IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බලාගෙනයි රෙදි සාප්පුවල ”පිටෝන්” කාමරයේ කැමරා!

සෑම ගැහැනියකම සුන්දරය. එදා කවියෝ ගැහැනියගේ සුන්දර රූ සපුව වර්ණනා කළේ සදා සුරැකිය යුතු කලාත්මක වස්තුවක් ලෙසිනි. සීගිරි ළඳුන් මැව්වෝ මෙන්ම ඉසුරුමුණියේ පෙම් යුවළද ඊට කදිම නිදසුන්ය. එදා සිට අද වනවිට සමාජය උඩු යටිකුරු වී ගැහැණිය කෙළිලොල් භාණ්ඩයක් පමණක් බව සිතන්නට වර්තමාන සමාජය හුරු පුරුදු වී ඇති බවක් පෙනෙන්ට ඇත. එය එසේ වූවේ නවීන තාක්ෂණයේ  අනිසි ප‍්‍රතිඵල අප රටද ඛේදවාචකයක් ලෙසින් ගිලගනිමින් පවතින නිසාද යන්න මේ දිනවල රටේ පවතින අපරාධ රැල්ල දෙස අවධානය යොමු කළ විට හැඟී යයි. කාලයෙන් කාලයට විවිධ විලාසිතා ලෙසින් නොයෙකුත් තාක්ෂණික මෙවලම් අප රටේ ජනතාව අතර ප‍්‍රචලිත වෙයි. ඒවා භාවිතයෙන් නොයෙතුක් අපචාර ක‍්‍රියාවන්හි යෙදෙන්නට සහ අනිසි වින්දන ලබන්නට අද වර්තමාන තරුණ පරපුර  මෙන්ම වැඩිහිටියන්ද පෙළඹී සිටීම ඉතා අවාසනාවන්ත තත්වයකි. රහස් කැමරාවද ඉන් එකක් වන අතර අද එය සමාජයේ අනිසි දේවල් සඳහා යොදාගැනීමේ ප‍්‍රවණතාව වැඩිවී  ඇති බව පෙනී යයි. අතීතයේ සමහරුන් අනිසි වින්දනයක් ලැබුවේ නාන තොටේ සැඟවී සිටය. එසේත් නැත්නම් හෝටල් කාමරයක යතුරු හිලෙන් බලා හෝ වැසිකිළියක නාන කාමරයක ඇති හිදැසකිනි. එහෙත් තාක්ෂණයේ දියුණුවත් සමගින් එදා නානතොටේ සැඟවී සිට හෝ යතුරු හිලෙන් තනි තනිව රහසේ නැරඹූ කාන්තා අඟපසඟ අද රහස් කැමරා වලින් පටිගත කර තමාගේ කාර්යාල කාමරයේ හෝ නිදන කාමරයේ සිට  පරිගණකයකින් හෝ තමන් අතැති ජංගම දුරකතනයෙන් පොකුරු පිටින් නැරඹීමට තරම් අද සමහර තරුණ කොටස්  පහත් තත්වයට ඇද වැටී ඇත. එය රටතුළ පිළිලයක් මෙන් ව්‍යාප්ත වෙමින් පවතින විලාසිතාවක් බවට පත් වී තිබීම ඉතා අවාසනාවන්ත තත්වයකි. මෙම රහස් කැමරා පිළිබඳ තොරතුරු සොයා ගිය ගමනේදී පළමුවෙන්ම අප ගම්පහ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පෞද්ගලික පන්තියකට ගොඩ වැදුනෙමු. එහි මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින තරුණ වයසේ සිසු සිසුවියෝ රැුසක් සිටි අතර වාසනාවකට මෙන් ඔවුන්ගේ ගුරුවරයා අප දන්නා හඳුනන අයකු විය. පසුව ඔහුව පසෙකට කැඳවා අපි ආ කාරණය පැහැදිලි කළෙමු. ඔහු අපට මේ පිළිබඳව කරුණු රැසක් අනාවරණය කර දුන් අතර රහස් කැමරාවලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳ සිසු සිසුවියන් දැනුම්වත් කිරීමටද කටයුතු කළේය. පසුව ඔහු විසින් තමන් දන්නා හඳුනන මිතුරු මිතුරියන්ට රහස් කැමරා නිසා සිදුවූ විපත් පිළිබඳ චිට් (තුණ්ඩු) ලියා එවන ලෙස පන්තියේ සිසු සිසුවියන්ට නිවේදනය කළ අතර එම තුණ්ඩු සියල්ල එකතුකර අප අතට පත් කරන්නටද ඔහු කටයුතු කළේය. සිසු සිසුවියන් විසින් ලියන ලද එම තුණ්ඩුවල ගැබ්ව තිබූ පුවත් හද පාරවන සුලූ වූ අතර වැදගත්  තොරතුරු රැසක්  අනාවරණය කර ගැනීමටද හැකිවිය. ඇතැම් සුපිරි රෙදි සාප්පුවල ඇඳුම් ගැලවුම් කාමරයේ ඇතැම් අන්තර්ජාලහල්, පිහිනුම් තටාකවල ඇඳුම් මාරුකරන ස්ථාන, ඇතැම් පෞද්ගලික පන්තිවල වැසිකිළි, ඇතැම් පෞද්ගලික චැනලින් සෙන්ටර්ස්, මෙම රහස් කැමරා සවිකර අනිසි දේවල් පටිගත කර ඒවා නරඹා පහත් තෘප්තියක් විඳින පිරිස් සිටින බවද මේ පිළිබඳව සොයාබැලීමේදී  අපට දැනගන්නට හැකිවිය. පසුගිය සතියේ හක්මන ප‍්‍රදේශයේ දැරියක් දුෂණය කිරීම සම්බන්ධයෙන්  ව්‍යාපාරික කෝටිපති පියකු සහ පුතකු පොලිසියට බාරවිය. ව්‍යාපාරික පියා සුපිරි රෙදි සාප්පු හිමියකු වූ අතර ඔහුගේ තරුණ පුතා එම රෙදි සාප්පුවේ ඇඳුම් ගැලවුම් කාමරයේ රහස් කැමරාවක් සවිකර  තම කාර්යාල කාමරයේ සිට කාන්තා අඟපසඟ නරඹා පහත් වින්දනයක් ලබන පුද්ගලයකු බවද හෙළිවිය. ඔවුන් අතින් අපචාරයට ලක්වූයේ මල් කැකුළක් වැනි අහිංසක 14 හැවිරිදි දැරියකි. මෙම කෝටිපති පුත‍්‍රයා රහස් කැමරාවෙන් ලැබූ මානසික තෘප්තිය පිට කර ඇත්තේ අහිංසක දැරියක් බිල්ලට ගැනීමෙන් බව මෙයින්ද පැහැදිලි වන තවත් එක් කාරණාවකි. ඒ නිසා මෙම ව්‍යාසන ඇති කිරීමට පාදක වන කරුණු පිළිබඳව  සිතන්නට කාලය දැන් එළඹ ඇත. මහරගම, නුගේගොඩ, බම්බලපිටිය, කිරිබත්ගොඩ සහ ගම්පහ යන ප‍්‍රදේශයන්හි පිහිටි සමහර රෙදි සාප්පු කිහිපයක ඇඳුම් ගැලවුම් කාමරවල රහස් කැමරා සවිකර ඇති බව දැනගන්නට හැකි විය. මෙම කැමරා සවිකර ඇත්තේ සාප්පුවේ ඇති ඇඳුම් පැළඳුම්වල ආරක්ෂාවටද එසේත් නැත්නම් වෙනයම් අනිසි ක‍්‍රියාවන් කිරීම සඳහාදැයි අපි නොදනිමු. මෙම රහස් කැමරා පිළිබඳව පොලිසියේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන්ම කරුණු විමසූ විට ඔවුන් පැවසූවේ පෞද්ගලික වෙළෙඳසලක රහස් කැමරාවක් සවිකිරීමට විරුද්ධත්වයක් පෑමට නීතියෙන් හැකියාවක් නැති බවත් ඇඳුම් ගැලවුම් කාමරයක් තුළ එවැන්නක් සවිකිරීමට පෙර සදාචාර සම්පන්නව දෙවරක් සිතා බැලිය යුතු බවත්ය. එසේ වුවත් මෙම ස්ථානයක ඇටවූ රහස් කැමරාවකින් පටිගත කරන ලද අසභ්‍ය වීඩියෝ පටයක් හෝ රූප රාමු අසුවුවහොත් ඒ පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු කළ හැකි බවත් කීය. මෙවන් ස්ථානයකට ඇතුළු වී රහස් කැමරාවත් සවි කර ඇති දැයි යන්න සාමාන්‍ය ජනතාවට සොයා ගත හැකි ක‍්‍රමයක් ඇති දැයි යන්න පිළිබඳවද අපි විමසුවෙමු.   මේ සඳහා විශේෂිත උපකරණ ඇති බවත් ඒවා මිල අධික බැවින් සාමාන්‍ය ජනතාවට ඒවා මිලදී ගැනීමට හැකියාවක් නැති බවත් පොලිසිය කියයි. කෙසේ වෙතත් මෙවන් ස්ථානයකට ඇතුළුවන යුවතියන්  වහාම මේ පිළිබඳව වෙනදාටත් වඩා සුපරික්ෂාකාරී විය යුතු බවත් ඔහු කීය. සමහර රහස් කැමරා බොත්තමක් තරමට කුඩාය. ඒවා බිත්තිය සූරා පුංචි ඉඩක තැබිය හැකිය. එමෙන්ම තවත් ඒවා බිත්තියේ සිදුරක තබා එය වැසෙන්නට යමක් තැබිය හැකිය. අහිංසක යුවතියන්ට මෙය නම් කිසිසේත් හඳුනාගත නොහැකි තරමට රහස් කැමරා සූක්ෂමය. එසේ නමුත් යුවතියන් රහස් කැමරාවක ගොදුරක් බවට පත් නොවීමට වගබලා ගත යුතුය. තමා නොදැනුවත්වම එසේ වී නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයකට ගොස් පැමිණිලි කිරීම මගින් ඉන් තමන්ට වන හානිය අවම කර ගත හැකිය. සුපිරි රෙදි සාප්පු හිමියන්  බොහෝවිට කෝටිපතියන්ය.  ඔවුන්ගේ තරුණ පුතුන්ද මේවායේ  යම් යම් සේවා කරනු ලබයි. සියලූම කෝටිපති පුතුන් මෙවැනි පහත් ක‍්‍රියාවන්හි නියැළෙන්නේ නැත. එහෙත් මිතුරන් සමග එක්ව විනෝදය පිණිස මෙවන් පහත් ක‍්‍රියාවලින් වින්දනය ලබන පුතුන්  ඕනෑතරම් සිටින බව අපට දැනගන්නට හැකි විය. ඇඳුම් මිලදී ගැනීම සඳහා පැමිණෙන සුරූපී යුවතියන් දෙස මුල සිටම ඇස ගසා සිටින මොවුහු  ඇඳුම් මාරුකරන ස්ථාන වල සවිකර ඇති මෙවැනි කැමරා තුළින් තම කාමරයේ සිට මිතුරන් සමග එක්ව මෙම පහත් ක‍්‍රියාවල යෙදේ. එතනින් නොනවතින මොවුහු එම සුරූපී තරුණියන් තම වසඟයට ගැනීම සඳහා කොතෙකුත් වෑයම් කරති.  එම වෑයම් අසාර්ථක වුවහොත් මෙම ඡායාරූප සහ වීඩියෝ පට අන්තර් ජාලයට සහ ජංගම දුරකතන වලට මුදා හරිති. මීට කාලයකට ඉහතදී  පාසල්  ඇඳුමින් සැරසුණු සිසුවියගේ අඟපසඟ පිළිඹිබු කරන රූප මාලා ජංගම දුරකතන මගින් ප‍්‍රසිද්ධ විය.  ළමා රක්ෂණ අධිකාරියට මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වීමේදී  මාවනැල්ල ප‍්‍රදේශයේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනිණි. ඔහුගේ පෞද්ගලික වෛද්‍ය ආයතනයේ පරිගණක පරික්ෂා කිරීමේදී තරුණ යුවතියන් සහ කාන්තාවන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස පෙනෙන රූප රාමු රැසක් සොයාගන්නට ළමාරක්ෂණ අධිකාරිය සමත් විය. එම වෛද්‍යවරයා විසින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට තම පෞද්ගලික වෛද්‍ය සායනයට පැමිණෙන තරුණියන්ගේ අඟපසඟ අනවශ්‍ය ලෙස පරීක්ෂා කරමින් ඒවා රහස් කැමරාවක් මගින් පටිගත කර තිබූ බවද පසුව අනාවරණය විය. මීට අමතරව පහේ ශිෂ්‍යත්ව විභාගය ඉතා උසස් ලෙසින් සමත්ව කොළඹ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකට ගිය උසස් පෙළ සිසුවියක් වරෙක දිවි නසාගැනීමට තැත්කළාය. ඇයගේ දෙමව්පියන් විසින් මේ පිළිබඳ සොයාබැලීමේදී දියණිය යාබද නිවසේ පදිංචි සිසුවෙකු සමග පෙම් සබඳතාවයක් ඇති කරගෙන සිටි බව හෙළි වී ඇත.  දිනක් රාත‍්‍රියේ සිසුවිය පාඩම් කරන අතර ජනේලයට තට්ටු කර සිසුවිය තම කාමරයට කැඳවා ගෙන රහස් කැමරාවක් මගින් විවිධ පේ‍්‍රම ජවනිකා  පටිගත කර  ඇත. පසුව සිසුවා විසින් මෙම රූපරාමු මිතුරන්ගේ ජංගම දුරකතන වලට සහ සී ඞී පට තනා අළෙවි කර ඇත.  නිවස අසල පිහිටි ත‍්‍රීරෝද රථ ගාලේ රියදුරන්ට පවා ලබා දී තිබූ අතර දැරිය ඔවුන්ගේ උසුලූ විසුලූවලට ලක්වීම නිසා ඇති වූ ලජ්ජාවට සිය ජීවිතයෙන් සමුගන්නට තීරණය කර ඇති බව අනාවරණය විය. අද අන්තර්ජාලහල් වලටද යන්නේ තරුණ වයසේ පසුවන සිසු සිසුවියන්ය.    සමහර අන්තර්ජාල කුටියකට රිංගීම සඳහා අයකරන මුදල රුපියල් හැටකි.  සතියේ දිනවල සමහර පාසල් සිසුන් පාසල ඇරුන විගසින් දිව එන්නේ මෙම අන්තර්ජාල හල්වලටය. සති අන්තයේ පෞද්ගලික පන්තිවලට යන සිසු පෙම්වතුන්ගෙන්  සමහර අන්තර්ජාල හල් පිරී පවතී.  එසේ වන්නේ රුපියල් හැටක් වැනි සුළු මුදලකට ඔවුන්ට පැයක් දෙකක් ඒ තුළ රැඳී සිටිය හැකි බැවිනි. සමහර අන්තර්ජාල හල් වල ඇති කුටිවල රහස් කැමරා සවිකර ඇති අතර ඒවා මඳක් පහළින් සවි කර ඇති බවද දැනගන්නට හැකි විය. අන්තර් ජාලයේ සැරිසරන අතර මෙම සිසු පෙම්වතුන් යම් ප‍්‍රමාණයකට පෙම් සුවයක් මෙහිදී ලබා ගනී. බොහෝ අන්තර්ජාල හල් හිමියෝ තරුණයෝය. ඔවුහු මිතුරන් සමග එක්ව එම පේ‍්‍රම ජවනිකා සහ තරුණියන්ගේ කකුල් රහස් කැමරාව ආධාරයෙන් නැරඹීමට පුරුදුව සිටිති. අද සෑම තරුණයකු අතේ පමණක් නොව සිසුවකුගේ අතේම ජංගම දුරකතනයක් තිබීම සුලබ දසුනකි. මීට අමතරව පරිගණයක්ද ඇත. ඔවුහු නිදහසේ අන්තර්ජාලය පුරා සැරිසරිති. සමහරු නිරුවත අන්තර්ජාලයට මුදාහරිති. මේවායේ අනිටු ප‍්‍රතිඵල ලෙස  අද අහිංසක මල් කැකුළු අකාලයේ මිය යති. විනාශ වෙති. අද රට තුළ ක‍්‍රියාත්මක වන තාක්ෂණික දියුණුවේ අනිසි ප‍්‍රතිඵලය ලෙස බොහෝ පිරිස් මානසික වහලූන් බවට පත්ව ඇති අතර රට අභ්‍යන්තරයේ පහසුවෙන් මිලදී ගැනීමට  ඕනෑතරම් මත්ද්‍රව්‍ය තිබීම අනෙක් කාරණාවයි. අද දියණියකට සිය මව සමග මහමග ගමන්කිරීමට නොහැකි තත්වයක් පමණක් නොව බිය සැක නැතුව විලි වසා ගැනීම සඳහා ඇඳුමක් මිලදී ගැනීමට පවා යා නොහැකි තත්වයක් උදාවී ඇත්තේ රට තුළ බිහිව ඇති විවිධාකාර වූ මෙම තාක්ෂණික මෙවලම් සහ විවිධාකාරවූ ව්‍යසන නිසාය. තුන්වරක් බුදුන් වැඩි මේ ධර්මද්වීපයේ අද විවිධාකාර ගොදුරු බවට පත්වූ අවිහිංසක මල් කැකුළු පිළිබඳ සංවේදී පුවත් දිනපතා දිගින් දිගටම වාර්තා වෙමින් පවතී. එමෙන්ම විවිධාකාර ජනකොටස් ජීවත් වන මේ රටේ විවිධ සිතුම් පැතුම් සහ ඔවුන්ගේ සිත්වලට කාවදින විවිධාකාර වින්දනයන් නිසා අද බොහෝ පිරිසක් මානසික රෝහලක ප‍්‍රතිකාර නොලැබුවත් මානසික රෝගීන් වී හමාරය. මෙම ව්‍යසනයෙන් දැයේ දරු දැරියන් බේරා ගැනීමට නම් සාරධර්මවලින් පිරුණු ගුණගරුක යහපත් සමාජයක් ගොඩනැගිය යුතු කාලය දැන් එළඹ ඇත.

ගුවන්තොටුපොළ - දීපා අදිකාරි



අදහස් (0)

බලාගෙනයි රෙදි සාප්පුවල ”පිටෝන්” කාමරයේ කැමරා!

ලලිත් Monday, 23 July 2012 10:36 PM

රෙද්දක් දාලා වහන්නත් ඉතිං කැමරාව තියෙන තැන ගැන දැන ගන්න එපායැ. (නි)

:       0       0

තාරක Monday, 23 July 2012 05:33 PM

කැමරාවට රෙද්දක් දාන්න.වැඩේ ඉවරයි. (නි)

:       0       0

සිසිර Wednesday, 25 July 2012 09:01 AM

හැමදේකටම නීති හදන රටේ ඇයි මේකට විතරක් නීතියක් නැත්තේ.....(ස)

:       0       0

රුක්ෂාන් Thursday, 26 July 2012 12:55 PM

හොදයි. මේකට තමයි කියන්නේ රටේ ඉදිරි දැක්ම කියලා.....(ස)

:       0       0

තසංක වීරකෝන් Sunday, 22 July 2012 07:51 PM

මේකට දැඩි නීති පනවන්න ඕන. විදෙස් රට වල නම් නීති තියෙනවා.. ”පිටෝන්” කාමර වල කැමරා දාන්න තහනම්.. හොදට දඩුවම් කර නම් තමා බෙහෙත.. (නි)

:       0       0

සංජය Thursday, 26 July 2012 02:50 AM

මේකත් ඇදුම් සාප්පුවක්ද? (නි)

:       0       0

ෆර්සාන් Tuesday, 24 July 2012 09:49 AM

ඔබ මෙවන් කාමරයකට ගියවිට ඔබගේ ජංගම දුරකතනයෙන් ගන්නා ඇමතුම් අනෙක් දුරකතනයට අතරින් පතර සම්බන්ධතාවය කැඩෙමින් සම්බන්ධ වේ නම් එම කාමරයේ මෙවන් කැමරාවක් සවිකර ඇත. මෙය අනෙක් අයටද පවසන්න. (නි)

:       0       0

අජිත් Tuesday, 24 July 2012 10:56 PM

ඉතා හොදයි. විශිෂ්ඨයි. (නි)

:       0       0

සෙනරත් Sunday, 22 July 2012 01:41 PM

මේ කාමරවල කැමරා සවි කිරීම නීති ගරුක නෑ. කළ යුත්තේ ආරක්ෂක නිලධාරී කෙනෙක් මේ කාමරේ දොරටු ඉදිරිපිට සේවයේ යෙදවීමයි. (ස)

:       0       0

ගයන් මදුෂාන් Saturday, 28 July 2012 12:40 AM

කාමර වක් මොකටද ෆිටෝන් රුම් එකකට හොද ආරක්ෂක පදතියක් ගත්තනම් ඉවරනේ (දී)

:       0       0

තුසිත Thursday, 26 July 2012 08:55 AM

ඊයා..................(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 128 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5971 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 888 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1478 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 136 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site