණයේදී රටේ නැවතත් නීතිය හා සාමය ගොඩනැගීමට හැකි වීම සම්බන්ධයෙන් අපි යම් තෘප්තිමත්භාවයක සිටිනවා.
ප්‍රශ්නය:- බරපතළ විවේචන ඔබලාට එල්ල වෙන පසුබිමක පක්‍ෂ සම්මේලනයක් පැවැත්වීමට සැරැසෙනවා. සම්මේලන තියන්න තරම් පක්‍ෂයක් ඉතිරි වී තිබෙනවා ද?
පිළිතුර:- බංකොලොත් දේශපාලනඥයන් ඔවැනි කාරණා මතු කරනවා. එහෙත් අදටත් ලංකාවේ සංවිධානාත්මකම ශක්තිමත්ම පක්‍ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ඉදිරි කාලයේ ප්‍රධාන මැතිවරණ එකක් හෝ දෙකක් පැවැත්වේවි කියා බලාපොරාත්තු වෙනවා. ඒ වෙනුවෙන් පක්‍ෂය වඩා ශක්තිමත් කර පක්‍ෂයේ නියත ජයග්‍රහණය ස්ථිර කරගැනීමට මේ කටයුතුවලට යොමුව සිටිනවා.
ප්‍රශ්නය:- ශක්තිමත්ම සංවිධානාත්මකම පක්‍ෂය හැටියට පොදු ජන පෙරමුණ හඳුන්වන්න තරම් තිබෙන හේතු සාධක මොනවා ද?
පිළිතුර:- මේ පක්‍ෂය පිහිටුවා වසර හතක් වන විට එතෙක් මුහුණ දුන් සෑම මැතිවරණයක්ම විශිෂ්ට ලෙස ජය ගත්තා. අපි මේ පක්‍ෂය ගොඩනැගුවේ මල් යහනා මතින් නෙවෙයි. අලුත් පක්‍ෂ හදා ඡන්දවලට ආවොත් මහ පාරේ ඇවිද්දවනවා කියා මේ රටේ ජනාධිපති කිව්වා. තර්ජනය කළා. අගමැති ප්‍රමුඛ කමිටුවකින් ඔප්පු කරන්න බැරි චෝදනා නගා අපේ පක්‍ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන්ට නඩු පිට නඩු දැම්මා. කළ හැකි සියලු හිරිහැර කරද්දී ඒ සියල්ලට එරෙහිව මේ පක්‍ෂය බිහි කර ප්‍රධාන මැතිවරණ තුනම ජය ගත්තා. මේ පක්‍ෂය මේ රටේ ශක්තිමත්ම පක්‍ෂය බවට තහවුරු කරන්න ඒ කාරණාම ඇති. පසුගිය කාලයේ ඇතැම් අය මේ පක්‍ෂය තර්ජනයෙන් කඩා වට්ටන්න හැදුවා. ඒවායෙන් අපේ පාක්‍ෂිකයන් කඩා වට්ටන්න බැහැ. ඔවුන් මේ රටට ආදරය කරන ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් එකතු වෙච්ච කොටසක්. ගෙවල් ගිනි තබා ඔවුන් නවත්වන්න බැහැ.
ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වාට එදා තිබූ හැටනව ලක්‍ෂයත්, තුනෙන් දෙකේ ජන පදනමත් හෝදාපාළුවට ලක්වෙලා නැති ද?
පිළිතුර:- එහෙම කියන්නේ කවුද? එහෙම කියන්න තිබෙන සාධක මොනවා ද? අපි දන්න කිසි කෙනෙක් පක්‍ෂයෙන් ඉවත් වෙලා නැහැ. පොදු ජන පෙරමුණේ සාර්ථකත්වය දැකගන්න බැරි සියලු දෙනා විවිධ අවලාද චෝදනා නගනවා. එහෙත් පසුගිය කාලයේ දිගින් දිගටම කළ සමීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ අපේ ඡන්ද පදනමේ වෙනසක් සිදුව නැති බවයි.
ප්‍රශ්නය:- ජනතාවගේ දැවෙන ප්‍රශ්නය වෙනුවෙන් ජ.වි.පෙ., ස.ජ.බ. ඇතුළු කණ්ඩායම් අරගල කරන මොහොතක පොහොට්ටුව නිහඬ පිළිවෙතක ඉන්නේ ඇයි?
පිළිතුර:- අපි නිහඬ පිළිවෙතක නැහැ. බොරුවට පාරවල් ගානේ කෑ නොගසා කළ යුතු දේ අපි කරනවා. බලශක්ති අර්බුදය අද මේ රටේ දැවෙන ප්‍රශ්නයක්. මේ රටේ ඒ අර්බුදය නිර්මාණය කළේ ජ.වි.පෙ.යි. ප්‍රශ්න හදා ජනතාව කුලප්පු කරන්න ඒ අය දන්නවා. සියයට තුනක කුහක කොටසක් මේ රටේ ඉන්නවා. ඉතිහාසයේ ප්‍රථම වරට මේ රටේ විදුලි බිල 2014 දී අඩු කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා. ඒ, නොරොච්චෝල බලාගාරය ඉදිකරලයි. ජනන සැලැස්මක් හදා සාම්පූර් බලාගාරය සහ නොරොච්චෝල හතර වැනි අදියරට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර අදාළ ගිවිසුම් පවා අත්සන් කර තිබුණා. ඒත් යහපාලන ආණ්ඩුව පැමිණි පසු ජ.වි.පෙ. මැදහත් වීමෙන් ඒ ක්‍රියාවලිය නතර කළා. අද ජනතාවට දරාගත නොහැකි විදුලි බිලක් ගෙවීමට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. බලශක්ති අර්බුදයකට රට මුහුණ දෙන්නේ ඒ නිසයි. මේ වැරැද්ද කළ ජ.වි.පෙ.ම අද ජනතාව ඉදිරියට පැමිණ උද්ඝෝෂණ කිරීම විහිළුවක්. බුද්ධිමත් ජනතාව මේවාට හසු වෙන්නේ නැහැ. ඔවුන් යථාර්ථය දන්නවා.
ප්‍රශ්නය:- විදුලිබල මණ්ඩලය කෑලි කෑලිවලට කඩා පෞද්ගලික අංශයට විකිණීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැන දරන ස්ථාවරය කුමක් ද? මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නෙත් පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමැතිවරයෙක් නේද?
පිළිතුර:- කෑලි කෑලිවලට කැඩීම එක කාරණයක්. ඒවා විකුණනවා කීම තව කාරණයක්. විදුලිය ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම කරන්න එකම කෙනකුට ඉඩ නොදීම ලෝක සම්ප්‍රදායක්. දියුණු රටවල මේ තත්ත්වය දැක ගන්න පුළුවන්. එවැනි ආකාරයට ලංකාවේත් නීති සකස් කළාට ඒවායේ තිබූ අඩුපාඩු නිසා අවශ්‍ය කටයුතු වුණේ නැහැ. විදුලිබල මාෆියාවත් මේවාට ඉඩ දුන්නේ නැහැ. දැන් යළි නීති සංශෝධනයක් වෙමින් තිබෙනවා. ලෝකයේ විදුලි බලය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදය මෙය බව ලෝක තත්ත්වය සොයා බැලුවොත් පෙනේවි.
ප්‍රශ්නය:- පොහොට්ටු නායකයන් මේ රට බංකොලොත් කළ බව අධිකරණය පවා තීන්දු කර අවසන්. මේ රට හදන්න ඔබලාට බැරි බව දැන්වත් තේරෙන්නේ නැද්ද?
පිළිතුර:- ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් දුන්නේ ගොනු කර තිබූ දිවුරුම් ප්‍රකාශ කිහිපයක් පදනම් කරගෙනයි. එහෙත්, රට බංකොලොත් වීම පිළිබඳ කරුණු සෙවීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කර තිබෙනවා. එහිදී ඉතා ගැඹුරින් මේ සම්බන්ධව සොයා බලනවා. ආර්ථික විද්‍යාව සම්බන්ධ ප්‍රාමාණික බුද්ධිමතුන්, විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන්, හිටපු මුදල් ඇමැතිවරුන්, මහ බැංකු අධිපතිවරුන්, දැන් සිටින මුදල් ලේකම්, නිලධාරීන් ගෙන්වමින් ගැඹුරින් කරුණු විමසනවා. මෙය පසුගිය දෙවසරේදී සිදු වූවක් නොව දිගු කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව පෙනී යනවා. මූලික අයිතිවාසිකම් නඩුවකදී සාක්‍ෂි විමසන්නේ නැහැ. ඉදිරිපත්ව ඇති දිවුරුම් ප්‍රකාශවල කරුණු සලකා බලා තීන්දුවක් දෙනවා. මෙහිදීත් බහුතර තීන්දුවට පටහැනි ආකාරයට එක් විනිසුරුවරයෙක් තීන්දුවක් දී තිබෙනවා. ඒ අනුව එතැනත් නිශ්චිත මතයක් නැහැ. මෙය ගැඹුරින් විමසා බැලිය යුත්තක්. එයට අවශ්‍ය කටයුතු පාර්ලිමේන්තුවේ සිදු වෙමින් පවතිනවා.
ප්‍රශ්නය:- පක්‍ෂ නායකත්වයේ වෙනසක් ගැන පසුගිය කාලයේ ඉඟි පළ වූවා. මෙවර සම්මේලනයේදී පක්‍ෂ නායකත්වයේ වෙනසක් වේවි ද?
පිළිතුර:- පක්‍ෂ නායකත්වයේ කිසිදු වෙනසක් නොවිය යුතුයි කියන මතයේ පක්‍ෂ ලේකම්වරයා හැටියට මම සිටිනවා. එය තීරණය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකයන්. මහින්ද රාජපක්‍ෂ කියන්නේ මේ රටේ දශක ගණනාවකින් පසු බිහි වූ ශ්‍රේෂ්ඨම නායකයෙක්. එවැනි නායකයෙක් යටතේ කටයුතු කරන්නට ලැබීම පක්ෂයක් ලබන භාග්‍යයක්. එවැන්නකුගේ නායකත්වය අතහැර අලුත් නායකයකු පත්කර ගැනීමේ අවශ්‍යතාවක් මේවනවිට පොදුජන පෙරමුණට නැති බව පක්ෂ ලේකම්වරයා හැටියට මගේ මතයයි.
ප්‍රශ්නය – මේ වන විට පක්ෂය කෑලිවලට කැඩී ඇති බවට පළවන මතය ගැන කියන්නේ කුමක්ද?
පිළිතුර – එවැනි යම් තත්ත්වයක් පේන්න තිබෙනවා. පක්ෂයෙන් ඡන්දයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ජය ගත්තේ මහින්ද රාජපක්ෂගේ රුව පෝස්ටර්වලට යොදාගෙනයි. ඔහුගේ නම විකුණමින්. පාර්ලිමේන්තු ආ එවැනි අයගෙන් කොටසක් මේ වන විට පක්ෂයෙන් වෙන්ව කටයුතු කරන තත්ත්වයට පත්ව තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ කුඩා කල්ලි කීපයක ඉවත්වීමක් තිබෙනවා. එහෙත් පක්ෂ සාමාජිකත්වයේ සහ ජනතාවගේ බෙදීමක් දකින්න නැහැ. ඉහළින් ඔලුගෙඩි මාරුවුණාට පහළ ජන පදනම එහෙමම තිබෙනවා. සිදුවූ යම් දේවල් පක්ෂයේ යහපතට වුණා ද කියන සිතිවිල්ලත් අපට තිබෙනවා.
ප්‍රශ්නය – ලබන වසර මැතිවරණ වසරක් බව ජනපතිම ප්‍රකාශ කරනවා. පොහොට්ටුව මේ අභියෝගයට සූදානම් ද?
පිළිතුර – ඔව්. අපි සූදානම්. මේ ජාතික සම්මේලනය පවත්වන්නේ එහි ප්‍රථම පියවර හැටියටයි.
ප්‍රශ්නය – ජනපතිවරණයේදී වත්මන් ජනපතිට සහාය දිය යුතු බව ඔබ පක්ෂයේ කොටසක් කියනවා. එය එසේම වේවිද? නැතිනම් වෙනම ගමනක් යනවාද?
පිළිතුර – අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා පක්ෂයක් හැටියට මේවනතෙක් තීන්දු කර නැහැ. අපි මේ රටට හොඳම අනිවාර්යයෙන්ම ජයගතහැකි අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. මේ වනවිට අපේක්ෂකයන් කීප දෙනෙක් ගැන සැලකිලිමත්වී තිබෙනවා. ඒ අතරින් නියත වශයෙන් ජයගතහැකි සහ රටට උපරිම දායකත්වයක් දිය හැකි පුද්ගලයා මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් කර ජයගන්නා බව පමණක් කියන්න පුළුවන්.
ප්‍රශ්නය – මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ ජ.වි.පෙ. ප්‍රමුඛ ජා.ජ.බ බවත් ඒ යටතේ වංචාව දූෂණය පිටුදැක වංචාවට දූෂණයට සම්බන්ධ සියල්ලන්ට දඬුවම් දෙන බවත් ඔවුන් කියනවා. මේ ඇඟිල්ල දිගුවෙන්නේ ඔබලා දෙසට නේද?
පිළිතුර – ඕකට මම උත්තර දෙකක් දෙන්නම්. යහපාලන ආණ්ඩුව පිහිටෙව්වේ මේ රටේ ජනතාවට බරපතළ බොරුවක් කියලයි. ඒ රාජපක්ෂවරු හොරකම් කළා කියලයි. ඒ ආණ්ඩුව පිහිට වූ පසු රනිල් අගමැතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් බලකායක් පිහිටෙව්වා. විශේෂ උපදේශක මණ්ඩලයකුත් පිහිටෙව්වා. එහි ප්‍රධාන භූමිකාව රඟ දැක්වූයේ ජ.වි.පෙ. නායක අනුර කුමාරයි. රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න කියා නීතිඥවරයෙක් පිටරටවලටත් යැව්වා. අන්තිමට ඒ අය ලක්ෂ ගණනක් විනාශකර මේ රටෙන් පැනගොස් වෙනත් රටවල දේශපාලන රැකවරණ ඉල්ලා ඒ රටවල පදිංචි වුණා. අදාළ කමිටුවක් පත්කර අනුර දිසානායකට සියලු බලතල දී ඒ සම්බන්ධව නීතිවිරෝධී පොලිසියකුත් හදා හොරකම් අල්ලන්න කියද්දී අල්ලන්න බැරි වූ හොරකම් බලයට ඇවිත් අල්ලනවා කීම ඔහු ජනතාවට සපයන විහිළුවක්. ජනතාව ඇන්දවීමක්.
අපි නම් ඔය වගේ කතා කියන්නේ නැහැ. දූෂිතයන් හෝ වංචනිකයන් හිරේ දැමීම හෝ දඬුවම් කිරීම පාලකයන්ට අයිති කාර්යයක් නෙමෙයි. එය නීතියට අයත්වුවක්. ඒ නිසා මේ රටේ නීතිය අපේ අතට ගන්නවා කියා අපි කිසි දිනක කියන්නේ නැහැ. එහෙත් ඉතිහාසයේ මේ රටේ සිදු වූ වංචා දූෂණ යටපත් කර තිබෙනවා. ඒ යම් හේතු නිසයි. මීළඟට අපි අනිවාර්යයෙන් අපේ ජනාධිපතිවරයෙක් අපේ ආණ්ඩුවක් බිහි කරනවා. මේ රටේ වැව් දස දහසක් හදනවා කියා ජනතා මුදල් කොල්ලකෑ පුද්ගලයන් ඒ ආණ්ඩුව යටතේ හෙළිකරන බව ජනතාවට සහතික වෙනවා. ඒ සම්බන්ධව කටයුතු කිරීමට නීතියට බාර දෙනවා. ඒ වගේම මේ රටේ සංස්කෘතික අරමුදලේ කෝටි ගණනක් හොරා කාපු බවට චෝදනා නැගෙනවා. ඒ සම්බන්ධව සුවිශේෂී පරීක්ෂණකර හොරු කවුදැයි හෙළිකරනවා. මේ රට මෙතැනට පත් කිරීමට විටින් විට පොදු දේපල ගිනි තබා ට්‍රාන්ස්පෝමර පුපුරුවා, මාර්ග කඩා රට විනාශ කළේ කවුදැයි හෙළිකළ යුතුමයි. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නීති සම්පාදනයටත් කටයුතු කරනවා.
එදා අනුරට එෆ්.සී.අයිඩිය බාර දුන්නාම කළේ කොඩි කණු බෙදීමට, සමාද්ධිලාභින්ට නිවාසවල තීන්ත ගෑමට රු. 25000 ක් දීම, ලිත් බෙදීම, ප්‍රා.සභාවට ටෙන්ට් බෙදාදීම යනාදිය ගැන බැසිල් රාජපක්ෂට නඩු පැවරීමයි. මේවා ජනතාව වෙනුවෙන් කළ සේවා ලෙස සලකා අධිකරණය විසින් එතුමා ඒ සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කළා. බොරුවට ජනතාව රවට්ටන්නේ මෙන්න මේවා ෆයිල්වල තබාගෙනයි.
(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොහොට්ටුව තාමත් ජනතා හදවතේ
සල්ලි Tuesday, 12 December 2023 08:38 AM
පොඩි එකෙක්ට මස් කෑල්ලක් අරන් දෙන්න විදියක් නෑ, එහෙව් රටක මේ හිඟන්නාට තියන ප්‍රශ්න..!
Sunakaya Tuesday, 12 December 2023 11:35 AM
මෙයාගේ ඇත්ත වාසගම සට්ටඹිරාළ නේද?
Perera Tuesday, 12 December 2023 01:39 PM
ගාඩ් එක නැතිව පාරට බැහැලා බලන්න... පොහොට්ටුව ජනතාවගේ හදවතේ ශුවර් එකට තියෙනවද කියලා...
Nimal Tuesday, 12 December 2023 03:12 PM
හරි... පොහොට්ටුව පිළිබඳව ජනතා හදවතේ පවතින්නේ කැකෑරෙමින් තිබෙන වෛරයක්...
රාලහාමි Tuesday, 12 December 2023 05:31 PM
ඡන්දෙන් පස්සේ තේරේවි, හැබැයි එළියේ නම් නොවෙයි, කූඩුවේදී, නැතිනම් මහපාරේදී...!
FAHIM Tuesday, 12 December 2023 05:51 PM
අනේ මෙයාට නම් පිස්සු...!
අමරබන්දු රුපසින්හෙ Wednesday, 13 December 2023 05:49 AM
මොන ජාතියේ ගුලිද දන්නේ නැහැ මෙයා ගන්නේ...? මොනවා වුණත් බොහොම බලගතු ගුලියක්...
Senarath Wednesday, 13 December 2023 11:51 AM
එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන...! හදවතේ තියෙන හැටි පෙන්නන්න.
Nimal Wednesday, 13 December 2023 02:16 PM
හිතාගෙන ඇති මේ පාරත් ජනතාව රවට්ටන්න...!
Jagath Wednesday, 13 December 2023 07:31 PM
මෙයා පිස්සෙක්ද? එහෙම නැත්නම් මේ හැටිද? මහජනතාව බලාගෙන ඉන්නේ පොහොට්ටුවේ එවුන්ව හිරේ දාන්න.. දැක්කේ නැද්ද උසාවියෙන් දීපු තීන්දුව..?
Gemiyek Friday, 15 December 2023 08:50 PM
මෙයත් කපුටන්ටම හරියනවා...
ranjith Saturday, 16 December 2023 03:57 AM
හදවතේ ඔබලා ගැන තමයි තියෙන්නේ... රට බංකොළොත් කරලා තව පම්පෝරි ගහනවා.
Kumara Saturday, 16 December 2023 10:38 PM
නෑ... ජනතාවගේ වැසිකිළි වලේ...!
LGP. JATHUNARACHCHI. Tuesday, 19 December 2023 05:46 AM
ජනතාවගේ හදවතේ සුවිශාල විනාශයක්...!
rabjith Tuesday, 19 December 2023 06:35 AM
මේ වගේ අවමානයකට පත්වුණු දේශපාලන පක්ෂයක් ලෝකයේම නැතිව ඇති... කුඩා දරුවෝ පවා පිළිකුල් කරන කණ්ඩායමක් වෙලා අද වෙනකොට...
Jayantha Wednesday, 20 December 2023 01:33 AM
පිස්සු තමයි...
janis Wednesday, 20 December 2023 04:18 AM
අනේ ඔව්. හදවතේ තියෙන්නේ ඒකමයි. අනේ යන්න. ජනතාවගේ හදවතේ තියෙන්නේ කවද්ද පොහොට්ටුව පරවෙලා යන්නේ කියලා...