IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මරණ දඬුවම නොදීමට ජනපති තීරණය අගයමු

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් පුවත  නොබෝදා  පුවත්පත්වල පළවිය. මරණ දඬුවම  ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 ගනු ලැබූ තීරණය  බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් කැඳවූ අවස්ථාවේ  නීතිපතිවරයා වෙනුවෙන් මෙය දැනුම් දී ඇති බව ද සඳහන් වේ. 

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අදහසට 2018 ජුලි 10 වැනිදා කැබිනට් මණ්ඩලයේ එකඟතාව  ලැබී තිබිණි. ඒ අනුව 2018 ජුලි 11 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා අත්සන් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. කෙසේ වුවද හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනිවාහිදී මානව හිමිකම් කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ මරණ දඬුවම තහනම් කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවයි. 

2018 දී හිටපු ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට සහ කැබිනට් එකඟතාව ඊට හිමිවන්නට පෙරාතුව 2016 ජනවාරි 01 දාතමින්, මරණ දඬුවම අහෝසි කිරීම සඳහා වූ නිර්දේශයක්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යොමුකොට තිබිණි.  එම නිර්දේශය සඳහන් ලිපියේ දෙවැනි ඡේදයේ මෙසේ සඳහන් වේ. 

“මරණ දඬුවම ජීවිතයට ඇති අයිතිය කෲර සහ අවමන් සහගත දඬුවම්වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමිකම් ද ප්‍රබල ලෙස උල්ලංඝනය කරනු ලබන දඬුවමක් ලෙසින්ද අන්තගාමී වූත් වෙනස් නොකළ හැකි වූත් අපරාධ මර්දන ක්‍රමයක් ලෙස  ප්‍රතිඵල විරහිත දඬුවම් ක්‍රමයක් ලෙසින්ද ලොව පුරා ඇති පිළිගැනීමෙන් මිදී සිටීමට ශ්‍රී ලකාවට නොහැකි බව මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත මෙම නිර්දේශය  ඉදිරිපත් කරමින් අවධානය යොමුකරවයි.’’

මේ හැරුණු කොට මරණ දඬුවම පිරිනැමීමේ අනර්ථකාරී බව සහ අසාධාරණ  බව කියවෙන කරුණු  රාශියක් එම නිර්දේශ ලිපියේ අන්තර්ගත වේ. 

 මරණ දඬුවම සම්බන්ධයෙන් ලෝ පුරා බහුතර රටවල් දරන ස්ථාවරය සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රවණතා විමර්ශනය කළ විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 2016 ජනවාරි 01 වැනිදා කර ඇති නිර්දේශය අතිශය සාධාරණ හා යුක්ති සහගත බව පෙනී යයි. 

ලොව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රවණතා අයකුට මරණ දඬුවම පිළිබඳව තොරතුරු කේන්ද්‍රයේ  හා ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පළ කරන තොරතුරු ආශ්‍රයෙන් දැනගත හැකිය. 

2021 වනවිට රටවල් 108 ක් සියලු අපරාධවලට  මරණ දඬුවම දීම අහෝසි කර තිබේ. රටවල් 144ක් මරණ දඬුවම අහෝසි කොට ඇති  හෝ ක්‍රියාත්මක කිරීම නවතා ඇති ගණයට අයත් වේ. ඉන් රටවල් 28ක් පසුගිය අවුරුදු 10ටම මරණ දඬුවම ක්‍රියාත්මක කොට නැත. අපරාධ උදෙසා මරණ දඬුවම තවමත් ක්‍රියාත්මකව පවතින්නේ රටවල් 55ක පමණි. 

2021 වසරේදී රටවල් 18ක වැරදිකරුවෝ වූ අය 579ක් මරණ දඬුවමට ලක්වූහ. ලෝකයේ මරණ දඬුවම යටතේ දිවි ගෙවන අය 28,670කි. ඉන් සියයට 2කට පමණක් එම  දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ලෝකයා මරණ දඬුවම දීම සම්බන්ධයෙන් කිනම් මතයක්  දරන්නේද යන්න සිතාගත හැකිය. 

2021 වසරේ 1000කට වැඩි දෙනකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් චීනය ප්‍රමුඛ ස්ථානය ලබා තිබේ. 314 දෙනකුට මරණ දඬුවම පැනවූ ඉරානය දෙවැනි ස්ථානයේ පසුවේ. ඊජිප්තුව (83) සෞදි අරාබිය (65) තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවේ. මෙම ලැයිස්තුවේ ඇමරිකා එක්සත් ජනපදය පසු වන්නේ නව වැනි ස්ථානයේය. 2021 වසරේදී එරට 11 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. 

චීනය මරණ දඬුවම ක්‍රියාත්මක කරනුයේ පෞද්ගලික හා රහසේ බව ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය කියයි. එරට පවුලේ අයට තොරතුරු දන්වන්නේද මරණයට නියම වූ තැනැත්තා මරා දැමීමෙන් පසුවයි. වෙඩි තබා මරා දැමීමද තවමත් චීනයේ ක්‍රියාත්මක වේ.

ඉරානයේ දී සියයට 88 දෙනකුට මරණ දඬුවම දෙන්නේ රහසේය. එරට චූදිතයන්ට වද දී පාපෝච්චාරණ ලබාගන්නා බවට චෝදනා එල්ලවී තිබේ. එරට 2021 මරණ දණ්ඩනය ලැබූවන්ගෙන් සියයට 40ක් මත්ද්‍රව්‍ය වැරදි උදෙසාය. ජපානයේදී එල්ල මැරීම කරනුයේ ප්‍රසිද්ධියේ නොවේ. 1993  සිට 2021 දක්වා ජපානයේ මරණ දඬුවම දී ඇත්තේ 131 දෙනකුටය. 2019 සිට 2021 දක්වා කාලය තුළ ජපානය එම දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ 6 දෙනකු සඳහා පමණි. 

ඇමරිකා එක්සත් ජනපදය මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ සියලු තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුවය. 

මරණ දඬුවම නියමව සිටිනා ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දහසකට වැඩිය. ඉන් 374 දඬුවම් නියමවූවන් වන අතර 880ක් දෙනා අභියාචනා ඉදිරිපත් කර තිබේ. 

2019 වසරේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට තීරණ කළ අවස්ථාවේ යුරෝපා සංගමය ඇතුළු ලෝ පුරා ආයතන කිහිපයක් ශ්‍රී ලාංකිකයන්ට විරෝධය පළ කර ඇති අයුරු වාර් තා වේ. එම තීරණය ක්‍රියාත්මක කළහොත් GSP+  සහනය නවතා දමන බවටද යුරෝපා සංගමය අනතුරු හඟවා ඇත.

1948 එළිනොර් රූස්වෙල්ට්ගේ ප්‍රධානත්වයෙන් සැකසූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ. සෑම  පුද්ගලයකුටම ජීවත් වීමේ අයිතියක් ඇත. වින්දිතයාට මෙන්ම අපරාධකරුවාටද එම අයිතිය වලංගු බව පැහැදිලිය.

(***)



අදහස් (5)

මරණ දඬුවම නොදීමට ජනපති තීරණය අගයමු

samaadi Monday, 05 September 2022 11:08 AM

අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක වුණොත් ඒක පාලකයන්ට තමයි හුඟක් අවදානම් වෙන්නේ... උදාහරණයකට කිව්වොත් සුදුවෑන් සහ දේශපාලන පාතාලය වගේ දේවල්...!

:       4       12

jaya Monday, 05 September 2022 02:10 PM

මරණ දඬුවම ක්‍රියාත්මක නොවුවාට කම් නැත. නමුත් අපරධ කරුවා ආරක්ෂා නොකළ යුතුයි. ඔහු හෝ ඇය ජීවිත කාලය පුරා කළ අපරාධයට විඳවිය හැකි දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි. සිර මැදිරිය තුළ නොව ඉන්පිටත සමාජ සනීපාරක්ෂක සේවා කටයුතුවල යෙදවිය යුතුයි. පොදු කාණු පද්ධති, පොදු වැසිකිලි සහ කැසිකිලි, කනතු, රෝහල් අපහරණ පද්ධති, ගලි පද්ධති ආදිය පිරිසිදු කිරීමේ කටයුතුවලට යෙදවිය යුතුයි. මෙම අපරාධකරුවන් හට කිසිඳු ගෙවීමක් නොකළ යුතුයි. ඔහු හෝ ඇය කුමන තරාතිරමේ අපරාධකරුවකු බව සමාජයේ අන්අයට දැනගැනීමට හැකිවන ලෙස ඔහු හෝ ඇයගේ ඇඳුමේ වර්ණය වෙනස් කළ යුතුයි. එසේ නොමැතිව සිරමැදිරියට වී මත් ජාවාරම, කුලියට මිනී මැරවීම්, කප්පම් ගැනීම්, බියවැද්දීම් වැනි අපරාධවලට රාජ්‍ය ආරක්ෂාව සහිතව සමාජයේ බදුමුදලින් පහසු සැපවත් දිවියක් ගෙවීමට ඔවුන්ට අවස්ථාව ලබා නොදිය යුතුයි.

:       0       16

K Perera Monday, 05 September 2022 09:37 PM

කුඩු ජාවාරම් කරුවන්ට, දූෂකයින්ට, ළමා අපරාධකරුවන්ට, පාතාලයන්ට, මිනීමරුවන්ට දැන් රිසිසේ ඔවුන්ගේ වැඩකටයුතු කිසිම බයක් නැතිව කරගෙන යාමට අවස්ථාව සලසා දුන්නාට ගොඩක් පින් සිද්දවෙනවා.... රනිල් ජනාධිපතිතුමනි..

:       0       8

chandana Thursday, 08 September 2022 03:07 AM

නොමරා මරන්න තීරණය කරලා..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 11 September 2022 09:14 AM

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විග්‍රහ කිරීමක් හා බුද්ධිමය සංවාදයකින් යුතුව සාකච්ඡා කිරීම වැදගත් දෙයක්.එය වෙනමම සංකීර්ණ ගැටළු සහගත සාකච්ඡාවක් විය හැකියි.ඒ කෙසේ වෙතත්,මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතුයි කියා අත්සන් කිරීමට නියමිතව සිටි හිටපු ජනපති සිරිසේන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට මේ රටේ අධිකරණය තීන්දු කළා.ඔන්න මේ රටේ දේශපාලකයන්ගේ හැටි.මරණීය දණ්ඩනය මේ රටේ ක්‍රියාවට නැංවීම සිදුකරන්නේ නම්,රටේ මුදල් හොරකම් කල,වංචා දූෂණ වලට සම්බන්ධ බොහෝ දේශපාලකයන් ප්‍රථමයෙන්ම එල්ලා මැරිය යුතුයි.එසේ හෙයින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී,ඇමරිකාව ආදී රටවල් වල සිටිනා දේශපාලනඥයන් හා අපේ රටේ දේශපාලනඥයන් සමාන ආකාරයෙන් සැසඳිය යුතු නොවේ.තවද,වෙනත් රටවල මෙන් නොව,මෙහි ක්‍රියාත්මක වනුයේ,රටේ ජනතාවට එක නීතියකි.රට කෑ හා කන දේශපාලකයන් හට වෙනත්ම නීතියකි.මෙවන් රටක මරණ දඬුවම ?

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1496 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 9433 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 488 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 865 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 905 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 467 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site