IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බාලිකා පාසල් ළඟ රස්තියාදු අයියලා

 jsdh    

 

අගනගරයට නුදුරු ප්‍රදේශයක බාලිකා පාසල් කීපයක් හා ටියුෂන් පංති ආශ්‍රිතව සිද්ධ වෙන තවත් ජාවාරමකි. මේ තොරතුරු කාලයෙන් හෝ මේ ලිපිය කල් ඉකුත්වීමෙන් යටපත් නොකර කාගෙ කාගේත් ඇස් ඇරේවායි අපි ප්‍රාර්ථනා කරමු.
දරුවො කොයි මවුපියන්ටත් තමන්ගේ පණට සමාන වේ. දරුවන් වෙනුවෙන් අම්මලා - තාත්තලා නොකරන දෙයක් නැත. කනකර උගස් තබා හෝ මාපියන් වෙහෙසෙන්නේ ළමයින්ට ඉගැන්වීමටය. උදේ පාන්දර දරුවන් අවදිකරවා ආහාර සකසා කවා පොවා පාසල් වෑන් රථයට ගොඩකරන්නේ දහසකුත් බලාපොරොත්තු මධ්‍යයේය. මේ බලාපොරොත්තු පොදි බැඳන් අග නගරයට හෝ ටියුෂන් නගරයට ඇදෙන පුංචි පැටවුන්ගෙන් එකෙක් දෙන්නෙක් කාමාතුරයන්ගේ ග්‍රහණයට යන කතාවේ එක කොටසක් මෙසේ දිගහරිමු.

 


දරුවෙක් පාසල් වෑන් එකට ඇතුළු කළාට හුඟාක් මවුපියො හිතනවා, දැන් ඉතින් දරුවා පරිස්සම් කියලා. ආයෙත් මේ දරුවා ගැන අම්මා තාත්තා බලන්නෙ හවසට වෑන් එකේ ගේ ළඟින් ගෙනැත් බැස්සුවාම. මේක නේද ඇත්ත. අතුල මහතා මගෙන් විමසයි.


ඔහුගේ කතාව ඇත්තකි. පාසල් කාලය තුළ ළමයා ගැන කිසිම හෝඩුවාවක් මවුපියන් නොදනිති. ටියුෂන් ගැන ඊටත් එහාය. ඔබේ දරුවන් සියල්ල පාසල් කාලය තුළ පරිස්සම්ද? ඔබ පරිස්සම් බව විශ්වාස කරනවාද? අපි ඔබෙන් අසමු.


“මහත්තයො ළමයි පාසල්වලට ගේන සමහර වෑන් වගේම ත්‍රිරෝද රථ රියදුරන් ගැන ඇත්ත කතාවක් කියන්නම්. අතුල මා කැඳවාගෙන කොළඹට වාහන ඇතුළුවන එක ප්‍රදේශයකට ඇදෙයි.


“මෙන්න එක පාසලක්” උසස් අධ්‍යාපනයෙන් ජය දද බැන්ද බාලිකා පාසලක් ළඟ ඔහු නතර විය.


“රියදුරන් කරන්නෙ වෘත්තියක්. ඒ වෘත්තිය වගකීම, විනය රකින අය විශාල පිරිසක් ඉන්නවා. හැබැයි සල්ලිවලට ඔය සියළු දේ විනාශ කර ගන්න රියදුරෝත් ඕනෑ තරම්. ඒ කියන්නෙ සල්ලි දෙනවා නම් ඕනෑම කුණු බාල්දියක් නා ගනී.


“තරුණ පිරිමි ළමයෙක් වුණත් - ගෑණු ළමයෙක් වුණත් හැඟීම් දැනීම් දැනෙන කොට, දඟකාර වයසට එනකොට ජීවිතේ විඳින්න ඕනෑ කියන හැඟීම් එයාලට මතුවෙනවා. අවුරුදු 14 - 15 පැන්නම ඉතින් ඒක නවත්වන්න බෑ. මේ දරුවො දකින්නෙ යට ඇඳුම් ගලවල ගායකයො අතට විසි කරන ලෝකයක්. ලාංකීය කාන්තාවන් ප්‍රසිද්ධියෙ ගායකයො බදාගන්න දේවල්. යට ඇඳුමක් ඇන්දොත් ඒකෙත් පාට හැඩය විතරක් නෙවෙයි යට ඇඳුමෙන් ඇවිදිනවා වගේ පේන සමාජයක්. මේ සමාජය තුළයි අපේ අම්මලා දරුවන්ට යහ මාවත කියා දෙන්න උත්සාහ කරන්නේ.”


අතුල මහතා කතාවට පූර්විකාවක් දෙයි.


තරුණ රියදුරෝ අවුරුදු 15-16 ගෑණු ළමයි එක්ක යාළුයි. එසේ තියන වයසට සමහර දැරියො තමන් යාළු වෙන්නෙ කවුරු එක්කද කියලා හිතන්නෙ නෑ. විශේෂයෙන් ටියුෂන් යන අවු. 16-17-18 ගෑණු ළමයි හිරට හිරේ කලිසම් ඇඳන් යනකොට මේ අයට දැල දාන සමහරු හන්දියෙ කරක් ගහන රස්තියාදුකාරයො. පච්චකොටාගෙන අත් නැති බැනියම් ඇඳපු අයියලා. ගම්පහ - කුරුණෑගල “ලයින්” කරල බලන්නකො බොරුද කියලා. ඉතින් විසේකාර වයසෙ ගෑණු ළමයි මේ අයියලට රැවටෙනවා. අයියට ලස්සන මෝටර් බයිසිකලයක්, ත්‍රීවීල් එකක් තියනවානම්, පච්චත් කොටාගෙන නම්, අතේ කරේ යකඩ දම්වැල් දාගෙන නම් සමහර ගෑණු ළමයි එයාලට “සෙට්”.


කතාව ඒක නෙවෙයි. ඔය සමහර තරුණ පාසල් රියදුරනුත්, නගරවල සැරිසරණ රස්තායාදුකාර කණ්ඩායමකුත් ගෑණු ළමයි අල්ලාගෙන විකිණීමේ විශාල ජාවාරමක් ගෙනයනවා.


එය පුදුම කතාවකි. දැරියක් හා යාළු වීමට ඔවුන්ට හැකිවීම කාලයේ තාලයටත් සමාජය යන ක්‍රමයටත් අරුම නැත. එහෙත් මේ දරුවන් විකුණන්නේ කෙසේද?


“මෙහෙමනෙ මහත්තයෝ.. පාසල් යන ගෑණු ළමයෙක් අවුරුදු 30-32 ක කොල්ලෙක් එක්ක යාළු වෙනවා කියන එක පුදුම වෙන්න එපා. ඒක ඉතාම සරල දෙයක්. රටේ කොහෙත් කොතැනත් ලක්ෂ ගාණින් වෙන දෙයක්. ටියුෂන් යන ගර්ල් කෙනෙක් එක්කගෙන කොහෙහරි රිංගන එක මේ රස්තියාදුකාර අයියලට කජ්ජක් නොවෙයි. සමහර ටවුන්වල ඔය ඕනෑතරම් කාමර තියෙනවා කියලා බෝඞ් ගහල තියෙනවා. සංචාරකයො එනවද? 


හැබෑවටම ඊට පිළිතුරක් නැත. “ගිහිං බලන්නකො.. මේ ටවුන්වල කාමර තියන තරම්. කාටද මේවා. සංචාරකයන්ට නොවෙයිනෙ.”


එසේ නම් මේ කාමර ලැබෙන්නේ අනියම් සබඳතා සහ පාසල් වයසේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙනි.


“හුඟක් රස්තියාදුකාර අය ළමයෙක් යාළු කරගෙන ගස් අස්සට රිංගල ඔය ළපටි ළමයින්ගෙ හැඟීම් අවුස්සනවා. කොටින්ම කරන දේවල් - පෙන්වන ඒවා සාමාන්‍ය ඒවා බවට ඔවුන් සපථ කරවනවා. ඊට පස්සෙ ජංගම දුරකතනවලින් වීඩියෝ කරගෙන ෆොටෝ අරගෙන ඔය ගෑණු ළමයි බය කර ගන්නවා. බ්ලැක්මේල් කරනවා.


“ඔයාට කාටවත් කියන්න බෑ. ඔයාගෙ සෙල්ලම් සේරම මම ළඟ. මා කියනදේට කැමති නොවුණොත් මම මේවා සී.ඩී. කරලා ගෙදරට එවනවා!”


ඉන්පසුව මේ ගැහැණු දැරියන් කාමාතුරයකුගේ අත්අඩංගුවට පත්වී හමාරය. ඇයට අත්අඩංගුවේදී වැඩිමහලු පිරිමියා කියන කියන දේ කරන්නට සිදුවේ.
“සමහර රියදුරෝත්, ටියුෂන් පංති අසළ සැරිසරන කණ්ඩායමකුත් මේ ජාවාරමේ ඉහළින් ඉන්න අය. ඒ අය මේ ගෑණු දරුවො යාළු කරගෙන ලොකු ලොකු මහත්වරුන්ට විකුණනවා. සමහර ලොකු මහත්වරුන්ට ලස්සන නෝනල හිටියට එයාලා ඒ නෝනලට කැමති නෑ.


යන්න ෆ්‍රාඩෝ, බෙන්ස් තිබුණට ජීවිතේ “රසය” විඳින්න විදිහක් නැතිව හිතෙන් දුක් විඳිනවා. ඒ සමහර මහත්තුරු තරැවුකාරයො දාලා මේ පාසල් වාහන රියදුරන්ගෙන්, ටියුෂන් ආශ්‍රිතව ඉන්න රස්තියානු කාරයින්ගෙන් ළපටි ගර්ල්ස්ලා මිලට ගන්නවා. එහි ප්‍රධානම සැපයුම් ක්‍රමවේදය තමයි ගෑණු ළමයකු සමග යාළු වී ඇයව විවිධ අසභ්‍ය දේට යොමු කරනවාගෙන බ්ලැක්මේල් කර තිබීම. මේ වාහන රියදුරන් ළඟට එන තැරැවුකාරයො මල්ලි සර්ට අලුතෙන් මොකුත් කෑල්ලක් නැද්ද අහනවා.

23-rasa-P1--(2)

 


ඉන්නවා අවුරුදු 16යි. එහෙම කිවුවම ඉහේ මල් පිපෙනවා.


කීය වුණත් මේ වගෙ පුංචි පැටවු අර මහත්වරුන්ගේ තුරුළට යනවා. ලස්සන ගණිකාවක් හයර් වෙන ගාණට වඩා හතර පස් ගුණයකට මේ දැරියො හයර් වෙන්නෙ. අවසානෙ මේ දැරියන්ගෙ තාත්තලටත් වඩා බොහොම වයස පිරිමි එක්ක මේ දරුවො එකට ඉන්නවා. 


අර රියදුරු අයියල, රස්තියාදුකාර සෙට් මහත්තයගෙ ගෙදරටම ගිහින් ගර්ල්ව බස්සනවා. නැත්නම් ළඟම කාමරයකට එන්න කියලා එතැනට සේවාව සපයනවා. ගර්ල්ව ගෙනිච්චහම මුදලෙන් භාගයක් ඔවුන්ට. ඉතිරි භාගය අර අවුරුදු 15-16-17 ගෑණු ළමයි අතට.!


“මේ ගර්ල් එක්කන් එන්නෙ පාසල් ඇඳුම පිටින්නම් ගෙවන ගාන තවත් වැඩියි. ළමයාගෙ වයස 18 න් අඩු වෙන තරම අනුවත් ගාණ තීරණය වෙනවා.
ඒ අනුව ළපටි ගැහැණු ළමයි වෙනුවෙන් මෙවැනි ජාවාරමක දැලක් එළී තිබේ.


සල්ලිකාර මහත්වරුන්ගේ ලොකු ලොකු මුදල්වලට අසරණ වූ දැරියෝ සිය අනාගතය රහසේම කෙළෙස ගනිති. මේ සියල්ල ගේ දොරට “වහං” වී ඇත. දෙමාපියන්ට “වහං” වී ඇත. මේ දරුවන් අවසානයේ නතර වෙන්නේ කොතැනද? අවුරුදු 15-16-17 දී දහස් ගණන් මුදල් අතගාන ඔවුන්ට අධ්‍යාපනයෙන් එහා ගිය අලුත් ලෝක මැවී පෙනේ.


ඔය සමහර ගෑණු දරුවන්ට සිගරට්, මත්වතුර පොවනවා. සමහර මැදිවයස් පුද්ගලයො විකෘති ආශාවන්වලට ඔවුන් යොදවා ගන්නවා. මේක බරපතළ ජාවාරමක්. වගකිවයුතු අය මැදිහත් වෙලා ටියුෂන් පංති නගර හා ජනප්‍රිය කාන්තා පාසල් අවට ලැගුම්හල් පරීක්ෂා කළොත් මේ රහසේ කොටසක් හෙළිකරගත හැකිය. පළවෙනි දේ වයස් සීමාව. අවුරුදු 18 අඩු ගෑණු දරුවෙකුට කොහොමත් කටුයහන තහනම්. නමුත් එවැනි දරුවෙක් අවුරුදු 40-45 ක කෙනෙක් සමග සිටිනවා නම් එතන යම් ජවාරමක් තියෙන්න පුළුවන්. ඒ නිසා කවුරුත් අවධානයෙන් ඉන්නවා නම් පාසල් ගිය දරුවා, ටියුෂන් ගිය දරුවා එහි ඉන්නවාද කියල දෙමාපියන්ට සෙවිය හැකිනම් එය තමයි ලොකුම දේ. හොයන්නෙ නැති බව දන්න දරුවන් මේ වැඬේට පහසුවෙන් ඇදී යනවා.”


 

 

“කාම වෙළෙඳපොළ” වහන්න පියවර ගනිමු

 

අඩු වයස් ගැහැණු දරුවන්ට වැඩි ඉල්ලුමක් පැවතීමත්, වැඩි වයස් කාන්තාවන්ට අඩු ඉල්ලුමක් පැවතීමත් පසුගිය දශකය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කාම රාගය පිළිබඳ වෙළෙඳපොළේ එක්තරා පැතිකඩකි. පොදු ජනතාව හිතනවාට වඩා කාම වෙළෙඳපොළ වෙනස් වී ඇත. ගණිකාවන් සැපයීම යන මාතෘකාව තුළ විශාල වශයෙන් අවුරුදු 15-16-17 ගැහැණු දැරියන් කොටු කරමින් පවතින සමාජයක මාපියන් හැටියට ඔබට ඔබේ දරුවන්ට රැකවරණය දීමට සිදුවී ඇත. මෙතැනදී දෙමාපියන් සිහි කටයුතු කරුණු කීපයක් ඇත.

sdg
ඉන් එකක් නම් “ටියුෂන්” සංස්කෘතිය දෙස කවුරුත් මීට වඩා අවධානය යොමු කළ යුතුව ඇත. පාසලේදී ආවරණය නොවන විෂය නිර්දේශය ටියුෂන් පන්තියේදී ආවරණය කිරීම යන තැනින් ඔබ්බට දේවල් මවුපියන් සිතිය යුතු කාලය උදාවී ඇත. එයට හේතුව අමතර පන්ති හරහා බරපතළ සමාජ ව්‍යසන රැසකට දරු පරම්පරාව සීඝ්‍රයෙන් ඇදී යාමේ ප්‍රවණතාවක් උදාවී ඇති හෙයිනි.


විශේෂයෙන් ටියුෂන් ගමන හරහා ළමයින්ගේ කාමුක හැඟීම් උද්දීපනය වෙන ආකාරයට ඒවාට පවතින දොරටු, කාමය සඳහා ටියුෂන් ව්‍යාපාර හා ඉන් පිටත සමාජය විවෘත වී ඇති ආකාරය පිළිබඳව මවුපියන්ගේ මනා අවධානය අත්‍යාවශ්‍ය වේ.


අවුරුදු 14-15-16-17 වැනි සංක්‍රාන්ති විය ගෙවන දැරියන්ගේ අදහස් - සිතුම් පැතුම් විලාසයන් මවුවරු තේරුම් ගත යුතුය. එය හුදෙක්ම විය යුත්තේ තමන්ගේ ළමා කාලය හා ගළපා සංසන්දනය කර නොව, වත්මන් සමාජීය දැනුමට සාපේක්ෂවය. ඊට හේතුව එදාට වඩා අද ළමයින්ගේ මානසික ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති හෙයිනි.


එසේම එම වයස්වල සිටින තරුණ දියණියන්ට සමාජයේ පවතින කාම රැල්ල දෙමාපියෝ තේරුම් කර දිය යුතුය. නූතන තරුණයා අන්තර්ජාලය හා ත්‍්ජැ ඉදදන හරහා, කාම චිත්‍රපට හරහා, සමාජයට අතිශය විවෘතව බැසගෙන ඇත. එම සමාජය තුළ ඔවුන් හා ගනුදෙනු කරන ගනුදෙනුකාර භවතුන් විවිධ වියෙහි පසුවන්නෝය.


සමහරු විවාහ වී සිටියද රහසේ අනියම් සබඳතා හතර පහ පවත්වති. පසුගිය දිනවල එක්තරා මාධ්‍යක පළවුණු ප්‍රවෘත්තියකින් කියැවුණේ පසුගිය වසරේ කොළඹ නගරයේ විවාහ ලියාපදිංචි කළ ප්‍රමාණයට වඩා දික්කසාද වූ ප්‍රමාණය ඉහළ ගිය අන්දමය.


එවැනි සිදුවීම් හරහාද අනියම් අන්දමින් ඔබගේ දියණිවරුන් මිල මුදලට, හා වෙනත් බලහත්කාරකම් - රැවටීම් මත ග්‍රහණය කරගන්නා පසුබිමක් නිර්මාණය වී ඇත.


මේ කාමුක වෙළෙඳපොළ ගැන දරුවන්ට හිතන්නට මාපියන් කතා කළ යුතුය. අධ්‍යාපනය හා වෙනත් දේම නොව විවෘතව ඔබේ දරුවා මුහුණ දෙන සමාජයේ පළිබෝධ දරුවාට තේරුම් කළ යුතුය.


ලාබාල දරුවන් ඉලක්ක කළ කාමුක වෙළෙඳ පොළ වේගයෙන් පැතිර යන තත්ත්වයක් උදාවී ඇත. එවැනි පසුබිමක ආදරය - ප්‍රේමය මුවාවෙන් එන පළිබෝධ-ආරාධනා ලෙස බාර නොගත යුතුය යන මානසිකත්වය ඉතා ඉක්මණින් තරුණ දූවරුන් තුළ ගුරුවරු - මාපියන් ස්වෙච්ඡා සංවිධාන විසින් ඇති කළ යුතුය.


එවැනි කිසිවක් අනුගමනය නොකොට අමාරුවේ වැටුණු දැරුවන්ට ඇඟිල්ල දිගු කිරීම සුදුසු නැති බව අපගේ විශ්වාසය වේ.

m



අදහස් (0)

බාලිකා පාසල් ළඟ රස්තියාදු අයියලා

ලක්ෂිත පැරිසිය Saturday, 30 January 2016 06:57 PM

මම ඉන්නේ ප්‍රංශයේ. මටත් දුවෙක් ඉන්නවා (නි)

:       0       0

නිමල් Friday, 29 January 2016 11:58 PM

සෑම ටියුෂන් පංතියක්ම ලියාපදිංචි කළයුතුයි. එයට ඇතුළුවන විට පින්ගර් මාර්ක් මැෂින් එකක සටහන් කරගත යුතුයි. පිටවන විටත් එලෙසම කර ඒ විස්තර කාඩ් පතකින් දෙමාපියන් අතට දියයුතුයි. එවිට අනවශ්‍ය ලෙස රස්තියාදු වූ කාලය අනුව දෙමාපියන්ට ආරක්ෂාව සැළසිය හැකියි. (නි)

:       0       0

වාසු Sunday, 31 January 2016 08:40 PM

මමත් 2000 වසරවල පන්ති කළා. අනේ ඒ කාලේ දරුවන් මල් වාගේ. හරිම අහිංසකයි පන්ති ඇරෙන වෙලාවට දෙමව්පියන් දොර ළඟ. කෝ දැන් එවැනි දෙමව්පියෝ සහ දරුවෝ. අපේ අනාගත පරපුර කොහොම වේද? (නි)

:       0       0

සුමිත් Sunday, 07 February 2016 06:53 AM

කරුණාකර මේ ලිපියෙන් කියන දෙය පුළුවන් මට්ටමින් ප්‍රචාරය කරන්න . මෙවන් සිදුවීම් තරමක් අසා තිබුනද , විරුද්ධව ක්‍රියා කරන්න දැගලුවත් තවම මමත් එතනමයි .පිරිමි සංවිධාන වෙලා මේවට විරුද්දව වැඩක් කරමු. එහෙම හිතෙන කට්ටිය මගේ ඊ මේල් එකට එකතු වෙන්න .අපි එක්වෙමු . මොකේද බැරි. පොඩි මල් කැකුළු අධමයන්ගෙන් බේරාගමු . දැන්ම ලියන්න (බ)

:       0       0

ටිකිරි Tuesday, 02 February 2016 11:44 AM

අනේ දරුවනේ පරිස්සමින්. (ර)

:       0       0

නිමාලි Tuesday, 02 February 2016 11:45 AM

තමන්ගේ දරුවන් ගැන අවදානයෙන් සිටිය යුතු කාලයක්. (ර)

:       0       0

යෝනක Sunday, 31 January 2016 11:35 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අමිල Friday, 05 February 2016 03:31 AM

ළමයින් පරිස්සම් කරගන්න එක හොදයි. ඊටත් වඩා සැරයක් වැරදුන ළමයෙක්ට නැවත පෙර පරිදිම සමාජගත වෙන්න අවස්ථාවක් හැදුනොත් හොදයි. වරක් වැරදුන කියල සදාකාලික ගණිකාවක් විය යුතු නෑ (කෞ)

:       0       0

චානක Saturday, 30 January 2016 07:15 AM

නිමල්ගේ කතාව සහතික ඇත්ත අනිවාර්යෙන්ම ඒ දේ විය යුතුමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2942 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 355 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 988 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 87 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site