IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බහුවිධ ගමනාගමන මධ්‍යස්ථාන යුගය කරා

(සැකසුම : විනීතා ගමගේ)

කොළඹ හා අවට  ප්‍රදේශවල නිරන්තරයෙන් පවතින මාර්ග තදබදය කථාබහට  ලක්වන මාතෘකාවකි. නොයෙක් තාවකාලික විසඳුම් යොදා බැලුව ද සාර්ථකත්වයක් නොලද ප්‍රවාහන  ප්‍රශ්නයට දිගු කාලීන විසඳුමක් වෙනුවෙන් බොහෝ ආණ්ඩුවලින් යෝජනා අදහස් ආවත් ඒවා ක්‍රියාත්මක තත්ත්වයට පත්වූයේ නැත.

දිනපතා වාහන තදබදයට හසුවන ජනතාව ගේ මහමඟට ගතවන කාලය ගණනය කළ බැලුවහොත් විනාශවන වැඩ පැය ගණන අති මහත් සංඛ්‍යාවකි.

මෙකී ප්‍රශ්නයට දිගු කාලින විසඳුමක් ආරම්භ කරමින් මෙරට බිහිවන පළමු ගමනාගමන මධ්‍යස්ථානය හෙට (31) වැනිදා කොට්ටාව මාකුඹුරේ දී ජනතා අයිතියට පැවැරේ. මෙම ව්‍යාපෘතිය මහකොළඹ නාගරික ප්‍රවාහන ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අයත් එකක්. එය නගර සංවර්ධන උප ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද්දක් වන අතර සියලු නවීන පහසුකම් වලින් සමන්විතය.

මෙම බහුවිධ ගමනාගමන මධ්‍යස්ථානය, සබුද්ධික පොදු ප්‍රවාහන සේවාවක් (Intelligent Public Transport Service) මහජනතාවට සැපයීම අරමුණු කර ගනිමින් ස්ථාපනය කරන ලද්දකි.

මාකුඹුර බස් පර්යන්තය සහ දුම්රිය ස්ථානය, මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මූලික කරගනිමින් හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහාම අභිනවයෙන් ඉදිකරන ලද කැළණි වැලි දුම්රිය මාර්ගයේ මාකුඹුර දුම්රිය ස්ථානය ද හෙට දිනයේදීම ජනතා අයිතියට පත් කිරීමට සූදානම් කර ඇත.

මාකුඹුර ගමනාගමන මධ්‍යස්ථානය රටේ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීමේ සංගත සැලැස්මක එක් ප්‍රතිපලයක් බව ‘කේ-3’ නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා කියයි.  

තදාසන්න සහ දුර බැහැර ප්‍රදේශ වල සිට කොළඹට පැමිණෙන මගීන්ට මෙමගින් සැපයෙන පහසුව අතිමහත් වනු ඇති බවත් සබුද්ධික පොදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම රටේ ආර්ථික දියුණුවටද මනා පිටිවහලක් වනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

කොට්ටාව ගමනාගමන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ රටේ ප්‍රධාන අධිවේගී මාර්ග දෙකක් වන දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ පිටරවුම් අධිවේගී මාර්ගය යා කෙරෙන තැනය. එය ‘කේ-3’ ව්‍යාපෘතිය ලෙසින් හඳුන්වනු ලබන්නේ එමගින් කොට්ටාව, කඩවත හා කඩුවෙල යා කෙනෙ බැවිනි.

එමෙන්ම කොළඹ සිට අවිස්සාවේල්ල හරහා බදුල්ල දක්වා දිවෙන හයිලෙවල් පාර (ඒ-4 මහාමාර්ගය) ද මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා වැටෙයි. කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි දුම්රිය මාර්ගය ද එහිම අංගයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

කොළඹ තදාසන්න ප්‍රදේශ දක්වා දුම්රිය සේවය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගය මංතීරු දෙකකින් යුතුව සකස් කිරීමටත්, විදුලි දුම්රිය ධාවනයට සුදුසු තත්වයට පත් කිරීමටත් කටයුතු කෙරෙමින් පවතින බව ද දිසානායක මහතා කියයි.

බස්නාහිර පළාත තුල මාර්ගස්ථ මගී ප්‍රවාහන මෙහෙයුම් කරන ආයතන ත්‍රිත්වය වන ජාතික ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය  සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංගත ප්‍රවාහන සැලසුමක් යටතේ ජනතාවට සේවය සැපයීම කොට්ටාව ගමනාගමන මධ්‍යස්ථානයේ ප්‍රධානතම කාර්යභාරය වනු ඇත.

මෙම බහුවිධ මධ්‍යස්ථානය මූලික කරගනිමින් මෙහෙයවෙන පෞද්ගලික කුලී රථ සේවාවක්ද ඇති අතර, මගීන්ගේ අවශ්‍යතාව සහ ඉල්ලීම මත එය ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයට “ගමනාගමන මධ්‍යස්ථානයක්” ලෙස නව වටිනාකමක් එක්කර ඇත.

නව නාගරිකයක් ලෙස සංවර්ධනය කිරීමට ශක්‍යතාවක් ඇති ස්ථානයක් ලෙස ද මෙම ප්‍රදේශය දිනෙන් දින දියුණු වෙමින් පවතී.

බහුවිධ ගමනාගමන මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් මේ වන විටත් ගොඩ න`ඟා අවසන්ව ඇති අතර, යෝජිත සේවා සැපයීමේ ස්ථානය සහ ඊට අනුබද්ධ පහසුකම් නුදුරේදීම ගොඩනඟා අවසන් වනු ඇත. මෙම බහුවිධ ගමනාගමන මධ්‍යස්ථානය විසින් මහජනතාවට දුම්රිය සහ බස්රථ සේවාවන් සපයන අතරම හෝමාගම, කොට්ටාව සහ මහරගම වැනි බස් ප්‍රවේශ මාර්ග සමග මනා සබඳතාවක් පවත්වාගනිමින් සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීමටද බලාපොරොත්තු වෙයි.

යාබදව ඉදිකර ඇති මාකුඹුර දුම්රිය ස්ථානය නිසා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන මඟීන්ට පහසුවෙන් බස් සහ දුම්රිය සේවා අතර හුවමාරු වීමට අවස්ථාව සැලසේ. එම කටයුතු පහසු කිරීම සඳහා විදුලි සෝපාන යන්ත්‍ර, යාන්ත්‍රික තරප්පු පෙළ සහ ප්‍රවේශ අංගන වලින් මෙම මධ්‍යස්ථානය සමන්විත ය. එමෙන්ම ආපන ශාලාවක්, ප්‍රධාන බැංකු වල ටෙලර් යන්ත්‍ර සේවාව, තොරතුරු සැපයීමේ කුටි, නොමිලේ අන්තර්ජාල පහසුකම්, 24 පැය පුරා පවතින ආරක්ෂක සේවය, ගිණි නිවීම් උපකරණ සහ මගීන් සඳහා වන විවේක ප්‍රදේශයන්ද ක්‍රියාත්මක වේ.

නුදුරු අනාගතයේදී රටේ ජාතික ප්‍රවාහන පද්ධතිය සංගත සහ සබුද්ධික ගමනාගමන පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. තොරතුරු රැස් කිරීම, ඒවා පිරිසැකසුම් කිරීම, සහ තථ්‍ය කාලීන තොරතුරු භාවිතා කරමින් ක්‍රියාත්මක කෙරෙන ජාතික මගී සේවා වේදිකාව (National Passenger Service Platform) පද්ධතිය පොදු ප්‍රවාහනයේ නව මානයක් සනිටුහන් කරයි.  එම පද්ධතිය රටේ පළමු වරට ක්‍රියාත්මක වීම සිදුකෙරෙන්නේ කොට්ටාව බහුවිධ ගමනාගමන මධ්‍යස්ථානය මූලික කරගනිමිනි.

කොට්ටාව බහුවිධ ගමනාගමන මධ්‍යස්ථානයේදී අත්දැකීමට හැකි නවීන තාක්ෂණික මෙහෙයුම් ක්‍රම අතර මගී තොරතුරු සැපයීමේ ක්‍රියා පිළිවෙළ, මහජන ඇමතුම් ක්‍රියා පිළිවෙළ, සී.සී.ටී.වී. කැමරා පද්ධතිය හරහා යෙදෙන ආරක්ෂිත ක්‍රමවේදය, ජී.පී.එස්. පද්ධතිය හරහා යෙදෙන පසුවිපරම් ක්‍රමවේදය, මගී ආසන කල්තබා වෙන්කර ගැනීමේ පහසුකම, ඒකාබද්ධ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය, අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය, ප්‍රවේශපත්‍ර නිකුත් කරන යන්ත්‍ර හරහා ස්වයං සේවා ලබා ගැනීමේ ක්‍රමවේදය සහ මගීන්ගේ බඩු භාණ්ඩ හැසිරවීමේ ක්‍රමවේදය විශේෂ වේ.

කොට්ටාව බහුවිධ ගමනාගමන මධ්‍යස්ථානය හෙට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.
ජාතික ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ කාලසටහන් යටතේ මාකුඹුර සහ ගාල්ල අතර ගමන්වාර 52 ක්, මාකුඹුර සහ මාතර අතර ගමන් වාර 52 ක් දුරගමන් සේවා සැපයීම සඳහා වෙන්කර ඇත.

එමෙන්ම කෙටි ගමන්වාර සඳහා මාකුඹුර සිට කොටුව, බොරැල්ල, මාලඹේ වැනි ප්‍රදේශයන් වෙතද බස් රථ ධාවනය වේ. ඉදිරියේදී තවත් දුරගමන් සේවා සහ කෙටි ගමන්වාර සඳහා නව බස්රථ හඳුන්වාදීමටද කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විසින් සැලසුම් කර ඇත.

ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් මිලියන 2000 කි. ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සපයා ඇත්තේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසිනි.

නගරයට පැමිණෙන මගී ජනතාවට වඩාත් ඵලදායි සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා කොට්ටාව බහුවිධ ගමනාගමන මධ්‍යස්ථානය සැදී පැහැදී සිටී. ඒ සඳහා රටට අවස්ථාව උදා කළ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයටත්, ප්‍රවාහන අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිසම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බස්නාහිර පළාත සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවටත් ජනතාවගේ කෘතවේදීත්වය හිමි විය යුතුය.

 

වත්මන් තත්වය ...

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (15)

බහුවිධ ගමනාගමන මධ්‍යස්ථාන යුගය කරා

Perakum Sunday, 31 March 2019 02:36 AM

සතුටුයි. ඉතා හොඳ කාලීන අවශ්‍යතාවයක් සපුරා ලීමකි. දියුණු රටවල මෙන් මෙම පහසුකම දිවයින පුරා සැපයිය යුතුය. කෙසේ වෙතත් අපේ රටේ සිටින අවාසනාවන්ත පිරිස් ජන කොටස් නොබෝ දිනකින් මෙහි ඇති පහසුකම් විනාශ කිරීම වැලක්වීමට නිසි ආරක්ෂක පියවර ගැනීම රජයේ වගකීමයි.

:       0       263

VajiraMonday, 01 April 2019 06:48 AM

ගම් උදාව, දැයට කිරුළ වගේ හරක්, බල්ලෝ බළල්ලු ලගින ස්ථාන බවට පත් නොවේවා. තවත් මත්තලක් නොවේවා.

:       2       82

banda Sunday, 31 March 2019 10:57 AM

පිටත වටරවුම් මාර්ගය සාදා ප්‍රධාන අධිවේගී මාර්ග 3 එකට සම්බන්ධ කරන තෙක් මෙයින් ඇති වැඩක් නැත. එතකම් මෙයා තවත් සුදු අලියෙකි...

:       348       160

සිරිබිරිස්Sunday, 31 March 2019 01:32 PM

වැඩක් කරනකොට පියවරෙන් පියවර කළයුතුයි. සියල්ලම එකවිට කරන්න බැහැ. මෙම කාර්යය කරන ඇමතිවරයාට විරුද්ධ බව පලකරන ඔබ වැනි අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීලත් සිටින බව ඒ අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පැරදවීමෙන් පේනවා...

:       113       349

mala Monday, 01 April 2019 04:03 AM

දුර බස්, බදුල්ල, අනුරාධපුර, යාපනය වගේ ගමනාන්ත බස් දමන්න හැකි නම් වඩාත් හොදයි.

:       0       81

දිමුත් Monday, 01 April 2019 04:18 AM

කටුනායකත් සම්බන්ධ කලාම "‍කේ4" කියන්න පුලුවන්.

:       0       77

NuwanJ Monday, 01 April 2019 04:41 AM

වැඩ අවසන් කල වත්මන් රජයටත් මෙය ආරම්භකල ගෝඨාභය මහතාටත් ප්‍රණාමය

:       1112       2166

manoj Monday, 01 April 2019 09:28 AM

කොළඹ කොටුව සහ කටුනායක ගුවන් තොටුපල ඊළඟ අදියර යටතේ සංවර්ධනය කරන්න.

:       0       31

සුරංග Monday, 01 April 2019 11:03 AM

එක දවසයි. අන්න විනාශ කරලා. ඒ මදිවට ත්‍රීවිල් කාරයිනුත් වලි අයටත් එතන ඉඩක් ඕනෑ කියලා...

:       0       67

Kanchana Hettiarachchi Tuesday, 02 April 2019 05:05 AM

සුදුසු දුර සේවා ගමනාන්ත රත්නපුර - ඇඹිලිපිටිය රත්නපුර - බණ්ඩාරවෙල - බදුල්ල - මඩකලපුව රත්නපුර - බණ්ඩාරවෙල - වැලිමඩ - නුවරඑළිය රත්නපුර - මොනරාගල - අම්පාර - කල්මුනේ - අක්කරපත්තු අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය අවිස්සාවේල්ල - කෑගල්ල - මහනුවර - මාතලේ අවිස්සාවේල්ල - කෑගල්ල - කුරුණෑගල - පුත්තලම - මන්නාරම අවිස්සාවේල්ල - කෑගල්ල - කුරුණෑගල - අනුරාධපුර - පොලොන්නරුව - වවුනියා - යාපනය

:       0       208

janatha anura Wednesday, 03 April 2019 12:25 PM

බුලත් විට, ස්වීප්, සරුවත්කඩ, පෙට්ටි කඩ, බීඩි කඩ දමාගන්න තැනක් නැහැ. හදිස්සියකට මුත්‍රා කරන්න තාප්ප නැහැ. විටකාලා කෙල ගහන්න වෙන්නේ යකඩ කණු මුලට... ටිකකලකින් මලකඩ කන්න පුළුවන් කඩාවැටීමේ අවදානම අපේ ඔලුවලට... විටේ හුණු... යකඩ කණුවල අත ගෑමෙන් බරපතල ලෙස යකඩ සරීර ගත වෙන්න පුළුවන්. කටු බැද්දේ ඕවා උගනන්නේ නැහැනේ. පියවරෙන් පියවර කළයුතුය.. කිව්වට අපේ මුත්‍රා බරට එහෙම බැහැ. රත්‍රන් වලින් හැදුවත් පාර්ක් කරන්නේ කබල් මලකඩ හුචක්කු තමයි.

:       13       38

janahitha Tuesday, 02 April 2019 06:35 AM

රත්තරනින් හැදුවත් ඔය කිසිම විනයක් නැති බස් කාරයොනේ ඔතන ලොක්කෝ .

:       0       43

kularathna Thursday, 04 April 2019 11:17 AM

ඉතා හොඳ වැඩක්. පටන් ගත්තා වගේ හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. පිරිසිදුකම ගැන දැඩිව කටයුතු කරන්න. නීතිය, විනය හොඳින්ම පවත්වන්න.

:       0       5

ratawasiya Friday, 05 April 2019 04:39 PM

කොළඹ කොටුව දුම්රියපල හා පිටකොටුව බස් නැවතුමත් ඔය වගේ කලොත් අගේ කියන්න බැහැ. මගීන් හුඟක් කරදර වෙනවා.

:       0       0

athula Saturday, 06 April 2019 10:05 AM

මා හිතුව කලින් අය හොරකම් කරපු මහජන ධනයෙන් කොටසක්වත් ආපසු අරගෙන කරපු එකක් කියලා අපේ අය දන්නේ නැහැ. මේවා කරලා ටිකදවසයි.. අන්තිමට අපි ණය ගෙවන එක විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 77 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 109 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 118 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 107 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1634 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 747 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site