(පරිවර්තනය - නිසංකා සන්දීපනී)
හොං කොං - ෂූහායි - මැකාඩ් නගර සම්බන්ධ කර මුහුද හරහා ඉදිකර ඇති ලෝකයේ දිගම පාලම ලෝකයේ පුදුම හත අතරට එක් වීමට තරම් වැදගත් නිර්මාණයක් වී ඇත. මෙම සුපිරි ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අතින් ඊයේ (23) නිල වශයෙන් විවෘත විය.
කිලෝ මීටර 55ක් දිග මෙම පාලම පර්ල් ගංගාවේ සිට මුහුද හරහා ඉදිකර ඇති අතර සංකීර්ණ උමං මාර්ග වලින් ද සමන්විතය. මෙම ඉදිකිරීම 2009 දෙසැම්බර් 15 වැනිදා දකුණු චීනයේදී ආරම්භ විය.
මෙම ඉදිකිරීම මුහුද පදනම් කරගත් විශාල ව්‍යාපෘතියක් වන අතර එම මාර්ග සංකීර්ණය කිලෝමීටර 6.7 ක් මුහුද යටින් ගමන් කළ හැකි කෘත්‍රිම දූපත් දෙකක් අතර සම්බන්ධ වේ.
ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ආසන්න වශයෙන් අවුරුදු 8ක් සහ යුවාන් බිලියන 120 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 17.3) වැය වී ඇත.
අනාගත බලාපොරොත්තු අනුව ආර්ථික වාසි ලබාගත හැකි අයුරින් මෙම වියදම හොං කොං - ෂූහායි සහ මැකාවෝ රජයන් විසින් සමානුපාතික ආකාරයෙන් බෙදාගෙන ඇත.
හොං කොං සහ ෂුහායි ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට මෙවැනි පාලමක් ඉදිකිරීමේ අදහස 1983 දී හොං කොං හිදී ඉදිරිපත් වූවත් ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත. එහෙත් 1990 දශකය අවසානයේ හොං කොං සහ ආසියාව මූල්‍ය අර්බුදයකින් පීඩාවිඳි අතර ඒ තත්ත්වයෙන් මිදීමට නම් හොං කොං - ෂූහායි සහ මැකාවෝ නගර සම්බන්ධ කර ආර්ථිකය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය මතුවී ඇත.
ඒ අනුව වසර ගණනාවක් පුරා කළ සාකච්ඡා සහ සූදානම්වීම් අනුව 2009 ඔක්තෝබර් 28 දින ඉදිරිපත් කරන ලද ශක්‍යතා අධ්‍යනයෙන් වාර්තාවෙන් පසු රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන ලදී.
විශේෂ පරිපාලන ප්‍රදේශ දෙකක් සහ ප්‍රධාන නගරයක් මෙම සුපිරි ව්‍යාපෘතිය හා සම්බන්ධ වේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විසඳුම් සොයා ගැනීම, තීරුබදු, ආගමන, අනුමැතිය සහ වෙනස් ගමනාගමන නීති සහ බලපත්‍ර ආදී දුෂ්කරතා වලට මුහුණ දුන්නේය. අභියෝග වලට මුහුණ දෙමින් ඉදිකළ තිරසාර ව්‍යාපෘතියක් වන මෙම පාලම මගින් වසර 120ක් සඳහා සේවාව සැපයීමට සැලසුම් කර ඇත.
ව්‍යාපෘතියේ මූලිකව භාවිතා වන්නේ ලෝකයේ වඩාත් කල්පවත්නා ගොඩනැගිලි ද්‍රව්‍ය බව ප්‍රධාන නිර්මාණ සැලසුම් ශිල්පී මෙන්ග් ෆැන්චා ඕ මහතා පැවසුවේය.
පාලම් ඉදිකිරීමට අමතරව බලධාරීන්ගේ අයකිරීම සීමිතවීම, කම්කරුවන්, උපකරණ ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම කලාතුරකින් චීන මුහුදේ මතුවන සුදු ඩොල්ෆින් මත්සයන් සඳහා වන හානිය අඩුකර ගැනීම ඉදිකිරීමේදී මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝග විය.
ගොඩනැගීම ආරම්භ වූ 2009 වර්ෂ අවසානයේ සිට එම මුහුදු සීමාවේ සුදු ඩොල්ෆින් සත්ත්ව ගහණය සංඛ්‍යාත්මකව වර්ධනය විය. ඒ අනුව 2009 වර්ෂයේ දී 1400 ද, 2016 වර්ෂයේදී 2100 දක්වා සුදු ඩොල්ෆින් මසුන් වර්ධනය වූ බව ඉදිකිරීම් නිලධාරීන්ගේ උප ප්‍රධානියා යූ ලයි මහතා පැවසූවේය.
එම සතුන්ට හානියක් නොවන ලෙසත් මුහුදු ශාක ආහාරයට ගන්නා සතුන්ට හානියක් නොවන ලෙසත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අභියෝගයක් විය.
දරුවන් වෙනුවෙන් දැවැන්ත වගකීම් සහිත සමාජ සේවයක් ඉක්මණින් නිමා කිරීම සහ සැබෑ ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන අවස්ථා උදාකර දීම ගැන තමන් ආඩම්බරකාර පියෙක් වන බව මෙන්ග් මහතා පැවසුවේය.
මෙම පාලම ඉදිකිරීමෙන් අඩු කාලසීමාවක් තුළ නගර තුන හරහා ගමන් කිරීමට හැකි වනු ඇත. උදාහරණයක් ලෙස පැය 3යි විනාඩි 30 කාල සීමාවකදී හොං කොං සහ ෂුහායි අතර ගමන් කිරීමට හැකිවනු ඇත. මෙය ආර්ථික සංවර්ධනයට සහ හොං කොං සංචාරක කර්මාන්තයට පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව සුපිරි පාලම ඉදිකිරීම මහා බොක්ක ප්‍රදේශය සංවර්ධනය කිරීමට සංධිස්ථානයක් විය. හොං කොං තාක්ෂණික ආර්ථිකය ගොඩනැගීමටත්, මැකාඩෝ සහ ගුවංෂු නගරයද ඇතුළු ගුවන් ඩොග් පළාතේ නගර 9ක්, ෂෙන් හෙන් සහ ෂුහායි නගර සහ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකොන් නිම්නය සමඟ තරගයක් නිර්මාණ වීමටත් ඉඩ ප්‍රස්ථාව තිබේ.
හොං කොං ව්‍යාපාර සහ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ලෝ වායි ක්වොක් මහතා අනාවැකි පළකරමින් පවසා සිටියේ මෙම පාලමේ විවෘත කිරීමෙන් මහා බොක්ක ප්‍රදේශයේ ආර්ථික වර්ධනය ඉහළ යාම හා ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඉක්මන් වන බවයි.
සී.ජී.ටී.එන්. ඇසුරෙනි
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ මුහුදට අභියෝග කළ පාලම
සෙනෙවි Wednesday, 24 October 2018 03:38 PM
මෙම පාලම තැනීමට නැකත් සහ නිදන්වස්තු ශ්‍රීලංකාවෙන් රැගෙන ගිය බව දැනගන්නට ලැබී ඇත.
Nimal Wednesday, 24 October 2018 05:24 PM
මෙවැනිම පාලමක් කොරියාවේත් තියෙනවා. ඒකේ දිග 1.5 කි. මී. පමණ.