සුපිපුණු මල්වල සුගන්ධය දසත පැතිරුණි. මී මැසි රංචු ගුමු ගුමු නදින් මල් වට කරමින් සිටිනු අයුරු සහන් දුටුවේය. ඔහු ඒ දෙස බලා සිටියේ ඉතා ඕනෑකමිනි.
අර බලන්නකො නිමේෂා.... සහන් එසේ කීවේ නිමේෂා දෙසට හැරෙමිනි.
මොකක්ද?
බඹර රංචු මල් වටකරගෙන ඉන්න විදිය බලන්න... සහන් පෙරදිගට අත දිගු කරමින් එය පෙන්වූ විට නිමේෂා ඒ දෙස බලා සිටියේ දෑස් සුවිසල් කරගනිමිනි.
එවිට සහන් නිමේෂා දෙසට නෙත් හෙළීය. ඇය රන් පිළිමයකි. සහන්ගේ සිත කීවේය. ඔහු ඇයටත් හොරා ඈ දෙසම බලා සිටින්නට වූයේ ඒ නිසාය.
ඔහු ඇගේ සිහින් ඇඟිලි තම අතැඟිලි අතර සිර කර ගත්තේය.
අපි අර බංකුවෙන් ටිකක් වාඩිවෙලා ඉමු.
සහන් ඇය සමඟ උයනේ සුදු වැලි තලාවේ බංකුව දෙසට පිය මනින්නට විය.
නිමේෂාගේ ගත සරසා තිබූ රෝස පාට ගවුම ඔහුගේ සිත් ගත්තේය. සහන් එදෙස බලා සිටියේ වශී වූ දෙනෙතකිනි.
ඒ දුටු නිමේෂා ලජ්ජාවෙන් බිම බලා ගත් විට සහන්ගේ මුවඟින් නැඟුණේ සිහින් සිනාවකි.
සහන් ඒ මොහොතේ ඇයව වැළඳගත්තේ මුළු ලොවම ඔහු සතුවූවාක් මෙනි.
ඔයා මට ආදරෙයිද?
සහන් නිමේෂාගේ කනට ළංව මිමිනුවේ ඒ මොහොතේය.
එවිට දිගු සුසුමක් හෙළුෑ නිමේෂා ඔව් යන්නට හිස සැලූවේ විළියෙන් හැකිලෙමිනි.
ඔයාගේ පන්තිය ඉවර වෙන්නෙ කීයටද? 4.30ට... සහන් ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් දෙදෙනාම වාඩි වී සිටි තැනින් නැගී සිටියේ පන්තිය හමාර වන වේලාවද පසුවී තිබූ බැවිනි.
පාර්ක් ආවා කියලා තාත්තා දැන ගත්තොත් මම ඉවරයි. මට බයත් හිතෙනවා.
ඔයා බයවෙන්න එපා... කව්රු දකින්නද? නිමේෂා පැවසූ දෙයට සහන් එසේ පැවසුවේ නිමේෂාගේ සිතට යම් හෝ සහනයක් ලබා දීම සඳහාය.
එදින නිමේෂා නිවසට යනවිට සවස 6ත් පසුවී තිබිණි. ඇගේ මව තම කාමරයේ සිටින බව ඇය දුටුවේ ඈත සිටය.
මොකද ළමයො අද පරක්කු?
දැන් පන්තියෙ වැඩ වැඩියි අම්මෙ... කියමින් ඈ කාමරයට ගොස් පොත් බෑගය ඇඳට විසිකර මේසය ළඟ පුටුවෙහි වාඩි වී කල්පනා සයුරේ ගිලෙන්නට වූවාය.
තම මවට බොරු කීම පිළිබඳව ඇයගේ දෙනෙත් අගට කඳුළක් එක් කෙරුණේ ඉබේටමය.
සහන්ගේත් නිමේෂාගේත් පේ‍්‍රමයට වසරක් පමණ ගතවිය. ඒ අතරතුර ඔවුන් දෙදෙනා හැකි සෑම විටම හමුවිණි. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඔවුහු උත්සුක වූහ.
සාමාන්‍ය පෙළ විභාගයෙන් සහනුත් නිමේෂාත් ඉහළින්ම සමත් වූයේ ඔවුන්ගේ මව්පියන්ගේද බලාපොරොත්තු මල්පල ගන්වමිනි.
ඉන් ටික දිනකට පසුව උසස් පෙළ පන්ති ආරම්භ වූයෙන් ඒ සඳහා ඔවුහු සූදානම් වූහ.
තම දියණිය තරුණයෙකු සමඟ පේ‍්‍රමයෙන් වෙළී ඇති බව නිමේෂාගේ මව්පියන්ට ආරංචි වූයේ ඒ කාලයේදීය.
දිනක් සවස නිමේෂා පන්තියක් අවසන් වී නිවසට එන විට ඇයගේ පියා සිටියේ පුවත්පතක් බලමිනි.
ඒ මොහොතේ ඇයට කතා කළ පියාගේ හෙඬ් තැවරී තිබුණේ දැඩි අමනාපයකි.
සිය පියා මෙසේ කතා කරන්නේ ඇයි දැයි සිතමින් නිමේෂා එදෙසට ඇදුණේය.
ඒ මොහොතේ ගැඹුරු නිහඬතාවක් ගිලී තිබිණි.
ඇයි තාත්තේ... නිමේෂා නිහඬ බව බිඳිමින් පැවසුවේ බිම බලාගනිමිනි.
ඇය පියාගේ අත රැුඳුණු පුවත්පත දෙස නැවත වාරයක් බැලූවේ පියාගේ මුහුණ බැලීමේ අපහසුතාව නිසාය.
තමුන් පිරිමි ළමයෙන් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මම දන්නවා. වහාම ඔය සම්බන්ධෙ නතර කරනවා. අපි මහන්සිවෙලා ඔයාව හැදුවෙ ඔය වගේ දේවල්වල පැටලෙන්න නෙමෙයි. මම මේ අන්තිම වතාවට කියන්නෙ.
සිතෙහි නැඟ එන කෝපය පාලනය කරගන්නට මහත් වෙහෙසක් නිමේෂාගේ පියාට දරන්නට සිදුවිය. ඒ මොහොතේ නිමේෂාගේ දෑස්වල කඳුළු බිඳු ගලායන්නට වූයේ නිරායාසයෙනි. ඇය වහා කාමරයට දිව ගියාය.
නිමේෂාගේ පියා පුටුවක් මතට වී කල්පනා කරමින් සිටින විට ඇගේ මවට ඇතිවූයේ දැඩි සංවේගයකි.
බලන්න මේ ළමයා කරන දේවල්.. මම කවදාවත් හිතුවෙ නෑ මේ වගේ දේවල්වල පැටලෙයි කියලා.
මම ඒ ළමයා ගැන හොයලා බැලූවා. කොහොමත් අපිට ගැළපෙන්නේ නෑ. අපේ කුලෙත් නෙමෙයි.
මම දුවට ගොඩක් අවවාද කළා. බලමුකො මොකද වෙන්නෙ කියලා.. නැත්නම් මම දන්නවා ඕක නවත්වන හැටි. තම මවටත් පියාටත් නිමේෂා දැඩි සේ ආදරය කළාය. ඔවුන් දෙදෙනාට පිටුපෑමට ඇයට නොහැකිය. ඈ ඇඳ මත හාන්සි වී කල්පනා සයුරේ නිමග්න වූවාය.
තාත්තා බැණවැදුණු ආකාරය ඇගේ සිතේ රැුව් පිළිරැුව් දෙන්නට වූයේ ඒ මොහොතේය.
‘‘ඔයා දැන් ගොඩක් වෙනස් වෙලා.’’ දිනක් පන්ති නිමවී නිවස බලා එන විට සහන් නිමේෂාට පැවසූ විට ඇය බිම බලාගත්තේ කියන්නට කිසිවක් නොමැති නිසාය.
ඇයි මගෙත් එක්ක කතා කරන්නෙ නැත්තෙ? ඇයි ඔහොම මඟ අරින්නෙ? එවිට සහන්ගේ හඬ ටිකක් උස් විය.
මට මේ සම්බන්ධෙ නතර කරන්න ඕනෑ. ගෙදර අයට ආරංචි වෙලා. කව්රුහරි අපිව දැකලා මේ ගැන කියලා, මට හොඳටම බැන්නා.
එසේ කිවූ ඇය සහන්ට පිටුපා යන්නට පිටත් වූවාය. ඒ වදන්වල තැවරී තිබුණේ දැඩි වේදනාවකි.
සහන්ගේ සිත ගින්නෙන් දැවිණි. ගත දරදඬු වී මුළු ලොවම අහිමි වූවාක් මෙන් දැනෙන්නට වූයේ ඒ මොහොතේය. නිමේෂා ඔහුට මෙවන් දෙයක් කරතියි ඔහු කිසිදා නොසිතන්නට ඇත.
සහන් හැර දැමීම පිළිබඳව නිමේෂාට ඇතිවූයේ දැඩි ශෝකයකි. ඇය දස අතේ කල්පනා කරන්නට වූවේ ඒ නිසාය.
දහසක් නොගැළපීම් මැද අපි සමාන වෙන්නෙ මේ සොබාදහම ළඟ විතරමයි. ළංවෙන්න බැරි වුණත් එකම අහසක් යට හරි අපි ජීවත් වෙනවනෙ. මම එයාගෙ මතකයන් එක්ක හැමදාම ජීවත් වෙනවා. ඇය තමාටම මුමුණා ගත්තේ සිතේ හටගත් වේදනාව තුරුලූ කරගනිමිනි. කැලඹුනු සිත සන්සුන් කරගැනීමට ඇය තදින්ම දෙනෙත පියා ගත්තාය.
කාලය ගතව ගියේ පවනට බඳු වේගයෙනි. නිමේෂා උසස්පෙළ විභාගයෙන් සමත් වුවද විශ්වවිද්‍යාලයට යෑමට ඉඩහසර ලැබුණේ නැත. එහෙත් ඇයගේ පියා ඇයට හොඳින් අධ්‍යාපනය ලබා දුන්නේය.
බාහිර උපාධි ඩිප්ලෝමා කිහිපයක්ද ඈ ලබාගත්තේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
නිමේෂා විවාහ කර දිය යුතු යයි ඔවුන්ගේ මව්පියන් සිතන්නේ මේ කාලසීමාව තුළදීය. ඇගේ රූමත්කම නිසා දසතින් විවාහ යෝජනා ගලා එන්නට විය.
ඇය ඒවාට අකමැති වූයේ ඇගේ සිතේ ඇඳී තිබුණේ සහන්ගේ රුව පමණක් නිසාය.
එහෙත් අම්මාගේත්, තාත්තාගේත් හිත් තලා දැමීම ඇයට කළ නොහැකිය. මව විසින් ඇයට තරුණයකුගේ ඡුායාරූපයක් ගෙනවිත් දුන්නද ඇය ඒවා අතට ගෙන බැලූවේ ඕනෑවට එපාවටය. සහන්ගේ රුව තරම් කඩවසම් රුවක් හැර වෙනත් රුවක් නිමේෂාට ප‍්‍රිය වූයේ නැත.
ඇය ඔහු ගැන සිතන හැම මොහොතම සිය දහස් වාරයක් හඬා වැටුණේ සිදුවූ කිසිවක් අදහාගත නොහැකිව වික්ෂිප්ත වූ මනසකිනි.
ඒ සියළු දුක් කම්කටොලූ මැද නිමේෂාගේ විවාහය සිදුවූයේ මව්පියන්ගේ පමණක් කැමැත්ත ඇතිවය.
ඇය විවාහ වූයේ රජයේ දෙපාර්තමේන්තුවක නිලධාරියෙක් සමඟය. ඔහු නිමේෂාට වඩා වසර 8කින් පමණ වැඩිමහල්ය.
ඇගේ විවාහයෙන් පසුව සහන් හමුදාවට ගිය බව ආරංචි විය.
කුරුල්ලෙකු අත්තටු ලැබ පියඹන්නාක් මෙන් කාලය ගතව ගියේ කාටත් නොදැනිමය. දැන් නිමේෂා දෙදරු මවකි.
ඇගේ මවත් පියාත් තම දරුවන් දැකීමට බෙහෙවින්ම ප‍්‍රිය කළහ. ඔවුන් නිතරම ඇවිටිලි කළේ ඉඩ පහසුවක් ලැබූ විගස ඔවුන්ව බැලීමට එන ලෙසටය.
නිමේෂාගේ සැමියාවූ කපිල අතිශය කාර්ය බහුලය. ඒ තරමටම ඔහුට වැඩ අධිකය. ඇතම් දිනක කෑමක් බීමක්වත් හරි හැටි ගැනීමට ඔහුට ඉඩක් නොලැබිණි.
ටික කලකට පසු කපිලට අමාත්‍යාංශයේ වැඩකටයුත්තකට විදේශ ගතවන්නට සිදුවිය. ඔහු විදේශ ගතවූ විට නිවසේ සියලූ වැඩ කටයුතු කරන්නට වූයේ නිමේෂාටය.
ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය රැගෙන ඒමටද සිදුවූයේද ඇයටය. එහෙත් ඇය ඒ සියලූ දේම නොපිරිහෙලා ඉටු කරන්නට වගබලා ගත්තාය.
කපිල ලංකාවට නැවතත් පැමිණියේ මාස 6කට පමණ පසුවය. ඒ කාලයේදී ඔහු දැඩිව මත්පැන් පානයට ලොල්ව සිටියේ සිතාගන්නටවත් නොහැකි ලෙසිනි.
ඔහු මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වී සිටි බව නිමේෂා පෙර සිටම දනී. ඔහු ඉන් මුදවා ගැනීමට ඇය දැරූ වෙහෙස අපමණය.
එහෙත් ඇයට එය නතර කිරීමට හැක්වූයේ නැත.
ටික දිනකට පසු කපිල ගිලන් වී රෝහල් ගත කෙරුණේ අධික බීමත්කමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ඔහුගේ අක්මාවත්, පෙණහලූත් විනාශ වී ඇති බව වෛද්‍යවරයා පැවසුවේය.
ඔහුගේ එම ප‍්‍රකාශයෙන් නිමේෂාගේ හදවත නැවතුණාක් මෙන් විය. කපිල තමාගෙන් ඈත්වී යාවිදෝ යන සිතිවිල්ල ඇගේ සිතේ හොල්මන් කරන්නට වූයේ ඒ නිසාය.
ඇය ඒ මොහොතේ කලබලයට පත්ව විදුලි වේගයෙන් කපිල සිටින වාට්ටුව දෙස දිව ගියේ සිතට ඇතිවුණු ආවේගය පාලනට කර ගැනීමට නොහැකිවය.
ඔහුගේ ජිවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් කෙතරම් වැර දැරුවත් පලක් වූයේ නැත.
අවසානයේ කපිල ජීවිතයෙන් සමුගෙන නොඑන ගමනක් ගියේ පවුලේ සැමටම වේදනාවක් ඉතිරි කරමිනි. ඔහුගේ නික්ම යාම ඈට සිහිනයක් වූවාය.
නිමේෂාට තනිකම පාළුව දැඩිව දැනෙන්නට වූයේ ඒ කාල සීමාවේය.
ඇගේ මවද නිවස වෙතට කැඳවාගෙන ආවේ සිතට යම් හෝ අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහාය. දරු දෙදෙනා සමඟ ජීවත් වීමට ඇයට දැඩි වෙහෙසක් දරන්නට සිදුවිය.
කපිල මියගොස් වසර 2ක් ඉක්ම ගොස් තිබිණි. ඒ කාලය පුරා දරුවන් වෙනුවෙන් නිමේෂා මුළු ජීවිතයම කැප කළාය.
තම මව ඈ ළඟ සිටීම මහත් සවියකි. කපිලගේ මාසික වැටුප ඇයට ලැබිණි. එම නිසා මුදල් අඟහිගකම්ද ඇයට තිබුණේ නැත.
නිමේෂා කපිල විදේශගතවූ කාලයේ පටන්ම බඩු භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයක් තිබිණි. එම වෙළඳසැලේ හිමිකරුවා වන ජයන්ත ඇයට එදා සිටම දැක්වූයේ දැඩි ළෙන්ගතුකමකි.
ඇය මිලදී ගන්නා බඩු භාණ්ඩ වලටද මුදල් අය කළේ අඩුවෙනි. ඒ ඔහු ඇයට දැක්වූ ළෙන්ගතු බව නිසාය. නිමේෂාගේ සියලූ තතු ජයන්ත දනී. ඔහු විවාහකයෙක් වුවද දරුවන් සිටියේ නැත.
ජයන්ත සැබවින්ම කඩවසම්ය. නිමේෂා දෙදරු මවක් වුවද ඇයත් සිටියේ තරුණ වයසකය. ඇගේ සුරූපී බව දරුවන් සිටියද බිඳක්වත් අඩුවී නොතිබිණි.
කාන්දමකට ඇදෙන යකඩයක් සේ ජයන්තගේ සිත ඇයට ළංවූයේ ඒ නිසාය. ඔහුගේ රූපයත් කතා විලාසයත් නිමේෂාගේ සිතේ පැලපදියම් වීමට ගතවූයේද ටික කාලයක් පමණි.
ජයන්තගේත් නිමේෂාගේත් සුහද බව දිනෙන් දින වර්ධනය වී සබඳතාවක් බවට පත්වන්නේ මේ කාලයේදීය.
ජයන්තගේ ඇසුර නිමේෂාට ගෙන දුන්නේ සතුටකි. සැනසීමකි. ඇය ඔහුව මුලදී ප‍්‍රතික්ෂේප කළද ඇයත් ඔහු සමඟ සමීප වූයේ නොදැනුවත්වමය.
ජයන්ත නිමේෂාගේ පවුලේ උදවිය වෙනුවෙන් උදවු උපකාර කළේ නොපැකිලිවය.
හුදෙකලා වූ තරුණ බිරියක වූ ඇයට ජයන්තගේ සමීප වීම මහමෙරක් විය. විවාහකයකු වූ ජයන්ත කෙරෙහි ඇගේ සිත බැඳුණේ ඇයි දැයි කියන්නටද ඇය සමත්වූයේ නැත. ටිකෙන් ටික ඇය ඔහුට පෙම් කරන්නට වූවාය.
ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාව වැඩිදියුණු වූ විට ඔවුන්ට එකිනෙකා නැතිව ඉන්නට බැරි වූයේ ඒ නිසාය. අවසානයේ දෙදෙනාම තහනම් ආදරයේ සුව විඳින්නට වූයේ ලෝකයාටම හොර රහසේය.
හැඟීම්වලට වහල්වී ජීවත්වන මෙවැනි මව්වරුන් නිසා දරුවන්ගේ හෙට දවස කෙසේ සුරක්ෂිත වේවිද? සිතීම ඔබට බාරයි.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බමර පහස පතන මලක්
ඉන්දික Thursday, 03 December 2015 01:57 PM
මේක ඉතාම ස්වභාවික තත්වයක්. තරුණ ගැහැණු කෙනෙකුගේ හෝමෝන ක්‍රියාකාරී නිසා අවශ්‍යතා ඇතිවෙනවා. එයට ඉඩක් තිබිය යුතුයි. මෙවැනි අවශ්‍යතා බලෙන් නැවතූවිට අන්තිමට එය සමාජ ව්‍යසනයක් වෙලයි නවතින්නේ. මෙවැනි ප්‍රශ්න වලදී බටහිර රටවල් කටයුතු කරන ආකාරය ඉතාම මානුෂීයයි. (නි)
චන්ද්‍රා Saturday, 05 December 2015 08:40 AM
ලතා අක්කට අපි එපා කිව්වද.. හොඳ කසාදයක් කරගෙන තව දරු දෙන්නෙක් තුන්දෙනෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න . (ස)
නිලාන් Saturday, 05 December 2015 12:03 PM
මෙතන එකම ප්‍රශ්නය ජයන්ත කසාද බැඳලා ඉන්න එක. එහෙම නැති නම් ප්‍රශ්නයක් නෑ කියල මට නම් හිතෙන්නේ. (ස)
ලතා Friday, 04 December 2015 05:27 PM
ඉන්දික, ඔයා හරි. ස්වාමියා මියගිය බිරිද දරුවන් සමඟ තනිවිය යුතු නැහැ යනු මගේ හැඟීමයි (නි)