IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බිරියගේ ආදරය මදිවී තහනම් ආදරයක පැටළුණු හේමාල්

  PAGE_03_RASA

 

අප ජීවත්වන්නේ නූගත්ම ගැමියාගේ සිට උගත් යැයි සම්මත සමාජ තලය දක්වාම නියෝජනය කර අති බහුතරයක් දෙනා ලිංගික අධ්‍යාපනය යන්න කුණුහරුපයක් සේ දකින සමාජයකය. ඒ නිසාම පාසල් අධ්‍යාපන විෂය මාලාවේ කිසිදු විෂයයක් තුළින් ලිංගිකත්වයට අදාළ දැනුම තරුණ වියට එළැඹෙන සිසු සිසුවියන්ට හා තරුණ ප‍්‍රජාවට ලබාදීමට නොහැකිවී තිබේ. ඒ දැනුම ලබාදීමට එකඟ නොවන දෙමාපියෝ ඒ දරුවන්ට ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම් සහිත නවීන ජංගම දුරකථන ගෙනැවිත් දෙති. එයින් අන්තර්ජාලයට පිවිස අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට නැරඹීමට දරුවාට අවස්ථාව ලැබී තිබේ. එම දර්ශනවලින් ඔළුව කුරුවල් කර ගන්නා දරුවා එය අත්හදා බැලීමට උත්සාහ දැරීම නිසා විවිධ ප‍්‍රශ්න මතුවේ. අප දිනපතා පුවත්පත්වලින් විවිධ අපරාධ ලෙස මේවා කියවා ඇත. එහෙත් අපි ඒවායේ වරද මතුපිට තලයේ පේන කුමන හෝ තැනකට, කෙනෙකුට ලඝු කර දොස් පවරමින් සිටිමු. තුරුණුවියේ දරුවකු තුළ මතුවන කුතුහලය සහිත බව, අත්හදා බැලීම්වලට ඇති ආසාව, අලූත් දේ සොයා යාමට ඇති ආසාව, මාපියන්ට හොරෙන් යම් යම් දේවල් කරන්න තිබෙන කැමැත්ත, මේ මානසික තත්ත්වයන් ගැන මඳකටවත් ඔබ සිතා තිබෙනවාද?

 

 

තරුණියක් අවුරුදු දහඅටේදී ආදරය කරද්දී හැසිරෙන ආකාරයට දරුවෙක් ලැබී මවක වූ පසු හැසිරෙන්නේ නැති විය හැකිය. එය ජීව විද්‍යාත්මක කාරණාවක් බව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා විවාහ වී ටික කලක් යන විට ඒ මුල් කාලයේදී පරිදිම ආදරය බලාපොරොත්තුවෙන් වෙනත් තරුණියන් කෙරෙහි ඇදී යන පිරිමින් සිටිති. සැබවින්ම එහි ආදරයේ අඩුවක් නොතිබිය හැකිය. එහිදී සිදුව ඇත්තේ බිරිඳ දැන් මවක වීම නිසා ආදරය පෙන්වන ස්වභාවයේ වෙනසක් පමණක් වන්නටද හැකිය. එහෙත් පිරිමියෙක්ගේ හෝමෝන ක‍්‍රියාකාරීත්වය, ඔහු ආදරය බලාපොරොත්තු වන ආකාරය බිරිඳට දරුවෙක් ලැබුණාට වෙනස් වන්නේ නැත. මේ පිළිබඳව අවබෝධයෙන් එකිනෙකා වටහා ගැනීමට නම් ඔවුන්ට සමාජ අත්දැකීම් වගේම ලිංගික දැනීම ද අවශ්‍ය වේ. දැනුම නොමැතිකම නිසා බොහෝ දෙනා ජීවිතය වරද්දා ගනිති. සමහර විට පිරිමියෙක් තම බිරිඳ සිටියදී වෙනත් ගැහැනියක සමඟ සම්බන්ධයක් ඇති කර ගැනීම ගැහැනියගේ වරදක් ලෙස දැකීමට ද සමාජය පෙළඹෙයි. 


ජනුදි සහ හේමාල්ගේ ප‍්‍රශ්නය ද එලෙස ජීවිතය වරද්දා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයකි. මෙය කහතුඩුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිලි පොතේ සටහන් වූ කතාවකි. 


ජනුදි හේමාල්ට මුණ ගැසුණේ ඇය පාසල් යන අවධියේදීය. වසර පහක පේ‍්‍රම සම්බන්ධතාවකින් පසු ඔවූහු විවාහ වූහ. ඒ දෙමාපිය ආශිර්වාද සහිතවය. ජනුදි රැුකියාවක් නොකළ අතර හේමාල් පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙකු ලෙස ජීවිකාව සරිකර ගත්තේය. ඔවුන් කහතුඩුව ප‍්‍රදේශයේ නව නිවසක පදිංචි වූ අතර ජනුදිගේ මවද ඇගේ තනියට පැමිණියාය. ඒ ජනුදිට දරුවෙක් ලැබෙන්නට සිටින වග දැනගත් පසු තනිවම වැඩ කර ගැනීම අපහසු නිසා ඇයට සහය වන අදහසිනි. 


දරුවා ලැබෙන තෙක් ජනුදි සහ හේමාල් සිටියේ කුරුල්ලයි කිරිල්ලියි වගේය. ජනුදිට අවශ්‍ය දේවල් මොනවාද කියා විමසා සවසට වැඩ ඇරී ගෙදර එන විට ඒ දේවල් රැගෙන එන්නට හේමාල් අමතක කළේ නැත. හේමාල් ගෙදරට ආ විගස තේ කෝප්පයත් රැුගෙන එන ජනුදි ඔහුගේ වෙහෙස යනතෙක් ඔහු අසලම දැවටී සිටිමින් දවසේ ආ ගිය තොරතුරු කතා කළාය. ගෙදරම සතුටින් පිරී පැවතිණ. හේමාල්ට සවසට ගෙදර එන තෙක් ඉවසුමක් නැති තරම්ය. ඒ දරුවා ලැබෙන්න ඉන්න තමන්ගේ බිරිඳ දැක ගන්නය. ඇය සමඟ වැඩි කාලයක් ගත කරන්නය. දරුවා කුස තුුළ දඟලන අයුරු ඇගේ කුසට සුරත තබා දැනගන්නටය. මහා ලොකු ධනයක් නැති වුණත් දෙන්නාගේ ආදරය, පවුලක් සතුටින් ගෙන යන්න ප‍්‍රමාණවත් නේද කියලා හේමාල්ට සිතුණු වාර අනන්තය. ඒ තරමටම ඔවූහු ආදරයෙන් වෙළී සිටියහ.


ජනුදිට දරුවා ලැබිණ. ඒ ගැහැනු දරුවෙකි. දියණියගේ සුරතල් බලමින්, මුලින්ම සිනාසෙන හැටි, ඊට පස්සේ ගොත ගසමින් අකුරු අමුණමින් කතා කරන හැටි බලමින්, වැටි වැටි ඇවිදින හැටි බලමින් කාලය ගත කරද්දී පුංචි, පුංචි අඩුපාඩුවක් වුණත් ඒ දේවල් අමතක කර ජීවත්වීමට ජනුදි වගේම හේමාලූත් පුරුදු වූහ. දරුවාගේ හුරතලයෙන් මේ පුංචි කැදැල්ල පිරීගොසිනි.

 

1


වසරින් වසර ගෙවී ගොස් දියණියට අවුරුදු හතරක් පමණ වයසට පැමිණෙන විට නිවසේ සතුට කෙමෙන් කෙමෙන් පලායමින් පැවතිණ. ඒ හේමාල් වෙනත් තරුණියක හා අනියම් සබඳතාවයක් ගොඩනගා ගැනීම නිසාය. මේ සම්බන්ධය ආරම්භ වී ටික කාලයක් ගතවනතුරු ජනුදිට එය දැනගන්නට ලැබුණේ නැත. එහෙත් හේමාල්ට එන සමහර දුරකථන ඇමතුම් හා ඒවාට පිිළිතුරුදීමට හේමාල් තමන් මගහැර වෙනත් ස්ථානයක් කරා යාම, එවැනි අවස්ථාවල ඔහුගේ මුහුණේ දිස්වන සතුට වැනි දේවල් නිසා ජනුදිට සැකයක් ඇති විය. ඒ සැකය ඔස්සේ හේමාල් ගැන සොයා බලද්දී ඔහු තම සේවා ස්ථානයේ ලිපිකාරිනියක සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යන බව දැනගන්නට ලැබිණ. දැන් මුළු නිවසම අඳුරේ වැටී ඇති සේය. වෙනදා තිබුණ සිනා, වෙනදා තිබුණ කතා දැන් නැත. ඒ වෙනුවට පුංචි දේටත් අඬදබර කරගන්නා දෙන්නා දෙමාල්ලන් නිසා සිඟිති දියණිය ද, ජනුදිගේ අම්මා ද පසුවූයේ දුකෙනි. 


හේමාල් සමඟ අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබෙන්නේ ද විවාහක කාන්තාවකි. ඇගේ සැමියා විදේශගතව සිටී. ඇය නමින් සුධර්මාය. සුධර්මා ජනුදි තරම් හැඩකාර නොවුවාය. එහෙත් සුධර්මා සමඟ ගොඩනැගුණ මේ ආදර සම්බන්ධතාව නිසා හේමාල්ට ජනුදි සමඟ ආදරය කළ මුල් කාලය සිහිපත් විය. සුධර්මා ඔහුට තමන් උයාගෙන එන බත්පතෙන් කැවුවාය. ඔහු කැමති කෑම වර්ග හදාගෙන ආවාය. පඩි ගත්දාට සුධර්මා හේමාල්ට පුංචි හෝ තෑග්ගක් ගෙන දුන්නාය. මේ හැම දෙයක්ම නිසා හේමාල්ට තමන් නැවත උපන්නා වැනි හැඟීමක් ඇති විය. දැන් ඔහුට ගෙදර යනවාට වඩා වැඩපළේම සිටින්නට ඇත්නම් යැයි සිතේ. මේ සම්බන්ධය කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් හේමාල් රාත‍්‍රි වැඩමුර ඇති බව පවසමින් සුධර්මලාගේ ගෙදර රැය ගත කිරීමට යන්නට ද පුරුදු වූයේය. හේමාල් නැතිව දියණියට නින්ද යන්නේ නැත. ඔහු දවසක් දෙකක් නිවසට ආවේ නැත්නම් දියණිය අසනීප වේ.


මේ සම්බන්ධය ඉවසා සිටින්නටම නොහැකි තැන ජනුදි ඒ ගැන සුධර්මා සමඟ කතා කළාය. බැරිම තැන පොලිසියට පැමිණිලි කළාය. දෙපාර්ශ්වයම පොලිසියට ගෙන්වා ප‍්‍රශ්නය සාකච්ඡුා කරනු ලැබිණ. එහිදී හේමාල් පැවසුවේ තමන් ආදරය කරන කාලයේදී මෙන් ජනුදි දැන් තමන්ට ආදරය නොකරන බවය. තමන් බලාපොරොත්තු වන ආදරය ඇගෙන් නොලැබෙන බවය. එසේම ඇය සමඟ ප‍්‍රශ්නයක් සාකච්ඡුා කර අවසන් කළ නොහැකි බවත් තමන් එක වචනයක් කියන විට ජනුදි වචන දහයක්වත් කියා තමන් යටපත් කරන බවත්ය. සුධර්මා ජනුදි තරම් රුවැති නොවුණත් ඇයගෙන් තමන් බලාපොරොත්තු වන ආදරය ලැබෙන බවද හේමාල් කියා සිටියේය. ඒ නිසා තමන්ට ජනුදිගෙන් වෙන්වීමට අවශ්‍ය බවත් දරුවාට හා බිරිඳට නඩත්තු ගෙවීමටත් සූදානම් බවත් හේමාල් පොලිසියට පැවසුවේය. 


ජනුදිගේ මව ද ජනුදිටම වැරදි පැටවූයේය. ඇය කීවේ තම දියණිය බෑනාට නිසි ලෙස සලකන්නේ නැති බවයි. වැඩ ඇරී ආවිට තේ ටිකක් හදලා දීලා, කන්න කෑම ටික බෙදලා දීලා ඔහු ගැන සොයා නොබලන බවය. එසේම ඇය කටකාර නිසා නිතරම එකටඑක කියා ගනිමින් ප‍්‍රශ්න දුරදිග ගෙන යන බව ද අම්මා කීවාය. ජනුදි ඊට පිළිතුරු ලෙස කියන්නේ තමන් පෙර සේම හේමාල්ට ආදරය කරන බවය. එහෙත් තමන් දරුවාගේ වැඩකටයුතු ගැන සොයා බලන විට හේමාල් ගැන සොයා බැලීමට නොහැකි වූ බව ඇය පිළිගත්තාය. ටික කලකින් හේමාල් තමන්ගේ වැඩ කර ගැනීමට හුරු වූ නිසාත්, අම්මා ඔහුට අවශ්‍ය කෑම බීම ගැන සොයා බලා කළ නිසාත් තමන්ට ඒ ගැන බරක්පතළක් නොවූ බවත් ජනුදි පොලිසියට පවසා තිබිණ.


අවසානයේ දරුවා වෙනුවෙන් සුධර්මා සමඟ සම්බන්ධතාව අත් හැර දැමීමට එකඟ වූ හේමාල් සිය බිරිඳ හා නැන්දම්මා සමඟ ආපසු නිවසට ගියේය. සුධර්මා ද හේමාල් සමඟ සම්බන්ධය අත්හැරීමට එකඟව ආපසු ගියාය. එහෙත් හේමාල්ට සුධර්මා ගැන මතක් වන විට ඇය අමතක කිරීමට නොහැකි විය. ඒ නිසා ඔහු සුධර්මාට රහසින් පැනයාමට යෝජනා කළේය. සුධර්මාගේ සැමියා ද ළඟදීම ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ. ඔහු සමඟ අලූත් ජීවිතයකට එළැඹීමේ අදහස ඇතිව සිටින සුධර්මාට හේමාල්ගේ යෝජනාවට එකඟවීමට නොහැකිය. එහෙත් එයට එකඟ නැති බව පැවසීමෙන් හේමාල් අනතුරක් කරාවිදැයි බියට පත් හේමාල්ට එකඟ බව පවසා දිනයක් යොදාගත් සුධර්මා ජනුදිට කතා කර සියලූ විස්තර පැවසුවාය. ඒ ගැන හේමාල්ට නොදන්වා ඔහු ගෙදර නවත්වා ගන්නා ලෙස ද ඉල්ලා සිටියාය. ජනුදි ඒ කී ලෙසම කළාය. එහෙත් එයට ඇහුම් කන් නොදී හේමාල් සිය ඇඳුම් කැඩුම් ද ගෙන සුධර්මලාගේ ගෙදර ගියේය. සුධර්මාගේ සහෝදරයෝ ඔහුට පහර දී පන්නා ගත්හ. දින කීපයක් පියා ගෙදර නොපැමිණීම නිසා ජනුදිගේ පුංචි දියණියට උණ ගත්තාය. ඒ නිසා ජනුදි යළිත් පොලිසියේ පිහිට පැතුවාය.


දෙවැනි වතාවේ දී හේමාල් ස්ථිර වශයෙන්ම තමන්ට වැරදුණ බව පිළිගත්තේය. තවදුරටත් වෙනඅතක නොයන බවත් පවසා ජනුදි හා දියණිය සමඟ ජීවත්වීමට එකඟ වී ආපසු ගියේය. එහෙත් පෙර තිබූ සතුට සහිත පවුල යළි ගොඩනැගෙන්නට තවත් කලක් ගතවනු ඇත. ඒ ජනුදි තවමත් හේමාල්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමට පෙළැඹී නැති නිසාය. ඇය හේමාල්ගේ පුංචි වෙනසක් පවා සැකයට භාජනය කරන නිසාය. පවුල් උපදේශනයක් තුළින් ඔවුන් යථා තත්ත්වයට ගැනීමට සිදුව ඇත. එහෙත් එය කරන්නේ කවරෙක්ද?

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය.)
මේ ප‍්‍රශ්නය ගැන අදහස් දැක්වූ කහතුඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ජයනාත් මහතා මෙසේ පැවසුවේය.


අපේ සමාජයේ අඩු වයසෙන් විවාහ වීම නිතර දකින්න ලැබෙන තත්ත්වයක්. ඔවුන් පවුල් ජීවිතයක් ගෙන යන හැටි දන්නේ නැහැ. ඒ නිසා මේ අයට වැටහෙන්නේ නැහැ පිරිමියෙකුගේ හා කාන්තාවකගේ අවශ්‍යතා හා සිතුම් පැතුම් වෙනස් වන ආකාරය. සාමාන්‍යයෙන් තරුණියක් විවාහ වී දරුවන් ලැබුණ පසු ඇගේ මානසිකත්වය මෙන්ම හෝමෝන ක‍්‍රියාකාරීත්වයේද වෙනසක් සිදුවනවා. ඇය ඉන්පසු බිරිඳක් ලෙස සිතනවාට වඩා මවක් ලෙස සිතන්නට පෙළැඹෙනවා. ඒ නිසා ආදරය කරන මුල් කාලයේ ලෙසටම තම සැමියාට සලකන්න පෙළැඹෙන්නේ නැහැ. සැමියා මේ තත්ත්වය තේරුම් ගන්න  ඕන වගේම පිරිමියෙකුගේ එවැනි හෝමෝන වෙනසක් සිදු නොවන නිසා ඔහු සාමාන්‍යයෙන් අවුරුදු පනහක්වත් වෙනකම් විවාහ වූ පළමු දිනයේදී සේම ආදරය කරන්නට ආදරය ලබන්නට පතනවා. බිරිඳක ලෙස මේ තත්ත්වයත් තේරුම් ගත යුතුව තිබෙනවා. නමුත් අද කවුද මේවා ගැන විවාහකයන්ට උපදෙස් දෙන්නේ. ඒ නිසා පවුල් ආරවුල් වැඩියි. පිරිමියෙකුට අවශ්‍ය ලස්සන ගැහැනියකට වඩා තමන් කැමති ලෙස ආදරය දක්වන ගැහැනියකි. දරුවන්ට සලකද්දී සැමියාට සැලකීම බිරිඳගෙන් ගිලිහෙන විට සැමියා තමන්ගේ ලස්සන බිරිඳ ගෙදර සිටියදී අලූතෙන් වෙනත් ආදර සම්බන්ධයක් පටන් ගන්නට පෙළැඹෙන්නේ ඒ නිසයි. 


ඉතිං අපේ චන්දන ජයනාත් මහතා පවසන දේ සමඟ නැවතත් සිතන්න. නවීන තාක්ෂණය සමඟ අද සමාජය ඉදිරියට ඇදෙමින් තිබේ. තාක්ෂණයේ දියුණුව සමාජයකට අත්‍යවශ්‍යය. එහෙත් එය දැලි පිහියක් වැනිය. මේ දැළි පිහිය සමාජ අවබෝධයක් නැති වඳුරෙක් වැනි පුද්ගලයෙකුට අසු වූ විට එයින් සමාජයට වැඩදායි දේවල් සිදුනොවනු ඇත. ඒ නිසා අපේ රටේ විභාග මූලිකව ගොඩනැගී තිබෙන සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලියේම වෙනසක් සිදු විය යුතුව ඇත.

ජීවිතය වටහා ගැනීමට හැකි  ඕනෑම වෘත්තියක් රටට වැඩදායි වෘත්තියක් කොට සිතන්නට හැකි තරුණ ප‍්‍රජාවක් බිහි කළ හැකි අධ්‍යාපනයක් බවට පත්විය යුතුව ඇත. එසේම එයට ස්ත‍්‍රී පුරුෂභාවයන් හඳුනා ගැනීමට හැකි අධ්‍යාපනයක් ද එක්විය යුතුව ඇත. එසේ නොවන්නද ඉහත ඇතිවන ප‍්‍රශ්න සේම තාක්ෂණය නමැති දැළි පිහිය භාවිත කරමින් විවිධ කාමුක චිත‍්‍රපට හා වීඩියෝ දර්ශන නරඹා මනස විකෘති කරගන්නා තරුණයාගේ ගමන් මාර්ගය කොතැනකින් කෙළවර විය හැකිද යන ප‍්‍රශ්නයක් තවදුරටත් අප හමුවේ ඉතිරිව තිබෙනු ඇත.

 

m

 



අදහස් (0)

බිරියගේ ආදරය මදිවී තහනම් ආදරයක පැටළුණු හේමාල්

සමන්ති Sunday, 13 December 2015 12:24 PM

චන්දි, ඒක නම් සහතික ඇත්ත. (නි)

:       0       0

චන්දි Saturday, 12 December 2015 06:03 PM

මාතෘකාව මාරුවුණා නම් බලන්න තිබුනා අදහස් ගොන්න (නි)

:       0       0

සුජාතා Sunday, 13 December 2015 06:29 PM

මෙතන ගැහැණියට වුණ අසාධාරනය ගැන කතාකරන්න කවුරුත් නැහැ. බලන්න තිබුනා අර කිවුවත් වගේ අනිත් පැත්ත මාරුවුණා නම්. පෙර කළ පවු කියලා හැමදෙයින්ම ලිස්සලා යන්න බැහැ. කළකම් පළදෙනවාමයි. (නි)

:       0       0

ශානිකා Tuesday, 15 December 2015 09:39 AM

පෙම්වතිය ,බිරිද .දරුවන්ගේ මව .මේ චරිත තුනම එකම ගැහැනියක්. සැමියාගේ,දරුවන්ගේ වැඩ රාජකාරි. කරලා ඉවර වෙන කොට ඇය ගොඩක් වෙහෙසට පත්වෙලා ඉන්නේ. මේ සැමියාගේ තියෙන .නොහොබිනාකමට මෙවැනි දෙයක් කළාට. සමාවක් නම් දෙන්න හොදම නෑ (ම)

:       0       0

ජනක Wednesday, 16 December 2015 12:45 AM

ඇත්තම කියනවා නම් මටත් ප්‍රශ්න තිබෙනවා. එහෙත් මම දරුවෝ ගැන හිතලා, බුදු දහම ගැන මෙනෙහි කරගෙන ඉන්නවා. (නි)

:       0       0

කරුණාරත්න Saturday, 12 December 2015 08:17 AM

මේ වගේ දේවල් වෙන්නේ පෙර කළ පව් නිසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3215 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 367 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1010 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site