IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මුහුදට සේදෙන බත්තලංගුණ්ඩුව සුන්දරත්වය

මෙරට වයඹ දිග මුහුදු තීරයේ කල්පිටිය අර්ධද්වීපයට මුහුදු සැතපුම් විසිපහක් පමණ ඈතින් පිහිටි බත්තලංගුණ්ඩුව කල්පිටිය සංචාරක පුරවරයේ අපූරු දූපතකි.

ඒ ආසන්නයේ පිහිටි විවිධාකාර හැඩයේ දූපත් සමූහයද සොඳුරු ඉසව්වකි. සුන්දරත්වය එසේ වුවද එහි වෙසෙන මිනිසුන් දුෂ්කරතා රැසක් මධ්‍යයේ මහ මුහුදේ ගැටෙමින් ධීවර වෘත්තියේ නියැළෙති.

උපතින්ම ධීවර වෘත්තිය දායාද කොටගෙන උපන් ප්‍රජාවක් මෙහි ජීවත් වෙති. හුදෙකලාව ජීවත් වෙන ඔවුනට ලංකාවේ එක බිම් අඟලක හෝ හිමිකමක් නැතැයි කියති. දූපතේ වපසරිය හෙක්ටයාර 145.53 ක් වන අතර එහි දිගින් කිලෝමීටර් අටක්ද පළලින් කිලෝ මීටරයක් ද වේ. මෙහි පදිංචි සියලු දෙනා මීට වසර හැත්තෑවකට පමණ ඉහතදී වෙන්නප්පුව, මීගමුව සහ හලාවත ප්‍රදේශවල සිට ධීවර රැකියාව සඳහා සංක්‍රමණය වූවෝ වෙති.

මොවුන්ගෙන් පැවත එන පිරිස 750ක් පමණ දූපතේ ජීවත්වන අතර ඔවුන් පවුල් ඒකක 350ට අයත්වූවෝ වෙති. මේ සියලු දෙනා ලාංකික සිංහල සම්භවයකින් පැවතෙන්නෝ වුවද ඔවුන් බහුතරය භාවිත කරන්නේ ද්‍රවිඩ භාෂාවයි.

වත්මන් සමාජ රටාවත් ආර්ථිකයත් දූපත් වාසීන්ට එල්ල කර ඇත්තේ මහත් පීඩනයකි. ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා කල්පිටිය ජැටියේ සිට මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ක්‍රියාත්මකය. එසේ යාත්‍රා කරන බෝට්ටුව පැය තුන හමාරකින් පමණ බත්තලංගුණ්ඩුව දූපතට ළඟාවෙයි. මෙමගින් එදිනෙදා අවශ්‍යතා රැසක් සපුරා ගන්නා අතර පානීය ජලය ආහාර මාළු කල් තබා ගැනීම සඳහා අයිස් සහ කරවල වියළීම සඳහා අවශ්‍ය ලුණු ද ඒ අතර වේ.

දූපතේ ප්‍රවාහානය සඳහා පා පැදියක් හෝ නැත. ඇත්තේ ධීවර ආම්පන්න රැගෙන යාමට ඇති අත් කරත්තයක් පමණි. දූපත් වාසීන්ගේ නිවාස සියල්ල තාවකාලික පැල්පත්ය. දූපතේ උළු සෙවිලි කර ඇති එකම ස්ථිර ගොඩනැගිල්ල බත්තලංගුණ්ඩුව සිරිකුරුස දේවස්ථානයයි. අනෙක් ගොඩනැගිල්ල වන්නේ පසුගියදා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද සිරිකුරුස විද්‍යාලයයි. දූපතේ කුඩු වෙළඳසලක් දෙකක් පිහිටා තිබුණද එහි අලෙවි වන භාණ්ඩයක මිල සාමාන්‍ය මිලට වඩා ඉහළ අගයක් ගනී.

පුංචි දරුවන්, ගැබිණියන් ඇතුළු බොහෝ පිරිසක් දූපතේ සිටියද ඔවුනට කිසිදු සෞඛ්‍ය පහසුකමක් හෝ නැත. අසනීපයකදී හෝ හදිසි අනතුරකදී පැය ගණනාවක් මුහුද තරණය කරමින් කල්පිටිය රෝහලට පැමිණිය යුතුය.

කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ අනුඛණ්ඩය රැඳි කඳවුර සහ බත්තලංගුණ්ඩුව පොලිස් මුරපොළ හැරෙන්නට වෙනත් රාජ්‍ය ආයතනයක් දූපතේ නැත. දූපත් වාසීන්ගේ චර්යාවන් හේතුවෙන් දූපත දිනෙන් දින මුහුදු රකුසාට බිලිවෙමින් තිබේ. ඊට ප්‍රධාන හේතුව ස්වභාවික කඩොලාන පද්ධතිය විනාශ කිරීමයි. නාවික හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකරන කඩොලාන ශාඛ වගාව බත්තලංගුණ්ඩුවේ හෙට දවසට කදිම ආයෝජනයකි.

1DSC_2945 2DSC_2707 DSC_2830 DSC_2870 DSC_2924DSC_2825 DSC_2856

 



අදහස් (0)

මුහුදට සේදෙන බත්තලංගුණ්ඩුව සුන්දරත්වය

චන්න බුවනක Sunday, 17 July 2016 09:38 AM

එහෙ ජීවත්වන අයගේ ජීවිත නම් සුන්දර නැතුව ඇති. (නි)

:       0       0

ඩිලාන් Saturday, 23 July 2016 03:43 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

නිම්සර Tuesday, 12 July 2016 06:30 PM

ලක්දිව සුන්දරත්වය! (නි)

:       0       0

ශාන් Thursday, 21 July 2016 12:18 PM

කොච්චර සුන්දර පරිසරයක්ද?(හේ)

:       0       0

ප්‍රභාත් Friday, 22 July 2016 07:27 AM

රජයට මැදිහත්වෙලා මේ ලස්සන දූපත සංරක්ෂණය කරන්න බැරි ඇයි. (බ)

:       0       0

මංජුල Tuesday, 12 July 2016 01:35 PM

කොච්චර සුන්දර තැනක්ද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site