IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රතිවිපාක

(මහාචාර්ය සුමනසිරි ලියනගේ)

න්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවේ මහ බැංකුවට සහ අර්ථසාධක අරමුදලට රටට සිදු වූ පාඩුව කුමක්දැයි බොහෝ දෙනා කතා වෙති. ඇත්තවශයෙන්ම මේ ගැන නිශ්චිත ගණන් බැලීම් තවම කර නැත. විගණකාධිපතිවරයා පවා කියන්නේ අදාළ ගණන් බැලීම් පවතින තත්ත්වය යටතේ දක්වන ගණන් හිලව් වුවද මෙහි ප්‍රතිඵල තවත් අවුරුදු ගණනාවක් දක්වා ඈතට දිවෙන අතර ඒ ගැන ගණන් බැලීමක් තමා නොකළ බවය.

ඒ අනුව මෙම ගනුදෙනුව හේතුකොටගෙන සේවක අර්ථසාධක අරමුදලට, මහ බැංකුවට, රටට හා ජනතාවට සිදු වූ පාඩුව අතිවිශාල බව පැහැදිලිය. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම අයුතු ලෙස උපයාගෙන ඇතැයි කියන රුපියල් බිලියන 9.2 ක මුදල මහ බැංකුව මගින් රඳවාගෙන ඇති එම සමාගමට අයත් මුදල්වලින් රජයට අයකරගන්නා බවය. 

එහෙත් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ එවැනි මුදලක් මහ බැංකුව සතුව නැති බවය. ඒ අනුව මෙම ගණන් හිලව්වල නිශ්චිතභාවයක් නැති වග පැහැදිලිය. 


කෙසේවුවද බැඳුම්කර ගනුදෙනුවෙන් සිදු වූ ප්‍රධාන හානිය අප මේ කතා කරන ප්‍රමාණාත්මක මූල්‍ය අලාභය නොවේ. රටේ ප්‍රධාන ආර්ථික හා මූල්‍ය අවයවය වන මධ්‍යම බැංකුව තුළ මෙවැනි දෙයක් සිදුවීම සමඟ සමස්ත ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීමය. මෙවැනි සිදුවීමක් සමඟ දේශීය විදේශීය ආයෝජකයන්ට රටේ ආර්ථික ක්‍රමය ගැන ඇතිවන සැකය සුළුපටු නැත.

මේ නිසා රටට සම්පත් ගලාඒමේදීත් රට තුළ පවතින සම්පත් අපනයනයටත් මෙය සෘජුව බලපායි. අප තේරුම්ගැනීමට උත්සාහ කළ යුත්තේ සමස්ත ආර්ථිකයේ දිශානතියට හා ක්‍රියාකාරිත්වයට එය විසින් ඇතිකරනු ලබන තෙරපුමය. මා සිතන්නේ බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රතිවිපාක ගැන කතාකිරීමේදී පළමුව කී ප්‍රමාණාත්මක මූල්‍යමය අලාභයට වඩා දැඩි අවධානය යොමුකළ යුත්තේ මෙම විශ්වාසය බිඳවැටීම ගැන බවය. මන්දයත් රටේ මහ බැංකුවට මෙසේ වී නම් මූල්‍ය පද්ධතියේ ධූරාවලියෙන් ඊට පහළින් පිහිටි සෙසු ආයතන ගැන කිසිදු විශ්වාසයක් තබා ගැනීමට නොහැකි වන හෙයිනි.


ආර්ථිකය ගැන ඇති අවිශ්වාසය පිළිබඳ ප්‍රශ්නය මූලිකවම බලපාන්නේ විධිමත් අංශයටය. විදේශීය ආයෝජකයන්ට, ව්‍යාපාර වෙළෙඳපොළට, ප්‍රාග්ධන වෙළෙඳපොළට හා සමාගම්වලටය. අනෙක් අතින් පුළුල් ජන කොටස්වලටය. විධිමත් අංශයේ සේවය කරන්නන්ගේ මූලික ඉතිරි කිරීම වන්නේ සේවක අර්ථසාධක අරමුදලය. එවිට අර්ථසාධක අරමුදලට මෙම ගනුදෙනුවෙන් ඇති වූ විශාල පාඩුව නිසා ඔවුන් විශ්‍රාම යනවිට ලැබෙන ප්‍රතිලාභ ගැන සැක සංකා හටගැනීම නොවැළැක්විය හැකිය.

ඒ අනුව අඩු ආදායම්ලාභී කම්කරු පිරිස්වලට සිය රැකියා කාලයෙන් පසුව අනාගතය පිළිබඳ ඇතිවන සාංකාව කරණකොටගෙන හටගන්නා අතිවිශාල ජන අප්‍රසාදය ද බරපතළ ප්‍රශ්නයක් වනු ඇත. පාර්ලිමේන්තුව සිය මූල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් බවට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මතු වූ තත්ත්වය පත් වී යැයි අගමැතිවරයා පවසයි. මේ අතරේ ඉතා වේගවත් කතා පවත්වමින් ආවේගශීලීත්වයක් ජනාධිපතිවරයා විසින් පෙන්නුම් කරනු ලබයි. පැහැදිලිවම කිවයුත්තේ මේ දෙදෙනාගේම නිරීක්ෂණ සත්‍ය මත පදනම් වූ ඒවා නොවන බවය.

 අප හොඳින්ම දන්නා පරිදි මෙම බැඳුම්කර ගනුදෙනු දෙවරක් සිදුවිය. එය එසේ වූ බව දැන දැනම හා එකී තතු ඩිව් ගුණසේකර කෝප් වාර්තාවේ ඇති බව දැන දැනම පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හරිනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. එහි ප්‍රතිඵලය වූයේ කෝප් කමිටු වාර්තාව නිකුත් නොවීමය. එම වරදින් ගැලවෙන්නට ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් නැත. මෙම දූෂණය සැඟවීමේ පළමු පියවර තබනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

එමෙන්ම මේ සිදුවීමේදී අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළ අන්දම ද සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන්ම මෙතක් කල් මුදල් ඇමැතිවරයා යටතේ තිබූ මහ බැංකුව අගමැතිවරයා යටතට ගැනීම ද මහ බැංකු අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම ද ප්‍රශ්නගත අවස්ථාවේදීත් දිගින් දිගටම ධූරයේ සිටීමට ඉඩ දීම ද මෙම සිදුවීමට ලබා දී ඇත්තේ සංවිධානාත්මක මුහුණුවරකි.

කෙටියෙන් කිවහොත් බැඳුම්කර ගනුදෙනුව වහංගු කිරීමේ පළමු වගකීම ජනාධිපතිවරයා ද ඉන්පසුව එය අනවරතව කරගෙන යෑමේ වගකීම අගමැතිවරයා ද ගත යුතුය. දැන් සිදුවෙන්නේ බැඳුම්කර ගනුදෙනුව දේශපාලනික වශයෙන් පා පන්දුවක් කරගෙන දෙපාර්ශ්වයම ක්‍රීඩාවක නිරත වීමය. 


බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාව නිකුත් වීමේ කීර්තියේ හිමිකාරිත්වය ගැන ද බොහෝ පාර්ශ්ව කරුණු දක්වති. මෙවැනි තැනකට එන්නට හැකිවුණේ ජනාධිපතිවරයා නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය කියද්දී සිය පාරදෘෂ්‍යභාවය ගැන එක්සත් ජාතික පක්ෂය පවසයි. එහෙත් මෙම කරුණු අනාවරණය සැබැවින්ම සිදුවන්නේ දේශපාලන ප්‍රශ්නයක් නිසාය. එය දේශපාලන ප්‍රශ්නයක් වූයේ විපක්ෂය, කෝප් කමිටුව ආදී විවිධ බලවේග විසින් මෙය එළියට දමනු ලැබීමත් ජනාධිපතිවරයාගේ සිට එජාපයේ ඇතැම් සාමාජිකයන් දක්වා මෙය සැඟවීමට උත්සාහ දරනු ලැබීමත් නිසාය.

එහෙත් තම ධූර කාලය අවසන්වීම හා මැතිවරණ කීපයකට මුහුණදීමට සිදුවීම යන කාරණා සැලකිල්ලට ගනිමින් දේශපාලකයකු හැටියට මේ මොහොතේ කළයුත්තේ බැඳුම්කර සිදුවීම තම වාසියට පෙරළාගැනීම යැයි ජනාධිපතිවරයා සිතන්නට ඇත. සාමාන්‍යයෙන් දේශපාලනඥයකුගේ සිතුවිල්ල ද එයයි. විශේෂයෙන්ම ජනාධිපති කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ භූමිකාව නිරීක්ෂණය කරද්දී මෙම කරුණු මුළුමනින්ම සමාජයට නිරාවරණයට ජනාධිපතිවරයාට තිබූ වුවමනාව පැහැදිලිය.

එහෙත් මාස හයකට පෙර මෙවැනි උනන්දුවක් තිබුණේ නැති බව ද අවධාරණකටයුතුය. තමා පවා මෙම කොමිසම හමුවට යාම උත්කර්ෂයට නඟන්නට අගමැතිවරයා උත්සාහ කරයි. එහෙත් වෙනදා කොමිසමේ ප්‍රශ්න කරන්නන් වෙනුවට නීතිපතිවරයාම යොදාගෙන ලබාගත් ප්‍රකාශය අප දුටුවේ සංවිධානාත්මක වැඩක් හැටියටය. සැබැවින්ම මෙම සිදුවීම්වල කිසියම් නාටකීය ස්වරූපයක් තිබේ. එය ජනතාව ද හොඳින් දනී. 


කොමිසමේ නිර්දේශ අතර ඇති 2008 සිට සිදුවීම් සොයාබැලීම ගැන ඇතැම්හු කතා කරති. ඇත්තය. දූෂණ සිදුවීම ආරම්භ වුණේ මේ ආණ්ඩු කාලයේ නොවේ. 2015 ආණ්ඩු පෙරළියට බලපෑවේ ද එකී දූෂණය. අනෙක් අතට මීට පෙර මහ බැංකුවේ ඇතැම් ගනුදෙනු ගැන ප්‍රශ්න කිරීමකට ද මෙමගින් පාර කපා තිබේ. එහෙත් මේ සිදුවීම ඒ සියලු දූෂණවලින් වෙනස්ය.

කිසියම් අරමුණුසහගත පිරිසකට මෙම හොරකමට ඉඩකඩ විවර වූයේ මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලැබුවා වූ සියලුම විධිවිධානවලින් හා රීතින්ගෙන් පිට පනිමිනි. එය හුදු කොමිස් කතාවක් නොවේ. එයට දොර හැරුණේ රටේ සමස්ත මූල්‍ය ව්‍යුහය අඩපණ කෙරෙන ක්‍රියාවලියක් මඟිනි. එනිසා 2015 ට පෙර සිදු වූ දූෂණ ගැන කතා කිරීමෙන් මේ කළු පැල්ලම මකා දැමිය නොහැකි වනු ඇත. තවද පාඩු වූ මුදල නැවත ලබාගැනීමට පමණක් ප්‍රශ්නය ලඝු කිරීම වනාහිම ඇත්ත ප්‍රශ්නය යටගැසීමකි. හොරකමක් සිදු වූ විට ආමන්ත්‍රණය කළ යුතු කේන්ද්‍රික කාරණය හොරකමය. එහි ප්‍රමාණය නොවේ. දැන් ප්‍රශ්නය ආමන්ත්‍රණය කෙරෙන්නේ නම් සිද්ධියේ බරපතළකම අවම කිරීමටය.


 සිදුවීමේ බරපතළකම අවම කිරීමට නොයෙක් තර්ක ඉදිරිපත් කෙරුණ ද මේ සිදුවීම අරභයා කිසියම් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමට නොහැකි තත්ත්වයක් දැන් උදා වී ඇත. එහෙත් මේ අතරේ ඉකුත් සතියේ කැබිනට් රැස්වීමෙන් පසුව දේවල් සිදුවන ආකාරයෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර කිසියම් වූ සම්මුතියකට යෑමේ ඉඩකඩක සලකුණු පහළ වී ඇති බවය. එනිසා මේ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ඒ සා දැඩි ඒවා වීමේ හැකියාව අඩුය.

අනෙක් අතට එහි අවසානය කවර අතකට යනු ඇතිද යන්නට පැහැදිලිවම ඉදිරි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ද බලපානු ඇත. පළාත් පාලන මැතිවරණය මේ වනවිට තිබෙන්නේ තුන් කොන් සටනක් බවට පත්වෙලාය. එම තුන් කොන් සටනේ බල හුවමාරුව ද බැඳුම්කර ගනුදෙනු අවසාන තීන්දුවට බලපානු ඇති අතර බොහෝදුරට දේශපාලන වශයෙන් අස්ථාවර කාල පරිච්ඡේදයක් බවට ඉදිරිය පත්වනු ඇත. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවද මෙම දේශපාලන පරිසරයට හේතුවක් වනු ඇත.


මහ බැංකුව ගැන යම් යම් විවේචන පැවැතිය ද ඒ ගැන ලොකු අවිශ්වාසයක් මෙතෙක් පැවැතියේ නැත. එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඊට විශාල හානියක් වුව ද එය පැවැතියේ භෞතික තලයේය. මූල්‍ය ක්‍රමයේ ව්‍යුහයට ලොකු හානියක් වුණේ නැත. එහෙත් මේ බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇත්තේ ව්‍යුහාත්මක හානියකි. ලංකාවේ මූල්‍ය ක්‍රමය ඉදිරියේදී කෙසේ පවත්වාගෙනයාදැයි ව්‍යාපාරිකයන්ට දැන් දැඩි ප්‍රශ්නයක් වී තිබේ. අනෙක් අතට මෙය හෙළිදරවුවක් හැටියට සැලකුව ද අප නොදකින පැත්තක් ද තිබේ. එනම් මීළඟ ආණ්ඩුවලදී ද මෙවැනි සිදුවීම් වීමට ඉඩ තිබීමය.

බැඳුම්කර වංචාවක් සිදුකරන්නේ කෙසේද යන්න දැන් ප්‍රසිද්ධ රහසකි. මේ ආණ්ඩුව යටතේ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම කළ වංචාව මීළඟ ආණ්ඩුවකදී තමන්ට හිතවත් මහ බැංකු අධිපතිවරයකු පත්කර හිතවත් සමාගමක් හරහා සිදුවීමට ඉඩ නැතැයි කිවහැකිද? මේ නිසාම මූල්‍යමය ක්‍ෂේත්‍රයේ දැඩි සැක සංකා මතුවිය හැකි අතර එහි අනෙක් පැතිකඩ දෙස බැලීමට ද තවත් සමාගම් කොටසක් පුරුදු වනු ඇත. එනම්, පර්පචුවල් ටේ‍රෂරීස් කළ වැඬේම තමන්ටත් කළ නොහැකිදැයි උත්සාහ කිරීමය.

විශේෂයෙන්ම මූල්‍ය ක්‍ෂේත්‍රය නියෝජනය කරන තැරැව්කාර සමාගම් ඊළඟ වටයකදී තමන්ට ද අවස්ථාවක් ගැනීමට උත්සාහ නොදරනු ඇතැයි අපට කිවහැකිද? ඊළඟ ආණ්ඩුවක් පත්වෙද්දී ඊට හිතෛෂී නව තැරැව්කරුවන් මේ යටතේ බිහිවීමට ඉඩ තිබේ. 


ඇත්තවශයෙන්ම දූෂණ විරෝධය රටේ ප්‍රධාන දේශපාලන සටන් පාඨය බවට පත්කරගැනීම දේශපාලකයන්ගේ නාට්‍යයේ කොටසක් මිස රටේ ප්‍රධාන ප්‍රශ්නයක් නොවේ. මා සිතන හැටියට දූෂණ විරෝධය සටන් පාඨයක් හැටියට පෙරට දමන සෑම පුද්ගලයකුම උත්සාහ කරන්නේ රටේ සැබෑ ප්‍රශ්න යටපත්කරන්නටය. දූෂණ විරෝධී රටක් යන වටිනාකම යනු වෙනම කතාවකි. එහෙත් ලංකාවේ ප්‍රධාන සටන දූෂණ විරෝධය යැයි කරන අර්ථකථනයම අප විසින් කරනු ලබන අතිවිශාල දේශපාලන වරදකි.

ව්‍යාපාර ආයතන යනු කොහොමටත් නියමින් හා අනියමින් විවිධ අයථා වැඩවල නිරත වන ආයතනය. පර්පචුවල් ටේ‍රෂරීස් ආයතනය හෙළිදරවු වූ අතර හෙළිදරවු නොවූවෝ ද තව කොතෙකුත් වෙති. මෙම ක්‍රමය රැඳී තිබෙන්නේම චෞරයන් මතය. ධනේෂ්වර ක්‍රමය යනු එයයි. එහෙත් දැන් මේ රඟදැක්වෙන නාට්‍යයෙන් කියන්නට හදන්නේ වෙන කතාවකි.

එනම්, මේ ක්‍රමය හොඳ බවත් වරද නම් නරක මිනිසුන් පිරිසක් විසින් එය මෙහෙයවනු ලැබීම බවත්ය. ඒ නිසා අවසාන විග්‍රහයේදී මේ දූෂණ ප්‍රශ්නය මතු කරගෙන සිදුවන්නේ ලංකාවේ සැබෑ ප්‍රශ්නය උපායමාර්ගිකවම යටපත් කර දැමීමය. දේශපාලනයේ ආසන්න වසර ගණනක් තිස්සේ එය සිදුවෙමින් පවතී. දූෂණය හොඳ එකක් යැයි එයින් කිසි ලෙසකින් අර්ථවත් නොවන මුත් නැවතත් කිවයුත්තේ එය විසින් නිරූපණය කරනු ලබන්නේ ලංකාවේ දේශපාලනයේ වංචනිකත්වයම මිස අනෙකක් නොවන බවය.

සටහන - බිඟුන් මේනක ගමගේ



අදහස් (9)

බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රතිවිපාක

daham Tuesday, 23 January 2018 07:11 AM

ඉතා හොද විග්‍රහයක්. ලංකාදීපයට සහ ඒ ලේඛිකාවට ප්‍රණාමය.

:       358       669

vernon Tuesday, 23 January 2018 10:28 AM

මෙවැනි මහදුරුවරයෙක් විශ්ලේෂණාත්මක විග්‍රහයක් නොකර මතුපිටින් පමණක් ප්‍රකාශ කිරීම කණගා‍ටුවට කරුණක්. විගණකාධිපතිවරයාගේ ගණනය කිරීම් නිවැරදි නොවන බව කමි‍ටුව ඉදිරියේ සනාථ වුණා. හේතුව විගණකාධිපතිවරයා පාඩුව ලෙස ගණනය කිරීමට ගෙන තිබෙන්නේ උපකල්පිත දත්ත නිසා. කමි‍ටු වාර්තාව පාඩුව ලෙස දක්වන්නේ යළි බැඳුම්කර විකුණද්දි උපයපු ලාභය. එහි වැ‍රැද්ද වන්නේ ලාභය ඉපයීම නොව එම ලාභය ඉපයීම සඳහා ප්‍රසිද්ධ නොවන තොරතුරු අනියමින් ලබා ගැනීම. අන්න ඒකයි අභ්‍යන්තර වෙළෙඳාම කියන්නේ.

:       524       541

PerakumTuesday, 23 January 2018 01:46 PM

මහැදුරුතුමා තම දැනුම ප්‍රදර්ශනය කලා මිස විග්‍රහයක් කර නැත.

:       368       25

BamunuarachchiWednesday, 24 January 2018 03:50 AM

විග්‍රහයක් කරලා වැඩක් තියෙනවාද කොමිසමේ කෙරුණු සාක්කිවත් කියවා නැතිව මෙතනට ලියන අදහස් දැක්කාම. විග්‍රහයක් කොරන්න පත්තර පිටු 5-6 වත් යාවි. නියම විගරයක් දෙන්න මෙතුමාට පොතක් ලියන්න වේවි සමහර විට ඔඅබතුමා කීවානම් මෙතන බැංකු වංචාවක් වෙලා නැත කියල ඒ කියමන සමහරුන්ට හොඳටම ප්‍රමානවත්. කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්නා මිනිස්සු.

:       454       427

vernonSaturday, 27 January 2018 06:30 AM

දැන් එතකොට මේ බමුණු කියන කෙනා මොනවද බැඳුම්කර ගැන හෝ අභ්‍යන්තර වෙළෙඳාම කියන දේ ගැන දන්නේ? එහෙම නැත්නම් සාංගමික යහපැවැත්ම ගැන මතය මොකක්ද?

:       27       0

BamunuarachchiMonday, 29 January 2018 05:32 PM

දැන් ඔය බමුණු කියන කෙනා මෙම ලියුම්කරු මෙතන ලියන්න කලින් අපේ ආර්ථිකයට වුන හානිය එදිනෙදා අපට විදින්නට ලැබුන අහිතකර බලපෑම් නිසා බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදුවී ඇතිබවට අදහසක් මෙහි ලීවා. හිටි ගමන් පොලී අනුපාතය ඉහළයාම ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දුවීම අලුතින් බදු එකතුවීම සහ බදු බර වැඩිවීම වැනි දේවලින් මොකක්හෝ ආර්ථික ජරමරයක් සිදුවී ඇතිබව තේරුම් ගැනීමට ආර්ථික විශේෂඥයෙකු විය යුතු නැත. උණ ලෙඩක්නොවේ උණ ගැනීම වෙන ලෙඩක් ඇඟේ තිබෙන බව පෙන්වීමකි. ඒවගේ පොලී අනුපාතය ඉහළයාමද ආර්ථිකයේ වැටීම පෙන්වන්නකි.

:       0       0

Neelaka Tuesday, 23 January 2018 10:29 AM

ඇත්තටම වටිනා පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුති ඔබතුමාට.

:       15       454

ලුම්බිණි Wednesday, 24 January 2018 02:36 AM

'මෙම ක්‍රමය රැඳී තිබෙන්නේම චෞරයන් මතය. ධනේෂ්වර ක්‍රමය යනු එයයි'. ඔබ මගේ මිතුරෙක් වුනත් මට කියන්න තිබෙන්නේ සමාජවාදී වේවා, ධනවාදී වේවා, දේශපාලන යන්ත්‍රයන් හොරුන්ගෙන් මුළුමනින්ම මුදවා ගන්න බැරි බවයි. මෙය ධනේශ්වර ක්‍රමයේ වරදක් නොවෙයි.

:       365       2

Poli mudalaali Wednesday, 24 January 2018 10:06 PM

කාලයක් පුරා වෙච්ච සිදුවීම් ක්‍රියාදාමයක්. නමුත් දැන් මෙතන තියෙන්නේ ආචාර ධර්ම ප්‍රශ්නයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 350 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 30 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 155 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 191 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 136 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 199 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site