මැණික්හින්න රෝහලේ කාර්ය මණ්ඩලය හා පිටස්තර පුද්ගලයන් අතර ඇවිළීගිය ‘‘යුද්ධයෙන්’’ පසුව තුවාල වූවන් රෝහල්ගත කළ බවත් තව පිරිසක් අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය වාර්තා කළේය. අත්වැරදීමකින් ඉන්ධන වර්ගයකින් මුහුණ සේදීමෙන් අසාත්මිකතාවකට මුහුණ දුන් තරුණයකුට ප්‍රතිකාර ගැනීමට ආ පිරිසක් සහ රෝහලේ කාර්ය බාර නිලධාරිවරයා සහ කාර්ය මණ්ඩලය අතර මෙම යුද්ධය ඇවිළී ගොස් ඇත. දෙපිරිස අතර ප්‍රහාරය දරුණු අතට හැරී යත්ම නේවාසික රෝගීන් මරහඬ දෙමින් ආරක්ෂාව පතා පිටතට දිවගොස් ඇතැයිද වාර්තාවල සඳහන්ය.
මැණික්හින්න රෝහලේ සිද්ධිය කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. රෝහලක පළමුව තිබිය යුත්තේ සෞඛ්‍ය පහසුකමය. දෙවැනුව පිරිසුදුකම්ය. ඒ හා සමානම බරින් ආරක්ෂාව තිබිය යුතුය. නේවාසික රෝගීන්ට තම ජීවිත බේරා ගැනීමට මරහඬ තලමින් එහෙ-මෙහෙ දිව යාමට සිදුවන්නේ නම් එහි ආරක්ෂාව බිංදුවටම වැටී ඇත. එය රෝහලකින් බලාපොරොත්තු විය නොහැකි තත්වයකි.
‘‘රෝගීන් කලබල වුණාට දොස්තර කලබල නොවේ’’ යැයි ප්‍රකට කියමනකි. එමෙන්ම එය ඒකාන්ත සත්‍යයකි. මැණික්හින්න රෝහලේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ ලෙඩ්ඩුත් ලෙඩ්ඩු ගෙනා පිරිවරත් දොස්තරත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් හොඳටම කලබල වී ඇති බවකි. සමාජය දියුණුනම් මෙවැනි සිදුවීම් වාර්තාවීමට ඉඩක් නැත. නූගත් මදාවියන් මෙන් සියලු පාර්ශ්ව හැසිරී තිබෙන බව අනුමාන කළ හැකිය. මෙම තත්වය කිසිසේත්ම යහපත් නැත. එහෙයින් කිසිලෙසකින් හෝ අනුමත කළ නොහැකිය.
මැණික්හින්න රෝහලේ යුද්ධයට අදාළ බව පැවසෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සැරිසරයි. එම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී දෙපිරිසම මත්පැන් පානය කර ඇති බවටද සැකයක් මතුවෙයි. සිද්ධිය වූ 28 වැනිදා ඉරිදාවකි. එදින එම රෝහල් පරිශ්‍රයේ අවුරුදු උත්සවයක්ද පැවතී ඇත. අවුරුදු සිරිය මැදියම් රාත්‍රියේදී යුද්ධයක් බවට පරිවර්තනය වී තිබේ. පිටස්තරයන් පැමිණ ඇත්තේ ද සංගීත සංදර්ශනයක් නරඹමින් සිටින අතරතුර බවද සඳහන්ය.
රෝහල් කාර්ය මණ්ඩල සහ පිටස්තරයන් අතර ගැටුම් බොහෝ සෙයින් වාර්තා වේ. මෙම ගැටුම් බොහොමයකට අනවබෝධය බලපා තිබෙන බව පැහැදිලිය. ඇතැම් විට රෝගීන් බැලීමට අවේලාවේ පැමිණන පිරිස් හා රෝහල් කාර්ය මණ්ඩලය අතර ගැටුම් ඇවිළී යයි. රෝගීන් බැලීමට නිශ්චිත කාලයක් වෙන්කර ඇතද ඇතැම්හු ආවේලාවෙම පැමිණෙති. ඒ සඳහා අමතර ශක්තියකට මත්පැන්ද පානය කරති. එමෙන්ම තමන් අහවලා අඳුරනවා යන හැඟීමද තවත් ශක්තියකි. ගැටුම්වලට හේතුව එයය.
රෝගීවීමට නිශ්චිත වේලාවක් වෙන් කර නොමැත. රෝගීවීම හදිසි අනතුරකට ලක්වීම ඕනෑම මොහොතක විය හැකිය. එයට මැදියම් රැය කියා වෙනසක්ද නැත. එබඳු අවස්ථාවකදී රෝගියා සමග අති විශාල පිරිසක් පැමිණිය හැකිය. අනවශ්‍ය තරම් පිරිසක් රෝගියා වටකර ගෙන සිටීම රෝගියාට ප්‍රතිකාර කිරීමේදී විශාල බාධාවකි. රෝගියාගේ පර්ශ්වකරුවන්ට ඒ බව අවබෝධ කර ගැනීමට තරම් මේරූ බුද්ධියක් තිබිය යුතුය.
තම රෝගියාට වහාම ක්ෂණිකව ප්‍රතිකාර ලැබිය යුතු යැයිද බාරකරුවෝ සිතති. එය යම් පමණකට හෝ ප්‍රමාද වුවහොත් බාරකරුවෝ ගැටුමට යති. ඇතැම් විට එම පමාව සාධාරණ හේතුවක් නිසා විය හැකිය.
රෝගියාගේ හා බාරකරුවන්ගේ හැසිරීම කුමක් වුවද ඉවසීමෙන් කටයුතු කිරීමේ සංයමය රෝහල් කාර්ය මණ්ඩලයට තිබිය යුතුය. රෝගියාගේ සහ බාරකරුවන්ගේ මානසික තත්වය හඳුනා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබිය යුතුය. එම සංයමය හා හැකියාව අවශ්‍ය මට්ටමෙන් තිබුණේ වී නම් මැණික්හින්න රෝහල සම්බන්ධයෙන් මෙවැනි සටහනක් ලිවීමට සිදු නොවනු ඇත.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැණික්හින්න සිද්ධියේදී බුද්ධිය පාවිච්චි කර නැහැ