IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මැකෝගෙන් කැරැල්ලක්

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි කලකිරීමකට පත්ව තිබේ. මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් කොමිසමට වගකීමක් නැතත් ඇතැම් දේශපාලනඥයන් හා ජනතාව ඒ සම්බන්ධයෙන් කොමිසමට චෝදනා කරන බවත් එම චෝදනා පමණ ඉක්මවා සිදුවන විට තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අදහස වී තිබේ. එම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ බලතල උපරිම අයුරින් භාවිත කරමින් කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි නීතිමය වටපිටාවක් සකස් කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බවක් පෙනේ.

මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉකුත් අඟහරුවාදා පස්වරුවේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන් දිගින් දිගටම කියා සිටියේ මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. ඒ අතර ආණ්ඩුව නියෝජනය කරන එක්තරා දේශපාලනඥයෙක් මැතිවරණ කොමිසමට අනතුරු අඟවන ආකාරයේ පැහැදිලි කිරීමක්ද කර තිබේ. මැතිවරණ කොමිසමට යම් බලසීමාවක් ලබාදී තිබෙනවා. ඒ බලසීමාවට වඩා යන එක එතරම් හොඳ නැහැ. එහෙම වුණොත් ප්‍රශ්න මතුවෙනවා යැයි එම ආණ්ඩු පක්ෂ දේශපාලනඥයා කාරණා කියද්දී සාකච්ඡාවේ සිටි අනෙකුත් පක්ෂවල නියෝජිතයෝද විරෝධය දක්වමින් අදහස් පළකරන්නට වූහ. ආණ්ඩුවේ දේශපාලනඥයාගේ කරුණුකීම හමුවේ සභාපති මහින්ද දේශප්‍රියට තරමක් කේන්ති ගොස් තිබිණ. ඔහු ආණ්ඩුවේ දේශපාලනඥයාගේ අදහසට එකඟ වූයේ නැත. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ප්‍රමාදවීමේ ගැටලු මතුවූ අවස්ථාවේදීද මැතිවරණ කොමිසම උපරිම බලය යොදමින් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසාගත් බවද එහිදී දේශප්‍රිය සිහිපත් කළේය. කෙසේ හෝ අවසානයේදී සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව පොදු එකඟතාවකට පැමිණීමට බහුතරයකට හැකිවිය. ඒ අනුව එම සාකච්ඡාවේදී තීන්දුවූ පරිදි ඉතාම ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම හා ඒ සම්බන්ධයෙන් පසුබිම සකස්කර ගැනීම, පාර්ලිමේන්තුව මගින් නීති සංශෝධනය කිරීම ආදී කරුණු ඇතුළත් කොට ලිපියක් සකස් කිරීමටත් එම ලිපිය සියලුම දේශපාලන පක්ෂවලට යැවීමටත් මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ. එලෙස සකස් කරන ලිපියට දේශපාලන පක්ෂවල මහ ලේකම්වරුන් මට්ටමේ ඉහළ නිලධාරීන්ගේ අත්සන් ලබාගැනීමටත් නියමිතය. මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ එම ලිපිය ඉතාම ඉක්මනින් දේශපාලන පක්ෂ වෙත ලැබෙනු ඇති බවය.

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඊට කැබිනට් අනුමැතිය 

ලබාගැනීමට කිහිපවරක්ම උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය. ඇමති අකිල විරාජ් කාරියවසම් මීට ඉහතදී ටැබ් පරිගණක ලබාදීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් එතරම් ප්‍රසාදයක් පළ වූයේ නැත. ජනාධිපතිවරයාද ඊට විරෝධය දැක්වීම නිසා ඇමති අකිල විරාජ් කාරියවසම්ට එම යෝජනාව හකුළා ගැනීමට සිදුවුවද ඔහු පසුබැස්සේ නැත. ඉකුත්දා ගාල්ලේ පැවැති උත්සවයකදී ඇමතිවරයා කීවේ ‘මම පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. නැවතත් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ලබන සතියේ කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලබාදේවි’ යැයි අකිල විරාජ් කාරියවසම් විශ්වාසය පළකළද එය ඉටුවූයේ නැත. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ‘මෙතැන ප්‍රශ්න තියෙනවා. ඇතැම් සිසුන් මේවා නරක විදියට භාවිත කරන්නත් පුළුවන්. පාසැල් සිසුන්ට ටැබ් පරිගණක දෙන්න වසරකට මිලියන පන්දහසක් පමණ වැයවෙනවා. ඒ ගැනත් හිතන්න වෙනවා.’ යැයි ජනාධිපතිවරයා කීවේය. ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන්ද ඒ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දක්නට තිබුණේද නැත. ‘මේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙසවත් ඉදිරියට පවත්වමු’ යැයි කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කෙරුණද ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැණුනේ නැත. කැබිනට් රැස්වීම නිමාවූ පසුව ශ්‍රීලනිප ඇමතිවරයෙක් තවත් එජාප ඇමතිවරුන් කිහිපදෙනෙකු සමඟ ඒ ගැන යමක් කීවේය.

‘ටැබ් දෙන්න එක්සත් ජාතික පක්ෂයට විශාල උනන්දුවක් තියෙනවා. හැබැයි කලින් සැරේ වගේම මෙවරත් අකිලගෙ ටැබ් වැඬේ බකස් වුණා’ යැයි ශ්‍රීලනිප ඇමතිවරයා කීවේය.

සතිය මැද පොසොන් පොහොය යෙදීම නිසා බොහෝ මැති ඇමතිවරු දින කිහිපයක්ම කොළඹ නොසිටියහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් අනෙකුත් දේශපාලනඥයනුත් සිය ගම්වලට ගොස් ආගමික වතාවත්වල නිරතවූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණද හිටපු ජනාධිපතිවරයාට හම්බන්තොට යෑමට තිබූ හෙයින් එය කල් දමන්නට සිදුවූයේය.

ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ කණ්ඩායම පිළිගැනීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මැලිකමක් දක්වන්නේ යැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. දහසයේ කණ්ඩායම ඉකුත් දිනවල දේශපාලන පක්ෂවල නායකයන් හමුවීමට ගිය අතර ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබිණ. විශේෂයෙන් විමල් වීරවංශගේ අදහසවී ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කර ගතයුතු බවය. ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව හැරදමා විපක්ෂයට එන ඕනෑම මැති ඇමතිවරයෙක් සාදරයෙන් පිළිගන්න අපි සූදානම්’ යැයි විමල් වීරවංශ සඳහන් කර තිබිණ. කෙසේ වෙතත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල එවැනි මතයක් දැරුවද දහසයදෙනාගේ දේශපාලන ඉරණම රැඳී ඇත්තේ රාජපක්ෂ කඳවුරේ ජ්‍යෙෂ්ඨයන් අත වීම විශේෂත්වයක් බවත් ඔවුන්ට බැසිල් සහ ගෝඨා හමු නොවී ඵලක් නොවන බවද දැනටත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණ. කරුණු එසේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ පස්වරුවේ දහසය දෙනාගේ කණ්ඩායම ගොස් බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හමුවූ බවය.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශවය දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බවද වාර්තා විය.

ඒ ඒ අමාත්‍යාංශවලින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති බොහෝ කල්යන බවට කැබිනට් ඇමතිවරුන් පිරිසක් ඉකුත්දා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පැමිණිලි කළහ. “ව්‍යාපෘති බොහොමයක් ආරම්භ කරන්න බැරිවෙලා. සමහර ව්‍යාපෘති වසර දෙකක් යන තෙක් තවම ආරම්භ කරන්න බැරිවෙලා.” යැයි ඇමතිවරු කළ පැමිණිලි සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඊට වහා ප්‍රතිචාර දැක්වීය. ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පත්කර තිබෙන අතර මෙතෙක් ආරම්භ කිරීමට නොහැකිව තිබෙන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ බලය එම කමිටුවට පැවරී තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථ සාධක අරමුදලේ මුදල් ප්‍රමාණයක් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම හරහා බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ටය. “මේ අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිත කරන්න ඉහළින් නියෝගයක් ලැබී තිබෙනවා. එහෙම නැතිව මෙවැනි තීන්දුවක් ගන්න බැහැ. මේකට කාගේ හෝ ඉහළ බලපෑමක් තියෙනවා. කවුද ඒ ඇමති කියලා සොයන්න ඕනේ” යැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ දිගින් දිගටම චෝදනා එල්ල කරති. එහෙත් එම චෝදනා කබීර් හෂීම් ප්‍රතික්ෂේප කරයි. සිවිල් සංවිධානවල ඇතැමුන් යහපාලන රජය යටතේ ලැබී ඇති නිදහස භාවිත කරමින් කිසිදු පදනමකින් තොරව පුද්ගලයන්ට චෝදනා එල්ල කරනවා. මටත් දැන් අලුත් චෝදනාවක් එල්ල කරලා. මේවා ඉතා ද්වේශ සහගත සහ පදනම් විරහිත චෝදනා. සිවිල් සමාජවල ඉන්න අයට මතක් කරන්න ඕන යහපාලන ආණ්ඩුවට කලින් සිවිල් සංවිධාන කියන විලේ වතුර හිඳිලයි තිබුණේ හැබැයි අද ඒ අයට කතාකරන්න අයිතියක් ලැබී තිබෙනවා. මම උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේ දින සියය කාලයේදී පමණයි යැයිද කබීර් හෂීම් කියයි.

පසුගිය 26 වැනි දින නීති විද්‍යාලයේ සිසුන් 250ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයන කටයුත්තක් වෙනුවෙනි. ඒ අනුව ඔවුන්ගේ පස්වරු 2-4 කාලය වෙන් වී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳ දේශපාලන පක්ෂවල අදහස් දැන ගැනීමටය. ඒ මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 වෙන් වී තිබිණි. කෙසේ වුවද නියමිත වේලාවේ එහි පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පමණි. සෙසු දේශපාලන පක්ෂ මෙම අවස්ථාව මඟහැරීම පිළිබඳව සිසුන්ගේ නොසතුට පළ වූ අතර විජිත හේරත් මන්ත්‍රීවරයා එම අවස්ථාව පාවිච්චි කරගත්තේ නීති ශිෂ්‍යයන්ට 20 පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කරමින් ඔවුන්ගෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නවලටද සාර්ථකව පිළිතුරු දෙමිනි.      

ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 22 වැනි දා සිට ග්‍රීසියේ හා එක්සත් රාජධානියේ වැඩකටයුතු ගණනාවකට සම්බන්ධ වී සිටියි. පසුගිය 23 වැනි දින ඇතැන්ස්හි දී එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සමුළුවකට සහභාගි වූ ඔහු 24 වැනි දින ග්‍රීසියේ එතෙර අපි සංවිධානය පිහිටුවීමේ සමුළුව සඳහාද එක්විය. මේ සඳහා ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෙකු ද එක්ව සිටීම විශේෂත්වයක් විය. මේ අතර ඉදිරි දිනවලදී ජවිපෙ නායකයා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයන් හමුවීමට ද ජවිපෙ කමිටුව මුණගැසීමට ද නියමිතය.     

පසුගියදා ජවිපෙ දේශපාලන මණ්ඩලයේදී කතාබහට ලක්වූ ප්‍රධාන කරුණුවලින් එකක් වූයේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබන ලද ගිවිසුමයි. මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙම ගිවිසුමේ භයානකකම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව කියා සිටියේය. “මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් විතරක් තියල මදි. අපි රට ඇතුළෙ පුළුල් කතාබහක් හදන්න ඕනෑ.” ඔහු කීවේය. “මේ ගිවිසුම අවදානමක් වගේම අවුලක්. ගිවිසුමත් විශාල පොතක්. සාමාන්‍ය ජනතාවට හදාරන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ගැන වැඩිපුර කතා කරන්න සම්මන්ත්‍රණයක් කරමු.” ප්‍රචාරක ලේකම් විජිත හේරත් යෝජනා කළේය. ඒ අනුව 28 වැනිදා කොළඹ ජාතික පුස්තකාලයේදී ‘ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස’ මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට තීරණය කෙරිණි.

හවුල් ආණ්ඩුව අලුතින් රජයේ සේවය සඳහා බඳවා ගන්නා පිරිස්වලට එතෙක් පැවති විශ්‍රාම වැටුප අහෝසි කිරීමට තීරණ කර තිබූ අතර ඔවුන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටවනු ලබන බව කියා තිබිණි. “දැන් ආණ්ඩුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කපලා සද්දයක් නැතුව යනවා. මහ ලොකුවට හදනවා කියපු විශ්‍රාම වැටුප් අරමුදල ගැනත් කතාවක් නැහැ. මේකෙන් වෙන්නෙ රාජ්‍ය සේවකයන්ට අනාගතේ විශ්‍රාම වැටුපක් නැතිවෙන එක. මේකට විරුද්ධව අපි පක්ෂයක් විදිහට මැදිහත් වෙන්න ඕනෑ.” මේ පිළිබඳව අදහස් දැක්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කීය. මෙම අදහසට සියලු දෙනාගේ එකඟත්වය පළ වූ අතර ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරීම ලාල්කාන්ත වෙත පැවරිණි.

මූල්‍ය අර්බුදයක ගිලී සිටින වත්මන් ආණ්ඩුව රාජ්‍ය දේපළ, රාජ්‍ය ආයතන විකුණමින්, බදු දෙමින් මුදල් සොයා ගැනීමට උත්සාහ දරමින් සිටී. මෙහි අලුත්ම පියවර වී ඇත්තේ රාජ්‍ය බැංකුවලින් 10%ක කොටස් අයිතියක් විකුණා දැමීම පිළිබඳව සලකා බලමින් සිටීමය. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ, ලංකා බැංකු සේවක සංගමය සමග ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සාකච්ඡාවක් කරන ලද අතර සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඊට සහභාගි වූහ. මෙහිදී බැංකු සේවක සංගමය පෙන්වා දුන්නේ ඔවුන් බැංකු පෞද්ගලීකරණය, ඊපීඑෆ්/ඊටීඑෆ් කොල්ලය ඇතුළු කරුණු ගණනාවක් ගැන එළඹෙන 04 වැනිදා සම්මන්ත්‍රණයක් කරන බවය. එසේම ඊට ජවිපෙට ද ආරාධනා කරන බව ඔවුහු කීහ. “ඔබලා විසින් සංවිධානය කරන සම්මන්ත්‍රණයේ මාතෘකා සියල්ලටම අපේ එකඟත්වය තිබෙනවා. ආරාධනා කිරීම ගැන ස්තූතියි. මේ ගැටලු ඔබට හෝ අපට හුදෙකලාව බලපාන දේවල් නෙමෙයි. රටට බලපාන දේවල්. මේ ගැටලුවලට එරෙහිව ඒකාබද්ධ සටනක් කරන්න ඕනෑ.” හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය.

20 වැනි සංශෝධනය එළිදැකීමට පෙර ඊට එරෙහිව රට කඩන රට බෙදන බිල්ලන් මැවීමට කටයුතු කළ ඇතැම්හු එය ජනතාව අතරට පැමිණීමත් සමග නිහඬව සැඟවී සිටිති. “දැක්කෙවත් නැති 20 කෙටුම්පත ගැන සමහරුන්ට ගොඩක් දේවල් කියන්න තිබුණා. බිල්ලො මැව්වා. ඒත් දැන් ඇත්ත බිල්ලො හැංගිලා සද්දයක් නෑ.” සුනිල් හඳුන්නෙත්ති දේශපාලන මණ්ඩලයේදී කියා සිටියේය. “දැන් 20ට විරුද්ධ අයට කියන්න දෙයක් නැහැ. ඒත් මේ කෙටුම්පත ජනතාව අතරට ගෙනියන කටයුත්ත නතර කරන්න හොඳ නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වෙන එකේ වාසිය ජනතාවටයි.” ජවිපෙ දේශපාලන මණ්ඩලයේදී මේ පිළිබඳව අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. “ අන්තිමට මේ ප්‍රශ්නෙ බේරගන්න වෙන්න ජනතාවට. අපි මේ ගැන කරුණු පැහැදිලි කරන පත්‍රිකාවක් ඉක්මනටම රටට බෙදමු.” විජිත හේරත් යෝජනා කළ අතර සියලු දෙනා ඊට එඟකත්වය පළ කළ අතර ඒ අනුව එළඹෙන 02 වැනිදා බෙදීමට තීරණය විය.   

අලුත් ආසන සම්මන්ත්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත් මැතිවරණය කල්දමා තිබෙන උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් තුනේ සහ ඉදිරියේදී නිලකාලය ඉකුත්වන වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත්වලත් මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීමට නියමිතය. එම සම්මන්ත්‍රණ මාලාව ගැන හා එහි මෙහෙයුම් සැලසුම් පිළිබඳව පූර්ව සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්විණි. බැසිල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැති අතර එම පළාත් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මැති ඇමැතිවරු පිරිසක් ද සහභාගි වී සිටියහ.

එහිදී බැසිල් රාජපක්‍ෂ කිීවේ “ආණ්ඩුව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණය කල් දමමින් සිටිනවා. මේක මහජන අරගලයක් ලෙස පවත්වන සම්මන්ත්‍රණ මාලාවක්” යැයි බැසිල් රාජපක්‍ෂ පැහැදිලි කළේය. ආසන මට්ටමෙන් සිදුකෙරෙන සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ මාලාවක් ද රටපුරා මෙහෙයවීමට ද එහිදී සාකච්ඡා කෙරිණ.

ඒ අනුව යෝජිත ආසන සම්මන්ත්‍රණ මාලාව ලබන ජූලි මාසයේ සති අන්ත දිනවල පැවැත්වීට ද එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කෙරිණ.  



අදහස් (3)

මැකෝගෙන් කැරැල්ලක්

dickie bird Saturday, 30 June 2018 03:05 PM

මැකෝ කියන්නේ සුනන්ද දේශප්‍රියගේ සහෝදරයා නේ. ඉතින් ඔය කැරැල්ල ගැන මොනවා කියන්නද?

:       1       24

kalpa Sunday, 01 July 2018 03:15 AM

ඡන්ද නාම ලේඛණයේ ගෘහමූලිකයාගේ නම මුලින් සිටිනසේ ලැයිස්තුව සකස්කල නොහැකි කෙනෙකු ගැන කුමන කතාද??

:       0       14

සාගර Saturday, 07 July 2018 02:14 PM

කාගේ සහෝදරයා වුනත් කෙලින් රටට වැඩ කරන නිලධාරියෙක් තමා මහින්ද දේශප්ප්‍රිය කියන්නේ. ගිහිල්ලා බලන්න එතැනින් පල්ලෙහාට ඉන්න නිලධාරීන් ගේ හැකියාවන් ගැන. ඒ නිසයි මේ තරම් දෝෂ මැතිවරණ කොමිසම හරහා සිදුවෙන්නේ. මහින්ද කියන්නේ නායකයෙක් විතරයි. එයාට පුළුවන් උපදෙස් දෙන එක විතරයි. මුළු රාජ්‍ය සේවයම පිරිහිලා. සල්ලි හොයන මත්තෙම මැරෙනවා. රාජකාරී වෙලාවේදී උපරිමයෙන් වැඩ කරන්නේ නෑ. තමන්ගේ ගෙදර ප්‍රශ්න වලින් නිදහසක් ලබා ගන්න තමා කාර්යාලයට එන්නේ... වැඩ කරන කෙනෙකුට වැඩ කරන්න දෙන්නේ නෑ. සමහරු වැඩකරනවා කියලා කරන්නේ මහජන මුදල් නාස්ති කරන එක. මේ ගැන මතවාද ඇතිවෙලා ඒවාට විසඳුම් ලැබෙන්න ඕනෑ. තොරතුරු පනත මගින් ගොඩක් ප්‍රයෝජන ගත හැකියි. නමුත් තාම මිනිස්සු එයට ඉදිරිපත් වීමට බයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 139 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 172 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 128 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 180 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1727 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 788 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25451 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site