IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


මුහුණු පොතට ගිය පින්තූරයේ විපාකය

එකල 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නෙත්මි පාසලේ තරුණ ශිෂ්‍යාවන් අතර සිටි රූමත්ම කැපී පෙනෙන ශිෂ්‍යාවකි. නිල්වන් දිගු කෙස් කළඹ, රෝස පාට කම්මුල්, සොඳුරු සිනහවක් හිමි ඇය පාසලේ කාගේත් අවධානයට යොමුවිය.


ඇය නර්තනයට ඉතාමත් දක්ෂ තැනැත්තියක් වූ නිසා පාසලේ පැවති බොහෝ උත්සව අවස්ථාවලට නර්ථන අංගවලින් දායක වූවාය. 


පාසලෙන් පිටතට ගිය විටද බොහෝ තරුණයෝ නිතරම ඈ දෙස බලති.


දසුන් ඉගෙන ගත්තේද නෙත්මිගේ පන්තියේය. ඔහුද ඇයගේ රුවට වශිවී සිටියේය.


26-Rasa-P5-BAමම කොහොම හරි නෙතූට ඛදඩැ කරන්න ඕනෑ. දසුන් තම මිතුරා වූ දුමින්දට පැවසුවේ බලාපොරොත්තු රැසක් හිතේ රඳවාගෙනය.


උඹ දැන් දවස් ගාණක් තිස්සෙ ඉඳන්ම ඕක කියවනවා. අනේ මන්දා බං කියව කියවා ඉන්නෙ නැතිව වැඩක් කරලා පෙන්නපං. උඹත් හරියට දේශපාලනඥයෙක් වගේනෙ. කියවනවා විතරයි වැඩ නැහැ. දුමින්ද එසේ පැවසුවේ සරදමට මෙන්ය.


හිටපංකො මම ගිහින් අද හෙටම වැඬේ ගොඩදාගන්න. එසේ පවසන දසුන්ගේ මුහුණේ ලැජ්ජාව ගැබ්වී ඇති බව දුමින්ද දුටුවේය. 


එදා සිකුරාදා දිනයකි. පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බහුතරයක් එදින පන්තියේ නොසිටියහ.


දසුන් වටපිට බැලුවේය.


නෙත්මිගේ යහළුවා වන උදානිද එදින පන්තියේ නැති බව ඔහුට පෙනී ගියේය.


අද තමයි හොඳම දවස. දසුන්ගේ සිත කීවේය.


නෙත්මි කෑම කා කරාමයෙන් වතුරත් රැගෙන මිතුරියක් සමග ක්‍රීඩාංගණය දෙසට පියවර නගනු දසුන් දුටුවේය.


ඈත සිට ඇය දෙස විමසිල්ලෙන් බලා සිටි දසුන් ගොදුරක් ඩැහැ ගැනීමට මාන බලා සිටින කුරුල්ලෙකු මෙන් ඒ දෙසට යන්නට වූවේය.


නෙත්මි ක්‍රීඩාංගණය කෙළවරට වී සෙල්ලම් කරන ළමුන් දෙස මොහොතක් බලා සිටියේ මහත් ඕනෑකමිනි.


නෙත්මි මොකද අද ඨරදමබා එකට වෙලා.. දසුන් එසේ පැවසුවේ නෙත්මි ඉදිරියට පැමිනෙමිණි.


ආ... දසුන් මම මේ බැලුවා කව්ද කියලා... කම්මැලිකමට ආවා... අද උදානිත් නෑනෙ... හ්ම් මටත් පාළුයි අනේ...


අද දුමින්දයාත් නෑ.. නෙත්මි පැවසූ දෙයට දසුන්ගේ පිළිතුර එය විය.


නෙත්මි නැවතත් ක්‍රීඩාංගණය දෙසට නෙත් යොමු කළාය. දසුන් ඈ දෙස බලා සිටියේ තම සිතේ සිරව තිබූ ආදර හැඟුම් ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි කල්පනා කරමිනි.


නෙත්මි.... මම ඔයාට දෙයක් කියන්නද?


හ්ම්... කියන්න නෙත්මි ඔහු දෙස නොබලාම උත්තර දෙන්නට වූවාය.


නෙත්මි මම ගොඩක් දවසක ඉඳන් මේ ගැන කියන්න හිටියෙ. ඒත් මට වෙලාවක් හම්බවුණේ නෑ...


ඇත්තටම මම ඔයාට ගොඩක් කැමතියි....


දසුන්ගේ එම ප්‍රකාශය සමග ඔවුන්ගේ දෙනෙත් එකට ගැටිණි.


ඇය දසුන් දෙස බලා සිටියේ කිසිවක් අදහාගත නොහැකි ලෙසටය. නෙත්මි විවර වූ දෙනෙතින් යුතුව ඔහු දෙස බලා සිටියාය.


දවස් ගණනක්ම එලෙසින් ගතව ගියද නෙත්මිගෙන් දසුන්ට කිසිදු පිළිතුරක් නොලැබිණි.


නෙත්මිගෙන් උත්තරයක් ලැබෙන තුරු දසුන් සිටියේ නොඉවසිල්ලෙනි.


බලපං බං... මට තාම නෙතූ මොනවත් කිව්වෙ නෑනෙ. මට දැන් බලාගෙන ඉඳලම පිස්සු වගේ... දැන් මගේ දිහා ඉස්සර වගේ බලන්නෙත් නෑ... දසුන් දිනක් ආපනශාලාවට ගොස් එන අතරතුර දුමින්දට පවසන්නට වූයේ ඇගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු නිසාය.


පොඞ්ඩක් හිටපංකො... මම ඔරහ එකක් දෙන්නම්කො...


දුමින්ද මේ පිළිබඳ නෙත්මි සමග කතා කරන්නට වූයේ දසුන්ගේ ඉල්ලීම මතය...


දසුන් අසරණ වී එදෙස බලා සිටියේ නොඉවසිල්ලෙනි.


විනාඩි 10 කට පමණ පසු දුමින්ද දසුන් ඉදිරියට පැමිණියේ තරගයකින් ජයග්‍රහණය කළ සුපිරි වීරයකු මෙනි.


ඔන්න පුතේ වැඬේ ගොඩ.. මට දීපන් ගාණක් වැඬේ කළාට.. දුමින්ද දසුන්ගේ දකුණතින් අල්ලමින් අත මිරිකන්නට විය.


ඇත්තමද උඹ කියන්නෙ?


දසුන්ට ඇතිවූයේ ඉහ වහාගිය සතුටකි.


ආයෙත් අහලා.. දන්නවනෙ මම වැඩකට බැස්සොත්...


දසුන්ගේත් නෙත්මිගේත් ආදර කතාව එළඹෙන්නේ මෙලෙසිනි. දසුන් ඇයට බොහෝ සෙයින් ආදරය කළේය. ඇය සහභාගි වෙන පන්තිවලටද ඔහු සහභාගි වූවේය. කොටින්ම කිවහොත් දසුන්ට ඇයගේ රුව නොදැක සිටීමටද මොහොතක්වත් බැරි විය.


ඔහු හා ඇය නිතරම දුරකථනයෙන් කෙටි පණිවිඩ යැව්වාය. දුරකථන පාසලට ගෙන ඒම තහනම් වුවත් ඒවා රැගෙනවිත් සඟවාගන්නට ඔවුන් නොයෙදූ දහම් ගැටයක් නැත.


එලෙසට දින සති මාස ගණන් ගතවෙද්දී නෙත්මි සමග තනිවම කතා කළ යුතු යැයි දසුන්ට සිතිණි. එම නිසාම ඔහු ඇයට කෙටි පණිවිඩයක් යැව්වේය.
“නෙත්මි අපි ඉක්මනට මීට් වෙමු. හැංගි හැංගි කතා කරලා මට දැන් එපා වෙලා... මට ඔයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හෙට අපි ක්ලාස් එකේ ඉන්ටවල් එකේදි පනිමු”.


නෙත්මිට යැවූ කෙටි පණිවිඩයේ එසේ සඳහන්ව තිබිණි.


නෙත්මිද එයට අකමැත්තක් දැක්වූයේ නැත. ඔවුන්ගේ ආදරය දිනෙන් දින වර්ධනය වන්නට විය.


සතියක් දෙකක් පමණ ටියුෂන් පන්ති මගහැර ඔවුහු ඇවිදින්නට පටන් ගත්හ.


දිනක් දසුන් සහ නෙත්මි වැව රවුමේ බංකවක වාඩිවී වැව දෙස බලා සිටින විට ඔවුන්ගේ සම වයසේ වෙනත් ජෝඩුද පෙම් සුව විඳිනු එදා දැකගත හැකි විය.
මද්දහනට වැටෙන චණ්ඩ හිරු රැසින් පෙම්වතුන් පෙම්වතියන් පීඩා විඳින බවක් ඔවුන්ට නොපෙණිනි.


ඔවුන් සැරිසරන්නේ නිදහසේය. ඉතා සැහැල්ලුවෙන්ය. ඒ හැම මුහුණකම ආදරය ලියැවී තිබිණි.


නෙත්මි දසුන්ගේ උරහිසට බරවී ඈත වැව දෙස බලා සිටියාය.


ඔවුන් කන්නට ගෙනා පොරි පැකට්ටුවෙන් එකිනෙක ගෙන මාළුන්ට කෑමට දැම්මේ මහත් සතුටකිනි. පොරි කෑමට මාළුන් පොර බදන අයුරු දැක දසුන් සහ නෙත්මිට ඇතිවූයේ අපමණ චිත්ත ප්‍රීතියකි.


ඔයා මට ආදරෙයිද? නෙත්මි සිහින් හඬින් මිමිනුවාය.


ඔව්.. මගේ සුදු අම්මිට මම ගොඩාක් ආදරෙයි.


ඔවුන් ටික වේලාවක් රැඳී ඈත වැව දෙස බලා සිටියේ අනාගතය පිළිබඳ සිහින බලාපොරොත්තු පොදි බඳිමිනි.


ඔයාගෙ Fb Account එකේ තියෙන ෆොටෝස් ලස්සනයි.


දසුන් එලෙස පැවසූ පසු නෙත්මි කල්පනා ලෝකයෙන් මිදෙන්නට විය.


නෙත්මි කිසිවක් නොකියා සිනාසුනාය. ඇයගේ සිනහවේ ප්‍රේමය උතුරා යමින් තිබුණි.


එවිට දසුන් සිය ජංගම දුරකථනය සාක්කුවෙන් එළියට ගෙන දෙදෙනාගේම ඡායාරූප කිහිපයක් ගත්තේ සිහිවටන ලෙස තබා ගැනීම සඳහාය.


එලෙසට කල් ගත වීමත් සමග සති අන්තයේ එක් දිනෙක නෙත්මි සහ දසුන් එක කුඩයක් යට ඇවිදිමින් යන අයුරු පාසලේ ගුරුවරයෙක් දැක තිබිණි.


එතෙක් කිහිපදෙනෙකු පමණක් දැන සිටි පාසලට රහසක් වූ දසුන්ගේත් නෙත්මිගේත් ආදර අන්දරය ලැව් ගින්නක් සේ පාසලේ තැන තැන පැතිර ගියේය. ඊට පිදුරු දමන්නටද තවත් බොහෝදෙනෙකු එක් වූහ. ඒ අතර නෙත්මි පිළිබඳ අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍යයෝද, දසුන් පිළිබඳ අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍යාවන්ද වූහ.


විදුහල්පතිවරයා ඔවුන් දෙදෙනා ගෙන්වා අවවාද කළ අතර ඒ කිසිදු අවවාදයකින් තමුන් කරන්නේ වරදක් බව ඔවුන් කිසිවිටෙක පිළිගත්තේ නැත.
ගතවූයේ කෙටි කලකි. අළු යට සැඟවූ ගිනි පුපුරක් මෙන් මේ දෙදෙනාගේ ආදරය නැවත මතුවූවේය.


ඔවුහු පාසලේදී ප්‍රේම නොකළත් ටියුෂන් පන්තිවල ප්‍රේම කළහ.


දෙදෙනාගේ ආදරය නැවත ආරම්භ වී ඇති බව දැනගත් ගුරුවරු ඔවුනට තහංචි දැමූහ. මව්පියෝද ගෙන්වා අවවාද කළහ.


නෙත්මි.. පුතේ ඔය දේවල් දැන් නවත්තන්න.. අපි මොනවද ඔයාට කරන අඩු පාඩු.. ඇයි ඔහොම හිතුවක්කාර වෙන්නෙ..


නෙත්මි ඒවාට කිසිවක් නොකීවාය. ඇය කෙසේ හෝ මෙම ආදරය අතහැර දැමීමට තීරණය කළාය.


ඇයගේ තීරණයට දසුන් විරුද්ධ විය. එමගින් ඔහුට ඇය කෙරෙහි ඇතිවූයේ තරහකි. වෛරයකි.


දසුන් ඇය කෙරෙහි ඇතිවූ තරහ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් දසුන්ගේ ත්‍ඉ ගිණුමේ ප්‍රදර්ශනය කරන්නට වූවේය.


එම ඡායාරූපය නෙත්මිගේ ත්‍ඉ ගිණුමටද ඕට කර තිබිණි. එම ඡායාරූපය දුටු ගුරුවරයෙකු එය විදුහල්පතිට පෙන්වන්නේද ඔය අතරතුරේදීය.


එය දුටු විදුහල්පතිවරයා නෙත්මි කාර්යාලයට කැඳවීය.


ඇගේ ත්‍ඉ ගිණුමේ තිබූ ඡායාරූප ඇයට පෙන්වූයේ එවිටය.


නෙත්මි ඒ දෙස බැලුවේ ගැහෙන හදවතිනි.


ඒ තමන්ගේත් දසුන්ගේත් පින්තූරය නුවර වැව රවුමේදී ඔහු සමග තුරුල් වී හිඳගත් ඡායාරූපයක් බව ඇයට සිහිවිණි.


ගුරුවරියනුත් ගුරුවරුත් ඇය වට කොටගෙන සිටියහ. නෙත්මිට දැනුණේ දැඩි ලැජ්ජාවකි.


ඇයට කර කියා ගන්නට දෙයක් නොතිබිණි. විදුහල්පතිවරයා ගුරුවරුන් ඉදිරිපිටදී නෙත්මිට දොස් කීවේය.


ඇයගේ දෙනෙතින් වැටුණු කඳුළු දහරා දෙකොපුල් දිගේ රූරා වැටෙන්නට විය.


එදා දිවා ආහාරයද නොගත් නෙත්මි පාසල නිමවූ විගස නිවස වෙත ගියේ දැඩි ශෝකයකිනි.


නිවසට ගොස් තම කාමරයට ඇතුල් වූ ඇය දොර වසා ගත්තාය.


මුළුතැන්ගෙයි වැඩ නිමවීමෙන් අනතුරුව නෙත්මිගේ මව ඇයගේ කාමරය වෙත ඇදුනේ තම ආදරණීය දියණියගේ මුහුණ දැක ගැනීමටය.


කාමරයේ දොර අගුල් දමා තිබිණි.


නෙත්මි.. දුව ඔයා ඇඳුම් මාරු කරනවද?


එයට ප්‍රතිචාරයක් නොලැබුණු කළ පහරවල් කිහිපයක් දොරට ගසන්නට වූ ඇගේ මවට ඒ කිසිවකින් ඵලක් නොවිනි. දොර විවෘත කරන පාටක්ද නොමැත.
ඇයගේ මවගේ තොල කට වේලෙන්නට වූයේ එවිටය. කිසියම් විපතක් සිදුවී ඇතැයි යන සැකය ඇයගේ සිතට දැනෙන්නට විය.


අහල නිවැසියන්ද කැඳවාගෙන දොර හැරීමට උත්සාහ කළ පසු සියලුම වැර දරා දොර විවෘත කරන්නට විණි.


නෙත්මිගේ මව පවනට බඳු වේගයෙන් කාමරයට පිවිසුණාය.


ඇය දුටු දෙයින් හදවත වාවාගන්නට නොහැකි විය.


නෙත්මි විදුලි පංකාවේ එල්ලී ගෙල වැලළාගෙන මිය ගොස් සිටියාය.


අනේ මගෙ රත්තරන් දුවේ ඇයි මෙහෙම දෙයක් කරගත්තෙ? නෙත්මිගේ නිසල සිරුරෙ පාද බදාගෙන ඇය හඬන්නට වූවාය.


එදා මුළු සෙංකඩගලපුරයම කඳුළින් තෙත් කරමින් අවසන් ගමන් ගිය නෙත්මිට මෙවැනි ඛේදනීය ඉරණමක් අත්වේ යයි ඇයද කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නට ඇත. ඇයගේ පරම පිවිතුරු ප්‍රේමය වූ දසුන්ද මෙය දැක වාවාගත නොහැකිව හඬා වැලපුණේය. දසුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලද ඇනහිටිනි.


නෙත්මිගේ මියයාමත් සමග දසුන්ගේ පවුලේ අයට සිදුවූ කරදර උවදුරු නිමක් නැත. දසුන් ගැන පවසමින් දසුන්ගේ මවට ගම්වැසියෝ නිතර නිතර ඇනුම් පද කීහ. මේ සියල්ල අතරෙ නෙත්මිගේ පවුලේ අයද පසුවූයේ දැඩි දුක්ගිනි කන්දක් මැදය. 

m


 

පාසල් ඇඳුමින් ඡායාරූප ගන්න කලින් දෙවරක් හිතන්න

 

මේ පිළිබඳ තාක්ෂණික උපදෙස් සැපයීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ පරිගණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර ගනිමු.


fb වගේ සමාජ ජාලා වෙබ් අඩවියක් පාවිච්චි කරද්දී තමන්ට Friend list එකක් තියෙනවනෙ. නමුත් ඒ සඳහා එකතු කරගන්න හැමෝම තමන්ගෙ යාලුවො නොවෙන්න පුළුවන්.

SLD_20161127_F006
විවිධාකාර අදහස් තියෙන පුද්ගලයන් ලංකාවෙ පමණක් නෙමෙයි පිටරට අය වුණත් මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමන් කල්පනා කරන්නට අවශ්‍යයි. තමන්ගෙ Friend list එකට ඇතුළු කරගන්න පිරිස ඇත්තටම තමන්ගෙ යහළුවෙක්ද කියන දේ.


තමන්ගෙ Friend list එකේ ඉන්න පිරිසට පමණක් නැරඹිය හැකි ලෙසයි ඡායාරූප දැමිය යුතු වන්නෙත්.


සමහර වෙලාවට යහළුවන් සමග ගිය විනෝද චාරිකාවක ඡායාරූප ත්‍ඉ අප්ලෝඞ් කරනවා. එහිදීත් එම යාලුවො අතර පමණක් ෂෙයා වෙන විදියට කටයුතු කරනවනම් ගොඩක් හොඳයි.


නෑදෑ හිත මිතුරන් සමග ගිය විනෝද චාරිකාවක වුවද ඡායාරූප අප්ලෝඞ් කරනවනම් ඒ පිරිසට පමණක් නැරඹිය හැකි වන ලෙස දැමීම ගොඩක් වැදගත්.


ඒ වගේම එම ඡායාරූප fb වැනි සමාජ ජාලා අඩවියකට දාන්න අවශ්‍යද කියන එකත් සිතීම තමන්ට භාරයි.


සමහර වෙලාවට මිතුරු මිතුරියන් සමග එක්ව හිඳ ළඟටවී ඡායාරූප ගන්නවා. ඒ ගන්නා ඡායාරූප වෙන කවුරු හෝ දුටුවිට වැරදි අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එමගින් කව්රුන් හෝ අපහසුතාවයන්ට ලක්වෙන්නට බොහෝ ඉඩ තියෙනවා. ඒ නිසා තමන් ඡායාරූපයකට පෙනී සිටීමේදී පවා හැමදේ ගැනම සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ ගන්නා ඡායාරූප අප්ලෝඞ් කරද්දි වුවත් කල්පනාකාරී විය යුතුයි.


ඒ වගේම මේ දේවල් පාවිච්චි කිරීමේදී තම ඡායාරූප වෙනත් අය ඔවුන්ගෙ කැමරා හෝ ෆෝන්වලින් අරගෙන යාළුවන්ට ඕට කරනවා. ඒ වගේ දේවල් කිරීමේදීත් සැලකිලිමත් විය යුතුයි.


ඒ හැමදේම සදාචාරාත්මකව පාවිච්චි කළහොත් කිසිදු කෙනෙකුට කරදරයක්, හිරිහැරයක් ඇති වෙන්නෙ නෑ.


කෙනෙක් අපහසුතාවයට පත් කරන ඡායාරූප දමන්නට පෙර ඒවා දැමීම සුදුසුදැයි කල්පනා කර බැලීම ඉතා අවශ්‍යයි.


යම් යම් අය සමහර අවස්ථාවලදී විහිළුවකට මෙන් පින්තූර ත්‍ඉ ගිණුමට එක් කරනවා. සමහර ඡායාරූප එඩිට් කරමින් දමන අවස්ථා තියෙනවා. එවැනි දේවල් කිරීමෙන් කෙනෙකු අපහසුතාවයකට පත්වෙනව නම් එයින් වැළකී සිටීම යෝග්‍යයි. නැතහොත් ඇස් රතු වෙන විහිළු බවට පත්වීමේ හැකියාව තියෙනවා.


ඒත් එක්කම කෙනෙක් සමග තරහක් හිතේ තියාගෙන අපහාසයක් කරන්නට හිතාගෙන කරන දෙයක් නම් එය ඉතාම වැරදි දෙයක්.


කෙනෙකුට හානියක් හෝ අපහාසයක් කරන්න හිතාගෙන ඒ දේවල් ත්‍ඉ ගිණුම් අතර ෂෙයා කරනවනම් එහි තිබෙන බරපතළකම තමන් හිතට ගන්න ඕනෑ.
මොකද එය තමන්ගෙ පවුලෙ කෙනෙකුට සිදුවුවහොත් එය කොයි තරම් වරදක්ද කියන දේ තමාට වැටහේවි.


එමගින් නෑදෑයන්ට, හිත මිතුරන්ට, තම පවුලෙ අයට ලොකු ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා තමාට අදාළ නොවන දේවල් කරන්නට යෑම අනවශ්‍යයි.


කිසිදු කෙනෙකුට හිරිහැරයක්, කරදරයක් කරන්නට මෙම තාක්ෂණය භාවිතා නොකර වැදගත් වැඩ කටයුත්තකට තොරතුරු හුවමාරු කරන්නට නෑදෑ හිත මිතුරන් සමග කතාබහ කරන්නට මෙම තාක්ෂණය යොදාගතහොත් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවේවි.


ඒ වගේම තමන්ට fb හරහා කරදරකාරී විදියට මැසේජ් කරනවනම් ඔවුන්ව තම Account එකෙන් Block කළ හැකියි. නැතහොත් ඒ පිළිබඳ පැමිණිලි කරන්නටද හැකියාව තියෙනවා.


ඒ වගේ සිද්ධි වාර්තා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ දේවල් අනුගමනය කළොත් කරදරකාරී ව්‍යාජ ගිණුම් තිබෙනවනම් ත්‍ඉ ගිණුමෙන් ඉවත් කරගත හැකි වෙනවා.


යම් අවස්ථාවකදී තමන්ගෙ පින්තූරයක් වෙනත් අයෙක් අප්ලෝඞ් කර ඒක තමන්ට ප්‍රශ්නයක් වී හෝ අපහසුතාවයකට පත්වී ඇති බවට කවුරු හෝ කියුවහොත් පළමුවෙන්ම සිදුව තිබෙන සිදුවීම් පිළිබඳ සොයන්නට වෙනවා.


මොකද්ද වෙලා තියෙන්නෙ?


කව්ද ඡායාරූප දාලා තියෙන්නෙ?


ඇයි ඒවා දාලා තියෙන්නෙ?


මේ ඡායාරූප ඉවත් කළ හැකිද?


ඒ හැමදේම තේරුම් ගෙන කටයුතු කරන්නට අවශ්‍යයි. හදිසි තීරණවලට යාම නොකළ යුතුයි.


සමහර වෙලාවට තමන්ගෙ අනවශ්‍ය ඡායාරූපයක් කව්රුන් හෝ ත්‍ඉ දමා තිබුණහොත් එය ත්‍ඉ හරහා ඔක්කොම දැක ඇති බවත් දැන් මට ගමට යන්නවත් බැරිවෙයි කියන දේත් හිතලා බොරුවට බයවෙලා හදිසි තීරණවලට යන්න පුලුවන්. නමුත් එම පින්තූර දැක තියෙන්නෙ තුන් හතර දෙනෙක් පමණක් වෙන්න පුළුවන්. ඒ නිසා හැමදේ පිළිබඳවම කලබල නොවීම තමයි වැදගත් දේ වෙන්නෙ. සිදුව තිබෙන දේ නිවැරදි ලෙස තීරණය කර ඒ සඳහා ක්‍රියාමාර්ග යෙදීම තමයි කළ යුතු වන්නේ.


ඒ සඳහා තාක්ෂණික විසඳුමක් ගන්නවා නම් අප ආයතනයට හෝ වෙනයම් මෙයට අදාළ ස්ථානයකට කතා කර ඒ දේවල්වලට විසඳුම් ලබාගන්නට පුළුවන්.
නැතහොත් කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විටක වැඩිහිටියෙකු සමග කතා කර ඒ වෙනුවෙන් විසඳුම් ගන්නට නොහැකි වුවහොත් නිවැරදි ආයතනයකට කතා කිරීම කළ යුතු හොඳ දෙයක් වෙනවා. මොකද අනවශ්‍ය ලෙස මේ සිදුවීම් ප්‍රසිද්ධ නොකර ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් ගැනීම තමයි වැදගත්ම දේ වෙන්නෙ.
පාසල්වල වුවත් ගුරුවරු යම් ප්‍රශ්නයක් ඇතිවූ විටෙක හැසිරෙන විදියක් තියෙනවා. දැන හෝ නොදැන ළමුන් අතින් වැරදි සිදුවෙන්න පුළුවන්. ඒ සඳහා ළමයින් අසරණ නොකර නිවැරදි ලෙස වැඩ කටයුතු කිරීමයි හොඳම පිළියම වෙන්නෙ. මෙහිදී ඉවසීම කියන දේ වඩාත් වැදගත් වෙනවා.


ළමුන් වුණත් හිතන්න ඕනෑ තමන් පාසල් නිල ඇඳුමින් ගන්නා ඡායාරූප ගැනීමට අවශ්‍යද නැද්ද කියන දේ? තමන්ට තමන්ගෙ පාසලට කැළලක් ඇති වන සේ ඡායාරූපවලට පෙනී සිටීම වැරදි දෙයක්.


පාසල් නිල ඇඳුමින් සැරසී ගන්නා ඡායාරූප පිළිබඳ අතිශය කල්පනාකාරී විය යුතුයි. නැතහොත් පසු කලෙකදී ලොකු ප්‍රශ්නයක් වීමට ඉඩ තිබෙනවා. එම නිසා සදාචාරාත්මකව මේ තාක්ෂණය භාවිතා කරනවනම් තම ජීවිතයට කිසිවිටෙක ප්‍රශ්නයක් ඇති නොවේවි.



අදහස් (0)

මුහුණු පොතට ගිය පින්තූරයේ විපාකය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 482 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 85 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 994 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 125 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 169 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 432 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site