IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මේ වැරැදි කා​ගේ පිට පැටවිය යුතුද?

ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු කලාපයට අයත් බොහොමයක් රටවල අලු‍ත් ආණ්ඩුවක් බලයට පත්වන්නේ ඊට පෙර පැවති ආණ්ඩුවේ වැරැදි ක්‍රියා මාර්ග නිසා බව ප්‍රකට කරුණකි. ඇතැම් විට ඊට පෙර පැවති ආණ්ඩුවද එරට බහුතර ජනතාව විසින් බලයට පත් කර තිබුණේ නොයෙකුත් අපේක්ෂාවන් මුල්කර ගෙන විය හැකිය. එසේ වුවද අන්තිමේදී සිදුවන්නේ ජනතාවගේ උණුසුම් බලාපොරොත්තු මුල්කර ගෙන පිහිටුවා ගැනුණු එම ආණ්ඩුව ද එරට ජනතාව විසින්ම පරාජයට පත්කර වෙනත් පක්ෂයකට ආණ්ඩු බලය පැවරීමය.

තමන් විසින් පත්කරගනු ලබන ආණ්ඩුවක් තමන් පරාජයට පත්කර අලු‍ත් ආණ්ඩුවකට ඉඩහසර ලබාදීම ගැන එම ක්‍රියාවට මුල්වූ ජනතාවට ද දොසක් පැවරිය නොහැක. එසේ වන්නේ මනුෂ්‍ය සංහතියේ ස්වභාවය නිසා වන බැවිනි.

ශ්‍රී ලංකාවේ ද දැනට බොහෝ කාලයක සිට සිදුවෙමින් පවතින්නේ ඊට සමාන ක්‍රියාදාමයකි.

උදාහරණයක් වශයෙන් 2010 දී පත්කර ගැනුණු මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව 2015 පැවති ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පරාජය කරවීමට මෙරට බහුතර ජනතාව පියවර ගත්තේය. පිට පිට දෙවරක්ම ජනාධිපති ධුරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට 2015 පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වී ගෙදර යාමට සිදුවූයේ වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති උතුරේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවයට හිමිකරුවා වීම ගැනවත් මෙරට බහුතර ජනතාව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බැවිනි. එය සාමාන්‍ය සිද්ධියක් බව අපගේ අදහසයි. ඉකුත් දෙවැනි ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් පවා ඉන් අනතුරුව පැවති මහ මැතිවරණයේදී ජනතාව වෙතින් පරාජයට පත්ව ගෙදර යාමට සිදුවීම ඒ සඳහා දැක්විය හැකි කදිම උදාහරණයකි.

කෙසේ වෙතත් මෙරට ජනතාව 2015 පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යවා ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර ගන්නා ලද්දේ උණුසුම් බලාපොරොත්තු රැසක්ම ඉටු කර ගැනීමේ අදහසිනි. එසේ වුවද එම යහපාලන ආණ්ඩුවට දිගින් දිගටම බලයේ රැඳී සිටීමට නොහැකි විය. නව ආණ්ඩුවට පත්වී දෑවුරුද්දක් ගතවීමටත් පෙර ජනතාව අතර පිරිහීමට ලක්වීය. ඇතැම් විට එසේ වන්නට ඇත්තේ එය දෙමුහුන් ආණ්ඩුවක් බැවිනි. එහි ඊළඟ ප්‍රතිඑලය වූයේ මෛත්‍රීගේ සහ රනිල්ගේ ආණ්ඩුවද 2020 දී පැවති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී පරාජයට පත් වීමයි.

කෙසේ වෙතත් 2020 පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ආධුනිකයෙක් විය. ඒ අනුව 69 ලක්ෂයක් පමණ වූ මෙරට ජනතාව දැඩි ලෙස විශ්වාස කළේ සෙසු රාජ්‍ය නායකයන් මෙන් ඇට්ටකුණා නොවූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රටේ යහපතට අදාළව සුවිශාල මෙහෙවරක් සිදුවිය හැකි බවය.

ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මෙරට බලයට පත්වී තවමත් ගතවී තිබෙන්නේ දෑඅවුරුද්දකටත් වඩා අඩු කාලයකි. එහෙත් වත්මන් ආණ්ඩුව ගැන මෙරට ජනතාව අතරින් වැඩි දෙනකු තුළ පවතින්නේ දැඩි අප්‍රසාදයකි. එසේම මෙතරම් අඩු කාලයක් තුළ ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ වෙනත් ආණ්ඩුවක් නොමැති තරම්ය.

ඒ සඳහා මුල්වී තිබෙන හේතු සාධකද එක අතකින් බලනවිට සාධාරණය. අප එසේ කියන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ අලු‍ත රට පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසා එම ආණ්ඩුවට නිදහසේ හුස්ම ගැනීමටවත් නොහැකි වූ බැවිනි.

කෙසේ වෙතත් කොරෝනා පළමු රැල්ලට මුහුණ දී සාර්ථක ප්‍රතිඵල ලබාගත් වත්මන් ආණ්ඩුව එම තුන්වැනි රැල්ලේ දී ප්‍රශ්නය අනාගත්තා පමණක් නොව හත්පොළේම ගා ගත්තේය. ඇතැම් විට ඊට හේතුවන්නට ඇත්තේ  ආණ්ඩුවේ ඊනියා උපදේශකයන්ගේ කේවට්ට උපදෙස් නිසා විය හැකිය.
අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව ඊට ඉහළින් සිටින දේශපාලනඥයන් සියලු‍ දෙනාම පාහේ 2020 දී මෙරට පාලන බලය ලබා ගත්තේ ඉකුත් යහපාලන ආණ්ඩුව මගින් සිදුකළ සියලු‍ම වැරදි, අඩුපාඩු සහ නොපනත්කම් තමන්ගේ ආණ්ඩුවක් යටතේ සිදු නොවන බවට දහ අතේ පොරොන්දු දෙමිනි. විශේෂයෙන්ම රාජ්‍ය දේපළ විකිණීම දැඩිලෙස හෙළාදුටු පොදුජන පෙරමුණේ ලොකුලොක්කන් පිරිස අද වන විට සිදු කරමින් සිටින්නේද ඊට සමාන ක්‍රියාදාමයකි.

නිවැරදි ලෙස කිවහොත් අද ජනතාව පසුවන්නේ කබලෙන් ළිපට වැටී සිටින තත්ත්වයකය.
වත්මන් ආණ්ඩුව මේ දක්වාම සිදුකර ඇත්තේ මහා පරිමාණ මට්ටමේ ගොන්කම්ය. උදාහරණයක් වශයෙන් මෙරට වගා කටයුතු සඳහා රසායනික පොහොර වර්ග නොයොදා කාබනික පොහොර යොදා ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණය බුද්ධි ගෝචරය. එසේ වුවද එම ක්‍රමවේදය පියවරෙන් පියවරට ක්‍රියාත්මක නොකර මුළු රට පුරාම එකවර රසායනික පොහොර භාවිතයට තහංචි දැමීම නිසා අද මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන්නේ බරපතළ අවුලකි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමටත් පෙර සිටම රටේ සහල් වෙළද පොළේ මිල ගණන් තීරණය කෙරුණේ රජයේ මැදිහත්වීමෙනි. එහෙත් වත්මන්  රජය එම අයිතිය මුළුමනින්ම බාරදී ඇත්තේ සහල් මෝල් හිමියන් වෙතය.

මෑතකදී පත්කෙරුණු අතවශ්‍ය සේවා කොමසාරිස්වරයා මුලින් සහල් ගබඩා නිරීක්ෂණය සඳහා ගොස් ඒවායේ හිමිකරුවන්ට ලොකු සද්දයක් දැමුවේය. කෙසේ වෙතත් පසුව එම සද්දය වසාගත් එම නිලධාරියා ගැන ආරංචියක්වත් අසන්නට නොලැබුණේ රජයේ මිල පාලන ගැසට්ටුව රජය විසින්ම අකුළා ගෙන තිබෙන නිසා විය යුතුය. ඒ හැර වත්මන් ආණ්ඩුවේ වෙළඳ ඇමතිවරයා එක්තරා අවස්ථාවකදී සහල්වලට පමණක් නොව පරිප්පු, තිරිඟු පිටි, සීනි සහ ලූනු සඳහා ද විකිණිය හැකි උපරිම මිල නියම කරමින් තරගයකට මෙන් ගැසට් නිකුත් කළේය. එහෙත් ඔහු විසින් නියම කරන ලද පාලන මිලට කිසිදු භාණ්ඩයක් විවෘත වෙළඳ පොළේ  අලෙවි කෙරෙන බවක්  අසන්නට නොලැබිණි.

ඇමතිවරයා සහල් සදහා නිකුත් කරතිබූ ගැසට් නිවේදනයට සිදුවූයේද ඊට සමාන සන්තෑසියකි. අන්තිමේ දී ගැසට් සටනින් පරාජය වූ බන්දුල ගුණවර්ධන මහතා සිය කැමැත්තෙන්ම එකී ගැසට් නිවේදන අකුළා ගෙන තිබුණේ තම පාර්ශවයේ පරාජය භාර ගනිමිනි. එම ගැසට් සටනේ අවසන් ප්‍රතිඑලය වූයේ සහල්, කිරිපිටි, පරිප්පු, තිරිගු පිටි පමණක් නොව ගෑස් මිල තීරණය කිරීමේ අයිතියද මුදලාලි පැළැන්තිය අතට පත් වීමය.

මෙවැනි අමිහිරි සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවී තිබුණේ වෙළඳ ඇමැතිවරයාට පමණක් නොවේ. තෙල් ඇමති ගම්මන්පිලට මෙන්ම කෘෂිකර්ම ඇමැති අලු‍ත්ගමගේට මුහුණ පෑමට සිදු වූයේද ඊට සමාන අමිහිරි තත්වයකටය. ඉකුත් සතියේ රුපියල් 1496 කට  අලෙවි කළ කි.ග්‍රෑ.12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2750 දක්වා වැඩි වූ අතර පසුව එය රුපියල් 75 කින් අඩු කෙරුණේය. රුපියල් දෙදහස් හත්සිය පනහක් දක්වා වැඩි කරන ලද ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් අඩු කිරීම කොතෙක් දුරට ප්‍රායෝගික දැයි යන්න ඔවුන් විසින් ම විමසා බැලිය යුතු කරුණකි.

මේ අතර තිරිඟු‍ පිටි කිලෝවක මිල රුපියල් 10 කින් වැඩි කර තිබුණේ තිරිගු පිටි ආනයනය කරනු ලබන වෙළඳ සමාගම් විසිනි. ඒ අනුව පාන්, රොටි සහ කෙටි කෑම වල මිල ගණන් ද බේකරි හිමියන් විසින් වැඩි කර තිබේ. ඒ හැර ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියන අන්දමට ඔවුන්ගේ පාඩුව මාසයකට රුපියල් කෝටි සියයකටත් වැඩිය. ඒ අනුව රජයේ පාර්ශවයෙන් යම් සහනයක් නොලැබුණහොත් තෙල් මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඛනිජතෙල් ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණේය.

රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවක පිරිසට මාස්පතා යම් වැටුපක් ලැබේ. එය අදාළ පුද්ගලයන්ගේ පවුලේ යැපීම සඳහා ප්‍රමාණවත් නොවීම වෙනම කතාවකි. කෙසේ වෙතත් මාසික වැටුපක් ලැබෙන සේවක පිරිසට තමන්ට මාස්පතා ලැබෙන එම වැටුපෙන් වේලක් ඇර වේලක් කමින් හෝ ජීවත් විය හැකිය.

එසේ වුවද ස්වයං රැකියාවල නිරත වන වැඩිදෙනකු ඉකුත් කොරෝනා සමයේ ජීවත් වූයේ කිසිදු ආදායමක් නොලැබය. ඉතාමත් අසරණව සහ නොවිඳිනා දුක් විඳිමින් ඉකුත් කොරෝනා ඇඳිරි නීති කාලය දුකසේ ගෙවා දැමූ එම පිරිස මෙරට මුදලාලි පැලැන්තිය විසින් තම හිතුමතයට සිදුකර තිබෙන මෙම මිල ඉහළ දැමීම නිසා අද මුහුණ දී සිටින්නේ අතිශයින් ඛේදනීය ඉරණමකටය.

එසේ වුවද අද ඔවුන්ට මුහුණපෑමට සිදුවී ඇති මෙම වින්නැහිය දැක දැකත් ආණ්ඩුව සිටින්නේ ඒ ගැන වගේ වගක් නැතුවය. ඇතැම් විට ආණ්ඩුවේ බලධාරීන් සිතනවා ඇත්තේ එම ක්‍රියාවලිය තමන් විසින් කරන ලද ක්‍රියාවක් නොවන බැවින් ඒ ගැන වද වීමට තමන්ට අවශ්‍යතාවක් නැති බව විය හැකිය. එසේ වන්නේ ඒ ආණ්ඩුව මගින් සිදු කරන ලද්දක් නොවන බැවිනි.

කෙසේ වෙතත් කවර රටක වුවද ආණ්ඩුවක් සතු ප්‍රධානතම වගකීමක් වන්නේ රටේ ජනතාව ආරක්ෂා කිරීමය. එසේ වුවද මේ වන විට වත්මන් ආණ්ඩුව සිටින්නේ තමන් සතු එම වගකීම් වලින් ක්‍රමයෙන් බැහැර වෙමිනි. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණයක් වන්නේ මෙරට සහල් මිල තීරණය කිරීමේ වගකීම ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිහිපදෙනකු විසින් භාර ගෙන තිබීමය.

එසේම ඉකුත් දා වැඩි වූ ගෑස් මිල තීරණය කෙරුණේ මෙරට ගෑස් ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් විසිනි. මෑතක දී රට පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය යටතේ පත්වූ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා රටේ බොහෝ පෙදෙස්වල පිහිටි පෞද්ගලික සහල් ගබඩාවලට කඩා පැන එහි තිබූ සහල් තොග අත්අඩංගුවට ගෙන තිබුණේ අවට සිටිය වුන් තුළ පවා තිගැස්මක් ඇති කරවමිනි. එහෙත් අන්තිමේදී සිදුවූයේ එලෙස හොරාට සඟවාගෙන සිටි සහල් තොග නියමිත පරිදි මුදල් ගෙවා රජයේ භාරයට ගැනීමය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 දී ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර පුන පුනා කියා සිටියේ තමන් බලයට පත්වූ පසු “එක රටක් - එක නීතියක්”‍ යන සංකල්පය අකුරටම ක්‍රියාත්මක කරන බව ය. එහෙත් මේ වන විට එවැනි ලොකු කතා වචනවලට පමණක් සීමා වී ඇති බවක් පෙනෙන්නට තිබේ. දේශපාලඥයන් අද පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන්ට අනවශ්‍ය බලපෑම් කරන්නේ පෙර මෙන් හොර රහසේ නොව ප්‍රසිද්ධියේ කාටත් පෙනෙන පරිදිය.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සර උළෙල අනුරාධපුර සාලියපුර හමුදා කඳවුරේ පැවති අවස්ථාවේ ප්‍රධාන අමුත්තා වශයෙන් ඊට සහභාගි වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපූරු ප්‍රකාශයක් කර තිබුණේය. එතුමා එහිදී කියා තිබුණේ මෙරට ජනතාව තමන් ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් බලාපොරොත්තු වූ සේවය තවමත් ඉටුවී නැතැයි තමන් පිළිගන්නා බවයි. ඒ පිළිබඳව නිදහසට හේතු දැක්වීමට තමන් සූදානම් නැතැයි කී ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස අඩුපාඩු සිදු වූ සියලු‍ම කරුණු කාරණා ඉතා ඉක්මනින් ඉටු කරන බවට ද ප්‍රතිඥාවක් දී තිබුණේ ය.

යම් කෙනකු තමන් අතින් සිදුවූ වැරදි සහ අඩුපාඩු ගැන අවංකවම පිළිගැනීම ඉතා හොඳ සත් ක්‍රියාවකි. එසේම එවැනි වැරදි සහ අඩුපාඩු යළි සිදු නොවීමට වගබලා ගැනීමද ඊටත් වඩා යහපත්  ක්‍රියාවකි. තමන් විසින් දුන් එම ප්‍රතිඥාව ගැන තම ඇමති මණ්ඩලය ද දැනුවත් කර ඔවුන් ද ඒ සඳහා මෙහෙයවීම යහපත් රාජ්‍ය නායකයකු සතු වගකීමක් බව අපගේ අදහසයි. එසේ නොකළහොත් සිදුවන්නේ රාජ්‍ය නායකයා තමන් අතින් සිදු වූ සියලු‍ අතපසුවීම් සහ අඩුපාඩු නිවැරදි කර ගැනීමට වෑයම් කරද්දී ඔහුගේ ඇමැති ගෝලබාලයන් දිගින් දිගටම පිස්සු කෙළීමය. එවන් අනවශ්‍ය ක්‍රියාවලියකට ඉඩක් නොතබා තමන්ගේ ගෝලබාලයන් මේච්චල් කර ගැනීම අද ජනාධිපතිතුමා හමුවේ තිබෙන ප්‍රධානතම වගකීමයි. සැබැවින්ම එය අභියෝගාත්මක බව පිළිගත යුතු කරුණකි.

(***)



අදහස් (11)

මේ වැරැදි කා​ගේ පිට පැටවිය යුතුද?

Raveendra Monday, 18 October 2021 12:11 PM

අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ රටේ මෑත අතීතයේ සහ වර්තමාන දේශපාලයනය පිලිබදව ඇත්ත ඇති හැටියට විග්‍රහ කිරීම අප අගය කරන්නෙමු.රටේ ඉදිරි ගමනට පියවරක් තබන්නට යනවිට පියවර 100කටත් වඩා පසුපසට ඇදීමට සියලුම පක්ෂ,විපක්ශවල බලලෝබින්ගේ සම්ප්‍රදාය වීම අප රටේ තිබෙන බරපතලම ගැටලුව නොවේද? එසේම රටේ මුල් පුරවැසියාගේ සිට සියලුම පුරවැසියන් තමන්ගේ උපන් රට වෙනුවෙන් කැපකිරීම් කිරීමට ඇති අකමැත්ත රටේ අපගමනයට තිබෙන ඊලග ප්‍රධානතම හේතුව ලෙස දකින්නේ අප පමණක්මද ?තවද ශ්‍රී ලාංකික අපි අපගේ බද ගැනම පමණක් හිතන ජාතියක් ලෙස ඔබ වහන්සේට නොපෙනෙන්නේද ? මේ සෑම ගැටලුවකටම යම්කිසි සාධනීය පිළිතුරක් ලෙස අප දකින්නේ පක්ෂ විපක්ෂ සැමගේ මොන මතිමතාන්තර තිබුනත් "රටේ අනාගතය වෙනුවෙන් ගන්න ප්‍රතිපත්ති පැහැදිලිව සකසා" මොන පක්ෂයක් බලයට පත්වුවත් එම පක්ෂයේ පරම යුතුකම ,වගකීම බලයෙන් පහවුණු රජය නවත්තපු තැන සිට එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම බවය.රටක් දියුණු වෙනවා යනු එම රටේ පුරවැසියන් මොන පක්ෂයක අනුගාමිකයන් වුවත් රට වෙනුවෙන් තමන් කරන කැපකිරීම එම රටේ දියුණුවට ලැබෙන ප්‍රධානම සාධකයක් නොවේද ?

:       19       87

gamunuWednesday, 20 October 2021 06:28 AM

පුජ්‍ය මුරුත්තෙටුවේ අනන්ද නායක සුවමින්වහන්සේ පසුගියදා සමාජ මාධ්‍ය සමග පැවැත්වූ හරවත්, ධනාත්මක සකජ්ජාව පිලිබදව අගය කරමු. වර්තමාන දුෂිත දේශපාලන සමාජය වෙනස් කිරීම උදෙසා වර්තමාන ජනාධිපතිවරයා පත් කලද ඔහු වටා සිටිනුයේ දුෂිත දේශපාලන කණ්ඩායමක් නම් ඔහු බලාපොරොත්තුවූ වෙනස රටට ලබා දිය නොහැක. ඔහුට සිදුවනුයේ හැකි පමණින් අවංකව ඔහුගේ තනතුරේ කට යුතු කිරීම පමණි. එමනිසා සියලු ශ්‍රී ලාංකිකයන් මේවන විට දේශපාලනය නිසා රට විනාශවී ඇතිබව තරයේ ප්‍රකාශ කර සිටි. එමනිසා සත්‍ය වශයෙන්ම සිදුව තිබෙනුයේ දුෂිතයන් දේශපාලනයට පැමිණීම නිසා දේශපාලන ක්‍රමවේදය පමණක් නොව ජන සමාජයම විනාශ වී ඇති බවකි. ආගම්වාදය සහ ජාතිවාදය පමණක් නොව කෝටි ගණනින් මුදල් වියදම් කර මැතිවරණ දිනා පාර්ලිමේන්තු පැමිණ දේශපාලකයා ජනතා ප්‍රශ්න විසදීම වෙනුවට ඔවුන් කරනුයේ බලය යොදා මැතිවරණයට වියදම්කල මුදල් කෙසේ හෝ සොයාගැනීමේ අරමුණ ඇතිව ඍජුව හෝ වක්‍රව දුෂණ කටයුතුවල නිරත වීම වේ. මේ සියල්ල පරාජය කොට රටට වෙනසක් ඇති කිරීමට නම් අවංක විස්වාසනීය අලුත් කණ්ඩායමක් සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගැනීම වෙනුවෙන් ඔබවහන්සේලාගේ කැපවීම අගය කරමු.

:       2       1

සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 October 2021 01:12 PM

වර්තමාන අදූරදර්ශී අදක්ෂ දේශපාලකයන් බලයට ගෙන ඒමට, නොයෙකුත් ප්‍රෝඩා සිදුකළ අයම අද තමන් කළ පාපයේ තරම අවබෝධ වී, අද මෙසේ කටයුතු කිරීමෙන් පෙනීයනුයේ ඔවුන්ගේ කියුම් කෙරුම් තවත් කුමක් හෝ උප්පරවැට්ටියක් සඳහා නොවේදැයි කියායි.

:       72       35

NMTuesday, 19 October 2021 05:48 AM

දසක 7කට පසු රටක් වසයෙන් ශ්‍රී ලංකාව මේවනවිට මුහුණදෙමින් තිබෙනුයේ ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් රටේ අඳුරුතම මොහොතට වේ. ජනතවගේ හැගීම් අවුස්සා බලයට පැමිණිය හැකි උවත් එය කෙටි කාලින වේ. මේවන විට ජනතවගේ හැගීම් මත දේශපාලනය කරන්නට පක්ෂ සහ විපක්ෂ දේශපාලකයන් ක්‍රියා කරමින් සිටි. වර්තමාන දේශපාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලා රටේ පුරවැසියන්ගේ හැගීම් වලට වඩා බුද්ධියට කතා කල යුතුවේ. ජනතාව දැනුවත් කල යුතුවේ. අලුත් අවංක කණඩායමක් පත්කරගැනීමේ අරමුණින් ක්‍රියා කලයුතුවේ.

:       0       16

ase Monday, 18 October 2021 03:41 PM

මුලු රට වටේම පන්සල්වල මුසාව, රැවටීම, පොරොන්දු , ජතිවාදය, ආගම අවුස්සා සිවුරු පෙරට ගෙන මේ රටට හැමදාම විනාශය ගෙනාවා... ඔබලා... අනේ දැන්වත් දේශපාලනයෙන් ඉවත් වන්න.. පින් සිද්ද වේවි...

:       60       21

ROY FEDRICKS Monday, 18 October 2021 04:05 PM

භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. හිට්ලර් මෙන් මිනී මරන්න උපදෙස් දීම උන්වන්සේලාගේ කාර්යය නොවේ. අන්න අරයට ඡන්දේ දෙන්න කීමද මහ සංඝයාගේ කාර්යය නොවේ. බුදුන් වහන්සේ අනුගමනය කර කෙලෙස් නසා උතුම් වූ නිර්වාණයට පිවිසීම භික්ෂූන්ගේ පරමාර්ථය වියයුතුයි. ගිලනුන්ට සත්කාර කළ බුදුන්ගේ සසුනේ පැවිදි වූ කෙනෙක් හෙදියන් ලවා වැඩ වර්ජනය කරවන්නේ කෙසේද? රජයේ රෝහල්වල ප්‍රතිකාර ගන්නේ කාලකන්නි දේශපාලකයන් නොවේ. අන්ත අසරණ දුප්පත් දුගීන්ය...

:       65       30

Nuwan Monday, 18 October 2021 06:32 PM

වරද පටවන්න ඕනේ 20ත් සම්මත කරගෙන... 2/3 තියාගෙන රටක් කරන්න බැරි දේශපාලුවන්ට...!

:       39       15

nimalMonday, 18 October 2021 10:19 PM

“එක රටක් - එක නීතියක්”‍ නොවේ ලාංකික ද්‍රවිඩ පුරවැසියන්ට ඔවුන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනය කිරීමට හැකිද.

:       64       7

NuwanThursday, 21 October 2021 01:36 PM

තමිල්නාඩුව ඉන්දීය ජාතිකම් ගීය කියන්නේ දෙමළෙන්ද හින්දියෙන්ද ?

:       0       1

NM Tuesday, 19 October 2021 05:59 AM

මේ පැමිණ තිබෙනුයේ අලුත් අදහස් අනුව නව විනිවිද බවෙන් යුත් දේශපාලනයක් රට තුල නිර්මාණය කිරීම සදහා වේ. 70 77 යුගයේ රටතුල සිදුවූ වෙනසට වඩා වෙනසක් ජනතව බල පොරොත්තුවේ. ලෝකය වෙනස් වන ආකාරයට ශ්‍රී ලංකාවද ලෝකය සමග ඉදිරියට ගමන් කලයුතුවේ. ඒ සදහා පරම්පාරික දේශපාලනයේ සිටින්නාවූ කණ්ඩායමක් වෙනුවට බලයට සහ තනතුරු සදහා තන්හා නොවන අලුත් පක්ෂ පාට නොමැති ශ්‍රී ලාංකික කණ්ඩායමකට සැලසුමක් සහිතව නව දිශාවකට රට ගෙන යාමට මාර්ගය විවෘත කරදීම ඔවුන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි. මේසදහා පළපුරුදු උගත් බුද්දිමත් දේශපාලකයන් මෙන්ම පුජ්‍ය පක්ෂයද ජනතවගේ හැගීම්වලට වඩා ජනතවගේ බුද්දියට කතාකලයුතුවේ.

:       0       31

Nuwan Thursday, 21 October 2021 01:24 PM

උපක්‍රමයෙන් බලයට ආපු පවුල් පාලනය මුලින්ම කලේ තමුන්ට දාලා තිබුන අහස උසට තරම් නඩු ටික විසිකරවා ගත්තු එකයි ,පසුව ව්‍යවස්ථා වෙනස් කර පුරවැසිභාවය ලබා ගැනීම් ,චීන ඉන්දීය ඇමරිකන් ගිවිසුම් .එයාලා ගොඩ රට පස් යට

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 200 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 109 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 42 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4005 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12514 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 638 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site