IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහ ඡන්දය ඉක්මන් වෙයිද ?

ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් උත්සවය චාම් හා ගරුගාම්භීර අයුරින් පවත්වනු ලැබීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උත්සවයේ වියදම් කපාහැර තිබූ අතර ඒනිසා ඇතැම් සංදර්ශන අංග ද සීමාකර තිබිණ. වසර ගණනාවක් තිස්සේ ජාතික නිදහස් දින උත්සව පැවැත්වූයේ කොළඹ ගාලුමුවදොර පිටියේය. එහෙත් මෙවර එම උත්සවය කොළඹ ටොරින්ටන්හි පිහිටි නිදහස් චතුරශ්‍රයේ පැවැත්වීමට රජය තීරණය කර තිබුණේය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිදහස් උත්සවයේ කැපී පෙනෙන විශේෂාංග කීපයක්ම වූයේය.

නිදහස් උත්සවය සඳහා ජනාධිපතිවරයා පැමිණෙන්නේ අශ්වාරෝහකයන් රථ පෙරටු කොට ගෙනය. මෙවර එම අංගය ඉවත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ නියමයෙන්ය. චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයා පිළිගනු ලබන්නේ අගමැතිවරයා විසිනි. එහෙත් මෙවර ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් වීම විශේෂත්වයකි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මුලින්ම උත්සව සභාවට පැමිණ ඉන්පසුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයා සිදුකෙරේ. ඉන්පසුව එම ඇමතිවරයා විසින් ඉන් ඉහළ කැබිනට් ඇමතිවරුන් පිළිගනු ලැබෙතත් මෙවර සියලු මැති ඇමතිවරුන් ද හිටපු ජනාධිපතිනිය මෙන්ම අගමැතිවරයා පිළිගනු ලැබුවේ ද ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් විසින්ය. හමුදා ප්‍රධානීන් පිළිගැනීම හමුදාවල ඉහළ නිලධාරීහු සිදු කළහ. මේ අතර මෙවර නිදහස් සැමරුම් උත්සවයට ප්‍රභූවරුන් තිදෙනෙක් සහභාගි නොවූහ. ඒ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. මීට අමතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ද මෙවර උත්සවයට පැමිණ සිටියේ නැත. මේ තිදෙනාගේ නොපැමිණීම පිළිබඳව විවිධ ආරංචි පැතිර ගියේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයකුව සිටි කාලය තුළ කිසිදා නිදහස් උත්සවයකට සහභාගි වෙලා නැහැ. එතුමා පළමුවරට සහභාගි වූයේ 2015 නිදහස් දින උත්සවයට. ඒ රටේ ජනාධිපතිවරයා ලෙස. රටේ ජනාධිපතිවරයා ලෙස මිස වෙනත් ආකාරයකින් නිදහස් දින උත්සවයකට සහභාගි නොවන බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ වසර ගණනාවක් මේ උත්සවයට සහභාගි වූයේ අගමැතිවරයා ලෙස එසේත් නැත්නම් විපක්‍ෂනායකවරයා ලෙසයි.

අගමැතිට විපක්‍ෂනායකට ඉදිරි පෙළ අසුන් පනවනවා. පක්‍ෂනායකයන්ට ඉදිරිපෙළ අසුන් නැහැ. යම් හෙයකින් එතුමා පැමිණියේ නම් වාඩිවීමට වෙන්නෙ උත්සව සභාවේ පසුපෙළ අසුනකයි. මේ දේශපාලන විවාරකයන් කියන කතාවයි. මීට අමතරව ආර්. සම්පන්දන්ට නොපැමිණීමට හේතුවක් වී ඇතැයි පැවසෙන්නේ මෙවර නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම බව ද පිරිසක් අනුමාන කරති. ෆීල්ඞ් මාර්ෂල් ලෙස සරත් ෆොන්සේකා ඉකුත් වසර කීපයේ දී නිල ඇඳුමින් නිදහස් උත්සවයට පැමිණියේය. ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයන් සමග පවතින එදිරිවාදිකම් හේතුකොට ගෙන සරත් ෆොන්සේකා නිදහස් උත්සවයට නොපැමිණෙන්නට ඇතැයි ද දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම හා මෙහෙයවීමේ කටයුතු ආරම්භ කිරීමට මෙවරත් බැසිල් රාජපක්‍ෂ සූදානම් වී සිටියි.

ජානාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගියේය. ඔහුගේ බිරිඳ හා දරුවන් ජීවත්වන්නේ ද ඇමරිකාවේය. මාස දෙකකට පමණ පසුව බැසිල් ඉකුත් සඳුදා දිවයිනට පැමිණියේය. බැසිල් රාජපක්‍ෂ පිළිගැනීමට ප්‍රසන්න රණතුංග, ලක්‍ෂ්මන් යාපා, නිමල් ලාන්සා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව සන්ධානයක් ගොඩනැගීමේ මූලික එකඟතාවයක් ඇති වී තිබේ. බිහිවීමට නියමිත නව සන්ධානයේ මහ ලේකම් ධුරය බැසිල් රාජපක්‍ෂ අපේක්‍ෂාවෙන් සිටින බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ගොඩනැගෙන නව සන්ධානයේ සම නායකයන් ලෙස මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන නම් කිරීමේ යෝජනාවක් ද දේශපාලන කරළියට ඉකුත්දා පැමිණ තිබිණ. එහෙත් එම සන්ධානයේ සම නායකත්වයක් මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමේ අදහසක් නැතැයි ඉකුත්දා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මීට පෙර යෝජනා වී තිබුණේ නව සන්ධානය ගොඩනැගුණු පසුව සියයට 57ක් පොහොට්ටුවටත් සියයට 31ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් ඉතිරි කොටස අනෙකුත් සුළු පක්‍ෂවලටත් ලබාදීමට දැනටමත් එකඟතාවයක් ඇතිකරගෙන ඇතැයි වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් බදාදා පෙරවරුවේ රැස්වූයේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම කාණ්ඩායම රැස්වූයේ පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. මුල් ආසන පෙළියේ රනිල්, සජිත්ට අමතරව විරුද්ධ පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ද අසුන්ගෙන සිටියහ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ යෝජනාවක් ඉදිරිපත් කළේ රංජිත් මද්දුම බණ්ඩාර එජාප සන්ධානයේ නව මහ ලේකම් ධුරයට පත් කිරීමටය. එම යෝජනාව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ස්ථිර කළේය. මුළු පාර්ලිමේන්තු කණ්ඩායමේම එකඟතාව ඊට ලැබිණ. කිසිවෙකුත් විරෝධතාවයක් දැක්වූයේ නැත. ඉන් අනතුරුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නව මහ ලේකම්තුමාට හෙඞ් ටේබල් එකට එන්න යැයි ආරාධනා කළේය. ඉන්පසුව රංජිත් මද්දුම බණ්ඩාර පැමිණ මුල් පේලියේ අසුන් ගත්තේය. ඒ සමගම රැස්වීම නිමාවූ අතර සජිත් හිතවාදීහු නව මහ ලේකම්වරයාට සුබ පැතූහ.

මේ අතර රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ප්‍රකාශ කර ඇත්තේ සන්ධානයේ නව ලේකම්වරයා පත්කිරීමේ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සම්මත කර ගත යුතු බවකි. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වීමට නියමිතව තිබුණ ද එය ලබන සඳුදා තෙක් කල්ගොස් ඇත්තේ සජිත් පිළේ ඉල්ලීමකට යැයි ද පැවසේ.

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනගනවා. ඒකේ නම සහ ඡන්ද ලංජනය කුමක්දැයි තවම තහවුරු කරලා නැහැ. සමහරවිට අලියා හෝ හංසයා හෝ නොවෙන්නට පුළුවන් ඉන් එකක් වෙන්නත් පුළුවන්. නව සන්ධානයේ නායකත්වය මෙන්ම මහ ලේකම් ධුරයත් එජාපයට දෙන්න ඕනේ යැයි ප්‍රගතිශීලී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේය.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින වසර 62ක සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කිරීමක් ලෙස රුසියාවේ ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඉකුත් සඳුදා දිවයිනට පැමිණියේය. රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් වසර 45ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 9කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එම සංචාරය සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙක් හා ඔලෙග් සල්යුකොව් මහත්මිය ද සහභාගි වී සිටියාය. පස්දින නිල සංචාරයේ දී රුසියානු හමුදා නායකයා ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් ද හමුවීමට සැලසුම් කර තිබිණි. මේ අතර රුසියානු හමුදා නායකයා ඉකුත්දා පැවැති ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ද සහභාගි වූයේය.

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීමේ ගැටලු මතුව ඇති අතර තවමත් ප්‍රධානීන් පත්කර නැති රාජ්‍ය ආයතන තිබෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත්දා එම සංස්ථාවේ සේවය කළ නිෂ්පාදකයකු පත් කළ ද දින පහක් යන්නටත් පෙර ඔහුව ඉවත් කිරීමට රජය කටයුතු කළේය. අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම මත සභාපතිවරයා ඉල්ලා අස්වූ අතර තවමත් ගුවන්විදුලියට සභාපතිවරයෙක් පත්කර නැත. ඉල්ලා අස්වූ සභාපතිවරයා වැඩ බාරගැනීමට සංස්ථාවට ආ අවස්ථාවේ සේවකයන් අමතා කරන ලද කතාවේ දී ආන්දෝලනාත්මක දේ ප්‍රකාශ කළ බවට ඔහුට චෝදනා එල්ල වූයේය. ගුවන්විදුලියේ සේවකයන්ම ඔහුගේ ආන්දෝලනාත්මක කතාව පටිගතකර සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ. කතාව අතරතුර තමාට අත්පොළොසන් දෙන්නැයි ද ඔහු සේවකයන්ට පවසන අවස්ථා ද එම කතාව අසන අතර තුරේ දැක ගත හැකිය. වෘත්තීය සමිති නායකයෙකුගේ ඉල්ලීම පරිදී ඔහු පත්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා පවා නොදන්නා බවක් ද දැන් දැන් ප්‍රචාරය වෙමින් තිබේ.

පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමේ යෝජනාවක් ද මේ වනවිට නැවත කරළියට පැමිණ තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුව කලින් සැලසුම් කර තිබුණේ මාර්තු මස දෙවැනිදාය. එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ එකඟතාවය මත තුනෙන් දෙකක බහුතර කැමැත්තකින් පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරිය හැකිය. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් මහ ඡන්දයකට යෑමටය. ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහාය ලබා දුනහොත් මහ මැතිවරණය අලුත් අවුරුද්දට පෙර පැවැත්විය හැකි වනු ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මහා මැතිවරණයේ නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදයක් මතුවී තිබේ. වියත්මග සංවිධානයේ අදහස වී ඇත්තේ උගත් බුද්ධිමත් පිරිසකට නාමයෝජනා ලබාදීමය. එම පිරිස අලුත් කණ්ඩායමක් විය යුතු බව ද අඩුම තරමින් වියත් මගින් 100 දෙනෙකුවත් නාමයෝජනා දිය යුතු යැයි ද වියත්මග සංවිධානය ප්‍රකාශ කර තිබේ. එහෙත් ඊට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ විරෝධය දක්වති. පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව සංධානයේ මහ ලේකම් ධුරයට නම්කර සිටින බැසිල් රාජපක්‍ෂට සිදුව ඇත්තේ මේ අර්බුදයට විසඳුමක් ලබාදීමටය. දෙපාර්ශ්වයටම සතුටුවිය හැකි විසඳුමක් ලබාදිය යුතු බව ද බැසිල් ප්‍රකාශ කර තිබේ. මේ අතර වියත්මගට සම්බන්ධව සිටින භික්‍ෂුන්වහන්සේ නමක් ද නාමයෝජනා ලැබීමට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබේ. එම ප්‍රකාශයට කැස්බෑවේ දේශපාලනඥයෙක් විරෝධය දැක්වූ බවට ද ආරංචි පැතිර ගියේය.

‘දැන් බලන්න අහවල් දිස්ත්‍රික්කයෙන් අපට ආසන 7ක් දිනාගන්න පුළුවන්. ඒ හතට අහවල් දේශපාලනඥයන් දෙන්නත් අයිති වෙනවා. අපි ඔවුන්ට නාමයෝජනා නොදුන්නොත් අපේ දෙන්නෙක්ම ඇතුළට ගන්න පුළුවන්’ යැයි වියත් මගේ කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ සජිත් පිල මේ වනවිට මහ මැතිවරණයට තරග කිරීම සඳහා නව පක්‍ෂයක් තෝරාගෙන තිබේ. තෝරාගෙන ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව් ලියාපදිංචි එහෙත් දැනට තරගයට නොඑන පක්‍ෂයකි. එම පක්‍ෂයේ මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාරාගේ නම මැතිවරණ කොමිසමට යැවීමටත් කොමිසම එය පිළිගත් පසුව අනෙකුත් නිලධාරි මණ්ඩලය ලෙස සජිත් පිලේ පිරිසක් නම් කිරීමටත් මේ වනවිට සැලසුමක් පවතියි. එසේ වුවහොත් එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ වන අතර වැඩි පිරිසක් සජිත්ගේ නව දේශපාලන පක්‍ෂයට එක්වනු ඇතැයි පැවසේ. කෙසේ වෙතත් තවත් පිරිසක් එජාපයේ නතර වන බව ද එම පක්‍ෂ ආරංචිමාර්ගවලින් කියැවේ. සජිත්ගේ පක්‍ෂය හදන්න යන්නෙත් බැසිල් හැදුව වගේ. බැසිලුත් වෙනත් පක්‍ෂයක් අරගෙන නිලධාරී මණ්ඩලය වෙනස් කළා. අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වුණා. ඒ වගේම දෙයක් එජාපයටත් වෙන්න ඉඩ තිබෙනවා යැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ප්‍රකාශ කර තිබේ. මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද අර්බුදයක් හටගෙන ඇත්තේ වෝහාරික විගණන වාර්තාව මුල්කර ගනිමිනි. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනකුගේ ධුර කාලවල දී බැඳුම්කර වංචා සිදුව ඇති බවය. ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවන්ට හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ පොදුජන පෙරමුණේ දේශපාලනඥයෝ පිළිතුරු බඳිමින් සිටිති. බැඳුම්කර වංචා සම්බන්ධයන් මහ මැතිවරණ වේදිකාවේ නොයෙකුත් වාද විවාද ඇතිවනු ඇති අතර එය ඉදිරියේ දී දැක බලා ගැනීමේ හැකියාව ජනතාවට හිමිවනු ඇත.

කස්තුරි



අදහස් (0)

මහ ඡන්දය ඉක්මන් වෙයිද ?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 472 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1005 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 920 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 170 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 110 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 992 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16907 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site