කැප්පෙටිපොල දිසාව ඇතුළු මහනුවර රාජධානියේ නායකයින් 19 දෙනකු ද්‍රෝහීන් ලෙස නම් කරමින් එංගලන්ත ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් 1818දී නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලයි.
1818 දී බ්‍රිතාන්‍ය රජ කිරුළට විරුද්ධව අරගල කළැයි කියමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය.
රට ජාතිය වෙනුවෙන් සටන් කළ නායකයන් අවුරුදු 200ක් පමණ කාලයක් ද්‍රෝහීන් ලෙස නම් කැර සිටි බවත් එය අවලංගු කර එම නායකයින් 19 දෙනා ‘වීරයන්‘ ලෙස නම් කරන ලෙසත් අමාත්‍යවරයා ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසිය.
- කැප්පෙටිපොල දිසාව
- කිවුලගෙදර මොහොට්ටාල
- ගොඩගෙදර රටේ අධිකාරම්
- කැටකාල මොහොට්ටාල
- මහ බෙත්මරාළ
- කුඩා බෙත්මරාළ
- පොල්ගොල්ල මොහොට්ටාල
- වත්තේ කැළේ මොහොට්ටාල
- පොල්ගහගෙදර රෙහෙනරාළ
- පොස්රේවත්ත විදානේ
- යාලගොම්බේ මොහොට්ටාල
- උඩුමදුරේ මොහොට්ටාල
- කොහුකුඹුරේ රටේරාළ
- කොහුකුඹුරේ වලව්වේ
- මොහොට්ටාලේ බුටුවේ රටේරාළ
- බගිනිගහවෙළ රටේරාළ
- මහබදුල්ලේ ගම්මානේ රටේරාළ
- බුලුපිටියේ මොහොට්ටාල
- පල්ලේ මෙල්හෙයායේ ගමැතිරාළ
කැප්පෙටිපොළ දිසාවගේ ඇතුළු නායකයින්ගේ පවුලේ අය ගැන හෝ ඥාතීන් ගැන විස්තර ඇතොත් අමාත්‍යංශ ලේකම් දැනුවත් කරන ලෙසද අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයදාස රාජපක්ෂ මහතා ගැන සතුටුයි (නි)
මේ දහනම දෙනාම සිංහලයන්ගේ හදවත් වල සැමදාටම වීරයන්. අපේ රට තවදුරටත් බ්‍රිතාන්‍ය පාලනයේ නැති බවත් ඔව්න්ගේ ගැසට් පත්‍රයකින් අපේ විරුවන්ගේ වීරත්වය ඉවත් කළ නොහැකි බවත් හැමෝම දන්නවා. තම අමාත්‍යංශයේ තියන ප්‍රශ්න විසඳන්නේ නැතුව අපේ "ජාතික වීරයන්" නීත්‍යානුකූල කරන්න හදන්නේ ඔව්න්ගේ වීරත්වයෙන් තමන් කැපීපෙනෙන්න මිසක් වෙනදේකට නොවේ කියායි මම නම් සිතන්නේ (නි)
ඉංග්‍රීසි ආණ්ඩුව සරදියෙල් එල්ලා මැරුවේ චෞරයෙකු ලෙසයි. ඔහු චෞරයෙකු නොව නිදහස් සටන්කාමියෙකු බවට අද ඇතිතරම් සාක්ෂි ඇත. ඒ නිසා ඔහුද නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමි. (නි)
ඒ වගේම රට බේරාගත් රණවිරුවන්වත්, හිටපු ජනපතිත්වත් ජාති බේද, පක්ෂ බේද නැතුව වීරයන් කළොත් හොඳයි නේද (නි)
කවුරු කොහොම කිව්වත් මේ හැමෝම අපේ වීරයෝ. (ර)
තුසිත! රිදී කාසි අස්සේ අලුක්කාල් රිංගවන්න හදන්න එපා. යුද්ධය දිනු අපේ රණවිරුවෝ ඉතිහාසගත වෙලා ඉවරයි. (ර)
වීරයෙකු වන්නේත් ද්‍රෝහියෙකු වන්නේත් මිනිසුන්ගේ හදවත තුළය.(ම)
සමන්, ඔය තරම් කුහක වෙන්න එපා. මෛත්‍රී වඩන්න ඉගෙනගන්න පුරුදු පුහුණු වෙන්න. (නි)
ඒ ඒ කාලවල පාලකයෝ තමුන්ට විරුද්ධ අය දේශද්‍රෝහියෝ හැටියට තමයි නම් කළේ. (නි)
සමන්, යුද්ධය දිනු අපේ රණවිරුවෝ ඉතිහාසගත වෙලා ඉවර බව ඇත්ත. නමුත්, ඔවුන්ට සිද්ධවෙච්ච් දේවල්, සිද්ධවෙන දේවල් දැක්කම දුකයි (නි)
සමන්, යුද්ධය දිනූ වීරයන් සුපහන් හදවත්වල ජීවත්වනවා. ඔබ වගේ කුහකයන් අඳබාලයන්ගෙ හදවත්වල නැතත්. (නි)