අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අනගාරික ධර්මපාලතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාය. මව වූයේ මල්ලිකා ධර්මගුණවර්ධන මහත්මියයි.
අනගාරික ධර්මපාලතුමා උපත ලැබුවේ මීට වසර 160කට පෙර 1864 සැප්තැම්බර් මස 17 වැනිදාය.
මේ ලිපිය හිටපු අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු වූ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ලියන ලද ඉතා කෙටි හැඳින්වීමකින් ආරම්භ කිරීම උචිතය.
කොළඹ පැවැත්වුණු ප්‍රසිද්ධ රැස්වීමක දී අනගාරික ධර්මපාලතුමා පළමු වරට දැක බලා ගැනීමට මට හැකි විය.
එතුමාගේ විශිෂ්ට කායික ලක්ෂණවල දක්නට ලැබුණේ ඉතා වෙනසකි. ප්‍රබල ශක්තියක් උද්වහනය කළ එතුමාගේ පූර්ණ පෞරුෂය සකල සභාවම පුරා පැතිර ගියේය. අනගාරික ධර්මපාලතුමාගේ නින්නාද දුන් කතාවේ ශබ්දය ඒ සභා ශාලාව පුරා රැව් දෙමින් ශ්‍රාවක ජනයාගේ සිත් සතන් තුළ එතුමා කෙරෙහි ගෞරව බහුමානයක් දැනවීය. රිදී සීනුවකින් නැගුණු වැනි එතුමාගේ කතාව විටෙක කටුක වුවද මිතුරාගේ මෙන්ම සතුරාගේ ද හද බැඳ ගැනීමෙහි සමත් විය. එසේ වූයේ මේ වදන් ගලා ආවේ අවංක ජාත්‍යාලයකින් හා ආගමික භක්තියකින් පිරුණු නිර්භීත හදවතකින් බව සියල්ලන් දැන සිටි හෙයිනි.
ජාතියේ පියා නමින්ද හැඳින් වූ මේ තුන්කල් දුටු ප්‍රතාපවත් එඩිතර විරෝදාර අනගාරික ධර්මපාලතුමා මෑත භාගයේ මේ රටේ බිහි වූ (19 වන සියවසේ මැද භාගයේ) බෞද්ධ පුනර්ජීවනයේ පුරෝගාමී නිර්මාතෘවරයාණන්ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයත් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් නිසා පිරිහෙමින් පැවති බුද්ධ ශාසනයත් සමාජයේ සිතුම් පැතුම් ද යළි වෙනසකට පත් කරමින් පුනරුත්ථාපනය වූ ඒ ඓතිහාසික යුග මෙහෙවර පැවරුණේ අනගාරික ධර්මපාලතුමාටය.
ඒ කාර්ය ඉටු කිරිමෙහිලා එතුමා කෙරෙහි බලපෑ සමාජ බලවේග මෙන්ම එතුමා එම සත් ක්‍රියාවන්ගෙන් රිදුණු සමහර ප්‍රතිගාමීන්ගේ ක්‍රියාකාරීත්වයන් ද නිසි ලෙස අවබෝධ කරගත හැක්කේ අති බහුතර සංඛ්‍යාවක් ඉංග්‍රීසි හා සිංහල භාෂාවන්ගෙන් ලියන ලද පොත් පත් හා ලිපි ලේඛන කියවීමෙන් පමණි.
අනගාරික ධර්මපාලතුමා ජීවත්ව සිටි යුගයට වඩා අද එතුමාගේ සේවාව අවශ්‍ය බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. මේ යුගයේ අප අද මුහුණ පා ඇති සාමාජික ආගමික ආර්ථික හා සංස්කෘතික වාතාවරණය අනගාරික ධර්මපාලතුමා සෘෂිවරයෙකු මෙන් එදා දුටුවේය.
අනගාරික ධර්මපාලතුමා පිළිබඳ මඩිහේ පඤ්ඤාසීහ නාහිමිපාණන් වහන්සේ මෙසේ සඳහන් කළහ.
දොන් ඩේවිඩ් යන නම වෙනස් කර අනගාරික ධර්මපාල යන නාමය යොදාගත් වීරෝදාර තරුණ මහතා රට ජාතිය ආගම හා භාෂාව පණ ගන්වමින් සේවය කළේය. මෑත භාගයේ දී ගිහි පැවිදි දෙපසින්ම අනගාරික ධර්මපාලතුමා තරම් සේවයක් කළ කෙනෙකු නැත. එතුමාගේ හඬින් ප්‍රබෝධ වූවාහු ලක්ෂ ගණනකි. එතුමාට ප්‍රශංසා කළාහු ද ලක්ෂ ගණනකි. ඒවා ඉවසා දරා භාරත දේශයට ගොස් බුද්ධගයාව බේරා ගැනීමේ මහා සටන දියත් කර එය හින්දු මහන්තාගෙන් බේරා ගෙන බෞද්ධ ජනතාවට ලබාදී මෙහිලා මුල් වී ක්‍රියා කළහ.
ඉතා ප්‍රකට ලේඛකයෙකු වූ ඩේවිඩ් කරුණාරත්න මහතා අනගාරික ධර්මපාලතුමා ගැන මෙසේ සඳහන් කළේය.
අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයේ ස්වර්ණමය යුගය වර්ෂ 1911 දී ඇරඹුණි. ඒ වර්ෂයේ දී සිය හතලිස් හත් වන වර්ෂයේ දී පස්වැනි වතාවටත් කරන ලද ලෝක චාරිකාවෙන් පසුව ලක්දිවට පැමිණි අනගාරික ධර්මපාලතුමා ලංකාවාසීන් විසින් පිළිගන්නා ලද්දේ ඔටුනු නොපළත් සිංහල රජ කෙනකු ලෙසටය. ඒ කාලය වන විට එතුමාගේ අවංක භාවය පිළිබඳ සැක පහළ කළ සතුරෙකුදු එතුමාට නොසිටියේය. එහෙයින් අවංක ජන නායකයෙකු හැටියටත් ජාතියේ නියම මාර්ගෝපදේශකයා හැටියටත් ලංකාවාසීහු එතුමා පිළිගත්හ.
(***)
සිරිසමන් විජේතුංග
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා