ඩිෆෙන්ඩර් රථයකින් ගොස් පුද්ගලයකු පැහැර ගත් බව කියන සිද්ධියට කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ නම කියැවේ. මේ වන විට ඇයගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හය දෙනකු රිමාන්ඞ් බන්ධනාගාර කරගෙන ඇත.
මේ පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳව ඇයගෙන් විමසුවෙමි.
ඇත්තටම එහෙම සිදුවීමක් වුණේ නැහැ. සඳුදා මගේ මහජන දිනය. ඒ දිනයට මිනිස්සු 100 ක් 200 ක් මගේ කොළොන්නාව කාර්යාලයට එනවා. පාර්ලිමේන්තු සැසිවාරය ඉවරවෙලා නැවත මහජන දිනය පටන් ගත්ත පළමුවැනි දවස. උදේ ඉඳලා මහජනතාවගෙ ප‍්‍රශ්න කතා කළා. ප.ව. 2.00ට කොළඹ නගර සභාවෙ 150 වැනි සංවත්සරයට සහභාගි වෙන්න නියමිතව තිබුණා. මට හරියටම 2.00 ට යන්න බැරි වුණා. මහජන දිනයට ආපු ජනතාව හිටියා. මම මගේ යාළුවෙකුගෙ වාහනයකින් නගර සභාවෙ උත්සවයට ගියා. මගේ සැමියා වාහනය පැදවූවා. ඇමැති ආරක්ෂක අංශයේ කෙනෙක් හිටියා. මගේ පෞද්ගලික ආරක්ෂකයෙකුත් හිටියා. මගේ පෞද්ගලික නමට ඩිෆෙන්ඩර් රථයක් තියෙනවා. ඒක කාර්යාලය අසල නතර කරලා තිබුණේ. ඒක අරගෙන දින කීපයක්. නගර සභා රැුස්වීමේ පැය කීපයක් හිටියා. ජනාධිපතිතුමත් හිටිය. තවත් මන්ත‍්‍රීවරුනුත් හිටියා. අපි කතා කර සිටියා. මම පිටත් වෙනකොට සවස 4.30ට 5.00 විතර වෙන්න ඇති. මම පිටත් වෙන විටම පොලිස් නිලධාරියෙක් කතා කරල මගේ වාහනය මගේ නමින් ලියාපදිංචි එකක්ද කියලා ඇහුවා. මම ඔව් කිව්වා.
ඇහුවා. මගේ වාහනයෙන් ගිහිල්ලා පැහැර ගැනීමක් වෙලා තිබෙන බව කිව්වා. මම පුදුම වුණා.
ඒ වෙලාවෙම කතා කළා. ඒ අය කිව්වා පැහැර ගැනීමක් දන්නෙ නැහැ. මාව හම්බවෙන්න කට්ටියක් ඇවිත් ඉන්න බව කිව්වා.
මම ඒකත් ඇහුවා. කාර්යාලයෙ වාහනය තිබෙන බව කිව්වා.
මම ඉක්මනින් කාර්යාලයට ගියා. වැඩි සෙනඟක් හිටියෙ නැහැ. මාව හමුවෙන්න ආව අය මම පරක්කු නිසා ගිහිල්ලා. මගේ කාර්යාලයේ කාන්තාවක්, නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳපු කෙනෙක්. තවත් පිරිමියෙක් හා දරුවන් දෙදෙනෙකුත් හිටියා.
එක් අයෙක් දන්නවා. මගේ ඡුන්ද දායකයෙක්. ඔහු පිටකොටුවෙ පදික වෙළෙන්දෙක්. මගේ ඡුන්දයට උදව් කළ කෙනෙක්. මම ඇහුව අර මොකක්ද ප‍්‍රශ්නයක් කිව්වෙ. ඒ ඔය අයද කියලා මම ඇහුවා. ඒ අය ඔව් කිව්වා.
ඇහුවා. මම ඇහුවා මගේ වාහනය අරගෙන ගිහිල්ලා ප‍්‍රශ්නයක් කර ගත්තද කියලා. මම කාර්යාලයෙ නැති වෙලාවෙ පදික වෙළඳාම් කරන මගේ පාක්ෂිකයා දරුවො දෙන්නත් එක්ක අඬා ගෙන මගේ කාර්යාලයට ඇවිත් තියෙනවා මාව සොයාගෙන. ඔහු ඡන්දයට මට වැඩ කළ අයෙක් නිසා කාර්යාලයෙ හැමෝම දන්නවා. ඔහු මට බැහැල වැඩ කළ කෙනෙක්. කාර්යාලයෙ මගේ ඥාතීන් කීපදෙනෙකුත් ඉන්නවා. අර ඡන්දදායකයගෙ බිරිඳ කවුදෝ පැහැරගෙන ගිහිල්ලලූ. දුව ඔහු දැක්කලූ. සැමියා ගෙදර ඉඳල නැහැ.
නැහැ. පැහැර ගැනීම ගැන පොලිසියට පැමිණිලි කරලත් තියෙනවා. මේ දැරිය අර පැහැරගෙන ගිය පුද්ගලයා හඳුනන නිසාත් ඔහු වැඩ කරන තැන දන්න බව කී නිසාත් මගේ කාර්යාලයෙ පිරිසක් ඔහු එක්ක එන්න මගේ රථයෙන් ගිහිල්ලා තියෙනවා.
පොලිසියට ගිහිල්ලා තියෙනවා. පොලීසියෙන් කියල තියෙන්නෙ ‘‘උඹේ ගෑනි තියා ගන්න උඹ දැන ගන්න එපාද’’ කියලයි. පොලීසිය ගැන විශ්වාසය බිඳ වැටිලා. මගේ අය කරපු මෝඩ වැඬේ අර මනුස්සයවත් දාගෙන බිරිඳ පැහැර ගත්ත කියන පුද්ගලයා සොයා ගිහිල්ලා.
දෙමටගොඩ කඬේකට.
නැහැ. ඔහු එළියට කතා කර ගෙන ඇවිත්. අර දැරිය ඔහු පෙන්වනවා සී.සී.ටී.වී. කැමරාවෙ පැහැදිලිව පෙන්වනවා. කතා කරන ඒවත් කැමරාවෙන් පෙන්නුවා. මේක ගොඩින් බේර ගන්න මැඩම් එන්න කිව්වා කියලා මගේ අය කියලා.
මම දන්නෙවත් නැහැ. මම එන්න කිව්වා කිව්වම එන නිසා එහෙම කියලා තියෙනවා. නමුත් ඔහු එන්න අදි මදි කළාම කොළරයෙන් අල්ලගෙන ඩිෆෙන්ඩරයට දාගෙන ඇවිත් තියෙනවා. ඒ වන විට මම ඇවිල්ල හිටියෙ නැහැ.
නැහැ කිසිම කැළලක්වත් නැහැ. ගහලත් නැහැ. කොලර් එකෙන් ඇල්ලූවම ටී ෂර්ට් එක ටිකක් ඉරිලා තියෙනවා. සීරීමක්වත් නැහැ. ගහලත් නැහැ. මම පරක්කු නිසා ඔහුට කියලා තියෙනවා අර කාන්තාවත් අරගෙන ආපහු එන්න කියලා. ත‍්‍රීවිලරයකට සල්ලි දිලත් තියෙනවා.
එහෙම උණා නම් කාන්තාව එක්ක එන්න කියල යවපු වෙලාවෙ පොලීසියට යන්න තිබුණනේ. නැතිනම් රෝහලට යන්න තිබුණනේ. එයා පැය 1/2 ක් යනකොට වෙන ටී ෂර්ට් එකක් මාරු කරගෙන අර කාන්තාවත් එක්ක ඇවිත් තියෙනවා. සී.සී.ටී.වී. කැමරාවල ඔහු රතු ටී ෂර්ට් එකක් ඇඳල හිටියෙ. මම දකින විට කොළ පාට ටී ෂර්ට් එකක් ඇඳල හිටියෙ.
නැහැ. මම ඔවුන් එකක් කතා කළා. කාන්තාවගෙන් මෙහෙම කරන්න හේතුව ඇහුවා. මම පවුලක් එකතු කළා. දරුවො දෙන්න හොඳටම ඇඬුවා. පවුල් ප‍්‍රශ්නයක් දුරදිග යන්න අවශ්‍ය නැහැනේ. සුළුවෙන් විසඳගන්න පුළුවන් දෙයක්. මෙම කාන්තාව අනියම් සබඳතාවක් පවත්වලා තිබුණා. පැහැර ගෙන ගිහිල්ලා නෙවෙයි. කැමැත්තෙන් ගිහිල්ලා තියෙන්නෙ. නමුත් ඇයට මේ පුද්ගලයගෙ වෙනස් හැසිරීමක් නිසා ගියාට පස්සෙ ආපහු එන්න අවශ්‍ය වෙලා. ඇයට දරුවන් ගැන දුක හිතිලා. එතැනදී කැමැත්තෙන් ගියත් පසුව බලහත්කාර කමක් වෙනවා.
මම බැන්න හොඳට ඉන්න පවුලක් නිකරුණේ කඩාගන්න හදනව කියලා දොස් කිව්වා.
මේක පවුල් ප‍්‍රශ්නයක්. මගේ කාර්යාලයට එන විට මේක ලොකු සිදුවීමක් වෙලා. මගේ වාහනය සම්බන්ධ කරගෙන මගේ කාර්යාලයෙ අය සම්බන්ධ වෙලා.
එහෙම නම් මම වෙඩි තියන්න හැදුව කියලත් කියන්න පුළුවන්. මම පිහියක් දික් කළා කියලත් කියන්න පුළුවන්. ඒ හැම එකම සත්‍ය වෙන්න බැහැ. සාක්ෂි සටහන් කෙරෙන කොට තමයි ඒව බලන්න වෙන්නෙ. මම යුක්තිය වෙනුවෙන් ඉදිරියට ආ කාන්තාවක්. මට පුරුෂයෙකුට අතක් පයක් උස්සන්න පුළුවන්ද? මහජන දිනය දවසට ඔය වගේ සිදුවීම් දහයක් විතර මට එනවා. කාන්තාවක් දේශපාලනය කරන කොට ඒ වගේ ප‍්‍රශ්න අරගෙන එනවා. ඒක සාමාන්‍ය දෙයක්. වැල්ලම්පිටියෙ පොලිසියෙන් කිසි දෙයක් උනේ නැහැනේ. ඒ වගේම මේ කාන්තාව බිය ගන්නලාත් තියෙනවා. ඒ බිය නිසා ඇය මම ළඟට ආවෙලාවෙ වැඩිය කතා කළෙත් නැහැ. අද ඇයගෙ පුරුෂයත් මගේ කාර්ය මණ්ඩලයෙ පිරිසකුත් රිමාන්ඞ් කරලා. පොලිසියෙන් දෙයක් නොවූ නිසා මේ අය ගිහිල්ලා තියෙනවා.
පිළිතුර:- කොහෙත්ම නැහැ. සම්පූර්ණ වැරදියි. මේ සිද්ධිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට සම්බන්ධ නිසා විශාල ප‍්‍රවෘත්තියක් වුණා. එක මාධ්‍යයක් මගින් මට දඬුවම් ලබා දිය යුතුයි කියලා කියා තිබෙනවා. ඒ කියන අයගෙ පැත්තෙ සමීප අය කරපුවා බලන්න ඕනෑ.
ඔව්. මම කිසිම දේකට බලපෑමක් කළේ නැහැ.
ඔව්. මේකට තමයි යහපාලනය කියන්නෙ. මම මගේ අය කියලා කිසිම බලපෑමක් කළේ නැහැ. මට මඩ ගහනවා. මම කිිසි දෙයක් කරල නැහැ. මගේ සැමියාවත් එතැන හිටිය නම් මේ ළමයි වගකීමක් නැතිව කරපු දේවල් නතර කරන්න තිබුණා. ක්ෂණික කෝපයකට හිතන්නෙ නැතිව කළ දෙයක්. හිතාමතා සැලසුම් කරල මගේ වාහනය යවන්නෙ නැහැනේ.
මට චරිත ඝාතනය කරන්න සූදානම් අයෙක් ඉන්නවා.
මම කියන්නේ මා ගැන තැබූ විශ්වාසය පළුදු කරගන්න එපා කියලයි. මම පරණ හිරුණිකාමයි. යුක්තිය, සාධාරණය වෙනුවෙන් මම පෙනී සිටිනවා. මගේම අය වුණත් ඔවුන් කරපු දේ වැරදියි කියන මතයෙ මම ඉන්නෙ. නීතියෙන් ඔවුන්ට දෙන දඬුවම මම පිළිගන්නවා. මගේ විශ්වාසය පළුදු කර ගන්න එපා. මට සමාවෙන්න යහපාලන යුක්තිය සාධාරණය වෙනුවෙන් හිරුණිකා හැමදාම පෙනී සිටිනවා. වැරදි කියන දේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙනවා. මගේ නම ඈඳුනත් මේක මා දැනුවත්ව වූ දෙයක් නෙවෙයි. මගෙන් වැරැද්දක් වෙලා නැහැ. මගේ එකම හතුරන් මේ මට අදාළ නැති දේකට මඩ ගහනවා.
කතානායකතුමා දැනුවත් කළා. අගමැතිතුමා ලංකාවෙ නැහැ. එදා ඒ වෙලාවෙ මම හිටියෙ ජනාධිපතිතුමා හිටිය උත්සවයේ.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මේකට තමයි යහපාලනය කියන්නෙ
ශාන සෞදි Thursday, 31 December 2015 10:56 AM
එතකොට රටේ නීතිය හා පොලිසිය තියෙන්නේ.? (ර)
චන්න Tuesday, 29 December 2015 03:26 AM
එක් අයෙක් දන්නවා. මගේ ඡන්ද දායකයෙක්. ඔහු පිටකොටුවෙ පදික වෙළෙන්දෙක්. මගේ ඡන්දයට උදව් කළ කෙනෙක්. මම ඇහුව අර මොකක්ද ප‍්‍රශ්නයක් කිව්වෙ. ඒ ඔය අයද කියලා මම ඇහුවා. ඒ අය ඔව් කිව්වා. මේක අරයාගේ ප්ලෑන් එකක් (බ)
අමල් Monday, 28 December 2015 12:15 PM
හොඳ හෙළිදරවුවක් (නි)
අනුර කොලොන්නාව Tuesday, 29 December 2015 10:21 AM
දැන් මට වැටහෙනවා හිරුණිකාගේ දේශපාලන දිවිය වෙනුවෙන් මා කළ දේවල් සියල්ල අපතේ කියා. දැන් ඔවුන් ජීවත්වන්නේ ඉස්සර සිටි ලෝකයේවත් එකල තිබු මානසික තත්වයේවත් නොවේ. (නි)
සේරම් පැරිස් Tuesday, 29 December 2015 10:24 AM
ඒ කාලේ සුදු වෑන් වෙනුවට දැන් කළු ඩිපෙන්ඩර් සංස්කෘතිය! (නි)
හිරාන් Saturday, 02 January 2016 12:31 PM
මංගල මොනවා කියනවාද මන්දා? (නි)
දුමින්ද Tuesday, 29 December 2015 09:16 PM
මම නම් මොකුත්ම කියන්නේ නැහැ. මේ කොල්ලො හදිසි කෝපයට කළ වැඩ. (නි)
ලක්විදු Monday, 28 December 2015 01:59 PM
අනේ මැඩම් අපි නම් ඕකට කියන්නේ තගාලා හෙන්චයියන් විදියට තියන් ඉන්නවා කියල. (අ)
අනුර සිරිවර්ධන Sunday, 03 January 2016 10:31 AM
ගහේ කටු උල්කරන්න ඕනේ නැහැ (බ)
ලක්විදු Monday, 28 December 2015 02:40 PM
මම අහන්න කැමතියි ඔබතුමිය ඔය ගෝලයන්ට දෙන දඬුවම මොකක්ද කියලා. ලැජ්ජා නැතුව ආපහු වැඩට ගන්නේ නැද්ද කියලා බලමු. පුලුවන්නම් ඔය චක්ගෝලයෝ ටික අස්කරලා නියම යහපාලනය පෙන්වන්න. (නි)
මංගල Tuesday, 29 December 2015 06:31 AM
හිරුණිකා, ඔබ නිවැරදියි. මෙතනදී ඔබ කළ දේ හරි (නි)
සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 29 December 2015 01:55 PM
මම නම් ඇගේ දකින වරද ඇය දේශපාලනයට ලාබාලවීමයි (නි)
විපුල Monday, 28 December 2015 05:51 PM
මේ කතා හොඳයි කොණ්ඩය බැඳපු චීනුන්ට. නීතිය අතට ගන්න එයාට තිබෙන අයිතිය කුමක්ද? සාමාන්‍ය කෙනෙක් කළා නම් මේ වෙනකොට වැලිකඩ තමයි ඉන්නේ (නි)
ලක්ෂිත පැරිසිය Monday, 28 December 2015 07:08 PM
ලක්විදු, ඔබ සමඟ මමත් ඉන්නවා (නි)
සජිත් Tuesday, 29 December 2015 03:36 PM
අනේ..පව්..අහිංසක බබා. (බ)
චාමර Monday, 28 December 2015 09:37 AM
යහපාලන කිරි හට්ටියට ගොම වැටිලා කියල එජාපයේ අය කියන කතාව ඇත්ත වගේ. මොනවා හරි වෙච්ච ගමන් මම දන්නේ නැහැ, මට මතක නැහැ. (ර)
අශාන් Friday, 01 January 2016 04:03 AM
කට්ටියට රටේ නීතිය මතක්වෙලා තියෙන්නේ දැන්. ඉස්සර නම් නීතිය අමතකයි නේද? (නි)