IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මනෝමය කායේ බලපෑම නිසා ගැබිනියක වූ පියුමන්ති

මනෝමය කාය යන්නෙන් අදහස් කරන්නේ මරණයෙන් පසු සිදුවන ක්‍රියාවලියකි. එහිදී ඕලාරික සිරුරින් ඉවත්වන මනෝමය කාය අන්තරාභවයට පිවිසේ. එහිදී අන්තරාභවයට පිවිසෙන්නෙකුට ඕලාරික ශරීරයක් හා රූපකායක් නැති වික්‍ද්ක්‍දාණමය ශරීරයක් හිමි වේ. එය වික්‍ද්ක්‍දාණයක් ඇති සංඥාමය ආත්මයකි. වික්‍ද්ක්‍දාණය සැකසී ඇත්තේ ආත්ම ගණනාවක් පුරා මනුෂ්‍යයා විසින් සිදුකෙරෙන සියලුම ක්‍රියාකාරකම් කැටි කොටගත් ශක්ති කදම්බයක් ආකාරයෙනි. මනෝමය කයකට සුවිශේෂි ශක්තියක් ඇත. එය පූර්වභවයේ ආකෘතියෙන් සිටිනා නමුදු ඇතැම් මනෝමය කායන්ට රූපය තාවකාලිකව වෙනස් කර ගත හැකිය. සමහර විට මනෝමය කයකට තවත් ශරීරයක ඇති වික්‍ද්ක්‍දාණයට බලපෑම් සිදු කළ හැකිය. මනෝමයකාය සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනේ. කෙසේ හෝ මනෝමයකාය තුළ ඇති වික්‍ද්ක්‍දාණය නිරන්තරව මනුෂ්‍යයන් සමග යම් මට්ටමක සන්නිවේදනයක් පවත්වන බව පැහැදිලිය. එහි ඇති ශක්තිය බලවත්ය. එහෙත් මනුෂ්‍යයන්ට එම සන්නිවේදනය තේරුම්ගත නොහැකිය. පහතින් පළවන කතාංගය එයට හොද උදාහරණයකි.


අත්තනායක සහ බිරිඳ සහ දියණිය පියුමන්තී දළදා මාලිගය වැඳ ගත්තේ මහත් භක්තියෙනි. අත්තනායකට හිමි කුරුණෑගල පළාතේ පොල් වත්තේ නිවාඩු කාලයේදී බිරිඳ සහ දියණිය සමඟ ගතකිරීම ඔහුගේ සිරිතය. පාසල් නිවාඩුව මාසයක් පවතින බැවින් දියණිය පියුමන්තී ආශාවෙන් වත්තට පැමිණියාය. ඇය වත්ත පුරා ඇවිද්දේ මහත් සතුටකිනි. පියා සහ මව වෙනත් කාර්යයන් සඳහා ගිය විට වත්තේ පිහිටි නිවසේ සිට ඇය අධ්‍යාපනික කටයුතුවල නියුතු වූවාය.

ඔවුන් පැමිණ දින කීපයකින් විශාල ගංවතුර තත්ත්වයක් ඇති වූයෙන් හා පාසල් නිවාඩුව දික් වූයෙන් පියුමන්ති තවත් සති තුනක් පමණ වත්තේ නතර වූවාය. ඒ කාලය තුළ පියුමන්ති නිදහසේ අධ්‍යාපනික කටයුතුවල නියුක්ත වූවාය. සති තුනකට පසු ගංවතුර තර්ජනය අවසන් විය. පාසල් ආරම්භ වූයෙන් වත්තේ සිට පියුමන්තී මාපියන් සමඟ නිවසට ගියාය. වෙනදා මෙන් පියුමන්තී උදෑසන නැගිට පාසලට යාමට එතරම් උනන්දුවක් නොදැක්වීය. හේතුව වශයෙන් ඇඟපත රිදෙන බව පැවසුවාය. එය සාමාන්‍ය දෙයක් ලෙස අවබෝධ කොටගත් මව වේදනා නාශකයක් ලබාදුන්නාය. දින දෙකකට පසුද වෙනසක් නොවීය. ඒ ආකාරයෙන්ම අසනීපය පැවතීම හේතුවෙන් පාසලට යාම මඟ හැරියේය. මව අසනීපය පිළිබඳ උනන්දුවක් දක්වමින් හේතු විමසුවාය. ඇඟපත රුදාව ඇති බව පවසමින් ඇය නිදියන්නට වූවාය. සත්වන දින වන විට දියණියගේ අසනීප තත්ත්වය පිළිබඳව මව යම් සැලකිල්ලක් දක්වමින් පවුලේ වෛද්‍යවරයා වෙත රැගෙන ගියාය. පියුමන්තී හොඳින් පරීක්‍ෂා කළ වෛද්‍යවරයා දියණිය පිටතට යවා මවගෙන් තොරතුරු විමසන්නට වූයේය. එහිදී වෛද්‍යවරයා විමසා සිටියේ ආදරය කරන තරුණයකු සිටිනවාද යන්නය. මව එයට පිළිතුර සැපයූයේ “නැත” යනුවෙනි. එහිදී වෛද්‍යවරයා කියා සිටියේ පියුමන්ති ගැබිනියකගේ ලක්‍ෂණ පෙන්නුම් කරන බවයි. ඇය දැන් මාසයක පමණ ගැබිනියක බවද වෛද්‍යවරයා පැවසීය. ඒ අවස්ථාවේ මව තැතිගෙන අඬන්නට වූයෙන් වෛද්‍යවරයාට ඇය සනසන්නට සිදුවිය. එහිදී වෛද්‍යවරයා කියා සිටියේ කිසිදු ආකාරයේ පීඩනයක් දියණියට සිදුනොකර ප්‍රශ්නය සිහි බුද්ධියෙන් විසඳාගත යුතු බවය. එසේ සිදු නොකළහොත් බරපතළ ප්‍රශ්නයක් ඇති විය හැකි බවද ඉන් දැඩි මානසික පීඩනයකට ලක් විය හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. දෑස මෙන් ආරක්‍ෂා කළ පියුමන්තිට කුමක් සිදු වූවාද යන්න මවට මහත් ප්‍රශ්නයක් වූයෙන් නිවසට ගිය සැණින් පියුමන්තීගේ මව දිගින් දිගටම ප්‍රශ්න කළාය. එහෙත් එම සිදුවීම සම්බන්ධයෙන් වචනයක් හෝ ඇය පිට නොකළාය. ඇය යහනේ සිට නොනවත්වාම අඬන්නට වූවාය. මෙය පියාට පවසන්නේ කෙසේද යන්න මවට මහත් ප්‍රශ්නයක් වූයෙන් නිවසේ අසරණව ඇය පියා එන තෙක් බියෙන් බලා සිටියාය.


පියාට කලබල නොවන ලෙස දැන්වූ මව සිදුව ඇති දේ පැහැදිලි කළාය. පළමුව පියා දෑතින් මුහුණ වසාගෙන අඩන්නට වූයේ කුඩා දරුවකු මෙනි. දෙවනුව කෝපයෙන් වියරු වැටුණේය. පියා කාමරයට ගියේය. දියණිය යහනේ අඬමින් සිටින ආකාරය දුටු පියා මඳක් පසු බැස්සේය. පියා දියණිය ඉදිරියේ අසරණව බලා සිටියේය. 


“මට කියන්න දුවේ... කවුද ඔයාට මේ අපරාධය කළේ.”


“දියණිය නිහඬව හඬනවා හැරෙන්නට කිසිවක් නොකීවාය.”


“කියන්නේ... නැද්ද.. මම නරක මිනිහෙක් කරගන්න එපා... කියනවා.”


“දියණියගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.”


“කියන්නෙ නැද්ද.... නැතිනම් මම වෙඩි තියාගෙන මැරෙනවා.”


“තාත්තේ.. මට සමාවෙන්න... මම... කියන්නේ නැහැ. වෙඩි තියලා මම මරන්න... මම මරන්න.” පියා කිසිත් නොදොඩා නිහඬව කාමරයෙන් එළියට බැස්සේය. ඔහු දැඩි කල්පනාවක නියුක්ත වූයේය. මවට පමණක් යමක්... පැහැදිලි කළේය. මට හිතාගන්න අමාරුයි එහෙම දෙයක් වෙයි කියලා. පියා හිස සලා නිහඬව සිටියේය. කළ යුත්තේ කුමක්දැයි ඔහු තීරණය කළේය. දියණියගෙන් මව දිගින් දිගටම ප්‍රශ්න කළ ද කිසිවක් කීමට ඇය උත්සාහ නොගත්තාය. අඬමින් සිටින්නට වූවාය. ඇයි අඩන්නේ.... කියන්න බැරි ඇයි.... අපි ඔක්කොම අමාරුවේ වැටෙන්න කලින් කියන්න දුවේ... තාත්තා ඉන්නේ තරහින්.. මම බොහොම අමාරුවෙන්... තාත්තා සනසා ගත්තේ. ඇයි... නොකියන්නේ..... කවුද මේ අපරාධය කළේ... ඔයා තනියම හිටියේ වත්තේ විතරයි. මට කියන්න බැරි හේතුවක් තියෙනවද..... රහසක්ද වත්තේදී ද කරදරය සිද්ධ වුණේ..


පියුමන්තී නිහඬව අඬනවා හැරෙන්නට කිසිත් නොකියා සිටියාය. කිසිදු ආකාරයකින් පියුමන්තිගෙන් පිළිතුරක් නොලැබීම දෙමාපියන්ට මහත් ප්‍රහේලිකාවක් වූයේය. විසඳුමක් සොයා ගැනීමට ගන්නා උත්සාහයන් සියල්ල දිය වී යාම ගැන මව කනස්සල්ලට පත් වූවාය. දියණියට කුමක් කරන්නේද යන්න ඊළඟ ප්‍රශ්නය විය. ඇය නිවසේ තබාගැනීම බලවත් ප්‍රශ්නයක් විය හැකි බැවින් ඉක්මනින් විසඳුමක් සොයා ගැනීම අවශ්‍ය යන්න පියාගේ තීරණය විය. මේ අතර දියණියට රහසිගතව පෙම්වතකු සිටියා ද යන්න සොයා බැලුවද කිසිවක් හෙළි නොවීය. ඥාතීන්ගෙන් සහ පියුමන්තීගේ මිතුරියන්ගෙන් රහසක් වශයෙන් තබා ගැනීම මහත් ප්‍රහේලිකාවක් වූයේය. ඥාතීන් වෙතින් හා හිත මිතුරන් වෙතින් දියණියට දුරස්ව තැබීම සඳහා විදේශ ගත කිරීමට තීරණය කළේය. ඇය උසස් අධ්‍යාපනය හැදෑරීමට විදෙස් ගත වූ බව කියා සිටියේය. ඒ අතර පියුමන්ති මවක් වූයේ කවුරුන් නිසාද යන්න සෙවීම පියා අත්නොහැරියේය.


ඉතා රහසිගතව උපදේශක- යන්ගෙන් සහයක් ලබාගැනීම පියාගේ අරමුණ විය. සියලු තොරතුරු මාපියන්ගෙන් ලබාගත් පසු උපදේශකයෝ පළමුව මාපියන්ගේ තොරතුරු නිරීක්‍ෂණය කළහ. එහිදී පියුමන්තීට කිසිදු ආදරවන්තයකු නොවූ බව සොයා ගැනිණි. ඊළඟ පියවර වූයේ ඇයට බලහත්කාර කමක් සිදුවූවාද යන්නය. එහිදී උපදේශකයෝ පියුමන්තී සමග සුහදව කතා බහක යෙදුණහ. එහිදී බලහත්කාරකමක් සිදුනොවූ බවද අවධාරණය කෙරිණි. පියුමන්තීගෙන් ඇය මෙම තත්ත්වයට පත්වූයේ කෙසේද යන්න විමසුවද ඇය කිසිවක් හෙළි නොකර අඬාවැටීම නිසා මෙම සිදුවීම් පෙළෙහි නොපෙනෙන ප්‍රවේශයක් ඇති බවට සැකයක් මතුවූයෙන් පියුමන්තීගේ සහ මාපියන්ගේ අවසරයෙන් ඇය මෝහන ප්‍රතිගමනයට ලක් කෙරිණි.


(මෙහි පළවන්නේ මෝහන ප්‍රතිගමනයේ දී හෙළි වූ තොරතුරුවලින් තෝරාගත් කොටස් කිහිපයකි)


“ඔබට පැහැදිලියි... දැන් ඔබ පාසල් යන යෞවනියක්.. ඔබ හැඩකාර යෞවනියක්.”


“කාලය ක්‍රමයෙන් ගෙවී යනවා.”05_PAGE_2_T


“ඔබ... නිවාඩුව ගත කිරීමට වත්තට යනවා..”


“පැහැදිලිද මම කියන දේ.”


“පැහැදිලියි.”


“දැන් ඔබ සතුටින් එහි ගත කරනවා. පැහැදිලි කරන්න ඔබ කවුරුන් හෝ සමග හිතවත් කමක් ඇතිවෙනවද”


“නැහැ”


“හොඳින් කල්පනා කරන්න.”


“නැහැ”


“කවුරු හරි ඔබට සමීප වෙලා ඉන්නවද”


“මගේ හිත ඇතුළට කවුද රිංගලා.”


කවුද... කොහොමද... රිංගුවේ.”


“දළදා මාලිගාව ළඟදී.”


“ඔබ කොහොමද දන්නේ.”


“ඔහු මට කියනවා.”


“මොනවද ”


“මමත් එක්ක ජීවත්වෙන්න අවශ්‍යයි කියලා.”


“කවුද කියලා කියන්න”


“කිසි දෙයක් කියන්නෙ නැහැ. මම දාලා යන්න බැහැ කියනවා.”


“ඔබ මාපියන්ට කියන්නේ නැද්ද”


“ඉඩ දෙන්නේ නැහැ.”


“ඇයි”


“මම වැඩකරන්නේ හිත ඇතුළේ ඉන්න කෙනා කියන විදියට”


“ඔබ බය වෙලාද”


“මම යටත්වෙලා”


“දැන් පැහැදිලි කරන්න ඔහු මොනවද කරන්නේ කියලා”


“මට කියනවා ඔහු කියන දේ කරන්න කියලා.”


“මොනවද කියන්නේ”


“මමත් එක්ක ජීවත්වෙනවා කියනවා.”


“ඔබ ගැබිනියක් වූයේ බලහත්කාරකමක් නිසාද”


“නැහැ”


“පැහැදිලි කරන්න පුළුවන්ද”


“ඇය නිහඩව සිටියාය.”


“ඔබට පැහැදිලි කරන්න පුළුවන්.”


“මට.... බලකළා ඇඟ ඇතුළේ ඉන්න කෙනා.”


“මොකටද”


“එයා මගේ ඇඟ ඇතුළේ ඉඳන් කියනවා.”


“මොනවද කියන්නේ”


“එයත් එක්ක.. එක්.... වෙන්න කියලා”


“කවුරු එක්කද”


“නොකියා සිටී.”


“කියන්න පුළුවන් ඔබට කරදරයක් වෙන්නේ නැහැ.”


“නිහඬව සිටී”


“ඔබ... දැන් ගැබිනියක්... ඔබ ඒ තත්ත්වයට පත් වූයේ කොහොමද.... කියන්න.... කවුද ඔබේ ආදරවන්තයා.”


“ආදර වන්තයෙක් නැහැ.”


“කවුද එයා”


“මට බලකළා... ඔහු එක්ක යාළු වෙන්න කියලා.”


“කවුද බලකලේ.”


“හිත ඇතුළේ ඉන්න කෙනා”


“කොහොමද පැහැදිලි කරන්න.”


“තේරෙන්නේ.... නැහැ ඔහු.. මගේ ඇඟ ඇතුළේ ඉන්නවා.... මට බල කරනවා.”


“මොනවද කියන්නේ”


“යාළු වෙන්න කියලා”


“දැනගන්න අවශ්‍යයි ඔහු කවුද කියලා”


“නිහඬව සිටී”


“ඔබ කැමැති නැහැ කියන්න. ඇයි ඒ”


“මට එපා කියනවා”


“කවුද”


“හිතේ ඉන්න එක්කෙනා.”


“අපිට ඔහු පිළිබඳ දැන ගන්න අවශ්‍ය නැහැ සිද්ධිය පැහැදිලි කරන්න.”


“ඔහු මම එක්කරගෙන ගියා.”


“කවුද ඔහු කියන්නේ”


“හිත ඇතුළේ ඉන්න කෙනා.”


“කොහාටද”


“නිහඬව සිටී”


“ඇයි”


“ඉඩදෙන්නේ නැහැ”


“අපිට දැනගන්න අවශ්‍යයි.”


“මට කියනවා එයාගේ ළඟට යන්න කියලා”


“මොකටද... කාගේ ළඟටද”


“උප්පත්තියක් ලබා ගන්න”


“ඔබ කැමැති වුණාද”


“නිහඬව සිටී”


“ඇයි කැමැති වුණේ. ඔබ තවමත් පාසල් යන දැරියක්.”


“මට කරන්න දෙයක් නැහැ. මට බල කරනවා කැමැති වෙන්න කියලා.”


“විස්තර කරන්න”


“එයාට මගේ අම්ම වෙන්න ආසයිලු”


“ඇයි”


“උත්පත්තියක් ලබා ගන්න”


“කවුද ඔබ තෝරගත්තෙ”


“මම නොවෙයි එයා තෝරගත්තා”


“පැහැදිලි කරන්න”


“එයා මම හොයාගෙන ආවා”


“ඔබ කැමැති වුණා.”


“මම දන්නේ නැහැ මොනව වුණාද කියලා”


“එ කියන්නේ ඔබ අවසිහියෙන්ද හිටියේ”


“මට මතකයක් නැහැ හරියට මොකද්ද සිද්ධවුණේ කියලා”


“අපි එකට හිටියා... වගේ මතකයි.”


“කී දවසක් ඒ විදියට එකතු වුණාද”


“නිහඬව සිටී”


“හරියටම මතකද”


“මතක නැහැ”


“ඒ වෙලාවට ඔබට අවසිහිය තත්ත්වයක් ඇති වෙනවද”


“නිහඬව සිටී”


“ඔබත් එක්ක ඉන්නේ කවුද කියලා තේරෙනවද”


“නැහැ”


“කවුද”


“කියන්න ඉඩ දෙන්නේ නැහැ.”


“අපි කරදරයක් කරන්නේ නැහැ. කියන්න උත්සාහ ගන්න”


“ඔහු දැන් නැහැ” 


“කොහේද”


“හිතේ”


“දැන් ඇඟ ඇතුළේ හිටිය කෙනා කතාකරන්නේ නැද්ද”


“නැහැ”


“ඇයි” 


“ඔහු උත්පත්තියක් අරන් මගේ ඇඟ ඇතුළේ.”


“දැන් ඔහු මොකද කියන්නේ”


“කිසිදෙයක් කියන්න ඉඩ දෙන්නේ නැහැ”


“ඔබ සිරකරගෙනද ඉන්නේ”


“තේරෙන්නේ නැහැ”


පර්යේෂකයන් සිදුකළ සොයාබැලීමේ දී පැහැදිලි වූයේ ශක්තිමත් වික්‍ද්ක්‍දාණයකින් යුත් මනෝමකායක් අන්තරාභවයේ සිට දැරියගේ සිතට රිංගා ඇයගේ වික්‍ද්ක්‍දාණය පාලනය කරන බවයි. මනෝමය කායන්ට එවන් දේ කළ හැකි බව විද්‍යාත්මකව පිළිගෙන ඇත. එහිදී මනෝමය කාය අන්තරාභවයේ සැරිසරමින් සිටියදී දළදා මාලිගය ආසන්නයේ මෙම දැරිය සොයා ගෙන ඇත. එතැන් සිට දැරියගේ සිත තුළට රිංගා ඇයගේ ආත්මය තුළින් උත්පත්තියක් ලබාගැනීමට මනෝමය කාය උත්සාහයක නියළිණි.


මෙම මනෝමය කාය පෙර ආත්මයේ සිටම මෙම දැරිය සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ සිත තුළට රිංගා වික්‍ද්ක්‍දාණය පාලනය කළ මනෝමය කාය දැරියගේ සිතීමේ තීරණ ගැනීමේ හා අවබෝධ කොට ගැනීමේ- හැකියාව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට පසුව දැරිය පහසුවෙන් මනෝමය කායට අවශ්‍ය පරිදි පාලනය කළේය. එහිදී මනෝමය කායට අවශ්‍ය වූයේ දැරිය මවක් ලෙස යොදාගෙන උත්පත්තියක් ලබා ගැනීමය. ඒ සඳහා හේතු සාධක කිහිපයක් මුල්විය හැකිය. පළමුවැන්න දැරියගේ සෑම ආත්ම භවයකදීම එම මනෝමය කාය දැරිය මවක් ලෙස යොදාගනිමින් උත්පත්තියක් ලබා ගැනීමය.

 දෙවැන්න එවන් උප්පත්තියක් සඳහා අවශ්‍ය කාල අවකාශය දැරියට අහිමි වීමය. සමහර විට අඩු වයසින් හෝ වෙනත් හේතු සාධකයක් නිසා දැරිය මරණයට පත්වන බැවින් මනෝමය කාය එයට පෙර හදිසි උත්පත්තියක් සඳහා දැරිය යොදා ගැනීමය. තෙවැන්න අන්තරාභවයේ සිටි මනෝමයකාය ආසන්න කාලයකදී සුගතගාමි තත්ත්වයට ළඟාවීම නිසා භවයෙන් භවය දැරියගේ ආත්මයට එක්වීම වැළකී යාහැකි බැවින් ඉක්මනින් දැරිය තුළින් මනුෂ්‍ය ආත්මයකට පිවිසීමය. වෙනත් හේතුසාධකයක් මුල්කොට හෝ දැරිය තුළින් උත්පත්තියක් ලැබීමට මනෝමය කයට අවශ්‍ය වුවද දැරිය වැඩිහිටි තත්ත්වයට පත්වීමට යම් කාලයක් අවශ්‍ය බැවින් ඊට පෙර දැරිය තුළින් උත්පත්තියක් ලබා ගැනීමට අවශ්‍ය වූයෙන් ඇයගේ සිත තුළට රිංගා වික්‍ද්ක්‍දාණය පාලනය කොට මනුෂ්‍ය ආත්මයක් ලැබීමට පුරුෂයකු අවශ්‍ය බැවින් පහසුවෙන්ම තෝරාගත් පුද්ගලයකු ගේ සිතට රිංගා ඔහුගේ වික්‍ද්ක්‍දාණයද වෙනස් කොට දැරිය හා ඔහු එක් කළේය. අවසානයේදී මනෝමයකාය දැරියගේ ගැබ තුළින් මනුෂ්‍ය ආත්මයට පිවිසියේය. මෙම සිදුවීම ආත්මයෙන් ආත්මයට යන කර්ම විපාකයේ එක් අවස්ථාවක් යන්නද බැහැර කළ නොහැකිය. මෙහි කතාංගයේ අවසානය ඉතා අනුවේදනීයය. එබැවින් එම කොටස කතාංගයෙන් ඉවත් කරන ලදී.
මෙම කතාංගයේ නාම එම කතාංගයේ ගැළපුම සඳහා පමණි.

m



අදහස් (0)

මනෝමය කායේ බලපෑම නිසා ගැබිනියක වූ පියුමන්ති

ආරියරත්න Wednesday, 08 February 2017 12:13 PM

බුද්ධ ධර්මයේ ඕවා නැහැ. (අ)

:       0       0

හින්නි Thursday, 09 February 2017 03:52 AM

අපි සමාජයක් හැටියට තව ටිකක් පතපොත කියෙව්වා නම් හොඳයි කියලා හිතෙනවා. (නි)

:       0       0

ඉන්දික Thursday, 09 February 2017 05:06 AM

මේක කතන්දරයක් මිසක් ගවේෂණයක්ම කියලා කියන්න බැහැනේ. මෝහනය කළා කියලා දැරියගේ හිතේ තියන කතන්දර ඇත්ත වෙන්නේ කොහොමද? (නි)

:       0       0

බුද්ධික Thursday, 09 February 2017 05:27 AM

මේක නම් අදහාගන්නත් අමාරුයි (නි)

:       0       0

මල්කාන්ති Thursday, 09 February 2017 06:15 AM

අදහාගන්නත් අමාරුවුණා මටත් (නි)

:       0       0

යොහාන් Thursday, 09 February 2017 07:14 AM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

අයේෂා Thursday, 09 February 2017 07:18 AM

මෙහෙම දේවල් වෙන්නේ අබුද්දස්ස කාලෙට (නි)

:       0       0

දිනේෂ් Thursday, 09 February 2017 07:19 AM

අපි දන්නේ බොහොම ටීකයි. ඒ දේවල් වලින් හැමදේම තිරණය කරන්න බැහැ (නි)

:       0       0

දමයන්ති Thursday, 09 February 2017 07:15 AM

අනේ මන්දා! (නි)

:       0       0

රුවන් Thursday, 09 February 2017 08:14 AM

නොදන්න බොහො දේවල් විශ්වයේ පවතිනවා. කියවන්න පතපොත (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 09 February 2017 12:57 AM

ආරියරත්න, ඔයා තව බෞද්ධ පොතපත කියවන්න. දන්නවද බුදුපියාණන් වහන්සේ තමන්ගේ රූපයක් මවලා දෙවියන්ට බණ කියන්න සළස්වපු විදිය. චුල්ලපන්ථක රහතන් වහන්සේ තමන් වගේ දහසක් දෙනා මවාගෙන වැඩසිටි විදිය... (නි)

:       0       0

වර්නන් ලියනගේ Sunday, 12 February 2017 06:20 AM

බුදු දහමෙහි අන්තර්භවයක් ගැන සඳහන් වේද? විඤ්ඤානය තනිව පවතින්නේද නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 584 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 56 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 166 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 206 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 145 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 215 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site