ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ දැඩිසේ රෝගාතුරවී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් එක් පාදයක කොටසක් කපා ඉවත්කර ඇති බවට ආරංචිය ලැබුණේ මෙම සිද්ධිය සිදුවී කලකට පසුවය. එහෙත් ප්‍රමාදවී හෝ එම කලාකරුවාගේ සුවදුක් බැලීම සඳහා ලංකාදීප ‘රසවින්දන’ වෙනුවෙන් මම අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයෙහි පදිංචි ඔහු සොයා ගියෙමි.
පොල්වත්ත හන්දියට පැමිණ ඔහුගේ නිවස ගැන විමසන විට එහි සිටි ත්‍රීවිල් ටැක්සි මේ රියැදුරු මහත්මයකු පැමිණ අපේ නළු මහත්මයා කකුලට බෙහෙත් දමන්නට ළඟපාත ඩිස්පෙන්සරියට ගිය බව පැවසීය. එම ඩිස්පෙන්සරිය පෙන්වීම සඳහා මා සමග එහි යාමට තරම් ඔහු කාරුණික විය.
ගාමිණි අම්බලන්ගොඩ කකුලට බෙහෙත් දමාගෙන කිහිලිකරුවක වාරුවෙන් ඩිස්පෙන්සරියෙන් පිටතට පැමිණෙන විට ‘රජගහේ නාඩගම’ ‘රාජකපුරු’ ආදී වේදිකා නාට්‍යවලත් ආදරණීය පූර්ණිමා ‘ආදර වසන්තේ’ ආදි ටෙලි නාට්‍ය රැසක අපූරු රංගනයකට යෙදුණු මේ කලාකරුවාට සිදුවෙච්ච ඇබැද්දිය ගැන මම පුදුමයට පත්වීමි.
ගාමිණි නිවසට පැමිණ අසුන් ගත්තේ රෝද පුටුවකය. මා නිහඩවම ඔහුගේ මුහුණ දිහා බලාගෙන සිටියේ ඔබට මොකද වුණේ? යන ප්‍රශ්නය ඉඟියෙන් විමසමිනි.
“ගාල්ලේ පැවති සංදර්ශනයකට සහභාගි වෙන්න තරංග ලර්නර්ස් අධිපති මහත්මයත් සමග එතුමාගේ වාහනයෙන් ගියා. ඒ යන ගමනේ අතරමගදී මට වමනය ආවා. මම වාහනයෙන් බැහැලා වමනය කරනකොට මාව කැරකිලා ගොහින් බිම වැටුණා. මගේ වම් කකුල බිම ඇනුණා. මගේ හිතවතා ඉක්මනට මාව කරාපිටිය රෝහලට ඇතුල් කළා. රෝහලට ඇතුල් කරනකොට බිමට ඇනුණ පාදයේ ඇඟිලි කිහිපයක් පණ නැතුව වගේ කඩාගෙන වැටුණා.
මගේ ප්‍රෙෂර් වැඩිවෙලා ෂුගර් වැඩිවෙලා රෝගී තත්ත්වය අවදානම් කියලා ඉක්මනටම මාව ඔපරේෂන් තියටර් එකට ගත්තා. මගේ ජීවිතය බේරා ගන්නට වෛද්‍යවරුන් විසින් එම පාදයේ ඇඟිලි තුනක් කපලා තිබුණා. ඊට පසුවදා වෛද්‍යවරුන් පවසා සිටියා තවමත් පෙර පැවති තත්ත්වය පවතින නිසා එම පාදයෙන් තව කොටසක් කපා ඉවත් කළ යුතු බව. පසුව එම කොටසත් කපා ඉවත් කළා. තුන්වැනි දිනයේ වෛද්‍යවරුන් මාව පරීක්ෂා කර බලා එම පාදයේ විලුඹ කොටස ඉතිරි කරලා අනික් කොටසත් කපා ඉවත් කර දැම්මා. කොහොම හරි මගේ ජීවිතය යම්තම් බේරුණා.”
එසේ කියා සිටි ගාමිණි අම්බලන්ගොඩ මහතා දිගු වේලාවක් කල්පනා කරමින් මොනවාදේ මුමුණන්නට විය.
“මට සිද්ධවෙච්ච මේ ඇබැද්දිය අරංචිවෙලා වේදිකා සහ ටෙලිනාට්‍ය වලට සම්බන්ධ හිතවත් ශිල්පීන් කිහිප දෙනෙක්ම කරාපිටිය රෝහලට ඇවිත් මාව බැලුවා. ඊට පස්සේ ගෙදරටත් ආවා. ඒ සියලුම දෙනා මට සෑහෙන්න උදව් කළා. මම මෙච්චර වෙලා කල්පනා කළේ ඒ හිතවතුන් පිරිසගේ නම් ටික කියන්න. දැන් හිත හරියට කලබලයි. ඒ නිසා ඔක්කොම නම් මතකයට එන්නේ නැහැ. එක නමක්වත් නොකියවුණොත් ඒක මහා වරදක් වෙනවා.
මට කෝලම් නාට්‍ය ශිල්පය ඉගැන්වූ අම්බලන්ගොඩ හරිශ්චන්ද්‍ර මහත්මයා කෝලම් සංදර්ශනයක් පවත්වලා එයින් ලැබුණු ආදායම මට පරිත්‍යාග කළා. බෙල්වුඞ් කලායතනයේ මා සමග ඉගෙනගත් මිතුරියක් දැන් සිටින්නේ පිටරටක. ඇයත් මට මුදල් ටිකක් එවලා තිබුණා. මේ සියලුම දෙනාට මහත් පින්. ඒ උපකාරවල පිහිටෙන් තමයි මම තවමත් ප්‍රතිකාර ගන්නේ. පොල්වත්ත හන්දියේ ඩිස්පෙන්සරියේ වෛද්‍යතුමියටත් මහත් පින්. ගාල්ලේ කරාපිටිය රෝහලෙන් කකුලට බෙහෙත් දමන්න ගියා නම් වාහනයකට වරකට රුපියල් පන්දාහක් විතර ගෙවන්න වෙනවා.”
අපේ කතාබහ අතරතුරදී ගාමිණි අම්බලන්ගොඩ නිතර නිතර කියා සිටියේ ඒ ඒ පුද්ගලයන්ගේ නම් ගම් සහ දින වකවානු අමතකව ගොස් ඇති බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී ගාමිණිට ටෙලි නාට්‍යවල රඟපාන්නට ශක්තියක් තිබේද යන්න ගැන මම හෙමිහිට විමසීමි.
“මම දැන් හිතාගෙන ඉන්නේ රඟපෑමෙන් සමුගන්නයි. මගේ මේ අසනීප තත්ත්වය තිබියදීම හිරිරාජ් කෞෂල්‍ය මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයේ එක් දර්ශනයකට රඟපාන්න මාව එක්කරගෙන ගියා. පුටුවක වාඩිවෙලා කළ රඟපෑමක්. මාව හොඳටම සුවපත් වූවායින් පසුව නිර්මාණයකට දායක වෙන්නට ආරාධනා කළොත් සලකා බලනවා. මම දැන් අසරණයි. මම අවිවාහකයි. මගේ අක්කා විවාහ වෙනතුරු මම විවාහය කල් දමමින් සිටියා. දැන් මට වයස අවුරුදු 64යි. අක්කට බැහැ දැන් මාව බලාගන්න. මම හොඳටම සුවපත් වූ වහාම මමයි අක්කයි මහනුවර පදිංචියට යන්නට තීරණය කරලා ඉවරයි. ‘බාප්පයි නැන්දයි අපි බලා ගන්නම්’ කියලා මහනුවර පදිංචිව සිටින මගේ අයියගේ දුව අපට එන්නට කියලා තියෙනවා. පොල්වත්තේ ගේදොර අසල්වැසියන් අත්හැරලා යාමත් දුකයි. වේදිකා නාට්‍යයක් පෙන්වන්න ඈත පළාතකට එකම වාහනයෙන් යනකොට සරත් කුලතුංග, ජනක් ප්‍රේමලාල්, රවින්ද්‍ර යසස් කට්ටිය එකතුවෙලා මාව අවුස්සපු හැටි මගෙන් හොඳ ඒවායින් ටිකක් අහගත්තු හැටි මට මේ වෙලාවේ මතක් වෙනවා. මගේ හිතවතුන් මිත්‍රයින් ඉඳහිට හෝ හමුවෙනවා නම් ඒ තරම් සතුටක් තවත් නැහැ. මගේ සෞඛ්‍ය තත්ත්වයට ගැලපෙන සහ සුදුසු චරිතයක් ලැබුණොත් මම බාරගන්නම්. මේ අසරණ වූ වෙලාවේ මට සිහිපත් වෙනවා රසිකයින් මාව මුණගැසුණු අවස්ථාවලදී මේ අපේ නළු මහත්මයා නේද? කියලා අහපු හැටි ඔවුන්ට ආදරෙයි. රසිකයින්ගේ ආදරය විතරයි මං හම්බ කරපු වස්තුවකට මං ළඟ තියෙන්නේ.
ජාතික තරුණ සේවා සභාවට බැඳිලා බෙල්වුඞ් කාලයතනයෙන් නැටුම් කලාව ප්‍රගුණ කරලා එම ආයතනයට පින් සිද්ධවෙන්න අපි කණ්ඩායමට ලෝකයේ රටවල් 15ක පමණ සංචාරය කරමින් ප්‍රසංග ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් ගුරු මහත්වරුන්ට මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා. මගේ දුරකතන අංකය 0777699808
සටහන හා ඡායාරූප
- අමරදාස සිල්වා
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මම දැන් අසරණයි
Chanak los angeles Monday, 22 July 2019 04:46 AM
නිවනට පත්වී ජීවය හට නොගන්නාතුරු ඔබ පමණක් නොව සියලුම සත්වයා අසරණය ..එහෙනම් මැසිවිලි නොකියා දැන්වත් ඒ සඳහා ක්‍රියා කරන්න .
shan Monday, 22 July 2019 11:41 AM
මෙතුමා පත්වී ඇති තත්වය ගැන මා ඉතාමත් කණගාටු වන්නෙමි. නමුත් කිවයුතු එක කාරණයක් ඇත. හැකි දා රංගනයේ යෙදී බැරිදා හිඟාකන තත්වයට අද රංගන ශිල්පීන් පත්ව ඇත. මෙය ශෝචනීය තත්වයකි. හැකි දා රටේ ජනතාව ලක්ෂ ගන්න ගෙවා සේවාව ලබා ගන්නා මේ අයට බැරිදා ඔවුන්ව ජීවත් කරවීමේ කාර්යද ඉටුකරලීමට සිදු වී ඇත. මේ සදහා හොදම විසදුම වන්නේ සියලුම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රජයේ බලයලත් රාජ්‍ය ආයතනක් මගින් පාලනය කිරීමයි. එම ආයතයට පිටින් මේ කිසිම ශිල්පියෙක් සේවයේ යොදවා ගැනීම සපුරා තහනම් කල යුතුය. එමගින් ඔවුන් සබඳතාවන සියලුම කාර්යන් සදහා නිෂ්පාදකයන්ට කැමති ඕනෙම ශිල්පියෙක් මේ ආයතයනය හරහා ලබා ගැනීමටත් ඔවුන්ගේ ගෙවීම් මේ ආයතනය හරහා ලබා දීමත් උපයන මුදලින් 20% මුදලක් සෑම කාර්යකදීම අය කරගෙන වසර 60 සම්පුර්ණ හෝ පුර්ණ ආබාධිත තත්වකට පත්වන තුරු ලබා ගැනීමට නොහැකි වන සේ මේ ශිල්පීන්ගේ ගිණුමක් වෙත බැර කිරීමයි. මේ සදහා 10% රජය අනුග්‍රහයක් ලබාදීම කරනේනම් වඩාත් හොද කාර්යක් ඉටුකළ හැකිය. මේ මුදල මාසික වැටුපක් සේ ඔවුන්ට ගෙවා ගෙන යන ආකාරයට බැංකු සමග යම් එකග තත්වයකට ගෙන එම රජයේ වගකීමයි.