(විනීතා එම්.ගමගේ)
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල සීමාවේ පහත් බිම් ගොඩ කිරීමත් නේවාසික ප්‍රදේශවල නීති විරෝධී අන්දමින් කම්හල් ඉදිකිරීමත් ජයටම සිදු කෙරමින් පවතින බව එහි වැසියෝ චෝදනා කරති. අධික නේවාසික ඝනත්වයක් ඇති එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිදුවන පහත්බිම් ගොඩ කිරීම් හා කම්හල් ඉදිකිරීම් අති බහුතරය අනවසර ඒවා බවද ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.
මෙම ගොඩ කිරීම් හා අනවසර කම්හල් මඟින් සිදුවන පාරිසරික හානිය අති විශාල එකක් බවත් වැල්ලම්පිටිය හා අංගොඩ පොලිස් ස්ථානවලට දිනපතා විශාල ප්‍රමාණයක් පැමිණීලි ලැබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ලැබෙන පැමිණිලි විභාග කරන අවස්ථාවන්හිදී පෙනී යන්නේ එම ගොඩ කිරීම් හා ඉදිකිරීම් සදහා ප්‍රාදේශීය සභාවේ අවසරය ලැබී ඇති බැවින් කළ හැක්කක් නොමැති බවය. අනවසර බව බැලූ බැල්මට පෙනී ගියත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අනුමත කරන ලද සැළසුම් අදාල විත්ති පාර්ශවය සතු බැවින් පැමිණීලි කරුවන් වෙනුවෙන් කිසිදු සහනයක් සළසන්නට හැකියාව නොමැති බව ද පොලිස් නිලධාරියා කීය.
මේ සඳහා හොඳම උදාහරණය ඇත්තේ දහම්වෙල නිවාස පරිසරයේ ය. එහි නිවාස 27 ක් ඇති අතර ඒවාට දැඩි පීඩාකාරි තත්ත්වයක් උදාකරමින් එම නිවාස දෙකක් අතරේ පර්චස් 15 ක ඉඩම් කට්ටියක මෝටර් රථ අමතර කොටස් එකලස් කිරීමට, මෝටර් රථ ගලවා සවිකරන හා මෝටර් රථ අලෙවි කරන ව්‍යාපාරයකට අවසර ලබා දී ඇති අතර එම නිවාස සදහා ඇත්තේ අඩි 10 ක් පළලැති නිවාස සඳහා පමණක් අනුමත පාරකි.
කිසිසේත්ම වයාපාරයකට සුදුසු නොවන නේවාසික පරිසරයක මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම නිසා එහි නිවාස 27 හි වැසියන් විඳින පීඩාව පිළිබඳව ඔවුන් මේ වනවිට 17 වතාවක් ප්‍රාදේශීය සභාවට ලිපි ලියා ඇතැයි එහි වැසියකු වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ චිත්‍රපට හා හඬ කැවීම් අංශයේ, ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී දර්ශන පනංගල මහතා පැවැසුවේය. පසුගියදා පැවැති මහ වැසි මැද මෙම ප්‍රදේශය කිසිදු කළක සිදුනොවූ පරිදි වැසි ජලයෙන් යටවුණේ එම ප්‍රදේශයේ ජලය බැස යාමට පැවැති හියුම් පයිප්පයෙන් ජලය බැස යානොහැකි පරිදි අඩි පහකටත් වඩා භූමිය ගොඩ කර මෙම ව්‍යාපාරය ඉදිකර ඇති බැවිනි.
මේ පිළීබඳව මධ්‍යම පරිසර අධිකාරිය පහත්බිම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු ආයතන ගණනාවකට පැමිණිලි කර ඇතත් එම ආයතන පවා අර්බුදයකට පත්ව ඇත්තේ ප්‍රාදේශීය සභාවෙන් නීති විරෝධී අන්දමින් අවසර දීම නිසා යැයි ද පනන්ගල මහතා පෙන්වා දුන්නේය.
එම ප්‍රදේශයේ කළ සංචාරයේ දී ප්‍රදේශවාසිහු පැවැසූයේ පර්චසයට රුපියල් 35,000 බැගින් ප්‍රාදේශීය සභාවට දිය හැකි නම් පහත්බිම් ඕනෑ තරම් ගොඩ කළ හැකි බවය. රටේ එක් නීතියක් යැයි පැවැසුව ද මෙවැනි අසාධාරණ සිද්ධීන් සිදුවීම කණගාටුවට කරුණකැයි ද ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධව කොටිකාව්ත්ත මුල්ලේරියාව නගර සභාවේ නගරාධිපති රංගජීව මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිදු අවස්ථාවක තමන් නීති විරෝධී අන්දමින් කිසිදු ගොඩකිරිමක හෝ ඉදිකිරිමකට අවසර දී නැති බවය. එසේ තමන් විසින් නීති විරෝධීඅන්දමින් අවසර දී ඇති යම් ඉදිකිරීමක් හෝ ගොඩ කිරීමක් පෙන්වා දිය හැකිනම් පැය විසිහතරක් ඇතුලත තමන් නගරාධිපති ධූරයෙන් ඉවත් වනබව ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමට තමන් සූදානම් නැතැයි කී රංගජීව මහතා තමන් එම නගර සභාව භාර ගැනීමට පෙර සිදුවූකිසිදු අවසර දීමකට වගකීමට තමන් සූදානම් නැතැයි ද සඳහන් කළේය.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුල්ලේරියාවේ පහත් බිම් ගොඩකිරීමේ සීමාව කොතැනද?
pakeer Monday, 21 June 2021 11:04 PM
මේ තත්වේ රටේ හැමතැනකම තියෙනවා. ලංකාව ඇත්තටම මිනිසුන් ජීවත් වීමට සුදුසු රටක් නොවේ.
gayani Friday, 25 June 2021 10:29 AM
ඒකනම් ඇත්ත. මෙම ගොඩකිරීම් නිසා ප්‍රදේශයේ ජීවත්වන ජනතාව පොඩි වැස්සකටත් ජලයෙන් යටවන තත්වයක් ඇතිවී ඇත. ප්‍රාදේශීය සභාවට කිව්වත් හරියාකාර විසඳුමක් නම් නොමැත. ප්‍රාදේශීය අප දන්නා තරමින් මෙම අනවසර ගොඩකිරීම්වලට මේ වනතෙක් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත.