IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මාධ්‍යවේදියාගේ පැමිණිල්ල ගණන් ගත යුතු නැද්ද?

අටුලුගම ප්‍රදේශයේදී තමාගේ රාජකාරියට බාධා කරමින් තම මෝටර් රථයටද පහරදීමේ සිද්ධිය පිළිබඳ බණ්ඩාරගම පොලිසිය සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව සඳහන් කරමින් බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් කර ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

සිද්ධිය වාර්තා වූයේ රාමසාන් උළෙල පැවැති ඉකුත් මාසයේ 24 වැනිදාය. ඒ වනවිට  කොරෝනා මාරාන්තික වයිරසයේ තර්ජනය ඉතා තදින් දැනෙමින් තිබිණි. එම හේතුව නිසා සමාජ දුරස්ථකරණය ඇති කිරීම පිණිස රජය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර නිවෙස් තුළම රාමසාන් අවුරුද්ද සැමරීම සිදු කරන ලෙස රජය උපදෙස් දුන්නේය. බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යමන් ජයසිංහ මහතා වැඩ බලන පොලිස්පති   චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අටුලුගම ප්‍රදේශවාසීන් රාමසාන් අවුරුද්ද රජයෙන් ලබාදී තිබෙන උපදෙස්වලට අනුව පල්ලි වසා නිවෙස්වල සමරන ආකාරය පිළිබඳව පල්ලි සංගමයේ සභාපති හජිම් හජ්ජියාර් මහතාගේ අදහස් ලබාගෙන ඔහුගේ උපදෙස් මත පල්ලි වසා තිබෙන අයුරු වීඩියෝ ගත කර නැවත නිවෙස කරා මෝටර් රථයෙන් පිටත්වීමට සූදානම් වීමේ දී දෙසීයකට ආසන්න පිරිසක් මෝටර් රථය වට කරගෙන ආවේගශීලිව හැසිරී මෝටර් රථයට පහර දෙමින් අලාභහානි කළ බවය. එම පහර දීමෙන් මෝටර් රථයට දෙලක්ෂ තුන් දහසක අලාභයක් සිදුවී ඇති බවද ඒ මහතාගේ ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.

තමන් සේවය කරන මාධ්‍ය ආයතනයකට ප්‍රවෘත්ති ලබා දීම සඳහා ගිය මාධ්‍යවේදියකුට එල්ල කළ ප්‍රහාරය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මාධ්‍ය වාර්තාකරණ පහසු කටයුත්තක් නොවේ. මාධ්‍යවේදියකු වාර්තා කරනු ලබන ඕනෑම ප්‍රවෘත්තියකට අදාළව එක් පිරිසක් සතුටු වෙති. තවත් පිරිසක් උරණ වෙති. උරණවන පිරිස් කුපිතව පෙරළා පහර දුන් අවස්ථා මාධ්‍යවේදීන් මරා දැමූ අවස්ථා මෙරට මාධ්‍ය ඉතිහාසයෙන් ලෝක මාධ්‍ය ඉතිහාසයෙන් ඕනෑ තරම් වේ. අටුලුගමින් වාර්තා වූයේත් එබඳු නින්දිත ප්‍රහාරයකි.

බණ්ඩාරගම අටුලුගම ගම්මානය කොරෝනා වසංගතයත් සමඟ විශේෂ අවධානයට ලක් වූවකි. කොරෝනා ආසාදිතයන් නිසා මුළුමනින්ම හුෙදකලා කෙරුණු ලංකාවේ ගම් අතර අටුලුගමද විය. එසේ හු​ෙදකලා කර තිබියදීත් නිරෝධායන නීති තඹ දොයිතුවකට නොසැලකූ අටුලුගම ගම්මානයේ පදිංචි ඇතැම් පිරිස් බොල්ගොඩ ගඟ ඔස්සේ එහා මෙහා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. එබඳු හිතුවක්කාරකම්, මුළු රටම කැරකොප්පුවක් බවට පත් කිරීමට වුවද හේතුවිය හැකිය. එහෙයින්ම බොල්ගොඩ ගඟට නාවික හමුදාවේ විශේෂ ආරක්ෂාව යෙදවීමට සිදුවූ බවද සත්‍යයකි.

අටුලුගම ගමේ ඉතිහාස කතාව එපරිදි වන විට ඔවුන් රාමසාන් අවුරුද්ද සමරන්නේ කෙසේදැයි යන්න විශේෂ අවධානයට ලක්වන්නකි. බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා යන්නේ එම රාජකාරිය ඉටු කිරීමටය. එහිදී කුපිත වූ පිරිස් හැසිරුණු ආකාරය සම්බන්ධ වීඩියෝ පට තිබේ. ඒවා නැරඹීමේදී වාහනයේ දොරගුළු දා  නොතිබුණේ නම් මාධ්‍යවේදියාගේ ජීවිතයට පවා අනතුරක් විය හැකි බවට සැක මතුවේ.

බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා වැඩ බලන පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වන්නේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියේ විමර්ශන සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවය. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් පුද්ගලයන් පනස් දෙනකුගේ පමණ සේයා රූ සහ වීඩියෝ පට පොලිසියට බාර දුන්නද විමර්ශන සිදු නොවන බවද බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා සඳහන් කරයි.

පොලිසිය තම වගකීම පැහැර හරින සෑම අවස්ථාවකදීම එය සමාජයට ඉතා අහිතකර ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පොලිසිය සිය වගකීම ඉටු නොකරන්නේ යැයි පෙනුණු විට පළමුව බිඳි වැටෙන්නේ නීතියේ ආධිපත්‍යය වේ. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු විට ආදේශ වන්නේ කැලෑ නීතියයි. එසේ කැලෑ නීතිය ආදේශ වූ විට සමාජයේ සන්සුන් සංහිඳියාව බිඳී යයි. එබඳු පරිසරයක කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවේ. රටකට අත්වීමට ඊටත් වඩා විනාශයක් තවත් නැත.

රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාලේ යයි. කුමන හෝ හේතුවක් නිසා කුමන හෝ බලපෑමක් නිසා තම වගකීම ඉටු නොකරන පොලිසියක් වේනම් ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසා නිර්මාණය වන්නේ චිකාගෝවක් බව තේරුම් ගන්නේ නම් එය රටේ අනාගතයට යහපත් වනු ඇත.



අදහස් (7)

මාධ්‍යවේදියාගේ පැමිණිල්ල ගණන් ගත යුතු නැද්ද?

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 07:01 AM

පුවත්පත් කලාවේදීන්ව ලොව හඳුන්වන්නේ නිලනොළත් රජවරුන් ලෙසයි. ඒ අදහස අපගේ රටේ සමාජයේ බොහෝදෙනාට කෙසේ ගැළපේදැයි දන්නේ නැහැ. එහි සැබෑ අවබෝධය සැබෑලෙස දැකිය හැක්කේ ප්‍රඥාවන්තයින්ට පමණයි. අන්ධයාට කොකාගේ පාට පෙන්වීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවක්... රැල්ලට විසිල් ගසනා මිනිසුන්ට සත්‍යය වටහනවා බොරු... අර කියමනක් තියෙනවනේ, වහළුන්ව දුකෙන් මුදවන්න වෙර දරණ මිනිසා මියයන්නේත් වහලෙකු අතින්මයි කියලා...

:       0       107

janahitha Tuesday, 09 June 2020 08:06 AM

ජනමාධ්‍ය ඔහුගේ රැකිය... එමනිසා විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි කීම මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්... නමුත් සිදුවීම සිදු නොවිය යුත්තක්...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 09 July 2020 04:49 AM

ජනමාධ්‍ය ගැන ඔබගේ නොදැනීම මේ අදහස් වලින් ්‍ප්‍රකට වෙනවා... මේවා මෝඩ කතා වෙන්නේ කොහොමද .. ? මේවා ලොව පිළිගත් කතා... එය ඔබට වෙනස් කරන්න බැහැ. ඒය ඔබට වැටහෙන්නේ නැහැ. එයට අපට කළ හැකි දෙයක් නැහැ ...

:       0       0

lal Sunday, 07 June 2020 11:13 AM

කිසියම් පොලිසියක් විසින් පක්ෂපාතීව පැමිණිලි විභාග කරයි නම්, වැරදි පටලවා නඩු දමයි නම්, විභාගයකට පොලිසියට ගියවිට තමන් ලක්ෂ පැත්තේ අයට කතා කිරීමට ඉඩදී අනෙක් පාර්ශවයකට කරුණු දැක්විමට නොදි සැර දමයි නම්, ලියන කටඋත්තරය පෙන්වන්නේ නැතුව මෙතන අස්තන් කරන්න කියයි නම් පැමිණිලි කළ යුත්තේ කාටද? මේවා ක්ෂණිකව පිළිතුර ලබාදෙනවාද?

:       0       150

neel Sunday, 07 June 2020 11:16 AM

මෙය මාධ්‍යවේදියෙකුට වුනු නිසා මෙහෙමවත් කතා කරනවා. නමුත් සාමාන්‍ය මිනිහාටත් පොලිසිවලින් වෙන අකටයුතුකම් එමටයි. මේවාට මොකද කරන්නේ...? පොලිස් කොමිසම් තිබුණාට ඒවට ගිහින් ගමේ පොලිසියත් එක්ක තරහ වුණාම ඊට වඩා කරදර වෙයි කියලා මිනිස්සු කට පියාගෙන අසාධාරණකම් විඳගෙන ඉන්නවා. නමුත් මෙම ලිපියෙන් කියනවා වගේ පොලිසිවලින් සාධාරණය ඉටු නොවුණාම රට යන්නේ අවනීතිය පැත්තට... මේ ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුයි පොලිස්පතිතුමන් විසින්..

:       0       91

chandima Monday, 08 June 2020 03:29 AM

සටනක් මැදට ගොස් එය වාර්තාකිරීම දක්ෂ මාධ්‍යවේදියෙකුගේ හැකියාවක්. එහෙත් එහිදී වෙඩි වැදුණාට කිසිවෙකුත් වන්දි ගෙවන්නේ නැහැ. එසේ ගෙවනවා නම් ගෙවන්නේ අදාළ මාධ්‍ය ආයතනය විසිනුයි. ඒ නිසා දෙස් දෙවොල් තබමින් පොලිසි ගිහින් වැඩක් නැහැ...

:       0       31

jayath Monday, 08 June 2020 03:57 AM

කොහොමත් මේ රටේ අමුතු පොලිස්කාරයෝ ටිකක් ඉන්නවා. මෑතකාලීන එක උදාහරණයක් තමයි සොයිසාපුර අර හෝටලේට පහර දුන්නේ ආයුධ සන්නද්ධ පොලිස් කාරයින් දෙන්නෙක් ඉන්දෙද්දී ! හරිනම් මොවුන් රෙදි ගලවලා තියලා ගෙදර යන්න ඕන! අනික මේක බණ්ඩාරගම පොලීසියක් තියනවද කියලා හිතෙනවා මේ අටුලුගම එවුන් හැසිරෙන විදිය දැක්කම කොහොමත් සමහර පොලිස් නිලධාරින් පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම් සමහර බන්ධනාගාර නිලධාරින් එකම දම්වැලක පුරුක්...

:       0       52

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 190 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 197 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1248 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 213 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 492 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1130 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 565 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 767 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2154 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site