මෙම සිද්ධිය මාගේ පියා ජීවත්ව සිටිය දී ඔහු හා සම්බන්ධ වී කළ ශාන්ති කර්මයකි. මෙහි සඳහන් නම් ගම් මනඃකල්පිත වුවද මෙය සත්‍ය වූ සිද්ධියකි.
මෙහි කථා නායිකාව නන්දා ලෙස නම් කරමි. ඇය පදිංචිව සිටියේ කොත්මලේ අරංගල ග්‍රාමයෙහිය. ඇයගේ දෙමාපියන් ගොවිතැන් කළ අතර එක් සහෝදරයෙක් හා සහෝදරියෝ තිදෙනෙකි. සහෝදරයා රජයේ උසස් රැකියාවක නියැලෙන අතර බිරිඳ නීතිඥවරියකි. ඔවුන් පදිංචි වූයේ මහනුවරයි.
නන්දාගේ වැඩිමහල් සහෝදරිය විවාහවී පදිංචි වූයේ අම්පාරේය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් ගැහැණු දරුවාට වර්ෂ 5ක් පමණ වේ. බාල පිරිමි දරුවාට මාස 8 කි.
කමලාගේ ස්වාමි පුරුෂයා ගොවිතැන් කළ අතර කසිප්පු වාඩියක්ද ගෝලයින් සමග එක්ව පවත්වාගෙන ගියේය. එසේම ඔහු ගමේ චණ්ඩියෙකි. නමින් ඔහු සමන්තය.
අනෙක් සහෝදරියන් ද විවාහකය. නන්දා පමණක් අවිවාහකය. මෙසේ කාලය ගෙවී යන අතරතුර අම්පාර සමන්තගෙන් නන්දාගේ පවුලේ උදවියට හදිසි පණිවිඩයක් ලැබුණි. කමලා ළිඳට වැටී ජීවිතක්ෂයට පත්වූ බව එයින් කියවුණි. මෙය දැනගත් නන්දාගේ පවුලේ සියලුදෙනා ඉතාම ශෝකයට පත්වූහ. ඉන් පසු ඔවුන් සියලුදෙනා වාහනයක් රැගෙන අම්පාර බලා පිටත් වූහ. නන්දා තම සහෝදරියගේ නිසල දේහය බදා දුක තුනී වනතුරු හැඬුව ද ඉන් සැනසීමක් නොලැබුණි.
සමන්තගේ ප්‍රතිචාර ද තම පවුලේ අයවලුනට ශුභ නොවුණි. දෝශාරෝපන කිරීම හා ආරවුලටම ඔහු කථා කළේය.
එහෙත් ඒ සියලු චෝදනා වේදනා ඉවසා තම සහෝදරියගේ අවසන් කටයුතු කර නැවත යාමට පැමිණ හත් දවස තුන්මස දාන ආදී ක්‍රියා ගමෙහි පන්සලේ දී කරන ලදී.
ටික දිනක් ගතවන විට නන්දාට හිසෙහි අමාරුවක් සෑදීමට පටන් ගත් අතර දිවා කාලයෙහි හා ගොම්මන් ජාමෙහි එය වැඩි විය. ශරීරය වෙව්ලීමටත්, ආහාර අප්‍රියවීමටත් ගතට අමුතු ශීතලයක්ද හටගෙන තිබුණි. වෙනදා නිවසෙහි සියලු කටයුතු ඈ අතින් සිදුවන නමුත් නිදා ගැනීමට ද අඳුරෙහි විසීමට ද ප්‍රිය කළාය.
දිනෙන් දිනෙම ඇගේ ක්‍රියා කලාපය වෙනස් වුණි. ඇය භීතියකින් මෙන් හැසුරුනු අතර දෙඩවීමට ද පටන් ගත්තාය.
දෙමාපියන් මේ පිළිබඳව තම පුතුට දැන්වූ පසු ඔහු පැමිණ කතා කළද වැඩි කතාබහක් නොවූ ඇය තම කාමරයට ගොස් දොර වසා ගත්තාය.
මෙය බලා සිටීම ශුභ නොවන බව දැනගත් ඔහු නන්දා හා පියා කැටුව අප හමුවීමට පැමිණියේය. මෙහිදී ඇය දිෂ්ටි කළවිට මොරදී කෑ ගැසීමට පටන් ගත්තාය. එය පාලනය කළ අප ඇයගෙන් ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේ මෙලෙසිනි.
● කවුද මේ ශරීරයට ඇවිත් ඉන්නේ?
කිසිදු කතාවක් නොකළ ඇය කතා කිරීමට නොහැකි බව අතින් සංඥා කරන ලදී. එවිට දෙහි හිසෙයි හා ගෙලෙහි තබා කපන ලදී. එවිට සෙම ඇදීමක් සමගම කටහඬ අවධි කිරීමට ඇයට හැකිවිය.
“අයියෝ මගේ දරුවෝ” කියමින් වැළපීමට පටන් ගත්තාය. එය සමතයකට පත් කළ අපි, ’හොඳයි දැන් කියමු බලන්ට මේ ශරීරයට ඇවිත් ඉන්නේ කවුද කියලා?’ යි විමසීමු.
“මම කමලා”
● කවුද මේ කමලා කියන්නේ?
මේ නංගිගේ අක්කා. අම්පාරට බැඳලා හිටියේ.
● ඇයි මේ ශරීරයට ඇතුළු වුණේ.
මාව පාවෙනවා, බෝගස්වලට, නුග ගස්වලට, පංසල්වලට, ආලෝකය තියෙන තැන්වලට. එහෙම පාවෙලා යන කොට මම මගෙ ගෙදර මතක් වුණා. එතකොට මම ඇවිල්ලා නැවතුනේ ගෙදර. නංගි තනියම කුස්සියේ කරවල බැද බැද හිටියේ. එතකොටයි නංගිගේ ශරීරයට ඇතුළු වුණේ.
● ඇයි මේ ශරීරයට ඇතුළු වුණේ?
මට කළ දේ මේ කවුරුත් දන්නේ නෑ. මට පලිගන්නයි ඕනෑ.
● කාගෙන්ද?
මගේ මිනිහාගෙන්. මිනිහා මාව මැරුවා. අයියෝ එයා මගේ බෙල්ල මිරිකුවා. තාම බෙල්ල මිරිකපු පාරට හිරවෙනවා. හුස්ම ගන්ට බෑ. කථා කරන්නටත් බැරි වුණේ ඒ හින්දා.
පිය පුතු දෙපල තුෂ්නිම්භූත වී ගිය අතර ඔවුනොවුන්ගේ මුහුණ බලා සියලු විස්තර අසන ලෙස අපට කියා සිටියේය.
● ඇයි බෙල්ල මිරිකුවේ?
මගේ මිනිහා දවල් බීලා ඇවිත් හිටියේ. බොම්බිලි කරවල ගෙනත් ඒක බැදලා තියන්ට කියලා ආයෙත් බොන්ට ගියා. එතකොට දුව මිදුලේ සෙල්ලම් කරමින් හිටියේ. පුතා අඬන නිසා වඩාගෙන හිටියා. බොම්බිලි බදින්ට බැරි වුණා.
මෙයා බීලා ඇවිත් බොම්බිලිත් එක්ක බත් ඉල්ලුවා. දරුවා අඬන නිසා බොම්බිලි බදින්ට බැරිවුණා, කිව්වාම මගේ බෙල්ල අල්ලාගෙන මිරිකුවා. මම කෑගැහුවා. ඒත් මගේ බෙල්ල අත්හැරියේ නෑ. මට මතක එච්චරයි. මම උඩට පාවෙලා ගියා.
එතකොට නැන්දම්මත් ආවා. දැන් කරන්ට දෙයක් නෑ කියලා දෙන්නම මාව උස්සගෙන ගිහින් ළිඳට දැම්මා. රෙදි බේසමත් ළිඳ ළඟ තියලා පොඩි පුතත් එතන තියලා දෙන්නම කෑගහන්නට පටන්ගත්තා, මම ළිඳට වැටිලා කියලා. එතකොට ගමේ මිනිස්සු එතැනට දුවගෙන ආවා. ඇවිත් ළිඳෙන් මගේ සිරුර ගොඩගත්තා.
මේ සේරම පාවෙලා මම බලාගෙන හිටියා.
මේ පිළිබඳ හාංකවිසියක් නොදැන සිටි පිය පුතු දෙපල සුසුම් හෙළීමට පටන්ගත් අතර මිනිත්තු කීපයක් නිහඬව ද ගත කළහ.
● හොඳයි දැන් මොනාද ඕනෑ?
මගේ දරු පැටවුන් රැකගන්ට මේ කිසි කෙනෙක් අම්පාරේ යන්නේ නෑ. එහෙත් එක්ක කිසි සම්බන්ධයක් නෑ.
අයියෝ මගේ දරුවෝ කියමින් නැවතත් ඇය වැලපුනි.
● හොඳයි මේ ශරීරයෙන් ඉවත්වීමට මොනවද ඕනෑ.
මට මොනවත් එපා. මට ඕනෑ දරුවෝ රැකගන්ටයි. පලිගන්ටයි. මේ කතාව කියන්නයි. මම දැන් යන්ට ඕනෑ. මම දැන් ආයෙත් පාවෙනවා කියමින් නන්දා පියවි සිහියට එලඹියාය.
අප නන්දාට ද මෙම කතාව පැවසූ පසු ඇය ද ඉකිබිඳ හැඬීමට පටන් ගත්තාය.
ඉන්පසු නන්දාගේ ශාන්ති කර්මය කිරීමට දිනයක් වෙන්කර එදින අවශ්‍ය තටු, ගොටු, පූජා ආදිය ද සකසා ඇය දිෂ්ටි කළෙමු. එහිදී පෙර සේම පර්ලය සිදුවිය.
මගේ මිනිහාගෙන් පලිගන්ට ඕනෑ. ඕකා මාව මැරුවා යැයි කීපවිටක් කියාගෙන ගියාය. මම ඕකා කීප සැරයක් අල්ලා ගත්තා. ඒත් ඕකා මට මරාගන්ට බැරිවුණා. අයියෝ අයියෝ.
කාගෙන්වත් පලි අරගෙන ජීවිත විනාශ කරලා තමන් අපා ගතවීමක් මිසක ගොඩ ඒමක් නැති බවත් අපි දෙන පිං අනුමෝදන් වෙලා මනුෂ්‍ය ආත්මයකට පැමිණෙන ලෙස ඇයට අවබෝධ කර වූවෙමු.
ඔව් මට දැන් තේරෙනවා. මට මගේ මිනිහගෙන් පලි අරගෙන වැඩක් නැති බව, දැන් ඒකට හරියට කන්ටත් නෑ. දහදුක් විඳිනවා. ඒත් අයියෝ මගේ දරු පැටව් දෙන්නා ඇය කීවාය.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැරුණු අක්කා නංගිගේ ශරීරයට ඇතුළු වෙලා
හෙට්ටිගේ Thursday, 24 March 2016 04:45 PM
විශ්වාස කරන්නත් අමාරුයි. පුදුමාකාර දේවල් තමයි (නි)
ආලෝක. Wednesday, 23 March 2016 05:58 AM
මෙවන් දේ බොහොමයක් මාත් අත්විදල තියෙනවා. රත්නපුර ප්‍රදේශයේ එක් තරුණයෙක් තම සහෝදරයා පිහි ඇනුමකින් මියගිය පසු අධික ලෙස බීමට ඇබ්බැහි වෙලා ජීවිතය නාස්ති කරගන්න වුනා. එයාගේ යහළුවෙක් එයාව එක්තරා කාන්තාවක් වෙත යොමු කළා. එම කාන්තාවට දැක්ක ගමන් කීවා මෙයාගේ ඇගේ ප්‍රේතයෙක් ඉන්නවා කියල. ඒ ප්‍රේතය වෙලා හිටියේ තමාගේ මියගිය සහෝදයා (බ)