දෙවිදුහලක් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ සාමාන්‍ය තරගයකට එහා ගිය සැණකෙළියක ස්වරූපයෙනි. සිසුන් මෙන්ම ආදි සිසුන්ද ගුරු දෙගුරුන්ද තරගයේ තීරණයට වඩා එම අවස්ථාව කෙළිදෙළෙන් ගත කිරීමට උනන්දුවීම හේතුවෙන් තරගයේ උණුසුම් බවට වඩා සතුට, ප්‍රීතිය සැමරීමේ උණුසුම ඉහළ යාම ද සිදුවෙයි. එහෙත් එම සතුටේ, ප්‍රීතියේ සීමා මායිම් හරිහැටි හඳුනා නොගැනීමෙන් සිදුවූ ඉතාම අවාසනාවන්ත ඛේදවාචකයක් පිළිබඳ අපට අසන්න ලැබුණේ බදුල්ලෙනි. මේ ඛේදවාචකය මගින් තරුණ සිසුන් දෙදෙනකුගේ ජීවිත බිලිගනු ලැබූ අතර තවත් සිසුන් 11 දෙනකුට රෝහල්ගතවීමට ද සිදුවිය.
ඌව මහා සංග්‍රාමය වශයෙන් හඳුන්වන බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව මහ විදුහල අතර පැවති වාර්ෂික ක්‍රිකට් සැණකෙළිය මේ ආකාරයට අවමඟුලක් බවට පත්වීමට ගතවී තිබුණේ තත්පර කිහිපයක කාලයක් පමණි. සිසුන් පිරිසක් අනාරක්ෂිත ලෙස නංවාගෙන ධාවනය කළ කැබ්රියක් තරගය පැවති ක්‍රීඩාංගණය අසලදී අනතුරකට ලක්වී පෙරළීයාමෙන් මේ ඛේදවාචකය සිදුවූ බව පොලීසියේ වාර්තාවලින් දැක්විණි. අනතුරට ලක්වූ කැබ්රිය පැදවූ 17 හැවිරිදි සිසුවාට තිබුණේ තාවකාලික රියැදුරු බලපත්‍රයක් බවත් එම බලපත්‍රය සන්තකයේ තබාගෙන නිවෙසේ තිබූ කැබ් රිය රැගෙන විත් තිබූ බවත් පොලීසිය ප්‍රකාශ කර තිබිණි. එසේ කැබ්රිය තම දරුවාට ගෙනයාමට ඉඩ දීමෙන් මවුපියන්ද කර ඇත්තේ වරදක් බවත් එහි සඳහන් විය.
සිද්ධියෙන් මියගිය සිසු දරුවන් දෙදෙනාගේ අකල් මරණ අපගේ ද බලවත් සංවේගයට හේතුවෙයි. එසේම රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ට ද ඉක්මන් සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනය කරමු. මීළඟට සිදුවිය යුත්තේ මෙවැනි ක්‍රියා ඉදිරියේ දී සිදුවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමය. ඒ සඳහා පාසල් අතර මහ ක්‍රිකට් තරග පවත්වන විදුහල්පතින් ඇතුළු පාසල් බලධාරීන්ගේත් පොලීසියේ නිලධාරීන්ගේත් සහාය අවශ්‍යම ය.
බදුල්ලේ සිදුවූ තරුණ සිසුන් දෙදෙනකුගේ ජීවිත බිලිගත් ආකාරයේ ඛේදවාචක වළක්වා ගැනීමට නම් බිග්මැච් ආශ්රයෙන් බිහි වී තිබෙන විවිධ උපසංස්කාතීන් ද හඳුනාගත යුතුය. ඒ අතුරින් රිය පෙළපාළි සුළු මට්ටමකින් ඇරඹී ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වූ අංගයකි. මේ පෙළපාළි මුල් කාලයේ ඇරඹුණේ බයිසිකල් සවාරි හැටියටය. කොළඹ නගරයේ ප්‍රධාන විදුහල් කිහිපයක බිග්මැච් සමඟ ඇතිවන තරුණ සිසුන්ගේ උද්යෝගය ඔවුන් පිටකර හැරියේ සයිකල් සවාරියක් ඇසුරෙනි. එම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ආදි සිසුන්ගේද සහාය ඇතිව පොලීසිය දැනුම්වත් කර ඉතා ක්‍රමානුකූලව එම සයිකල් සවාරි සංවිධානය කෙරිණි. ක්‍රම ක්‍රමයෙන් රටේ සෙසු ප්‍රධාන නගරවලට ද ව්‍යාප්ත වූ සයිකල් සවාරි පසුව විශාල වාහන සවාරි බවට පත් විය. මේ වනවිට රටේ බොහොමයක් ප්‍රධාන නගරවල බිග්මැච් ආශ්‍රිතව සංවිධානය කෙරෙන රිය පෙළපාළි සාමාන්‍ය දර්ශනයකි. බදුල්ල රිය අනතුර එවැනි සවාරියක් අතරතුර වූ සිද්ධියකි. කෙසේ වුවද මේ රිය පෙළපාළිය සඳහා පොලීසියේ නිසි අවසරය ලබා නොගත් බව ද සඳහන් ය.
බිග්මැච් සංවිධානය කිරීමේ දී විවිධ බලපෑම් සිදුකළ හැකි ආදි සිසුන් පොලීසියේ ඉහළ පුටුවලත් ත්‍රිවිධ හමුදාවේත් දේශපාලනයේත් නිරතව සිටින බව නොරහසකි. එසේම පොලීසියට බලපෑම් කළ හැකි වෙනත් බලවත් පුද්ගලයෝද මේ ආදි සිසුන් අතර වෙති. පොලීසියට මෙවැනි රිය පෙළපාළි තහනම් කිරීම අපහසු වන්නේ මේ හේතු නිසාය.
අප සිතන්නේ එය ක්‍රියාත්මක කිරීමට අපහසු තීරණයක් වන බවය. මේ නිසා රිය පෙළපාළි පමණක් නොව බිග්මැච් සංස්කෘතියට අදාළ වෙනත් ක්‍රියාකාරකම් ද අනතුරුවලින් සහ රටේ මහජනතාවට හිරිහැරයන් නොවන අයුරින් පැවැත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත. සිදුවිය යුත්තේ එවැනි මාර්ග නීති රීතිවලට පටහැණි ආකාරයේ කටයුතු කිරීමෙන් සිසුන් වළක්වා ගැනීම ය. ඒ සඳහා පොලීසියට සහාය දැක්වීම බිග්මැච් සංවිධානය කරන සියලු පාසල්වල බලධාරීන්ගේ වගකීමක් බවද පෙන්වාදීමට කැමැත්තෙමු.
(***)
ඡායාරූපය - ද සන්ඩේ ටයිම්ස් අනුග්රහයෙනි
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිග් මැච් ඛේදවාචක වැළැක්වීමට අලුතින් සිතමු
Asela Tuesday, 11 April 2023 09:49 PM
One country, one law. If police did not implement the law equaly for everyone, then police has to take the responsibility.