මෙරට දේශපාලනය සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමියෝ පසුගියදා ඉතා වටිනා ප්‍රකාශයක් සිදු කළහ. එම ප්‍රකාශය මෙරට පිළිගත් සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ ඇස් අරවනු ඇතැයි අපි සිතමු. එම ප්‍රකාශයේ ඍජුවම සඳහන් වී තිබුණේ රටට ජනතාවට අවංකවම හිතැති දේශපාලනඥයන් මෙරටින් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇති බවය. බහුතරයක් දේශපාලනඥයන් බලයට පැමිණීමට පෙර පැවැසූ දේ බලයට පැමිණි පසු අමතක කරන බවය.
මහ නාහිමියන් බැහැදැකීමට පැමිණ සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් හමුවේ උන්වහන්සේ එම ප්‍රකාශය සිදුකළහ. රටේ වෙනසක් පතා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වංචා, දූෂණවලට එරෙහිව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන් වහන්සේගේ ආශිර්වාදය හිමි වන බව ද මහ නාහිමියෝ එහිදී ප්‍රකාශ කළහ.
මල්වතු මහ නාහිමියන් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්තේ රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව තමන් වහන්සේ තුළ පවතින අවබෝධය සහ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ දැනුවත්වීම් සැලකිල්ලට ගැනීමෙන් බව පැහැදිලිය. උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මේ රටේ නීතිගරුක, සාමකාමී අති බහුතරයක් ජනතාවගේ අදහස බව අපගේ ද පිළිගැනීමය. බලය ලබාගන්නා බොහෝ ආණ්ඩුවල බලවත් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන මහා පරිමාණ සියලු වංචා සහ දූෂණ යටගසන බවත් සාමාන්‍ය පුද්ගලයකු සිදු කරන වැරැදි සම්බන්ධයෙන් තදින්ම ක්‍රියාත්මක වෙන නීතිය බලවත් බවත් දේශපාලනඥයන් සහ ආණ්ඩුවේ ගජ මිතුරු හවුල්කරුවන්ගේ බරපතළ වංචනික සහ දූෂිත ක්‍රියා හමුවේ මඩේ සිට වූ ඉන්නක් මෙන් හැම පැත්තකටම නැවෙන බවත් මහජනතාව අතර පවතින පොදු මන්ත්‍රයකි. මහ නාහිමියන්ගේ ප්‍රකාශයේ ගැබ් බී ඇත්තේ එම මන්ත්‍රයේ හරයයි. අවාසනාවකට මෙන් අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන්ට මේ බව වැටහෙන්නේ නැත. නැතහොත් ඒ බව දැන දැනම කිසිවක් නොදන්නා සේ හැසිරෙති. එහෙම රටක් ආර්ථික අර්බුදයකට මුහුණදීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත.
මහ නාහිමියන්ගේ ඉහත සඳහන් ප්‍රකාශයට වඩාත් වටිනාකමක් එකතු වන්නේ මේ මැතිවරණ වසරක ආරම්භයද බැවිනි. තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිතව තිබේ. මහ මැතිවරණය නියම වී තිබෙන්නේ 2025 වසරට වුවද ජනාධිපතිවරණයෙන් පසුව බොහෝ දුරට පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට හොඳටම ඉඩකඩ තිබේ.
ඒ අර්ථයෙන් ගත් කල මෙවන් ප්‍රකාශයක් සිදු කිරීමට මීටත් වඩා සුදුසු අවස්ථාවක් නැත. මහ නාහිමියන් එම ප්‍රකාශය හරහා ලබාදෙන ප්‍රබල පණිවුඩය ග්‍රහණය කර ගැනීමට දේශපාලන පක්ෂ නායකයන් සමත් වුවහොත් ඉදිරි කාලයේදී හෝ වඩාත් විශ්වාසදායී මැති ඇමැතින් පිරිසක් බිහිකර ගැනීමට අවශ්‍ය වාතාවරණය සැකසෙනු ඇත. එහෙත් අපේ රටේ පවතින වත්මන් දේශපාලන සංස්කෘතිය අනුව එවැනි වාතාවරණයක් සම්බන්ධයෙන් තබාගත හැක්කේ ඉතා සුළු බලාපොරොත්තුවක් පමණි.
දේශපාලනය තුළදීත් රටේ පාලනය ගෙන යාමේදීත් සුදුසු සහ ගැලපෙන සැලසුම් සකස් කරගත හැකි වුවහොත් එය ඉලක්ක ජය ගැනීමේ සටනේ අඩක් සම්පූර්ණ කිරීමකි. එහෙත් ශ්‍රී ලංකාවට අද පත්ව තිබෙන දැඩි අසීරු තත්වයට මුහුණ දීමට සිදුව ඇත්තේ එවැනි උපායමාර්ගික සැලසුම් සකස් කර ගැනීමකින් තොරව තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහාත් බලය රැක ගැනීම සඳහාත් තීන්දු තීරණ ගන්නා දේශපාලනඥයන්ගේ කෙරුවාව හේතුවෙනි. එවැනි දේශපාලනඥයන් තීන්දු ගන්නේ රටට ජනතාවට හිතැති ආකාරයට නොවේ. තමන්ගේ බඩගෝස්තරය අංක එකට තබා ගනිමිනි. බලයට පැමිණීමට පෙර සිදු කරන ප්‍රකාශත් බලය ලබා ගැනීමෙන් පසුව ඒවා අමතක කරමින් කටයුතු කිරීමත් සිදු වන්නේ ඒ හේතුවෙනි.
මහ නාහිමියන් ප්‍රකාශ කරන්නේ එවැනි බඩගෝස්තරවාදී දේශපාලනඥයන් වෙනුවට රටට ජනතාවට ආදරය කරන කෙනකු රටේ පාලනයට ගෙන ඒමට අවශ්‍ය යැයි ජනතාවගේ මූලික ඉල්ලීමක් තිබෙන බවය. එහිදී වඩාත් ඒ පිළිබඳ වගකීම ඇත්තේ මහජනතාව අතේම බව ද පෙන්වා දිය යුතුය. තමන්ට ලැබෙන විවිධ වරදාන සහ වරප්‍රසාද අපේක්ෂාවෙන් නායකයන් සහ මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව වඩාත් පුළුල් ලෙස රටේ යහපත් අනාගතය වෙනුවෙන් සිතා තීරණය ගැනීමේ අයිතිය තිබෙන්නේ ජනතාව සතුවය. එම අයිතිය නිසි අයුරින් කල්පනාකාරීව ඉටු කිරීමෙන් යහපත් නායකයන් සහ මන්ත්‍රීවරුන් බිහිකර ගත හැකිවනු ඇත. රටකට ලැබෙන්නේ ඒ රටේ ජනතාවට යෝග්‍ය නායකයන් බව කියන්නේ කට කහනවාට නොවේ.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මල්වතු මහ නාහිමිගේ ප්‍රකාශය කාලෝචිත එකක්
Lelwala Saturday, 03 February 2024 07:16 AM
රටට, දැයට ආදරය කරන නායකත්වයක් පේනතෙක් මානයකවත් නැත. මොනවත් නැති කෙනෙක් ගියොත් පරම්පරාව ගොඩ දාගන්න, හැමදාම බලයේ ඉන්න වටපිටාව සකස් කර ගනියි.