IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


බුද්ධ ශාසන බලමණ්ඩල හඬට සැවොම සවන්දෙමු

අර්බුද කළමනාකරණය විද්‍යාත්මක පදනමින් කළ යුත්තකි. එය එසේ නොවූවිට සිදුවන්නේ අර්බුදය උත්සන්න වී අර්බුද සුළියක් නිර්මාණය වීමය. එවිට විසඳුම් සොයාගත නොහැකිව වල්මත්වීමට සිදුවීම ඒකාන්ත ය.  නියම ප්‍රතිඵලය පරාජය හා විනාශය පමණි. රට ගමන් කරමින් තිබෙන්නේ එබඳු අඳුරු ප්‍රපාතයකට දැයි  සැක සිතෙන තරම්ය. 

දෙවසරකට  වඩා වැඩි කාලයක් මුළුල්ලේ මුළු රටම කොරෝනා  මාරාන්තික උවදුරෙන් බැටකමින් සිටී. බඩු මිල ගුවන්ගතය. කුණු බක්කි අවුස්සා  කෑමට යමක් සොයන ශාපලත් කාලයක් නිර්මාණය වී නැතත් එබඳු යුගයක් උදා නොවේයැයි  සහතිකයක්ද නැත. රට ඩොලර් අර්බුදයක පැටලී තිබේ. විසඳුම ලෙස ආදේශවී තිබෙන්නේ විදුලිය කප්පාදුවය. බරපතළ  ඉන්ධන හිඟයක ද ලකුණු පහළ වී තිබේ. 

එළැඹ ඇත්තේ ගැලවුම්කරුවකු පතමින් කාලය නාස්ති කිරීම නොවේ. මහා සාමුහික ප්‍රයත්නයකින් අර්බුදයෙන් ගොඩ ඒමට මගක් සෙවීමය. එහෙත් එබඳු සාමුහික ප්‍රයත්නයක් වෙනුවට දක්නට ලැබෙන්නේ ‘නාඩගම්’ වලින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන සිදුවීම්ය. ඇමැති විසින් ඉවත් කරනු ලැබූ සභාපති ‘මමයි තවමත් සභාපති’ යැයි කියමින් සේවයට වාර්තා කරයි. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලිඛිතව  දන්වා වැඩ නතර කළද ‘ජනාධිපතිවරයා කීවා’ යැයි කියා සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයට වාර්තා කරන්නීය. අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ‘වැඩ කරන්නට බැහැ’ යැයි කියමින් රාජ්‍ය ඇමැතිවරයෙක් ගෙදර ගියේය. ‘ප්‍රෙස් එකක් තියලා උඹට කුඩු වෙන්න ගහනවා’ යැයි රාජ්‍ය ඇමැතිවරයකු තවත් රාජ්‍ය ඇමැතිවරයකුට තර්ජනය කරන හඬ පටයක් අන්තර්ජාලයේ සැරි සරයි. 

මේක රටක්ද නාඩගම් මඩුවක්ද යැයි හිතෙන තරමට මෙම සිදුවීම් ජුගුප්සාජනකය. ‘අන්තො ජටා - බහි ජටා’ යැයි කීවා සේ ඇතුළත් ගැට ය. පිටත් ගැට ය. කප්පිත්තකු නැති නෞකාවක් මෙන් රට පාවෙමින් තිබේ. රටට මේ මොකක්ද වුණේ යැයි හූල්ලමින් කාලය ගත කිරීමට ජනතාවට සිදුවී තිබේ. මෙම ඉරණමෙන් රට ගලවා ගනු පිණිස අල්ප මාත්‍ර වූ උත්සාහයක් හෝ ගන්නා බවක්ද නොපෙනේ. 

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ඉකුත්දා නිකුත් කළ නිවේදනය අතිශයින්ම වැදගත් වන්නේ මෙම පරිසරය තුළ ය. එම නිවේදනයේ සඳහන් වන්නේ වර්තමානයේ මුහුණපා ඇති විපතින් රට මුදා ගැනීමට ආණ්ඩු පක්ෂය හා ප්‍රතිපක්ෂය නිෂ්ඵල කතා අනවශ්‍ය විවේචන හා වාද විවාදවලින් බැහැරව එක්ව කටයුතු කළ යුතු බව ය. එමෙන්ම මේ අවස්ථාවේ දී සාධාරණ විවේචන ඉතා වැදගත් බවත් පුහුදුන් බිමේ සෑම අයකුම දෝෂ සහිත වූවන් බැවින් ඒවා පෙන්වා දුන්විට ප්‍රතිවාද නොනගා ඉදිරියට යාම රටේත් සමාජයේත් දියුණුවට හේතුවන බවත් එම නිවේදනයෙන් පෙන්වාදී තිබේ. 

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය අවධාරණය කරන ඉතා වැදගත් කරුණක් වන්නේ සරල චාම් ජීවන විලාසය අපගේ සංස්කෘතික අනන්‍යතාවක් බවය. වත්මනෙහි ඇති ආර්ථික අර්බුදයට එක් විසඳුමක් වන්නේ එම සරල චාම් දිවිපෙවතට අවතීර්ණවීම බව පෙන්වා දෙන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ‘සමාජයේ ඉහළ මට්ටම්වල සිටින සියලු දෙනා ආදර්ශයෙන් හා උපදේශයෙන් රටට දැනෙන පරිදි අවංක වූ පොදු යහපත සලකා අධි සුඛෝපභෝගී  සංකල්ප හා විහරණවලින් ඈත්ව පරාර්ථකාමී හැඟීම්වලින් වාසය කළ යුතු බව’ පෙන්වා දේ. 

රජයේ දේපළ මහජන දේපළ බව පෙන්වා දෙන එම නිවේදනය මහජන දේපළ සොරා නොකෑ යුතු බවට අවධාරණය කරයි. මහජන දේපළවලට අදාළව සිදුවන අල්ලස, දූෂණය හා නාස්තිය වළක්වා ගැනීමට සෑම දෙනාගේම  අවධානය  යොමුවිය යුතු බවද  පෙන්වා දෙයි. 

වෘත්තිය කුමක් වුවත් මව්බිම වෙනුවෙන් අවම ලෙස ඵලදායිතාව සියයට 25කින්වත් වැඩිකර ගැනීමට සියලු වෘත්තිකයන් ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සුපිළිපන් සමාජ සංස්කෘතියක් නිර්මාණය කිරීමට පක්ෂ ප්‍රතිපක්ෂ නායකයන් කිසිදු බේදයකින්  තොරව ඉදිරිපත් විය යුතු බවද අවධාරණය කරයි. එමෙන්ම මාධ්‍යයෙහි ක්‍රියාකාරිත්වය කෙරෙහිද අවධානය යොමු කර ඇති බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මාධ්‍ය පක්ෂ, පක්ෂ දේශපාලනය නොසලකා රටේත් ජනතාවගෙන් පොදු යහපත උදෙසා ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙයි. 

රටෙහි ඇත්ත තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා නොගෙන විසඳුම් ආදේශ කළ නොහැකිය. එළැඹ ඇත්තේ ‘ප්‍රාතිහාර්ය’ පෑ හැකි  අවස්ථාවක් නොවේ. සියල්ලන්ම අවබෝධයකින් යුතුව කැප කිරීම් හා පරිත්‍යාග කරමින් රට ගොඩනැගීමට තමන්ගෙන් ඉටුවිය යුතු පංගුව  වඩාත් වගකීමෙන් යුතුව ඉටුකළ යුතුය.



අදහස් (0)

බුද්ධ ශාසන බලමණ්ඩල හඬට සැවොම සවන්දෙමු

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 419 0

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


මෙත්ගුණ සුපතල කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියෝ
2025 මාර්තු මස 10 178 0

අමරපුර මහා නිකායේ ප්‍රථම උත්තරීතර මහනායක පදවිය උසුළන ලැබූවේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් වේ. අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියෝ දෙවෙනි උත්තරීත


සංස්කෘතික ජීවිතය අහිමි කාන්තාව
2025 මාර්තු මස 08 174 0

නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙ


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් එදා සහ අද
2025 මාර්තු මස 08 141 1

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී


ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද?
2025 මාර්තු මස 07 379 4

ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී


ජාතික ආරක්ෂාව සුරක්ෂිතද?
2025 මාර්තු මස 06 184 0

අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 128 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site