IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


බදු පනතේ වාසි අවාසි

නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ නිසා විවිධ ක්ෂේත්‍රවල නියැලී සිටින පුද්ගලයන්ට මෙම පනත බලපාන ආකාරය පිළිබඳ දැනටමත් විවිධ අදහස් පළ වෙමින් තිබේ. එහෙත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා චෝදනා කළේ මේ සම්බන්ධයෙන් මතුව ඇති සමාජ සංවාදයෙහි දුර්මත පිරී ඇති බවටය.

ඒ නිසා නව දේශීය ආදායම් බදු පනතේ මූලික හැඩරුව ගැන යම් පමණෙකින් හෝ විමසා බැලීම වටනේය. නව දේශීය ආදායම් බදු පනතේ මූලිකාංග කීපයක් දැකිය හැකිය. රජය මූලිකවම මෙම පනතින් ඉලක්ක කරතිබෙන්නේ මධ්‍යම පන්තියයි. මැදි ආදායම් පන්තිය පහළ මැදි ආදායම් හා ඉහළ මැදි ආදායම් හැටියට කොටස් දෙකකට බෙදේ. මෙම පනතින් මෙම පන්ති දෙකම ඉලක්ක කර තිබෙන බව ඉතා පැහැදිලිය. උපයන විට ගෙවීමේ බද්ද මෙහිදී ආණ්ඩුවේ මූලික ඉලක්කයක් වී ඇත. උපයන විට ගෙවීමේ බද්ද (PAYE -pay as you earn) බදු සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් ලක්ෂ දොළහ දක්වා මෙම පනතෙන් වැඩි කර ඇත. 

බදු පනත අනුව සෑම පුරවැසියකුම උපයන පළමු රුපියල් ලක්ෂය දක්වා මුදල බදුවලින් නිදහස් කෙරේ. ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 4%ක බද්දක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 8%ක බද්දක් ද අය කෙරේ. ඉන් පසු බදු අයකෙරෙන්නේ උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 12%ක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 16%ක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 20%ක්ද ඊට වැඩිවන සෑම මුදලකට 24%ක්ද වශයෙනි.

මින් පෙර මෙම අගය පරාසය පැවැතියේ 4% සිට 16% දක්වාය. උපයන විට ගෙවීමේ බද්දට අදාළව වැටුප මින් පෙර ගණනය කළේ වෛද්‍ය දීමනා, ප්‍රවාහන දීමනා හා ඒ හා සමාන වෙනත් දීමනා ඉවත් කරය. එහෙත් නව ක්‍රමය යටතේ මෙම සියලු දීමනා වැටුපේ කොටසක් හැටියට සලකා ගණනය කෙරේ. රජය එවැනි ගණනය කිරීමකට යන්නට ඇත්තේ වැටුප්වල දීමනා ආදී ගෙවීම් වැඩි වශයෙන් එල්ලා ඇති බැවින් විය යුතුය. පෞද්ගලික අංශයේ මධ්‍යම නිලයක් දරන තැනැත්තකු ගතහොත් සාමාන්‍යයෙන් මෙම දීමනා සියල්ල එකතු කළ විට මාසික වැටුප රුපියල් ලක්ෂය ඉක්මවීමේ වැඩි සම්භාවිතාවක් ඇත. ශ්‍රමබල සමීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත්විට මෙම තත්ත්වය අපට නිරීක්ෂණය වේ. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීමේ පොලිය වැඩි අගයක් ගන්නා අවස්ථාවල දී බද්දක් පැනැවීම ද නව පනත යටතේ සිදුවේ.  එනම් ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 වඩා වැඩිනම් පමණක් පොලිය මත 5% බද්දක් පැනැවේ. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ මුදල් ආපසු ගැනීමේදී රුපියල් මිලියන දෙකට වැඩි නම් 14% ක බද්දක් පැනැවේ. පුණ්‍යායතනවල ලබන ආදායම් ද එසේය. ප්‍රාග් ධන ලාභ ගැන ද ආණ්ඩුව සැලකිලිමත් වී ඇති බව පෙනේ. උදාහරණයකට අප නිවෙසක් මිලදී ගෙන වසර තුනක් ඇතුළත ගැනුම් මිලට වැඩි මිලකට විකුණන්නේ නම් එම වැඩි මිලට අදාළව බද්දක් පැනවේ.

ඒ අනුව රජය බදු දැලට දැනට හසුව නැති හා යාන්තමින් හසුව ඇති පිරිස් ද බදු දැලට කෙළින්ම හසුකරගැනීමට මෙමගින් කටයුතු කර ඇති බව පැහැදිලිය. එසේම රජය ඇතැම් ක්‍ෂේත්‍රවලට මෙතෙක් තිබුණු බදු විරාම 200 ක් පමණ අහෝසි කර ඇත. සමාගම් ලාභ මත 28% ක වැනි බදු අනුපාතයක් දැනට තිබේ. දුම්කොළ හා අරක්කුවලදී මෙම අගය තිබෙන්නේ 40% ක පමණය. කෘෂිකර්මාන්තයට 14%, සුළු පරිමාණ 14%, සංචාරක ව්‍යාපාරයට 14%, අධ්‍යාපන සේවා සපයන ආයතනවලට 14% ආදී වශයෙන් පවත්වාගෙන යමින් යම් යම් ක්‍ෂේත්‍රවලට සුවිශේෂී සැලකුම් දැක්වීම වෙනුවට පොදු බදු අනුපාතයක් පවත්වාගෙන යෑමට ද රජය උත්සාහ දරා ඇත.

බදු ගෙවීම පැහැර හැරීම, බදු සම්බන්ධයෙන් වැරැදි තොරතුරු ලබාදීම හා බදු ගෙවීම පමා කිරීමට අදාළව පවතින නීති තවත් ශක්තිමත් කර තිබේ. එම වැරැදි කරන්නන්ට දෙන දඬුවම ද විශාලය. බදු ගෙවීම පැහැර හැරීමේ වරදකරුවකුට කලින් තිබූ සය මාසයක සිර දඬුවම දැන් අවුරුද්දේ සිට අවුරුදු දෙක දක්වාම ඉහළ දමා ඇත. තවද බදු නිලධාරින් බදු ගෙවන්නන් පිළිබඳව තොරතුරු තවත් පාර්ශ්වයකට හෙළි කළහොත් එසේ කරන්නන්ට ද නව පනතින් මුදල් දඩ හා සිරගතකිරීම් වශයෙන් දඬුවමක් නියම කර තිබේ. මෙය නව තත්ත්වයකි. එමෙන්ම හොඳ පියවරක් බව කිවයුතුය. 
එමෙන්ම වක්‍ර හා සෘජු බදු අනුපාතය වෙනස් කිරීම ද රජයේ මූලික අරමුණකි. ඒ අනුව වක්‍ර බදු 60% ක් හා සෘජු බදු 40% ක් ලෙස වෙනස් වේ යැයි අපේක්ෂිතය. දැන් එය තිබෙන්නේ සෘජු බදු 18% ක් හා වක්‍ර බදු 82% ක අගයකය.

ඒ අනුව සෘජු බදු ප්‍රතිශතය විශාල ලෙස වෙනසකට ලක්කිරීමට ආණ්ඩුව සූදානම්ය. මේ ආකාරයට සෘජු බදු වැඩිකිරීමේදී ඇතැමුන් සිතන්නේ භාණ්ඩ හා සේවා මත පටවා ඇති වක්‍ර බදු විශාල ලෙස අඩු වනු ඇතැයි කියාය. එමගින් ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇතැයි කියාය. එහෙත් එය වැරැදි වැටහීමකි. මන්දයත් දැනට අය කෙරෙන බදු අඩුකිරීමක් එමගින් අදහස් නොවන නිසාය. ඉදිරියේදී තවත් භාණ්ඩ එම බදුවලට ලක් නොවේ යැයි අදහස් නොකෙරෙන නිසාය. ඒ අනුව ඉදිරියේදී වක්‍ර බදු ඉහළ නොයනු ඇතැයි කීමට ඉක්මන් විය යුතු නොවේ. 

තමන් රජයට ආදායම් බදු ගෙවන මිනිසුන් යැයි උදාරම් කියන පිරිස් අප දැක තිබේ. එහෙත් මෙසේ එක පිරිසක් පමණක් කරන ප්‍රකාශ අපට සලකන්නට වෙන්නේ විකාර කතා ගණයටය. ඇත්තවශයෙන්ම බදු නොගෙවන පිරිසක් මේ රටේ නැත. හිඟන්නාගේ පටන් ජනාධිපතිවරයා දක්වා රජයට බදු ගෙවිය යුතුය. මෙය අප සමාජයේ පවතින දුර්මතයකි. මෙය වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ ව්‍යාපාරික කොටස් අතරය. අනෙක් අතට පවතින නීතියේ විවිධ තත්ත්ව උපයෝගී කරගෙන බදු දැලෙන් රිංගා සිටින සමාගම් කොතෙකුත් තිබෙන බව කවුරුත් දන්නා කාරණයකි. එනිසා බදු ගෙවීම සම්බන්ධයෙන් කෙරෙන උදාරම් කතාවල ඇත්තේ වැරැදි තර්කනයක් බව අවධාරණකටයුතුය. 

මෙම පනත මගින් ආර්ථික තලයෙහි කවර වෙනස්කම් ඇතිකරනු ඇතිදැයි අප විමසිය යුතුය. පසුගිය වසරේ අපේ ආර්ථික වර්ධන වේගය 3.1% කි. ඒ අනුව මෙම බදු පනත එන්නේ ආර්ථිකය විශාල වශයෙන් කඩාවැටීමට ලක්ව ඇති මොහොතකය. ඇත්තවශයෙන්ම මේ වනවිට ලංකාව රටක් හැටියට බදු ආදායම වැඩිකර ගත යුතුව ඇත. රජයේ බදු ආදායම වැඩිකර නොගෙන මහජනතාවට රාජ්‍ය සේවා සැපයීමට ඉඩක් නැත. මහාමාර්ග, ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂාව ආදී සේවා සපයන විට ඊට යම් පිරිවැයක් දැරීමට සිදුවේ. රජය එම මුදල සොයාගත යුතුය. විශේෂයෙන්ම අවශ්‍ය වන අලුත් ආයෝජන සඳහා රජයට ආදායමක් තිබිය යුතුය. එවැනි තත්ත්වයක මෙම බදු පනතින් රජයට සිය ආදායම වැඩිකරගත හැකි නම් මා නම් සිතන්නේ එය ද සාධනීය තත්ත්වයක් හැටියටය. ආදායම් වැඩි කරනොගන්නේ නම් ඉන් අනතුරුව ගතහැකි පියවර දෙකකි. එකක් නම් ණයාධාර ලබාගෙන සංවර්ධන කටයුතුවලට නියැලීමයි. නැතිනම් අතරමග නතර කර දැමීමයි. 

බදු ආදායම වැඩිකර ගත යුතුය යන පාඩම රජය නිරන්තරයෙන් පවසන්නකි. එහෙත් මුදල් වියදම් කරද්දී ඒවා ඵලදායී ලෙස භාවිත කිරීමට මේ ආණ්ඩුව ද කිසිම උත්සාහයක් ගත්තේ නැත. දූෂණ විරෝධය කුළුගන්වමින් බලයට පැමිණිය ද ඵලදායී නොවන වියදම්, නාස්තිකාර වියදම්, අල්ලස් හා දූෂණ ගැන පුවත් පසුගිය තෙවසරේදී ද අඩුවක් නැතිව අපට අසන්නට ලැබිණි. පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ගණන හාරදහසේ සිට අටදහස දක්වා වැඩිකරගැනීම ඊට හොඳම උදාහරණයකි. අනවශ්‍ය වියදම් ගැන තුට්ටුවකටවත් තමන් ගණන් ගන්නේ නැති බව පාලකයෝ මෙමගින් පෙන්වා දී ඇත. රජයක් පමණක් නොව නිවසක් වේවා ආයතනයක් වේවා වියදම් කප්පාදු කර නොගෙන ආදායම් ගැන පමණක් සිතන්නේ නම් ආර්ථික අර්බුදයකින් ගොඩඒම පහසු නැත.

මෙම බදු පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ආණ්ඩුවට නැවතත් අපට මේ පාඩම අවධාරණය කිරීමට සිදුවන්නේ එහෙයිනි. ජනතාවගේ පැත්තෙන් බදු නිසියාකාරයෙන් ගෙවන කල ඒවා නිවැරැදිව උපයෝජනය කිරීමේ ශඛ්‍යතාව හා වුවමනාව ආණ්ඩුව කරවන ඇත්තන්ට තිබිය යුතුය. නොඑසේව ජනතාව සිය වගකීම ඉටුකරනු ඇත්තේ ද්වේශසහගත මානසිකත්වයකින් වීම නොවැළැක්විය හැකිය. 

මෙහි සාධනීය නොවන ලක්ෂණ කීපයක් ගැන ද කතා කළ යුතුවේ. විශේෂයෙන්ම උපයන විට ගෙවීමේ බද්ද ශ්‍රම සැපයුමට අහිතකර ලෙස බලපා හැකිය. වෘත්තික කණ්ඩායම් ගතහොත් මහත් වෙහෙසක් ගෙන ධනය උපයා මෙපමණ බදු ප්‍රමාණයක් ගෙවන්නේ කුමටදැයි ඔවුන් සිතන්නට ඉඩ තිබේ. උදාහරණයකට විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට මූලික වැටුපක් තිබෙන අතර පශ්චාත් උපාධි හා අනෙකුත් පාඨමාලාවන්හි සේවය සලසන ගුරුවරයකු හැටියටත් පර්යේෂකයකු හැටියට පර්යේෂණවල නිරතවීත් තවත් උපැයීම් කළ හැකිය. එය දෙවැනි ආදායමයි. මෙම දෙවැනි ආදායමට පැනැවෙන බද්ද පළමු ආදායමටත් වඩා වැඩි වන අවස්ථාවක සිදුවිය හැක්කේ ඔවුන් අධෛර්යමත් වීමය. ඇතැම්විට එහි ප්‍රතිඵලය වනු ඇත්තේ විවේකයෙන් සිටීමට හෝ බද්දට ලක් නොවන විකල්ප ආර්ථික කටයුත්තකට ඔහු තල්ලුවීමය. ශ්‍රම සැපයුමට එය අහිතකර බලපෑමකි. 

ආයෝජන සම්බන්ධයෙන් නව පනත යහපත් තත්ත්වයක් උදා කරනු ඇතැයි රජය පවසයි. සමාගම් සම්බන්ධයෙන් පොදු බදු අනුපාත ඊට හේතුවයි. එහෙත් මෙහි අනෙක් පැත්ත කුමක් ද? උපයන විට ගෙවීමේ බද්දට යටත් ඇතැම් සේවකයන් පවා කිසියම් ඉතිරි කිරීමක් කර ප්‍රාග් ධනයක් නිර්මාණය කරගෙන කිසියම් ව්‍යාපාර කටයුත්තකට යොමුවීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේදී දැකිය හැකි විය. එහෙත් මෙවැනි බදු පැනැවීමකින් මේ ආකාරයට ප්‍රාග් ධනයක් නිර්මාණය කරගැනීම කිසියම් සීමාවීමකට ලක්විය හැකිය. ඒ අනුව ආයෝජන සම්බන්ධයෙන් බලද්දී තරුණ මට්ටමේ මැදි මට්ටමේ සේවකයන් ව්‍යවසායකයන් බවට පත්කෙරෙන ක්‍රමය මෙමගින් අවහිරවීම විය හැකිය. තවද නීති රීති දැඩිවීම නිසා බදු උපදේශන ගාස්තු ද ඉහළ යා හැකිය. මන්දයත් නව පනත යටතේ බදු උපදේශන සමාගම්වලට වැඩි වගකීමක් පැවැරීම ඊට හේතුවයි. 

අනෙක් අතට රජය බදු පැනැවීම ඉහළ දමන්නේ ණය ගැනීම අඩු කරන්නේය යන තර්කනයෙහි පිහිටාය. එහෙත් තවමත් මෙම තර්කනයට අනුව රජය කටයුතු කරනු අපට දකින්නට නොහැකිය. ආණ්ඩුව තවමත් විවිධ ව්‍යාපෘති සඳහා වාණිජ ණය ගනිමින් සිටී. ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට විදේශ ණය ගැනීමක් සම්බන්ධයෙන් අගමැතිවරයා හා ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා එක්ව කැබිනට් පත්‍රිකාවක් යොමු කළ අතර එය වාණිජ ණයක් වශයෙන් ගන්නා බවක් කියැවිණි. එය එසේ නම් රජයේ ක්‍රියාව හා කතාව අතර යම් පරස්පරයක් ඇති බව නොකියාම බැරිය. රජයකට එසේ නාස්තිකාර පුත්‍රයකුගේ භූමිකාව රඟදැක්විය නොහැකිය. 

ලංකාවේ නීතිය සම්බන්ධයෙන් ගත්කල තිබෙන ප්‍රධානම දුර්වලතාවක් වන්නේ එය ක්‍රියාවේ යෙදීමය. නෛතික තත්ත්ව සහ වැරැදි සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව අපේ ව්‍යවස්ථාවේ කරුණු දක්වා ඇත. බොහෝ අවස්ථාවලදී ප්‍රශ්නය එන්නේ නීතිය ක්‍රියාවේ යෙදවීමේදීය. නීතිය එක් එක් පාර්ශ්වවලට විවිධ හැ`ඳිවලින් බෙදීමේදීය. ඒ නිසා නව පනතින් හඳුන්වා දුන් නෛතික තත්ත්ව කොතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදයි ද යන්න දෙස අප බලා සිටිය යුතුය. විය යුත්තේ බදු පිළිවෙත සම්බන්ධයෙන් ආණ්ඩුව ද යථාවාදී තථාකාරී ගුණයෙන් යුතු වීමය. රට ගොඩගැනීමට ආණ්ඩුව ජනතාවගෙන් අපේක්ෂා කරන කැපවීම ආණ්ඩුව ද ආදර්ශයෙන් පෙන්වා දිය යුතුවේ. රාජ්‍ය ප්‍රතිපත්තියෙන් නිවැරැදි ඵල විපාක ලැබෙනුයේ එවිටය. 

                                                                                                                 සටහන
                                                                                                                 බිඟුන් මේනක ගමගේ

 



අදහස් (10)

බදු පනතේ වාසි අවාසි

matipahana Wednesday, 04 April 2018 12:18 PM

ඔච්චර වැල් වටාරම් ඕන නෑ. වගුවක් දාන්න කලින් තිබ්බ ගණන් හා අලුත් ගණන් පෙන්නලා.

:       1       148

ROSHAN Wednesday, 04 April 2018 12:20 PM

ඔස්ට්‍රේලියාවේද මෙවැනි බදු ක්‍රමයක් තිබේ. නමුත් මම ගෙවන බදු මුදල කුමක් සදහා යොදා ගන්නවද යන්න පිලිබදව දැන්වීමක් අපිට ලැබෙන අතර එම බදු මුදල් වල ප්‍රතිලාභය ජනතාවට ආපසු ලැබේ. රෝහල් ,පාසල්, ගමනාගමනය ආදී දේවල් ලෝකයේ අංක එක මට්ටමේ පවතියි. නමුත් ලංකාවේ බදු ගේවන්නේ පරණ පවකටය. එම බදු මුදලින් ජනතාවට පෙරලා ලැබෙන ප්‍රතිලාභය අල්පය. ලංකාව වැනි රටකට නොගැලපෙන පාර්ලිමේන්තුවේ සිට පහලට සිටින ජනතා නියෝජිතයින් නඩත්තු කිරීමට යොදන මුදල ඇති විශාලය හරිනම් මෙවැනි තත්වයක් යටතේ ඔවුන් සේවය කලුත්තේ වැටුප්, දීමනා ලබා නොගෙනය.

:       8       91

himal Thursday, 05 April 2018 03:11 AM

ආදායම වැඩි වෙන විට ඒ සඳහා අය කරන බදු ප්‍රතිශත ඉහළ නැංවීම පිළිගත් ක්‍රමයක්. ඒක බදු ක්‍රමයක තිබිය යුතු සාධාරණ බවේ මූලධර්මයට එකඟයි. මේ ආචාර්යවරයා තමන්ට වදින නිසා ඒක නරකයි කියනවා. ඇයි කියන්නේ නැත්තේ, ඒ අඩුවෙන ආදායම ලබා ගැනීම සඳහා වෘත්තිකයින් නව ආදායම් උත්පාදනය කරන්න යන්නත් පුළුවන් කියලා.

:       137       154

NNK Thursday, 05 April 2018 03:38 AM

රටේ මිනිසුන්ගෙන් දේවල් ගන්නකොට පාලකයනට ලෝකයේ අනික් රටවල් මතක් උනාට රටේ ජනතාවට, රටේ සංවර්ධනයට ඕනේ කරන දේවල්වලදී මේ කාලකන්නි පාලකයන්ට ඒ වගේ රටවල් මතක් වෙන්නේ නෑ.

:       1       155

ranjith Thursday, 05 April 2018 04:37 AM

මෙම පනතටත් ටියුසන් ආදායම් මගහැරිලා. රටේ දියුණුවට බදු ගෙවීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් ලංකාවේ සාමාන්‍ය ජනතාව ගෙවන්නේ අනුන්ගේ පව්.

:       20       48

TB Thursday, 05 April 2018 04:44 AM

ජනතා නියෝජිතයෝ කියාගෙන බොරුවට තව 4000කින් වැඩි කරගත්තේ ආණ්ඩුවට ඒ අයගේ වියදම් පාලනය කරන්න පුළුවන් කියලා.නමුත් මේ පාරත් මිනිස්සුන්ව ලස්සනට මෝඩයා කරලා මැතිවරණයෙන් පසුව අලුත් බදු පනත් ගෙනත් ඒ වියදමත් මහජනතාවගේ කරපිට පටවලා. අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඔච්චර කාලයක් ඔය ප්‍රාදේශීය නියෝජිතයෝ නැතුව රට කලානම් මෙහෙම රට ආර්ථික අගාධයකට වැටිලා ඉන්න වෙලාවක ඇයි තවත් රජයේ වියදම් වැඩි කරගන්නේ? දැනටමත් මේ රටේ බහුතරයක් මිනිස්සු ආර්ථික අපහසුතාවලින් මිරිකිලා ඉන්නේ. මිනිස්සුන්ගේ චන්දෙන්ම බලයට එන මැති ඇමතිලා නම් කිසිම කරදරයක් නැතුව හොරකාලා හොයන සල්ලි ස්විස් බැංකුවක දාලා අනිත් රටවල දේපල අරන් හොදට ඉදියි. දුක් මහන්සියෙන් සල්ලි හොයලා ජිවිතේ ගොඩ දාගන්න හදන පොඩි මිනිස්සු බදු ගෙව ගෙව උන්ව පෝෂණය කරනවා. දැන්වත් ඇස් ඇරලා වෙන දේ දකින්න ඕනි. අන්තීමට කියන්න තියෙන්නේ ඔය එකෙක්වත් වැදගෙන පුදාගෙන ගෙයි දොරකඩට එන්නේ අපිට ආදරේට නෙවෙයි. ඒක හොඳහැටි දැන දැනත් අවරුදු ගානක් තිස්සේ මිනිස්සු රැවටෙනවා.

:       12       48

upali Thursday, 05 April 2018 05:17 AM

මැදපෙරදිගෙන් එවන සල්ලි වලට බදු ගහනෙක හෙන ගහන අපරාදයකි.

:       0       455

abaya Rajapakse Friday, 06 April 2018 05:45 AM

මහජන ඡන්දයෙන් පත් වුණ මැති ඇමතිවරු අනවශ්‍ය වියදම් නවතනවා නම් සාමාන්‍ය ජනතාවගෙන් මේ තරම් බදු මුදල් අය කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඒ ගැන නොසිතා වැඩකටයුතු කරමින් ජනතාවක් පීඩාවට පත් කිරීම මෙතෙක් පත්වුණ සෑම රජයකටම අරමුණවී තිබේ. වසර හැත්තෑවක් ගතවී ඇතත් සාමාන්‍ය ජනතාවට සෙතක් කිරීමට කිසිම ආණ්ඩුවක් උත්සහා නොගැනීම පිළිබඳව ජනතාව කලකිරීමට පත්ව තිබේ. දැන්වත් ඒ පිළිබඳව සිතා බදු බර මහජනතාවට පටවන්නේ නැතිව ජනතාවට සහන ලබා දීමට ඉක්මන් පියවර ගන්නා ලෙසට ජනතාව ගෞරවයෙන් ඉල්ලා සිටි.

:       0       8

Perakum Saturday, 07 April 2018 03:37 PM

ප්‍රාග්ධන බද්ද යලි ක්‍රියාත්මක කරන බව ඇත්තද?

:       0       11

dhamneth Monday, 09 April 2018 11:34 AM

බදු ගෙවීමත් පුණ්‍ය කටයුත්තක් සේ සලකා ගෙවිය යුතුයි. අයකරන බදු ජනතා සුභ සිද්ධිය සඳහා යෙදවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 23 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 11 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 363 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 440 2

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 264 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 10512 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 851 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site