IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මධුසමයදා බිරියගේ අතට කොටුවුණ පේ‍්‍රම කුරුල්ලා

12_PAGE_14_T

 

‘‘මම මේ කතා කරන්නේ කම්පැනි එකෙන්. මට ඔයගොල්ලන්ගේ ඩිරෙක්ටර් කෙනෙකුට කතා කරන්න  ඕනෑ.’’

 


පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් තවත් පෞද්ගලික සමාගමකට කතා කළේ සේවා අවශ්‍යතාවක් වෙනුවෙනි.


‘‘ඉන්න සර් අපේ මැඩම් කෙනෙක් ඉන්නවා. සර්ට මම එයාව සම්බන්ධ කරලා දෙන්නම්.’’


දුරකථන ක‍්‍රියාකරවන්නිය සමාගමේ අධ්‍යක්ෂවරියකට ඒ දුරකථන ඇමතුම සම්බන්ධ කළාය.


සේවාදායකයාගේ අවශ්‍යතාව විමසා අධ්‍යක්ෂවරිය එය කඩිනමින් ඉටුකරදීමට වගබලාගත්තාය.


විධායක ශ්‍රේණියේ නිලධාරියා රිසිවරය තැබුවේ තම සමාගමේ අවශ්‍යතාව කඩිනමින් ඉටුකරදීම ගැන ඇයට මුව නොසෑහෙන සේ ස්තුති කරමිනි.


එදායින් පස්සේ කම්පැනියේ අවශ්‍යතාවයක් මතුවී ඒ කම්පැනියට කතා කිරීමට සිදුවුවහොත් කෙළින්ම කතා කළේ එදා ඔහුට කඩිනමින් වැඬේ කරදුන් අධ්‍යක්ෂවරියටය.


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී ඔහු සිය සමාගමේ අවශ්‍යතාවයකට පමණක් නොව නිකමට වාගේ කතා කර ඇයගේ දුක සැප විමසා සිටීමට අමතක කළේ නැත.


වැඩි කාලයක් යන්නට මත්තෙන් දෙදෙනා සමීප මිතුරු මිතුරියෝ වූහ.


දුරකථනයෙන් කතාබස් කරන අතරවාරයේ ඔවුනොවුන්ගේ පවුල්වල විස්තර ද කතා කරගෙන ඇත.


‘‘මමයි අම්මයි විතරයි ඉන්නේ. තාත්ති මැරිලා ගොඩක් කල්. තාත්ති බිස්නස් කළේ. අපේ අම්මිට දුවෙකුට හරි පුතෙකුට හරි කියලා ඉන්නේ මම විතරයි’’ ඇය කීවාය.


‘‘අපේ පවුලෙත් මම විතරයි ඉන්නේ. තාත්තා මැරුණේ මම පුංචි කාලේ. අම්මයි මමයි විතරයි ඉන්නේ. මටත් වෙන සහෝදර සහෝදරියෝ කිසිම කෙනෙක් නැහැ’’ යැයි ඔහු පැවසීය.


‘‘ඔයා බැඳලද?’’ කියා විධායක ශ්‍රේණියේ නිලධාරියා ඇයගෙන් විමසා ඇත.


‘‘අනේ තවම නැහැ. අම්මි මට බඳින්න අය හොයනවා. ප‍්‍රපෝසල් කිහිපයක්ම ආවා. මගේ හිතට එච්චර ඒ බෝයිස්ලා අල්ලලා ගියේ නැහැ. ඒ හින්දා අකමැතිවුණා. ඔයා බැඳලද?’’ කියා ඇය විමසා ඇත.


‘‘අපෝ විවාහයක් ගැන මෙච්චර කාලයක් හිතුවේ නැහැ. දැන් නම් ඒ ගැන හිතෙනවා’’ යැයි විධායක ශ්‍රේණියේ නිලධාරියා පවසා ඇතැයි කියන්නේ ඇඟට පතට නොදැනෙන අන්දමින්ය. එක් දිනක දෙදෙනා මුල්වරට මුණගැසී ඇත්තේ දුරකථනයෙන් කාලයක් කතාබහ කළාට පස්සේය.


ඒ මීට අවුරුදු තුනක පමණ කාලයකට ඉහතදීය.


එදා දෙන්නා අතර පැවති කතාබහ අවසන්වූයේ පෙම්ලොව අභිෂේක ලැබීමෙන් පසුවය.


අපි දෙන්නාගේ අදහස් සිතුම් පැතුම් හොඳට ගැළපෙනවා යැයි පවසා ඇතැයි කියන්නේ ඇයගේ අතක් ඔහුගේ පපුව මත තබාගන්නා ගමන්ය.


ඒ හමුවීමෙන් පස්සේ එක් සති අන්තයක විධායක නිලධාරියා ඔහුට අයත් සුපිරි මෝටර් රථයෙන් සිය පෙම්වතිය සොයා ගියේ ජැන්ඩියට හැඳ පැළඳගෙනය.


ඇය 24 වියේ පමණ පසු වූ සුරූපී තරුණියක වූ අතර ඔහු 36 හැවිරිදි අයෙකි.


තමාට වඩා අවුරුදු 12කින් පමණ වැඩිමල් වුවත් ඇය ඒ වයස් පරතරය එතරම් සැලකිල්ලට ගෙන නැත්තේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාය.


අම්මේ මම අර කිව්ව කෙනා යැයි කියමින් ඇය තම පෙම්වතාව සිය මෑණියන්ට හඳුන්වාදෙනු ලැබුවාය.


පෙම්වතියගේ මෑණියන්ගේ දෙපාමුල දණගැසූ ඔහු අනාගත නැන්දණියට වැඳ ඇත.


මෑණියන් ද සිය අනාගත බෑනාගේ හිස අතගා ආශිර්වාද කර ඇත්තේ හොඳ ගුණයහපත් කොල්ලෙක් වාගේ පෙනෙන්නේ යැයි සිතමිනි.


ඇති යාන්තම් දුව කොල්ලෙකුට කැමතිවුණා. දැන් ඉතිං මගේ හිතට ලොකු සැහැල්ලූවක් දැනෙනවා. මෑණියන් තනිහිතට සිතා ඇතැයි ද  කියන්නේ දියණියට යහපත් සැමියෙක් ලැබීමට යෑම ගැන මෙනෙහි කරමිනි.


‘‘පුතේ හැමදාම මෙහෙම ඉඳලා බැහැනේ. ඔයාගේ අම්මත් එක්ක දවසක අපේ ගෙදර එන්න’’ කියා අනාගත නැන්දණිය විධායක ශ්‍රේණියේ නිලධාරියා දියණිය සමඟ අල්ලාප සල්ලාපයේ නිරතව සිටි අතරවාරයේ දවසක් කීවාය.


ඉස්තරම්ම වර්ගයේ සාරියක් හැඳගෙන කනකර පුරෝගත් වැදගත් පෙනුමකින් යුතු කාන්තාවක් සමඟ ඊට පසු දිනක ඔහු සිය පෙම්වතියගේ ගෙදරට පැමිණ ඇත්තේ සුපිරි මෝටර් රථයෙන්ය.


‘‘ඔන්න මම අද අපේ අම්මත් එක්කම ආවා’’ යැයි කියමින් ඔහු සිය පෙම්වතියට හා ඇයගේ මවට ඒ කාන්තාව හඳුන්වාදී ඇත.


‘‘පුතා මට මේ සම්බන්ධය ගැන කිව්වේ මේ ළඟදී දවසක. මේ මට ඉන්න එකම රත්තරන් පැටියා. මම එයාටත් ගොඩක් කාලයක ඉඳලා මනමාලියෝ හෙව්වා. ඒත් පුතා ඒ එකකටවත් කැමතිවුණේ නැහැ. මේ ලේලි පොඞ්ඩ නම් අපේ පුතාට හොඳට ගැළපෙනවා. අද මගේ ජීවිතේ හරිම සතුටු දවසක්. මගේ මහත්තයා හිටියා නම් එයත් අද කොච්චර සතුටු වෙයිද’’ කියා විධායක ශ්‍රේණියේ නිලධාරියාගේ මව කීවාය.


ඊට පස්සේ විධායක ශ්‍රේණියේ නිලධාරියාගේ මව ඒ ගෙදරට ආවේ විවාහය ගැන දින නියම කරගැනීමටය.


ඒ විවාහයට මාස 3ක පමණ කාලයකට කලින්ය.


දෙන්නාගේ ජන්ම පත‍්‍ර ද හොඳින් ගැළපෙන බව පරීක්ෂා කර බැලූ නැකත්කරු කියා තිබිණි.


විවාහ මංගල්‍ය කොළඹ තරු පන්තියේ සුපිරිතම හෝටලයක ජයටම ගැනීමට තීරණය කරගෙන ඇත.


මධුසමය ගතකිරීමට යාමට තෝරාගෙන ඇත්තේද කොළඹ ප‍්‍රදේශයේම තිබෙන සුපිරිතම හෝටලයකි.


ඉඩකඩම් ප‍්‍රශ්න තියන හින්දා අපේ නෑදෑයෝ සේරම වාගේ අපි දෙන්නත් එක්ක අමනාප වෙලා තියෙන්නේ. ඒ ඉඩකඩම්වලට නඩුත් තියෙනවා. ඒ හින්දා මේ මඟුල් ගෙදරට පුතා අරුණාම එන්නේ මම විතරයි. කියා විධායක ශ්‍රේණියේ නිලධාරියාගේ මව කීවාය.


‘‘ආ ඒක ප‍්‍රශ්නයක් කරගන්න එපා. අපේ නෑදෑයෝ සේරටම අපි මඟුල් කියනවා.’’ විධායක ශ්‍රේණියේ නිලධාරියා විවාහවීමට යන සුරූපී තරුණියගේ මව කීවාය.


කොළඹ තරු පන්තියේ සුපිරිතම හෝටලයක විවාහ මංගලෝත්සවය ජයටම ගත්තේ පසුගිය 6 වැනිදාය.


මනාලියගේ පාර්ශ්වයේ ඥාති හිත මිත‍්‍රාදීන්ගෙන් උත්සව ශාලාව පිරී ඉතිරී ගොස් තිබිණි.


දුටුදුටුවන්ගේ නෙත් සිත් ඇඳ බැඳගන්නා ලෙස අලංකාර ලෙස සකස්කර තිබූ මංගල පෝරුවට මනාල යුවළ ගොඩවූයේ යෙදී තිබූ සුබ නැකතටය.
ඒ ජය සක්හඬ හා මංගල බෙර වාදන මැද්දේය.


මනාලිය හැඩ ගැන්වීමට රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර තිබුණි.


ඇය දිව්‍ය ලෝකයෙන් පැමිණි සුරඟනක් බඳු වූවාය.


පෝරුවේ චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටුකිරීමෙන් පසු රෙජිස්ටාර්වරයා ඉදිරියේ නිත්‍යානුකූලව විවාහ දිවියට ඇතුළත් වූයේ රැුස්ව සිටි නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාද මැද්දේය.


මනාලියගේ මව කොළඹට තදාසන්න ප‍්‍රදේශයක සුපිරිතම දෙමහල් නිවාස දෙකක අයිතිකාරියක් වන්නීය.


මෙයින් එක් සුපිරි නිවසක් හා මුදලින් රුපියල් කෝටියක් පමණ දියණියට දෑවැද්ද වශයෙන් ලබාදීමට ඇයගේ මව පොරොන්දුවී තිබුණේ දෙන්නාගේ විවාහයට දින නියමකරගත් දවසේමය.


සැඳෑ සමය උදාවීමට හෝරා දෙක තුනකට පමණ කලින් යුවතිපතීන් දෙදෙනා හෝටලයෙන් පියමැන්නේ ඔවුනොවුන්ට වෙන්වූ ලොවක සිය ජීවිතයේ සුන්දරතම මිහිරියාව උපරිමයෙන් විඳ ගැනීමේ සිහින මවමින්ය.


මධුසමය ගත කිරීමට හෝටලයෙන් පිටව ගියේද සුබ හෝරාවකට අනුවය.


දියණිය පතිනියක වී මධු සමය ගත කිරීමට ලස්සනට සරසා තිබූ සුපිරි මෝටර් රථයට ගොඩවී අතවනා සැමට සමුදෙද්දී මවගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුණේ සතුට වැඩිකම නිසා විය යුතුය.


කොළඹ ප‍්‍රසිද්ධ පෞද්ගලික රෝහලක ගණකාධිකාරිවරියකගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේ ඇයගේ යෙහෙළියකගෙනි.


‘‘ඔයාගේ හස්බන්ඞ් ගෙදර ඉන්නවාද?’’ කියා ගණකාධිකාරිනියගේ යෙහෙළිය විමසා ඇත්තේ එම සැමියාව ඇය ද හොඳට හඳුනන නිසාය.


‘‘එයා නම් තවම ගෙදර ආවේ නැහැ. තව පොඞ්ඩකින් එයි. අද උදේ පාන්දරම යහළුවෙකුගේ වෙඩිං එකකට යන්න තියනවා කියලා ගියා. ඔයා එයාට කතා කළේ හදිසියකට එහෙමද? මම ගෙදර ආපු ගමන් ඔයා කතා කළා කියා කියන්නම්’’ යැයි කියා ගණකාධිකාරිවරිය ඇයගේ යෙහෙළියට කීවාය.


‘‘ඔයාගේ හස්බන්ඞ් ගිහින් තියෙන්නේ එයාගේ යහළුවෙකුගේ වෙඩිං එකට නෙමේ අනේ. මම දැක්කා ඔයාගේ හස්බන්ඞ් මනමාලියක් එක්ක හොටෙල් එකේ කාමරයකට යනවා.’’ කියා යෙහෙළිය කී කතාව ඇය එක්වරම විශ්වාස කළේ නැත.


‘‘මගේ හස්බන්ඞ් කියලා ඔයා වෙනත් කෙනෙකුට රැුවටෙන්න ඇති.’’ යැයි ගණකාධිකාරිවරිය පවසද්දී ඇයගේ යෙහෙළිය කියා ඇත්තේ ‘‘ඇයි අනේ මට ඔයාගේ හස්බන්ඞ් අඳුනන්න බැරිද?’’ කියාය.


‘‘මේක නම් කොහොමටත් වෙන්න බැරි දෙයක්, ඒත් දෙයියනේ අරයා කිව්ව කතාව මොකද්ද? කෝකටත් හොටෙල් එකට ගිහින්ම මේ කතාවේ ඇත්ත නැත්ත හොයා ගන්නවා’’ යැයි කල්පනා කළ ගණකාධිකාරිවරිය ඇයගේ සමීපතම ඥාතීන් කිහිපදෙනෙක් එක්ක ඒ මහ?ම සුපිරි හෝටලය බලා පිටත්ව ගියහ.


දරු දෙන්නෙකුගේ පියෙක් වන සිය සැමියා ආයෙත් විවාහ වී ඔහු අතිනත ගත් මනමාලිය සමඟ හෝටලයේ වායු සමීකරණය කළ සුඛෝපභෝගී කාමරයක මධුසමයේ මිහිරියාව විඳිමින් සිටින බව හෝටලයට ගිය අයට දැනගැනීමට ලැබිණි.


ඇයගේ හිස ගිනි ගත්තේ යෙහෙළිය කී කතාව ඇත්ත බව සක්සුදක් සේ දැනගත්තාට පසුවය.


ඇය පියවි සිහියෙන් සිටීමට ලොකු උත්සාහයක් ගත්තාය. මහමෙර ඇයගේ හිස මත කඩා වැටුණා සේ දැනුණි.


තමා විවාහ වී ඇත්තේ දරු දෙදෙනකු ද සිටින පියෙකු සමඟ බව මධුසමය ගතකරමින් සිටි මනාලිය දැනගත් පසු ඇය හඬාවැලපුණාය.


මනාලියගේ පැතුම් මාළිගා කැඞී බිඳී සුනු විසුනු වී යාමට ගතවූයේ නිමේෂයකි.


ජීවිතයේ සුන්දරතම දිනයේ මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණදෙන්නට සිදුවෙතැයි ඇය කිසිසේත්ම නොසිතුවාය.


නමුත් නොසිතූ දේම සිදුවී ඇත.


ගණකාධිකාරි බිරිය සිය සැමියා ද ඔහු රවටා කරකාර බැඳගත් මනමාලිය ද අල්ලාගෙන ආවේ මිරිහාන මූලස්ථාන පොලිසිය වෙතය.


නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි (01) එච්.ආර්.පී. සරත් පේ‍්‍රම මහතාට මේ සිද්ධිය ගැන දැනුම් දී තිබේ.


සහකාර පොලිස් අධිකාරි සරත් පේ‍්‍රම මහතා මේ ගැන විමර්ශනය කිරීම සඳහා බාර දුන්නේ නුගේගොඩ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දහනායක මහතාටය.


ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දහනායක මහතා දෙපාර්ශ්වයම කැඳවා සාක්කි විමසීමට පටන්ගත්තේය.


මෙයා අවුරුදු තුනක කාලයක් තිස්සේ බොරුවක් කළ බව මට තියා මගේ අම්මටවත් කොහොමටවත් තේරුණේ නැහැ. කිසිම සැකයක් ඇතිවෙන විදිහට මෙයා හැසිරුණෙත් කතාබහ කළෙත් නැහැ. මෙයා සමහර දවස්වලට අපේ ගෙදර රැට නැවතිලා ඉඳලා තියෙනවා. අපි විනෝදගමන් පවා ගොස් තිබෙනවා. මෙහෙම ටික කාලයක් යද්දී දැන් ඉතිං අපි බඳිමු කියා මම නිතරම වාගේ කියන්න පටන් ගත්තා. ඉඩකඩම්වල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒවා ඉවරවෙනකම් බඳින්න බෑ කිව්වා. මාමලා හා එයාලගේ දරුවෝ අපේ ඉඩකඩම්වලට උරුමකම් කියා නඩු දමා තිබෙනවා. ඒ නඩු ඉවර වුණාම බඳිමු කියා මෙයා කිව්වා. අපේ අම්මත් එයාව බඳින්න කියා නිතර ඇවිටිලි කළා යැයි මනමාලිය කියා ඇත්තේ හඬා වැලපෙමින්ය.


කිසිම අවස්ථාවක බලාපොරොත්තු නොවූ මෙම අනපේක්ෂිත සිද්ධිය නිසා වේදනාවට හා ලැජ්ජාවට පත්ව සිටි ඇය පොලිසියේ මහත්වරුන් සමග මෙසේද කියා ඇත.


‘‘එක දවසක් මෙයා අම්මා කියලා ගැහැනු කෙනෙක් අපේ ගෙදරට කැඳවාගෙන ආවා. හොඳට හැඳ පැලදගෙන රත්තරන් පැලඳගෙන ආවේ. වැදගත් පෙනුමක් තියන ගැහැනු කෙනෙක්. මෙයාගේ අම්මා විදිහට හොඳට අපිත් එක්ක කතාබහ කළා. ඊට පස්සේ මෙයා වෙඩිං එකට දින දාගන්න ඒ ගැහැනු කෙනා එක්ක අපේ ගෙදර ආවා. අම්මා අපේ නෑදෑයොත් එක්ක මෙයාගේ ගෙදර යන්න කිහිපවරකම උත්සාහ කළා. ඉඩකඩම් ප‍්‍රශ්න තියෙන නිසා දැන්ම ගෙදර එන්න එපා කියා කිව්වා. වෙඩිං එකෙන් පස්සේ ගෙදර යමු කියා පැවසුවා. මමයි අම්මයි මේ මිනිහාගේ කතා විශ්වාස කළා. මේ මනුස්සයා මගේ ජීවිතය කාලකණ්ණි කළා.’’


මව ක්ලාන්තය සෑදී වැටී ඇත්තේ දියණියට වූ කරදරය අසා ඇතිවූ කම්පනය නිසාය.


ඇයගේ මව පියවි සිහිය ලබාගත්තේ සෑහෙන වෙලාවකට පසුවය.


කොළඹ සුපිරි හෝටලයක මෙම විවාහ මංගල්‍ය සිදු වූ අවස්ථාවේ මනාලියට රන්තැල්ලක් සහිත මාලයක් සහ මංගල මුද්දක් පලඳවා ඇති අතර මේවා ඩුබායි රටෙන් මිලදී ගත් බව මනාලයා පවසා තිබුණ ද පොලිසියේදී හෙළිවී ඇත්තේ ඒවා සියල්ලම රන් ආලේපිත බවයි.


විධායක ශ්‍රේණියේ නිලධාරියාගේ පියා මියගොස් ඇති බව තරුණියට හා ඇයගේ මවට ඔහු කියා තිබුණත් පියා තවමත් ජීවතුන් අතර සිටින බව පොලිසියේදී අනාවරණය විය.


මියගොස් තිබුණේ ඔහුගේ මවය.


මොහු මව විදිහට ඇයගේ ගෙදරට කැඳවාගෙන ගොස් තිබුණේ කුලියට ගත් කාන්තාවකි.


මවක් විදිහට පෙනී සිටීමට යොදාගෙන තිබුණේ ඔහු කාලයක සිට දන්නා හඳුනන කාන්තාවක් බව ද පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවිය.


මේ කාන්තාව අල්ලාගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඇය ආගිය අතක් සොයාගැනීමට තවමත් නොමැත.


ඔහු පිළිබඳ චෝදනා ගොනුකර මොහුට එරෙහිව අධිකරණයේ නඩුපැවරීමට පොලිසිය පියවරගෙන ඇත.


අත්අඩංගුවට පත් සැකකරු පොලිස් ඇප මත මුදාහැරීයේය.


ඒ සඳහා ඇපකාරිය ලෙස පොලිස් පොතේ අත්සන් කළේ ඔහු මුලින්ම විවාහ කරගත් ගණකාධිකාරි බිරිය වන්නීය.


‘‘දරුවෝ දෙන්නාගේ අනාගතය ගැන හිතලා තමා මම සැමියාට ඇප දෙන්න ඉදිරිපත් වුණේ. එහෙම නැතිව වෙන කිසිම දෙයක් හින්දා නොවේ. අන්න ඒ නිසා තමා මෙයාට අපේ ගෙදර ඉන්න ඉඩ දෙන්නේ. අපි පදිංචිවෙලා ඉන්න ගෙදර අයිතිය තියෙන්නෙත් මටයි’’ කියා ගණකාධිකාරි බිරිය දෙනෙතින් නැගුණු කඳුළු කැට අතරින් පොලිසියේ මහත්වරුන් සමග කීවාය.


මොවුන්ගේ වැඩිමල් දරුවා කොළඹ ප‍්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලබන 10 හැවිරිදි සිසුවියකි.


අනෙක් දරුවාගේ වයස අවුරුදු 04ක් පමණය.


කෙසේ වෙතත් ගණකාධිකාරි බිරිය දුරදිගබලාගත්තේ බුද්ධිමත් තීරණයක් බව නම් විශේෂයෙන්ම කිවයුතුව ඇත.


කොළඹ දකුණු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේන් ගුණසේකර මහතාගේ උපදෙස් මත නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි එච්.ආර්.පී. සරත් පේ‍්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ නුගේගොඩ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දහනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන පැවැත්වේ.

m



අදහස් (0)

මධුසමයදා බිරියගේ අතට කොටුවුණ පේ‍්‍රම කුරුල්ලා

අතුල Wednesday, 16 December 2015 03:03 AM

මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

ජීවන් Wednesday, 16 December 2015 04:23 AM

ඔහු ඉතා හොඳ නළුවෙක් (බ)

:       0       0

චන්න Tuesday, 15 December 2015 02:13 PM

ලැජ්ජ නෑනේ මේ මිනිස්සුන්ට.(හේ)

:       0       0

සම්පත් Thursday, 24 December 2015 01:32 PM

මමත් බැඳලා දරු දෙදෙනෙක් ඉන්න කෙනෙක්. මටත් ඔය වගේ අත්දැකීමක් තිබෙනවා (නි)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Wednesday, 16 December 2015 06:53 PM

අධ්‍යක්ෂවරියට මෙවැන්නක්වත් තේරුම් ගන්න ශක්තියක් නැත්නම් කොම්පැණියට දෙවියන්ගේම පිහිට තමා. අනික කොම්පැණියකට විධායක නිලධාරියා වුණාට ගෙදර විධායක බලතල ඉවත්කළ ගානට ඉන්න ඇති. මොකද අයිතියකුත් නැහැනේ. කොහොමටත් තහනම් ගහේ නගින කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

සම්පත් Friday, 05 February 2016 04:40 PM

ඕවා ඔහොම තමයි (නි)

:       0       0

සම්පත් Thursday, 24 December 2015 08:25 AM

ඒ නංගිට මොකුත් වෙන්න කලින් බේරගන්න බැරි උනාද. ඒ අම්මට තියෙන්නේ නඩු දාන්නේ නැතිව උන්දැටම ඕක දෙන්න. ඔය නංගිට දැන් වෙන කොල්ලෙක් බඳින්න පුළුවන ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3213 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 366 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1009 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site