IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මේ ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යවන්න බෑ

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ

පළාත් පාලන ඡන්දය, ශ්‍රී.ල.නි.ප. ඒකාබද්ධ සමගිය, තිබෙන අර්බුද, සමගියට බාධා කරන්නේ කවුද, ඡන්දය කල් දැම්මේ ශ්‍රීලනිප වුවමනාවටද? කොට්ඨාස ක්‍රමයේ අවුල, හාල්, පොල්, රටින් ගෙන්වීම, ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද? කෑගල්ලේ අලුත් ජලාශය යනාදී කරුණු පිළිබඳ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් එළි දැක්වෙයි.

ප්‍රශ්නය:- පළාත් පාලන ඡන්දයත් ළඟ එනවා. ශ්‍රී.ල.නි.ප.යට වෙන්නේ මොකක්ද?
පිළිතුර:-ශ්‍රී.ල.නි.ප.යට මොකුත්ම වෙලා නැහැ නේ. ශ්‍රී.ල.නි.ප. සභාපති වෙන්නේ වත්මන් ජනාධිපතිවරයා. එතුමාට පක්ෂය බාර දුන්නේ සියලු දෙනාම එකතුවෙලයි. එතුමා පක්ෂය ඉදිරියට ගෙනයමින් සිටිනවා. ඔබ අසන ප්‍රශ්නයේ ඇතුල් පැත්තේ තිබෙන්නේ තිබෙන අර්බුද ගැනයි. ඕවා අපට අලුත් දේවල් නෙවෙයි. 1952 මේ පක්ෂය පටන්ගත් දවසේ ඉඳලා ඔයිට වැඩිය ලොකු අර්බුදවලට අපි මුහුණ දුන්නා. මෙවරත් මේ අර්බුදය ලිහා ගන්න අපට ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- අර්බුදය විසඳන්නේ කොහොමද ශ්‍රී.ල.නි.ප. ඒකාබද්ධ කතා බිඳ වැටුණා නේද?
පිළිතුර:- ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. මේ දෙපාර්ශ්වය එකතු කරන්න කැමැති විශාල පිරිසක් සිටියා. ඒ අය බොහොම කැමැත්තෙන් සිටියේ. එහෙත් ඒකට විරුද්ධ පිරිසකුත් බිහිවෙලා සිටියා. හේතු කාරණා නම් මම දන්නේ නැහැ. ඒ පාර්ශ්වය එම සටනේදී ජයගන්න ඇති. හැමදාම ඒක කරන්න බැරිවේවි.

ප්‍රශ්නය:- සමගියට අකමැති පිරිස කවුද?
පිළිතුර:- ඒ අය නම් කරන්න මම සුදානම් නැහැ. අපේ පක්ෂය හරිම ප්‍රජාතන්ත්‍රවාදීයි. විපක්ෂයේ ඉන්න ඕන කියා ජනාධිපතිතුමාගෙන් පිරිසක් ඉල්ලා සිටියා. එතුමා ඒකටත් ඉඩ දුන්නා. ඒකාබද්ධය හැටියට නම් කරගෙන කටයුතු කරන්නේ ඒ අයයි. දෙගොල්ල එකතුවේවි කියා මේ පක්ෂයේ අහිංසක පාක්ෂිකයො බලා සිටියා. ජනාධිපතිතුමත් විවෘතව ඒ සඳහා අවස්ථාව ලබාදී තිබුණා. විරුද්ධ වූ කොටස නම් කරන්න මම දන්නේ නැහැ. හැබැයි එවැනි බලපෑමක් වුණා.

ප්‍රශ්නය:- එහෙම අකමැත්තක් ඇති වෙන්න හේතු වෙන්න ඇත්තේ මොකක්ද?
පිළිතුර:- ඇත්තටම ඒක ඒ අයගෙන් අහන්න ඕන. අපේ පැත්තෙන් අපි දියයුතු සහයෝගය දුන්නා. මේ අය සැබෑවටම ශ්‍රී.ල.නි.ප.යට ආදරේද කියන ප්‍රශ්නය ඔය අකමැති අයගෙන් අහන්න ඕන. සමගියට කැමැති බොහෝ අය සමගිය ඇති කරන්න බැරිවීම ගැන බොහොම කල කිරීමෙන් අපත් සමග කතා කරනවා. හිටපු ජනාධිපතිතුමන් සමගියට කැමැත්තෙන් සිටියා. ඒ නිසා ප්‍රශ්නය තියෙන්නේ කොතනද කියා දන්නේ නැහැ. මේ අකමැති අය ඇත්තටම පක්ෂයට ආදරේද නැතිනම් වෙනත් අරමුණක ඉන්නවද කියලා බලන්න ඕන.

ප්‍රශ්නය:- හැබැයි ඔය එකතු නොවීම හරහා ශ්‍රී.ල.නි.ප.ට නේද අවාසිය සිදුවෙන්නේ?.
පිළිතුර:- පක්ෂයක් දෙපාර්ශ්වයකින් ඉල්ලන විට අවාසියක් තියෙනවා. එහෙම එකක් නෑ කියනවා නම් වැරැදියිනේ. කොට්ඨාස ක්‍රමය බිහිවීමත් සමඟ ශ්‍රී.ල.නි.ප.යත් එක්ක කටයුතු කරන අය ඉන්නේ. ඔවුන්ගේ පක්ෂය අපි කියන එක තේරුම් අරන් තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ වත්මන් වැඩ පිළිවෙළත් එක්ක අලුත් පාක්ෂිකයොත් වෙනත් කණ්ඩායම්වල සිටි අයත් ගම්මට්ටමෙන් විශාල වශයෙන් අපත් සමඟ එක් වෙමින් සිටිනවා. ඒක තමයි අලුත්ම තත්ත්වය.

ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට ගමේ බලය ඒකාබද්ධය වටා නේද තිබෙන්නේ?
පිළිතුර:- ඒක බලාගන්න හොඳම දවස තමයි පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දවස. ඕකට අපි කලින්ම පේන බලන්න ඕන නැහැ. ඡන්දයට පසුවදාට වෙන්නේ මොකක්ද කියලා බලන්න. එච්චරයි.

ප්‍රශ්නය:- එහෙම නම් ශ්‍රී.ල.නි.ප. වුවමනාවට දිගින් දිගටම ඡන්දය කල් දැම්මේ ඇයි.?
පිළිතුර:- ඒක සම්පූර්ණ වැරදියිනේ. රටක නීතියක් තිබෙනවා. රටක ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න ආණ්ඩුවකට සිදුවෙනවා. යම් යම් චෝදනා කරන්න හරි පහසුයි. ඡන්දය නිසි කලට පවත්වන්න ආණ්ඩුව පුළුවන් තරම් උත්සාහ කළ බව මේ රටේ බුද්ධිමත් අය දන්නවා. හැබැයි සංකීර්ණ නීතිමය ප්‍රශ්න රාශියක් විසඳගන්න ආණ්ඩුවට සිදුවුණා. පෙරේදත් පාර්ලිමේන්තුවේදී නීතිමය ප්‍රශ්නයක් විසඳා ගත්තා. විශේෂයෙන්ම ශ්‍රී.ල.නි.ප.යට ඕන වුනේ නීත්‍යානුකූල ඡන්දයකට යන්නයි.

ප්‍රශ්නය:- ඡන්දය කල් දාන්න උසාවි ගියේ ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරුන්ගේ ගෝලයෝ කියලයි චෝදනාව?
පිළිතුර:- මේ රටේ චෝදනා නම් කොච්චර තිබෙනවාද? චෝදනා නොකරන්නේ මොනවටද? මේක හරිම ප්‍රජාතන්ත්‍රවාදියිනේ. ඇමැතිවරයෙකුට ඕන නම් ගෝලයෙක් දාන්නත් පුළුවන්. ඒ ගෝලයට ඕන නම් ඇමැතිවරයට නොකියා අවශ්‍ය පියවරක් ගන්නත් පුළුවන්. ඒක මේ ආණ්ඩුවේ හෝ ශ්‍රී.ල.නි.ප. මතය හැටියට පේනව නම් සම්පූර්ණයෙන් වැරැදියි. හැකි ඉක්මනින් ඡන්දයට යා යුතුයි කියා ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව තීරණය කළා. ඒක තමයි නිල තීරණය. ඒ නිසා කොහේ හරි ඉන්න කෙනෙක් නඩුවක් දැම්මා කියා හෝ ඒ පුද්ගලයාගේ පාරම්පරාව ශ්‍රී.ල.නි.ප. කියා හෝ ඔහු ඇමැතිවරයකු ළඟ සිටියා කියා ඒ හංවඩුව පක්ෂයට ගහන්න හදනව නම් ඒවා නිකම් කැලෑ පත්තරනේ.

ප්‍රශ්නය:- එතකොට මේ ඡන්දයට ශ්‍රී.ල.නි.ප. සූදානම කොයිවගේද?
පිළිතුර:- අපි ඉතාම පැහැදිලි සූදානමක සිටිනවා පාක්ෂිකයන් අමනාප කර නොගෙන නාම යෝජනා යුද්ධය අවසන් කර ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි. අපට තිබෙන්නේ. නාම යෝජනා ගන්න රණ්ඩුවක් තිබෙන්නේ. එනිසා අපි ඉතා හොඳ සූදානමකින් මේ ඡන්දයට මුහුණ දෙනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය වන එජාපයත් කියන්නේ ඕකම නේද?
පිළිතුර:- මේක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම අවස්ථාවක්. ප්‍රධාන පක්ෂ දෙක එක්වී ආණ්ඩු කරන රටක් ලෝකයේ කොහේවත් නැහැ. හැබැයි අපි ඒදේ කරනවා. ඒ දුෂ්කර කටයුත්තට ජනාධිපතිතුමා නායකත්වය දෙනවා. අගමැතිතුමත් ඒ අලුත් අත්දැකීමට මුහුණ දෙනවා. එකට ආණ්ඩු කරන පක්ෂ දෙක බෙදිල තම තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති හැටියට ඡන්ද ඉල්ලනවා. ජනතාව මෙතැනදි ඔවුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරාවි. මේ ලෝකයේ ජනතාව දවසක කෑම බීම එපා කියා ප්‍රජාතන්ත්‍රවාදය සොයන අවස්ථාවක් තිබෙනවා. මේ රට ලෝකයටම ආදර්ශයක් සපයන ප්‍රජාතන්ත්‍රවාදී අත්දැකීමකට මුහුණ දෙනවා.

ප්‍රශ්නය:- පුංචි ආණ්ඩුවලටත් හවුල් ආණ්ඩු ගේන්නද ඔබලාගේ සූදානම?
පිළිතුර:- නැහැ. අපි පැහැදිලිවම ශ්‍රී.ල.නි.ප.යේ බලය ඇති පළාත් පාලන ආයතන පිහිටුවීමේ දැඩි අරමුණෙන් තමයි මැතිවරණ සටනට මුහුණ දෙන්නේ ඊට මැද දෙයක් ගැන අපේ කිසිදු වැඩ සටහනක් සැලසුමක් නැහැ. ශ්‍රී.ල.නි.ප.යට බලය තිබෙන පළාත් පාලන ආයතන පිහිටුවීම අපේ ඒකායන අරමුණයි.

ප්‍රශ්නය:- එහෙත් ඇතිකර තිබෙන නව මැතිවරණ ක්‍රමය හරහා එවැන්නකට මග සාදා නැතිද?
පිළිතුර:- එහෙම කියන්නේ කොහොමද? එවැනි පූර්ව නිගමනවලට එන්නේ කොහොමද? බලන්න කෑගල්ල දිස්ත්‍රික්කය අපි දිනන්නෙ කොහොමද කියලා ඉතා පැහැදිලිව එක්සත් ජනතා නිදහස් සන්ධානය කෑගල්ලේ පළාත් පාලන ආයතන සියල්ල ජය ගන්නවා.

ප්‍රශ්නය:- නව ක්‍රමයෙන් පක්ෂ ලේකම්ලාට ඕන දේ කෙරෙන ඩීල් දැමෙන මන්ත්‍රීවරුන් විකිණෙන වංචාවට දූෂණයට දොර ඇරීමක් කර ඇති බවට නැගෙන චෝදනාව නිකම්ම බැහැර කළ හැකිද?
පිළිතුර:- මේ කොට්ඨාස ක්‍රමය ඉල්ලුවේ කොයි කාලෙ ඉඳන්ද?. අවුරුදු හතළිහක් තිස්සේ ඉල්ලපු ඉල්ලීමක් තමයි මේ බොහොම අමාරුවෙන් දීල තිබෙන්නේ. ඕක දිහා බලාගෙනත් එක එක ඒවා කියන්න පුළුවන්. බොහොම සරළව කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් බිහි වෙනවා. මේ තැනට එන්නත් සාකච්ඡාවට පන්සියයක් විතර පවත්වන්න ඇති. එනිසා ඕනම දෙයක අසුබ පැත්තක් කතා කරන පිරිසක් සිටිනවා. හැබැයි රජය හැටියට මේ කොට්ඨාස ක්‍රමය උපරිම හොඳ තැනට ගේන්නයි. අපි උත්සාහ කළේ.

ප්‍රශ්නය:- මේ ඡන්දය ආණ්ඩුව ගෙදර යැවීමේ ජනමත විචාරණයක් කරගත යුතු බව ඔබලාගේම සහෝදර මන්ත්‍රීවරු කියනවා නේද?
පිළිතුර:- අනේ දෙවියනේ ඔය අය වෙන මොනව කියන්නද? මේ රටේ විපක්ෂය විවිධ සටන් පාඨ සොයා ගත්තා. හැමදාම මොකක් හෝ දෙයක් සොයා ගන්නවා. පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද? එහෙම නම් ඉතින් ආණ්ඩු වෙනස්වන මැතිවරණයක් පවත්වන්න ඕන. මේවා බොරු සිහින. ඔය සිහින ගැන කතා කරන එකේ තේරුමක් නැහැ.

ප්‍රශ්නය:- ජනතාවට ආණ්ඩුවෙන් කිසිවක් සිදු නොවුණු පසුබිමක මේවා සිහින වෙන්නේ කොහොමද?
පිළිතුර:- ලබාදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයම ඇති. කා කොටාගත් ප්‍රධාන පක්ෂ දෙක එකට ආණ්ඩු කරන්නේ කොහොමද කියා උගන්වා තිබෙනවා. ජාත්‍යන්තරයෙන් කුණු මුල්ලට තල්ලු වෙමින් තිබූ ආර්ථික සම්බාධක පැනවීම ආරම්භවී තිබු රටක එය නතර කර ගැනීමට මේ ආණ්ඩුව කටයුතු කළා. අපේ රටේ ආර්ථිකය ආනයන අපනයන වෙළෙඳාම සමඟ බැඳී පවතිනවා. ආර්ථික සම්බාධක පැනවුණා නම් සිතාගත නොහැකි තත්ත්වයකට අපි මුහුණ දෙනවා. ඒ සියල්ල වෙනස් වුණේ වත්මන් ජනාධිපතිතුමාගේ පත්වීමත් එම ප්‍රතිපත්තියත් සමඟයි. ඒක විශේෂයෙන් මතක තියා ගන්න ඕන.

ප්‍රශ්නය:- ආණ්ඩුව ඉලක්කම් හරඹ පෙන්වනවා මිස වෙන කරන්නේ මොකක්ද?
පිළිතුර:- ඕවා විපක්ෂය නගන තර්ක. ඕවා හැමදාම තිබුණා. මේ රටේ අමාරුම කාලෙ මම මුදල් නියෝජ්‍ය ඇමැති හැටියට සිටියා. ඒ ඔක්කොටම උත්තර දුන්නේ මම. ඉලක්කම්වලින් නැතිව ගණන් පෙන්වන්නේ වෙන මොනවයින්ද?

ප්‍රශ්නය:- බඩු මිල පාලනය නොකරන්නේ ලෝක බැංකු උපදෙස් නිසාද?
පිළිතුර:- අපේ රටේ බඩු මිල පාලනය ගැන ලෝක බැංකුව කතා කරනවාද? එහෙත් පාලන මිල දාන්න ගියාම ඇතිවන තත්ත්වය අපි අත්විඳල තියනවනේ. ඒ නිසා මිල පාලනය නෙමෙයි බඩු සුලබ කිරීමට         රජය මැදිහත්වීම     තමයි ජනතාව බලාපොරොත්තුවන සාර්ථක ක්‍රමය. ඒ වෙනුවෙන් රජය උපරිම වශයෙන් මැදිහත් වෙනවා.

ප්‍රශ්නය:- අලුත් ව්‍යවස්ථාව හරහා රට බෙදීමට දෙමළ සන්ධානයේ සැලැස්මට ආණ්ඩුව යටවෙලාද?
පිළිතුර:- අපි කොහේවත් කාටවත් යටවෙලා නැහැ. මේ රටේ තිස් වසරක යුද්ධය අවසන් කළා. යුද්ධය අවසන් වුණාට නීතිමය වශයෙන් ව්‍යවස්ථාමය වශයෙන් ජනතාවගේ සිත් සතන් තුළ ඒ තත්ත්වය නැති වුණේ නැහැ. මේ සියලු දෙනා යම් එකඟතාවකට එන්න පුළුවන් රාමුවක් තුළ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ශ්‍රී ලාංකිකයන් හැටියට ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම ගොඩනැගිය යුතුද? අහන්න ඕන ප්‍රශ්නය එයයි. ශ්‍රී.ල.නි.ප.ය ඉන්නේ අපේ ප්‍රතිපත්තියේ. ඒක තමයි හොඳම දේ අපි කාටවත් යටවෙන්නේ නැහැ. සෑම දෙයක්ම නිවැරදි ඉලක්කයට යවා ගැනීමට ප්‍රධාන පක්ෂ දෙකේ සංවාදය සාකච්ඡාව වැදගත්.

ප්‍රශ්නය:- එහෙම කිව්වට දෙපාර්ශ්වය ඇතුළේ ගැටුම් මෝදුවෙලා නේද?
පිළිතුර:- එකම පක්ෂය ඇතුළෙත් කොතරම් ගැටුම් තිබෙනවද? ඒකාබද්ධය ඇතුළේ ගැටුම් කොතරම් ලියන්න පුළුවන්ද? එහෙම එකේ වසර හැට ගණනක් ඇනකොටා ගත් කණ්ඩායම් දෙකක් එක්වී එහෙම ආණ්ඩුවක් ගෙන යන නායකයාට වෙනම තෑග්ගක් දෙන්න ඕන. හැම දෙයක්ම එකට වාඩිවී සාකච්ඡා කර හොඳම තීරණ ගන්නවා. එහි වාසිය ජනතාවටයි.

ප්‍රශ්නය:- දෙසැම්බර් 31 වනතෙක් ඉවසන්න කියා ජනපති කිව්වා. තව කෙටි කාලයයි තිබෙන්නේ. ආණ්ඩුවෙන් ශ්‍රී.ල.නි.ප. ඉවත් වෙනවද?
පිළිතුර:- අපි පක්ෂයක් හැටියට නායකයන් සමඟ එක්ව තීන්දු ගන්නවා. ඒ හැම තීන්දුවක්ම රටේ අනාගතය ගැන සිතල ගන්න තීන්දු, එනිසා කලබල වෙන්නෙ එපා. අවශ්‍ය වෙලාවට අපි තීන්දු ගන්නවා. අපට වැදගත් රට සහ ජාතියයි. ඒ වෙනුවෙන් ඕනෑම කැපවීමක් අපි කරනවා.

ප්‍රශ්නය:- කෑගල්ලේ ජලාශයක් හැදීමට යාම ජනතා කැළඹිල්ලකට ලක්වෙලා නේද?
පිළිතුර:- ගංවතුර පාලනයට විශේෂ සැලැස්මක් තිබුණා. ඔය කියන කාරණය ගැන අනවශ්‍ය ලෙස ජනතාව කුලප්පු කර තිබුණා. මේ ගැන ඇමැති මණ්ඩලයේදී මම විරෝධය පළ කළා. එසේ කර ජනතාවට හිරිහැරයක් වන තැනක ජලාශයක් හදන්නේ නැති බවට තීරණය කර ගත්තා. අය වැය පිළිතුර කතාවෙන් මුදල් ඇමැතිවරයා ලවා මේ ස්ථාවරය ප්‍රකාශ කරවා ගත්තා. ජනාධිපතිවරයත් මෙවැන්නකට ඉඩ දෙන්නේ නෑ. එනිසා කිසිසේත්ම ජනතාව මේ ගැන බිය විය යුතු නෑ. දේශපාලන වශයෙන් යම් අය කුලප්පු කිරීම් කළත් කෑගල්ල දිස්ත්‍රික්කයේ අභිනවයෙන් ජලාශ ඉදිකිරීමක් වෙන්නේ නෑ. ඒ ගැන මම සහතික වෙනවා.

 



අදහස් (7)

මේ ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යවන්න බෑ

Nimal Monday, 11 December 2017 08:07 AM

මේ ඔක්කොම හොරු... පාට විතරයි වෙනස්. අපේ මිනිස්සු ඕක තේරුම් ගන්නේ නැතිකම තමයි කරුමේ වෙලා තියෙන්නේ.

:       162       511

gunarathna Monday, 11 December 2017 08:41 AM

සියඹලාපිටිය මහත්තයෝ, අමතක කරන්න එපා ගාල්ලෙන් චන්ද්‍රිකා දිනලා තමයි ආණ්ඩුව ගෙදර ඇරියේ. හරීන් මහත්තයා බදුල්ල දිනලා තමා තිබුණු ආණ්ඩුව ගෙදර ඇරියේ. බයට කියන දේවල් අපි ගණන් ගන්නේ නැහැ.

:       476       1017

Ssmpsth Monday, 11 December 2017 01:30 PM

මොකද එහෙනම් ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ, වියදම් කරන්නේ මේක මිදි තිත්තයි කිව්වා වගේ කතාවක්...

:       58       24

Raveendra Monday, 11 December 2017 01:51 PM

ලක්මවගේ ආදරණීය දූදරුවන්ගේ බදුමුදල් වලින් " සුරසැප විඳින" මෙවැනි පුද්ගලයින් මෙසේ නිවට ප්‍රකාශයන් කරන්නේ මොනතරම් බල තණ්හාවක් සිත්වල තබාගෙනද?

:       365       492

Bamunuarachchi Friday, 15 December 2017 03:00 AM

මේ ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යවන්න බෑ ලු එක අපි නොදන්නවා නොවෙයි. අපිට වුවමනා UNP SLFP සංවාසයට මිනිස්සු කැමතිද නැද්ද කියලා බලාගනීමටය.

:       2       31

mangala Friday, 15 December 2017 11:53 AM

ආණ්ඩුවයි, ආණ්ඩුවේ මේ වගේ ඇම්බැට්ටයෝයි ගෙදර යවන්නේ 2020 දී.

:       2       32

jayawardena Saturday, 23 December 2017 03:02 PM

නලින් වගේම සෝබනකාරයෙක් තමයි. මේ අයට ඕනේ බලය විතරයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 205 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 262 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 147 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 7645 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 182 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1293 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site