බලපත්‍ර කොන්දේසි කඩ කළ බස් රථ 58ක් සඳහා නොබෝදා දඩ නියම කළ බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා අප පුවත්පතට ඉකුත් දා ප්‍රකාශ කළේය. අධික ගාස්තු අය කිරීම, ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම, මාර්ග නීති උල්ලංඝණය කරමින් බස්රථ ධාවනය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම බස්රථ සඳහා දඩ නියම කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව යටතේ ලියා පදිංචි ප්‍රදේශවල බස්රථ ඉලක්ක කර ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් කළ බවත් ඉදිරි කාලයේ දී තවදුරටත් විමර්ශන කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
සංඛ්‍යා ලේඛනවලට අනුව රිය අනතුරුවලින් දිනකට මිය යන සංඛ්‍යාව හත්දෙනකු පමණ වේ. බස් අනතුරු ඉන් ප්‍රධානය. පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම වසරේ ජුලි 10 වැනිදා දක්වා කාලය තුළ සිදුවී ඇති රිය අනතුරු ගණන 10,055කි. මුළු රටම කම්පාවට පත් කළ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොටලීය පාලමේ ගැටී කොටලිය ඔයට බස්රථය පෙරැළීමෙන් පුද්ගලයන් 11 දෙනකු මියයාමේ සිද්ධිය මෙන්ම ඊට පසු එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වූ රිය අනතුරු මෙම සංඛ්‍යා ලේඛනය තුළ නැත.
‘මාෆියා’ ක්‍රියාත්මක වන කේෂ්ත්‍ර අතර බස් මාෆියාව ප්‍රධානය. එ්වාට එරෙහිව කතා කරන මගීන්ට ලැබෙන්නේ යකඩ පොලු පහරවල්ය. වී මෝල් හිමියන් සහල් මිල තීරණය කරන රටක බේකරි සංගම් ප්ලේන්ටියේ සිට බනිස් ගෙඩිය දක්වා වූ ආහාර ද්‍රව්‍යවල මිල තීරණය කරන රටක බස් ගාස්තුව තීරණය කරනු ලබන්නේ බස් සංගම්වලට අමතරව බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන්ය.
ධාවන කාල සටහනකට අනුව එක් ගමන් වාරයකට නියමිත වේලාවක් වෙන්කර තිබුණ ද ගමන් වාරයේ කාලය තීරණය කරනු ලබන්නේ බස් සේවකයන් විසිනි. මගී ජනතාවට සිදුවන්නේ මුවින් නොබැණ ඉවසීම පමණි. මගී ජනයා රුපියල් දහයේ - විස්සේ කෑලි බවට පත්ව ඇති රටක ඒ මගී ජනයාගේ ඉරණම සම්බන්ධයෙන් විමතියක් ඇතිකර ගත යුතු ද නැත.
රටේ පොදු ප්‍රවාහන සේවය මෙබඳු ඛේදවාචකයකට ලක්වීම අතිශයින්ම වේදනාබරය. ඉන්ධන ගාස්තු ඉහළ යාම බස්රථ අමතර කොටස් මිල ඉහළ යාම ආදී කරුණු නිසා වැඩිපුර මගීන් රැගෙන යාම සිදුවේ. එහි දී මගියා මුහුණ දෙන අසීරුතාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීමක් නැත. ඊළඟ බසය කීයට ඒවිදැයි විශ්වාසයක් නොමැති හෙයින් කිටි කිටියේ තෙරපෙමින් හෝ ගමන යෑමට ජනතාවට සිදුවේ.
බස් අනතුරුවලට ප්‍රධාන හේතුවක් වන්නේ බස්රථ නිසි පරිදි නඩත්තු නොකිරීමය. ඇතැම් බස්රථ ලණුවලින් ගැට ගසාගෙන ධාවනය කරවන අවස්ථා ද වේ. බස් රථය රියැදුරුගේ හෝ කොන්දොස්තරගේ නොවන හෙයින් ඔවුහු වගකීමක් බාර නොගනිති. බස් හිමිකරු ද රාත්‍රියේදී අතට ලැබෙන මුදල පිළිබඳව දක්වන අවධානය බස් රථයේ නඩත්තුව කෙරෙහි නොදැක්වීම නිසා තත්ත්වය තව තවත් බරපතළ වේ.
බොහෝ බස් රථවලට ස්ථිර සේවකයෝ නොවෙති. ‘ස්ටෑන්ඩ්’ එකෙන් ඇහිඳ ගන්නා රියැදුරන් හා කොන්දොස්තවරුන් එම දිනයට පමණක් බස් රථය බාර ගන්නා අතර දවසේ ගතමනාව සොයා ගැනීම පමණක් ඔවුන්ගේ කාර්යභාරය බවට පත් වේ. එහෙයින්ම බස් රථයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අවබෝධයක් ඔවුන්ට නැත. අනතුරුවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එයය.
බස් සේවකයන්ට අදාළව යම් යම් නියමයන් පනවා තිබෙන බව පැවසුණ ද බස් රියැදුරන්ගෙන් බොහෝ දෙනකු මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන බවට ද වාර්තා පළවේ. එබන්දකුගෙන් සිදුවිය හැකි අනතුරේ ප්‍රමාණය ගැන වටහා ගැනීම අසීරු නැත.
ස්වයං විනයකට යටත්ව කටයුතු නොකරන්නේ නම් දැඩි නීතිරීති පනවා හෝ මෙම අශිෂ්ට බස් මාෆියාව මෙල්ල කළ යුතුය. නොඑසේනම් මෙරට පුරවැසියන්ට සිදුවන්නේ අකාලයේ තම ජීවිත වලින් වන්දි ගෙවීමටය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් සේවාවේ ප්‍රමිතිය විශේෂ අවධානයට ගනිමු
majr31gmail.come Thursday, 27 July 2023 10:13 AM
මෙය ඉතාම හොඳ අදහසක්, කරුණාකර මනුෂ්‍යයින් ප්‍රවාහනය සඳහා සුදුසු ආකාරයට රටේ තිබෙන බස් රථ සූදානම් කරන්න. කන පැලෙන පපුවට මිටියකින් ගහනවා දැනෙන සිංදු නවත්තන්න. එක පෙලට සීට් තුනක් තිබෙන බස් රථවලට ඉඩ නොදෙන්න! පාට පාට ලයිට්, විච්චූරණ හෝන් බස් රථ වලින් අයින් කරන්න...
සල්ලි Friday, 28 July 2023 07:15 AM
කුමාර වෙල්ගමගේ ගේ මල්ලි නේද? ඉතුරු ටික සිතාගන්න පුළුවන්...