නුගේගොඩ පිරිසක් කතරගම පැමිණියේ පාසල් නිවාඩුවෙන් ප්‍රයෝජනයට ගනිමිනි.
වර්ෂයකට වරක් කතරගම පැමිණෙන මෙම පිරිස දේවාලය වැද පුදා ගැනීමට පෙර මැණික් ගගෙන් දිය නා පිරිසිදු වීමට අමතක නොකළහ. නඩයේ සිටි පුංචි දරුවෝ හැමදාම කොළඹ නළ ජලයෙන් නාන නිසා ගලා බසින මැණික් ගඟේ දිය නෑමට දැඩි කැමැත්තක් දැක්වුහ.
කවුරුත් මැණික් ගඟට බැස ඉවුරු අයිනේ සිට දිය නාමින් සිටියහ. අඩියක් තරම් ගැඹුරු ජලයේ කිමීදෙමින් සිටි පුංචි දරුවෙක් එක් වර 'අම්මේ අර කළු කොටයක් උඩ යට යනවා' යැයි සිය මවට පෙන්විය. මෙය දුටු මව කළු කොටය දෙස බලා සිටියාය. අරුමයකි. කොටය උඩුගම්බලා යමින් තිබේ. නිමේෂයකින් මවට මේ සිටින්නේ කිඹුලකු බවට වැට හී වහා දුවගොස් දරුවා රැගෙන මහා හඩ දෙමින් මැණික් ගගෙන් ගොඩට පැමිණියේ තවත් මැණික් ගඟේ දිය නාමින් සිටි පිරිසක් ද සමගිනි.
මේ දින සිය මව නොසිටින්නට තවත් වටිනා මැණික් ගඟේ කිඹුලන්ට බිලි වෙන්ට තිබුණි.
අද කතරගම මැණික් ගඟ මාතර නිල්වලා ගඟ මෙන් බියකරු වු ස්ථානයක් බවට පත්ව තිබේ. වෙනදා සුදුු වැලි පෑදුණු මැණික් ගඟට අද කුමක් හෝ වී ඇත. මැණික් ගඟ හරහා පාළම් උඩින් යන වන්දනාකරුවන් අන්න කිඹුලා යනවා වැනි වචන දැන් නිතරම ඇසේ. කිඹුලන් 50 ක් පමණ ගඟේ සැරිසරතියි කියයි.
පසු ගිය මාස කීහිපයේ දි ජීවිත 06 ට වැඩි කිඹුලන්ගේ ගොදුරු බවට පත්විය.
පස්සර නමුණුකුළ කන්දෙන් ගලා බසින මැණික් ගඟ ඉන්දියාවේ ගංගා නම් ගඟ හා සමානව ලාංකීය ජනයාට උතුම් ශුද්ධ වු ගඟකි.
2012 වර්ෂයේ දි එක්තරා පිරිසක් මැණික් ගඟ අසළ අංක 02 පාළම ආසන්නයේ තිබු හරස් බැම්ම කඩා දැමීමේ ප‍්‍රතිඵළයක් මත ගඟේ තිබු වැලි පහළ කොටසට ගලා ගෙන ගොස් වළවල් සැදීම නිසා කිඹුලන්ට අවශ්‍ය පරිසරය සැදී තිබේ. කිසිදු ස්ථානයක වැල්ලක් දැක ගැනීමට නැත. කතරගම පෙරහැර අවසන් වී මෙවර දිය කැපෙනුයේ ද ගඟේ වෙනත් තැනකය.
ගැඹුර ද දිනෙන් දිනම වැඩි වෙයි. ආරක්ෂක බැමි ද ගඟට වැටී ඉවුරු ගඟට සෝදා යයි.
මැණික් ගඟේ කිඹුලන් අල්ලා වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස වනජිවි නිළධාරින්ට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට මාස 03 කට පෙර නියෝග කරනු ලැබීය. රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන් රජයෙන් ද ඉල්ලා සිටියේ මැණික් ගඟ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැණික් ගඟත් කිඹූල් පුරයක් වෙයි
සෑම් Wednesday, 23 December 2015 08:37 AM
වන සතුන්ට ඔවුන්ගේ ස්වාභාවික පරිසරයේ ජීවත්වෙන්න තිබෙන අයිතිය අහිමිවෙලාද? (නි)
සොපී Wednesday, 23 December 2015 02:44 AM
ඉස්සර අහුන්ගල්ල පැත්තේත් සත්ත්ව උද්‍යානයක් යැයි කියාගත් පුද්ගලික භූමියක් තිබුණා. එතන වැඩියෙන්ම හිටියේ කිඹුලෝ. පසුව එය වසාදැමුණා. අක්‍රමවත් ලෙස මේ කිඹුලන් අවට ජලාශ වලට සහ මුහුදට පවා මුදාහැරි බවට පසුව ආරංචි වුණා. මේ කිඹුල් ගහණයට හේතුව එය විය නොහැකිද? (නි)
නිලාන් Saturday, 02 January 2016 01:58 PM
කිඹුලන්ට බැනලා වැඩක් නැත. ඔක්කොම අපේ අයගේ වැරදිය. එතන ඉපදුනා කියලා කිඹුලා මොනවා කරන්නද? ඒ පරිසරය හදපු අපේ මිනිසාය වැරදි. (නි)
ජගත් Friday, 01 January 2016 05:28 PM
මේ අර 2012 දී කළ වැඩෙන් පසු ඇතිවූ තත්ත්වයක් බවයි මම හිතන්නේ (නි)
ඉන්දික Monday, 18 January 2016 07:47 AM
කතරගම යනු පුරාණයේ සිට පැවෙත එන ශුද්ද භූමියක් මෙය මෙලෙස විනාශයට පත්වෙන තුරු බලධාරින් යැයි පවසන පිරිස බලාසිටිම ලොකුම ප්‍රශ්නයක් අද රටේ තත්වය මේක තමයි මෙයට බලධාරින් විසදුමක් ලබාදෙන්න.කිඹුල් ගහනය වැඩිවීම ඔවුන්ගේ ප්‍රශ්නයක් නොව මොලයක් නැති බලධාරින් ගේ හිස්බවේ ප්‍රතිපලයක්ය. (බ)
ගුණවර්ධන Tuesday, 22 December 2015 07:22 PM
මේ කිඹුලන්ව දැක්කත් බය හිතෙනවා (නි)