IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


මේ ආණ්ඩුවට දැන් තියෙන්නේ ‘වෙබ් භීතිකාව’

එජාප මාධ්‍ය අංශයේ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවිය රහස් පොලීසිය වටලා මාධ්‍යකරුවන් අත්අඩංගුවට ගැනීම හා කාලීන දේශපාලනය ගැන මාතර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතා දැක්වූ උණුසුම් මතවාදයි මේ.


ප‍්‍රශ්නය :- සන්ධානය පරදින්නට තිබූ 2005 ජනපතිවරණය ජනපතිට දිනවා දෙන්නට ඔබ මෙන්ම මියගිය ශ්‍රීපති සූරිආරච්චිත් පුරෝගාමීන් වුණා. ඒ අතීතයට සාපේක්‍ෂව ඔබ අද දේශපාලන ලෙස ස්ථාවරද අනාථද යන්න ගැන ඔබේ විග‍්‍රහය කෙබඳුද? පිළිතුර :- 2005 නෙවෙයි මම දේශපාලනයට ආව 1988 හා 94 දී පොදු පෙරමුණු ආණ්ඩුව පිහිටුවීම ගැන කතා කළත් මම එදා මෙන්ම අදත් ඉන්නේ එකම ප‍්‍රතිපත්තිවලයි. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මානව හිමිකම් කඩ වන භීෂණ කාලේ මවු පෙරමුණ හරහා ඒ වෙනුවෙනුත් මාධ්‍ය නිදහස, හොරකම්, වංචා වලට එරෙහිවත් මම ක‍්‍රියා කළා. එදා ඒ සටනේ හිටපු මහින්ද රාජපක්‍ෂ මහතා පවා තම ප‍්‍රතිපත්ති වෙනස් කරලා තියෙද්දී මගේ ප‍්‍රතිපත්ති වෙනස් නොවීයි ඉන්නේ. එදා මානව හිමිකම් හා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී හිටපු මේ ආණ්ඩුවේ සමහරු අද අමු අමුවේ ඒවා වළ දමන්නේ නිර්ලජ්ජිතවයි. මාධ්‍යකරුවන්ගේ මහා ආරක්‍ෂකයා ලෙස හිටපු අය යටතේ මාධ්‍යකරුවන්ට භයානකම වූ රටවල් හතරෙන් එකක් ලෙස ලංකාව පත්කර තිබෙනවා. ඒත් අපි එදා වගේම අදත් ප‍්‍රතිපත්ති වෙනස් කරන්නේ නැතුව රටට ජනතාවට අවංකව ක‍්‍රියා කරනවා. ප‍්‍රතිපත්ති රැකීමට මට විශාල වන්දියක් ගෙවන්න වුණා. 2005 ජනපතිවරණයේදී ශ්‍රීලනිපයේ 75%ක් වැඩ කළේ නෑ. ඒත් නොයෙක් උපක‍්‍රම පාවිච්චි කරලා පරදින්න තිබුණු ජනපතිවරණය ගොඩදාපු අපටම ගැහුවා. ඒත් ආපසු මට කතා කළා. අද රූකඩ වගේ ඉන්න අනිත් ඇමැතිවරු වගේ වරප‍්‍රසාද මටත් විඳ විඳ ඉන්න තිබුණා. ජනතාවට සියල්ල අහිමි වෙද්දී මට විතරක් එහෙම ඉන්න තරම් පහත් මනසක් මට නෑ. අද මම කට්ටක් කනවා කියලා සමහරු හිතුවත් ඒක මට ආශිර්වාදයක් හා අත්දැකීමක්. ප‍්‍රශ්නය :- ඔබ ආණ්ඩුවෙන් නෙරපා දැමීම හා මෑතකදී ඔබේ වෙබ් අඩවියට ප‍්‍රහාර එල්ල කිරීම නිසා වෛරයෙන් නේද කතා කරන්නේ...? පිළිතුර :- මට අහිමිවූ දෙයක් ගැන නම් මම දුක්වන, කාටවත් වෛර කරන කෙනෙක් නෙවෙයි. අලෙවි මව්ලානා මහතා වරක් මාව ජනාධිපති ළඟට එක්ක ගියා. ජනාධිපති එක්ක ක‍්‍රිකට් මැච් බලලා ආප්ප කාලා බදාගෙන ඉඹලා ලොකු ඇමැතිකමකුත් දෙන්නම් කිව්වා. බලමු කියල මම ආවා. ලෙඩ ඇඳේ හිටපු මවටත් මම මේක කියලා මම නම් ආපහු යන්නේ නෑ, අම්ම මොකද කියන්නේ කියලා ඇහුවාම එතුමිය කිව්වේ, ”මම ඔයා ගැන ආඩම්බර වෙනවා” කියලයි. ඒ වචනය තමයි මගේ ඉදිරි ජීවිතයට මඟ පෙන්නුවේ හා ශක්තිය ලබාදුන්නේ. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම කැලේ යන්නේ. ජනතාවට ආණ්ඩුව දැන් තිත්තම වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා අද මම ඉතා නිවැරදි දේශපාලනයක් කරන්නේ. මේ ආණ්ඩුව ගැන මට නෙමෙයි වෛරයක් ඇත්තෙ කාටද? අද මේ රටට ජනතාවට සිදුවන දේවල් ඉතිහාසයේ කවදාවත් තිබුණු ඒවාද? මේ තරම් ජනතා මුදල් හොරකම් කළ, මැරකම් කළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස වළලපු, පුරාවස්තු මෙන්ම කෞතුකාගාරයක් කොල්ලකාපු යුගයක් මේ රටේ තවත් තිබුණාද? ජනාධිපතිතුමාගේ ඥාති නිවසක් කොල්ල කාලා ලක්‍ෂ 40ක ඔරලෝසුව හා ලක්‍ෂ 80ක විදෙස් මුදල් හොරකම් කළ අය සති 02 න් ඇල්ලූවාට කෞතාකාගාර හොරු අල්ලන්න බැරිවීම නිසා ජනතාවට සැකයක් ඇති වෙලා තියෙන්නේ. ඒ විතරක්ද අද තරම් ස්ත‍්‍රී හා ළමා අපචාර සිදුවූ හා ආණ්ඩුවට සම්බන්ධ අය ඊට වගකිවයුතු යුගයක් තවත් තිබුණේ නෑ. බොරුව, රැවටිල්ල, වංචාවත් අද රටේ නීතිගත වෙලා. වැරදි කරන අයට දඬුවම් වෙනුවට රැකවරණ දීම ආණ්ඩුවේ පිළිවෙත නිසයි රට මේ තරම් පහත් මට්ටමකට වැටුණේ. මේ ගැන ආණ්ඩුවට වෛර නොකරන කෙනෙක් ඉන්නවා නම් ඒ ප‍්‍රකෘති කෙනෙක් වෙන්න බෑ. ප‍්‍රශ්නය:- ඔබ ළඟදී ආන්දෝලනයකට ලක්වුණේ ඔබ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවිය රහස් පොලිසිය වැටලූ නිසයි. ඊට අදාළ පසුබිම විස්තර කරන්න. ඔබට මඩ හා රාජ්‍ය විරෝධී වෙබ් ක‍්‍රියාත්මක කරන්න ඇති අයිතිය කුමක්ද? පිළිතුර:- ශ්‍රී ලංකා එක්ස් වෙබ් එක පටන් ගත්තේ එජාපයේ සංනිවේදන අංශයෙනුයි. අද මේ රටේ මාධ්‍ය එක්කෝ මේ  පාලනයට බියෙන් හෝ ඔවුන්ට කඬේ යන්න ඇති වුවමනාවට ජනතාවට තොරතුරු යාම වළකනවා. මාධ්‍යවේදීන් මේ තරම් මරපු, කකුල් කඩපු යුගයක් තවත් තිබුණද? මරණ බියට මාධ්‍යකරුවො කීයක් රට පැන්නද? මාධ්‍ය කීයක් ගිනි තිබ්බද? ඒ නිසා ජනතාවට තොරතුරු දීමට ආණ්ඩුවේ වාරණයට ලක් නොවී සැබෑ පුවත් ජනතාවට ලබාදෙන්නයි අපි ශ්‍රී ලංකා එක්ස් වෙබ් එක පටන් ගත්තේ. අපේ වෙබ් එක මඩ ගහන කැලෑ පත්තරයක් නෙවෙයි. නළු නිළියන්ගේ  ඕප¥පත් අපි දැම්මෙ නෑ. අපේ වෙබ් එකේ ”හෝම් පේජ්” එකට එනම් මුල්ම පිටුවට ගියාම මංගල සමරවීර කියන මම එහි පළවෙන සියලූ දේවල් වල වගකීම බාරගන්නා බව පැහැදිලිව කියා තිබෙනවා. ඒ නිසා අපේ වෙබ් එක නමක් ලිපිනයක් නැතුව හැංගිලා කරන මඩ ව්‍යාපෘතියක් නොවෙයි. අපි වැරදි ප‍්‍රවෘත්තියක් පළකළොත්  ඕනෑම කෙනෙකුට නීති මගින් ක‍්‍රියා කළ හැකියි. ආණ්ඩුව නීති මගින් අපට යමක් කළ නොහැකි නිසා අප වටකළා. ඒක තනිකරම මාධ්‍ය මර්දනයක්. අනික අපි රාජ්‍ය ද්‍රෝහී වැඩ කරනවලූ. අපි විපක්‍ෂයේ අය. ආණ්ඩුවට විරුද්ධව ජනතාවට පක්‍ෂව තමයි අපි වැඩ කරන්නේ. මේ ටිකවත් නොතේරෙන බබාලයි ආණ්ඩුවේ ඉඳගෙන අපට රාජ්‍ය ද්‍රෝහී ලේබල් අලවන්නේ.  අපේ වෙබ් එකේ පළවූ සෑම දෙයක්ම පරම සත්‍යයි. ඒවාට අභියෝග කරන්න කාටවත් බෑ. ආණ්ඩුවේ මහා බලවත්ය කියලා පෙන්නාගෙන ඉන්න කෙනෙකු මාධ්‍ය ජාලයක් ක‍්‍රියාත්මක කරනවා. ඒ ජාලයේ රූපවාහිනී හා පත්තරත් ක‍්‍රියාත්මකයි. ඒවායේ නම් අනිත් අයට මඩ ගහන අවස්ථා තිබෙනවා.  අද මේ රටේ කලා කාරයෝ කියලා ඉන්න සමහරුන් කඬේ යාම මිසක් කලාවට හෝ රටට කරන දෙයක් නෑනේ. ආණ්ඩුවයි අපේ සමහරුයි දෙගොල්ලම එකම විදිහට හැසිරීමෙන් මෙයාල අතර ඇති රහස් සබඳතාව සනාථ වෙනවා. අපි  සත්‍ය පුවත් වගකීමෙන් රටට කියන්නේ. අපේ උපකරණ ආණ්ඩුව පොලීසිය දාල පැහැරගත්තත් අපි වැඩ නවත්තලා නෑ. අපේ වෙබ් එක පැය 24 පුරාම ක‍්‍රියාත්මකයි. ප‍්‍රශ්නය:- වෙබ් එක වටලන්නට පැමිණි රහස් පොලිසිය හා ඔබ මතවාදීව ගැටුණු අයුරු ඔබේ ශක්තිය විදහා පෑ අවස්ථාවක් වුවත් උසාවි නියෝගයක් රැුගෙන ආ රහස් පොලිසිය හා ගැටීම සදාචාරාත්මකද? පිළිතුර:- සිරිකොතේ ඉන්න කොටයි මට වැටලීමේ පුවත ආරංචි වුණේ. මමයි, සුදත් චන්ද්‍රසේකරයි විනාඩි 05 න් ගියා. උසාවි නියෝගය පෙන්නුවාම අපි පැත්තකට වෙලා හිටියා. වැඩ කරපු අය අත්අඩංගුවට ගන්නවද කියලා ඇහුවාම උත්තරයක් දුන්නේ නෑ. ඊට පස්සේ උපකරණ වගේම මිනිස්සුත් ගෙනියන්න හැදුවාම මම විරුද්ධ වුණා. ප‍්‍රශ්න කරලා එවනවා කිව්වා. මම කිව්වෙ මෙතන ඉඳන් එළිවෙනතුරු හරි ප‍්‍රශ්න කරන්න කියලයි. ඒත් කාටද කතා කරල මට කිව්වා අත්අඩංගුවට ගන්නවා කියලා. මොන වගන්තිය යටතේද එහෙම කරන්නේ කියල මම ඇහුවම කිව්වේ, 118 යටතේ කියලයි. රහස් පොලිසිය අද කොච්චර පිරිහිලාද කියනවා නම් 118 වගන්තිය 2001 එජාප ආණ්ඩුවෙන් අහෝසි කළ බවවත් ඔවුන් දන්නේ නෑ. වෙබ් එකේ අය අරන් ගිහින් ඔවුන් දුෂ්කරතාවලට පත් කළා. තේ හදපු වයස 60ක කාන්තාවත් කුදලාගෙන ගියා. මේ හැමෝම රු. කෝටි 50 බැගින් රහස් පොලිසියෙන් හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් වන්දි ඉල්ලලා පෙත්සම් ඉදිරිපත් කළා. අපේ වෙබ් එකේ වැරදි පුවත් හා මඩ තිබුණා නම් නඩුදාන්න තිබුණා. සිවිල් නීතිය යටතේ නෑවිත් හිට්ලර්ගේ ජර්මනිය, පොල්පොට්ගේ කාම්බෝජය හෝ මුගාබෙගෙ සිම්බාබ්වේ වගේ රහස් පොලිසිය එවලා ජනමාධ්‍යවේදීන්ට හිරිහැර කරන්න දෙන්න බෑ. මේ ආණ්ඩුවට දැන් තියෙන්නේ ”වෙබ් භීතිකාව” කියන රෝගයයි. රටේ පාලක පක්ෂය රටේ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට වෙබ් මර්දනය කරන හැටි ගැන බැලීම පුදුම දෙයක්. අපේ වෙබ් එකට රාජ්‍ය බලය යොදවලා ආණ්ඩුව කරපු වැඬේ ගැන ලොවම බලා හිටියා. ලෝකය තුළ නන්නත්තාර වෙලා ඉන්න ආණ්ඩුව මේවා කරල තවත් අනාථ වුණා. අපේ වෙබ් එක වටලලා පැයක් දෙකක් යන්න කලින් ඇමෙරිකාව, යුරෝපා සංගමය, වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මෙය දැඩිව පිළිකුල් කළා. ඒ තානාපති කාර්යාල වලින් උසාවියට නිරීක්‍ෂකයො පවා එවා තිබුණා. මේ ආණ්ඩුව ගහන කොට ලෝකය මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාවට සිටීම ලොකු ශක්තියක්. ප‍්‍රශ්නය:- ඒත් මේ වෙබ් එක වටකළාට පසුව ඔබේ සමීපතමයෙකු වූ රුවන් පර්ඩිනැන්ඩස් රහසේ ජනපති හමුවුණේ ඔබ දැනුවත්වමද? එතනදී ඔහු හරහා ආණ්ඩුව ඔබ යළිත් ආණ්ඩුවට බිළි බෑමට ගත් බවක් ගැන කියැවෙනවා ? පිළිතුර:- මංගල සමරවීර කියන්නේ ටික කාලෙකින් ගිලෙන නැවකට පනින්න තරම් මෝඩයෙක් නොවෙයි. මම මෙච්චර දුෂ්කර ක‍්‍රියා කළේ ජය පෙනි පෙනී පරාජිතයන් ළඟට යන්න නොවෙයි. මේ රටත් ජනතාවත් විනාශ කරන අය ළඟට ආපහු යන්නෙ නෑ. හිඟා කෑවත් මම රාජපක්‍ෂ ආණ්ඩුවට නම් යන්නෙ නෑ. මොකද මේ ආණ්ඩුව ඒ තරමටම ජනතා ද්‍රෝහීයි. ජීවිතය ගැන ප‍්‍රශ්නයක් තිබෙන බව කියලා මර්වින් ඇමැතිතුමා, රුවන් ජනාධිපති ළඟට ගෙනිහිං තිබුණා. මම දන්නේ ගිහින් ආවාට පස්සෙයි. මම රුවන්ට දොස් කියන්නේ නෑ. ඔහුගේ ජීවිතයට අනතුරක් කරන්න දුෂ්ට බලවේග ක‍්‍රියාත්මකයි. ඔවුන් ආණ්ඩුවේ වගේම විපක්‍ෂයේත් ඉන්නවා. අනික් අය මඩකාරයො කියමින් ඒ අය කරන්නෙ මඩ ගහන ජොබ් එකයි. රුවන් ජනපති හමුවුණා කියල අපේ වෙබ් එකේ කටයුතු වල කිසිම බාලවීමක් වෙන්නේ නෑ. ප‍්‍රශ්නය:- මේ වෙබ් අඩවිය වටලෑම ගැන ආණ්ඩුව මෙන්ම එජාප කැරලිකාර පිළත් ඉන්නේ එකම ස්ථාවරයකවීම ගැටලූකාරී නැද්ද? මේ වෙබ් එකෙන් ඔවුන්ටත් පහර දුන් බවට චෝදනාවක් එල්ල වුණා නේද? පිළිතුර- අපේ වෙබ් එකෙන් ජනතාවට සත්‍ය පුවත් දෙනවා මිසක් මඩ නම් ගහන්නේ නෑ. කනගාටුව පළ කළාට පසුවත් වචනයක් අල්ලගෙන එජාපයේම සමහරු ආණ්ඩුව කියන දේවල්ම කියමින් අපේ වෙබ් එකට පහර දුන්නේ ඒ දෙගොල්ලන් අතර අවබෝධයක් තිබෙන නිසාදැයි ජනතාව දැන් තේරුම් ගනිමින් ඉන්නේ. මෙයාලා මේ ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය හා ජනතාව පෙළන ගමන ඒ තුළින් අනුමත කරන තරම්. මේ දෙගොල්ලන්ගේ රහස් සබඳතාව රටට පෙනුණු පළමු අවස්ථාවත් මේක නොවෙයි කියලත් ජනතාව කියනවා. මේ දෙගොල්ලන්ගේ එකමුතුකම රටට දැනෙන්නට ඔවුන් ක‍්‍රියා කරන්නේ ඡන්දයක් ආවාමයි. ජනතාව මේක හොඳින්ම තේරුම් ගන්න  ඕනෑ. ගිය පළාත් පාලන ඡුන්දයේදීත් මේ සෙල්ලමම කළා. අද ජනතාවට මේ රැවටිලිකාර ආණ්ඩුව තිත්ත වෙලා තිබුණත් එජාපයේ අයගේ හැසිරීම නිසා සීයට 15 ක් විතර ඡුන්ද පොළට යන්නේ නෑ. ඒත් මේ පාර ඒ වැඬේ නොකර මේ අවස්ථාවාදීන්ටයි, ආණ්ඩුවටයි දෙකටම පාඩම් උගන්වන ලෙස මම ජනතාවට කියනවා. තමන්ගෙ කේන්දරේ 2020 ද 21 දිද හොඳ වෙනකම් එජාපාක්‍ෂිකයා හා ජනතාව පස් කමින් ඉඳපල්ලා කියලයි මෙයාලා හිතන්නේ. ජනතාව මේක හොඳට තේරුම් ගන්න  ඕනෑ. සමීක්‍ෂණ අනුව නැගෙනහිරත් අනිත් පළාත් සභා දෙකේ බොහෝ තැනුත් ආණ්ඩුවට ඉතා අවාසියි. ඒත් අපේ සමහරු ඒක අනිත් පැත්ත හරවන්න දඟලනවාද කියලයි ජනතාව අහන්නේ. තව වසරකින් විතර මේ ආණ්ඩුව වැටෙනවා. ඉදිරියට යන්නට බැහැ. ඒ නිසා ජනතාව මේ ගැන දැනුම්වත් කටයුතු කළ යුතුයි. මේ හොරකම් මැරකම්, නීතිය වල්වැද්දවීම, ළමා අපචාර අධික ජිවන බර, විරැකියාව ආදිය නිසා ආණ්ඩු පලවා හැරීම ජනතාව තමන් හා තම දුදරුවන් වෙනුවෙන් කරන යුතුකමක් වේවි. ගෑස් අල ලූණු සීනි කරවල මිල සොච්චමක් අඩු කරලා ජනතාව රවටලා ඡන්ද ගන්නයි ආණ්ඩුව බලන්නේ. ගිය ජනපතිවරණය හා මහා මැතිවරණයට කලිනුත් මේ විදියටම මිල අඩු කරලා ඡුන්ද දිනුවාම තිබුණාටත් වඩා මිල හා බදු ඉහළ දැම්මා. යළිත් රැවටෙන්න එපා කියල මම ජනතාවට කියන්නේ ඒකයි. අනික එජාප සමගිය වෙනුවෙන් නායකතුමා, මහා ලේකම්තුමා ඇතුළු අය දරන උත්සහාය අපි දකිනවා. අනිත් පැත්තෙන් ඊට ප‍්‍රතිචාර නැත්නම් ඒ අයට  ඕන දෙයක් කරගන්න කියල රටත් ජනතාවත් දු දරුවනුත් වෙනුවෙන් අපි මේ ආණ්ඩුවට එරෙහි ගමන යායුතුයි. අපේ ජයට තව දුර නෑ. ප‍්‍රශ්නය:- ෆොන්සේකා විපක්‍ෂ සන්ධානය හෝ එජාපය සමග සම්බන්ධ නොවී වෙනමම යාමට මෙතෙක් උත්සාහ කළත් එජාපයෙන් නිසි ප‍්‍රතිචාර ලැබේ නම් එකඟ තාවකට ආ හැකි බවට ළඟදී පළ කළ මතය ගැන ඔබ මොකද කියන්නේ ? පිළිතුර- එතුමා ගැන මට දුකයි. මැන්ඩෙලා වගේ එළියට එන්න තිබූ ඔහු කීර්තිය නැතිකරගෙනයි එළියට ආවේ. මම එතුමාට දොස් කියන්නෙ නෑ. රැවටිලයි එතුමා ඒ තීන්දුව ගත්තේ. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස දේශපාලනය ඇරඹූ ඔහු අද බංකොලොත් අය වටකරගත් අනාථාගාරයක් වෙලා. එතුමා වටේ අද ඉන්නා එජාපයේත් බංකොලොත්ම හා කල්ලිවාද හදපු ඩබල්ගේම් අයයි. මේ අය ෆොන්සේකා විකුණලා නැත්නම් නන්නත්තාර කරන්න කලින් එජාපය වැනි ශක්තිමත් තැනකට එන්න කියල ආරාධනා කරනවා. එතුමා එළියට ආපු ගමන් ජෝශප් මයිකල් එජාප උපනායක තුමා, එජාප මහලේකම්තුමා එජාපයට එන්නැයි ඔහුට ආරාධනා කළා. එජාපයට එන්න බැරි නම් තමන්ගෙ පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂයට එක්කරන ලෙස එතුමාට ආරාධනා කළා. පසුගිය කෘත්‍යාධිකාරියේදී එජාප නායකතුමාත් කිව්වේ ඒකමයි. ජනතාව පෙළන මේ ආණ්ඩුවට එරෙහි සැබෑ හා ශක්තිමත් විරෝධයක් පළ කරලා දේශපාලන අනාගතයකට හිමිකම් කියන්න නම් එතුමා ඒ තීන්දුව ගනීවි. 94 දී අපි ආණ්ඩුව හදන කොට අද තිබෙන විපක්‍ෂ සන්ධානයේ ශක්තියෙන් භාගයක්වත් එදා පෙරමුණට තිබුනෙ නෑ. වත්මන් විපක්‍ෂ සන්ධානය දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ශක්තිමත්.

මාතර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී මංගල සමරවීර

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

මේ ආණ්ඩුවට දැන් තියෙන්නේ ‘වෙබ් භීතිකාව’

නීල් කොස්තා Wednesday, 25 July 2012 02:16 AM

රනිල් මහත්තයා ගැන අපි හොදට දන්නවා..!(නු)

:       0       0

නයනා Tuesday, 24 July 2012 02:56 AM

අනේ, හරි මෝඩයි. (නි)

:       0       0

නීල් Tuesday, 24 July 2012 03:17 AM

අපි දන්නවා ඔබ ගැන (දී)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 26 July 2012 11:22 PM

අනේ අපි නොදන්න වෙබ්........ (නි)

:       0       0

කොස්තා Friday, 27 July 2012 12:50 AM

මෙතුමා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඩීන් Friday, 27 July 2012 12:51 AM

අනේ විකාර... (නි)

:       0       0

නීල් Friday, 27 July 2012 12:50 AM

හරිම පිස්සු කතාවක්. (නි)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 03:19 PM

ඔබතුමාලට තියෙන්නෙ වෙබ් ජාතික පක්ෂය කියලා නම වෙනස් කර ගන්න. මම අහන්නේ නරකද එහෙම කළොත්? (නි)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 08:34 AM

මෙතුමා ගැන නම් ඉතිං මුලු රටම දන්නවනේ. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 24 July 2012 09:12 AM

ඉස්සරහට තව මොනවා කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සචී Friday, 27 July 2012 03:23 PM

94 දී අපි ආණ්ඩුව හදන කොට අද තිබෙන විපක්‍ෂ සන්ධානයේ ශක්තියෙන් භාගයක්වත් එදා පෙරමුණට තිබුනෙ නැහැ. දැන් ආණ්ඩුවට තිබුණු ශක්තියෙන් කාලක්වත් එදා ආණ්ඩුවට තිබුණේ නැහැ. (නි)

:       0       0

අනුර Monday, 23 July 2012 08:56 PM

පිරිමි 'නයිට් ක්ලබ්' ඇති කරන්නේ කවුද කියලත් හොයා බැලුවොත් හොදයි නේද? (නි)

:       0       0

ජානක බහරේන් Thursday, 26 July 2012 05:21 PM

ආණිඩුවට තියෙන්නෙ වෙබ් භීතිකාව..! මෙයාට තියෙන්නෙ වෙබ් මේනියාව..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 116 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 212 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 147 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 36 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site