IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


මං හිටපු ජනාධිපතිතුමා එක්කත් කතා කළා වත්මන් ජනාධිපතිතුමා එක්කත් කතා කළා

  30_PAGE_18_M  

 

මෛත්‍රී-මහින්ද සමගි කරවන කපුකම අතට ගත් බව කියන සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමග මේ සාකච්ඡාව එහි ප්‍රගතිය හා එයට අදාළ දේශපාලන කාරණා සම්බන්ධයෙනි.

 

 

● ප්‍රශ්නය- මෛත්‍රී-මහින්ද සමගි කරන කපුකමේ දැන් තත්ත්වය කොහොමද?
පිළිතුර-
මෛත්‍රී-මහින්ද යාළු කරන්න විශේෂ කපුකමක් කරන්න අවශ්‍ය නෑ. ඒ දෙන්නා ගොඩාක් කල් ඉඳලා බොහොම ළඟින් ආශ්‍රය කරපු බොහොම හොඳ මිත්‍රයො. හැබැයි පහුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ඒ කාලේ අපේ පක්ෂයේ ලේකම්තුමා එළියට ගිහිල්ලා පොදු අපේක්ෂකයා ලෙස තරග කරලා එතුමා ජයග්‍රහණය කළා. ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමාම තමයි ඇත්තටම මේ පක්ෂය වත්මන් ජනාධිපතිතුමාට දෙන්න තීන්දු කළේත්. හැබැයි අද පක්ෂයේ මහින්ද-මෛත්‍රී කියන ඒ ප්‍රශ්නය උඩ දෙපිලක් වෙලා තියෙනවා.

 

6
● ප්‍රශ්නය- ඒ කියන්නේ ඔබ නිල වශයෙන් පිළිගන්නවා පක්ෂය දෙකඩ වෙලා කියලා.
පිළිතුර-
පක්ෂයේ දෙපිලක් තියෙනවා. දෙපිලක් හැටියට ඉන්නත් වත්මන් ජනාධිපතිතුමා අපේ පක්ෂයේ කණ්ඩායමකට අවසර දීලත් තියෙනවා. නමුත් ඉතින් ඒක එහෙම දෙපිලක් හැටියට ඉන්න අවසර දුන්නෙත් පක්ෂයේ සමගිය රැක ගන්න ඕනෑකම නිසයි. ඉතින් ඒ නිසාම මෙතෙක් කාලයක් පක්ෂය නොකැඩී නමුත් කණ්ඩායම් දෙකක් හැටියට පාර්ලිමේන්තුව තුළත් රටෙත් හැසිරුණා මත දෙකක් තියාගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම මත දෙකක් තියාගෙන හැසිරුණාට පක්ෂයේ සමගිය රැක ගන්න ඒක බාධාවක් වෙන්නේ නැත්නම් ඒක බාධාවක් නොවෙයි. මොකද ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය පටන් ගත්ත කාලේ ඉඳලම මේ පක්ෂයේ මතවාද කිහිපයක් නියෝජනය කරන පිරිස් හිටියා. දකුණේ, මැද හා වමේ අය මේ පක්ෂය තුළ හිටියා.

 


● ප්‍රශ්නය- නමුත් අද තියෙන්නේ මතවාදී වෙනස්කම් නෙවෙයි, නායකයා පිළිබඳ ප්‍රශ්නයක්?
පිළිතුර-
නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අද ඇත්තටම පක්ෂය තුළ තියෙන්නේ මේ... මේ... වත්මන් ජනාධිපතිතුමා අද පක්ෂයෙ නායකතුමා වුණත් එතුමා පහුගිය ජනාධිපතිවරණයේ දී අපේ පක්ෂය පරාජය කරපු එක්කෙනා. ඒ නිසා අපේ පක්ෂයේ පහළ තලයට තවමත් මේ ජනාධිපතිතුමා පිළිබඳව ප්‍රශ්න තියෙනවා අපිව පරාජය කළා කියලා. හැබැයි අපේ පක්ෂයෙ හිපු ජනාධිපතිතුමාට පුළුවන් නම් අඩියක් පස්සට ගිහින්, ඒ කියන්නේ පක්ෂ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දුන්නා වගේම මේ පක්ෂය ඉදිරියට මෙහෙයවන්න එතුමාට ආශිර්වාදය දෙන්න, අවංකවම එහෙමනම් මේ පක්ෂයට දැවැන්ත ශක්තියක් ගොඩනැගෙනවා. ඒකට හේතුව පසුගිය ජනාධිපතිවරණයේ දී අපෙත් විවිධ හේතු නිසා වෙන්වෙච්ච පිරිස් ඔවුන් ගිහින් එකතු වුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග. ඒ නිසා මේ දෙක එකතු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පක්ෂ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දුන්නා වගේම ඉස්සරහට පක්ෂය කරගෙන යන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආශිර්වාදය දීලා සමගිය ආරක්ෂා කිරීම.

 


● ප්‍රශ්නය- ඒ කියන්නේ අද මහින්ද සමගියට බාධාවක්?
පිළිතුර-
නෑ. එතුමා එහෙම බාධා කරන්නේ නැහැ. එතුමා පක්ෂය කඩන තැනට තාම ඇවිල්ලා නැහැ. නමුත් එතුමා වටා ඉන්න මේ මේ අපේ පක්ෂයේම ඇතැම් පිරිස් පක්ෂය එකටම තියාගන්න උත්සාහ දරද්දි එතුමා සමග එකතු වෙච්ච පක්ෂයේ නොවන පිරිස් ඔවුන්ගේ නඩත්තුව සඳහා දේශපාලන ශක්තිය ඔවුන් තුළ තබා ගැනීම සඳහා ඔවුන් උත්සාහ කරනවා මේ පක්ෂය කඩන්න. ඒක වළක්වන්න තමයි අපි උත්සාහ කරන්නේ.

 

66

 

 


● ප්‍රශ්නය- ඒ කපුකමේ ප්‍රතිඵල කොහොමද?
පිළිතුර-
කපුකමක් නෑ. අපි අදත් නොකඩවාම උත්සාහ කරන්නේ පක්ෂය නොකඩා එකට තියාගන්නයි. මොකද ඒක අත්‍යවශ්‍යයි. අපේ පක්ෂයට මේ රටේ තනි බලයක් ගොඩනගා ගැනීමටත් මේ පක්ෂය ගැනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැනත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය ගැනත් වැඩි අවධානයක් යොමු කරන පිරිස්වලට පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න තියෙන එකම ක්‍රමය මේ සමගිය ආරක්ෂා කර තබා ගැනීමයි. අද වෙනකොට එක පිරිසක් පැහැදිලිව උත්සාහ ගන්නවා පක්ෂය දෙකඩ කරන්න. ඒ අයගේ එක බලාපොරොත්තුවක් තමයි... ඒකෙන් විතරයි ඒ අයට දේශපාලන වශයෙන් කිසියම් ජනතා පදනමක් ගොඩනගා ගන්න වෙන්නේ.

 


● ප්‍රශ්නය- එතැන දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු නැද්ද?
පිළිතුර-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්නවා. හැබැයි ඒ අය හිටියත් ඒ අයගෙන් සියයට 99ක්ම පක්ෂය කඩනවා කියන තැන නැහැ. ඒ නිසා ඔය ඒකාබද්ධ විපක්ෂය කියලා වෙන්වෙච්ච පිරිස අතරත් විශාල ප්‍රශ්න මතුවෙලා තියෙනවා නව පක්ෂයක් හදනවා කියන සටන් පාඨය අරගෙන පිරිසක් ඉස්සරහට යන්න හදන නිසා. මට ඕනෑකම තියෙන්නේ මොනම හේතුවක් නිසාවත් පක්ෂය නොකඩා පක්ෂය එකට තියාගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය එකට තියාගෙන ඒක තවත් ශක්තිමත් කරලා ඉදිරියට එන පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නයි.

 


● ප්‍රශ්නය- මේ ගැන ඔබ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළා ද?
පිළිතුර-
ඔව්? ඔව්? මම ඕක ගැන හිටපු ජනාධිපතිතුමා එක්කත් කතා කළා. වත්මන් ජනාධිපතිතුමා එක්කත් කතා කළා. දෙපැත්තේම ඉන්න පිරිස් එක්ක කතා කළා. අදත් කතා කරමින් ඉන්නවා.

 

2
● ප්‍රශ්නය- එහෙමනම් සමගියට තියෙන බාධාව මොකද්ද කියලා ඔබ හඳුනාගෙන ඇති!
පිළිතුර-
වෙලා තියෙන දේ හිටපු ජනාධිපතිතුමාට සහ එතුමාගේ පවුලේ උදවියට මතුවෙලා තියෙන මේ... මේ... යම් යම් පරීක්ෂණ කටයුතු... පිරිසක් උත්සාහ කරනවා මේක. මේ කටයුතු මෙහෙයවන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා පෙන්වලා මේ පක්ෂය ඈත් කරන්න.

 


● ප්‍රශ්නය- ඒක එහෙම නෙවෙයිද වෙන්නේ?
පිළිතුර-
නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. මොකද මේ රටේ පහුගිය ජනාධිපතිවරණයේ දී මතුකරපු ප්‍රධාන සටන් පාඨ කිහිපයක් තියෙනවා. එකක් තමයි දූෂණය පිටු දැකීම. නාස්තිය පිටු දැකීම. අත්තනෝමතික බලතල අහෝසි කරලා දැමීම සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වැනි කාරණා. ඉතින් ඒ කාරණා උඩ රටේ යම් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒවට අපිත් එක්ක ඉන්න සමහර පිරිස්වලටත් අපිත් එක්ක වැඩ කරන සමහර නිලධාරින්ටත් යම් යම් පරීක්ෂණවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේ කාරණය උඩ මම හිතන්නේ නෑ පක්ෂය දෙකට බෙදන්න, නව පක්ෂයක් හදන්න යාම, අපේ පක්ෂය ගැන රටේ ජනතාවට තියෙන බලාපොරොත්තු සහමුලින්ම විනාශ කරලා දාලා අපි කිසිසේත්ම එකඟ නොවන මත තියෙන පිරිස් අතට මේ රට පත් කරන්න. මේ රට ලබාගත් ජයග්‍රහණ ආපිට හරවන්න අවශ්‍ය පරිසරයක් ඇති කළ යුතුයි කියලා මම කීයටවත් හිතන්නේ නැහැ.

 


● ප්‍රශ්නය- ඒ පරීක්ෂණ නතර කරන්න කියලා මහින්ද පාර්ශ්වයෙන් ඉල්ලීමක් තියෙනවද?
පිළිතුර-
එහෙම යම් යම් කොටස්වල ඉල්ලීම් එහෙම තියෙනවා.

 


ප්‍රශ්නය- කවුද ඒ?
පිළිතුර-
ඔය ඔය පක්ෂය කඩන්න හදන වෙන පක්ෂයක් හදන්න හදන පිරිස්. මේවා නතර වෙන්න ඕනෑ කියන මතයේ ඉන්නවා. හැබැයි ඒ වගේම මේ පරීක්ෂණ ඉක්මන් කරන්න ඕනෑ. පරීක්ෂණවලින් කාට ද දඬුවම් කළේ, ආදී වශයෙන් අනෙක් පැත්තටත් විශාල මතවාදයක් තියෙනවා. ඒ නිසා ඒ පරීක්ෂණ පොලිසිය හා නීතිමය අංශවලට කරගෙන යන්න ඉඩ ඇරලා පක්ෂය සමගිව තියාගෙන පක්ෂය ගැන ජනතාවගේ තියෙන බලාපොරොත්තු විනාශ නොකර ඉස්සරහට යන එක තමයි අපි කළ යුතු දේ කියලා තමයි මගේ අදහස.

 


● ප්‍රශ්නය- මේ පරීක්ෂණ නතර කරන්න නම් මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුයි කියලා මෛත්‍රී පාර්ශ්වයෙන් යෝජනා වුණා නේද?
පිළිතුර-
නෑ. ඒ වගේම ඒ පරීක්ෂණ අපි නතර කරන්නේ කොහොමද? පරීක්ෂණ නතර කරන්න අපි පාවිච්චි කරන ක්‍රමවේදය මොකද්ද? ජනාධිපතිවරයා හැටියට හරි රජය හැටියට හරි අතදාලා යම් යම් ආකාරයෙන් ක්‍රියාකරවන නීතිමය පරීක්ෂණ නතර කරන්න අපි පාවිච්චි කරන ක්‍රමවේදය මොකද්ද?

 


● ප්‍රශ්නය- එෆ්.සී.අයි.ඩී. එක අවශ්‍ය නෑ කියන ස්ථාවරයට ජනාධිපති-මෛත්‍රී ඇවිත් තියෙනවා නේද?
පිළිතුර-
එෆ්.සී.අයි.ඩී. එකේ සමහර කාරණා පිළිබඳව සිද්ධවෙන ඔය පරීක්ෂණ පිළිබඳව ජනාධිපතිතුමාටත් ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අපිටත් යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒවා අපි නිවැරැදි කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න ඕනෑ. හැබැයි ඒක හරහා රටට අපි පණිවිඩයක් අරගෙන ගියොත් දූෂණ, වංචා අක්‍රමිකතා කරපු මිනිසුන්ව අපි රකිනවා කියලා ඒක යහ පාලනයටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් රටේ අනාගතයටත් ඉතාම නරක තත්ත්වයක්. 

 


● ප්‍රශ්නය- ඔබ කිව්වා දිවි නැගුමේ මුදල් වංචාවක් වෙලා නෑ කියලා.
පිළිතුර-
මෙහෙමයි. දිවි නැගුමේ ඔය ණය දීම වගේ දේවල්වල ප්‍රතිපත්තිවල යම් යම් වැරැදි අඩුපාඩු තියෙනවා. හැබැයි මගෙන් අහපු ප්‍රශ්නය යකඩ බට අරගෙන ප්‍රාදේශීය සභාවලට දීපු එක හරහා මූල්‍ය වංචාවක් වෙලා තියෙනවද කියලයි. ඒකේ එහෙම එකක් නැහැ. ඒ බව නිවැරැදි විදියට මිලදී ගෙන තියෙනවා. ඒ වගේම ඒවා ඉතාම නිවැරැදි විදියට ප්‍රාදේශීය සභාවලට භාරදීලත් තියෙනවා. ඒවා විනිවිද ලෙස වෙලා තියෙනවා. එතැන නීතිමය කාරණාවක් වෙලා නැහැ. 

 


● ප්‍රශ්නය- කොහොම වුණත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය සභා සභාපතිවරු නගරාධිපතිවරු මන්ත්‍රීවරු පාරට බැහැලා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා මහින්ද රාජපක්ෂ ඉල්ලනවා.
පිළිතුර-
ඕක දෙපැත්තම කරනවනේ. සමහර අය කියනවා අපි පක්ෂයෙන් යන්නේ නෑ. පක්ෂය කඩනවට අපි විරුද්ධයි. එහෙම කියන පිරිසක් ඉන්නවා. තව පිරිසක් කියනවා නෑ මහින්ද රාජපක්ෂ මැතිතුමා අලුතෙන් පක්ෂයක් හැදුවොත් අපි ඒ පක්ෂයෙන් තරග වදිනවා කියලා. මේකෙත් බලාපොරොත්තු ගණනාවක් තියෙනවා. බරපතළ දූෂණවලට ලක්වෙච්ච ප්‍රාදේශීය නියෝජිතයෝ ඔවුන්ට බයක් තියෙනවා ඊළඟ පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා නොලැබෙයි කියලා. දැනටත් අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙන අල්ලස් ගන්නකොටම අත්අඩංගුවට ගත්ත සමහර අයට නාමයෝජනා නොලැබෙයි කියලා බයක් තියෙනවා. අපරාධවලට සම්බන්ධ වෙච්ච අයට එහෙම බයක් තියෙනවා. එහෙම අයට පක්ෂය නාමයෝජනා දෙන එකක් නැහැ. ඉතින් එහෙම අය තමුන්ගේ ප්‍රශ්න වහගන්න නොයෙකුත් සටන් පාඨ අරගෙන තමන්ගේ නාම යෝජනා ලැබීම් සහතික කරගන්න උත්සාහ කරනවා.

 


● ප්‍රශ්නය- ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂව ● ● ඉල්ලන අය එහෙම අය කියල ද?
පිළිතුර-
බහුතරයක් නොවෙයි. නමුත් මම දැක්කා කළුතර දී අල්ලස් ගන්නකොට පැහැදිලිවම අල්ලගත්ත කෙනෙක් හිටියා. මම දැක්කා පුත්තලමේ දී අර ගුරුවරිය දණ ගස්වපු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා තමයි ඒක මෙහෙයවලා තියෙන්නේ. ගියපාර එයාට පළාත් සභාවට නාමයෝජනා දුන්නේ නැහැ. එයා බොහෝම ජනප්‍රිය කෙනෙක් හැටියට හිටපු එක්කෙනෙක්. හැබැයි එහෙම නාමයෝජනා දුන්නේ නැහැ. සමහර අය ඉන්නවා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තියෙන. ඒ අයට නාමයෝජනා නොලැබෙයි. හැබැයි මම හිතන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ වගේ අයට නාමයෝජනා දෙයි කියලා. ඒ නිසා ඇත්තටම තාමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂය මෙහෙම ගියොත් කැඩෙයි කියලා කිව්වට වෙන පක්ෂයක් හදනවා. මම මේ පක්ෂය කඩනවා කියන ස්ථාවරයේ එතුමා ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

 


● ප්‍රශ්නය- එහෙමනම් කවුද ඉන්නේ?
පිළිතුර-
ඔව් බැසිල් රාජපක්ෂ මැතිතුමා නම් මට පේන්නේ දැන් වෙනම පක්ෂයක් හැදීම සඳහා උත්සාහයක් ගන්න බව පේනවා. “මම දේශපාලනය කරන්නේ නැහැ. මම අයින් වුණා. පහුගිය කාලේ වෙච්ච සේරම වැරැදි මම පිළිගන්නවා.” කියලා කියපු කෙනා එක පාරටම ආපහු මේ එළියට ඇවිත් තියෙන්නේ මොකක් හරි කොන්ත්‍රාත්තුවක් නිසා කියලයි මම නම් විශ්වාස කරන්නේ. 

 


● ප්‍රශ්නය- බැසිල් රාජපක්ෂ ඉෂ්ට කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද?
පිළිතුර-
ඕනෑම කෙනෙකුගේ වෙන්න පුළුවන්. පක්ෂය කඩන්න ඕනෑ අය ඉන්නවනේ ඕනෑ තරම්. අපේ පක්ෂය කැඩීමේ වාසිය ගන්න පුළුවන් අය ඉන්නවනේ. ඉතින් ඒ අයත් එක්ක පොඩි ගනුදෙනුවක් කරලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න එළියට ආවා වගේ එකක් තමයි පේන්නේ. ඒ නිසාම මට පේනවා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අය අතරත් ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාදාමය ගැන.

 


● ප්‍රශ්නය- ඊළඟ පළාත් පාලන මැතිවරණයට මහින්ද නැතිව ගියොත් ශ්‍රී ලංකා එකේ ඉරණම ගැන ඔබේ තක්සේරුව?
පිළිතුර-
මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපි ඕක අනිත් පැත්තට ගමුකෝ. මහින්ද මැතිතුමා ඊළඟ මැතිවරණය මෙහෙයැව්වොත් පහුගිය මහ මැතිවරණයටත් වඩා පල්ලෙහාට යනවා. හැබැයි අපේ පක්ෂයෙ විශාල පිරිසක් එතුමා පැත්තේ ඉන්නවා. ඒ නිසා හැබැයි එතුමා සහ එතුමා ළඟින් හිටපු සමහර අයගේ ක්‍රියාදාමය නිසා අපේ පක්ෂය සන්ධානය හැර ගිය විශාල පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ළඟ ඉන්නවා. ඉතින් මේ දෙක එකතු කරන්න තියෙන පහසු ක්‍රමය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග එකතු වෙච්ච, හංසයාට ඡන්දය දීපු අපෙන් ඈත් වෙච්ච, පසුගිය මහ මැතිවරණයේ දී ඡන්දය නොදී අතහැරපු ඒ පිරිස්වලට ප්‍රධාන විරෝධය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි. ඒ නිසා ඒ පිරිස් එකතු කරන්න අමාරුයි. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක ඉන්න පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පිරිස. ඉතින් ඒ පිරිස මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂය කඩන්නේ නැතිව මේ පක්ෂ එකට තියාගෙන ඉස්සරහට යන්න ඕනෑ කියන මතයේ ඉඳගෙන සහාය දෙනවා නම් මේ පක්ෂයේ සභාපති හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම මේ මැතිවරණය මෙහෙයවන්න එනවා නම් අපි විශාල ජයග්‍රහණයක් ලබනවා. 

 


● ප්‍රශ්නය- පක්ෂය ගැන හිතලා බණ්ඩාරනායක හා ඩී.ඒ. රාජපක්ෂ යූඑන්පියෙන් එළියට නොබැස්සා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් නෑ කියලා රාජපක්ෂ පවුලෙන්ම කියැවෙනවා!
පිළිතුර-
එහෙම තර්කයක් මතු කරන්න පුළුවන්. එදා බණ්ඩාරනායක මහත්තය එළියට බැස්සේ ඇයි? එතුමා එළියට බැස්සෙ අධිරාජ්‍යවාදයට විරුද්ධව. යටත් විජිතවාදයට විරුද්ධව. මේ රටේ දේශීයත්වය පදනම් කරගන්නා නව ජාතික දේශපාලනයක් ගොඩනගන්න ඕනෑ නිසා. ඒනිසා එදා මේ රටේ තිබුණ සියලු වමේ පක්ෂ එතුමා වටා ගොනු වුණා. නමුත් අද මොකටද මේ කඩන්න හදන්නෙ? අද මේ කඩන්න යන්නේ ඒ වගේ කාරණයක් උඩ ද? එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලවා ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් හදන්න ඕනෑ නම් කරන්න තියෙන්නේ පළාත් පාලන ඡන්දෙ විශාල ජයග්‍රහණයක් අපි ගන්න එක. පක්ෂය දෙකඩ කරලා පක්ෂයට අන්ත පරාජයක් අරන් දුන්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මේ රටේ වමේ ව්‍යපාරය විශාල ප්‍රපාතයකට ඇද වැටෙයි. ඒ හරහා රටත් සහමුලින් ප්‍රතිගාමීත්වය පැත්තට ඇදිලා යයි.

 


● ප්‍රශ්නය- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීලා තියෙන්නේ ඡන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ඇවිත් හා ඡන්දෙන් දිනල ඇවිත් ඇමැතිකම් ගත්ත අය කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ.
පිළිතුර-
මෙහෙමයි ලැයිස්තුවෙන් ආව අය බොහොම ටිකයිනේ. නමුත් ඊට වඩා විශාල පිරිසක් ඡන්දෙ දිනලා ආව අය අද මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා තියෙනවනේ. එහෙම එකතු වුණේ මේ ආණ්ඩුවේ නායකයා අපේ පක්ෂයෙ සභාපති. ඉතින් අපේ පක්ෂයේ සභාපතිත් එක්ක අපේ පක්ෂයේ අය එකතු වෙන්නේ නැත්නම් කා එක්කද එකතු වෙන්නේ? අපි හිටපු සභාපති එක්ක ඉන්නද? ඔහු අද පක්ෂයේ අනුශාසක. ඒ අනුශාසකතුමා තමයි ජනාධිපතිතුමාට මේ පක්ෂය බාර දුන්නෙ. වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තියෙන ආණ්ඩුවට අපි එකතු වුණේ යම් යම් අරමුණු කිහිපයක් සඳහා තමයි. අපි දාහත් අවුරුද්දක් විපක්ෂයෙ හිටියා. අපි ඡන්ද 14ක් පැරදුණා. ඒ මැතිනියගේ නායකත්වයෙන්. එක වෙලාවක පක්ෂයෙන් එළියට ගිය ඔය මහින්ද රාජපක්ෂත් ගිහිල්ලා අනුර-මෛත්‍රීපිල හදලා ඒ ගොල්ලො වෙනම වැඩ කළා.

 


● ප්‍රශ්නය- මහින්ද නම් කියන්නේ තමන් නියම ශ්‍රී ලංකා කාරයෙක් කියලයි!
පිළිතුර-
නෑ. එයා ගියා. එයා උපසභාපති. අනුර මෛත්‍රී පිලේ නායකයා මෛත්‍රීපාල සේනානායක. නියෝජ්‍ය නායකයා අනුර. උපසභාපති කව්ද? උපසභාපති මහින්ද. කවුද ඒකෙ ලේකම් බැසිල් රාජපක්ෂ. ඇයි ගියේ නැහැ කියන්නේ? ගියා විතරක් නොවෙයි ඒ ගොල්ලෝ ආපහු පක්ෂයට ආවේ රුපියල් 2ක් දීලා සාමාජිකත්වයත් අරගෙනයි. හැබැයි එයාලා ගිහිල්ලා වෙන පක්ෂයක් හැදුවේ නැහැ. හැබැයි එයාලා ජේ.ආර්. ජයවර්ධනගේ උදව් උපකාර ඇතිව මැතිනිය එළවලා පක්ෂ කාර්යාලයත් අල්ලා ගත්තා. මැතිනිය ඒ සේරොම පක්ෂයෙන් ඉවත් කළා. පක්ෂය ඒ අය කැඩුවා. හැබැයි එතැන ඉඳලත් අපේ පක්ෂය පැරදුණා. එදා මැතිනියව රැක්ක චන්ද්‍රිකා මැතිනිය, විජය කුමාරතුංග, ටී.බී. ඉලංගරත්න මේ අයත් එළියට බැස්සා. හැබැයි පාක්ෂිකයෝ ඔය හැම වෙලාවෙම හිටියේ මැතිනිය එක්ක. ඒ වෙලාවේ තමයි අපි පිරිසක් එකතු වෙලා චන්ද්‍රිකා මැතිනිය පක්ෂයට අරගෙන මැතිනිය එක්ක සම්බන්ධ කරලා එතුමිය හරහා වමේ අනෙකුත් පක්ෂත් එකතු කරගෙන අපි 94 දි බලය ගන්නේ. අදත් මේ පක්ෂයට නැවත මේ රටේ බලය ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි. හිටපු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ වත්මන් ජනාධිපතිතුමා පක්ෂයට නායකත්වය දීම.

 


● ප්‍රශ්නය- ඔබ මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය ගැන දිගටම කතා කළා. ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?
පිළිතුර-
පක්ෂය කඩන්නේ නැතිව පක්ෂයට උදව් කිරීමයි. මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙකට කඩලා කණ්ඩායම් දෙකක් හැටියට ඉදිරිපත් වුණොත් අපි මුළු රටෙන්ම පරදින එකනේ. ඉතින් ඒක නිසා ඒක කරන්නේ නැතිව අපි බහුතර ජයග්‍රහණය ගත්තොත් ඒක තමයි පක්ෂයට තනි බලයක් ලබා ගැනීමට ඇති එකම දේ. ඒකට තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා උදව් කළ යුත්තේ.

mm



අදහස් (0)

මං හිටපු ජනාධිපතිතුමා එක්කත් කතා කළා වත්මන් ජනාධිපතිතුමා එක්කත් කතා කළා

සරත් Friday, 05 February 2016 01:12 PM

මහින්ද මොන පක්ෂයෙන් ආවත් මගේ චන්දය එතුමාට. (හේ)

:       0       0

සරත් Friday, 05 February 2016 01:12 PM

මහින්ද මොන පක්ෂයෙන් ආවත් මගේ ඡන්දය එතුමාට. එහෙම නැත්නම් ඡන්දෙ කටුගලා බල්ලට දානවා.. (හේ)

:       0       0

කුමාර Monday, 01 February 2016 05:05 PM

අදහසක් දාන්න හිතෙන්නේ නැහැ මට (නි)

:       0       0

කුෂාන් Tuesday, 09 February 2016 07:50 PM

ඔහොම යමුකෝ (නි)

:       0       0

මහින්ද සෞදි Monday, 01 February 2016 05:41 PM

හිටපු ජනපතිතුමනි, මඩු වලිගයක් එවන්නද? දැන් ඉතින් ඒකනේ ජනප්‍රියම (නි)

:       0       0

සචිත් Tuesday, 02 February 2016 09:06 AM

මෙය ඉතින් එදා ඉදලම කරේ දෙපැත්තේම කකුල තියන මෙය ගොඩ ගියපු එකනේ. (ර)

:       0       0

මහින්ද සෞදි Monday, 01 February 2016 12:47 PM

පිනට ඇවිල්ලා තවත් ඉන්නමයි අදහස. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 01 February 2016 01:19 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු ඔබල වැනි අය ආණ්ඩුවට අරන් ඇමෙතිකමක් දෙනකොට අපේ තිබුන යහපාලන අපේක්ෂා විනාශ විය. (ර)

:       0       0

රජු Monday, 01 February 2016 01:52 PM

ඡන්දෙ දෙන්නෙ අපිනෙ. එතකොට බලමු. (ර)

:       0       0

අබය Wednesday, 03 February 2016 09:18 PM

උඩුනුවර ජනතාව මේ සැරේ ඔබතුමාට ජනතා බලවේගය යනු කුමක්දැයි පෙන්වූ නිසා විවේක සුවයෙන් කල්ගෙව්වොත් එය රටටත් ජනතාවටත් කරන යහපත් ක්‍රියාවක් වේවි. (නි)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Tuesday, 02 February 2016 02:28 PM

මෙතුමා ඡන්දෙ පරාදයි නේද. (බ)

:       0       0

ඩිලාන් Sunday, 07 February 2016 01:05 AM

අපි කා කොටා ගන්නකොට කාටද හොඳ කියලා කාටත් තේරෙනවා. රටට ආදරේ නම් විදේශික බලපෑම් වලට යටනොවෙන විදියට වැඩකළොත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 562 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 73 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 93 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 321 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 214 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site