IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්

ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැසට් නිවේදනයක් නිකුත් කළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේ මීළග සැසිවාරය ලබන 3 වැනිදා පෙරවරු 10.30 ට පැවැත්වෙන බව නිවේදනය කළේය.

සාම්ප්‍රදාය පරිදි අද දින (03 වැනිදා) පාර්ලිමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු ජනපතිවරයා ලෙස සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කළේය. එසේ වුවත්, තවමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා නොමැති බවත් සැළකිල්ලට ගත යුතුය.

ජනපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් නිකුත් කළ ප්‍රකාශය කාරණා කිහිපයක් නිසාම වැදගත්ය. ඒ අතරින් වඩාත්ම වැදගත් වන්නේ පුලුල් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සැබැවින්ම පියවර ගැනෙමින් තිබීමය.

ගෙවුණු සතියේ දිව්රුම් දුන් කැබිනට් මණ්ඩලය ඇමතූ ජනපති වික්‍රමසිංහ මහතා, ඔවුන්ගේ ආයු කාලය සති දෙකකට සීමා වනු ඇතැයි කියා සිටි අතර, දැනට කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් බහුතරයකින් සහ සමගි ජනබලවේගයේ සාමාජිකයන් දෙදෙනෙකුගෙන් බවද පැවසීය. එතැන් සිටම, ජනපතිවරයාගේ අවධානය යොමුව තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගැනීමේ කටයුතුවලටය.
ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ මූලික පියවරක් ලෙස ඔහු සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටම ලිපියක් යොමු කළේය. එහි මෙසේ සඳහන් විය.

“අද රට මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ නිර්මාණයව තිබෙණ දේශපාලන සහ සමාජමය නොසන්සුන්කාරී තත්ත්වය හසුරුවාගනිමින්, ක්‍රමිකව රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට වර්තමානයේ ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ අනුව, ක්‍රමවත් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික මට්ටමේ සැළසුම් මේ වන විට සකස් කෙරෙමින් පවතින අතර, ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන මූලික පියවරද, ඒ අතරවාරයේම ගැනෙමින් පවතී”

“කෙසේවුවත්, අප ඉදිරියේ තිබෙණ අභියෝග ජනගැනීමේ සමත් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල, විද්වත් කණ්ඩායම්වල, සිවිල් සමාජ සංවිධානවල සහ සියලුම අදාළ පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් බව මගේ අදහසයි. පොදු වැඩසටහනක් යටතේ රටේ ආර්ථික සහ සමාජ අර්බුදයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තුවේ සිටින තම නියෝජිතයින් කටයුතු කරනු ඇතිය යන්න මේ අවස්ථාවේ ජනතාව ද, බලාපොරොත්තු වේ. එය අප සියලුම දෙනාගේ රාජකාරියක් මෙන්ම වගකීම ද වේ”

“ඒ අනුව, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීම සහ පාර්ලිමේන්තු ආංශික කාරකසභා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම හරහා මෙම ජාතික වගකීම ඉටු කිරීම ඇතුලු අනෙක් ඉදිරි පියවර ගැනීම සඳහා වන පුලුල් සාකච්ඡාවක් ආරම්භ කිරීමට මම යෝජනා කරමි. එහිලා ඔබගේ හෝ ඔබගේ පක්ෂයේ අනුමැතිය හැකි ඉක්මනින් මවෙත දන්වන්නැයි ඉල්ලා සිටිමි”

 

ජාතික ආණ්ඩුවකට කොන්දේසි
බ්‍රහස්පතින්දා දිනයේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූත පිරිසක් හමුවිය. එම දූත පිරිසට නායකත්වය දුන්නේ හිටපු ජනපතිවරයෙක් වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ජනපති ලේකම් කාර්යාලය තවමත් පිරිසිදු කෙරෙමින් පවතින බැවින්, මෙම හමුව පැවැත්වුණේ මුදල් අමාත්‍යංශයේ සම්මන්ත්‍රණ ශාලවේදීය.

සිරිසේන මහතා විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව යාමට නියමිතව සිටි අතර, ඊට පෙර ජනපති වික්‍රමසිංහ මහතාව හමුවන්නැයි පක්ෂයේ මුල් පෙල සාමාජිකයෝ ඔහුට බල කර තිබුණහ. මෙම හමුවෙන් පසුව ඔහු දිවයිනෙන් බැහැර විය.

ජනපතිවරයා සමග පැවැති සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුලුල් කොන්දේසි දෙකක් ඉදිරිපත් කළේය. එකක් වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන නියෝජිතයන් නිරූපණය වන ජාතික විධායක කවුන්සිලයක් ගොඩ නැගීමය. ප්‍රතිපත්ති සම්පාදන කටයුතු කෙරෙන්නේ එය යටතේය. දෙවැන්න වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත පාර්ලිමේන්තුවට හඳුන්වාදීමය.

ජාතික විධායක කවුන්සිලයක් ගොඩනැගිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ කොන්දේසිය සර්ව පාක්ෂික ආණ්ඩුවක සාමාජිකයන් වනු ඇති අනෙක් සාමාජිකයන්ගේ අදහස්වලටත් යොමු කිරීමට ජනපති වික්‍රමසිංහ මහතා එකගව ඇතැයි දැනගන්නට ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ඉදිරිපත් කරන බව ඔහු දැනටමත් කියා ඇත. කෙසේවෙතත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම සර්ව පාර්ශික ආණ්ඩුවක පාර්ශවකරුවෙක් වීමේ කැමැත්තෙන් පසු නොවේ.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂය එහි පාර්ශවකරුවෙක් නොවන බව ප්‍රකාශ කර ඇත. නමුත් ප්‍රධාන විපක්ෂය වන එහි ඇතැම් සාමාජිකයන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සමග එක්වණු වස් නොනිල මට්ටමින් සාකච්ඡා පවත්වමින් සිටින බව රහසක් නොවේ. එහිලා, වඩාත් අවධානයට ගතයුතු කාරණයක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල සාමාජිකයන් පිරිසක්, සිය සාමාජිකයන් සහ සමගි ජනබලවේගයේ සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂය යටතේ එක්සත් කරවීමට උත්සාහ කරමින් සිටීමය. එය ඉලක්ක කොට ගත හැකි විවිධ පියවර සම්බන්ධයෙන් ද, සාකච්ඡා පැවැත්වෙමින් තිබෙණ අතර, නැවතත් සඳහන් කළ යුත්තේ මේ සියල්ල සිදුවෙමින් තිබෙන්නේ නොනිල මට්ටමින් බවය.

මෙම කටයුතුවල අවසානයක් දැනට පෙනෙන්නට ද නොමැත.

මේ කිසිවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නම් සුභ පුවත් නොවේ. ප්‍රේමදාස මහතාගේ ඇල්මැරුණු නායකත්ව පිළිවෙත මේ වන විට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක්වෙමින් ඇත. නායකත්වය සමග බිඳී සිටින පක්ෂයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයෙක්, ප්‍රේමදාස මහතාගේ තීරණ ගැනීමේ පිළිවෙත විස්තර කළේ ‘ගන්න ආසයි, ඒත් බයයි‘ ලෙසය.

ජනපතිවරයා තෝරාගැනීමේ තරගයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුණු ඩලස් අලහප්පෙරුම සමග ඔහු ඇති කරගත් තරග නොකිරීමේ ගිවිසුම මුල් කරගෙන ඔහු සමග දැඩිවම අමනාපයෙන් සිටින සාමාජික පිරිසක් ද සමගි ජනබලවේගයේ සිටිති. ප්‍රේමදාස මහතා මෙම ගිවිසුම ඇති කරගෙන ඇත්තේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික කාර්යාලයක දී බව සැළය. එය සිදුව තිබෙන්නේ ජනපතිවරයා තෝරාගැනීමට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමට දින 3 කට පෙරය.

ජාතික හෙළ උරුමය ද, සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් නොවනු ඇත. එහි නායක පාඨළී චම්පික රණවක මහතා සන්ඩේ ටයිම්ස් සමග මෙසේ අදහස් දැක්වූයේය.

“අපි කොන්දේසි 3 ක් ඉදිරිපත් කරලා තිබෙනවා” යයි ද පාඨලී චම්පික මහතා පැවසීය.
එකක් වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය හරහා ස්ථාපිත කළ යුතුවම තිබෙන නායකත්ව කවුන්සිලයකි.

දෙවැන්න වන්නේ අවම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සියලුම පක්ෂ නායකයන් අත්සන් කළ යුතු ගිවිසුමක්. වැඩකරන අමාත්‍යංශවල අදාළ කටයුතු සඳහා උපකාර කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ඇතුළත් වන විධායක කමිටු ක්‍රමය ඇති කළ යුතුව තිබීමය.

තෙවනුව, මහ බැංකුව, රාජ්‍ය බැංකු, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ලිට්රෝ ගෑස් සමාගම වැනි වැදගත් රාජ්‍ය ආයතන ස්වාධීන පුද්ගලයින් යටතේ පාලනය වීමයි.

තමන් මෙසේ ඉදිරිපත් කර තිබෙණ කොන්දේසි පිළිගනු ඇතිදැයි ජාතික හෙළ උරුමයට පවතින්නේ සැකයකි.

ඒ අතරවාරයේම ජනපතිවරයා සමග එකතු වුණි යැයි ජාතික හෙළ උරුමය මුල් කරගෙන වියවුල්කාරී තත්ත්වයක් ද නිර්මාණය විය. එයට මුල් වූයේ ජාතික හෙළ උරුමයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක රාමනායක මහතා ජනපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබීමයි. ඔහු ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සිටි බවත්, නව තනතුරට ඔහුගේ නම යෝජනා කර ඇත්තේ යහපාලන රජය සමයේ වික්‍රමසිංහ මහතා රටේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ ඔහුගේ මාධ්‍ය ප්‍රධානියා වූ සමන් ආතාවුදහෙට්ටි මහතා බවත් පසුව අනාවරණය විය.

යෝජිත පුලුල් සන්ධානය සමග එක්වීමට නියමිතව සිටින අනෙක් පිරිස් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරි කොටසය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් බිඳී ගොස් වෙනම කණ්ඩායමක් ලෙස වර්තමානයේ පාර්ලිමේන්තුවේ පෙනී සිටින දේශපාලන පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමකි.

මේ සියලුදෙනා අතරට, ගෙවුණු සතියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිව්රුම් දුන් වජිර අබේවර්ධන මහතා ද, අයත් වනු ඇත. ඔහුට කැබිනට් අමාත්‍යධූරයක් හිමිවීමට නියමිත බව සැළය.

දේශපාලන පක්ෂ 11ක කණ්ඩායමට නායකත්වය දෙන්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන තුන් කට්ටුව වේ. මේ තිදෙනටම සර්ව පාක්ෂික ආණ්ඩුවක කැබිනට් මණ්ඩල තනතුරු හිමිවීමට බොහෝදුරට ඉඩ ඇත. කොටින්ම, ගෙවුණු සතියේ පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී, මෙම දේශපාලන පක්ෂ 11 ක කණ්ඩායම ප්‍රබල පණිවිඩයක් ලබාදුන්නේය.

හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120ක් ලැබී තිබුණු අතර, ඒ ඔවුන්ගේ ඡන්ද 11 ද, ඇතුළත්වය. එසේ නොවුණි නම් ලැබෙන්නට තිබුණේ ඡන්ද 109කි. එය සාමාජිකයන් 225කින් සමන්විත පාර්ලිමේන්තුවේ සරල බහුතරයට වඩා අංක 4කින් අඩු අගයකි. මෙසේ, හදිසි නීතිය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වුණු අතර නොපැමිණි සිටි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 42ක් විය.

දෙමළ ජාතික සන්ධානය ද, සර්ව පාක්ෂික ආණ්ඩුවක් සමග අත්වැල් බැඳ ගැනීමේ කැමැත්තකින් පසුවන බව පෙනෙන්නට ඇත. එහි ප්‍රකාශක ඒබ්‍රහම් සුමන්තිරන් මහතා සන්ඩේ ටයිම්ස් හා මෙසේ පැවසුවේය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලයට යටත් නොවුණු ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් තිබෙනවා නම්, එවැන්නකට සහාය දැක්වීමක් ගැන අපේ පක්ෂය සළකා බලනවා. අපි ආණ්ඩුව ගැන විවේචනාත්මක ස්ථාවරයක් අනුගමනය කරන්නේ ඒ හේතුව, ඒ කියන්නේ ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් වීම, යන්න නිසාමයි”

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ තමන්ගේ දේශපාලන මතවාදය අහිමිව ගොස් ඇති, ප්‍රතික්ෂේපව ඇති පක්ෂයක්. ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසයි එම පක්ෂයෙන් තේරී පත්වුණු ජනපතිවරයාටත්, අගමැතිවරයාත් ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වන තැනටම බල කෙරුණේ. තමන්ගේ දේශපාලන මතවාදය දැන් තමන්ටම අහිමිව තිබෙනවාය කියන එක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් පිළිගෙන තිබෙනවා”

“සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිවිය යුතුයි. නමුත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ ඉන්නවා වගේම, අපිත් සිටින්නේ ඕනෑම ආකාරයක ජාතික ආණ්ඩුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යටතේ නොපැවතිය යුතු, ඔවුන්ගේ ආධිපත්‍යට යටත් නොවිය යුතු, ආණ්ඩුවක් විය යුතුය කියන ස්ථාවරයේ” යයි ඒබ්‍රහම් සුමන්තිරන් මහතා සන්ඩේ ටයිම්ස් හා මෙසේ පැවසුවේය.


ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය  - කොවිද ගුණසේකර

 



අදහස් (1)

පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්

fairoos Monday, 08 August 2022 05:33 PM

පොහොට්ටුව නැතුව ආණ්ඩුවක් හදන්න නම් ඡන්දයක් තියෙන්නම ඕනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 434 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 99 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 95 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 414 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 94 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 332 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site