IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මං මොකටද අමුතුවෙන් ජනාධිපතිතුමා ළඟට කරනම් ගහන්නේ මං හිටියේ එතනනේ

 

 22_SLMA_P18_Back

 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙවර ‘ඉරිදා ලංකාදීප’ය සමග මුහුණට මුහුණ හමුවේ.


● මර්වින් සිල්වා මේ මොකාටද එන්න හදන්නේ?
අනේ මට මොකෙකුටවත් එන්න ඕනෑ කමක් නෑ. මම බෙලිඅත්තේ ඉඳලා කොළඹට ආවේ සී.ඩබ්ලිව්.ඊ. එකේ රැකියාවට. ඒ රස්සාව මට දුන්නේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා. පස්සෙ මම වෘත්තීය සමිති නායකයෙක් වුණා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති නායකයෙක් විදියට හිටියේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ උපසභාපති. මම හැමදාම තීන්දු ගත්තේ ජනතාවගේ පැත්තෙ ඉඳලා. මම දේශපාලනය නිසා ගොඩක් දේවල් නැති කර ගත්තු මිනිහෙක්.

 

4fh4
● ඒකාබද්ධ විපක්ෂය කියලා බැනර් එකක් ගහගෙන මොකක්ද මේ කරන්න හදන සෙල්ලම.
දැන් ඒකාබද්ධ විපක්ෂය කියලා කියා ගන්න පිරිසේ ඉන්න අයට මොනම හේතුවක් නිසාවත් ඒ නම පාවිච්චි කරන්න අයිතියක් නෑ. මොකද ඒ අය ඡන්දෙ ඉල්ලුවෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඒකෙ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ නායකයත් එතුමා. එතුමාගේ නායකත්වය පිළිඅරගෙන, නාමයෝජනා අරගෙන ඒ අය ඡන්දෙ ඉල්ලුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. එහෙම ඡන්දෙ ඉල්ලලා දැන් ඒ අයට අයිතියක් නෑ ඒකාබද්ධ විපක්ෂය කියලා නමක් දාගන්න. ඒක මනුස්ස ලෝකෙ අය කරන වැඩක් නෙවෙයි. මම හිතුවා ඒ අය එක පුද්ගලයෙක් උස්සගෙන මේ කරන බාල වැඬේ නවත්තන්න ඕනෑ කියලා. 


-අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්” කියලා තමයි මේ කණ්ඩායම ගැන කියන්න වෙන්නේ. වල් වැදිච්ච සහෝදරවරු දෙන්න නිසා පරාජය වුණු මහින්ද රාජපක්ෂ කර තියා ගෙන යන පිරිසත් කොහොමද ඒකාබද්ධ විපක්ෂය කියලා කියාගන්නේ. මේක සදාචාරයක් නැති නාඩගමක්. මේ නාඩගමට මහින්ද රාජපක්ෂ නායකත්වය දීම ගැන ලැජ්ජයි.

 


● ඒකාබද්ධ විපක්ෂය කියන එක මේ කණ්ඩායම දැන් මාස ගණනකට කලින් හදාගත්තු එකක්නේ. ඇයි හදිසියෙම නින්දෙන් අවදිවෙලා වගේ මර්වින් සිල්වා දැන් මේකෙ සදාචාරය හොයන්න ගත්තේ?
මම අවුරුද්දයි මාස හයක් බලාගෙන හිටියා මේ උදවියට ඥානවන්තකම පහළවෙයිද කියලා. ඒත් එහෙම නුවණ පහළ වෙන පාටක් නෑ. මේක විනාශකාරී විදියට වෛරයෙන් ඇදී යනවා. මේ වෛරක්කාර දේශපාලන ව්‍යාපාරයට තිත තියන්න ඕනෑ කියලා මට හිතුණා. හැම දෙනාම සද්ද නොකර ඉන්න නිසා මම මේකට මැදිහත් වුණා. මොකද මමත් බෙලිඅත්තේ මිනිහෙක් නිසා. ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකයි තියෙන්නේ. එකක් යූ.එන්.පී. එක. අනික් එක යූ.පී.එෆ්. එක මේ ඒකාබද්ධ විපක්ෂය කියාගන්න අයට මම කියන්නේ යූ.පී. එක කියලා. ඒ කියන්නෙ උණ්ඩුක පුච්චය. මේ අපද්‍රව්‍ය රැඳෙන එකක් නේ. ඒක නිසා මේක කපලා අයින් කරන්න ඕනෑ. මේක අනවශ්‍ය දෙයක්නේ. මේ නිසා මේක අයින් කරලා දාන්න තමයි මම පෙරමුණ ගන්නේ.

 

fgj
● ඒකාබද්ධ විපක්ෂය අවුල් කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔබට දීපු කොන්ත්‍රාත් එකක් කියලා මේ ගැන සමහරු කියනවා.
මම ඉස්සර නම් මහින්ද රාජපක්ෂගෙ කොන්ත්‍රාත් ගත්තා. මම ඒවා එළිකරන්නෙ නෑ. මොකද ඒක මනුෂ්‍යත්වයට හොඳ නෑ. මම බැසිල් රාජපක්ෂගෙත් කොන්ත්‍රාත් ගත්තා. ගෝඨාභය රාජපක්ෂගෙත් කොන්ත්‍රාත් ගත්තා. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ මම ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවෙක් බවට පත් වුණා. හැබැයි දැන් මම ඒ වගේ කොන්ත්‍රාත් බාරගන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මට කොන්ත්‍රාත් දුන්නෙත් නෑ. මම එතුමගෙ කොන්ත්‍රාත් ගත්තෙත් නෑ.

 


● විමල් වීරවංශ නම් කිව්වා වෙසක් එකට කලින්ම කට්ටිය ඔළුබක්කො නටවන්න පටන් අරන් කියලා. අපි දැක්කෙ මේක ඔබට නම නොකියා ගහපු ගැහිල්ලක් වගේ?
විමල් වීරවංශ මගේ මිත්‍රයා මගේ නම නොකියා ඔය කියපු කතාව මම දැක්කා. එයාට මගේ නම කියන්න කොන්දක් නැති එක ගැන කනගාටුයි. එයා කියන්නෙ මේකෙ පිටපත සහ අධ්‍යක්ෂණය මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කියලා. ඒක වැරදියි. මීට කලින් මගේ අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා වුණේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ උදවිය. මම තමයි එයාලගෙ ඩ්‍රාමාවල ප්‍රධාන නළුවා වුණේ. හැබැයි මේ ඩ්‍රාමා එකේ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රචනය සහ රඟපෑම සියල්ලම මර්වින් සිල්වාගේ. 
මම ඔළුබක්කො නටවනවා වගේ විමල් වීරවංශ මිත්‍රයට පේනවා නම් මම ආරාධනා කරනවා එයාගෙ ගෙදර තියෙන බෙරෙත් අරගෙන ඇවිත් මට සහාය වෙන්න කියලා. මොකද එතුමා බෙරවාදනයේ දක්ෂයෙක්.

 


● මර්වින් සිල්වා මේ ඇඟ උණුසුම් කරමින් සැරසෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ ඔඩොක්කුවට කරණමක් ගහන්නද?
මම මොකටද අමුතුවෙන් එතුමගෙ ළඟට කරණම් ගහන්නේ? මම එතුමා ළඟමනෙ හිටියේ.

 


● 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණ කාලේ අපි නම් දැක්කෙ මර්වින් සිල්වා හොරට නිදාගෙන ඉන්නවා. දිනුවට පස්සෙ ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්න ආපු පෝලිමට එකතු වෙන්න නේද මේ හදන්නේ?
ඕක වැරදි අදහසක්. මම කියන්නම් ඇත්තටම වෙච්ච දේ. මට කැලණියේ සියලු අර්බුද හැදුවේ බැසිල් රාජපක්ෂ කියලා ඔබ දන්නවා ඇතිනේ. මට කරන්න පුළුවන් දුෂ්ට වැඩ ඔක්කොම කරලා රාජපක්ෂලා ඔසවා තබන්න බෙල්ල දීපු මට එපාම කරපු පාහර වැඩ ඔක්කොම කරලා මාව කැලණියෙන් නැති කළේ බැසිල් රාජපක්ෂ. රාජපක්ෂලාට බෙලිඅත්තේ අපේ පරම්පරාවේ අය කරපු උදව් අමතක කරලා මාව දේශපාලනයෙන් ඇදලා දාන්න පාර කපපු රාජපක්ෂ ගැන මම කනගාටු වෙනවා. ඒක නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙ ජනාධිපතිවරණයෙදී කැලණියෙන් එතුමා දිනවන්න කරන්න තියෙන ඔක්කොම වැඩ මම කළා. ඒක නිසා මම හොරට නිදාගත්තා කියලා කියන්න එපා. රාජිත සේනාරත්න, ජනක තෙන්නකෝන් වගේ අය මේකෙ ඇත්ත කතාව දන්නවා.

 


● ඔච්චර උදව් කළා නම් මහ මැතිවරණයට නොමිනේෂන් දුන්නේ නැත්තේ මොකද? යහපාලනයට මර්වින් සිල්වලා ගැළපෙන්නේ නෑ කියලද?
මුලින් චන්ද්‍රිකා මැතිණිය අකමැති වුණා. හැබැයි මීට පෙර එතුමිය මට සලකලා තියෙනවා. ඒවා මට තාම මතකයි. නොමිනේෂන් දෙන බලය බැසිල් රාජපක්ෂලා අතට අරගෙන තමයි මාව කපලා දැම්මේ. මාව පැරදුණේ නෑ. කුමන්ත්‍රණකාරීව මාව කැපුවා. මම ලංකාවේ ඕනෑම තැනකින් හෙට වුණත් ඡන්දෙ ඉල්ලලා දිනලා පෙන්වන්නම්.

 


● පසුගිය ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂගෙ සාටකේ එල්ලිලා ඔන්චිලි පැද පැද ඉඳපු මර්වින් සිල්වා ඔය විදියට කුණු කූඩෙට දැම්මේ මොකද ඒ අය?
ඇත්තටම මහින්ද රාජපක්ෂ ළඟින්ම තියාගන්න ඕනෑ මාවයි. එතුමට වැරදුණේ අවශ්‍ය අය විසි කරලා අනවශ්‍ය අය ළඟට ගත්තු එක. මමනේ මුලදී එතුමගෙ අගසව් වගේ හිටියේ. එච්චර උදව් කරලත් මට හොඳ ඇමතිකමක්වත් මහින්ද රාජපක්ෂ දුන්නේ නෑ. මහින්ද රාජපක්ෂ බැසිලුයි ගෝඨාභයයි කියන පදේට නටන්න ගිහින් තමයි විනාශ වුණේ. පසුගිය කාලේ හැම ව්‍යාපෘතියෙන්ම මේ කට්ටිය කොමිස් කුට්ටිය ගත්තු හැටි අපි දන්නවනේ.

 


● ඇයි ඔච්චර වීරයෙක් කියලා කියාගන්න ඔබ මේවා රටට කියලා ආණ්ඩුවෙන් එළියට බැස්සෙ නැත්තෙ.
කොහේ කියන්නද? කිව්වා නම් මැරුම් කන්න වෙනවනේ. මම විතරක් නෙවෙයි. ගොඩක් අය කලකිරීමෙන් හිටියේ. කට ඇරගන්න බැරුව හිටියේ. අපිත් සුදු වෑන්වලට බයෙන් හිටියේ. මටත් වැඩක් දෙන්න කොන්ත්‍රාත් එකක් දීලා තිබුණේ. හොඳ වෙලාවට ඒක හරි ගියේ නෑ. මම මේ වගකීමෙන් කියන්නේ. මම දැන් මේ ඉන්නෙ බෝනස් කාලයක්. මට මරණ සහතිකේ දීලා තිබුණේ. 

 


● මොකක්ද බැසිල් රාජපක්ෂට මර්වින් සිල්වා එක්ක තියෙන ඔය තරම් ඔරොප්පුව?
ඉරිසියාවනේ. මම කැලණිය ගොඩගත්ත විදිය දැකලා ඉරිසියා හිතුණා එයාට. ගමේ ඉන්න කාලේ ඉඳලාම රාජපක්ෂලා ළඟ ඉරිසියාව තිබුණා. එයාලට වඩා උඩට කාටවත් නැගිටින්න දෙන්නෙම නෑ. මගේ දක්ෂකමට මම නැගිට්ටා. නැත්නම් මට මේ ගොල්ලො ගමේදිම තමයි කෙලින්නේ.

 


● එතකොට ගෝඨාභය රාජපක්ෂ මර්වින් සිල්වා එක්ක ඉරිසියාද?
මේ හැමෝම බෙලිඅත්තෙදි මගේ පස්සෙන් ඇවිල්ලා තමයි දේශපාලනය කළේ. එකසැරයක් ගැටමාන්නේදි අපිට පහර දීපු වෙලාවක මමයි ගෝඨාභය බේරගෙන බෙලිඅත්තට ගෙනාවේ. එදා ගෝඨාභය චණ්ඩියෙක් නෙවෙයි. මහින්ද රාජපක්ෂගෙ කරල පැහුනම තමයි රට ඉඳලා මේ අය මහින්ද ළඟට ඇවිත් බලය අතට ගත්තෙ. මහින්ද එක්ක එකට ඉඳපු අපටම කෙලියා මේ අයියයි මල්ලියි දෙන්න.

 


● මෛත්‍රීපාල සිරිසේන එක්ක රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැහැපු කණ්ඩායමට එකතු වුණේ නැති අය තමයි දැන් මෛත්‍රීපාල සිරිසේන එක්ක එදා ඉඳලා හිටියා කියලා කයිවාරු ගහන්නේ. මහ ලොකු චණ්ඩියා වගේ කතා කරන මර්වින් සිල්වත් එහෙමනේ?
අනේ මම චණ්ඩියෙක් නොවෙයි. මම චණ්ඩිකම් කරලා නෑ. මම හිත හොඳ මිනිහෙක්. මෛත්‍රිපාල මැතිතුමා එළියට බැහැපු සටනේ මම මුල ඉඳලා හිටියා. මේ ගැන ජනක තෙන්නකෝන්ලගෙ ගෙදර අපි සාකච්ඡා කළා. මේ සාකච්ඡාවේ ගොඩක් දුර අපි ආවා. ජනකව මගදි රාජපක්ෂලා හිර කළා. මගේ පුතාට ඔඩෙල් එකේදි ගස්සලා මගේ පුතා හිර භාරයට ගත්තේ. ඒක කළේ ගෝඨාභය රාජපක්ෂ. දරු කැක්කුම නිසා මගේ නෝනත් කිව්වා මේ වෙලාවෙ නිශ්ෂබ්දව ඉන්න කියලා. ඒත් යටින් කරන්න පුළුවන් උදව් මම කළා. නැත්නම් රාජිතලා එක්ක මම අනිවාර්යෙන්ම යන්න හිටියේ.

 


● කැලණියේ ඔබ ඉන්න කාලෙ කප්පම් භීතිකාවක් තිබුණලු. තවත් කේස් ගොඩක් තිබුණනෙ. ඒවට ඔබේ නම කියවුණා. මේවට මොකද කියන්නේ?
දැන් සී.අයි.ඩී. එකට හරි එෆ්.සී.අයි.ඩී. එකට හරි ඕනැම කෙනකුට පුළුවන් මට විරුද්ධව පැමිණිලි කරලා මේවා ගැන හොයලා බලන්න. මේ ආයතන දැන් ස්වාධීනව වැඩ කරනවා. පුළුවන් නම් මං ගැන මේවට කියලා පරීක්ෂණ කරවන්න. මම ඕනෑ පරීක්ෂණයකට මුහුණ දෙන්න සූදානම්.

 


● කෙහෙල්ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච වැඬේ වගේ දේශපාලන නායකයින්ගේ කොන්ත්‍රාත් කරපු මර්වින් සිල්වා ජාතික රූපවාහිනියේදී නම් අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා නේද?
ඕක පරණ සිද්ධියක්නේ. ඇත්තටම ඒක මට හොඳ පාඩමක්. ඕකත් මහින්ද රාජපක්ෂ දීපු කොන්ත්‍රාත් එකක්නේ. මම නායකයා එක්ක ඉන්න කොට නායකයා කියන ඕනැ වැඩක් කරනවා. මාතර මහානාම පාලම විවෘත කරන්න ගිහින් එනකොට තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මට කිව්වෙ ජාතික රූපවාහිනියට මංගල සමරවීර දාපු අය වැඩ කරන්නෙ නෑ. ඒක පොඞ්ඩක් බලන්න කියලා. ඒ පාලම විවෘත කරන්න යනකොටත් එතුමා මට කොන්ත්‍රාත් එකක් බාර දුන්නා. මගේ කතාවෙදි මංගල සමරවීරට පලු යන්න බණින්න කියලා මට කිව්වෙ. මම ඉතිං ඒක කිව්වටත් වඩා හොඳින් කළා. අද මම ඒ ගැන කනගාටු වෙනවා. ඒ කතාවට මංගලගෙ අම්මගෙ හිත රිදෙන්න ඇති. මොකද මම සමරවීර පරම්පරාවට පතුරු යන්න දුන්නා. ඒ ගැන මංගලට කියන්න වෙන්නේ “මම ඔබට ද්‍රෝහි වූවා නොව මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ඉටු කළා පමණි” කියලා. ඒ ගිහින් එනකොට තමයි රූපවාහිනියේ කතාව කිව්වෙ. මම රණ්ඩුවකට නොවෙයි රූපවාහිනියට ගියේ. මම රූපවාහිනියට යවලා මහින්ද රාජපක්ෂ මැතිතුමා රූපවාහිනියට කතා කරලා -ඔන්න මර්වින් එනවා ආවම ගහන්න” කියලා එයාලට ඕඩර් එක දුන්නා. ඒක තමයි රාජපක්ෂ ස්ටයිල් එක. මම අනවශ්‍ය පරිප්පුවක් කෑවේ. මම එහෙමයි රාජපක්ෂලාගෙ කොන්ත්‍රාත් ඉටු කළේ. ඒත් අන්තිමට මටත් දුන්නා ෂොට් එක. 

 


● ඔබ කියන්නේ ඔබේ අහිංසක පුත්‍රයාට රාජපක්ෂලා ගස්සලා හිරේ දැම්මා කියලා. හැබැයි ඔබේ පුතත් ගිය තැන ගෝරි දාගන්න නාහෙට අහන්නෙ නැති පුතෙක් නේද? රටට බණ කියන මර්වින් සිල්වට ඇයි බැරි තමන්ගේ පුතා මේච්චල් කරගන්න?
අපි ඉස්සර ගමේදි තොවිල් පවිල්වලට එහෙම යනවා. රෑ තිස්සේ. දැන් ළමයින්ට ඒවා නෑ. ඒ ළමයි නයිට් ක්ලබ්වලට යන්නේ. ගමේ නයිට් ක්ලබ් තිබුණේ නෑනේ අපට. මගේ පුතත් නයිට් ක්ලබ් යනවා. හැබැයි මගේ පුතා දළදා මාලිගාව වහගෙන නයිට් රේස් පැද්දෙ නෑ. ගෝල්ෆේස් එක වහගෙන නයිට් රේස් පැද්දෙ නෑ. මගේ පුතා ආදරේ වෙනුවෙන් ක්‍රීඩකයො මැරුවෙ නෑ. හොරකම් කළේත් නෑ. මගේ පුතාට පිටරට සල්ලිත් නෑ. එහෙම නම් මගේ පුතා නාහෙට අහන්නෙ නෑ කියන්නෙ කොහොමද? තරුණ ළමයි ටිකක් විසේකාරයි තමයි. තරුණකමට කරන දේවල් මිසක් මගේ පුතා අපරාධ කරලා නෑනේ.

 


● මහින්ද රාජපක්ෂ ළඟ ඉන්න කොට ඔබ රනිල් වික්‍රමසිංහ පතුරු ගැහුවා. දැන් ආපහු වර්ණනා කරන්න පටන් අරන්. මොකක්ද මේ හදිසි ආලය?
මම කලිනුත් කිව්වනෙ මම නායකයා එක්ක ඉන්න කොට නායකයා කියන දේ කරනවා කියලා. මම කථිකයෙක් විදියට මට කරන්න කියන කතාව කරනවා. මම අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා ඒ කාලේ මගේ කටින් හිත රිදෙන යමක් කියවුණා නම් මට සමාවෙන්න කියලා. මම ඒ කළේ දේශපාලන කතාවක් මිසක් පුද්ගලික ප්‍රහාරයක් නෙවෙයි. මට රනිල් වික්‍රමසිංහ ගැන හැමදාම ගෞරවයක් තිබුණා. ඒක හදිසි ආලයක් නොවෙයි.

 


● මනුස්සයෙකුට හැරෙන හැරෙන පැත්තට ඔය වගේ දිව නමන්න පුළුවන්ද. චන්ද්‍රිකා ළඟ දණගහලා ඇමතිකම් අරගෙන, මහින්ද ළඟ දණගහලා ඉඳපු ඔබ අද ඒ අය විවේචනය කරනවා.
මම චන්ද්‍රිකා ළඟ දණ ගහලා ඇමතිකම් ගත්තේ නෑ. ඒක බොරු. මට ඇමතිකමක් දුන්නා. මම ගත්තා. දණගැහුවේ නෑ.

 


● හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග ළඟ ඔබ දණගැහුවා. මහින්දගෙ කකුල් දෙක ළඟත් වැටුණා.
ඒ ආචාර කිරීමක් මිසක් දණගැහිල්ලක් නෙවෙයි. මම රුහුණේ කළගුණ දන්න මිනිහෙක්. බණ්ඩාරනායක කෙනකුට වැඳීම වැරැද්දක්ද? රාජපක්ෂ කෙනෙක් ළඟ බිම වාඩිවීම වැරැද්දක්ද? පිදිය යුත්තා පුදන්න කියලා අපේ දෙමව්පියො අපිට උගන්නලා තියෙන්නේ.

 


● ඔබ ගැන ඔබ කිව්වෙ -එදා ඇමති අද නොමැති” කියලා. මේ ඉව අල්ලන්නේ ආපහු ඇමතිකෙනෙක් වෙන්නද?
අනේ නෑ. මම ඇමතිකම් කරපු මිනිහෙක්. මම තවත් කාටවත් පන්දම් අල්ලලා ඇමතිකම් ගන්නේ නැ. මම නොමිනේෂන් ඉල්ලන්න කාගෙවත් පස්සෙ ගියේ නැත්නම් ඇමතිකම් ඉල්ලගෙන යන්නෙ නෑ. හැබැයි ජනතාව වෙනුවෙන් දිගටම දේශපාලනය කරනවා. මම මේ රටට කරපු යහපත් වැඩ ගොඩක් තියෙනවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. මීඩියා වලිනුත් උඩ පැනලා කතා කරන්නේ මගේ අතින් වැරැද්දක් වුණොත් තමයි. හොයලා බලන්නකො මම කරපු හොඳ වැඩ ටික ගැනත්.

 


● පහුගිය කාලේ කාටුන්වල මර්වින් සිල්වා ඇන්දේ රාජපක්ෂලාගේ කුණු හෝදන හේනෙ මාමා කෙනෙක් විදියට. අප්සෙට් නැද්ද මේ ගැන?
මම හේනේ මාමා විදියට ඇඳපු එක ගැන දුකක් නෑ. අපේ රෙදි හෝදලා දුන්නු හේනේ මාමලා මට මතක් වෙනවා. අපි නම් ඒ අයට ගෞරව කරනවා. මම බාරගත්ත දේ කරන ජාතියේ මිනිහෙක්නේ. මම බාර දෙන වැඬේ කළා. එච්චරයි.

 


● මර්වින් සිල්වා ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් හරියට විශ්වාස කරනවා නේද?
ඔව්, අපි රුහුණේ මිනිස්සුනේ. අපට ඕවා හුරුයි.

 


● ඔබ මේවා ගැන මහින්ද රාජපක්ෂට උපදෙස් දුන්නද?
උපදෙස් දුන්නෙ නෑ. හැබැයි යම් යම් වැඩ කරලා දුන්නා. එතුමා වෙනුවෙන් මම බාරහාරත් වෙලා තියෙනවා. හැබැයි අපි අත ඇරලා හොරු ටිකක් ළඟට ගත්තා. ඒකනෙ දැන් ඔය කෙල වුණේ.

 


● දැන් මහින්ද රාජපක්ෂ එක්ක කිසිම ගනුදෙනුවක් නැද්ද?
නෑ, කිසිම ගනුදෙනුවක් නෑ. මගේ උපන්දිනේට නම් එතුමා කතා කළා.

 


● ඔබ දිනපු මහ මැතිවරණය වෙලාවේ ඔබට ඡන්දෙ දෙන්න කියලා පත්තර දැන්වීම්වලට අත්සන් කරපු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, හාමුදුරුවරු එහෙම අද ඔබේ දුක සැප අහනවාද?
සමහරු කතා බහ කරලා විස්තර අහනවා.

 


● දැන් ඔබේ කොන්ත්‍රාත් එක රාජපක්ෂලාගේ දේශපාලනය ඉවර කරන එකද?
මට ඕනෑ නෑ එහෙම කරන්න. මොකද එයාලම ඒක කරගන්නවනේ.

 


● ඔබ දේශපාලක නායකයින්ගේ කුණු කොන්ත්‍රාත් බාර අරගෙන ලෙඩ පිට ලෙඩ දාගනිද්දි ගෙදර නෝනාවත් කිව්වෙ නැද්ද ඕවා කරන්න එපා කියලා?
අපෝ ඕනෑ තරම් කිව්වා. නෝනා මාත් එක්ක මේ ගැන රණ්ඩු කරලා තියෙනවා ගොන්කම් කරනවා කියලා. මාත් එක්ක කතා නොකර ඉඳලා තියෙනවා. නෝනා ගමේ යන්නත් හැදුවා එක සැරයක් මේ නිසා. ළමයි දෙන්නත් එහෙමයි. දුවයි පුතයි මාත් එක්ක කතා නොකර හිටියා. දුවගෙ මහත්තයත් කතා නොකර හිටියා. දුවගෙ පොඩි ඈයො අපේ ගෙදර එවන එකත් නවත්තලා හිටියා. එහෙම ප්‍රෙෂර් එකක් ගෙදරින් තිබුණා. මම ඒ අයට පැහැදිලි කළා ඒ විදියට වැඩ කළේ නැත්නම් මට පවතින්න බෑ කියලා. ඕක තමා දේශපාලනය කියන්නේ.



අදහස් (0)

මං මොකටද අමුතුවෙන් ජනාධිපතිතුමා ළඟට කරනම් ගහන්නේ මං හිටියේ එතනනේ

ලාල් Wednesday, 25 May 2016 03:24 PM

මෙම භාණ්ඞය කල් ඉකුත්වි ඇතිබැවින් කරුණාකර පරිහරණයෙන් ඉවත්කරන්න. (බ)

:       0       0

නිම්මි Wednesday, 25 May 2016 03:28 PM

මෙයාල කරපු වැඩ නිසා මහින්දව ගෙදර යවපු අයට දැන් මොනවා හිතෙනවා ඇද්ද අනේ?(හේ)

:       0       0

දිලුම් Wednesday, 25 May 2016 04:48 AM

අනේ මන්දා මෙහෙම ලැජ්ජ නැති විදියට කතා කරන්නත් පුළුවන් මර්වින් සිල්වාටම තමයි. මොනවත් හිතලා කරන්න බැරි කියන දේ විතරක් කරන කෙනෙක් (නි)

:       0       0

සංජය Friday, 27 May 2016 10:59 AM

කතාවෙන්ම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන් අපිට (නි)

:       0       0

රත්න Wednesday, 25 May 2016 06:27 AM

කරන්න ඕනෑ වැඩ සියල්ල කරලා ඇඟ හැමතැනම දුහුවිලි ගාගෙන දැන් වතුර හොයනවා. (නි)

:       0       0

පීරිස් Wednesday, 25 May 2016 06:36 AM

ඉස්සරහට චාන්ස් එකක් ලැබේවිද බලන්න දැන් ආණ්ඩුවට කඩේ යන්න පටන් අරන්. මෙයා මුල අමතක කරපු කෙනෙක් (නි)

:       0       0

සංජීව - හොරණ Friday, 27 May 2016 01:31 PM

ඒ කියන්නෙ වැරදිකාරයින්ට දඩුවම් කළේ නෑ කියන චෝදනාවෙනුත් මහින්ද මැතිතුමා නිදහස්.. නිකන් දඩුවම් නෙමෙයි දීලා තියෙන්නෙ රජකාලෙ දඩුවම්.. නැත්නම් ගහලා මුත්‍රාවලින් නාවලා එවයියැ..(බ)

:       0       0

රනිල් Friday, 27 May 2016 12:32 AM

අපි ලංකාදීපයට අාදරෙයි. එ්ත් මේ වගේ පුද්ගලයින්ට අපි කැමති නැහැ (නි)

:       0       0

සිල්වා බර්ලින් Thursday, 26 May 2016 09:57 AM

මොහු ගැන විස්තර පළකිරීමෙන් සිදුවන්නේ මොහු නැවත පිම්බි මාධ්‍ය වේදීන්ට පහර දීමය , හොඳම වැඩේ දැන් ඔය ඉන්න විදිහටම පැත්තකට වෙලා ඉන්න හරින්න එය සමාජයට කරන සේවයකි (බ)

:       0       0

ලොහාන් Wednesday, 25 May 2016 10:41 AM

පැත්තක් නැති අයට ඡන්දෙ දුන්න අපිට කොස්සෙන් ගහන්න ඕන. (බ)

:       0       0

ශානක Tuesday, 24 May 2016 10:55 PM

එතකොට මෙයාට තෙරෙනකොට දැන් ඉන්න ජනපති පත්වුණෞ එජාප ඡන්දෙන් කියලා එයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න අයිතියකුත් නෑනේ (බ)

:       0       0

ඉන්දු Thursday, 26 May 2016 04:09 AM

මොලය උඩ ඉඳගෙන ඉන්නා ඡන්ද දායකයින් ඉන්නා රටකට මේ නම් ජාතික සම්පතකි..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1776 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 931 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38893 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site