IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මදාවියන් සේ හැසිරෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ

මොළකාර මැරයන්ගේ තවත් හපන්කමක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම පුවතින් කියැවුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක් වූ එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුතකු වන විදුර සේනාරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසන බවය.

ප්‍රහාරයට නිමිත්ත රිය අනතුරකි. හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා පදවන ලද මෝටර් රථයක් හිටපු උපකුලපතිවරයාගේ නිල නිවස අසල නතර කර තිබූ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට අයත් යතුරු පැදි දෙකක ගැටී අනතුරක් සිදුවී තිබේ. මේ සම්බන්ධයෙන් යතුරු පැදි දෙකේ හිමිකාර සිසුන් දෙදෙනා හා හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර තුන් සියයක් පමණවූ සරසවි සිසුහු එතැනට රැස්වී ඇත. ඔවුන් හිටපු උපකුලපතිවරයාගේ නිල නිවෙස වටලා උද්ඝෝෂණයක් කර ඇති අතර තවත් සිසුන් පිරිසක් නිල නිවෙසේ දොරවල් කඩා එහි ඇතුළු වී මෙම තිරශ්චීන ලෙස ප්‍රහාර එල්ල කර ඇත.

ප්‍රශ්න ඇතිවිය හැකිය. ඒවා ස්වාභාවිකය. එමෙන්ම එම ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමවේදය තීරණය වන්නේ ඔවුනොවුන්ගේ බුද්ධි මට්ටමට අනුවය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු බුද්ධි මට්ටමින් උසස් කෙනකු බව සමාජයේ පොදු පිළිගැනීමය. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. එය එසේනම් ඔවුන්ගේ සිතුම් පැතුම් මෙන්ම හැසිරීම්ද එයට සමපාත විය යුතුය. ඔවුන් සැබෑ බුද්ධිමතුන් බවට පිළිගත හැකිවන්නේ එමගින් පමණි. එහෙත් පේරාදෙණිය සිදුවීමෙන් පැහැදිලිවන්නේ එම තීරශ්චීන ප්‍රහාරයට සම්බන්ධ වූ සිසුන් බුද්ධි හීනයන් බවය. නොඑසේනම් ඔවුන්ගෙන් මෙබඳු මදාවි පන්නයේ හැසිරීමක් ප්‍රදර්ශනය වීමට කිසිදා ඉඩක් නැත.

තමන්ගේ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාගේ නිවසට කඩාපැන ඔහුට පහර දීමට යම් සිසුවකුට හැකියාවක් ඇත්නම් එවැන්නකුට මේ ලෝකයේ කළ නොහැකි අපරාධයක් නොමැති බව අපගේ විශ්වාසය වේ. එබඳු සිසුන් තුළ ඇති මානවීය ධර්මතා මොනවාද යන්න සෙවීමට වැය කරන කාලයද අපරාධයකි. එය වූ කලි මරාගෙන මැරෙන මිනිස් බෝම්බයක් දහම් අධ්‍යාපනය ලැබුවේද යන්න සෙවීමට සමානය.

ගුරුවරු යනු දරුවාගේ දෙවැනි මව්පියෝ වෙති. මවට පියාට ඇති ආදරය ගෞරවය හා පිළිගැනීම බිඳකුදු හෝ අඩු නොමැතිව ගුරුවරයා වෙත පිදෙන්නේ එහෙයිනි. තම මවට පියාට නොසලකන, පහර දෙන, මරාදමන අමන දරුවෝද සිටිති. එබඳු තිරිසනුන් කිසිවිටෙකත් දරුවන් ලෙස සමාජයේ පිළිගැනීමට ලක් නොවේ. එබන්දන් මිනිස් කසළ මෙන් සමාජයෙන් පිටමං කළ යුතුය. ගුරුවරයාට පහර දෙන ශිෂ්‍යයාද එසේමය. එසේනම් තම විශ්වවිද්‍යාලයේම හිටපු උපකුලපතිවරයාට පහර දෙන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ලබා දිය යුතු නිර්වචනය කුමක්ද යන්න වටහා ගැනීම අසීරු නැත.

මුළුමහත් සමාජයම බරපතළ සංස්කෘතිකමය ඛාදනයට ලක්වී ඇත. මුළු මහත් සාර පද්ධතීන්ම සැළුම් වෙව්ළුම් කා ඇත. එබඳු පරිසරයක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් පමණක් විශිෂ්ටත්වය අපේක්ෂා කළ නොහැකිය. එහෙත් එය එසේ යැයි කියා මෙතරම්ම දීන, පරාදීන, තුච්ඡ හැසිරීමක් ඔවුන් වෙතින් අපේක්ෂා කළ යුතුද නැත. දැනුමෙන් පෝෂිත මෙම උගත් තරුණයා අනිවාර්යයෙන්ම මේ අඳුරු මව්බිමට හෙට ගලන හිරු එළිය බව අපගේ පිළිගැනීම වේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා එබඳු බරැති පිළිගැනීම්වලට නියත වශයෙන්ම සාධාරණය ඉටු කළ යුතුය. එසේ නොමැතිව කසිප්පු බීගත් මදාවියන් මෙන් ඔවුන් හැසිරෙන්නේනම් එය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම නින්දා සහගත කැළලකි.

බාහු බලය සම්බන්ධයෙන් විශ්වාසය තබන ප්‍රවණතාවක් සමාජය තුළ වේ. ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර බාහු බලය යැයි ඇතැමෙක් විශ්වාස කරති. අවධාරණය කරගත යුතු කරුණ වන්නේ බාහු බලය සම්බන්ධ අන්ධ විශ්වාසය ඉතිහාසය පුරාම පරාජය වී ඇති බවය. එහි තීරණාත්මක සාධකය වෙළුපිල්ලේ ප්‍රභාකරන්ය. ඔහු තිස් වසරක් පුරා බාහු බලය ප්‍රදර්ශනය කළේය.

එහෙත් අවසානයේ ඔහුට සිදුවූයේ වෙල්ලමුල්ලිවයික්කාල්හි වගුරු බිමක අවසන් ගමන් යාමටය. ඉතිහාසය ඉගෙන නොගැනීම වරදකි. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉතිහාසය ඉගෙන ගැනීමට තවත් විශ්වවිද්‍යාල කීයකට යා යුතු වේදැයි අපි නොදනිමු. ඒ ඔවුන්ගේ නොදන්නාකම විනාශය වළක්වා නැති බව ඉතිහාසය උගන්වන අමතර පාඩමකි.

(***)



අදහස් (4)

මදාවියන් සේ හැසිරෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ

Prabhath weerasiri Thursday, 15 December 2022 04:23 AM

අපි නොදන්න අහින්සක VC ලා

:       8       1

ABFriday, 16 December 2022 06:24 PM

සරසවියට ඇතුල්වීමේදී ඔවුන්ව තෝරාගැනීමෙන් පසු සරසවිය තුළ ක්‍රියාත්මක වන නීතියට අනුව කටයුතු කරන බවත්, කිසිඳු ආකාරයක අන්තවාදී ක්‍රියාවන් නොකරන බවට ලිපියකට අත්සන් ගතයුතු වේ. සරසවිට වරම් ලැබීමට පෙර ඔවුන් වෙත යවන්නා වූ ලිපියේ සරසවිය තුළ පනවා තිබෙන්නා වූ නීතියට අනුකූලව ක්‍රියා කරනබවට ලිපියකට අත්සන් කළයුතුබව සඳහන් කිරීම වැදගත් වේ. එම ලිපියට ඔවුන්ගේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හෝ පිළිගත් නීතිවේදියකු අත්සන් කිරීම තුළින් වැඩිහිටියන් හටද සරසවිය තුල සිටිනා ඔවුන්ගේ දරුවන් කෙරෙහි වගකීමක් පැවරේ. එවිට අන්තවාදී මත දරනා සිසුන් සරසවියට පැමිණීමට පෙර ඔවුන්ගේ ගැටළුකාරී මනස නිවසේදීම නිරවුල් කර සරසවියට පැමිණීමට තත්වයක් ඇතිවේ. ඔවුන්ගේ වසර 3ක් හෝ 4ක කාලයතුල සරසවි උපාධිය ලබාගැනීමට නොහැකි වුවහොත් පළමු වසරේ නොමිලයේ ලබාදී ඉන්පසු සරසවි උපාධිය සඳහා තවදුරටත් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත යුතුබව දැන්විය යුතුවේ. මේ සඳහා සරසවියට පැමිණීමට පෙර ලිපියකට සහතික කර ගත යුතුවේ..

:       0       10

Kamal Thursday, 15 December 2022 04:34 PM

සරසවි කොල්ලන්ගේ ගුටිබැට අප පේරදෙණියේ ඉන්නා 1995 වසරේදී අපගේ ඉංජිනේරු සිසුන් ප්‍රමුඛ සිසුන් කණ්ඩායමක් සරසවියේ අරක්ෂක නිලධාරීන්ට පහරදිමක් සිදුවුණා. එයට කිසිම දෙශපාලන පක්ෂයක් සම්බන්ධ වුනේ නැහැ. එය සිදු වුනේ පාරේ ගිය දෙවන වසරේ ඉංජිනෙරු සිසුවෙකු වූ ඩබා (අනුවර්ත නම ) හිල්ඩා ඔබේසේකර ශාලාවේ සිට ගලහා පැත්තට ගමන්කරන අතරතුර නවක සිසුවෙක් දැක නවතා නවක වදය දෙන අවස්ථාවේ සරසවි අරක්ෂක බලකාය ඩබාව ආරක්ෂණ බලකායේ පැජරෝ රථයට නංවා ටිකදුරක් ගමන් කොට රථය නවතා ඩබාව තනිකොට සියලුම අරක්ෂක නිලධාරින් රථයෙන් බැස යම් කිසි කාර්යකට පිටත් වී ඇත. කුමන හේතුවක් නිසා හෝ ඩබාව තනිකොට ආරක්ශක නිලධාරින් රථයෙන් පිටවූයේ ඩබාට පැනයාමට අවස්ථාවක් සැලසිමට මිස අන් කවරෙකුටවත් නොවේ. පැනගිය ඩබා අක්බාර් ශාලාව වෙත ගොස් එම වසරේ ශාලාවේ අනවසරයෙන් නේවාසිකව සිටි සිසුන් සහ අවට පුද්ගලික නේවාසිකාගාරවල සිටි සිසුන් රැස්කරගෙන ඔහුන් සරසවි අරක්ශක අංශය වෙත ගොස් එහි සිටි අරක්ෂක නිලධාරීන් කිප දෙනෙකුට පහර දී ඔවුන්ගේ කාර්යාලයට අලාභහානි කර පිටවිය.

:       2       4

Nandasena gr Monday, 19 December 2022 05:53 AM

දැන් අර සරසවි ඇදුරාගේ පුතා බබාද? සිල් සමාදන් වෙලා ඉද්දිද මේ ගහලා තියෙන්නේ?

:       3       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1332 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7971 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 463 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 852 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 872 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 459 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37956 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site