IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මම කැඩිලා ආවට පස්සෙ තමයි යුද්ධය දිනුවෙ

05pg-12d--main-pgs

 

 

 buttonයුතුකම් දන්න අයනම් මට ජීවිතාන්තය පුරාවටම මන්තී‍්‍රකම දෙන්න  ඕනෑ.

 

button සුසිලූයි අනුර යාපායි මාව  ජාතික ලැයිස්තුවට දානව කීවා. දැම්මේ නෑ.

 

 buttonඑදා වැරදි දෙයක් කළ මට හරි මාර්ගයට එන්න බැරිද?

 

buttonඅපේ රටේ ඔයවගේ මානව හිමිකම් කඩවෙලා නෑ.

 

buttonමාත් එක්ක හිටපු සේනාංකයේ 6000ක් යුද්ධයෙන් ඉවත් කරල ගෙවල් වලට යවපු එකම උදව්වක් නෙවෙයිද?

 

button මම ඉන්දියාවෙ ඉඳල උදව් කරන්න ලංකාවට ආවෙ මගේ ජීවිතය පරදුවට තියලා.

 

button ප‍්‍රභාකරන් යටත් වෙන්නෙ නෑ. ඔහු වෙඩි තියාගත්ත කියලයි මම හිතන්නෙ.

 

 

 

වෙළුපිල්ලේ ප‍්‍රභාකරන් හිටපු එල්ටීටීඊ නායකයා සියදිවි නසාගන්නට ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉන්දීය මාධ්‍යයකට ප‍්‍රකාශයක් කර තිබිණි. කාලයක් ප‍්‍රභාකරන් සමග සමීප හිතවත්කම් දැක්වූ ඔහු ඒ පිළිබඳව ඉරිදා ලංකාදීපය සමඟ පැවැති සාකච්ඡාවේදී මෙසේ කීය.

 


ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ගෙ අවසන් අවස්ථාව පිළිබඳව ඔබ විදේශ ජනමාධ්‍යයකට කරුණු දක්වල තිබුණා.
පිළිතුර -
ඔව්. ඔවුන් මගෙන් ඒ ගැන ඇහුවා. ප‍්‍රභාකරන්ගෙ අවසානය සිදුවිය හැකි යැයි මම හිතන ආකාරය මම ඔවුන්ට කිව්වා.

 


ප‍්‍රශ්නය - ඔබ හිතන්නේ කියන්නෙ ඇයි?
පිළිතුර -
මම ඒ අවස්ථාවෙ එතැන හිටියෙ නැහැ. හැබෑ සිදුවීම මම දන්නෙ නැහැ. මම බොහොම ළඟින් ප‍්‍රභාකරන් ඇසුරු කළ කෙනෙක්. ඔහුගේ ගති සිරිත් මම හොඳටම දන්නවා. ඔහු කීයටවත් හමුදා ප‍්‍රහාරයකින් මිය යන්නේ නැහැ. කිසිසේත්ම යටත් වෙන්නෙත් නැහැ. ඒ චරිතයෙ හැටියට හමුදාවට අහුවීමට පෙර ඔහු තමන් විසින්ම ඔළුවට වෙඩි තියාගන්න ඇති කියලයි මගේ විශ්වාසය. ඒ අනුව මම මගේ ප‍්‍රකාශය කළා.

 


ප‍්‍රශ්නය - ඔබ තනිවී ඉන්න අවස්ථාවෙ මේ වගේ ප‍්‍රකාශයක් කළේ?
පිළිතුර -
මම තනිවෙලා නැහැ. මීට පෙර කවුරුවත් මගෙන් එහෙම ප‍්‍රශ්නයක් අහල තිබුණේ නැහැ. දේශීය මාධ්‍යවේදීන්වත් අහල තිබුණේ නැහැ. ඒ මාධ්‍යවේදියා ඇහුව දේට මම උත්තර දුන්නා. එපමණයි.

 


ප‍්‍රශ්නය - ජිනීවා මානව හිමිකම් චෝදනාවලින් අපේ  අය ගලවාගැනීමේ චේතනාවක් තිබුණද?
පිළිතුර -
අපේ රටේ ඔය වගේ මානව හිමිකම් කඩවෙලා නැහැ. එකම දේ මගෙන් අහපු ප‍්‍රශ්නයට මට තේරුණ දේ කිව්වා.

 


ප‍්‍රශ්නය - ඔබ වසර කීයක් ප‍්‍රභාකරන් ඇසුරු කළාද?
පිළිතුර -
අවුරුදු 25 ක් විතර

 


ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ගෙ සිරුර හඳුනාගැනීමට ඔබ එම ස්ථානයට යැව්වේ කවුද?
පිළිතුර
- මහින්ද රාජපක්ෂ

 


ප‍්‍රශ්නය - සරත් ෆොන්සේකා නෙවෙයිද?
පිළිතුර -
නැහැ. සරත් ෆොන්සේකා කිව්වේ පට්ටපල් බොරු. එයාගෙ පණ්ඩිතකම්  කියවගෙන කියවගෙන ගියා. කරුණා අම්මාන් යුද්ධයට ශත 5 ක්වත් උදව්වක් කළේ නැහැ කිව්වා.

 


ප‍්‍රශ්නය - ඔබ යුද්ධයට කළ උදව්ව මොකක්ද?
පිළිතුර -
එදා මම සියල්ල එපා කියල ඉන්දියාවට ගියා. මම ප‍්‍රභාකරන්ගෙ කි‍්‍රයා පිළිවෙතට එකඟ වුණේ නැහැ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා, ගෝඨාභයයි, හුළුගල්ලයි ඉන්දියාවට එවල මාව ගෙන්වාගත්තා. මම යුද්ධයට උදව් කරපු එකට ප‍්‍රති උපකාර හැටියට මට මන්තී‍්‍රකමක් දුන්නා. ඇමැතිකමක් දුන්නා. එහෙම නැතිව මහින්ද රාජපක්ෂ මාව යළි ගෙන්වාගන්න හේතුවක් තියෙන්න එපායැ. මහින්ද මගේ ඥාතියෙකුත් නෙවෙයිනේ. මම කොහේවත් හිටපු ත‍්‍රස්තවාදියෙක් විදිහටම ඉන්න අරින්න තිබුණානේ. ඒක ළදරු පාසල් යන දරුවෙක්ට උනත් තේරෙන දෙයක්. මම ප‍්‍රභාකරන් එක්ක අමනාපයෙන් ඉන්දියාවට ගියේ. ඉන්දියාවෙ ඉඳල ඇවිල්ල මම රජයට යුද්ධය දිනන්න උදව් කළා.

 


ප‍්‍රශ්නය - යුද්ධය දිනන්න ඔබ කළ උදව්ව මොකක්ද?
පිළිතුර -
මාත් එක්ක හිටිය හමුදා සේනාංකයෙ 6000ක් යුද්ධයෙන් ඉවත් කරල ගෙවල්වලට යවපු එකම උදව්වක් නෙවෙයිද? ඒ සිද්ධියෙන් පස්සේ තමයි ප‍්‍රභාකරන්ගෙ බලය හීනවෙන්න ගත්තෙ. මම එල්ටීටීඊ එකෙන් ඉවත්වීමම යුද්ධය දිනන්න උදව්වක් නෙවෙයිද? සරත් ෆොන්සේකාට ෆීල්ඞ් මාෂල්කම හම්බ වුණාට පස්සේ අතීතය අමතක වෙන්න ඇති. කිසිම උදව්වක් කළේ නැහැ කියන්නේ එයාගෙ තියෙන බොහොම නරක ගතියක්. සරත් ෆොන්සේකා ජනාධිපතිවරු තුන්දෙනෙක් යටතේ යුද්ධය කළා. නමුත් එයාට යුද්ධය ජයග‍්‍රහණය කරගන්න බැරිව ගියා. චන්ද්‍රිකා එයාව විශ‍්‍රාම යැව්වා. මහින්ද රාජපක්ෂ නැවත ඔහු ගත්තා. වසර 22ක් එයා ඔය යුද්ධයට සම්බන්ධවෙලා හිටිය. ඒත් දිනාගන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂගෙ කාලයෙදි. මම මහින්ද රාජපක්ෂ එක්ක හිටියෙ. සරත් ෆොන්සේකා මුල් ජනාධිපතිවරු දෙන්නත් එක්ක ඉන්න කාලෙ මම හිටියෙ එල්ටීටීඊයෙ. මම කැඩිල ආවට පස්සේ තමයි යුද්ධය දිනුවෙ. හමුදාව විශිෂ්ඨව කි‍්‍රයා කළ එක ඇත්ත. ජයග‍්‍රහණයට මගෙනුත් විශාල දායකත්වයක් ලැබුණා.

 


ප‍්‍රශ්නය - යුද්ධය පැවැති කාලයෙදි ඔබ සරත් ෆොන්සේකා එක්ක සාකච්ඡා කරල තියෙනවද?
පිළිතුර -
බොහොම අවස්ථාවලදී සාකච්ඡා කරල තියෙනවා. හමුවී තියෙනවා. අනන්ත අප‍්‍රමාණ වශයෙන් යුද්ධයට අදාළ කරුණු ගැන කතා කරල තියෙනවා.

 


ප‍්‍රශ්නය - ඔබ වචනයෙන් පවා යුද්ධයේ ජයග‍්‍රහණයට උදව් කළා කියලද කියන්නේ.
පිළිතුර -
ඔව්. මිනිස්සුන්ගෙන් උදව් අරගෙන මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ඒ උදව් අමතක කරල බලූ මාක් එකට දාන එක වැරදියි. මම ඉන්දියාවෙ ඉඳල උදව් කරන්න ලංකාවට ආවෙ මගේ ජීවිතය පරදුවට තියලා. කොටි සංවිධානය අත ඇරල දාපු එකට ඒ අය බලාගෙන හිටියෙ මාව මරල දාන්න. ඒ තර්ජනය අදටත් නැහැ කියල කියන්න පුළුවන්ද? එහෙම කරපු මට බොරුවට සීනි බෝලයක් පෙන්නුවා. මට ඡන්දය ඉල්ලන්න පුළුවන්. ඒත් කොටින්ට උදව් කළ දෙමළ ජනතාව මාව ද්‍රෝහියෙක් විදිහට සලකාවි. යුතුකම් දන්න අය නම් මට ජීවිතාන්තය පුරාවටම මන්තී‍්‍රකම දෙන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය - දැන් ඔබට මොකද වෙන්නෙ?
පිළිතුර -
මම දිගටම දේශපාලනය කරනවා. මෙච්චර උදව් කරලත්  සන්ධානයෙ ජාතික ලැයිස්තුවට දානව කිය කියා ඉඳල අන්තිම මොහොතෙ දැම්මෙ නැහැ.

 


ප‍්‍රශ්නය - ජාතික ලැයිස්තුවෙන් කපා දැම්මේ ඇයි?
පිළිතුර -
දන්නේ නැහැ. ජාතික ලැයිස්තුවට දානව කිය කියා ඉඳල අන්තිම මොහොතෙ කපා දැම්මා.

 


ප‍්‍රශ්නය - ජාතික ලැයිස්තුවෙන් දෙන්නම් කිව්වේ කවුද?
පිළිතුර -
අනුර පි‍්‍රයදර්ශන යාපයි, සුසිල් පේ‍්‍රමජයන්තයි.

 


ප‍්‍රශ්නය - ඔබ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී කතා කළාද?
පිළිතුර
- මෙතෙක් නැහැ.

 


ප‍්‍රශ්නය - මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
පිළිතුර -
කරුණා අම්මාන්ට කැමැති මිනිස්සු තවම නැගෙනහිර ඉන්නවා. ඒ අය බොහොමයක් සුරක්ෂිත වුණේ මම නිසා. ස්වාධීනව දේශපාලනය කළා නම් මම දිනනවා. මට අවශ්‍ය වී තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයට ඇවිත් ජාතික දේශපාලනය කරන්නයි. නමුත් ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව මට ලැබිල තිබුණේ නැහැ. බලන්න ස්වාමිනාදන් රනිල්ගෙ මිතුරෙක්. ඔහුට අමාත්‍යාංශයක් දීල කොයිතරම් සේවයක් කරගන්නවද? මට හොඳ සේවයක් කරන්න අමාත්‍යාංශයක් ලැබුණේ නැහැ. මට උපකාරයක් වශයෙන් අමාත්‍යාංශයක් දුන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමා රටේ සංවර්ධන වැඩ කළා. නමුත් ජනතාවගෙ හදවතට දැනෙන සේවයක් වුණේ නැහැ. මට බාරදී තිබුණු අමාත්‍යාංශයෙ මට්ටමින් යමක් කරගන්න බැරි වුණාට රාජපක්ෂ රජයේ හිටපු ඇමැතිවරු ගණනාවක්  නැගෙනහිර සංවර්ධනයට උදව් කළා. ඒ කාලය තුළ සිංහල, දෙමළ මිනිස්සු අතර සංහිඳියාවක් ඇති කළා. මහින්ද රාජපක්ෂට නැගෙනහිරින් ඡන්ද වැඩි වුණේ ඒ නිසයි.

 


ප‍්‍රශ්නය:- සරත් ෆොන්සේකාගෙ ප‍්‍රකාශය ඔබ ප‍්‍රතික්ෂේප කරනවාද?
පිළිතුර:-
ඔව්. කවුරු මොනවා කිව්වත් රටට සාමය ගෙන ඒමේ පළමු නියමුවා මම. රට වෙනුවෙන් හොඳ වැඩක් කළා කියලා මම තෘප්තිමත්. මුලදි වැරදි මාර්ගයක ගිය එක ඇත්ත. බුදුහාමුදුරුවොත් වැරදි මාර්ගයෙ ගිය අනන්තවත් මිනිස්සු යහමඟට ගෙනැල්ල තිබුණා. එදා වැරදි දෙයක් කළ මට හරි මාර්ගයට එන්න බැරිද? මේ රටේ වැඩි දෙනා බෞද්ධාගමිකයො. ඔවුන් ආගමානුකූලව මම දිහා බැලූවත් මට සාධාරණයක් කරාවි. දේශපාලනඥයො කියන ජරා ජාතිය මොනව කළත් පුද්ගලිකවම මගේ මැදිහත්වීම ගැන සතුටු වෙනවා. කවුරු මොනවා කිව්වත් මේ රටට මම විශාල සේවයක් කර තිබෙනවා. මම කරපු උදව් කාගෙ කාගෙත් හිත්වල ඇති.

 


ප‍්‍රශ්නය - ඔබ දේශපාලනය හැර වෙනත් වෘත්තියක යෙදිල ඉන්නවද?
පිළිතුර -
අපේ පරම්පරාවම ගොවිතැන් කළ අය. ජීවනෝපාය වුණේ කෘෂිකර්මය. මටත් පිය උරුමයෙන් හිමිවූ ඉඩකඩම් තියෙනවා. මම ඒවා දියුණු කර තියෙනවා.

m



අදහස් (0)

මම කැඩිලා ආවට පස්සෙ තමයි යුද්ධය දිනුවෙ

සුපුනි Wednesday, 09 September 2015 05:17 AM

අපේ අහිංසක රණවිරුවෝ නොවෙයි ද ගොඩක් දුක් විදලා යුද්ධය දිනුවේ මොකද ඔයාලා හැමෝම මේ විදියට කතා කරන්නේ (ම)

:       0       0

තුවාන් Wednesday, 09 September 2015 06:32 AM

ඉස්සර හිටපු එක්කෙනෙක් කියාගෙන හිටියා, එයා තමා තනියෙන් යුද්දේ කරේ කියා, එහෙනම් මෙතුමාත් ඉන්නවා ඔය පෝලිමේ. තව කීදෙනෙක් එයි ද මේ වගේ. (අ)

:       0       0

සමන් Tuesday, 08 September 2015 01:05 PM

මොන දේ වුණත් මොහු එල්ටීටීඊ එකෙන් කැඩිලා ආවේ නැත්තම් යුද්ධය දිනන්න තවත් කල් යනවා.සමහරවිට බැරි වෙන්නත් පුළුවන්.මොනවා කවුරු කිවුවත් යුද්ධයට විශාල දායකත්වයක් ලැබුණා මෙයාගෙන්. (නි)

:       0       0

කුලරත්න Tuesday, 08 September 2015 05:16 PM

නොදැන සිටි බොහෝ කරුණු දැනගත් හොඳ ලිපියක් (නි)

:       0       0

සල්ගාදු පැරිස් Tuesday, 08 September 2015 05:21 PM

කරුණා අන්තිම කාලයේ රජයට උදවුකළ බව සැබෑය. කරුණා අම්මාන් කළ වැරදි පිළිගෙන නිසි මඟට පැමිණ තිබෙන අතර ඔහුට විරුද්ධව කිසිවක් කිරීම නුසුදුසු බව හැ‍ඟේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 06:47 PM

නුවන්,ගණන් ගන්න එපා. සමහරුන්ගේ මොළ හෝදලයි තියෙන්නේ.අපි ඔවුන්ට අනුකම්පා කරමු. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 06:50 PM

විජේරත්න,මොහු යුධ ජයග්‍රහණයට විශාල දායකත්වයක් දක්වපු කෙනෙක් විතරක් නෙමෙයි, ලංකාවේ අහිංසක මිනිස්සු සිය ගණන් ඝාතනය වුණ සිදුවීම් වලටත් විශාල දායකත්වයක් දක්වපු කෙනෙක්. (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 08 September 2015 07:47 PM

අපේ අයගේ කතා බැලුවහම මට හිනා ගියා (නි)

:       0       0

සරත් Tuesday, 08 September 2015 08:51 AM

කරුණා මුලින් වැරදි කළ එක ඇත්ත. ඒ වුණත් ඔහුගෙන් යුද්ධයට ලැබුණු සහය සුළුකොට තැකිය නොහැකියි.මම හිතන්නෙත් ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ. (නි)

:       0       0

සුදේශ් Wednesday, 09 September 2015 12:57 AM

පොට්ටු අම්මාන් එක්ක තිබුණ තරඟය නිසා නේද මොහු කැඩිලා ආවේ? මම නම් කියන්නේ මොහු හිටියත් යුද්ධය දිනනවා. ඒකට හේතුව හොඳ දේශපාලන නායකත්වයක් තිබීමයි. (නි)

:       0       0

මායා Tuesday, 08 September 2015 09:11 AM

ඇත්තටම රටට ආදරේ කරන උතුම් පුද්ගලයෙක්. ජරා දේශපාලනය නිසා කලින් වැරදි පාරේ ගියාට . (අ)

:       0       0

රෝහණ Wednesday, 09 September 2015 02:45 AM

කරුණ අම්මාන් යුධ ජයග්‍රහණයට විශාල දායකත්වයක් දක්වපු කෙනෙක්. එල්ටීටීඊ එක බිඳවැටීමට ඔහු විශාල පිටුවහලක් වුණා (නි)

:       0       0

නුවන් Tuesday, 08 September 2015 09:43 AM

සරත් සහ මායා ඔය දෙන්න කන්නේ පුන්නක්කුද? (අ)

:       0       0

විජේරත්න Tuesday, 08 September 2015 09:48 AM

මොහු යුද ජයග්‍රහනයට විශාල දායකත්වයක් දක්වපු කෙනෙක්. මොහුට ඒ සඳහා නිසි කෘතගුණ දැක්විය යුතුයි. (අ)

:       0       0

අතුල Tuesday, 08 September 2015 10:00 AM

මටනම් පෙන්නේ නුවන් වෙන මොනා හරි කනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 194 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 36 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 49 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 254 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 173 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 85 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 631 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site