IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බුර්කාව තහනම් කළොත්...

මුස්ලිම් කාන්තාවන් පළදින නිකාබය සහ බුර්කාව තහනම් කිරීමට පියවර තැබීමක් ගෙවුණු සතියේ සිදුවිය. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින්, තමා මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවකට අත්සන් තබා තිබෙන්නේ යැයි කීවේය.

මෙම පළදනාවලින් ජාතික ආරක්ෂාවට සෘජු බලපෑමක් එල්ල වන නිසා මෙකී තහනම අත්‍යාවශ්‍ය බව ඔහු පැවසුවේ ය. එපමණක් නොව, මුස්ලිම් අන්තවාදය පතුරුවන මද්‍රාසා පාසල් තහනම් කැරෙනු ඇත යැයි ද අමාත්‍යවරයා කීවේය. නමුත් මෙම පුවත ශ්‍රී ලංකාව සහ ලෝකය පුරා පැතිරෙන්නට ගැනීමත් සමග උද්ගත වූ තත්ත්වය, එම තීරණ වෙනත් අතකට හැරවීමේ සමත් විය.

ට්විටර් ආක්‍රමණ

ඉස්ලාමික රටවල සංවිධානය ට්විටර් පණිවුඩ දෙකක් නිකුත් කළේය.
පළමු වැන්නේ මෙසේ සදහන් විය.

පුද්ගල නිදහසට ඇති අයිතිය උල්ලංඝණය වීමක් සිදුවන්නේය යන පදනමේ සිට, ඉස්ලාමීය රටවල සංවිධානය (ඕඅයිසී) ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළා දකී. අයිසීසීපීආර් පණතේ 18 සහ 17 වගන්තිවලින්, සුලුතර ජන කොටස්වලට සිය ආගම නිදහසේ ඇදහීමට, අනුගමනය කිරීමට සහ එයට අනුගත වීමට අයිතිය තහවුරු කර ඇත.
දෙවන ට්විටර් පණිවුඩය මෙසේ විය.

එවැනි වෙන්කොට සැළකීමේ සහ ඉස්ලාමීයභීතිකා ප්‍රකාශ ප්‍රසිද්ධියේම බැහැර කරන ලෙස ඉස්ලාමීය රටවල සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් උදක්ම ඉල්ලා සිටී. එමෙන්ම, රටේ නීතියට අනුව ජීවත්වෙමින් සිටින මුස්ලිම් ජනතාවට එරෙහිව පියවර ගැනීමෙන්, අන්තර්ජාතික මානව හිමිකම් නීතියේ සදහන් බහුවිධභාවය පළුදු නොකරන මෙන් ද, එසේ පියවර ගැනීමෙන් අන්තර්ජාතික මානව හිමිකම් නීතිය දෙවැනි තැනට නොදමන මෙන් ද, වළකින ලෙසත් ඉස්ලාමීය රටවල සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

වඩා ප්‍රබල විරෝධයක් පැමිණියේ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් සාඩ් කතාක්ගෙන්ය. කොටස් දෙකකින් යුතු ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඔහු එහි මෙසේ සටහන් කර තිබිණ.

නිකාබය තහනම් කිරීමට ශ්‍රී ලංකාව දරන තැතෙන්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට සහ ලොව පුරා පැතිර සිටින මුස්ලිම් ජනතාවගේ හදවත් තුවාළ වෙනවා හැරෙන්නට එයින් සිදුවන අනෙකක් නැත. ආර්ථික අපහසුතා මධ්‍යයේ සහ අන්තර්ජාතික තලයේ රටේ ප්‍රතිරූපය අභියෝගය ලක්ව ඇති තත්ත්වයක් පවතින වර්තමානයේ, ජාතික ආරක්ෂාවේ නමින්ය කියා මෙවැනි පියවර ගැනීමෙන් සිදුවන්නේ, ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් පවතින අපහසුතා තවත් තීව්‍ර වීමට අමතරව, රටේ සුලුතර ජනතාවගේ මානව හිමිකම්වල තත්ත්වය අරබයා පවතින විවිධ කතාන්දරවල පදනම තවදුරටත් ශක්තිමත් වීම පමණකි.

පකිස්තාන මහකොමසාරිස්වරයා මෙම පණිවුඩය නිකුත් කළේ ඉරිදා රැයේය. සඳුදා දිනයේම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට ඔහු පියවර ගත්තේය. ගැටළුව සම්බන්ධයෙන් පකිස්තානයේ දැඩි අවධානය යොමුව තිබෙන්නේයැයි සදහන් කළ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල ආධාරය දිනාදීම සදහා පකිස්තානය හැකි උපරිමයෙන් උත්සාහ ගනිමින් සිටින තත්ත්වයක බව පෙන්වා දුන්නේය. ඒ හමුවේ, ශ්‍රී ලංකා රජය වහාම සිය පිළිවෙත වෙනස් කරගත්තේය.

රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නිකාබය සහ බුර්කාව තහනම් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නේ ගැටළුව සම්බන්ධයෙන් බුද්ධිමත්ව, කිසිදු පාර්ශවයකට අනිසි බලපෑමක් එල්ල නොකෙරෙන පරිදි, කෙරෙන අධ්‍යනයකින් පසුව බවය. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කොළඹගේ මහතාද, ප්‍රකාශයක් නිකුත් කරමින් “එය යෝජනාවක් පමණයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා” යැයි පැවසුවේය.

මෙම යෝජනාව 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත් කැරුණු ජනපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනය මත පදනම් වුනු එකක්. ඉදිරි අවදානම සළකා ඉදිරිපත් වුනු එකක්.

මීට පෙර අවස්ථාවක, මුස්ලිම් ජාතික කෝවිඩ්-19 ආසාදිතයන් ආදාහනය කිරීමේ දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටි රජය, පසුව එම ප්‍රතිපත්තිය වෙනස් කර එම මෘත දේහයන් භූමදානය කිරීමට අවසර දුන්නේය. එසේ සිදුවූයේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුවය. ඔහුට ද, කෝවිඩ්-19 වෛරසය ආසාදනයව ඇතැයි පසුගියදා පළවු වාර්තාවල සදහන්ව තිබිණ.

මුලින් අනුගමනය කරමින් සිටි ප්‍රතිපත්තිය අතහැර පයක් පසුපසට තැබීමට රජයට කටයුතු කළේ ඇයි ද යන්න (ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලියේ ඡන්ද විමසීම නිසා ද යන්න), වැදගත් පැනයකි. මධ්‍යගත පාලනයක් නොමැතිව, රජයේ විවිධ අංශයන් ඒවාට වුවමනා සැටියට කටයුතු කරමින් සිටින බවට මේ තවත් උදාහරණයකි. වෙනත් ගැටලු සම්බන්ධයෙන් ද- කෝවිඩ්-19 එන්නත ලබාදීමේ කටයුතු හෝ මහා පරිමාණයෙන් සිදුවන වන විනාශයන් සම්බන්ධයෙන්ද රජය කටයුතු කරමින් සිටින්නේ මෙසේමය.

අවසානය මෙය නොවේ

නිකාබය හා බුර්කාව තහනම් කිරීම අතරමග නතරව තිබෙනවා මිස එහි අවසානය මෙය නොවේ. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සන්ඩේ ටයිම්ස් සමග මෙසේ අදහස් දැක්වූයේ ය.

“බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය ළගදීම කැබිනට් මණ්ඩලයේ අවධානයට ගැනේවි. අමාත්‍යවරයෙක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අවස්ථාවේම සාමාන්‍යයෙන් එදිනම න්‍යාය පත්‍රයට එය ඇතුළත් කර ගැනෙන්නේ නැහැ. මේක ආගම සම්බන්ධ ගැටලුවක් නොවෙයි. බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන්නේ ආරක්ෂක කරුණු කාරණා මත පදනම්ව. නිකාබයක් හෝ බුර්කාවක් පැළදගෙන ඕනම අපරාධයක් කරන්න පුලුවන්. ඒ නිසා මම ඉදිරිපත් කර තිබෙන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවේවි” යයි වීරසේකර මහතා පැවසීය.

“මෙය මම හෝ ජනපතිවරයා හෝ කළ නිර්දේශයක් නොවෙයි. පාස්කු ඉරිදා සංහාරය විමර්ශනය කළ ජනපති විමර්ශන කොමිසමයි මෙම නිර්දේශය සිදුකර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ කාරණාවලට ජගත් මානව හිමිකම් කවුන්සිලය සහ අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතු නෑ.” යයිද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙතැනද, බුර්කාව තහනම් කිරීමට ගෙන ආ යෝජනාව අතරමග නතර කර තිබෙන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ රට සම්බන්ධයෙන් වන යෝජනාවක් පවතින නිසා මිස අන් කිසි හේතුවක් නිසා නොවේ. අමාත්‍යවරයා පවසන ආකාරයට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළහොත්, එහි ප්‍රතිවිපාක ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරයේ දී, ශ්‍රී ලංකාවට අත්විදීමට සිදුනොවන්නේ ද?

විශේෂයෙන්ම මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සිදුවන බව කියන්නට පුළුවන. බුර්කා තහනම සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය එකට ගැටලා, ඉස්ලාමීය රටවල සංවිධානය ට්විටර් පණිවුඩයක් පවා නිකුත් කර තිබෙන අවස්ථාවක, මූලෝපායක් සකස් කරගැනීමෙහි ලා අවධානයක් යොමුකර නොමැති කාරණා රැසක් ඇත. කොටින්ම, ජගත් මානව හිමිකම් කවුන්සිලයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සැළසුමක්-මූලෝපායක් තිබේ ද? යන්නත් ගැටලුවකි.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීමට පසුව පසුවිපරමක් සිදුකිරීමට ඇති තරම් දේවල් ශ්‍රී ලංකා රජයට තිබෙනු ඇත. එය විශේෂයෙන්ම, සතුරන් නිසා නොව, තමන්ම දැරූ උත්සාහයන් හමුවේ ප්‍රගතියකට වඩා තැබූ පියවර පසුපසට තැබීමට තරම් හේතු වූ තත්ත්වයන් උද්ගත වූයේ කෙසේ ද? යන්න පැහැදිලි කරගැනීමටය. එසේ කරන පසුවිපරමකින් ඉගෙන ගන්නා පාඩම්, ක්‍රියාවේ යෙදවෙනු ඇතිද යන්න මෙතැන තිබෙන පැනයයි. රටට සිදුවූ හානිය අවම කරගැනීමට මෙන්ම, රටේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල වෘත්තීමය තත්වයවයක් පවතින බව සහතික කිරීමටත්, එම උගත් පාඩම් භාවිතයේ යෙදවීම වැදගත් වේ.

පළාත් සභා මැතිවරණය

ගෙවුණු සතියේ තවත් වැදගත් සිදුවීමක් වූයේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණයට, පාලක සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයින්ගේ අනුමැතිය හිමිවීමයි. පළාත් සභා මැතිවරණය බොහෝදුරට ජූනි මස පැවැත්වීමට ඉඩ තිබෙන අතර, එයට අදාළ නීති සම්පාදනය කිරීමේ කටයුතුවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව යුහුසුලුව සිටී. අනුමැතිය ලබාගැනීම සදහා එය කැබිනට් මණ්ඩලය වෙත යැවීමට නියමිතය.

මෙම පසුබිම යටතේ සමගි ජනබලවේගය එහි පළමු වසර සැමරුම සංකේතවත් කිරීමට පැවැත්වූ පළමු ජනතා රැලිය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම මනාය.
හයිඩ්පාක් පිටියේ පැවැති මෙම රැලියට 5000 ක පමණ ජන සහභාගීත්වයක් තිබුණු බවට පොලිසිය ඇස්තමේන්තු කරයි. රටේ කෝවිඩ්-19 වසංගත තත්ත්වයක් පවතින බව සැළකිල්ලට ගත්විට එය සැබැවින්ම සැළකිය යුතු ජනතා සහභාගීත්වයකි.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව කුසලතාවයන් ආන්දෝලනාත්මක විය හැකි වුවත් රැස්වීමේ ජනතා අවධානය දිනාගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමත් විය. සිය කතාවේදී ප්‍රේමදාස මහතා වැඩි අවධානයක් යොමුකළේ සමගි ජනබලවේගයට ජනපතිවරයාට සහ ඉදිරියේ එන මැතිවරණයට නම් තත්කාලීන දේශපාලන ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ෆොන්සේකා මහතාය. එයට පැමිණ සිටියවුන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.

සාවද්‍ය ප්‍රකාශ

ඉදිරියේ එන පළාත් සභා මැතිවරණයට පෙර සූදානමක් වැනි වූ සමගි ජනබලවේගයේ ජනතා රැලියේ දී දැන් මෙම නව පක්ෂයට ජනතාව ඒකරාශී කරගත හැකි බව තහවුරු විය. ඒ කෙසේවුවත්, ප්‍රේමදාස මහතාට තවමත් පාලනය කරගත නොහැකිව ඇති දෙයක් වේ. එය නම් පක්ෂය අපහසුතාවයට පත්කරන ආකාරයේ ප්‍රකාශයන් නිකුත් කරමින් සිටින එහි ඇතැම් සාමාජිකයන්ය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් එවැන්නට එක් අවස්ථාවකි.

2019 පාස්කු ඉරිදා සංහාරය පසුපස සිටින්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනපතිවරයාගේ සොයුරු බැසිල් රාජපක්ෂ යැයි ඔහු චෝදනා කළේය. ඔහු මෙම ප්‍රකාශය කරනු දැක්වෙන වීඩියෝවක් සමාජජාල පුරා වේගයෙන් පැතිර ගියේය. අවසන, ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවනු ලැබිණ.
ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ඔහු සමග පැමිණ සිටියේ ය.

පසුව සිදුකළ ප්‍රකාශයේ දී අබේසිංහ මහතා සේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. කාරණය දැන් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාවද්‍ය ප්‍රකාශයන් කරන්නේ නම් දැඩි පියවර ගත යුතුව තිබෙන බවට කිසිදු විවාදයක් නැත. පැනය වන්නේ සාවද්‍ය ප්‍රකාශයක් කළ පක්ෂයේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කවර නම් පියවරක් අනුගමනය කරනු ඇතිද යන්නය.කෝවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග රජය අලුත් වසරකට පා තබා තිබෙන්නේ අභ්‍යන්තරවත්, බාහිරවත්, ගැටලු ගොන්නක් රැගෙනය.

බාහිර වශයෙන් ගත්විට පවතින බරපතලම ගැටලුව වන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තිබෙන යෝජනාවලිය සම්බන්ධයෙන් කවර නම් තීන්දුවක් ලැබෙනු ඇති ද සහ ඉදිරි මාස කිහිපය ඇතුළත කවර නම් ප්‍රතිවිපාකයන් අත්විදීමට සිදුවනු ඇති ද යන්නය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාවලිය අඩුම තරමින් තවත් වසර කිහිපයක් යන තෙක්ම ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිල සභාගර්භයේ රාව ප්‍රතිරාව නංවනු ඇත.

අඩුම තරමින් අනාගතය සළකා හෝ, නිසි සැළසුමක් සහ මූලෝපායක් සකස් කරගැනීමට රජය කටයුතු කළ යුතුමය. සිතූ මනාපයට සහ වෘත්තිකත්වයෙන් බැහැරව කරන දේවලින් අපට අත්වන ප්‍රතිලාභයක් නැත.

අභ්‍යන්තර වශයෙන් ගත්විට, අලුත් අවුරුදු උදාවට තවත් සති පමණක් ගෙවීමට තිබෙන තැන, බඩු මිල අහස උසට නැග ඇත. කෝවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙල අවරට ගොස් තිබෙන්නේ ඇති හැකියවුන්ට පමණක් එය ලබාගැනීමට හැකිව තිබෙන තත්ත්වයක් ඇති කරමිනි.

පළාත් සභා මැතිවරණය හමුවේ මේවා නියත වශයෙන්ම විපක්ෂයේ වේදිකාවලින් රජයට දමා ගැසෙනු ඇති වුවත් වැරදි නිවැරදි කරගැනීමට රජයට තවමත් කාලය ඇත. වංචනිකයන්ට සහ දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමට යන්නේය යැයි නැවත නැවතත් කියා සිටීමෙන් ඵලක් නොවනු ඇත. රජයේ විවිධ අංශ නගමින් සිටින විවිධ ප්‍රකාශයන් හමුවේ ජනතාව සිටින්නේ අන්දමන්දවය. එකම හඩක් නැගෙන, එකම ස්ථාවරයක පිහිටා වැඩ කටයුතු කැරෙන, පිළිවෙතක් ඇති කරගැනීමට රජයේ ඉහළම ප්‍රමුඛත්වය ලබා දිය යුතුමය.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (15)

බුර්කාව තහනම් කළොත්...

Bamunuarachchi Saturday, 27 March 2021 01:50 AM

රටේ සිංහල ජනතාවට මේ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් නේද? මුහුණ වසාගෙන එන අය බස්වලට, කඩවලට අනිකුත් ගනුදෙණු සඳහා වැද්ද නොගැනීම සමාජයෙන් කොන් කිරීම අපිට කල හැකියි.

:       18       14

WilbatSaturday, 27 March 2021 02:46 PM

එහෙම කරන්න බැහැ. නීතිය හදන්න කියන්න.

:       5       11

BamunuarachchiSunday, 28 March 2021 05:13 AM

මොකද බැරි කරන්න පුළුවන්. ෆුල් ෆේස් හෙල්මට් දාලා කඩවලට බැංකුවට උසාවියට පොලිසියට ඇතුල්වෙන්න බැහැ කියලා නීති තිබෙනවාද? නමුත් ෆුල් ෆේස් හෙල්මට් දාලා කඩවලට බැංකුවට උසාවියට පොලිසියට ඇතුල්වෙන්න බැහැ. දැනටමත් බැංකුවට බුර්කාව දාගෙන ඇතුල් වෙන්න බැහැ. අපිට තිබෙන්නේ ඕක වැඩිදියුණු කරන එකයි තිබෙන්නේ රටේ ආරක්ෂාවට.

:       2       3

BamunuarachchiSunday, 28 March 2021 05:14 AM

සිංහල ඡන්දවලින් පත්වුණ ආණ්ඩුව ජාතිවාදී ආණ්ඩුවක් කියලා සුළුජාතීන් දැනටමත් ලෝකෙට පෙන්වල තිබෙන්නේ. අපි මෙවන් නීති ගෙනාවොත් ඒ බව තහවුරු වෙනවා. හොඳම ක්‍රමය තමයි අපි ඒ සම්බන්වධ කටයුතු කිරීම. උදා දාගෙන කඩවලට එන්න බැහැ. බැංකුවට බුර්කාව ෆුල් ෆේස් හෙල්මට බැහැ. උසාවියට පොලිසියට බුර්කාව දාගෙන යන්න පුලුවන්ද? එහෙමනම් පොදු ප්‍රවාහනවල, ප්‍රසිද්ධ ස්ථානවල මොවුන්ව රිජෙකට් කරනවා නම් හරි. ගෙදර ඉන්නකොට බුර්කාව නොවෙයි වෙස් මුහුණ දාගෙන හිටියත් අපිට කමක් නැහැ.

:       4       2

Chithrananda Saturday, 27 March 2021 11:52 PM

යකෝ රටක් ජනතාව විදියට එහෙම කරන්න ගියොත් ලෝකෙ අපිට සහයෝගය දෙන රටවල් මොනවා නොකරයිද අපට. අනුන්ගෙන් යැපෙන අපිට ඒ තරම් දෙයක් කරන්න බෑ.

:       2       0

anaMonday, 29 March 2021 06:53 AM

විකාරද?

:       1       2

wilbatTuesday, 30 March 2021 08:57 PM

ජන වාර්ගික අර්බුදයක් ඇතිකරලා වින්දනයක් ලබන්න හදන්න එපා.

:       2       2

vikum Saturday, 27 March 2021 01:54 AM

එතකොට අරාබියේ ඉන්න සිහල බෞද්ධයින්ට ඇයි බුදුපිළිමයක් අරගෙන ගිහින් වඳින්න පුදන්න අවස්ථාවක් නැහැනේ. එතකොට ඒ මානව නිදහස උල්ලංඝනය වීමක් නොවෙයිද..? දුප්පත් රටක් වුණාම ඇටිකෙහෙල් කෑවා වගේ වෙන්න වෙනවා.. එක්කෝ පාලකයින් මේක හදන්න ඕනෑ නැත්තම් මේක සුද්දාට ආපහු දෙන්න ඕනෑ ජනමත විචාරණයක් තියලා....

:       7       25

mohomedSaturday, 27 March 2021 11:49 AM

දන්න දෙයක් ගැන කතාකරන්න සහෝදරයා. අරාබි වල බුද්ධරූපය තියලා වඳින්න බෑ කියලා කවුද කිව්වේ..? අරාබි, කටාර්, ඩුබායි, බහරේන්, කුවේට් ඔක්කොම රටවල්වලින් වෙසක් එකට උත්සව තියෙනවා. ලංකාවේ හාමුදුරුවරු වඩම්මලා පිරිත් කියනවා. ලංකාවේ ඔබලා ජාතිවාදය වපුර වපුරා ඉන්නවා...

:       38       20

Dananjaya. Mahaoya Saturday, 27 March 2021 04:35 AM

අතීසාරයට අමුඩ ගැසීමේ ප්‍රතිපත්ති අනුව ඇදගෙන යාමත් කලාවක් නේ...!!!

:       1       9

mohomed Saturday, 27 March 2021 08:52 AM

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා මැරුවා ... සිවුරක් ඇතුලේ පිස්තෝලය හංගන් ඇවිත්... එහෙනම් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් කියලා මේවා තහනම් කරන්න ඕනෑ.

:       19       21

BamunuarachchiSunday, 28 March 2021 04:18 AM

බණ්ඩාරනායක මහතා මරන්න ආවේ මුහුණ ඇරගෙන. ප්‍රශ්නය තිබෙන්නේ මුහුණ වහ ගෙන ඒමයි. කලිසම් සාක්කුවේ පිස්තොලේ දාගෙන ආවනම් කලිසම ගලෝල එන්න කියලද කියන්නේ? ඒ ගොල්ලෝ රෙදි ඇන්දත් එකයි නැතත් එකයි මුහුණ වැසුවාම ගහන්ද මිනිහද තෝරා ගන්න බැහැ බොම්බේ දාල යනකම් දන්නේ නැහැ. එතනයි ප්‍රශ්නය.

:       0       6

Rawi Monday, 29 March 2021 06:47 AM

ඉතාම මෑතකදී මේවා තහනම් කළ රට ස්විට්සර්ලන්තයයි. ප්‍රංසය එහෙම තහනම් කළේ අවුරුදු ගණනකට කළින්. මට හොඳට මතකයි ප්‍රංශයේ මුස්ලිම් ආගමික නායකයා එදා කීවා මුසල්මානුවන් තමන් ජීවත් වන රටේ නීතියට අනුගත විය යුතුයි කියා. යුරෝපයේ රටවලට එහෙම කරන්න පුළුවන් නම් ලංකාව එසේ කිරීම ගැන මානව හිතවාදීන් කුලප්පු වන්නේ ඇයි?

:       0       9

A.Samad Tuesday, 30 March 2021 05:07 AM

බුර්කාව තහනම් කිරීමට ගත් තීරණය කාගේ උවමනාවට දැයි ප්‍රශ්නයත් තිබේ. 30 වසරක යුද සමයේ නොතිබූ තහනම දැන් ඇයි ද යන්න ප්‍රශ්නයකි. කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කිරීමෙන් ඇතිවන ඵලය කිම? කොරෝනා නිසා දන් මෙරට සියලු දෙනා බුර්කයන් වී ඇත. ඒ නිසා මෙම තීරණය අතිශය විහිලුවක් නොවේද?

:       8       4

Bamunuarachchi Wednesday, 31 March 2021 05:10 AM

බුරුකාව තහනම් කරන්න ඕනේ කියන එක රටේ 90% කගේ ඉල්ලීමක්. ඒ විතරක්යැ.. ළමයි දෙදෙනාට වැඩිය හදනවාට බද්දක් ගහන්නත් වෙනවා. හේතුව සිංහල මිනිස්සු පවුල... ළමයි දෙදෙනාට සීමා කරගෙන අපේ අනාගත ළමයින්ට ඉතිරි කරන සම්පත් මොවුන් භුක්ති විඳිනවා.

:       2       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 15 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 17 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 652 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 170 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 443 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1095 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 557 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2133 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site