IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මරණින් පසු සුගතිගාමී ආත්ම ලබන කාන්තාවෝ

 මරණින් පසු දුගතියේ උත්පත්තිය ලබන කාන්තාවන් ගැන කියූ පසු මරණින් පසු කාන්තාවන් උපදින්නේ දුගතියෙහි පමණක් දැයි කෙනෙකුට අදහසක් මතුවිය හැකිය. දුගතියෙහි උත්පත්තිය ලැබීමට හේතු වන අකුසල කර්ම  සිද්ධ කළ අය පමණක් එසේ උත්පත්තිය ලබති. සුගතියෙහි උත්පත්තිය ලැබීමට අදාළ පින්දහම් කළ අය දුගතියෙහි උපත ලබන්නේ නැත. ඒ අය මරණින් පසු සුගතිගාමී ආත්ම භාවවල උපත ලබති. සුගතිගාමී ආත්ම ලෙස විග‍්‍රහ කරන විට ජීවත්වීමට පහසුකම් සහිත දියුණු රටවල උත්පත්තිය ලැබීම ද දැක්විය හැකිය. මනුස්ස ආත්ම භාවයේ ජීවත්වීමට වඩාත් පහසුකම් සහිත මනුස්ස ආත්මභාව යනුවෙන් දැක්විය හැකිය. ඊට අමතරව සුගතිගාමී ආත්ම භව ලෙස දිව්‍ය ලෝක සහ බ‍්‍රහ්ම ලෝක දැක්විය හැකිය.

 

07-P-8-BB
දිවැස් ඇති අය අතුරෙන් අගතනතුර ලැබූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේට මෙසේ සැලකර සිටියහ.


‘‘භාග්‍යවතුන් වහන්ස, එක දවසක් දිවැසින් ලොව බලනවිට එක්තරා කාන්තාවක් මරණින් පසු සඟ ලොවට යනු දුටිමි. කාන්තාවකට මරණින් පසු සඟලොව උපත ලැබීමට වැඩිය යුතු ගුණධර්ම කවරේද’’ යනුවෙනි. එම අවස්ථාවේ අනුරුද්ධ හිමියන්ගේ පැනයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ කරුණු පහක් දක්වා වදාළහ. එනම්, 1. තුණුරුවන් කෙරෙහි සද්ධා සම්පන්න වූයේ වෙයි. (සද්ධෝ ඛ හෝති). 2. පාපකාරී සිතුවිලි සහ ක‍්‍රියාවන්ට ලජ්ජා ඇති තැනැත්තියක වෙයි. (හිරිමා ඛ හෝති). 3. පාපකාරී සිතුවිලි හා ක‍්‍රියාවන්ට බිය ඇත්තේ වෙයි. (ඔත්තාපී ඛ හෝති). 4. නිතර නිතර නොකිපෙන සුළුවෙයි. (අක්කෝ ධනො ඛ හෝති). 5. නුවණ ඇත්තේ වෙයි. අවබෝධ පූර්වකව කටයුතු කරන්නියක වෙයි. (පක්‍ඳ්ක්‍ඳවා ඛ හෝති)
තමන් ගතකරන මනුස්ස ජීවිතය තුළ ඉහත සඳහන් ගතිගුණ ජීවිතය බවට පත්කර ගැනීම මරණින් මතු සුගතිගාමී ජීවිතයක් ගතකිරීමට හේතු වන බව දක්වා තිබේ. මෙහිලා දක්වා ඇති කරුණු අධ්‍යයනය කර බලන විට පෙනෙන්නේ ඒවා පීඩනයකින් තොර ප‍්‍රභාමත් ජීවිතයක් ගත කරන කෙනෙකුට අත්‍යවශ්‍ය වන ඒවා බවයි. බොහෝ කාන්තාවෝ තම ජීවිතය පුරාම කිිසියම් මානසික පීඩනයකින් යුතුව ජීවත්වීමට හුරු පුරුදු වූවෝයි. එකී පීඩනය නිසාම ඇතැම්හු බොහෝ අත්වැරැුදි හා කට වැරැුදි ද කරති. ඇතැම් විට අනවබෝධය පිරුණු ක‍්‍රියාවන් ද සිදු කරති. බොහෝ විට කාන්තාවන්ට දරුවන් වැදූ පසු මෙකී මානසික තත්ත්වය ඇතිවන බව සිංහල සංස්කෘතියේ අදහසයි. එදා එය හඳුන්වනු ලැබුවේ වැදුම් ගේ කිල්ල යනුවෙන්ය. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ එයම වෙනත් නම්වලින් ද හඳුන්වනු ලබයි.


එකී මානසික පීඩනය දුරු කර ගත හැකි එක් ප‍්‍රබල මාධ්‍යයකි ආගමික ජීවිතය බොහෝ මනෝ විද්‍යාඥයන් විසින් අවධාරණය කරනු ලබන්නේ සෑම කෙනෙකුටම ආගමික ජීවිතයකට හුරු පුරුදුවීම අත්‍යවශ්‍ය බවයි. ඇතැම් විට ඖෂධ ප‍්‍රතිකාර මඟින් පවා සුව කළ නොහැකි ඇතැම් රෝග ආගමික හුරු පුරුදු හා ඇදහිලි යාතුකර්ම මඟින් සුව කළ හැකි අවස්ථා තිබේ. එය ආගමික ආශිර්වාදය යනුවෙන් හැඳින්විය හැකිය. අනුරුද්ධ හිමියන් හට බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාරන ලද කාන්තාවක මරණින් පසු සුගතිගාමී වීමට බලපාන ප‍්‍රධාන සාධක සියල්ල මානසික වූ ලක්‍ෂණවලින් පිරුණු ඒවා බව පෙනෙයි. එයට හේතුව වඩාත් වැදගත් වන්නේ කෙනෙකුගේ මානසික තත්ත්වය නිසාය. සැබෑ මානසික තත්ත්වය සඟවා බාහිර ආටෝපවලින් කායික පරිසරය සැකසීමට බොහෝ අඟනුන් උනන්දු වනු පෙනේ.

SLTK - 08.qxd
ක්‍රෝධය (කෝධනෝ) සහ බද්ධ වෛරය (උපනාහී) අතර බරපතළ වෙනසක් තිබේ. ක්‍රෝධය මනසෙහි පැසවීමේ හේතුවෙන් බද්ධ වෛරය කෙනෙකුගේ සිතෙහි හටගනී. ක්‍රෝධය නමැති මානසික සිතුවිල්ලට ආත්ම ගණනක් පසුපස පුද්ගලයකු ලූහුබැඳ යාමට තරම් වූ හැකියාවක් නැත. එහි වර්ධන අවස්ථාවක් වූ උපනාහී තත්ත්වය හෙවත් බද්ධ වෛරය නමැති මානසික සිතුවිල්ලට ආත්ම ගණනක් වුවද පුද්ගලයකු ලූහුබැඳගොස් ස්වකීය අපේක්‍ෂාව ඉටුකරගත හැකිය. එය එතරම්ම ප‍්‍රබල බවින් යුතුය. බද්ධ වෛරය දක්වා නොගිය තත්ත්වයකින් සිය මානසිකත්වය සකස් කර ගැනීම ද කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයක නැඹුරුවකි. 


යම් කාන්තාවක බද්ධ වෛරී මානසික තත්ත්වයෙන් තොර වූයේද ඇය මරණින් පසු අනිවාර්යයෙන්ම සුගතිගාමී ආත්මයක උත්පත්තිය ලබන බව දක්වා තිබේ. ඊර්ෂ්‍යාව ද මානසික තත්ත්වයකි. ඊර්ෂාව ඇතිවන්නේ ද වර්ධනය වන්නේද මනසෙහිය අනුන්ගේ සැප දැක ඒ පිළිබඳ උපේක්‍ෂාවීමට හෝ සතුටු වීමට ඇති නොහැකියාව අනුන්ගේ සැප දැක තම මනසේ ඇතිවන වියවුල්බව ඉරිසියාව නම්වේ. ඉරිසියාව නැති (අනිස්සුකී) තත්ත්වයක් මනසේ ඇති කර ගැනීම අසීරු වූවකි. මෙකී මානසික තත්ත්වයෙන් මිදී තම ජීවිතය සකසා ගැනීම ද මරණින් පසු සුගතියේ උපත ලැබීමට හේතු කාරණා වන පින්කමකි.
මසුරුකම ද කෙනෙකුගේ මනසෙහි ඇතිවන බරපතළ අකුසලයකි. යම් කාන්තාවක නොමසුරු බවින් පිරුණේද හේ මරණින් පසු සුගතියෙහි උත්පත්තිය ලබයි. මසුරු බව ද ලෝභි බව ද එකක් නොව දෙකකි. ලෝභියා අනුන්ට නොදී කයි බොයි. මසුරා දෙන්නේද නැත. කන්නේ බොන්නේ ද නැත. මසුරුකම බරපතළ මානසිකමය අකුසලයකි. මසුරුකම ඇතිවන්නේ වස්තුකාම වස්තූන් කෙරෙහිය. 


කිසියම් විවාහ ජීවිතයක් හැඬරුවින් සැරසෙන්නේ දෙදෙනාගේ අදහස්වල පවතින ගැළපීම අනුවයි. විවාහ වෙන දෙදෙනාගේ අදහස් ගැළපීම අනිවාර්යය. දෙදෙනාගේ අදහස ගැළපෙන්නේ නැත්නම්, ගැළපෙන අදහස් බවට පත්කර ගත යුතුය. දෙදෙනා සාකච්ඡුා කිරීම හෝ අවබෝධ පූර්වක වැඩිහිටියකු ඒ සඳහා සම්බන්ධ කරගත යුතුය. නොගැළපෙන අදහස් මොන මොනවාදැයි තෝරාගෙන ඒවා සකස් කර ගැනීමට දෙදෙනාගේම කැපකිරීම සහ උනන්දුව ඇතිවිය යුතුය. දෙදෙනකුගේ විවාහ ජීවිතයක සියල්ල පොදු කරුණු කාරණා වුවද දෙදෙනාගේ ලිංගික ජීවිතය පුද්ගලික වූවකි. එහිලා මතුවන ගැටලූවුවද සාකච්ඡුා කොට නිවැරැුදි විසඳුමකට යායුතු වුවද එකී අවශ්‍යතාව වෙනුවෙන් විවිධ හේතු කියමින් වුවද සැමියා වෙනුවට වෙනත් කෙනෙකු නොපැතීම කාන්තාවකගේ අභිමානාත්මකතාවය රැකෙන කරුණක් ලෙස දහම දකියි. ඒ නිසාම කාන්තාවක අගතිචාරීවීම මරණින් පසු සුගතිගාමී වීමට හේතුවක් ලෙස දක්වා තිබේ. 


ජීවිතය පුරා සුවඳ කරන සිල්වත් බව, බොහෝ ඇසූපිරූතැන් ඇති බව (බහුස්සුතො ඛ හෝති) ආරම්භ කරන ලද වීර්ය ඇති බව (ආරද්ධ විරියෝ ඛ හෝති) එළැඹ සිටි සිහි ඇති බව (උපට්ඨිත සති ඛ හෝති) පක්‍ඳ්චශීලයට අනුව ජීවත්වීම ආදී ගුණාංග පැවතීම මරණින් පසු සුගතිගාමී වීම පිණිස හේතු වන බව ධර්මයෙහි දක්වා තිබේ.

m



අදහස් (0)

මරණින් පසු සුගතිගාමී ආත්ම ලබන කාන්තාවෝ

භක්ති Wednesday, 18 November 2015 04:28 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

මලී Thursday, 12 November 2015 05:23 AM

ඉතාම හොද ලිපියක් ගත යුතු බොහෝ ආදර්ශ තියෙනවා ලංකාදිපය ට ස්තුති (ම)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 15 November 2015 07:19 PM

ස්ත්‍රී පුරුෂ භේද නැතුව සැමගේ ජන ජීවිතයේදී පිළිපැදිය යුතු සම්මා සම්බුදුන්ගේ අවවාද අඩංගු අගනා දම් දෙසුමකි .ඔබ වහන්සේට පින් දෙමි! (නි)

:       0       0

මල්කි Wednesday, 18 November 2015 05:57 AM

හරිම වැදගත් දහම් ලිපි පෙළක්. හැමදෙනාම අනුගමනය කරන්න උනන්දුවන්න. සාදු...සාදු!! (නි)

:       0       0

විජේ Friday, 13 November 2015 09:55 PM

වටිනා ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 306 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 932 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1419 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 218 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 438 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 607 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site