IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මාන්නාධිකම නිසා ජීවිතය වරද්දා ගත් ප්‍රාදේශීය ලේකම්වරිය

er    

 

-මානේන මක්කටෝ හෝතී අතිමානේන කුක්කුරො” යනුවෙන් ධර්මයෙහි සඳහන් වන පාළි පාඨයක් වෙයි. එහි තේරුම වන්නේ මානය නැමති අකුසලය සහිත පුද්ගලයා මරණින් මතු වඳුරු ආත්මයේ උත්පත්තිය ලබන බවයි. මානය නැමති අකුසලය වැඩිපුර තිබීම සුනඛ ආත්මයේ උත්පත්තිය ලැබීම පිණිස හේතුවන බවයි. මානය මාන්නාධික බව ආදී අකුසල පවතින්නේ මිනිස් මනසෙහිය. මනස විසින් මෙහෙයවනු ලබන පුද්ගලයා කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරයි. අකුසල ධර්මය විසින් මෙහෙය වනු ලබන මනස කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරවීම කරයි. ඇතැම්විට මානය නැමති අකුසල ධර්මය විසින් මෙහෙය වන ලද මනස පුද්ගලයා කය වචන දෙකෙන් පින් දහම් කිරීම කෙරෙහි ද යොමු කරවනු ලබයි.

SLTK_10.qxd
අකුසල් සහගත මාන්නාධිකත්වය පවක් කිරීම කෙරෙහි පුද්ගලයා යොමු කරවීම එතරම් ගැටලු සහගත එකක් නොවුණනත් මානය නැමති අකුසල් මානසිකත්වය පින් කිරීම කෙරෙහි යොමු කරවීම නම් කෙනකුට කිසියම් ගැටලු සහගත බවක් මනසට අරගෙන එන්නකි. අකුසල් මානසිකත්වයෙන් පින් කරන්නේ කෙසේද යන ගැටලුව එයයි. ඇතැම් අය තම මාන්නාධිකකම නිසාම පින් දහම් වලට මුදල් දෙයි. වෙනත් කෙනෙකු කරනු ලබන පින්කමක් දැක එහි කුසල පක්ෂය කෙරෙහි සිත යොමු කරනවාට වඩා මාන්නාධික පුද්ගලයා කල්පනා කරනු ලබන්නේ එකී ක්‍රියාවෙහි දොස් දැකීමයි. ඒ අනුව ඊට වඩා ඉහළින් පින් කමක් එම ස්ථානයේම හෝ වෙනත් ස්ථානයක සිද්ධ කිරීමට ඔහු පෙළඹෙයි. ඒ අනුව කරන පින්කම බාහිර සමාජයට පින්කමක් ලෙස පෙනෙයි. නමුත් අභ්‍යන්තරික වශයෙන් පින්කම කළ තැනැත්තා ගේ මනස පිනින් පිරුණාට වඩා කරගනු ලබන්නේ මනසේ සැඟව තිබූ සිය මාන්නාධික අවශ්‍යතාව පසුරාගැනීමයි. ඔහු හොඳ පින්කමක් කළා යයි සතුටු වන්නේ එම අදහසින්ය.


දෛනික ජීවිතය ගත කරන දෙමාපියන් ද පාසල් ගුරුවරුන් ද, හාමුදුරුවරුන් ද, රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ද මෙබඳු මානසික තත්ත්ව වලින් යුතුව කටයුතු කරන අවස්ථා තිබේ. කෙනෙක් කිසියම් ක්‍රියාවක් කිරීමේදී බාහිර සමාජයට එම ක්‍රියාවේ ප්‍රතිඵලය පමණක් පෙනුණත් කිසියම් ක්‍රියාවක වඩා වැදගත් වන්නේ එකී ප්‍රතිඵලය ඇතිවීමට බලපාන ක්‍රියාවේ අභ්‍යන්තරික පුද්ගල චේතනාවයි. නීතියේ දඬුවමක් දීම කෙරෙහි ද චේතනාව සොයා විමසා බලයි. කර්මයෙහි විපාක ලැබීමෙහි දී ද පුද්ගල චේතනාව බලපානු ලබයි. චේතනාව ක්‍රියාව, ප්‍රතිඵලය යනු කාරණා තුනකි. එම කරුණු තුනෙන් බාහිර සමාජයට ක්‍රියාව පමණක් පෙනෙයි. ප්‍රතිඵලය බාහිර සමාජයට දැනෙයි. යම් සිද්ධියක් පිළිබඳව සමාජය කතාකරනු ලබන්නේ හෝ එම සිද්ධිය පිළිබඳව අදහස් පලකරන්නේ සිද්ධියක ක්‍රියාව හෝ ප්‍රතිඵලය දෙස බලාය. නැතිනම් ඒ දෙකින් එකක් සැලකිල්ලට ගැනීමෙන්ය. එකී සිද්ධිදාමයේ අත්‍යවශ්‍ය සාධකය වන චේතනාව සමාජයට නොපෙනේ. එය සමාජයට අවබෝධ වන්නේ නැති තරම්ය. දහමට අනුව කිසියම් සිද්ධියක චේතනාව, ක්‍රියාව, ප්‍රතිඵලය යන අංශ තුනම වැදගත් වෙයි. කිසියම් ක්‍රියාවක් හොඳ නරක ආදී වශයෙන් තීරණය කිරීම සඳහා බලපානු ලබන මූලික කරුණු ලෙස ඒවා දක්වා තිබේ. තමා කැමති නිසා එම ක්‍රියාව හොඳ එක යැයි ද තමා අකමැති නිසා එම ක්‍රියාව නරක එක යයි ද තීන්දු තීරණ දෙන්නේ සද්ධර්මය ගැන දැනුමක් හෝ අවබෝධයක් නොමැති අයයි.

LIFE-P16
කෙනෙකු කතා කරනු ලබන්නේ ඔහුගේ දැනුම අනුවයි. කිසියම් කෙනෙක් කතා කරනු ලබන අදහස් වල පවතින්නේ ඔහුගේ දැනුමේ සීමාවයි. සමාජයට යමක් ප්‍රකාශ කරන විට වඩාත් බුද්ධිමත් විය යුතු වන්නේ එම නිසාය. ඇතැම් අය තමන්ගේ දැනුමේ මද බව වත් නොදැන (මන්දත්තා) අදහස් සමාජයට කියයි. ඇතැම් අය තමන්ගේ මෝඩ බව වත් නොදැන (මොමුහත්තා) අදහස් සමාජයට කියයි. ඉන් සිදුකර ගනු ලබන්නේ ද බරපතල අකුසලයකි. මානය නැමති අකුසලය පවතින්නේ මනසෙහිය. වැඩි කල් මනසේ එම සිතුවිල්ල තිබුණ හොත් එය අකුසලයක් බව ඔහුට දැනෙන්නේ නැත. ඉන් පසු එය ස්වභාවය යයි හිතන්නට පෙළඹේ. එම තත්ත්වය වඩාත් බරපතලයි. ඇතැම් විට එය මානසික රෝගී සවභාවයක් ද විය හැකිය. එබඳු රෝග සඳහා ඖෂධ ප්‍රතිකාර ද නොමැති නිසා එය වඩාත් භයානකය. මනසේ පවතින අමානුෂික බව එයයි. එනම් වරද වරදක් ලෙස තේරුම් ගැනීමට මනස අපොහොසත් වීමයි. එවිට තමන් සිතන හැම සිතුවිල්ලක්ම, කියන හැම වචනයක්ම, කරන හැම ක්‍රියාවක්ම එකී අකුසලය හා මිශ්‍ර වෙයි. එම තත්ත්වය දක්වා වර්ධනය වූ විට ඉවත් කිරීමට එතරම් ලෙහෙසි වන්නේ නැත. මෙලොව ජීවිතයට තමන්ට නොදැනෙන අන්අයට දැනෙන වරදකින් පෙළයි. හේතුව තමන්ට ද නොවැටහෙයි. මාන්නාධික බව එතරම් ගැඹුරුය.


එක්තරා ප්‍රාදේශීය ලේකම්වරියක් සිටියාය. ඇය මාන්නාධික බවින් පිරුණු තැනැත්තියකි. සිතන හැම සිතුවිල්ලකම, කියන හැම වචනයකම, කරන හැම ක්‍රියාවකම ඇය තුළ පැවති අධික මාන්නය පිරී තිබුණි. එම නිසා තම පෞද්ගලික ජීවිතයෙහි ද විවාහ ජීවිතයෙහි ද යම් යම් දෙදරුම් කෑම් ඉර තලා යෑම් ඇති විය. ඒ සියල්ලට මුල් වූයේ මනසෙහි පවතින අධික මානයයි. නමුත් තම වරද නිසා මේවා සිදුවන බවවත් ඈ නොදත්තාය. ඇතැම් විට එම තත්ත්වයට හේතු වන්නට ඇත්තේ මාන්නාධික බව නැමති අකුසලය විසින් සම්පූර්ණ පුද්ගල මනස පාලනය කරනු ලබන නිසාය. රාජකාරි ආයතනයේ ද ඇයගේ කටයුතු එසේම විය. මුල් කාලයේ කිසියම් විධානයක් දෙන විට සේවකයන් එයට බය පක්ෂපාත කමක් දැක්වූව ද එය දිගින් දිගටම අනවශ්‍ය පරිද්දෙන් සිදුවන විට ලේකම්වරිය කිසියම් මානසික පීඩනයකින් සිටින බව ආයතනය ඇතුළේ කතා බහට ද ලක් විය. ඇතැම් දින පාන්දර රැස්වීමේ කිසියම් කෙනෙකුගේ වරදක් අල්ලා ගෙන ප්‍රසිද්ධියේම බණියි. ඇතැම් කෙනෙකුට ප්‍රහාරාත්මක වදන් කියා වෙනත් කෙනෙකුගේ අතේ යවයි. “මේක මන් කිව්වා යයි කියා අරූට කියන්න” යනුවෙන් කියයි. පණිවිඩය අරගෙන යන්නා බොහෝ විට කරනු ලබන්නේ මැඩම්ගේ නම ද පාවිච්චි කරමින් එක හත කොට අනිකාට දමා ගැසීමය. තමන්ගේ ද තිබෙන යම් යම් වෛර කෝන්තර ආදිය පිරිමසා ගැනීමය. ඇතැම් විට තමන් අකමැති සේවකයන්ට ප්‍රචණ්ඩ වදන්, නියපොතු කොණ්ඩකෑලි ආදී වෙනත් අපිරිසිදු දේවල් නිර්නාමික තැපෑලෙන් යවයි. මෝඩ මිතුරන් ලංකර ගත්තාය. නිතර තමාගේ වීදුරු කාමරය අසළ සිනාසෙමින් බැගෑපත් වන අය ඉදිරියේ වීරයා වෙයි. තමාගේ උජාරු පෙන්වයි. වෙන අය කියන ආයතනයේ කේලම් අර්ථ වැඩි කර තේරුම් අරගෙන ඒ අයට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වෙයි. අනුන්ගේ තොරතුරු රහසේ කියන අය විශිෂ්ට නිලධාරින් සේ සලකයි. වාර්ෂිකව එන වැටුප් වර්ධක පත්‍රයේ ඔවුන්ගේ සේවය විශිෂ්ට යන වචනයෙන් අගයයි. සමාජයේ වැඩ කරන නිතර නිතර තමා ළඟ දැවටෙන්නේ නැති අය ඇගේ සතුරන් ලෙස සිතයි. ඔවුන්ගේ වැටුප් වර්ධක කපයි. ප්‍රසිද්ධියේ දොස් පරොස් කියයි. බැණුම් අන් අය අතේ යවයි.


කාලයක් යන විට මැඩම් කේලම් අහනවා ය යන රාවය ආයතනය පුරා පැතිරී ගියේය. කේලම් කියන අයට උසස්වීම් ද වැඩ කරන අය හෙලා දැකීම ද කරනු ලැබූවේ ඇයගේ මාන්නාධික කම නැමති මානසිකත්වය විසින් බව ඇයවත් නොදැන සිටියාය. පරිපාලනය පිළිබඳ මනා අවබෝධයක් නොතිබූ නිසා හැකියාව ඇති අයගේ හැකියාව ආයතනයේ ප්‍රයෝජනය සඳහා නොගත්තාය. එසේ ගැනීම තම මදි කමක ලෙස ඇය සිතුවාය. එවිට ඔවුන් තමා අභිබවා යන්නේ යයි කල්පනා කළාය. අධිකමානන්ය සහිත පුද්ගලයා තමාගේ ජීවිතයත් අවුල් කර ගනිමින් සමාජයේ අන්‍ය අයගේ ජීවිතත් අවුල් කර දමනු ලබයි. කතා කරන වචන වල ද්වේශය හා වෛරය ගැබ් වී තිබෙන නිසාම කලක් යන විට ඇයගේ පෞරුෂය අෘයතනය තුළ හාස්‍යයට බඳුන් විය. ඕවා පෙර කරන ලද කර්ම යැයි ඇතැම්හූ කීහ. පෙර නොවෙයි දැන් ඒවායි සමහරු කීහ.


කිසියම් කෙනකුගේ සිතුවිලි මෙහෙය වනු ලබන්නේ ද කර්මය විසින්ය. ඇතැම් කෙනෙකුට අර්ථවත් පරහිතකාමී සිතුවිලි නැගෙන්නටත් කෙනෙකුට අර්ථවත් ස්වාර්ථකාමී සිතුවිලි නැගෙන්නටත් හේතුව කුමක්දැයි විමසා බැලුවහොත් එයට ඒ ඒ අය ඒ ඒ අයගේ දැනුම අනුව හේතු කියන්නට පුළුවන. ඒ හැම හේතුවම ප්‍රශ්නයට අදාළ පිළිතුර දැයි බුද්ධියෙන් විමසා බැලුවහොත් ඒවා සියල්ල ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ගත හැකි වුවද ඒ කිසිවක් සත්‍ය වූ ඒවා නොවන බව පෙනෙයි. එයට හේතුව කර්මය තරම් ප්‍රබල ශක්තියක් ලෝකයේ නොමැති නිසාය. පුද්ගලයා ඉදිරියට ගන්නේ ද ඉහළ තනතුරු දෙන්නේ ද ඒවා අවුල අපිළිවෙල කරන්නේ ද පැසසුම් ලබාදී සැනසුම් දෙවන්නේ ද ගැරහුම් ලබා දි වැනසුම් කරන්නේ ද ආදි විවිධ දෙය කරනු ලබන්නේ කර්ම ශක්තිය විසින්ය. පුද්ගලයා උසස් කරනු ලබන්නේ ද පහත් කරනු ලබන්නේ ද ඒ දෙකම එක ළඟ කරන්නේ ද ඒ දෙක කාල පරාසයක් ඇතිව කර්න්නේ ද කර්මයයි.

අන්‍ය සියලු දෙනාටම වඩා තමා ඉහළ කෙනෙක් යයි සිතන්නට යාම මාන්නාධික කමේ ලක්ෂණයකි. අනෙක් අය තමන්ට වඩා පහත් යයි ද ඒ නිසා ඔවුන් කියන්නේ නිවැරදි දෙය වුවද සවන් දීමට අවශ්‍ය නැතයි යන සිතුවිලි ද ඇතිවෙයි. ඇතැම් විට තමන් අනෙක් සියලු දෙනාට වඩා ඉහළ කෙනකු වන්නට ද පුළුවන. එය මාන්නාධික කම නොවේ. මන්නාධික බව යනු මන් අනෙක් සියලු දෙනාට වඩා ඉහළ කෙනකුය යනුවෙන් සිතන සිතුවිල්ලය. අධික මාන්නය සහිත පුද්ගලයාගේ එක් ස්වභාවයක් වන්නේ තමන් නිවැරදිව නොදන්නා දේවල් වලටත් අදහස් පළ කරන්න යාමයි. තීන්දු තීරණ දෙන්නට යාමයි. සමාජයේ බුද්ධිමත් පුද්ගලයා එබඳු පුද්ගලයන්ගේ මානසික මට්ටම තේරුම් ගනීයි. එසේ නැත්තා ඒ ප්‍රකාශ වලට උත්තර බඳින්නට යයි. වාද විවාද ඇති කර ගනියි. දිනන්නට උත්සාහ කරයි.


එක්තරා රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් සිටියේය. ඔහු අසාමාන්‍ය ලෙස මාන්නාධික බවින් පිරිනු කෙනෙකි. රාජ්‍ය සේවය කරන කාලයේද එකී ලක්ෂණය පැවතිණි. ආයතනයේ කිසිම කෙනකුට ඔහු රිස්සුවේ නැත. විශ්‍රාම යන්නට ළං වන්න වන්න එකී ස්වභාවය එන්න එන්නම වැඩි වී ගියේය. ඔහු තුළ පැවති අධික මාන්නය නිසාම ඇසුරට හරිහමන් යාළු මිත්‍රයෙකු ද නොසිටියේය. ඔහුගේ ස්වභාවය නිසාම යාළුවෝ ඔහු හැර ගියහ. හේ විශ්‍රාම ගත්තේය. යාළු මිත්‍රයොත් අඩු නිසාම ඔහුගේ ජීවිතය ගෙදරට පමණක් සීමා විය. හොඳින් ඉගෙන ගත් දරුවන් ද සිටි නමුත් ඒ සියලු දෙනා පදිංචිව සිටියේ විදෙස් රටවලය. ඔවුහූ තාත්තා ගැන සොයා නොබැලූහ. දැඩි උඩඟුකම නිසාම දරුවන්ගෙන් ඇප උපස්ථාන ලැබීම තමාට මදිපුංචි කමක් ලෙස හේ කල්පනා කරන්නට විය. සිය බිරිඳ ද ඒ වන විට මිය පරලොව ගොස් සිටියාය. විශ්‍රාමයෙන් පසු ගෙදරට සීමා වීමත් තනිකමත් මග හැරෙන්නට කූඩුවේ සිටි බල්ලා ලිහා දැම්මේය.

ඌ සුරතල් කිරීම පුරුද්දක් කොට ගත්තේය. සතුන්ට කෑම බීම දීමෙන් හේ ඉමහත් සතුටක් ලැබීය. සුඛෝපභෝගී නිවාහන ක්‍රමයෙන් සුනඛ රජදහනක් බවට පත්විය. අපිරිසිදුකම වැඩිවිය. නිවසේ සුඛෝපභෝගී ඇඳ පුටු ද සතුන්ගේ වාසස්ථාන බවට පත් විය. විශ්‍රාමයෙන් පසු ඔහුගේ එකම රාජකාරිය වූයේ වේලාව නොවරදවා බල්ලන්ට කන්න බොන්න දීමත් වේලාවට උන්ට කිරි එක දීමත්ය. බල්ලන්ට කෑම දී ඇතැම් දින වලට ඔහු ද ඒ පිඟානේම කෑම ගනියි. බල්ලන් කන පිඟානේ තිබෙන කෑම තමන් ද ආහාරයට ගනියි. සියලු සත්වයාම එකහා සමාන යයි බුදු දහමේ ද පෙන්වා දී ඇති බව සතුන්ට කෑම දෙන ගමන් කියයි. සතුන් සමග එකටම ජීවත් වූවද කිසිම ලෙඩක් දුකක් නැත්තේය. බල්ලන්ගේ ගොඬේම නිදා ගනියි. බල්ලන් අපිරිසිදු කරන ඒවා ද ඇඳුම් වල තැවරුණත් දැන් ඒවා ඔහුට හොඳට හුරු පුරුදුය. ඥාති මිත්‍රයන් එකතු වී ඔහුගේ කල් ක්‍රියා වෙනස් කරන්න උත්සාහ ගත්ත ද තර්කානුකූලව කතාකොට ඔවුන් පරදවයි. ඔහු මැරෙන තුරුම සිය පුරුද්ද එසේම කරගෙන ගියේය. හේ මිය යනු ලැබුවේ ද අපිරිසිදු සතුන්ගේ ගොඬේය. ඔහු මිය යන විට සිරුර මත ද කිහිප දෙනෙක්ම සුවසේ නිදමින් සිටියහ. ගසක හැදෙන කුඩා පිළිලය මුළු ගසම සහ ගසේ අරටුව විනාශ කර දමන්නා සේ අධික මානය මිනිස් මනසේ අර්ථවත් බව විනාස කර දමයි. පසුව පුද්ගලයාගේ සියලු යහපත් ක්‍රියා ද විනාස කර දමයි. ඔහු සමාජයේ ගැරහීමට ද පිරිහීමට ද ලක් කරවයි. අධික මානය එතරම්ම බලවත්ය. අධික මානයෙන් කළ අකුසල කර්ම විපාක බොහෝ විට මෙලොවදීම පඩිසන් දෙනු දැකිය හැකිය.

m1912



අදහස් (0)

මාන්නාධිකම නිසා ජීවිතය වරද්දා ගත් ප්‍රාදේශීය ලේකම්වරිය

සරත් පර්ත් Friday, 04 March 2016 11:43 AM

ලෝකය දිහා තමන්ගේ ඇස්දෙකෙන් වගේම අනුන්ගේ ඇස්දෙකෙනුත් බලන්න පුරුදුවෙන්න. (ර)

:       0       0

අසේල Wednesday, 04 May 2016 10:18 AM

හොද ලිපියක්.(හේ)

:       0       0

මාධවී Wednesday, 04 May 2016 10:16 AM

මාන්නාධික ගැහැණිය විතරක් ඇයි? කුහක පිරිමියෙක් (හේ)

:       0       0

ඩැරන් Monday, 21 March 2016 04:44 AM

මාන්නාධික ගැහැනිය ලෝකෙටම සාපයක් (බ)

:       0       0

චාමර Thursday, 25 February 2016 02:24 PM

මාන්නය යනු සිතේ ඇතිවන මැනීමයි. මනින්නේ තමාට සාපේක්ෂවයි. එය මම යන සංකල්පය තව තවත් පෝෂණය කරනවා. තමා ළඟින් සිටින අයගේ මිම්ම තමාට වඩා ස්වල්පයක් වැඩිවුණ විට ඊර්ෂ්‍යාව හටගන්නවා. මෙය සිතේ මුලික ස්වභාවයක්. අධිමානය සේම හීනමානයද බැහැර කළයුතුයි. (නි)

:       0       0

රංගන Friday, 26 February 2016 10:22 AM

චාමර, ඉතා හොඳ සාරාංශයක් (හේ)

:       0       0

අජිත් Sunday, 28 February 2016 01:19 PM

මානය අපි කාටත් තියෙන දෙයක්. ඇත්තටම අපි මෙයින් කොඉතරම් පව් පුරවා ගන්නවද? අකුසල් රැස් කිරීමෙන් වැළකී සිටීමට අදිටන් කරගනිමු.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2965 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 355 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 988 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 87 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1028 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site