IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දමනු එපා

පළාත් පාලන ඡන්දය සඳහා 2023 අයවැයෙන් වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිකුත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හේතුවෙන් එකී ඡන්දය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් දැල්විණි. එහෙත් එම බලාපොරොත්තුව යළි බිඳ වැටෙමින් ඡන්දය පැවැත්වීම අවිනිශ්චිතභාවයට ඇද වැටී තිබේ.

එසේ වූයේ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදා අඟහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කිරීමෙන් පසුවය. රටේ ආර්ථිකය යහපත් වනතුරු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැති බව අඟවමින් රජයේ ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයන් සහ බලධාරීන් විසින් වරින්වර කරනු ලබන ප්‍රකාශ එම අවිනිශ්චිත බවට හේතුවී තිබේ.

රටේ මැතිවරණ පැවැත්වීම පිළිබඳ සියලු වගකීම ව්‍යවස්ථානුකූලව පැවරී තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව වෙතය. එම කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් අර්ථ ගැන්වෙයි. එසේ නම් ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ කිසිදු අවහිරයකින් හෝ බාධාවකින් තොරව පැවැත්වීමට මැතිවරණ කොමිසමට නිදහස තිබිය යුතුය. එහෙත් පසුගිය මාර්තු 09 වැනිදාට පළාත්පාලන මැතිවරණයේ දින නියම වීමෙන් පසුව එම කාර්යභාරය ඉටුකිරීමට මැතිවරණ කොමිසමට ලැබිය යුතු සහාය වෙනුවෙන් රජයේ බලධාරීන්ගෙන් දිගින් දිගටම එල්ල වූයේ අවහිර සහ බාධා කිරීම්ය. එවැනි බාධා කිරීම් රටේ ප්‍රතිරූප පවා ඇති කරන්නේ බලවත් කැළලක් බව සඳහන් කළ යුතුය.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි වගන්තියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත් පරමාධිපත්‍යය අත්හළ නොහැකි  බවත් පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන බවත්ය. ජනතා පරමාධිපත්‍යයට ඡන්ද බලය අයත්වීම හේතුවෙන් ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට අවහිර සහ බාධා ඇතිකිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට එරෙහි වීමකි. තර්ජන එල්ල කිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදී රටක එසේ සිදුවිය නොහැක. ජනතාව සතු ව්‍යවස්ථානුකූල ඡන්ද බලයට තර්ජන එල්ල වන රටක් තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් සැලකිය හැකිද?

ජනතා පරමාධිපත්‍යයට කිසියම් දේශපාලනඥයකු හෝ නිලධාරියකු හෝ බාධා කරන්නේ නම් හෝ එය අහිමි කිරීමට ක්‍රියා කරන්නේ නම් හෝ එය රටේ ව්‍යවස්ථානුකූල පාලනයට පටහැනිව යාමකි. මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් ලැබෙන්නේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පළමු ධුර කාලය තුළදී වයඹ පළාත් සභා මැතිවරණය කල් දැමීමට කිහිපවරක් උත්සාහ දැරූ අවස්ථාවේය. ඊට අදාළ නඩු විභාගයක දී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබුණේ එය කළ හැක්කේ ජනතාවගේ කැමැත්ත මත පමණක් බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියට අනුව ජනතා පරමාධිපත්‍ය බලය හිමි කළ හැක්කේ ජනමත විචාරණයක් මගින් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පදනම එය විය.

පළාත් පාලන මැතිවරණ ප්‍රකාශ කර තිබුණත් ඒ සඳහා අවශ්‍ය මුදල් සහ අනෙකුත් පහුකම් නොලැබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට ඉතා දුෂ්කර තත්ත්වයක් මතුව ඇතැයි සඳහන් කරමින් ඒ සඳහා සහන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවේ සඳහන් වන්නේ පෙත්සම්කාර පාර්ශ්වයෙන් ඉල්ලා ඇති සහන ලබාදීමට තීරණය කළ බවය. මේ නඩු විභාගයේ දී පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු අතර ජනතාව සතු සර්වජන ඡන්ද අයිතිය මේ අවස්ථාවේ දී ලබා නුදුන්නොත් කිසිදාක පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් උද්ගතවිය හැකි බවද පෙන්වා දී තිබිණි.

රජය වෙනුවෙන් දැක්වූ කරුණු අතර සර්වජන ඡන්ද බලය රජය ඉතා ඉහළින් පිළිගත්තත් රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී ආර්ථික තත්ත්වය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතා සහිත කාලයක් ගත කිරීම මූල්‍ය ප්‍රමාදයට හේතුවී තිබෙන බවය. ඒ කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව මැතිවරණයට වෙන් කළ මුදල තවදුරටත් රඳවා ගැනීමට අවසරයක් නැත.

ආණ්ඩුවේ කරුණු දැක්වීමේ යම් සත්‍යතාවයක් තිබුණද ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීමේදී පවතින අභියෝග ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැත. එහි අනෙක් අර්ථය ආණ්ඩුව සහ රාජ්‍ය සේවය කලින් කලට පැවැත්වෙන මැතිවරණ නිසි පරිදි පවත්වමින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවය. ඒ සමඟ පෙන්වාදිය යුත්තේ ආණ්ඩුව රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ සහ ක්‍රියාපිළිවෙළ අතර ප්‍රබල වෙනසක් තිබෙන බවය.

රුපියල් කෝටි ගණන් වියදම් කරමින් රටේ  ජනතාවගේ දැඩි විරෝධය මැද නිදහස් උළෙල උජාරුවෙන් පැවැත්වීමත් ජන රජ පෙරහරක් පැවැත්වීමත් එයට හොඳම උදාහරණ දෙකකි. රජය ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු නම් කළ යුත්තේ උත්සව පෙරහර පැවැත්වීම නොව දැනට ද වසරකින් කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගැනීමය.

මේ අතර රටේත් ජනතාවගේත් නිරවුල් පැවැත්ම සඳහා පළාත්පාලන මැතිවරණය නොපමාව පවත්වන්නැයි බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. එම ලිපියේ තවදුරටත් සඳහන් වී ඇත්තේ ඡන්දය නොපැවැත්වීම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වන අතර මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවත්වන බවට රජය කරන තර්කය පිළිගත නොහැකි බවය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව සහ බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ ඉල්ලීමට පටහැනිව රජය කටයුතු නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි.

(****)



අදහස් (0)

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දමනු එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 992 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 6463 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 446 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 839 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 851 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 449 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site