IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මිලියන 145 ක් බෑග් දෙකක ගෙනා හැටි

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගම නිවසක් මිලදී ගැනීම හරියටම ‘පර්පචුවල්  ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර මිලදී ගත්තා වගේ‘ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය.

‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ සභාපති ලක්ෂ්මී කාන්තන් මහතා අවස්ථා දෙකකදී රුපියල් මිලයන 145ක (කෝටි 14 1/2ක) මුදලක් බෑග් වල දාගෙන පැමිණි බව ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරී බ්‍රයන් සින්නයියා මහතා බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළ අවස්ථාවේදී එසේ පැවසු අතර ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ එහි විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා 2016 වසරේ මුල්‍ය තත්වය පිළිබදව මෙම කොමිසමේ ඇති මුල්‍ය විස්තරයට අනුව සහ තමාගේ ගණකාධිකරණ දැනුමේ හැටියට ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමට ප්‍රමාණවක් ද්‍රවශීලතාවයක් තිබී නැතැයිද පැවසීය.

‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ අධ්‍යඬකවරන් ලෙස කටයුතු කරන විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරි`දගෙන් හා දියණියගෙන් ලැබුණු උපදෙස් මත කොල්ලූපිටියේ ‘මොනැක් එපාර්ට්මන්ට්‘ එකෙන් නිවසක් මිලදී ගත් බවද අමාත්‍ය රවී කරුණානායක මහතා පදිංචි වී සිටි නිවසම සමාගම වෙනුවෙන් මිලදී ගත්තා යැයිද බැදුම්කර කොමිසමට වැඩිදුරටත් දැනුම් දුන් බ්‍රයන් සින්නයියා මහතා ‘මොනැක් එපාර්ට්මන්ට්‘ එකෙන් ගත් නිවස විදේශිකයින්ට කුලියට ලබාදී ඉන් බැංකු ණය වාරික ගෙවීමට තම සමාගම මුලින් සිතා සිටියත් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය පවුලේ උදවිය සමඟ එහි පදිංචි වීම නිසා සමාගම සිතා සිටි ආකාරයට මුදල් ඉපැයීමට හෝ බැංකු ණය වාරික පියවීමට නොහැකි වුයේ යැයිද පැවසීය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබදව සොයා බැලීම සදහා පත්කොට ඇති ජනාධිපති පරීඬණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුරටත් සාක්කි දුන් ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරී බ්‍රයන් සින්නයියා මහතා මෙසේද කීය.

මා විශ්‍රාමික බැංකුකරුවෙක් වෘත්තීය බැංකු විභාග අඩක් පමණ අවසන් කොට තියෙනවා. මා වසර 40ක පමණ කාලයක් හැටන් නැෂනල් බැංකුවේ සේවය කර තියෙනවා. ලංකා බැංකුවේ මෙන්ම මර්චන්ට් බැංකුවේද අධ්‍යඬවරයෙකු ලෙස සේවය කර තියෙනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. ලංකා බැංකුවේ අධ්‍යඬක ධුරයට ඔබව පත් කළේ කවුද ?

පිළි. එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතායි.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. එතකොට ඔබ මර්චන්ට් බැංකුවේ අධ්‍යඬක ධුරයට පත් කළේ කවුද ?

පිළි. මර්චන්ට් බැංකුව, ලංකා බැංකුව යටතේ පාලනය වන ආයතනයක්.

ප්‍ර. ඔබ ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමට බැ`දුණේ කවදාද?

පිළි. 2013 නොවැම්බර් මාසයේදී.

ප්‍ර. ඔබ එම සමාගමට බැදුණේ කුමන තනතුරකටද?

පිලි. ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරීවරයා හැටියට.

ප්‍ර. ඔබ වාර්තා කළ යුත්තේ කාටද?

පිළි. එවකට ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ කළමණාකාර අධ්‍යඬවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතාට.

ප්‍ර. ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ කළමණාකාර අධ්‍යඬවරයා ලෙස තවමත් කටයුතු කරන්නේ රවී කරුණානායක මහතාද?

පිළි. නැහැ. රවී කරුණානායක මහතාට අමාත්‍යධුරය හිමිවු පසු ඔහු එම තනතුරින් ඉවත් වුණා. ඒ වෙනුවට දැන් එහි විධායක අධ්‍යඬක තනතුරේ කටයුතු කරන්නේ රවී කරුණානායක මහතාගේ දිය‚ය වන ඔනෙල්ලා කරුණානායක මෙනවියයි.

ප්‍ර. ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ සභාපතිවරයා කවුද?

පිළි. ලඬමී කාන්තන් මහතා.

ප්‍ර. එතකොට ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ අධ්‍යඬකවරුන් කවුද?

පිළි. රවී කරුණානායක මහතා, රවී කරුණානායක මහතාගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මිය, ලඬමී කාන්තන් මහතාගේ පුතා වන ලඬමී ශන්කර් මහතා.

ප්‍ර. ඔබ කිව්වා දැන් රවී කරුණානායක මහතා ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ නැහැ කියලා. දැන් එහි කටයුතු කරන්නේ කවුද?

පිළි. 2015 ජුනි මස 08 වැනිදා සිට රවී කරුණානායක මහතා එහි නැති නිසා ඒ වෙනුවට ඔහුගේ බිරි`ද වන මේලා කරුණානායක මහත්මිය එහි කටයුතු කරනවා.

ප්‍ර. මෙම සමාගමේ කොටස් සංයුතිය කෙසේද?

පිළි. මෙම සමාගම තවත් සමාගම් දෙකක් මඟින් පාලනය වෙනවා. ඒ සමාගම් දෙක වන්නේ ‘ඕ.එම්.එස්.‘ සමාගම සහ ‘හැම්ප්ටන්‘ සමාගම. ඉන් වැඩිම කොටස් අයිතිය වන සීයයට 35ක් (35%) තියෙන්නේ ‘ඕ,එම්.එස්.‘ සමාගමටයි.

ප්‍ර. ඔබට මතකද ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගම කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් නිවසක් මිලදී ගැනීමට කටයුතු කළ බව?

පිළි. ඔව්.

ප්‍ර. කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් නිවසක් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ඔබට උපදෙස් ලැබුණේ කොයි කාලයේදීද?

පිළි. 2016 ජුලි මාසයේදී.

ප්‍ර. කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් නිවසක් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ඔබට උපදෙස් දුන්නේ කවුද?

පිළි. අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දිය‚ය වන ඔනෙල්ලා කරුණානායක මෙනවියගෙන්.

ප්‍ර. ඇය කීවේ කුමක්ද?

පිළි. කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් නිවසක් මිලදී ගැනීමට සමාගම තීරණයක් ගත්තා ඒ නිසා ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් නිවසක් මිලදී ගැනීමට කටයුතු කරන්නැයි මට කීවා.

ප්‍ර. එලෙස ඔබට උපදෙස් දුන් කාලයේදී එහි පදිංචි වෙලා හිටියේ කව්ද?

පිළි. මා දන්නා තරමින් රවී කරුණානායක මහතා සහ එම මහත්මියයි.

ප්‍ර. ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් නිවසක් මිලදී ගැනීමට සල්ලි හොයාගත්තේ කෙසේද?

පිළි. සෙලාන් බැංකුවෙන් ගත් ණයක් මඟින් මෙම නිවස මිලදී ගැනීමට කටයුතු කළා.

ප්‍ර. මෙය සිදුවුණේ කොයි කාලයේදීද?

පිළි. 2016 මැයි හෝ ජුනි මාසයේදී. නමුත් මට හරියටම කාලය මතක නැහැ.

ප්‍ර. මෙම නිවසේ අයිතිය තිබුණේ කාටද?

පිළ. අනීතා විනෝදනී විජේසුරිය මහත්මියට.

ප්‍ර. මෙම නිවස ගැනීම සම්බන්ධයෙන් නීතීමය කටයුතු සිදු කළේ නවුද?

පිළි. සේරම් නීතීඥ සමාගම.

ප්‍ර. අනීතා විනෝදනී විජේසුරිය මහත්මිය මෙම නිවස විකුණුවේ කීයටද?

පිළි. රුපියල් කෝටි 16 1/2 කට. (රුපියල් මිලියන 165කට).

ප්‍ර. මෙම නිවස මිලදී ගැනීමේ කටයුත්තට ඔබ සම්බන්ධ වුණේ කෙසේද?

පිළි. සාක්කිකරුවෙක් හැටියටයි මා සම්බන්ධ වුණේ.

ප්‍ර. මෙම නිවස මිලදී ගැනීම සදහා ලබා දුන්නේ කාගේ මුදල්ද?

පිළි. අපේ සමාගම වන ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ මුදල්.

ප්‍ර. ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් නිවස මිලදී ගැනීමට අවශ්‍ය සල්ලි හොයාගත්තේ කෙසේද?

පිළි. අපේ සමාගමේ සභාපතිවරයා ඉන්නේ පිටරට. 2016 පෙබරවාරී මාසයේ දවසක එතුමා රුපියල් මිලියන 70ක මුදලක් අපේ සමාගමට ගෙනාවා.

ප්‍ර. ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ සභාපතිවරයා වන ලඬමී කාන්තන් මහතාගේ වයස කීයක් විතර ඇතිද?

පිළි. අවුරුදු 70ක් විතර.

ප්‍ර. ඔබ කිව්වා ලඬමී කාන්තන් මහතා රුපියල් මිලියන 70ක මුදලක් ඔබේ සමාගමට ගෙනාවා කියලා ඔහු ඒ මුදල් ගෙනාවේ කොහොමද?

පිළි. ඔහු එම මුදල් බෑග් දෙකක දමාගෙන අතේ එල්ලාගෙන සමාගමට අරගෙන ආවා.

ප්‍ර. ඔහු සල්ලි ගේනාවේ මෙහෙමද? (ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා දෑත් දෙපසට විහිදා බෑග් දෙකක් උසුලාගෙන එව ආකාරය සාක්කිකරුට පෙන්වා සිටියේය.)

පිළි. ඔව්.

ප්‍ර.  ලඬමී කාන්තන් මහතා රුපියල් මිලියන 70ක මුදලක් සහිත බෑග් දෙකක් ඔබේ සමාගමට ගෙනැවිත් එම මුදල් ඔහු ඔබට බාර දුන්නාද?

පිළි. ඔව්.

ප්‍ර. ඔබ ඒ ස`දහා ඔහුට රිසිට් පතක් නිකුත් කළාද?

පිළි. නැහැ.

ප්‍ර. රුපියල් මිලියන 70ක් කියන්නේ විශාල මුදල් ප්‍රමාණයක් එම මුදල් තිබුණේ කීයේ නොට්ටු වලින්ද?

පිළි. රුපියල් 5,000/- නොට්ටු වලින්.

ප්‍ර. ලඬමී කාන්තන් මහතා ගෙනා රුපියල් මිලියන 70ක මුදල දැම්මේ කොහේද?

පිළි. අපේ සේප්පුවේ.

ප්‍ර. ඔහු මෙම මුදල් ගේනාවේ කොහොමද?

පිළි. අපේ කාර්යාලයට වෙනකම් කාර් එකකින් ගෙනැල්ලා එතැන සිට කාර්යාලය තුළට බෑග් දෙකක දමා එල්ලාගෙන පැමි‚යා.

ප්‍ර. මෙම මුදල් ප්‍රමාණයන් පොත් පත් වලට ඇතුලත් කළේ නැද්ද?

පිළි. නැහැ.

ප්‍ර. මෙම සල්ලි ලැබුණේ කෙහෙන්ද කියලා ඔබ ඔහුගෙන් ඇසුවේ නැද්ද ?

පිළි. නැහැ.

ප්‍ර. ඔබගේ සභාපති ලඬමී කින්තන් මහතා පැට්මිල් කාන්තන්ගේ ඥතීයෙන්ද?

පිළි. මා දන්නේ නැහැ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. රුපියල් මිලියන 70ක් කියන්නේ විශාල මුදලක් නේද?

පිළි. ඔව්.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. එම මුදල් බැංකුවක තැන්පත් කළා නම් විශාල පොළියක් ලැඛෙනවා නේද?

පිළි. ඔව්.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. එසේ තිබියදී ඔබ එම මුදල් බැංකුවක තැන්පත් කළාද?

පිළි. නැහැ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. ඔබ පළපුරුදු බැංකුකරුවෙක් කිව්වා නේද?

පිළි. ඔව්.

ප්‍ර. මෙතරම් විශාල මුදලක් පොළියක්වත් නැතුව වසරක කාලයක් පුරා තබා ගැනීම මහා මෝඩ කමක් නේද?

පිළි. ඔව්.

ප්‍ර. මෙය මුදල් විශ+ද්ධීකරණයක්, මෙය අපරාධ කි්‍රයාවක්, ඔබගේ ආරඬාවට හෝ මෙම මුදල් ස`දහා රිසිට් පතක් නිකුත් කලේ නැද්ද?

පිළි. නැහැ.

ප්‍ර. මෙම මුදල් ගෙනාවේ මොන රටෙන්ද?

පිළි. මොන රටෙන් ගෙනාවද කියලා මා දන්නේ නැහැ.

ප්‍ර. එම මුදල් නෝට්ටු තිබුණේ ඩොලර් වලින්ද? රුපියල් වලින්ද?

පිළි. රුපියල් වලින්.

සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා. මෙම මුදල් ගෙනාවේ මොන රටෙන්ද කියලා ඔබ ඇසුවේ නැද්ද?

පිලි. ඒ ගැන මා ඇසුවේ නැහැ.

ප්‍ර. මෙම මුදල් අරගෙන ආපු ඔබගේ සභාපතිවරයා ඔබට දීපු උපදේශය කුමක්ද?

පිලි. මේක සේප්පුවේ තියන්න කියලා මට උපදෙස් දුන්නා.

ප්‍ර. ඔබගේ සභාපති ලක්ෂ්මී කාන්තන් මහතා ඉන්නේ කොහේද?

පිළි. එක්සත් රාජධානියේ.

ප්‍ර. ‘මොනෑක් එපාර්ට්මන්ට්‘ එකෙන් මිලදී ගත් නිවසට මුදල් ගෙව්වේ එකවර නේද?

පිළි. නැහැ. කොටස් වශයෙන්.

ප්‍ර. එක වාරිකයක් සඳහා කීයක් ගෙවීමට තිබුණද?

පිළි. රුපියල් මිලියන 11ක මුදලක් ගෙවීමට තිබුණා.

ප්‍ර. ඒ සම්පුර්ණම මුදල් ගෙවීමටද ලඬමී කාන්තන් මහතා රුපියල් මිලියන 70ක මුදල් ගේනාවේ?

පිළි. නැහැ. ඔහු තවත් අවස්ථාවක තවත් රුපියල් මිලියන 75ක මුදලක් පෙර පරිදිම බෑග් වලදාගෙන අපේ සමාගමට ගෙනාවා.

ප්‍ර. මෙම මුදල් සොයාගත්තේ කොහොමද කියා ඔබ ලඬමී කාන්තන් මහතාගෙන් විමසුවද?

පිළි. නැහැ.

මේ අවස්ථාවේදී සෙලාන් බැංකුවේ දර්ශණ කළුආරච්චි නමැති සහකාර කළමණාකාරවිරියට 2016 ඔක්තොම්බර් මාසයේදී යැවු  ඊමේල් ප‚විඩයක් පිළිබ`දව සාක්කිකාරියගේ අවධානය යොමු කරවයි.

ප්‍ර. මෙම ඊ-මේල් පණිවිඩය පිළිබ`දව ඔබට මතකද?

පිළි. නැහැ.මට මතකයක් නැහැ.

ප්‍ර. මෙම ඊ-මේල් පණිවිඩයෙන් රුපියල් මිලියන 150ක ණයක් සෙලාන් බැංකුවෙන් ඉල්ලා තියෙනවා නේද?

පිළි. මෙම නිවසේ සම්පුර්ණ වටිනාකම රුපියල් මිලියන 165යි. ඉන් රුපියල් මිලියන 15ක මුදලක් අපි දැම්මා ඉතිරි රුපියල් මිලියන 150ක ණයක් අරගෙන අපි මෙම නිවස මිලදී ගත්තා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ ප්‍රධාන මුල්‍ය කළමණාකරු ලෙස සමාගමේ ගිණුම් පිළිබ`දව ඔබ දැනගත යුතුයි නේද?

පිළි. ඔව්.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමේ 2016 වසරේ මුල්‍ය තත්වය පිළිබ`දව මෙම කොමිසමේ ඇති මුල්‍ය විස්තරයට අනුව සහ මාගේ ගණකාධිකරණ දැනුමේ හැටියට ‘ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික්‘ සමාගමට ප්‍රමාණවක් ද්‍රවශීලතාවයක් නැහැ.

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතා. ලඬමී කාන්තන් මහතා එක් අවස්ථාවනදී රුපියල් මිලියන 70ක් හා තවත් අවස්ථාවකදී රුපියල් මිලියන 75ක් බෑග් වලදාගෙන පැමි‚ මුදල් වලින් තමයි මෙම නිවෙස මිලදී ගෙන තියෙන්නේ. ඒක හරියටම  ‘පර්පචුවල්  ටේ‍රෂරීස් සමාගම බැ`දුම්කර මිලදී ගත්තා වගේ‘.

ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා. මේකට ‘පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ගාව ගන්න එපා.

වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.

මෙම කොමිසමේ කටයුතු ස`දහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ෙජ්්‍යෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ෙජ්්‍යෂ්ඨ රජයේ නීතීඥ ආචාර්්‍ය අවන්ති පෙරේරා මහත්මිය, ෙජ්්‍යෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු ස`දහා සහය ලබා දෙයි.

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතාද භාන්ඩාගාර බැ`දුම්කර නිකුත් කිරීම ස`දහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතාද › ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.



අදහස් (3)

මිලියන 145 ක් බෑග් දෙකක ගෙනා හැටි

SANATH Sunday, 30 July 2017 09:52 PM

කතා කරලා වැඩක් නැහැ.

:       6       32

mahinda Monday, 31 July 2017 08:31 AM

රවී පිරිසිදු නම් මේ පරීක්ෂණය ඉවර වෙනකන් තාවකාලිකව සියලු අමාත්‍ය තනතුරු වලින් ඉවත් වෙන්න ඕන. ඒ තමා මහත්මා ගතිය.

:       0       185

sudesMonday, 31 July 2017 10:13 AM

රවී මහතා නෙවේ. එහෙනම් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න සියයට 99 ක්ම ඉවත් වෙන්න ඕනේ. මට මතකයි 2002 අවුරුද්දෙත් එජාපය පැරදුනේ ඔය රවී කරුණානායක මහතා නිසා. මේ පාරත් එජාපයට ගෙදර යන්න වෙන්නේ මෙයා නිසා. එජාප යේ අය‍ට සතුටුයි ද දැන්...

:       39       215

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 473 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 44 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 162 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 197 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 143 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 204 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site