අනපේක්ෂිත කම්පනයකින් සිත එක් මොහොතකට සැලෙන්නට ඇත. එය එසේ වී දැයි අසන්නට ඉන්දීය නායක රජීව් ගාන්ධි අද ජීවතුන් අතර නැත. 1987 ජූලි 29 වැනිදා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ දිනට පසු දින ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල නැවි නිලධාරියෙකුගේ අත රැඳි තුවක්කු බඳෙන් පහරකෑමට ලක්වූ එදා ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ හෘද සාක්ෂිය විචාරන්නට අද ඔහු මෙදියත ප‍්‍රාණය සන්නද්ධ මිනිසුන් අතර නැත. එය එසේ වතුදු අගමැති සිරස ඉලක්ක කර හැකි වෙර යොදා අත රැඳි අවිය ඉහළට එසවූ ඔහු මා අබියස ය. ඔහුගේ හෘද සාක්ෂිය විචාරන්නට අතිශය සුදුසු මොහොත එළඹ ඇත. ඒ ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීම් අතරට එක්වූ එකී සිදුවීමට එළැඹෙන ජූලි 30 වැනිදාට විසිපස් වසරක් සපිරෙන නිසාවෙනි. ඔහු විජිත රෝහණ විජේමුණි ය.
"මම රජිව් මරන්නමයි ගැහුවේ"
රජීව්ට පහර දුන් නාවික සෙබළ විජිත රෝහණ කියන කතාව
බොහෝ වූ තීරණාත්මක සිදුවීම් රැසක් අවසානයේ ඉන්දු-ලංකා ගිවිසුම කරළියට පැමිණියේය. එරෙහිව නැගුණු හඬ සුළුපටු නොවූවත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන්නට රාජ්‍ය නායකයා තීරණය කළේය. හදවතට සම්මුතිකව හෝ විසම්මුතිකව ජනපති ජේ.ආර්. ජයවර්ධන එකී අවසන් තීරණයට එළැඹියේය. ගිවිසුම අත්සන් තැබුණි. රාජ්‍ය නායකයකු වෙනුවෙන් ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලි දෙකක් පැවැත්වේ. ඒ අදාළ රාජ්‍ය නායකයා පැමිණීමේ දී හා පිටත්ව යාමේ දී ය. අගමැති රජීව් ගාන්ධි පැමිණීමේ සම්මාන පෙළපාලිය පැවැත්වීම යුද හමුදාවටත් පිටත්ව යාමේ පෙළපාලිය පැවැත්වීම නාවික හමුදාවටත් පැවරුණි. විජිත රෝහණ විජේමුණි ඒ වෙද්දී නාවික හමුදාවට එක් වී වසර තුනකි. ඔහුගේ වයස අවුරුදු විසි එකකි. වඩමාරච්චි මෙහෙයුමට ඔහු කන්කසන්තුරේ යුද නැවක සිටිමින් තම දායකත්වය ලබාදුන්නේය. මෙහෙයුමේ දී තුවාල ලබන්නන් ඩිංගි යාත‍්‍රා මගින් කන්කසන්තුරෙයි කඳවුර වෙත රැගෙන යාම ඔවුන්ට බාරවී තිබූ රාජකාරියයි. වඩමාරච්චි මෙහෙයුම ඉතා සාර්ථක එමෙන්ම අතිශය ජයග‍්‍රාහි කඩඉමකට එළඹෙමින් තිබුණි. මේ පසුබිමේ තවත් සිදුවීම් සිදුවිය. ඉන්දියාව ආහාර ආධාර සමග ශ්‍රී ලංකාව වෙත යාත‍්‍රා එවා තිබුණි. අනවසරයෙන් මේ බිමට පැමිණි එම යාත‍්‍රා නැවත හරවා යවන්නට නාවික හමුදාව කටයුතු කළා. ජේ.ආර්. ජනපති, ලලිත් ඇතුලත් මුදලි ඇමැතිවරයා ඇමෙරිකාව වෙත යැව්වා. ඒ ජනපති රොනල්ඞ් රේගන්ගේ අධාර ඉල්ලා සිටීමේ අරමුණින්. එහෙත් ඇමෙරිකානු ජනපතිවරයා අහක බලාගත්තා. ඇමෙරිකාවෙන් ලැබුණු ආධාරයක් නෑ. ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා සාර්ථක ප‍්‍රවේශයකට ළංව සිටි වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නට උපදෙස් දුන්නා. එතුමා එසේ කළේ වඩමාරච්චි මෙහෙයුම නතර කරන්න ඉන්දියාවෙන් ලැබුණු උපදෙස් මත. යුද සෙන්පතිවරුන්ගේ හදවත් යම් ගින්දරකින් දැවී ගියා කීවොත් නිවැරදියි. ඒ රාජ්‍ය නායකයා එසේ උපදෙස් දෙනවිට වේලූපිල්ලේ ප‍්‍රභාකරන් හමුදාවට කොටුවී සිටි පසුබිමක් උදාවෙමින් තිබූ නිසා. ඔහු පැවසුවේය. ත‍්‍රස්තවාදයේ අවසානය පිළිබඳ බලාපොරොත්තුවලින් ළය මඬල පිරී තිබූ මොහොතක රටේ රාජ්‍ය නායකයා ගත් තීරණය කෙරෙහි ඇතැම් යුද සෙන්පතිවරු මෙන්ම සොල්දාදුවෝ ද කළකිරීමකට මෙන්ම උදහසට ද ලක්ව සිටියහ. ගිවිසුම කරළියට පැමිණෙන බවට ආරංචිය උණුසුම් ලෙස ලක් දෙරණ කළඹවමින් සුළඟක් විලස හමා ගියේය. ”රජීව් ගාන්ධි අපේ රටේ ස්වාධිපත්‍ය කෙළෙසුවා. පිදෙල් කැස්ත්‍රෝට කෙලින් ඉන්න පුළුවන් වුණා නම් ඇයි ජේ.ආර්.ට කොන්ද කෙලින් තියාගන්න බැරි වුණේ.” මගේ සිතට දැනුණේ මේ වගේ සිතුවිලි. මගේ සිත ආවේගයකින් කැළඹෙමින් තිබුණත් ඒ ආවේගය මා කා සමගවත් වචන බවට පෙරළුවේ නැහැ. ඔහුට හදිසියේ රංගල කඳවුරට ස්ථාන මාරුවක් ලැබෙන්නේත් ඔහු නාවික හමුදා සම්මාන පිරිනැමීමේ පෙළපාලියට තෝරාගෙන ඇති බව දැනගන්නට ලැබෙන්නේත් ඉහත කී පසුබිම මධ්‍යයේම ය. රාජ්‍ය නායකයාට සමාචාරය පුදන ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලියට හැත්තෑ දෙදෙනෙක් නිර්දේශ වන අතර ඉදිරි පෙළේ පස්වැනි තැන විජිත විජේමුණි නාවික හමුදා බල නැවි නිලධාරියාට හිමි විය. වඩමාරච්චි මෙහෙයුම පුරා අපේ කොල්ලෝ මැරුණෙ එකසිය ගාණයි. එකම එක නිලධාරියෙක් සෙබළෙක් යුද්ධය නිසා ආබාධිත වෙලා හිටියේ නෑ. 87 වනතුරු යුද්ධය නිසා මැරුණු අය 2000 කටත් අඩුයි. වඩමාරච්චි මෙහෙයුම නතර නොකළා නම් ආයේ අපේ කොල්ලෝ මැරෙන්නෙ නෑ. දැන් ඒ සේරම ඉවරයි. තව අපේ කොල්ලෝ කීයකට මැරෙන්න වෙයිද? ඒ සේරම පරදේශක්කාර නායකයන්ගේ බලහත්කාර අත පෙවීම් නිසා.... විජිත විජේමුනි රජීව් ගාන්ධි අගමැතිවරයාට සමාචාර දක්වන්නට සැදී පැහැදුනේ මෙකී සිතුවිල්ලෙනි. ඇවිලෙන සිත් මඬල නිවා සනහනු ලෙහෙසි නැත. -අගමැති පවා විරුද්ධ වෙද්දී වර්ධරාජා පෙරුමාල් ඊළම ප‍්‍රකාශයට පත්කළා. ඒ ඊළම නෝර්වේ සහ තවත් අප‍්‍රිකානු රටක් පිළිගත්තා. විජිත විජේමුණි නින්දක් නැතුව සිතුවිලි හා සටන් වැදුණේය. ජූලි 30 වැනිදාට ඇත්තේ තවත් තෙදිනකි. යම් සැලසුමක් විජිත විජේමුණිගේ සිරස ක‍්‍රියාත්මක වෙමින් තිබුණි. එය නිල ඇඳුමට, නිල ඇඳුම හා බැඳුණ රෙගුලාසිවලට විසම්මුතික වුවත් ඔහු තම හෘද සාක්ෂියට අවසඟව නොගියේය. ”මම මේ රට පාවා දෙන ගිවිසුමේ හවුල්කාරයෙක් වෙන්නෙ නෑ. මම රාජ්‍ය ද්‍රෝහියෙක් වුණාට දේශ ද්‍රෝහියෙක් වෙන්නෙ නෑ.” ඔහු සිතුවේය. මම රජීව් මරනවා. ඒ ඔහුගේ අවසන් තීරණයයි. ”මම රජීව් මරන්නේ කොහොමද?” ඉනික්බිති ඔහු තමාගෙන්ම ප‍්‍රශ්න කළේය. තුවක්කුවෙන් ඔළුවට ගහලා මම රජීව්ව මරනවා. ඔහු අවසන් නිගමනයකට එළැඹියේය. මම රජීව් මරනවා... ඊට පස්සේ මොකද වෙන්නේ ඔහු නැවත තම සිත හා කතා කළේය. ඉන්දියානු ජනපති සික් ජාතික සායිල් සිං රජීව් හා විරසකයි. ලංකා ආණ්ඩුව මට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙයි. කමක් නෑ මම රජීව් මරනවා. ඒ සාතන්ටම වෙන්වූ හෝරාවක් වැන්න. සම්මාන මුරය පරික්ෂා කරමින් රජීව් ගාන්ධි ඉන්දීය අගමැතිවරයා ඉදිරියට පැමිණෙමින් සිටියේය. දෙවියන් තම පිහිටට පැමිණියා යැයි විජිත විජේමුණි සිතුවේ සම්මාන මුරය පරික්ෂා කරමින් මීටර් 25ක් පමණ ඈතින් පැමිණි රජීව් ගාන්ධි තමා සිටි ඉසව්වේදී තමාට ඉතා ළංවූ පරතරයක් ඇතුව ගමන් කිරීම නිසාවෙනි. අහම්බයක් වුවද එවැන්නක් සිදුවිය. තීරණය ස්ථිරය. එහෙත් ක්ෂණයක් පමණි ඇත්තේ? එය ක‍්‍රියාවක් බවට පෙරලන්නට. පතරොම් නැත. අත රැඳි තුවක්කුව වෙඩි තුඩින් වියුක්තය. එය සතු බලය රෙගුලාසි විසින් අහිමි කර ඇත. ”නැත්නම් වෙඩි තියලා මරනවා. ඔක්කොම මරනවා. ඔබ ආක‍්‍රමණිකයෙක්” විජිත විජේමුණිගේ හදවත මුරගාන්නට විය. ඔහු ඉවසිල්ලෙන් තම වම් අත ගෙනැවිත් සීරුවට තබා ගෙන සිටි දකුණු අතේ තුවක්කුව මත තැබුවේය. හැකි වෙර යොදා තුවක්කුව ඉහළට එසවූයේය. දකුණට මාරුවූ වම් අතේ සෙවණැල්ල කවර හෝ හැඟීමක් නැත්නම් තිගැස්මක් රජීව් ගාන්ධි අගමැතිවරයාගේ සිත මත ජනිත කරන්නට ඇත. ඇසි පිය සලන වේගයටත් වඩා වේගයෙන් අගමැතිවරයා බිමට නැමෙද්දී ඉහළට එසවුණු තුවක්කු බඳ වැරදුනු ඉලක්කය සහිතව අගමැතිවරයාගේ පිටත් උරහිසත් අතරට පතිත විය. ඒ සියල්ල අතර කැමරා ශිල්පි සේන විදානගමගේ කැමරා ඇස අවදියෙන් සිටියේය. ඉලක්කය වූයේ හිස ය. විජිත විජේමුණි දකින්නට ප‍්‍රාර්ථනා කළේ ඉන්දීය අගමැතිවරයාගේ ලේ වෑහෙන සිරස ය. එහෙත් අගමැතිවරයා පහතට නැමුණු ආකාරය ඒ ඉලක්කය වෙන අතකට යොමු කළේය. සියල්ල නොසන්සුන් විය. අගමැති ආරක්ෂකයෝ කලබල වූහ. පිටුපසට ධාවනය කළ කාරයකට අගමැති රජීව් ගාන්ධි නැගුනාත් එසැණින් පිටත්ව ගියාත් විජිත විජේමුණිට මතකය. සියල්ල සිදුවන්නට තත්ත්පර දෙක තුනකට වඩා කාලයක් ගත වූයේ නැත. ජනපති යටතේ සේවය කළ පොලිස් අධිකාරිවරයකු විජිත විජේමුණිගේ උදරයට අතින් පහරක් එල්ල කර ඔහු බිම වැට්ටුවේය. නාවික හමුදා නිලධාරියෙක් ඔහුගේ කමිසයේ කොළරයෙන් අල්ලා ගත්තේය. ඔහු රැගෙන ගියේ නාවික හමුදා මූලස්ථානය වෙත ය. කෑමට බත් පතක් ලැබුණි. ඔහු එය කෑවේය. ඊළඟට ඔහු බාර දෙන ලද්දේ රහස් පොලිසිය වෙතය. සේන විදානගමගේ ඡායාරූපයත්, වීඩියෝ පටත් සාක්ෂි ලෙස පෙළ ගැසී සිටියේය. රහස් පොලිසිය ප‍්‍රශ්න නැගුවේය. රහස් පොලිසියේ දී විජිත විජේමුණි නිලධාරීන් දෙදෙනෙකුගේ පහරකෑමට ලක්විය. ඔහුගේ අම්මාත් අක්කාත් ඔහු බලන්නට පැමිණියහ. එසේ පැමිණෙන්නට පියා ජීවතුන් අතර සිටියේ නැත. අම්මා පත්තරවලින් ඇහුවොත් මොකුත් කියන්න එපා. කටහොල්ලන්න එපා. ඔහු අම්මාට කියුවේ එපමණකි. තෙමසක් රහස් පොලිස් භාරයේ සිටින්නට ඔහුට සිදුවිය. ඉතින්.. ”මගේ අතට මාංචු දාලා තිබුණේ, දවල්ට පුටුවක ඉඳගෙන ඉන්නවා. වේලාවට කෑම දුන්නා. රෑට නිදාගන්න දුන්නේ මේසයක්. ඒ මේසය පුරාම මකුණෝ. නිදාගන්න බෑ. මුළු ඇඟේම මකුණෝ කනවා. ඒ තුන් මාසයම මම නිදාගත්තෙ නෑ. ඒ වගේම ඒ බිම පුරාම රෑට ලොකු මීයෝ. මම මාංචු දාපු අත්වලින්ම මීයන්ව එළවනවා. මාස තුනම මීයන් හා මකුණන් සමග රෑ ගත කළා. ඒ මාස තුන මට දැනුණේ අවුරුදු තුන්සීයක් තරමට” ඒ එදා මතකයයි. යුද්ධාධිකරණය කැඳවිණි. ගුවන් හමුදා සමූහ කපිතාන් බුද්ධි සිරිවර්ධන, යුද හමුදා කර්නල් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු කේ.ආර්.එල්. පෙරේරා ඒ යුද අධිකරණයේ විනිසුරුවරුන් විය. තීරණය ප‍්‍රකාශයට පත්කෙරුණි. ඒ බරපතළ වැඩ සහිතව සය වසරක සිර දඬුවමකි. ඒ තීන්දුව ප‍්‍රකාශ කරද්දි මට ඒ යුද අධිකරණයටම කෑ ගහලා බනින්න හිතුනා. ඒත් මාව භාරව හිටපු ලූතිතන් කමාන්ඩර් තිසර සමරසිංහ (ඔහු පසුව නාවික හමුදාපති ධුරයට පත්විය) සර් මට කියලා තිබුණා විජිත මොන තීන්දුවක් දුන්නත් ඉවසන්න කියලා. මට ඒ වෙලාවේ සර්ගේ ඒ වචනය මතක් වුණා. ඒ නිසා මම ඉවසාගෙන හිටියා... එදින සවස 6.00 පමණ වෙද්දී ඔහු වැලිකඩ සිරගෙදරට ගෙනයනු ලැබුවේය. දෑත් මත විලංගුය. හැඳ ගන්නට ජම්පරයක් ලැබුණි. හාත්පස අඳුර ගලා එමින් තිබූ නිහඬ තත්පරයක නාවික හමුදා ජීවිතයේ සමුදුර රළ අතර නිල්වන් මතක හිත පුරා සක්මන් කරද්දී ඔහු හුදෙකලා සිරකුටියක පාළුව අතර තනි වූයේය. සිරගෙදර ජීවිතය ඇරැඹුණි. ජම්පරය වෙනුවට සරමත්, කමිසයත් (ජාතික ඇඳුමට සමාන අන්දමේ ඇඳුමක්) ඇඳීමේ අවසරය ඔහුට හිමි විය. ඔහුට සිටින්නට වූයේ සිරගෙදර එල්ලූම් ගසට නියමවූ බරපතළ අපරාධ කළ සිරකරුවන් සිටින ශාලාවේ ය. සිර කාමරයේ සිටියේ තනිවම ය. නාන්නටත් ශරීර කෘත්‍ය සඳහාත් අවශ්‍ය තරම් ජලයත් පසුව අධිපෝෂණ කෑම වේලකුත් ඔහුට හිමි විය. සිරගෙදර සිටිය දී සිරගෙදර අභ්‍යන්තරයේ කැරැල්ලක් ඇති විය. හිරගෙදර හිරකරුවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ කැරැල්ල ඇති කළේය. එදා සමහර නිලධාරීන් හිරකාරයන්ට හම්බවෙන පාන් රාත්තල ඔළුවේ තියාගෙන කැප් එකෙන් වහගෙන ගෙදර අරන් ගියා. මේ හිරකාරයන් කැරැල්ලෙදි ඉදිරිපත් කරපු පළමු වැනි කොන්දේසිය තමා ඉන්දියානු හමුදාව ආපසු යවන්න කියන එක. මම මේ කැරැල්ලට සම්බන්ධ වුණේ නෑ. කැරැල්ල මර්දනය කරන්න හමුදාව පොලීසිය ආවා. කැරැල්ල ටිකක් දරුණුයි. මට කඳුළු ගෑස් වැදුනා. මම ඇස් දෙක හෝදාගන්න යද්දි මගේ දකුණු ඉලයට වෙඩි වැදුනා. එදා හිරගෙදර වහලය උඩ ඉඳන් සිරකරුවන්ට වෙඩි තිබ්බා. වෙඩි වැදුනත් පැය හයක් විතර මට එහෙමම ඉන්න වුණා. එදා සිරකරුවන් 18 දෙනකුට වෙඩි වැදුණා. හය දෙනෙක් මැරුණා. මට මතකයි මම ගිලන්රථයේ දාලා ඉද්දි කවුදෝ කීවා අපරාදේ ඉස්සර වුණා නම් මිනිහව බේරාගන්න තිබුණා කියල. ඒ මම මැරුණා කියලා හිතලා. මාස තුනක් මම ඉස්පිරිතාලේ හිටියා. සති දෙකක් දැඩි සත්කාර ඒකකයේ හිටියා. ඉස්පිරිතාලේ ඉද්දි සමහරදාට මාව බලන්න පන්සීයක් විතර දෙනා එනවා. ඒ එන්නේ රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගහපු කෙනා කවුද බලන්න. වාට්ටුවල අනිත් ලෙඞ්ඩු බලන්න එන අය මාව බලන්න එනවා. දවසක් දොස්තර මහත්තයා මාව බලන්න ඇවිත් කීවා හෙට ටිකට් කපන්න පුළුවන් වෙයි කියලා. ඊට පසුව එතන හිටපු හෙදිය මට උණ වැඩි බව රෝගී වාර්තාවල සඳහන් කළා. ඒ අනුව මට තව සති 2ක් වැඩිපුර ඉස්පිරිතාලේ ඉන්න ලැබුණා. ඇය දැනගෙන හිටියා හිරගෙදරට වඩා මම ඉස්පිරිතාලයේ ඉන්න කැමතියි කියලා. එදා දවසෙ පැය බාගයක පමණ කාලයක් ඔවුන්ට සිරකුටිවලින් බැහැරව කාලය ගත කරන්නට අවස්ථාව ලැබුණි. ඒ පැය භාගයක කාලය ගතවූයේ වොලිබෝල් ක‍්‍රීඩාව සඳහාය. දිනක් ඩෑෂ් පහරක් විජිත විජේමුණිගේ ඇඟිල්ලක වැදුණේය. මාව ප‍්‍රතිකාරවලට අරගෙන ගියේ මහ ඉස්පිරිතාලයට. වෛද්‍ය වසන්ත පෙරේරා මහත්තයා ප‍්‍රතිකාර කරලා සති දෙකකට වරක් එය පෙන්නන්න නිර්දේශ කළා. ඒ අනුව මට සති දෙකකට වතාවක් එළිය බලන්න ලැබුණා. මාව එළියට අරන් ගියේ පහළොස් දෙනකුගේ විතර ආරක්ෂාව මැද්දේ. මං හිරේ ඉද්දි මම රජීව් ගාන්ධිට ගැහුවේ ඇයි කියලා මට කියන්න ඕනෑ වුණා. ඒ කියන්න ඕනෑ වුණේ මගේ අම්මාට. ඉතින් මම මගේ අම්මට දිග ලියුමක් ලීවා. මට හිතුනා අම්මේ මේ ඊනියා ගිවිසුමේ මම හවුල්කාරයෙක් වෙන්නෙ නෑ කියලා. මට හිතුනා අම්මේ ප‍්‍රභාකරන් උතුරු නැගෙනහිර මහ ඇමැති වුණොත් අපට අපේ කොල්ලො මරපු ප‍්‍රභාකරන්ටත් දවසක මේ වගේ උත්තමාචාර දක්වන්න වෙයි කියලා. ජේ.ආර්. ජනාධිපතිතුමා කරන්න දෙයක් නැති තැනයි මේ ගිවිසුමට අත්සන් කළේ. රජීව් ගාන්ධි බලහත්කාර ආක‍්‍රමණිකයෙක් කියලා මට හිතුනා අම්මේ. සමහරු කීවා අන්තිමට ලංකාව ඉන්දියාවේ 26 වැනි ප‍්‍රාන්තය වෙයි කියලා. මම පසුතැවෙන්නේ මට හිරබත් කන එකටවත් රජීව්ට ගහන්න බැරි වුණ එකටවත් නෙවෙයි. මගේ ඉලක්කය වැරදුණු එකටයි. විජිත විජේමුණි තම මව ඉදිරියේ තම හදවත කැඩපතක් මෙන් නිරාවරණය කළේය. වසර 6 ක බරපතළ වැඩ ඇතුව ලද සිරදඬුවම ජනපති පේ‍්‍රමදාසගෙන් ලද විශේෂ සමාවක් යටතේ වසර දෙකයි මාස හතරයි දවස් දහයකින් අවසන් විය. ඉන්දීය අගමැතිවරයාට තුවක්කු බඳෙන් පහර දුන් නාවික හමුදා නිලධාරියා සිරගෙදරින් නිදහස්ව පැමිණියේය. ඒ 1990 අපේ‍්‍රල් 02 වැනිදාය. එහෙත් ඔහුගෙන් අසන්නට එක් පැනයක් මා සිතේ ඉතිරිව තිබුණි. එදා ඔබ අගමැති රජීව් ගාන්ධිට ඒ විදිහට පහර දුන්නේ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ වුවමනාවක් මතද? ඒ පිටුපස ඔහුත් සිටියාද? මම විමසීමි. නැහැ... ජනපති පේ‍්‍රමදාස දැඩි ඉන්දියානු විරෝධියෙක් බව ඇත්ත. ඒත් එදා රජීව් ගාන්ධිට පහර දුන්නෙ මගේ ලේවලට, මගේ හදවතට මට දැනුණු සිතුවිල්ලක් අනුව. එය කාගෙවත් කීමක් හෝ උසිගැන්වීමක් නෙවෙයි.” ඔහු කියයි.
සටහන - සංජීවිකා සමරතුංග / ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කළේ වැරදි වැඩක්. ඒ සදහා ඔබ මුළු මහත් ඉන්දියානු ජනතාවගෙන්ම සමාව ගත යුතුයි. ඔබ ජාතික වීරයෙක් වන්නේ එවිටයි. (නි)
විජිත මහතාණෙනි, මෙතන ප්‍රතිචාර දාලා ඉන්න අය අතරේ තවත් පාවා දෙන්නන් ඉන්න බව පෙනෙනවා. එයාලා තමයි ඔබ එදා නිර්භීත සිංහලයෙක් විදියට කළ දේ හෙළා දකින්නේ. මෙතැන ප්‍රතිචාර දාලා ඉන්න ඒ පාවා දෙන්නන්ගේ පරම්පරාවේ අයට මේ රට විනාඩි 5 කට දුන්නොත් රට තිබුන තැනක් වත් හොයා ගන්න බැරි වෙයි. කතා දෙකක් නැහැ. ඔබ ජාතික වීරයෙක්. ඔහු එදා මැරුණනම් ඔබ තව සැරයක් ජාතික වීරයෙක්. ඔබට ජය සහෘදයාණෙනි! (නි)
හොඳයි
නියම සිංහල ලේවල හැටි ඔහොම තමයි...!!(නු)
සිංහලයන්ගෙ අතීත ගතිය තවත් තියෙන අය ඉන්නවා නේ....?(නු)
නියම නාවිකයෙක්..!!(නු)
මෙම ලිපිය සහ ප්‍රතිචාර කියවන විට අපේ රටේ මිනිසුන් මොනතරම් මන්දබුද්දීකයන්ද යයි සිතාගත නොහැක .මෙතුමා රජීව් ගාන්ධිව එදා මැරුවා නම් අද කොටි වෙනම රාජ්‍යයක් ලබා ගෙන ඇත . මන්ද යත් ,එසේ වුවා නම් මුළු ඉන්දියාවම අපට එරෙහි වන අතර ලෝකය තුල අපගේ ප්‍රතිරූපය ම්ලේච්ච ජාතියක් ලෙස තවත් තහවරු වෙනු ඇත. ඔහු කුමන මතයක් දැරුවත් අප රටට පැමිණි රාජ්‍ය නායකයකි .ඔහුව ආරක්ෂා කිරිම අපගේ යුතුකමයි . රජීව් ගාන්ධිව ඝාතනය කිරීම කොටි කරගත් ලොකුම මෝඩ කමයි .එය ඔවුන්ගේ විනාශයට හේතුවූ ප්‍රබලම කරුණයි .මෙවැනි ආවේගශීලී ක්‍රියා වලින් රටට යහපතක් කල නොහැක .වඩාත් විචාරශීලී ලෙස දුරදිග බලා කටයුතු කල යුතුය. අප අපගේ බොදු සංස්කෘතිය ගැන උදන් අනමු. එහෙත් මෙවැනි දේ කෙසේ අනුමත කළහැකිද කියා මටනම් නොසිතේ.එක දෙයකට මම එකඟ වෙමි .ජේ ආර් මහතාට කස්ත්‍රෝට මෙන් කොන්දක් තිබුනානම් මේ ප්‍රශ්නය එදා අවසන් වීමට ඉඩ තිබුණි .එහෙත් අපට ඉතිහාසය වෙනස් කල නොහැක .මෙවැනි දේ කිසිදින යලි සිදු නොවිය යුතුය (නු)
ලැජ්ජා නැතුව තවමත් කියනවනේ " මරන්නමයි ගැහුවේ" කියලා. (නි)
දුර දිග නොදන්න පුද්ගලයෙක්. (ත)
ඔබ සැබෑ දේශ ප්‍රේමියෙක්. ඔබට අපේ ආචාරය. (ත)
නියම කොල්ලෙක්. (නි)
මුළු රටම අනතුරකට පත් වෙන්නත් තිබුණා. ඔබ සැගවුණු වීරයෙක්. සුභ පැතුම්! (නි)
ෂෙරීෆ් වැනි කොන්ද පණ නැති අය තවදුරටත් ලංකාවට අවශ්‍ය නොවේ. (නි)
සමන්, ඔයාලා වගේ දේශද්‍රෝහී අය කවදා හරි දෙමවුපියන්වත් පාවල දෙයි. (නි)
ආරාධිත රාජ්‍ය නායකයකුට උත්තමාචාර දෙන අවස්ථාවේදී මැරීමට තැත් කිරීම ඉතාම නින්දිත ක්‍රියාවක්! (නි)
ලංකාපුත්‍ර, ඔබට දීර්ඝායු වේවා! (නි)
විජිත රෝහණ, ඔබ නියම ලංකා විරුවෙක්. දීර්ඝායු වේවා! (නි)
මේ වගේ මෝඩයෝ තවත් ලංකාවේ ඉන්නවා. මෝඩයෙක් වීරයෙක් හැටියට සලකන්නේ ඊටත් වඩා මෝඩයෝ.(ස)
ඔබ එඩිතර සිංහලයෙක් (ත)
ඔබ ලක් දෙරණට ණය නෑ. මට කියන්න වචන නෑ. ඔබ විශිෂ්ඨ මිනිසෙකි. (ත)
ඔබගේ නිර්භීතකම වෙනුවෙන් අපගේ උත්තමාචාරය! (නි)
ඔබ සැගවුණු වීරයෙක්. සුභ පැතුම්! (නි)
ඔබ නියම හදවතක් ඇති පුද්ගලයෙක්...!!(නු)
මට ඔබ ගැන ආඩම්බරයි. ඔබ එඩිතර සිංහලයෙක්. (නි)
ඔබ නියමම වීරයෙක් (දී)
ඔබ කළේ හරි දෙයයි. ඔබ ගැන ආඩම්බරයි (නදී)
ඔබ නිවැරදියි සෙබලනනේ. (ස)
මම ආශාවෙන් කියවූ ලිපියක් (නි)
ඔබ වැනි මිනිසුන් තමයි අද මේ රටට අවශ්‍යය. ඔබ වැදු මවටත් හැදුනු රටටත් ණය නැති උතුම් දෑ හිතකාමී මිනිසෙකි. (නදී)
එ්ත් එදා ප්‍රහාරය කලේ නියම කෙනාට නෙවේ. නහය දිග කෙනාට කරන්න තිබ්බේ. (නදී)
මෝඩකම් කරලා තව පත්තර වලත් කයිවාරු ගහනවා. ඔය කියන දේශ ප්‍රේමයක් තිබුනා නම් ගහන්න තිබුනෙ ජේ ආර් ටනේ. (නදී)
මල්ලි, ඔබ නම් මට අපේ රටට උපන් නියම සිංහල වීරයෙක්.ඔබ වැනි අය අපේ රටකරවන්නන් තුළ නැති එක තමා රටේ අවාසනාව. (නි)
මෝඩයෙක් (නදී)
හොඳ ලිපියක් (නි)
ඔබ වගේ අය අද ඉන්නවා නම්... (නි)
මහත්මයාණනි ඔබ පවසනවා "ප‍්‍රභාකරන් උතුරු නැගෙනහිර මහ ඇමැති වුණොත් අපට අපේ කොල්ලො මරපු ප‍්‍රභාකරන්ටත් දවසක මේ වගේ උත්තමාචාර දක්වන්න වෙයි කියලා. " අද කරුණට පිල්ලෙයාන්ට හමුදා උත්තමාචාර හා ආරක්ෂාව දීම ගැන ඔබේ අදහස මොකක්ද? (ස)
මේ මනුස්සයා කරපු දේ මහා මෝඩ වැඩක්. මුළු රටම අනතුරකට දැම්මා එදා. (නි)
කියන්න වචන නැ....ඔබයි අපේ විරය හැමදාටමත්...(දී)
ඔබ සැමදා අමරණීයයි.. ඔබට ජය. (ස)
එදා මම බොහොම පොඩි ළමයෙක්. නමුත් එදත් අදත් නුඹ මට වීරයෙක්. (නි)
එදා ඔබේ අදහස ඉටු වුණා නම් අද අපි ඉන්දියාවට යටත් විජිතයක්. (නි)
කොහෙද සදාකාලික සතුරෙක් වෙන්නෙ.. ප්‍රභාකරන් විසින් රජීව් මරලත් ඉන්දියාව තාමත් කොටි වෙනුවෙන් පෙනී ඉන්නෙ.. ඒ අය එකට ගිහිං ලංකාවට විරුද්ධව අත ඉස්සුවෙ....(නු)
නියම ලංකා වීරයෙක්.ජය වේවා ! (ස)
එමෙස මැරුණානම් තත්ත්වය මීට වැඩිය හුගක් වෙනස් වෙන්නත් තිබුණා. ඉන්දියාව සමහරවිට සදාකාලික හතුරෙක් වෙන්නත් තිබුණා. (නි)
හසලක ගාමිණි හා සමානවම ඔබ වීරයෙකි. (නි)
ඕක පල කලේ නැතත් මං දුක් වෙන්නෙ නෑ.. මං රටට අදරේ කරන ලංකා මවගේ කොල්ලෙක්. (ස)
නියමයි ඔබ ලක්මවට ආදරේයි.අද කාලෙ ලංකාවෙන් ඉන්දියාවට ගිහින් අපිට වින කරන එවුන්ට මේවා දැනෙන්නෙ නෑ.ඔබට ජය වේවා අයියේ. සැබෑම සිංහලයෙක් ඔබ... (ස)
සිංහලයෙක් වෙන්නේ මොළයෙන් වැඩ කළොත් මිසක් ඇඟෙන් බොරුවට හයිකාරකම් පෙන්නුවම නොවෙයි. එදා දුටුගැමුණු රජතුමා දුවන්නන් වාලෙ යුද්ධ කරනකොට උණු බත් ගුලි අනලා කන හැටි පෙන්නලා අම්මා කෙනෙක් දුන්න උපමාව අනුවයි මොළය පාවිච්චි කරලා යුද්ධ කළේ. මෙතන ප්‍රතිචාර දාන ජාත්‍යාලය යැයි හිතාගෙන ඉන්න වෙනත් රෝගයකින් පෙළෙන මිනිසුන් වගේ අය වෙන්නැති අමු අමුවේ අහිංසක දෙමළ මිනිස්සුන්ව ගෙවල් ඇතුලට දාල ගිනි තිබ්බේ. කොන්ද පණ තියෙනවා කියන්නේ බල්ලෙක් වගේ හපා කන එකට නෙවෙයි. මහින්ද මහත්තයා යුද්ධ කළේ කොන්ද පණ ඇතුව, මිනිස්සුන්වත් බේරගෙන. ඒක තමා මොළය කියන්නේ. (නි)
නියම වීරයෙක්. ඒත් ඒ ගෞරවය ඔහුට කවුරුත් දෙන්නේ නැති එක ගැනයි දුක. (නි)
නියමයි....(ස)
ලංකාවෙ කොටි කෙල්ලෙක් තමයි රජීව්ව මැරුවෙ අන්තිමේදි.. නමුත් ඉන්දියාව අපිව යටත්කරගත්තෙ නැහැ..(නු)
මෙන්න නියම ජාතික වීරයෝ......... ඔබට බුදු සරණයි! (නි)
එදා ඔබගේ ක්‍රියාව නිසා වෙනසක් උනානම් අද අපි ඉන්දියාවෙ යටත් විජිතයක්ව තියේවි.. වෙලාවකට ඔබ හරි නමුත් රට ගැන හිතන්න තිබුණා..(නු)
" ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා සාර්ථක ප‍්‍රවේශයකට ළංව සිටි වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නට උපදෙස් දුන්නා." එතකොට හමුදාපතිට ඒක නවත්තන්න උනා.. ඒ කියන්නෙ යුද්ධය පැරදුනත් දින්නත් ගෞරවය නායකයාට.. හමුදාපතිට තියෙන්නෙ කියනදේ කරන්න විතරයි...!! (නු).
ඒ පාර වැදුණානම් එල්.ටී.ටී.ඊ. එක විනාශ වෙලා ගොඩක් කල්. (නි)
අන්න මිනිස්සු (දී)
100%ක් ඔබ සමග එකගයි. ඔබ අපට මහ විරුවෙක්. නමුත් මටනම් හිතෙන්නේ ඉලක්කය වැරදුණෙත් ඔබගේ වාසනාවට කියලා. ඒ ඔබ මිනීමරුවෙක් වෙලා පවු පුරවාගන්න එක නවත්වන්නයි. තවද රජීව් මැරුණා නම් ඒ දවස්වල තිබුණු වාතාවරණය අනුව අපට නිදහසක් ලැබෙන එකක් නැහැ. තත්ත්වය තවත් දරුණු වෙනවා ඇරෙන්න. (නි)
එදා ඔබගේ ඉලක්කය හරි ගහිල්ල තිබ්බනම් ..අද ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් වෙන්නත් තිබුන නේද ?? (ස)
දයා ඔබ 100% හරි (දී)
සිංහල ලේ තියෙන කොල්ලෙක්...(ස)
හදිසි කෝපය මත හැගීම් ප්‍රචණ්ඩ ලෙස ප්‍රකාශ කළා.. රට වෙනුවෙන් ක්‍රියාකළ මිනිසෙක්.. වගකීම එය නොවුනත් ජාතික වශයෙන් වටිනවා..!!(නු)
ඔවු.වෙනස් වෙන්න තිබුණා තමයි. එදා රජිව් මැරුණා නම් අද ලංකාවේ කෑලිත් නැහැ. (නි)
දකුණේ නියම සිංහල ලේ තියෙන වීර පුතෙක්. නියම හෙළ කොල්ලෙක්. දීර්ඝායු වේවා! (නි)
ඔබතුමා ඡන්දෙ ඉල්ලනවා නම් මම අනිවාර්යයෙන්ම ඔබතුමාට ඡන්දය දෙනවා.. දැන් ඉන්න මදාවි, මැර, හරක් හොරුන් වගේ අයට වඩා රට ගැන සැබෑම කැක්කුමක් තියන ඔබතුමාලා වගේ අය තමයි රට පාලනයට අවශ්‍ය වෙන්නේ.. (නි)
ආනන්ද ඔහොම කිවුවට එයා හිරේ හිටපු කාලේ මොකද කළේ? (නි)
එදා ඉන්දියාවට ගිය රජීව් කිව්වලු මම ලංකාවෙදි එක සිංහලයෙක් දැක්කා කියලා...!!(නු)
ඔබතුමාට මම හදවතින්ම සුභ පතනවා.. ඔබ රටට ණය නැහැ.. දැං රටේ ඉන්න පාලක පක්ෂයට ඔබ ආදර්ශයක්. නමුත් මේවා ඔවුන් ගන්නෙ නැහැ.. ඔබට ජය..(නු)
විජිත ඔබත් සදාකාලික වීරයෙක්.. ඔබ ගැන අපි ආඩම්බර වෙනවා. මරන්නයි තිබ්බෙ ඒ වෙලාවෙම..(නු)
මගේ සහෝදරයා, ඔබ නියම ලංකා විරුවෙක්. (නි)
ඔබ සැමදා අමරණීයයි.
එදා ඔබගේ ඉලක්කය හරි ගියානම් ලංකා ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා..(ස)
නියම සිංහල ලේ තියෙන කොල්ලෙක්. බුදුසරණයි (අ)
නියම සිංහල ලේ තියෙන ලංකා පුතෙක් (දී)
මගේ ගෞරවය ඔබට සහ ඔබ හැදු වැඩු මවට! (නි)
ගර් ර් ර් ර් ර් සිංහයා අපේ........... (නි)
නියමයි!! ඔය නියම සිංහල වීරයෙක්...!!(නු)
රණ බිම මැරැණේ සිංහලයකුනම් පපුවේ වෙඩි සළකුණු ඇත්තේ... සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නැ පිට පැත්තේ... ඔබ ඇත්තටම අපේ කාලේ වීර කැප්පෙටිපොල කෙනෙක්..!!(නු)
නියමයි විජිත..ඔබේ එඩිතරකමට හද පත්ලෙන්ම නැගෙන ගෞරවය!(නු)
මෙයාලට වඩා සිල්වත් අය කොටින්ගෙන් සල්ලිඅරගෙන උදව් කරලා තියෙනවා...!!(නු)
ඔබ විශිෂ්ඨයි!!! (නු)
ඔබ ඉතා උතුම් මනුෂ්‍යයෙක්..!!(නු)
කතාවෙන් හැමෝම වීරයෝ වගේ කියවනවා.. ඔබයි නියම වීරයා..(නු)
"මගේ ලේ වලට,මගේ හදවතට මට දැණුනු සිතුවිල්ලක්,එය කාගෙවත් කීමක් හෝ උසිගැන්වීමක් නෙවෙයි" විශිෂ්ඨයි මහත්මයාණෙනි, අති විශිෂ්ඨයි!! (නි)
ඉන්දු ලංකා ගිවිසුම ඉරල දැම්මනම් ඉවරයි (දී)
රට චෙනුවෙන් හැකි දේ ඔබ කළා. යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකයා වැදගත් බව මේ ලිපිය සාක්කි දරනවා. කතිර කොඩිය බිම දමා සිංහ කොඩිය නැංවු සුමංගල හිමි කළ දේ සිහි වෙනවා . වීරයෙක්, ඔබ සැබෑ වීරයෙක්! (නි)
ඔබ වැනි පුතුන් මෙරට පාලනය ඉදිරියට එන්න ,,, (දී)
අපේ රටට ඔබ මහා සම්පතක් (දී)
මේ ලිපිය පල කල ලංකාදීපයේ සියලු දෙනාටම බොහොම පින්. මෙම සිද්ධියෙන් පසු මේ සිංහල වීරයා ගැන කරුණු සෙවූ නමුත් මේ තරම් දුරට විස්තරයක් සොයා ගත නොහැකි විය.බොහොම ස්තුති. විරුවාණෙනි,මතු මතුත් ඔබ අප හදවතේ රැඳේ.ජයශ්‍රී.....!!!! (දී)
මෙවැනි දෙයක් කිරීමට එදා ශක්තියක් තිබුණේ ඔබට පමණයි.ඔබ අමරණීයයි. (නි)
මෙවැනි මිලේච්ච ප්‍රහාරයකට ලොව කිසිඳු නායකයෙක් ගොදුරු නොවේවා...(ස)
ඉලක්කය වැරදුනාට කමක් නැහැ. නමුත් ඉන්දියන් දේශපාලනයට පාඩමක් උගන්වපු එක ලොකු දෙයක්. (අ)
දේශ ද්‍රෝහී විදේශීය අත පෙවීම්වලට නොබියව තම යුතුකම ඉටුකිරීම ගැන ශ්‍රී ලාංකීය අභිමානය ඔබට....(නු) .
දයා ඔයාගේ අදහසට මාත් එකඟයි..(ස)
ඔය වගේ අය අදත් ඉන්නවා නම්......... (නි)
කොන්ද පණ නැති නිවටයන්.. කාඩ්බෝඩ් දේශප්‍රේමීන් සිටින රටක ඔබ සැබෑ දෑහිතකාමී විරුවෙකි.. (නු)
ලංකා පුත්‍රයෙක් (දී)